instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ට්‍රම්ප්ගේ එම ස්ථාවරය එක්සත් ජනපදයට පමණක් වාසි සහගත වූවකි. එසේම එය භේද ඇතිකරන සුලු, කඩාකප්පල්කාරී මෙන්ම ඒකපාර්ශ්වීය නිගමනයකි. එපමණක් නොව, එය ඔහුගේ පෞද්ගලිකමය මෙන්ම නොමග යවන සුලුය. එවැනි පිළිවෙතක් තීන්දුවී තිබෙන්නේ ට්‍රම්ප්ගේ පෞද්ගලික හැඟීම් සහ නායකයන් සමඟ පවත්වනු ලබන සම්බන්ධකම් මෙන්ම ඔහුගේ 'ට්විටර්' ප්‍රතිචාර මගින් මෙහෙයවනු ලැබීම මගිනි. ජෝ බයිඩන්ට අනුව, ජාත්‍යන්තර ආයතන පාදක කරගත් සම්ප්‍රදායික ඇමෙරිකානු කාර්යභාරය සහ අභිලාෂයන්, බටහිර ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම සහ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව පිහිටුවන ලද ජාත්‍යන්තර ආයතන මත පදනම් වෙයි. එය ජාතික සීමාවන්ගෙන් පිටත සිට එල්ලවෙන තර්ජන මැඩලීමේ දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිදහස් ජාතීන්ට නායකත්වය දෙනු ලැබීමේ එක් ජගත් සන්ධානයකි. එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය භාර ගැනීමට නියමිත ජෝ බයිඩන් පරිපාලනය යටතේ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද? දැනටමත් එවැනි වෙනස්කම් කීපයක් දක්නට ඇත. සිය මිතුරු රටවල් කෙරෙහි සමීපවීම,දේශගුණ විපර්යාස සහ මැද පෙරදිග සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත ඉන් කීපයකි. පැරණි සගයන් සමඟ යළි මිතුරුවීම ජනාධිපති ට්‍රම්ප් ඒකාධිකාරීන් අගය කිරීමට ලක්කළ අතර ඇමෙරිකානු සගයන්ට අවමන් කළේය.එවැනි පරිසරයක පදවියට පත්ව සිටින ජනාධිපති ජෝ බයිඩන්ට පැවරෙන කාර්ය ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ එම පිරිහුණ සබඳතා යළි යථා තත්ත්වයට ගෙන ඒමය. විශේෂයෙන්ම,නේටෝ යුද හවුල තුළ සබදතා සවිමත්කර ගනිමින් ලෝක මට්ටමේ ඇමෙරිකානු සගයන් සමඟ යළි හවුල්වීම ජෝ බයිඩන්ට පැවරෙන ප්‍රමුඛ කාර්යයක් වෙයි. ඒ අතරම,ජෝ බයිඩන් පරිපාලනය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ යළිත් හවුල්විය හැකි අතර, කොරෝනාවෛරස් වසංගතය මැඩලීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ගෙනයන ක්‍රියාමාර්ගයක් සඳහා නායකත්වය දීම කෙරෙහි අවධානය යොමුකරනු ඇත. . ජගත් ආයතන සමඟ කටයුතු කිරීමට ජෝ බයිඩන් අපේක්ෂා කරයි බයිඩන් කඳවුරේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ තේමාවක් වූයේ ට්‍රම්ප් පාලනය තුළ හානියට පත් ඇමෙරිකානු ප්‍රතිරූපය යළි ස්ථානගත කරනු ලැබීමය. එසේම වේගයෙන් වර්ධනය වෙමින් පැවැති බල අධිකාරීවාදී රැල්ලක් ලෙස ඔවුන් දුටු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකමුතු කරනු ලැබීම එම ප්‍රචාරක ව්‍යාපාරයේ තවත් සටන් පාඨයක් වී තිබුණි. එහෙත් එකී මතවාදය අභියෝගය ලක්කරන 'ඇමෙරිකානු ව්‍යාපාරික කටයුතු පිළිබඳ අධ්‍යයනායතනයේ' ඩැනියෙලා ප්ලෙට්කා (Danielle Pletka) පවසන්නේ, එම ප්‍රචාරක අවි යථාර්ථයට වඩා මෝස්තරයක විලාශයක් ගත් බවය. ට්‍රම්ප් පරිපාලනය ජගත් මට්ටමින් පෙරට යාමක් ද සහිතව බොහෝ ජයග්‍රහණ ලද බවට ඩැනියෙලා තර්ක කරන්නීය. දේශගුණ විපර්යාස සිය පාලනය දේශගුණ විපර්යාස පාලනය කර ගැනීමේ සටනට ප්‍රමුඛස්ථානය දෙන බව පවසන ජෝ බයිඩන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අතහැර දමන ලද 'පැරිස් පරිසර සම්මුතිය' සමඟ යළි එක්වෙන බව ද කියා සිටියි. 'පැරිස් පරිසර සම්මුතිය'ට්‍රම්ප් විසින් අත්හැර දමන ලද ජාත්‍යන්තර සම්මුතිවලින් එකකි. ජනාධිපති ට්‍රම්ප් සෙසු රටවල් සහ ආයතන යටපත් කර පෙරට යාමේ ප්‍රයත්නයක නිරතවිය එම කාරණය අතින් ඇමෙරිකානු නායකයන් දෙදෙනා සිටින්නේ සහමුලින්ම දෙපැත්තකය. මිහිතලයේ උණුසුම පාලනය කිරීම සඳහා පියවර ගැනීම ඇමෙරිකානු ආර්ථිකයට තර්ජනයක්ය යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ තේරුම්ගැනීම වෙයි. ඔහු පොසිල ඉන්ධන දහනය දිරි ගන්වයි. දේශගුණ විපර්යාසයන්ට සහ පරිසර සංරක්ෂණමය ක්‍රියාමාර්ග අතින් ලබා ඇති ජයග්‍රහණ ආපසු හරවයි. මේ අතර පරිසරයට හානිකර විෂවායු විමෝචනය ජගත් මට්ටමින් මුදුන්පත් කරගැනීමේ සැලසුම සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකක් සැපයීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ජෝ බයිඩන් බලාපොරොත්තු තබා ඇත. එවැනි සැලැස්මක් මගින් පරිසර හිතකාමී ආර්ථිකයක් නිර්මාණය කළ හැකි අතර, එමගින් දශලක්ෂ සංඛ්‍යාත රැකියා උත්පාදනයක් ද සිදුවෙන බව ඔහුගේ බලාපොරොත්තුව වෙයි. ඉරානය ජනාධිපති ට්‍රම්ප් විසින් අත්හැර දමන ලද තවත් ජාත්‍යන්තර ගිවිසුමක් වන්නේ, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි පණගැන්වීමට පියවර ගන්නා බව ජෝ බයිඩන් පවසයි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතියේ පරිමාව අවම කරනු ලබන්නේනම්, ඊට හිලව් වශයෙන් එරටට එරෙහි ආර්ථික සම්බාධක ළිහිල් කිරීමට එම ගිවිසුම මගින් බැඳී ඇත. ජනාධිපති ට්‍රම්ප් 2018 වසරේ දී ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්හැර දමන ලද්දේ ඉරානය විසින් එල්ලකරනු ලබන තර්ජනය සමඟ පොරබැදීම අතින් එම අවි පාලන ගිවිසුම ප්‍රමාණාත්මක නොවන බව පවසමිනි. එසේම අදාළ කාලසීමාව ඇතුළත න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමාකරනු ලැබීම අතින් ගිවිසුම දුර්වලය යන්න ට්‍රම්ප්ගේ අදහස විය. ජනාධිපති ට්‍රම්ප් විසින් ගන්නා ලද තීන්දුව පරිදි ඉරානයට එරෙහි සම්බාධක යළි ක්‍රියාත්මක වූ අතර,එරටට එරෙහි ආර්ථික බලපෑම දැඩිකරනු ලැබුණි. එපමණක් නොව, ඉරානයේ මූල්‍ය අංශය සහමුලින්ම මෙන් ''කළු ලැයිස්තුගත'' (blacklisting) කිරීමට ද ට්‍රම්ප් පාලනය මෑතදී පියවර ගනු ලැබුණි. ඉරානය ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ සිය න්‍යෂ්ටික බලාගාර අධීක්ෂණය සම්බන්ධයෙන් එක්තරා මට්ටමක තහංචි පනවමිනි. ජෝ බයිඩන් පවසන පරිදි ඉරානය කෙරෙහි ''උපරිම බලපෑම්'' එල්ලකෙරෙන ට්‍රම්ප් පිළිවෙත අසාර්ථක ක්‍රියාමාර්ගයකි. එම ක්‍රියාමාර්ගය නිසා දෙපාර්ශ්වය අතර ගැටුම්කාරීභාවය විශාල මට්ටමින් උත්සන්න වූ බවත් බයිඩන් අවධාරණය කරයි. ගිවිසුමට හවුල් වූ සෙසු පාර්ශ්වයන් ද ට්‍රම්ප්ගේ තීරණය ප්‍රතික්ෂේප කරන අතර ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වූ අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා ඉරානය න්‍යෂ්ටික අවි නිපදවනු ලැබීම අතින් බොහෝදුර ගමන්කර ඇත. ඉරානය දැඩි මට්ටමින් ගිවිසුමට අනුගත වන්නේනම්, ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් එම ගිවිසුමට එක්වෙන බව ජෝ බයිඩන් පවසයි. එහෙත් එතෙක් ඉරානයට එරෙහි සම්බාධක ඉවත්කිරීමට බයිඩන් පරිපාලනය පියවර නොගනු ඇත. ඒ අතර නව ජනාධිපති බයිඩන් ජනාධිපති ට්‍රම්ප් විසින් මතුකරනු ලබන මැසිවිලි සම්බන්ධයෙන් විසඳුම් සොයාගැනීමේ සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ඇත. යේමනයේ යුද්ධය සෞදි අරාබියේ සහයෝගයෙන් ක්‍රියාත්මක යේමන් යුද්ධයට සහයෝගය දීමත් ජෝ බයිඩන් පාලනය යටතේ නතරකෙරෙනු ඇත. අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ කෙරෙමින් පවතින යේමන් යුද්ධයට ඇමෙරිකා එක්සත් ජනපදය හවුල්වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ වාම බලවේගය කෙරෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතර,එම මතයේ සිටින කොංග්‍රස් සභිකයන්ගේ සංඛ්‍යාවත් වැඩිවෙමින් පවතී. සෞදි අරාබිය ඇමෙරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කිට්ටුම මිතුරු රාජ්‍යය වෙයි සෞදි අරාබිය ජනාධිපති ට්‍රම්ප්ගේ කිට්ටුතම මිතුරු රාජ්‍යයකි. සෞදි අරාබිය ඉරාන විරෝධී ප්‍රධාන කේන්ද්‍රයකි. විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ ජෝ බයිඩන් සෞදි අරාබි රාජාණ්ඩුව විවේචනයකින් තොරව වැළඳ ගනු ලැබීමේ ට්‍රම්ප් පිළිවෙතින් බයිඩන් බැහැරවිය හැකි බවය. ''මැද පෙරදිග ගත්තොත් බයිඩන් පාලනය යටතේ විශාල වෙනසක් සිදුවනු ඇතැයි මම හිතනවා'' ඩැනියෙලා ප්ලෙට්කා පවසයි. ''එය වැඩිවශයෙන් ඉරානයට පක්ෂපාත පිළිවෙතක්.එසේම එය ස්ථිරවම,සෞදි අරාබියට අඩු පක්ෂපාතීභාවයක් සහිත පිළිවෙතක්'' අරාබි-ඊශ්‍රායෙල් අර්බුදය ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීරය අතර පසුගියදා ඇතිකරගත් ජනාධිපති ට්‍රම්ප්ගේ ගිවිසුම නව ජනාධිපති ජෝ බයිඩන්ගේ ද පිළිගැනීමට ලක්වෙයි. ඩිමොක්‍රටික් පක්ෂයේ පැරණි පරපුර අනුව යමින් ජෝ බයිඩන් ඊශ්‍රායලයේ දැඩි හිතවතකු මෙන්ම එම රාජ්‍යය ආරක්ෂා කළ යුතුය යන මතයේ සිටියි. ඊශ්‍රායලය ''පලස්තීන භූමිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින්නේය'' යන වචන ඩිමොක්‍රටික් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති අංශයේ දක්නට නැත. එහෙත් ජෝ බයිඩන් ''බටහිර ඉවුර අල්ලාගැනීමේ ඊශ්‍රායල් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයේ ප්‍රතිපත්ති මත රඳා පවතින ආකාරයක් දක්නට නොලැබෙයි. ට්‍රම්ප් පිළිවෙතට ඊශ්‍රායලයේ නව ජනපද පිහිටුවීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් නොවන බව පැවසෙන ප්‍රකාශනයක් ඇතුළත්ය. එම ප්‍රකාශනය අනුව බටහිර ඉවුරේ කොටස් ඊශ්‍රායලය විසින් ඒකපාර්ශ්වීය මට්ටමින් අල්ලාගනු ලැබීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් නොවේ. මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශය කලින් වසරවලට වඩා වැඩි දියුණු කරන ලද සහ බලපෑම් සහගත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර,පලස්තීනයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එල්ලකරමින් ඇත. ජෝ බයිඩන් ඊශ්‍රායලය ආරක්ෂාකර ගත යුතුය යන මතයේ සිටියත්,බටහිර ඉවුර සම්බන්ධයෙන් ඔහු ට්‍රම්ප්ට වඩා වෙනස් මතයක සිටියි ''පලස්තීන ජාතිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ උපදේශකයන්, පලස්තීන ඇමෙරිකානුවන් සහ අරාබි ඇමෙරිකානුවන් ශක්තිමත් බැඳීමක් තිබුණා කියල මම හිතනවා. එපමණක් නොවෙයි, ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය අල්ලාගැනීම අවසන් කළයුතුය යන්න එක්සත් ජනපද විදේශ පතිපත්තියේ ප්‍රධාන මූලධර්මයක් විය යුතුබව යුදෙව් ඇමෙරිකානු කණ්ඩායම් විසිනුත් පිළිගන්නවා'' මෙවර ජනාධිපති ධූර අපේක්‍ෂකත්වය දිනාගැනීම සඳහා ජෝ බයිඩන් සමඟ තරඟ වැදුන බාර්නි සෑන්ඩර්ස් ගේ විදේශ ප්‍රතිපත්ති උපදේශක මැට් ඩුස් (Matt Duss) පවසයි. ජනාධිපති ට්‍රම්ප්ට මෙන්ම ජෝ බයිඩන්ට ද ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ යුද්ධ සඳහා සදාකාලිකව මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැත. බයිඩන් ගේ උවමනාව වනු ඇත්තේ ත්‍රස්තවාදය සමඟ සටන්වැදීම සඳහා කුඩා හමුදා සේනාංක එම රටවල රඳවා තැබීම පමණි. එසේම, පක්ෂයේ වාම බලවේගයේ බලපෑම නොතකා බයිඩන් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (පෙන්ටගනයේ) වැය ශීර්ෂය කප්පාදු නොකරනු ඇත. භූදේශපාලන එදිරිවාදීකම් පෙරට පැමිණි විට ලෝකය බලාපොරොත්තු වූ තරම් වෙනසක් ඇතිවිය නොහැක යන්න එහි තේරුමය. රුසියාව මේ අතර ඉහළ රාජ්‍ය සබඳතා නියත ලෙසම වෙනස්වීමකට භාජනය වනු ඇත. රුසියාවේ නායක ව්ලදිමීර් පුතින් ගේ ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කරන සුළු හැසිරීම සම්බන්ධයෙන් නිතරම දක්නට ලැබුණේ ජනාධිපති ට්‍රම්ප් විසින් පෞද්ගලික මට්ටමින් ඔහුට සමාවක් පිරිනමනු ලබන ආකාරයකි. එහෙත් ට්‍රම්ප් පරිපාලනය සම්බාධක පැනවීම වැනි ක්‍රියාමාර්ග මගින් රුසියාව සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් ද අනුගමනය කළේය. මිශ්‍ර පණිවුඩයකින් තොරව, එම පිළිවෙත බයිඩන් පාලනය යටතේත් වෙනසකින් තොරව ඇතැම්විට ක්‍රියාවට නැංවෙනු ඇත. ජෝ බයිඩන් පාලනය තුළ රුසියාව සම්බන්ධ එක්සත් ජනපද ප්‍රතිපත්තියේ මඳ වෙනසක් සිදුකෙරෙනු ඇත තමා රුසියාව "සතුරකු'' ලෙස විශ්වාස කරන බව හිටපු උප ජනාධිපතිවරයා (බයිඩන්) CNN සේවයට කිසිම පාලනයකින් තොරව කියා ඇත. එපමණක් නොව,ඇමෙරිකානු ජනාධිපතිවරණයට අතපෙවීම සම්බන්ධයෙන් ද බලපෑමක් එල්ලකරන බවට ප්‍රතිඥාවක් දී සිටින ජෝ බයිඩන්, ඇෆ්ඝනිස්ථානයේ රඳවා සිටින ඇමෙරිකානු හමුදාවන් ඉලක්ක කොට පහරදීම සඳහා තාලිබාන් ව්‍යාපාරයට මුදල් සපයා ඇති බවට රුසියාවට චෝදනා කර ඇත. එහෙත් ජනාධිපති ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා නැත. ඒ අතරම, න්‍යෂ්ටික අවි ගබඩා නිරෝධායනයට අදාළ අවි පාලන ගිවිසුම් සුරක්ෂිත කරගැනීමට මොස්කව් බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමාට අවශ්‍යකරන බවත් ජෝ බයිඩන් විසින් පැහැදිළිව සඳහන් කරනු ලැබ ඇත. ජනාධිපති ට්‍රම්ප් රුසියාව සමඟ එළැඹ තිබුණු එවැනි ගිවිසුම් දෙකකින් ඉවත්විය. ඔහු එවැනි පියවරක් ගත්තේ රුසියාව ඒ සම්බන්ධයෙන් වංචාකරන බවට චෝදනා කරමිනි. මේ අතර ලබන වසරේ පෙබරවාරි මාසයේ කල් ඉකුත්වෙන තුන්වෙනි අවි ගිවිසුමක් රුසියාව සමඟ දීර්ඝකර ගැනීමේ උත්සහයක් ද පවතී. තමා ජනාධිපති පදවියට තේරී පත්වුනොත් කොන්දේසි විරහිතව එම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා කැපවෙන බව බයිඩන් පවසා තිබේ. චීනය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් 2017 වසරේ දී ප්‍රකාශයක් කරමින්, තමා සහ චීන ජනාධිපති ෂි ජින්පින් චොකලට් කේක්වලට කොතරම් ආශා කරන්නේදැයි කියා සිටියත්, එම මිත්‍රත්වය පරදුවට තබමින් කොරෝනාවෛරසය පැතිරවීම සම්බන්ධයෙන් ඔහු චීනයට චෝදනා කිරීමත් සමඟ දෙදෙනා අතර මිත්‍රත්වය දැන් අලුත් සීතල යුද්ධයක් බවට හැරී පවතී. වෙළෙඳාම සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් චීනය පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා දුර්ලභ ගණයේ අන්තර් පක්ෂ ගිවිසුමක් සඳහා පියවර ගනිමින් ඇත. ප්‍රශ්නය වී තිබෙන්නේ උපායමාර්ග ගැනය. චීනයේ ''ආක්‍රමණශීලී ආර්ථික භාවිතයන්'ට'' එරෙහි ට්‍රම්ප් ප්‍රතිපත්තිය ජෝ බයිඩන් ද දිගටම අනුගමනය කරනු ඇත. එහෙත් එය සිදුකෙරෙනු ඇත්තේ ට්‍රම්ප් මෙන් ඒකපාර්ශ්වීය මට්ටමින් වෙළෙඳ ගිවිසුම් කරා යාමේ අභිලාශයෙන් තොරව මිතුරු රාජ්‍යයන් සමඟ සන්ධානගතවය. චීනයේ සන්නිවේදන තාක්ෂණය වර්ජනය කිරීමක් සඳහා ජගත් සහයෝගය සාර්ථකව දිනාගැනීමට ට්‍රම්ප් පරිපාලනය සමත්විය. එය පෙරමුණු කීපයකින් බේජිං පාලනය පසුබස්වාලීමට එක්සත් ජනපදය විසින් ගන්නා ලද ප්‍රයත්නයේ එක් කොටසකි. එම තත්ත්වය ඔවුන් අතර සබඳතා දශක කීපයක් ඇතුළත දක්නට ලැබෙන පහළම අඩියට වැටීමට මුල්විය. ජනාධිපති ට්‍රම්ප් විසින් මෙහෙයවන ලද එම චීනය දඩයම් කිරීමේ ව්‍යාපාරය ඔවුන් විසින් හඳුන්වන ලද්දේ මූලෝපායී තරඟකාරිත්වයක් යනුවෙනි. එහෙත් මූලෝපායික ගැටුම වන්නේ ඇතැම් විශ්ලේෂකයන් විසින් එම පිළිවෙත විග්‍රහකරන ආකාරය අනුවය. ජෝ බයිඩන් නැගී සිටිමින් පවතින චීනයක් සමඟ සහයෝගී සම්බන්ධතා පැවැත්විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි සක්‍රීය මට්ටමින් අවධානය යොමුකරනු ඇත. ''තමාට ඇමෙරිකානු නායකත්වය නැවත පණගැන්වීමට අවශ්‍ය' බව' ජෝ බයිඩන් කියාසිටී. එහෙත් පසුගිය වසර හතරක කාලය ඇතුළත දැඩි මහා බල තරඟයක් යළි කැඳවමින් ලෝකය බෙහෙවින් වෙනස් වී ඇත. මෑතදී පැවැත්වුන මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඇමෙරිකානු ජනාධිපති පදවිය භාරගනු ලබන ජෝ බයිඩන් විසින් නායකත්වය දීමට බලාපොරොත්තු තබනු ලබන ඔවුන්ගේ වෙනස් නොවෙන මිතුරු සගයන් වන රටවල පවා ඇමෙරිකානු කීර්තිය විශාල වශයෙන් පිරිහී ඇති බවකි. (ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ BBC වාර්තාකාරිනී, බාබරා ප්ලෙට් උෂර් ගේ විශ්ලේෂණයක පරිවර්තනයකි) ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන තවත් තොරතුරු;
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින පරිදි ලෝකය තුළ ''ඇමෙරිකාව ප්‍රමුඛ''("America First") වෙයි. එම ජාතිකවාදී අදහසත් සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අගාධයට හෙලනු ලැබීමක් සිදුකෙරෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ එම ජාත්‍යන්තර ගිවිසුම් ඇමෙරිකා එක්සත් ජනපදයට පලක් නොමැති අසාධාරණ ඒවා වන බවය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මුළු පිරිස 110,743 ක් දහස් ගණනක පිරිසක් දින ගණනාවක් මුළුල්ලේ මෙසේ කොටු වී සිටියත් ප්‍රදේශයේ දේශපාලන නායකයන් ඇතුළු බලධාරීන් ගෙන් මෙතෙක් පිහිටක් නොලැබුන බවත් කුඩලිගම වැසියකු වන කෝලන්කාගේ ලක්ෂ්මන් සුසන්ත කුඩලිගම සංදේශයට කියා සිටියේය. "රජයෙන් කියල කිසිම මැදිහත්වීමක් වුනේ නැහැ. කෑම පැකට් දවස් තුනක් බෙදුව කැප්ටන් කුඩලිගම කියල කෙනෙක්. ග්‍රාමසේවක හරහාත් එක දවසක්ද කොහෙද කෑම පැකට් හම්බ වෙලා තිබුණ. ඇමතිවරු පස් දෙනෙක්ද කොහෙද කාර්යාල දාල තිබුන ඡන්ද කාලේ මේ ගමේ," යනුවෙන්ද ඔහු පැවසීය. ගමේ වතුර බැස යාමට තවත් දින හතරක් පමණ ගත වනු ඇති බවද ඔහු සඳහන් කළේය. මුස්ලිම් ආධාර 'සිංහල වැසියන්ට' "දේශපාලනඥයෝ කියල කිසිම දෙයක් කළේ නෑ. එකම දේ කළේ ජනතා විමුක්ති පෙරමුණේ දොස්තර නලින්ද ජයතිස්ස මහත්තය. ඒ මහත්තය ඊයේ දොස්තරවරු එක්ක ඇවිල්ල වෛද්‍ය සායනයක් කළා," බවද සුසන්ත කුඩලිගම වැඩිදුරටත් පැවසීය. මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමතූ අවස්ථාවේ ඒ මොහොතේත් තමන් ආධාර බෙදා දෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා පසුව අමතන මෙන් සංදේශයෙන් ඉල්ලා සිටියේය. මේ අතර ගංවතුරෙන් බරපතල හානිවලට ලක් වූ බුලත්සිංහල වෙයන්ගල්ල මුස්ලිම් මහා විද්‍යාලය ලබන සතියේ යලි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි පාසලේ විදුහල්පතිවරයා බලාපොරොත්තු පළ කරයි. කුඩලිගම, ඉහල කුඩලිගම, ඉද්දගොඩ වැනි ගම් 'තවමත් කොටු වෙලා' කෙසේ නමුත් ගංවතුරෙන් දැඩි පීඩාවට පත් ගම්වැසියන්ට තවමත් ලැබෙන්නේ පුද්ගලික ආධාර පමණක් බවත් විදුහල්පති මොහමඩ් සාලි අහමඩ් වාරිස් බීබීසී සංදේශයට පැවසීය. පරිත්‍යාගශීලීන් ගෙන් මුස්ලිම් වැසියන්ට ලැබෙන ආධාර ඔවුන් ගමේ වෙසෙන සිංහල පවුල් 139 ක් වෙත බෙදා දුන් බවද විදුහල්පති මොහමඩ් වාරිස් සඳහන් කළේය. මීට දින හතරකට ඉහතදී ආරම්භ වූ ධාරානිපාත වැසි සහ නායයාම් හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක 26 දෙනකු මරුමුවට පත් වී ඇති අතර, එක් අයකු අතුරුදහන්ව තවත් දස දෙනකු තුවාල ලබා තිබේ. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මුළු පිරිස 110,743 ක්. වැඩිදුර විස්තර විමසීම පිණිස ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
බුලත්සිංහල ආසනයේ කුඩලිගම, ඉහල කුඩලිගම, ඉද්දගොඩ වැනි ගම්වල දෙදහසකට ආසන්න පවුල් තවමත් සම්පූර්ණයෙන්ම ගංවතුරට කොටු වී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
''අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ලෝක ජනගහනය බිලියන 7කට වඩා ඉන්නවා. එතකොට මොන එන්නත සාර්ථක වුණත් කිසිම ඖෂධ සමාගමකට හැකියාවක් නෑ එන්නත් බිලියන 7ක් හදන්න.'' - මහාචාර්ය නීලිකා මලවිගේ ලොව පුරා සිදු කෙරෙන මූලික අදියරේ පරීක්ෂණ වලදී කොරෝනා වෛරසයට එරෙහිව යොදාගත හැකි එන්නත් කිහිපයක් සාර්ථකත්වයක් පෙන්වා තිබේ. ''අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ලෝක ජනගහනය බිලියන 7කට වඩා ඉන්නවා. එතකොට මොන එන්නත සාර්ථක වුණත් කිසිම ඖෂධ සමාගමකට හැකියාවක් නෑ එන්නත් බිලියන 7ක් හදන්න. ඒ නිසා එන්නත් යම් කිසි ප්‍රතිශතයක් තමයි ලංකාවට ලැබෙන්නේ. '' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියාය. දිනෙන් දින වාර්තා වෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව වැඩිවීමත් සමග සාර්ථක එන්නතක් කවදා ශ්‍රී ලංකාවට ලැබේ ද යන්න පිළිබඳ ශ්‍රී ලාංකිකයෝ ද දෑස් දල්වා බලා සිටිති. Covid -19 සඳහා නිපදවෙන එන්නත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ, ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රාසයියා පෙන්ඩ්සේ නොවැම්බර් 09 වැනිදා සඳහන් කර තිබුණි. ඒ අනුව ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබා දෙන පිරිස් තීරණය කිරීම සහ ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නව එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනයට අභියෝගයක් ''පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නත් වලින් තුනක් ඉදිරියෙන් තියෙනවා. ෆයිසර් සමාගමේ එන්නත, ඒ වගේම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් නිපදවන එන්නත සහ ඇමරිකාවේ මොඩර්නා කියන එන්නත තමයි ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ. අපිට ගොඩක් දත්ත නෑ මේවා කොච්චර සාර්ථක ද කියලා අනිවාර්යයෙන්ම කියන්න. දැනට තියෙන දත්ත වලින් සාර්ථකව ප්‍රතිපල තියෙනවා කියලා විතරයි කියන්න පුළුවන්.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවාය. ඇය පෙන්වා දෙන ආකාරයට ඉන් එන්නත් දෙකක් සෙල්සියස් අංශක සෘණ 70ක අගයක් පවත්වා ගනිමින් ගබඩා කළ යුතුය. එවැනි ශීතාගාර පහසුකම් නොමැති වීම ලංකාව වැනි රටවල් මුහුණ දෙන තවත් ගැටලුවකි. එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත සාමාන්‍ය ශීතකරණ තුළ ගබඩා කළ හැකි බව ද ඇය ප්‍රකාශ කළා ය. කතා කරන විට හඬේ ප්‍රබලතාව ද වැදගත් නිතර අත් සේදීම, මුහුණු ආවරණ පැළදීම සහ මීටරයක් දුර පවත්වා ගැනීම කොරෝනා වෛරසය පැතිරීම වැලක්වීම සඳහා අනුගමනය කරන ප්‍රධාන සෞඛ්‍ය පුරුදු වේ. එහෙත් මීටරයක දුර පවත්වාගෙන යෑම සෑම පරිශ්‍රයකටම අදාළ නොවන අතර තමන් අන් අය සමග ගත කරන කාලය මෙන්ම කතා කරන හඬේ ප්‍රබලතාව කෙරෙහිද අවධානය යොමු කළ යුතුව තිබේ. විශේෂයෙන් ආපනශාලා, හෝටල් සහ ජනයා වැඩිපුර ගැවෙසෙන සංවෘත ස්ථානවලදී (indoor) සැළකිලිමත් විය යුතුව ඇත. ''අපි සංවෘත පරිසරයක් ගැන කතා කරනවා නම් මුහුණු ආවරණ දාගෙන හිටියත්, මීටරයක් ඈතින් හිටියත් ඒ වගේ අවස්ථාවක A/C එකෙන් වාතය සංචරණය වන විට කොවිඩ් අසාදිත පුද්ගලයෙක් ගෙන් ඒ වෛරසය පිටවෙලා කාමරේ ඇතුළෙම සංචරණය වෙන්න පුළුවන්. ඒ නිසා අපි එවන් තැනක ගත කරන කාලය අවදානම්. ඒ වගේම කතා කරන ස්වරයත් ඉතාම වැදගත්.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පෙන්වා දුන්නාය. ශබ්ද නගා කතා කිරීම වැනි ක්‍රියා වලින් රෝග කාරක වෛරස වැඩි දුරකට පැතිර යෑමේ වැඩි අවදානමක් තිබේ. හොදින් වාතාශ්‍රය සහිත, එළිමන් නිදහස් ස්ථානවල එම අවදානම සංවෘත ස්ථානයකට වඩා අඩු වේ. ''ආපන ආපනශාලාවල එකට කන්න එපා කියන්නේ ඒ වගේ වෙලාවක කොහොමත් මුහුණු ආවරණ ගලවනවා. අපි ආහාර ගන්නත් පැය කාලක් වගේ කාලයක් ගත කරනවා. ඒවා ඉතාම අවදානම් තත්ත්වයක් . මේ දවස් වල එක බත් එක බෙදාගෙන කෑම ඉතාම නරකයි . මං හිතන්නේ තව අවුරුද්දක් දෙකක් යනකන් එක බත් එක කන එක නොකළ යුතුයි. යමෙකුට තමන්ගෙ යාළුවට ආහාර වේලක් දෙන්න අවශ්‍ය නම් ඒකට වෙනම කෑම එකක් ලබාදීම තමයි සුදුසු වෙන්නේ.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
Covid -19 රෝගයෙන් ජනතාවගේ දිවි බේරා ගත හැකි එන්නතක පළමු තොගය ලබන වසරේ අග භාගය පමණ වන විට ශ්‍රී ලංකාවට ලැබීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් බොරිස් ජොන්සන් සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර විශේෂයෙන්ම වෙළඳාම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ලබා දුන් ප්‍රතිඥා ඉටු කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා පැවැත්වූ බවත් බොරිස් ජොන්සන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (ජන.11) සවස් යාමයේ ලන්ඩනයේ චැතම් හවුස් බුද්ධි මණ්ඩපයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර සමග ඉතා සුහදශීලී සාකච්ඡාවක් පැවති බව බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් බොරිස් ජොන්සන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ සඳහා සියල්ල සැලසුම් කෙරුණි. උත්සව ශාලාව වෙන් වුණි. ආරාධනා පත් තැපැල් කළහ. මේගන්ගේ දෙවන මනාලියන් සහ යෙහෙළියන් තෝරා ගැනුණි - එකතුව දස දෙනෙකි. නමුත් කොරෝනාව ඒ සියල්ලට ම හරස් විය. මංගල උත්සවය අවලංගු කිරීමට සිදු විය. අවසානයේ අමුත්තන් 15 දෙනෙකුට පමණක් සීමා වූ පුංචි විවාහ මංගල්‍යයකට අවසර ලැබුණි. මේගන් ගේ මුල් සැලසුම් සියල්ල වෙනස් විය. දෙවන මනාළියන් ලෙස සිය මිත්තනියන් දෙදෙනා තෝරා ගැනීමට මේගන් තීරණය කළාය. එක් මිත්තනියක ගේ වයස අවුරුදු 80ක් වූ අතර අනෙක් මිත්තනිය 90 හැවිරිදි වූවාය. මේ පිළිබඳව මිත්තනියන්ට මුලින් ම දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ එය "ටිකක් මෝඩ" අදහසක් බවය. "ඒ දෙන්න කිව්වේ දෙවන මනාලියන් වෙන්න 'අපි වයසට ගිහින් වැඩියි' කියල" මේගන් බීබීසීයට පැවසුවාය. "ඔවුන් තෝරා ගැනීම ගැන දෙන්නම සතුටු වුනත් ඒක හාස්‍ය ජනක දෙයක් හැටියටයි ඔවුන් හිතුවේ." සිය මංගල උත්සවයට ආරාධනා කිරීම සඳහා මුලින් සැකසුණු නාම ලැයිස්තුව ඉතා දීර්ඝ එකක් විය. එය 15 දෙනෙකුට සීමා කිරීම මේගන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නොවිණි. "මුළු උත්සවය ම 15 දෙනෙකුට සීමා කෙරුණම අඩු තරමේ මගේ හොඳම මිතුරියටවත් ඉඩක් නොලැබෙන බව මට තේරුම් ගියා." මේගන් පැවසුවාය. අසූ හැවිරිදි ගිලියාන් හොලොවේ සහ අනූ හැවිරිදි මේරි කෙනඩි මෙම විවාහ මංගලෝත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණියේ පසුගිය ඔක්තොම්බරයේදී ය. පසුගිය මාර්තු මාසයෙන් පසුව ඔවුන් දෙදෙනා නිවසින් පිට එතරම් ඈතකට ගියේ පළමු වතාවට ය. "ඒ දෙන්න මගේ මගුල් ගෙදරට එනවනම් පුළුවන් උපරිමයෙන් මේක ඔවුන්ට විශේෂිත අවස්ථාවක් කරන්න ඕන කියල අපි හිතා ගත්ත." මේගන් ප්‍රකාශ කළාය. දෙවන මනාලියන් හැඳ සිටියේ එකම මෝස්තරයේ ඇඳුම් පැළඳුම් නොවේ. නමුත් දෙදෙනා අත මල් කළඹක් විය. මනාලිය දෙපසින් උත්සව සභාවට සීරුවෙන් පිය මැන්නෝය. තම මංගල උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය. කාගේත් වැඩි අවධානය යොමු වී තිබුණේ මනාල යුවළ මිත්තනියන් සමඟ සිටින ඡායාරූප කෙරෙහි ය. නමුත් සමාජ මාධ්‍ය පිළිබඳව දැනුමක් මිත්තනියන් දෙදෙනාටම නොමැත. "මම කිව්වම මිත්තනියගේ පින්තුරවලට ලයික් 5000ක් ලැබිල කියල, ඒක එයාලට තේරුණේ නැහැ. 'කවුද ඒවාට කැමතියි කිව්වේ' කියල එයාල මගෙන් අහනවා." "ඒ පින්තූර කීදෙනෙක් බලල තියෙනවද කියල දැනගන්නේ කොහොමද කියන එක ගැන දැනුමක් එයාලට නැහැ." මේගන් පැවසුවාය. මෙම පුවත 'බෙල්ෆාස්ට් ටෙලිග්‍රාෆ්' පුවත්පතෙහි පළ විය. ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලයක පළවනවාට වඩා පුවත්පතක ඔවුන් ගැන මුද්‍රණය වී තිබෙනු දැකීම, මිත්තනියන්ට වඩා සතුටක් ඇතිකරවනු ඇති බව මේගන් සිතන්නීය. එම පුවත්පත මිත්තනියන් දෙදෙනාට යවන බව මේගන් පැවසුවාය. "ඒ දෙන්නම හිතන්නේ මේක පිස්සු වැඩක් කියල. ඒ වුණාට ඒ දෙන්නටම මේකෙන් ලොකු උද්යෝගයක් ලැබුණා." මෙම වසර අවසානයේ, සරුවට විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීමට මේගන් සහ තෝමස් බලාපොරොත්තුවෙන් සිටිති.
මේගන් කෙනඩි සහ තෝමස් කාහුන් විවාහ ගිවිස ගත්තේ සිය මංගල්‍ය උත්සවය සරුවට ගැනීමේ අපේක්ෂාවෙනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ෂිරීන් අල්-රිෆායි (Shireen al-Rifaie) ෂිරීන් අල්-රිෆායි (Shireen al-Rifaie) එළිමහනේ වාර්තා කිරීමේ යෙදී සිටියදී ඇය ඇඟලා සිටි අබායා ලිහිල් ඇදුම සුළඟට හසුවී ඉදිරියෙන් විවෘත වීම නිසා යටින් ඇඳ සිටි වස්ත්‍ර නිරාවරණය විය. මෙම වීඩියෝ දර්ශනය අන්තර්ජාලයේ විශාල වශයෙන් සංසරණය වූ අතර, ෂිරීන් අල්-රිෆායි බොහෝ පුද්ගලයන්ගේ විවේචනයට ලක් වී තිබේ. ඇයට එරෙහිව අරාබි භාෂාවෙන් "රියාද්හි_නිර්වස්ත්‍ර_කාන්තා_රියදුරු" යන තේරුම ඇති හැෂ්ටැගයක් ද නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. ඩුබායි කේන්ද්‍රකොටගත් අල් ආන් රූපවාහිනී මාධ්‍ය ආයතනයේ වාර්තාකාරිනියක් වන අරාබි ජාතික ෂිරීන් අල්-රිෆායි මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය. සෞදි අරාබියේ රාජකීය පවුල සහ එහි ආගමික සංස්ථාව සුන්නි ඉස්ලාම් දහමේ දැඩි ස්වරූපයක් ඇති වාහබ්වාදයට අනුගතව තිබේ. දශක ගණනාවක් පුරා සෞදි කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වෙමින් පවතින අතර, නිවසින් බැහැරට යන විට අබායා ඇඳුමෙන් සැරසීමට සහ මුස්ලිම් ආගම අදහන්නන් නම් හිස ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බව බලධාරීහු දන්වා සිටිති. එහෙත් මාර්තු මාසයේ දී තරුණ සෞදි කුමරු මොහමඩ් බින් සල්මාන් ප්‍රකාශ කර සිටියේ කාන්තාවන් නිතරම අබායා ඇඳුමෙන් සැරසී සිටීම අවශ්‍ය නොවන අතර, විනීත ඇඳුමක් ඇඟලා සිටීම ප්‍රමාණවත් බවය. "ෂරියා (ඉස්ලාමීය නීතිය) නීතියේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා කාන්තාවන්, පිරිමින් වගේම ගෞරවනීය, විනීත ඇඳුම්වලින් සැරසිය යුතු බව," ඔහු CBS රූපවාහිනී සේවය වෙත පැවසීය. "කෙසේ වෙතත් මෙහි දී විශේෂයෙන්ම කළු අබායා හෝ කළු හිස ආවරණයකින් සැරසිය යුතුයි කියන්නේ නැහැ. ගෞරවනීය, විනීත ඇඳුමකින් සැරසීම සම්පූර්ණයෙන්ම කාන්තාව සතු තීරණයක්" යැයි ඔහු තවදුරටත් පැවසුවේය. පසුගියදා සෞදි කාන්තාවන්ගේ රියදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීමත් සමග බොහෝ කාන්තාවන් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට උනන්දු වෙමින් සිටී. ෂිරීන් අල්-රිෆායි රූපවාහිනී වැඩසටහන තුළ "අවිනීත ඇඳුම් ඇඟලා සිටි අතර, ඇඳුමට අදාළ නීති රෙගුලාසි මෙන්ම උපදෙස් පිළිපැද නැහැ" යැයි සඳහන් කරමින් සෞදි මාධ්‍ය බලධාරීහු අඟහරුවාදා (ජූනි 26) ට්විටර් පණිවිඩයක් නිකුත් කළහ. "මම විනීත ඇඳුම් ඇඳගෙන ඉන්නේ. මට කියපු දේවල් ගැන සත්‍යය දෙවියන් හෙළි කරයි," තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ෂිරීන් අල්-රිෆායි පැවසූ බව Ajel නම් සෞදි පුවත් වෙබ්අඩවියක සඳහන් වේ. ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටව ගොස් ඇති බව ද එම වෙබ් අඩවිය කියා සිටියේය. මේ තොරතුරුද කියවන්න:
සෞදි කාන්තාවන්ගේ රියදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීම පිළිබඳ රූපවාහිනියේ වාර්තා කරන අවස්ථාවේදී "නුසුදුසු" ඇඳුමකින් සැරසී සිටියා යැයි චෝදනා එල්ලවී සිටින වාර්තාකාරිනියකට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සෞදි බලධාරීන් කටයුතු කරමින් සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කාන්තාවන්ගේ ආර්තවය වර්තමානයේදී පවා ඉන්දියාව තුළ ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකාවකි. මාසික ශුද්ධිය පවතින කාලය ඇතුළත කාන්තාවන් අපිරිසිදු යැයි සැලකෙන අතර, ආගමික සහ සමාජීය ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට අවසර නොදෙයි. මෑතකදී හෙළිවූ වාර්තා දෙකකින් කියවුණේ, ආර්තවය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඇති වැරදි ආකල්ප තවදුරටත් පවතින බවය. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත්, අධ්‍යාපනයක් නොලද කාන්තාවන් බොහෝ දෙනෙකුට සිය සෞඛ්‍ය තත්ත්වයට දීර්ඝ කාලීනව බලාපාන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වීමට බලපෑම් කෙරෙන බවය. ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තරුණියන් දහස් ගණනක් පසුගිය වසර තුන ඇතුළත සිය ගර්භාෂය ඉවත් කර ගැනීමේ සැත්කම්වලට ලක්වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සැත්කමට ලක්වූවන්ගෙන් බොහෝ දෙනා උක් කැපීමේ රැකියාවේ නිරත වූ කාන්තාවෝ වූහ. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් දහස් ගණනක පිරිසක් සෑම වසරකදී ම බීඩ්, ඔස්මානාබාද්, සංග්ලි සහ සොලාපූර් යන ප්‍රදේශවල සිට ප්‍රාන්තය තුළ වැඩි රැකියා අවස්ථා ඇති බටහිර ප්‍රදේශවලට පැමිණෙනු දැකිය හැකිය. එම ප්‍රදේශ හඳුන්වන්නේ "සීනි තීරය" නමින් වන අතර එහි පිහිටි උක් යායවල මාස හයක කාලයක් "උක් කපන්නන්" ලෙස රැකියාවේ යෙදෙති. රැකියාවට ගිය පසු අතිශය කෑදර සේවා කොන්ත්‍රාත්කරුවන්ගේ පාලනයට යටත් වන අතර, සෑම ආකාරයකින් ම ඔවුහු සූරා කෑමට ලක් වෙති. උක් කැපීම ඉතා බරපතළ කාර්යයක් බැවින් ඊට කාන්තාවන් බඳවා ගැනීමට කොන්ත්‍රාත්කරුවෝ මුලදී මැලි වූහ. මාසික ශුද්ධිය අතරේදී කාන්තාවන්ට දිනක් හෝ දෙකක් රැකියාවට ඒමට නොහැකි වේ. එසේ වූ විට ඔවුහු දඩ මුදලකට ද යටත් කෙරෙති. එම වගාබිම් පුද්ගලයන්ට දිවි ගෙවීමට සුදුසු මට්ටමක නොපවතී. සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ අය වගාබිම්වලට ආසන්නයේ පිහිටා ඇති කූඩාරම්වල දිවි ගෙවන අතර, වැසිකිළි පහසුකම් ද නොමැත. එමෙන් ම, සමහර අවස්ථාවලදී රාත්‍රී කාලයේදී පවා අස්වැන්න නෙළන අතර, නිදා ගැනීමට හෝ අවදි වීමට නියමිත කාලයක් නොමැත. ඒ අතර, මාසික ශුද්ධිය කාලය අතරතුර කාන්තාවන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ. අපිරිසිදු බව නිසා කාන්තාවන්ට බොහෝ ලෙඩ රෝගවලට ද මුහුණ දීමට සිදු වේ. රෝගවලට ප්‍රතිකාර කරන, ආචාරධර්මවලට පටහැනි වෛද්‍යවරුන්, ඖෂධවලින් පාලනය කළ හැකි මට්ටමේ නාරි සහ ප්‍රසව රෝගවලට පවා අනවශ්‍ය සැත්කම් කිරීමට අදාළ කාන්තාවන් පොළඹවන බව ක්‍රියාකාරීහු පවසති. සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ අය වගාබිම්වලට ආසන්නයේ පිහිටා ඇති කූඩාරම්වල දිවි ගෙවන අතර, වැසිකිළි පහසුකම් නොමැත රැකියාවේ නිරත කාන්තාවන් අතරින් බොහෝ දෙනා ඉතා තරුණ අවධියේ විවාහ වූ අය වන අතර ඉනුත් බොහොමයක් වයස විසිගණන්වල මැද භාගය වන විට දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු ලබා සිටියහ. ගර්භාෂ ඉවත් කිරීමෙන් ඇති විය හැකි විපාක ගැන වෛද්‍යවරුන් ඔවුන් දැනුවත් කර නොමැති නිසා, එය සුදුසු ක්‍රියාවක් ලෙස ඔවුහු සලකති. මේ හේතුව නිසා ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් "ගර්භාෂ නොමැති කාන්තාවන්ගේ ගම්" බවට පත් වී තිබේ. ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරියක වන නීලම් ගොර්හේ මෙම ගැටලුව පසුගිය මස ප්‍රාන්ත සභා රැස්වීමට ඉදිරිපත් කළ විට, මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති එක්නාත් ෂින්දේ පැවසුවේ වසර තුනක් ඇතුළත 'බීඩ්' දිස්ත්‍රික්කයේ පමණක් ගර්භාෂ ඉවත් කිරීමේ සැත්කම් 4,605ක් සිදු කර ඇති බවය. නමුත්, සැත්කම්වලට භාජනය වූ සියලු කාන්තාවන් උක් වගාබිම්වල රැකියාවේ යෙදෙන අය නොවන බව ද ඔහු පැවසීය. මේ අතරින් සිදුවීම් කිහිපයක් ගැන පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. බීඩ් දිස්ත්‍රික්කයේ ගම්මානයක් වන 'වන්ජාවාඩි' ගම්මානයේ සංචාරය කළ බීබීසී මරාති සේවයේ ප්‍රජාක්තා ධුලාප් පැවසුවේ, සෑම වසරක ම ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලයේ ගම්මානයේ පදිංචිකරුවන්ගෙන් 80%ක් පමණ උක් වගාබිම්වල රැකියාව සඳහා සංක්‍රමණය වන බවය. එම ගම්මානයේ කාන්තාවන්ගෙන් අඩක් ගර්භාෂය ඉවත් කර ඇති බව ඇය වාර්තා කළාය. ඔවුන්ගෙන් වැඩි දෙනා වයස හතළිහට අඩු අතර, අනෙක් අය තවමත් විසි වන විය පසු කරමින් සිටිති. ඇයට හමු වූ කාන්තාවන් බොහෝ දෙනෙකු සැත්කම සිදු කිරීමෙන් පසු තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ බව පවසා තිබිණි. "මගේ බෙල්ල, කොන්ද සහ දණහිස් නිතර රිදෙනවා" එක් කාන්තාවක් පැවසූ අතර, ඇය උදෑසන නින්දෙන් අවදි වන විට "දෑත්, මුහුණ සහ යටි පතුල් ඉදිමී" තිබෙනු දකින බව ද පවසුවාය. තවත් කාන්තාවක් පැවසුවේ ඇයට නිතර "ක්ලාන්ත ගතියක්" දැනෙන අතර, කෙටි දුරක් පවා ඇවිද යාමට අපහසු බවය. ඒ අනුව, ඔවුන් දෙදෙනාට ම වගාබිම්වල රැකියාවේ නිරත වීමට නොහැකි වී තිබේ. තමිල්නාඩුවෙන් ද මේ හා සමාන පුවතක් අසන්නට ලැබිණි. එහි ඩොලර් බිලියන ගණනක් වටිනා ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත කාන්තාවන් චෝදනා කරන්නේ මාසික ශුද්ධිය නිසා ඇති වන වේදනාවට නිවාඩුවක් ලබා දීම වෙනුවට තමන්ට ලේබලයක් නොමැති ඖෂධ ලබා දී තිබෙන බවය. ඇඟළුම් කර්මාන්තශාලාවල රැකියාවේ නිරත කාන්තාවන්ට ලේබලයක් නොමැති ඖෂධ ලබා දී තිබෙන බව වාර්තා වේ එවැනි කාන්තාවන් 100 දෙනෙකු පමණ සමග කළ සාකච්ඡා පදනම්ව, තොම්සන් රොයිටර්ස් පදනම මේ බව හෙළි කර තිබේ. දුගී පවුල්වල කාන්තාවන් වූ ඔවුන් සියලු දෙනා ම පවසා ඇත්තේ මාසික ශුද්ධියේ වේදනාව මත තමන්ට දෛනික වැටුප අහිමි කර ගත නොහැකි බවය. තමන්ට යම් ඖෂධයක් ලැබුණු බව කී ඔවුන්ගෙන් අඩක් ම පවසා ඇත්තේ මේ ඖෂධ හේතුවෙන් තමන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑ බවකි. ඔවුන් බොහෝ දෙනෙකුට ඖෂධවල නම් හෝ ඒවායේ අතුරු ප්‍රතිඵල ගැන අනතුරු ඇඟවීම් කර නොමැත. මානසික ආතතිය, කාංසාව, මුත්‍රා මාර්ගයේ ආසාදන, ගර්භාෂයේ ගෙඩි මෙන් ම ගබ්සා වීම ඇතුළු සෞඛ්‍ය ගැටලු බොහොමයකට මෙම පෙති වර්ග හේතු වන බවට ඔවුහු චෝදනා කරති. මේ තොරතුරුද කියවන්න: මෙම වාර්තාව නිකුත් වීමත් සමග වගකිව යුතු නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කාන්තාවන්ගේ තත්ත්වය "ඉතා අභාග්‍යසම්පන්න සහ දුක්ඛිත" බව ජාතික කාන්තා කොමිසම දන්වා තිබෙන අතර, ඉදිරියේදී මෙවැනි දේ සිදු වීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රාන්ත රජයෙන් ඉල්ලා තිබේ. තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ද ඇඟළුම් සේවකයන්ගේ සෞඛ්‍ය ගැන සොයා බලන බව පවසා ඇත. ලෝකය පුරා රැකියා සඳහා කාන්තා දායකත්වය වැඩි කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අවදියක මෙම වාර්තාව නිකුත් වී තිබේ. ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් "ගර්භාෂ නොමැති කාන්තාවන්ගේ ගම්" බවට පත් වී තිබේ 2005-06 වසරවල 36%ක් ලෙස තිබූ රැකියාවේ නිරත ඉන්දියානු කාන්තාවන්ගේ ප්‍රතිශතය 2015-16 වසරවල 25.8% දක්වා පහත වැටී තිබේ. කාන්තාවන් මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය මෙයට හේතුව බව වටහා ගැනීමට අපහසු නොවේ. ඉන්දුනීසියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු තවත් රටවල් කිහිපයක කාන්තාවන්ගේ මාසික ශුද්ධිය කාලය තුළ නිවාඩුවක් ලබා දීමට ක්‍රියා කරති. බොහෝ පෞද්ගලික ආයතන ද කාන්තාවන්ට මේ හා සමාන සහනයක් ලබා දෙන්නේය. "ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව සේවිකාවන්ට සෑම මාසයක ම මාසික ශුද්ධිය කාලයේදී අමතර දවස් දෙකක් නිවාඩු දෙනවා. මේ ක්‍රමය 1992 ඉදන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා," යැයි ඉන්දියානු ආණ්ඩුවේ සමාජ ප්‍රතිපත්ති විශේෂඥවරියක වන ඌර්වශී ප්‍රසාද් පැවසීය. මේ අතර, සෑම කාන්තාවකට ම මාසික ශුද්ධිය කාලය අතරතුර දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බව සඳහන් කරමින් පසුගිය වසරේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරියක කටයුතු කළාය. තවත් තොරතුරු:
කාන්තාවන් රැකියාවේ යෙදීම සහ ආර්තවය හෙවත් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඉතා සෝචනීය පුවත් කිහිපයක් ගැන ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'දූපත පාලනය කරමින් මාධ්‍ය හැසිරවීමට' ද ක්‍රීඩකයන්ට අවස්ථාව ජනාධිපතිවරයාගේ චරිතය ගෙන ඉතා රළු කුරිරු ඒකාධිපතියකු ලෙස දූපත පාලනය කරමින් මාධ්‍ය හැසිරවීමට ද පරිගණක ක්‍රීඩා මෘදුකාංගය ක්‍රීඩකයන්ට ඉඩ ලබා දෙයි. අදාළ පරිගණක ක්‍රීඩාව රටේ සාමය හා නීතිය කෙරෙහි බලපාන බව පවසමින් එය තායිලන්තය තුල තහනම් කිරීමට එරට චිත්‍රපට හා දෘශ්‍ය නියාමන කාර්යාලය කටයුතු කළ බව පරිගණක ක්‍රීඩාව නිෂ්පාදනය කළ ආයතනය පවසයි. පසුගිය මැයි මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් පැවති ආණ්ඩුව ඉවත් කර තායිලන්තයේ බලය ලබා ගැනීමට එරට හමුදා ක්‍රියා කළහ.
තමන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව සකසා රට පාලනය කළ හැකි නිවර්තන කලාපීය දූපතක වෙසෙන ජනාධිපතිවරයකුගේ චරිතයක් සහිත පරිගණක ක්‍රීඩාවක් තායිලන්ත බලධාරීන් විසින් තහනම් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජූලි 16 වෙනි දින පැවැත්වෙන මෙම හමුවේදී දෙරට අතර සම්බන්ධතා සහ "ජාතික ආරක්ෂක ගැටලු රැසක්" සාකච්ඡා කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත. එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මොස්කව් නුවරදී ජනාධිපති පූතින් සමග සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නායකයන් දෙදෙනා අතර හමුව පිළිබඳ බදාදා (ජූනි 27) නිවේදනයක් නිකුත් කෙරිණ. සිරියාවේ යුද්ධය සහ යුක්රේනයේ තත්වය පිළිබඳ සිය රුසියානු මිතුරා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හමුව පිළිබඳ අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. ජනාධිපති ට්‍රම්ප්ගේ ඉල්ලීමක් අනුව "සාකච්ඡා සඳහා ඇති හැකියාව" සොයා බැලීම පිණිස තමන් රුසියානු ජනාධිපතිවරයා හමුවූ බව ඇමරිකානු ආරක්ෂක උපදේශකවරයා මාධ්‍ය වෙත පැවසීය. රුසියානු ජනාධිපතිවරයා හමුවූ ඇමරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මෙම සමුළුවෙන් පසු රටවල් දෙක අතර සබඳතා වැඩි දියුණු කර ගැනීම නායකයන් දෙදෙනාගේම අරමුණ වී තිබේ. "රටවල් දෙකෙහි නායකයින් එකතු වී ඔවුන්ගේ පොදු ගැටලු සහ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් වන බව ජනාධිපති ට්‍රම්ප් මෙන්ම ජනාධිපති පූතින්ගේත් හැඟීම" යැයි ජෝන් බෝල්ටන් පැවසීය. ජෝන් බෝල්ටන් සමග පැවති සාකච්ඡාවලින් පසු ව්ලදිමීර් පූතින් ප්‍රකාශ කර සිටියේ දෙරට අතර සබඳතා නැවතත් ගොඩනැගීම සඳහා බලාපොරොත්තු සහගත තත්වයක් ඇතිවී තිබෙන බවය. මේ තොරතුරුද කියවන්න:
එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්, ලබන මාසයේ ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ සඳහා යන ගමනේ අත්‍යවශ්‍ය කොටසක් වශයෙන් ජනතාවගේ අත්දැකීම් මත පදනම් වී සංහිඳියා ක්‍රියාමාර්ගයක් නිර්දේශ කිරීම සිය බලකායේ කාර්යභාරය බවත් නීතිවේදිනී මනෝරි මුත්තෙට්ටුවේගම බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළාය. "ඒගොල්ලන්ට පෙනෙන, දැනෙන තුවාල මොනවාද, විසඳ ගන්න බැරිවෙච්ච ප්‍රශ්න මොනවාද?, අන්න එතනින් තමයි අපි පටන් ගන්නේ." ප්‍රධාන කොන්දේසි දෙකක් මත, සිවිල් සමාජය නියෝජනය කරන කාර්ය සාධක බලකායේ සාමාජිකයන් එකොලොස් දෙනාම ඒ සඳහා එකඟවූ බවත් නීතිවේදිනී මනෝරි මුත්තෙටුවේගම සඳහන් කළාය. 'තර්ජන' "එකක් තමයි අපි රට වටා ගිහිල්ල, ජනතාවගේ අදහස් විමසලා සකස් කරන වාර්තාව ජනතාවට ලැබෙන්න සලස්වන්න ඕනේ," ඇය සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "කෙලින්ම, ප්‍රමාදයක් නැතිව. එහෙම නොකෙරුනොත් අපි විසින් ඒක කරනවා." ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වන අතර, ගාමිණී වියන්ගොඩ, විසාකා ධර්මදාස, ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු, මහාචාර්ය දයා සෝමසුන්දරම්, ආචාර්ය ෆර්සානා හනීෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ, මිරාක් රහීම්, නීතිඥ කේඩබ් ජනරංජන එහි සෙසු සාමාජිකයෝ වෙති. මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය කාර්ය සාධක බලකාය ඉදිරියේ අදහස් දක්වමින් කාර්ය සාධක බලකාය ඉදිරියේ සාක්ෂි දෙන පුද්ගලයන්ට සහ එම සමස්ත ක්‍රියාදාමයට සහභාගී වන පිරිස තර්ජන හෝ හිංසනවලින් ආරක්ෂාව සැලසිය යුතුය යන්න ඔවුන් ආණ්ඩුවට ඉදිරිපත් කළ දෙවැනි කොන්දේසියයි. ජනතා අදහස් "ඒ කියන්නේ ආරක්ෂක අංශයෙන් හෝ හිටපු පැරා මිලිටරි කාන්ඩේ අතින් හෝ මේ අයට කිසිම තර්ජනයක් හෝ බලපෑමක් විය නොයුතුයි කියන එක." කාර්ය සාධක බලකාය ජනතා අදහස් විමසමින් සිටින අතරවාරයේ, අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලයක් (OMP) පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කිරීම පරස්පර තත්වයක් නොවන බවයි සභාපතිනිය පවසන්නේ. සිවිල් සමාජය සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් එය සංශෝධනය කරන බව අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමේ කෙටුම්පතේ සඳහන් වන බව පෙන්වා දෙන මනෝරි මුත්තෙට්ටුවේගම, එමෙන්ම අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්තාව තිබෙන බව වැඩිදුරටත් පැවසීය. [email protected] නැමැති විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ, ''ලේකම්, සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය, සංහිඳියා යාන්ත‍්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01'' යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද ජනතාවට සිය අදහස් ලියා දැන්විය හැකි බවත් කාර්ය සාධක බලකාය සඳහන් කරයි.
දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ සාධාරණත්වය, යුක්තිය මත පදනම් වූ තිරසාර සාමයක් ගොඩනැංවීම 'අපි කාගේත් පැතුම' බව සංහිඳියාව සඳහා කාර්ය සාධක බලකායේ සභාපතිනිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිය 15 හැවිරිදි මුණුබුරා අහිමි වූ ගාසා හි කාන්තාවක් ගාසා තීරයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් දරුවන් ඉවතට ගන්නා අයුරු සහ ඊශ්‍රායලයේ ජනයා ආරක්‍ෂිත ස්ථාන සොයා දිවයන අයුරු දැක්වෙන දර්ශන ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. දෙපාර්ශවය අතර ගැටුම් දෙවෙනි සතියටත් ඇවිල යද්දී සටන් විරාමයක් පිළිබඳ ඇත්තේ කුඩා බලාපොරොත්තුවකි. ගාසා තීරයේ දරුවන් 61 ක් ඇතුළු 212 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ දරුවන් 2 ක් ඇතුළුව දස දෙනෙකු මරණයට පත්ව තිබේ. ගාසා හි මරා දැමුණු වැඩි දෙනෙකු අතර සිටින්නේ සටන්කරුවන් බව පවසන ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ගේ මරණ සිතා මතා සිදු නොකළ ඒවා බව කියා සිටියි. ගාසා තීරයේ පාලනය ගෙන යන හමාස් සන්නද්ධ කණ්ඩායම එය පිළිගන්නේ නොමැත. රාත්‍රියේ රොකට් ප්‍රහාර ගාසා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරයකින් හානියට පත් දකුණු දිග ඊශ්‍රායලයේ නිවසක් සඳුදා (මැයි 17) රාත්‍රියේ, ලෙබනන දේශසීමාවට ආසන්නයෙන්, උතුරු සහ දකුණු දෙසින් රොකට් ප්‍රහාර එල්ල වීමත් සමග යළි ඊශ්‍රායලය තුළ අනතුරු ඇඟවීමේ නලා හඬ ඇසුනි. සිය ප්‍රහාර තවදුරටත් පවත්වාගෙන යන බව ඊශ්‍රායල නායකයෝ යළි සපත කර තිබේ. ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන අවධානය ඉහළ යමින් පවතී. සාමාන්‍ය වැසියන් තුවාල වීම සහ මරණයට පත්වීම හෝ විනාශයන් නිසා ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වීම වළකාලනු වස් පියවර ගන්නා ලෙස ලෝක නායකයන් සහ මානුෂීය ආධාර ලබා දෙන සංවිධාන ඉල්ලා සිටිති. 'පාසල් 40 ක් රෝහල් 4 ක්...' දවස් අටක් ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර ගාසා හි පැවති ගැටුම් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සටන් විරාමයක් වෙනුවෙන් සහාය දෙන බව පවසයි. ගැටුම් නතර කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව, ඊජිප්තුව සහ සෙසු රටවල් සමග එක්ව කටයුතු කරන බව ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත පවසා තිබේ. එහෙත් ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගෙන ආ යෝජනාව ඇමරිකාව විසින් යළි වළකනු ලැබිණි. සාමාන්‍ය වැසියන් මරණයට පත්වීම ඊශ්‍රායලය විසින් වළකා ගනු ලැබ යුතුව ඇතැයි එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා කියා සිටියි. එහෙත් "අනෙක් අතින් හමාස් සිය මෙහෙයුම්වලදී සාමාන්‍ය වැසියන්ගේ ගොඩනැගිලි සහ මිනිස්සු පලිහක් වශයෙන් යොදා ගන්නවා." යනුවෙන් එම ප්‍රකාශකයා අවධානයට ලක් කරයි. විශේෂයෙන් දරුවන් ද ඇතුළුව සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇන්ටනී බ්ලින්කන් දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය. "ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඒ සඳහා ඊශ්‍රයලයට අතිරේක බරක්" ඇති බව ඔහු අවධාරණය කළේය. ඊශ්‍රායල් - ගාසා ගැටුම් : රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි දැනටමත් දුගීභාවයෙන් පීඩා විඳින, මිලියන දෙකක් වෙසෙන ගාසා තීරයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට හානි සිදුවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පළ කරයි. මෑත දිනවලදී පාසල් 40 ක් සහ රෝහල් 4 ක් "සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්" විනාශ වී ඇති බව එම සංවිධානය පවසයි. මූලික සේවාවන්ට තර්ජනයක් වන පරිදි එහි ඉන්ධන සැපයුම අවසන් වෙමින් පැවතීම පිළිබඳව ද එම සංවිධානය අනතුරු ඇඟවීය. සෞඛ්‍ය සේවා ගොඩනැගිලි වෙත එල්ල කෙරෙන් සියලුම ප්‍රහාර නවතා දැමිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පැවසීය. මේ ගැනත් කියවන්න:
ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කරුවන් අතර දැඩි ප්‍රචණ්ඩ ක්‍රියාවලට මැදිව සිටින සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සලසන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොං දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාරය සහ ඉහත කී නඩු විභාගය අතර සම්බන්ධයක් පවතී. සැම්සුන් සමාගමේ මීළඟ අධිපතිවරයා වීමට නියමිත ලී ජායේ-යොං සහ තවත් සමාගම් විධායක නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද චෝදනා දකුණු කොරියාවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එම නිවේදනයත් සමග ඒ අතර සිටි විධායක නිලධාරීන් තිදෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වූහ. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට එරෙහිව පැවති උද්ඝෝෂණයක් ආණ්ඩුවේ ආධාර ලබා ගැනීමට හිලව්වක් වශයෙන් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන යනු ලැබූ පුණ්‍යායතනයකට මූල්‍යාධාර ලබා දුන් බවට සැම්සුන් සමාගමට චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොං පෙබරවාරි මස මුලදී අත්අඩංගුවට ගනු ලැබිණ.
දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරික ආයතනයවන සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොංට එරෙහිව අල්ලස් සහ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ නඩු පැවරීමට නියමිත බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘තෙහේල්කා’ සඟරාවේ කතුවර තරුන් තේජ්පාල් කියා සිටියේ, තමන් වැරදී තීරණයක් ගත් බවත්, ඉදිරියේ දී එවැනි දේ කිරීමෙන් වැලකි සිටීම සඳහා ඒ ගැන සිතා බලා වරද සමා කර ගැනීමට මාස හයක කාලයක් තාවකාලිකව රැකියාවෙන් ඉවත් වන බවයි. තරුන් තේජ්පාල් , ගෝවේ නගරයේදී පැවැත්වූ සාදයක දී තරුණ මාධ්‍යවේදිනියකට ලිංගික අතවරයක් කර ඇති බවයි, වාර්තා වන්නේ. කාන්නතාවන්ට සිදු කෙරෙන ලිංගික අතවර ඉන්දියාවේ බලවත් සංවාදයකට හේතු වී ඇත.
ගවේශනාත්මක තොරතුරු පළ කරන ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සඟරාවක කතුවරයාට ලිංගික හිරිහැර කිරීම පිළිබඳ ව චෝදනා එල්ලවීමෙන් අනතුරුව,ඔහු තාවකාලිකව සේවයෙන් ඉවත් වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විදුහල්පතිවරුන්ටත්, විදුහල්පතිවරියන්ටත් හමුදා නිල ප්‍රදානයේ පුරෝගාමියා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවති හමුදා පුහුණුවකට සහභාගි වී සිටියදී මියගිය රද්දොළුගම පඤ්ඤානන්ද විදුහල්පතිවරයා නීත්‍යානුකූල වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇතිදැයි ගැටළුවක් මතුවන බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. කපිතාන් ධුර ප්‍රදානය සඳහා නියමිත නායකත්ව පුහුණුවකදී විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික‍්‍රමසිංහ හෘදයාබාධයකින් ඉරිදා උදෑසන මියගොස් ඇති බවයි හසලක පොලිසිය සඳහන් කළේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටි පරිදි මියගිය පනස් දෙහැවිරිදි ‘විදුහල්පතිවරයා විසින් ම ලබා දුන් වෛද්‍ය සහතිකයකින්’ පමණක් පුහුණු කරුවන් සෑහීමකට පත්ව තිබේ. “ඒ පරීක්ෂණය පවත්වන්න ඕනෑ හමුදා නිලධාරීන්. එහෙම නැතිව විදුහල්පති වරයා දුන් සහතිකයට පුහුණුව ලබා දුන්නා කියා මග හරින්න ලැහැස්ති වෙනවා නම් සම්පූර්ණයෙන් වැරදියි,” සඳහන් කළ ඔහු, පුහුණුව පැවැත්වෙද්දී වෛද්‍ය වරයකු කඳවුරේ නොසිටි බවටද චෝදනා කළේය. පනත් උල්ලංඝනයක් තිස් වියට අඩු පිරිස් හමුදා භට පුහුණුවේ යෙදවීම මිනිස් බල උපයෝගිතා පනත උල්ලංඝනය කිරීමක් බවද පවසන ලංකා ගුරු සංගම් ප්‍රධාන ලේකම් වරයා විදුහල්පති වරුනට හමුදා නිල ප්‍රදානයත් ඒ සඳහා හමුදා පුහුණුව ලබා දීමත් වහාම අත් හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටී. හමුදා නිල අපේක්ෂාවෙන් පුහුණුව ලබන විදුහල්පතිවරුන්ගේ වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශකගෙන් දුරකතනයෙන් විමසීමට අප ගත උත්සාහය සාර්ථක වූයේ නැහැ. විදුහල්පතිවරුන්ටත්, විදුහල්පතිවරියන්ටත් හමුදා නිල ප්‍රදානය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කැරුණේ ඉකුත් වසරේ ඔක්තෝබරයේදී.
හමුදා පුහුණුවකදී විදුහල්පතිවරයකු මියයාම සම්බන්ධයෙන් රජය වග කිව යුතු බව ගුරු සංගම් ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කාත්තන්කුඩි කලපුවේ ගොඩ ගැසූ කුණුකසළ මේවනවිට කලපුවේ අක්කර ගණනක් වසා පැතිර ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට ඉදිරිපත් කරන වාර්තාවක් මගින් පෙන්වා දෙයි. යුද්ධය නිමවීමෙන් පසු ගම්මාන අතහැර ගිය ජනතාව ඔවුන්ගේ ගම්බිම් කරා යළි පදිංචියට පැමිණියත් දැන් ඔවුන්ට පරිසර ගැටළුවකට මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ඉවත ලන කුණු ගොඩ ගසමින් ඇති කලපුව අසළ කාත්තන්කුඩි 'අල්හිරා' කනිෂ්ට විද්‍යාලය ඇති අතර කුණුකසළ ප්‍රශ්නය ළමුන්ගේ ශරීර සෞඛ්‍යයට හානිකර වී ඇති බව විදුහල්පති ඒ.එල්.එම් ෆාරුක් කියා සිටියි. විනාශ කෙරෙන කලපුව කුණු ගොඩ ගසමින් ඇති කලපුව අසළ ඉදි කොට ඇති 'අල්හිරා' කනිෂ්ට විද්‍යාලයේ ක්‍රීඩා පිටිය කලපුවේ ගොඩ ගසන ලද ඉවත ලන කුණු කලාපය මත ළමුන් සඳහා ක්‍රීඩා පිටියක් ඉදිකර ඇතත් එය ඒ සඳහා නුසුදුසු බව විදුහල්පතිවරයාගේ අදහසයි. කාත්තන්කුඩි නගර සභාව පවසන්නේ කුණුකසල දැමීම සඳහා ප්‍රමාණවත් භූමියක් නොමැති හෙයින් කලපුව ආශ්‍රිතව අපද්‍රව්‍ය මුදා හරින බවය. 'යුද සමයේ ප්‍රදේශය අතහැර ගිය පවුල් 542ක් දැන් නැවත කාත්තන්කුඩි නගරය සහ ඒ අවට පදිංචියට පැමිණ සිටිනවා. ජන ගහනය වැඩිවීමත් සමග බැහැර කෙරෙන කුණු ප්‍රමාණය වැඩි වී තිබෙනවා. දවසකට කුණු කිලෝ ග්‍රෑම් තිස්දහසක් පමණ එකතු වෙනවා. ඉන් 25%ක් පමණ කොම්පෝස්ට් ව්‍යාපෘතියට යොදා ගන්නව' නගර සභා ලේකම්වරයා පවසයි. 'කුණු දමන්න ඉඩමක් නැති එකයි අපට තිබෙන ප්‍රධාන ගැටළුව. 2018 වසරේ දී මේ ගැටළුවට ස්ථිර විසඳුමක් ගේන්න දැන් වැඩපිළිවෙළක් සකස් කෙරෙමින් පවතිනවා' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දුර්වල ප්‍රතිචක්‍රීයකරණය ඉවතලන කුණු ප්‍රතිචක්‍රීයකරණය කරමින් කොම්පෝස් පොහොර සෑදීම සඳහා යොදාගනු ලබන්නේ 26% ක් පමණ වන අතරවාරයේ, අනෙක් 74% ක් තරම් අපද්‍රව්‍ය කාත්තන්කුඩි කලපුවට දැමීම නිසා දිනෙන් දින කලපුව ගොඩවීම තවත් ප්‍රශ්නයක් වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පෙන්වා දෙයි. ඒ සමඟ ජලය අපවිත්‍ර වීමෙන් ගැටළුව උග්‍ර අතට හැරෙමින් පවතින බව ප්‍රදේශයේ පරිසර සංවිධාන පෙන්වා දෙති . මේ අතර කුණු දැමීමෙන් මුහුද අපවිත්‍ර කරන ප්‍රධාන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි. මුහුදත් අපවිත්‍ර කිරීමක් ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි, මුතුරාජවෙල, හබරණ, හම්බන්තොට, මීතොටමුල්ල සහ බදුල්ල වැනි ප්‍රදේශ රැසක කුණු කසළ එළිමහනේ ගොඩගැසීම නිසා බරපතළ ගැටළු මත්වී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා මගින් වාර්තා කෙරිණ.
වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව අද ඉවතලන කුණු නිසා බරපතළ පීඩාවකට පත් ව සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම තරුණයාට නැවත ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් සිදුකළ බවයි වෛද්‍යවරු පවසන්නේ විසි එක් වියැති තරුණයෙකුට ඔහුගේ පුරුෂ ලිංගය අහිමි වූයේ සම්ප්‍රදායික ලිංග ඡේදනයක දී සිදු වූ අත් වැරදීමකින්. කේප් ටවුන් හි වෛද්‍යවරුන් පවසන්නේ ශල්‍යකර්මය සාර්ථක වූ අතර රෝගියා සතුටින් සහ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි. හදවත් බද්ධ කිරීම වැනි ජීවිත බේරා දෙන සැත්කමක් නොවන බැවින් මෙම ලිංග බද්ධ සැත්කමේ වෛද්‍ය විද්‍යාත්මක සදාචාරය පිළිබඳව විශාල කතිකාවතක් පැවති බවයි වාර්තාවන්නේ. මෙයට පෙර මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ උත්සාහයන් සිදුවී තිබුණු සාර්ථක වී නැති අතර චීනයේ සිදුකළ එවන් එක් සැත්කමක් හොඳින් නිමා කිරීමට හැකි වුවද පසුව ලිංගය අකර්මණ්‍ය වී තිබේ. සුන්නත් කිරීමේ චාරිත්‍රයකට එක වූ දකුණු අප්‍රිකානු තරුණයන් පිරිසක් ගැටවර වියේ සිට වැඩිහිටි බවට දකුණු අප්‍රිකාවේ ඇතැම් පළාත් වල දී සිදුවන මෙම සුන්නත් කිරීම පිරිමියකු ගැටවර වියේ සිට වැඩිහිටි බවට මාරුවන අවස්ථාව පිළිබිඹු කෙරෙන සම්ප්‍රදායක් ලෙස සැලකෙන අතර එසේ සාම්ප්‍රදායික සුන්නත් කිරීමට ලක්වන විට මෙම තරුණයා 18 වෙනි වියේ පසුවී තිබේ. සුන්නත් කිරීමේ අත් වැරදීමක් හේතුවෙන් එම තරුණයාගේ ස්වභාවික ලිඟුවෙන් සෙන්ට්මීටරයක පමණ කොටසක් පමණයි ඉතිරිව තිබී ඇත්තේ. ලෝකයේ අනෙක් හැම රටකටම වඩා පුරුෂ ලිංග බද්ධ කිරීම් අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකාවට බවයි වෛද්‍යවරු පවසන්නේ. එරට සිදුවන එවැනි සම්ප්‍රදායික ලිංග ඡේදන හේතුවෙන් ඇතැම්විට සිය ගණනක් පිරිමි ළමුන් අංගවිකල භාවයට හෝ මරණයට පත්වේ. ස්ටේලන්බොෂ් විශ්වවිද්‍යාලයේ සහ ටිගර්බර්ග් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් පැය නමයක කාලයක් තුළ කළ ශල්‍යකර්මයකින්ය ඉන්ද්‍රිය පරිත්‍යාගයකින් ලැබුණු වෙනත් අයෙකුගේ ලිංගයක් ඉහත කී තරුණයාට බද්ධ කර ඇත්තේ. ඉතා අමාරු වැඩක් ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරුන්ගෙන් අයෙකු වන, සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීම් සිදුකරන අන්ද්‍රේ වැන්-ඩර්-මර්වේ වෛද්‍යවරයා බීබීසී ප්‍රවෘත්ති අන්තර්ජාල අඩවියට පැවසුවේ “නිසැකයෙන්ම මේක ඉතා අමාරු වැඩක්. රුධිර නාලිකා මිලිමීටර 1.5 යි පළල. වකුගඩුවක නම් රුධිර නාලිකාවක් සෙන්ටිමීටරයක් විතර පළලයි” යනුවෙනි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සිදුකරන ලද ශල්‍යකර්මයෙන් පසු රෝගියා ඉතා ඉක්මනින් සුව අතට හැරෙමින් සිටින බවයි වෛද්‍යවරුන් ගේ අදහස. රෝගියාගේ ලිඟුවේ සම්පුර්ණ සංවේදනය යථාතත්වයට පත්වී නැති අතර ඒ සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවියහැකි බවයි පැවසෙන්නේ. එසේවුවද, මුත්‍රා කිරීම කළ හැකි අතර , ලිඟුව උත්තේජනය වීම හා ශුක්‍ර මෝචනය වැනි දේ ඉතා හොඳින් සිදුවන බවයි වාර්තා වන්නේ. මෙම ශල්‍යකර්මයේ සදාචාරාත්මක බව ගැන අදහස් දක්වන වෛද්‍ය වැන්-ඩර්- මර්වේ පවසන්නේ පුරුෂ ලිංගයක් නැති පිරිමියෙකු මළ ගිය අයෙකු හා සමාන බවත් ඔහුට ලිංගයක් ලබා දීම නැවත ඔහුට ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් බවයි. මාස තුනකින් පසු තවත් මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ සැත්කම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ලෝකයේ ප්‍රථම පුරුෂ ලිංග බද්ධ කිරීම සාර්ථකව කළ බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සැකකරුවන් අත් අඩංගුවට නොගැනීම ගැන ප්‍රදේශවාසීන්ගේ විරෝධය එම දැරිය දූෂණය කිරීම පිළිබඳව වාර්තා වන්නේ, යාපනයේ කරෙයිනගර් ඌරි පළාතේදී එකොලොස් හැවිරිදි පාසල් දැරියක් නාවික හමුදාවේ සෙබලකු විසින් දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටින අතරවාරයේදී. මීට කළින් දූෂණය වූ බව පැවසෙන දැරියගේ ඥාති සොහොයුරියක වන නව හැවිරිදි දැරිය සඳුදා කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය සඳහන් කළේය. කෙසේ නමුත් එම දැරිය දූෂණයට ලක් වී තිබෙන බව මෙතෙක් වෛද්‍ය වාර්තාවක් මගින් හෙළිදරවු වී නොමැති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ. 'පුදුම සහගතයි' නව හැවිරිදි දැරියකට යමක් නිවැරදිව ප්‍රකාශ කිරීමට ඇති හැකියාව අඩු බැවින් පොලිස් නිලධාරීන්ට සහ පිස්කල් නිලධාරීන්ට දැරිය පෙන්වන ස්ථාන වෙත ගොස් සවිස්තර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් යාපනය ළමා අධිකරණයේ විනිසුරුවරයා නියෝග කොට තිබේ. එම වාර්තාව ලැබුණු පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ආරම්භ කිරීමට අධිකරණය තීරණය කළේය. එකොලොස් හැවිරිදි පාසල් දැරිය දූෂණය කළ නාවික හමුදා සෙබලා අත් අඩංගුවට ගෙන නැත්තේ මන්දැයි විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම දැරිය ඔහුගේ හැඩරුව පමණක් ප්‍රකාශ කිරීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ නාවික හමුදා සෙබලුන් හත් දෙනකු ඇප මත නිදහස් කරණ මෙන් යාපනය දිසා විනිසුරුවරයා නියෝග කළ නමුත් ඔවුන් වෙණුවෙන් ඇප ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් උද්ගත වූ බැවින් ඔවුන් රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරයා නියෝග කළ බවත් නීතිඥ අජිත් රෝහණ පැවසීය. දූෂණයට ලක් වූ දැරියන් දෙදෙනා වාසය කරණ නිවෙස්වලට ඉතාම ආසන්නයේ පිහිටි කුඩා නාවික හමුදා කඳවුරක සෙබලුන් දෙදෙනකු මෙවැනි සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හෝ නාවික හමුදාවට නොහැකිවීම පුදුම සහගත තත්ත්වයක් බව, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සරවනබවන් ප්‍රකාශ කරයි.
නාවික හමුදා සෙබලකු විසින් නව හැවිරිදි පාසල් දැරියක් දූෂණය කොට ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව යාපනයේ කයිට්ස් පොලීසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව යුදහමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම ලබමින් සේවා දිගුවක් යටතේ සේවය කරන වත්මන් හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක ලබන සඳුදා විශ්‍රාම ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙසින් මේජර් ජනරාල් සිල්වා වැඩ භාරගැනීමට නියමිතයි. නව යුද හමුදාපතිවරයා පත් කරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය ආරක්ෂක තොරතුරු විශ්ලේෂක ඉක්බාල් අතාස් සමග පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා එම පදවියට පත් කරනු ලැබීමට සුදුසුකම් ලබන නිලධාරීන් අතර ප්‍රමුඛස්ථානය හිමි කර ගන්නා බවයි. ලුතිනන් ජනරාල් දයා රත්නායක තවත් සේවා දිගුවක් ඉල්ලා තිබුනත් නව රජය නව යුද හමුදාපති වරයකු පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඉක්බාල් අතාස් සඳහන් කරයි. ‘මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ජ්‍යේෂ්ඨතම යුද නිලධාරියෙක්. ලුතිනන් ජනරාල් දයා රත්නායකට පෙර යුද හමුදාපති පදවිය හිමි විය යුතුව තිබුණේ මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වාටයි. මොකද? ඔහු දයා රත්නායකටත් වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නිසා’ ඉක්බාල් අතාස් පවසයි. එම අවස්ථාවේ හමුදාපති පදවිය නොලද මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා රුසියාවේ නියෝජ්‍ය තානාපති පදවියට පත් කර යැවීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තිබිණි. එවැනි පියවරක් ගනු ලැබුණේ ඔහු යුද හමුදාපති පදවියෙන් ඈත් කර තැබීමේ පියවරක් වශයෙන්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට ආරක්ෂක තොරතුරු විශ්ලේෂක ඉක්බාල් අතාස් සඳහන් කළේ යුද හමුදාව තුළ පවා එවැනි මතයක් පැවති බවයි. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් 2013 වසරේ සිදු කළ හමුදා පරීක්ෂණයේ ප්‍රධානියා හැටියටත් මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා කටයුතු කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපතිවරයා වශයෙන් පත් කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව තමන් විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිවී තිබෙන බව Economic and Political Weekly සඟරාවට ලිපියක් සපයන විශේෂ වාර්තාකරුවෙක් විසින් සඳහන් කොට තිබිණ. ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයාගේ, ආණ්ඩුවේ සහ හමුදා වෙබ් අඩවිවල පලවූ තොරතුරු විශ්ලේෂණය කරමින් එම සඟරාව තවදුරටත් සඳහන් කොට තිබුනේ අඩු තරමින් හමුදා භටයන් එක් ලක්ෂ අනූ අට දහසක් (198,000) වත් එහි රඳවා සිටින බවයි. යුද හමුදාවත් උතුරේ ජනතාවත් අතර ශ්‍රේෂ්ට සම්බන්ධයක් පවතින බව පැවසූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, හමුදාවට ඉවත්වන ලෙස උතුරේ සාමාන්‍ය ජනතාව කිසිවිටකත් ඉල්ලා නොසිටිනු ඇතැයිද ප්‍රකාශ කළේය. හමුදාව කෙරෙහි විශාල බලාපොරොත්තු තබා සිටින උතුරේ ජනතාව ඕනෑම ප්‍රශ්නයකදී පොලීසිය හෝ දිසාපතිවරයා හෝ වෙත නොගොස් ලගම ඇති කඳවුරට පැමිණෙන්නේ හමුදාව කෙරෙහි ඇති විශ්වාශය නිසා යැයි, යුද හමුදාපතිවරයා පැවසීය. යුද්ධය අවසන් වීමත් සමග සාමය ඇතිකිරීම සඳහා රදවා සිටි යුද හමුදාව සාමය ඇතිවීමත් සමග සීමා කරමින් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, යුද්ධයේදී ලත් අත්දැකීම් බෙදා හදා ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් යුද හමුදාව විසින් දෙවැනි වරටත් සංවිධානය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවසීය. රටවල් විශාල ගණනක් ඊට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළකොට ඇති බවත් යුද හමුදාපතිවරයා තවදුරත් ප්‍රකාශ කළේය.
යාපනය ප්‍රදේශයේ ජනගහණය ලක්ෂ පහක් බවත් එහි රඳවා සිටින යුද හමුදා භටයන්ගේ සංඛ්‍යාව දස දහසක් බවත් පැවසූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය Economic and Political Weekly ඉන්දීය සඟරාව සඳහන් කරන භට සංඛ්‍යා තොරතුරු ප්‍රතික්‍ෂේප කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වෙද්දී, මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල අවධානයට ලක් වී තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම 'පිල්ලෙයාන්' මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය. 2005 නත්තල් දින නත්තල් දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදී පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඇතුළු චුදිතයන් පස් දෙනාම නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන විනිසුරුවන් සහ නීතිවේදීන්ගෙන් සමන්විත ICJ නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම, යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත්වීම දැඩිව හෙලා දැක තිබිණ. එම වෙඩි ප්‍රහාරයේදී ජෝසප් පරරාජසිංහම් ගේ බිරිඳ ඇතුළු අට දෙනෙකු තුවාල ලැබූහ. චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගන්නේ මන්දැයි නීතිපතිවරයා හෙළි කර නොමැති බව පෙන්වාදෙන ICJ (International Commission of Jurists) සංවිධානය, වසර පහකට පසුව චෝදනා ඉල්ලා අස්කර ගැනීම හඳුන්වන්නේ ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ලකරන ලද බරපතල පහරක් ලෙසිනි. 'පිල්ලෙයාන්' නිදොස්කොට නිදහස්කරන ලද්දේ, මේ ආකාරයටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබඳ චෝදනා ලබා සිටි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු චුදිතයන් පස් දෙනා සිංහල පමණක් කතාකරන ජූරි සභාවක් විසින් නිදහස් කරනු ලැබීමෙන් වසර කිහිපයකට පසුව බවත් නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සිහිපත් කරයි. ඇම්නස්ටි ජාත්‍යන්තරය ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, "ඓතිහාසික අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට දිගින් දිගටම දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු," බවය. "වගවීමෙන් තොරව, ශ්‍රී ලංකාවට කිසි දිනෙක මේ අඳුරු පරිච්ඡේදයේ පිටුව පෙරලීමට නොහැකිවනු ඇති," බවද ඇම්නස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම්වරයාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් පැවසීය. ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ද නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සහ ඇම්නස්ටි ජාත්‍යන්තරය (Amnesty International) නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි. සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවන ඡායාරූපයක් අතීත අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා දේශීය යාන්ත්‍රණ දිගින් දිගටම අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ "දණ්ඩ මුක්ති චක්‍රය නිමා කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගෙනයාම පිණිස ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු" බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි. යුද අපරාධ චෝදනා මේ අතර සිය වාර්ෂික වාර්තාව නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය බරපතල ලෙසින් බිඳ වැටුණු බවය. ආණ්ඩුව විවේචනය කරන බව සැලකෙන නීතිවේදීන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිතයන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් කරනු ලබන බිය වැද්දීම් සහ ඔත්තු බැලීම් උත්සන්න වූ බව පවසන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ වාර්තාව, මුස්ලිම් සහ දෙමළ සුළු ජාතීන්ට ද නොසලකා හැරීම් සහ තර්ජනවලට මුහුණ දීමට සිදු වූ බව පෙන්වා දෙයි. රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මතකර ගනු ලැබූ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින්, අධිකරණයේ ස්වාධීනත්වය යටපත් කෙරුණ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ආයතන දුර්වල කෙරුණ බව එම සංවිධානයේ (Human Rights Watch) ස්ථාවරය වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මෙන්ම ඔහු විසින් ජ්‍යෙෂ්ට තනතුරුවලට පත්කරන ලද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ආරක්ෂක හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී ශවේන්ද්‍ර ද සිල්වාට එරෙහිවත් යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන බවත් 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය සිහිපත් කරයි. වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ, කෝවිඩ්19 වසංගතය සමයේ මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වූ සමාජ මාධ්‍ය ජාල ප්‍රචාර වැළැක්වීමට පියවර නොගත් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන් නොනැවතී, "මහජන සෞඛ්‍ය සඳහා අවශ්‍ය නොවුවද" කොරෝනාවෛරසය වැළඳී මියයන මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවය. මේ වසරේ පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වෙන සැසියේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. "ශ්‍රී ලංකාව යළිත් වරක් 'පැරණි අඳුරු යුගයට' පා තැබීම වැළැක්වීම පිණිස ඒ ගැන අවධානය දක්වන රටවල් තමන්ට හැකි සියල්ල කළ යුතුය," යනුවෙන් පවසන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ දකුණු ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි අවධාරණය කරන්නේ, ''වගවීම සහතික කරන මෙන් ශ්‍රී ලංකාවට බලකෙරෙන එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කිරීම පිණිස අදාළ රටවල් කටයුතු කළ යුතු'' බවය. හිජාස් හිස්බුල්ලාටත් කොරෝනා නීතිවේදී හිජාස් හිස්බුල්ලා (වාඩි වී) පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වීමේ චෝදනා මත පසුගිය වසරේ අප්‍රේල් 14 වෙනි දින සිට පොලිස් අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා ජනවාරි 08 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් නීතිවේදී හිජාස් හිස්බුල්ලාට කෝවිඩ්19 රෝගය වැළඳී ඇති බැවින් අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි බව එදින පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඔහු තවත් දින 90 ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනවාරි 11 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. ත්‍රස්ත විරෝධී නීතිය යටතේ වසර ගණනාවක් සැකකරුවන් රඳවා තබා ගැනීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ද කරුණු දක්වා තිබිණ. හිජාස් හිස්බුල්ලාගේ පවුලේ සාමාජිකයින් පවසන පරිදි, ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා පොලිසිය හැසිරුණු ආකාරය මගින් බරපතල සැක සංකා ගණනාවක් මතු කෙරේ. පවුලේ සාමාජිකයින් විසින් අධිකරණයේ ගොනු කරන ලද හේබියස් කෝපුස් පෙත්සම් සහ ඉන් අනතුරුව නිකුත් කරන ලද ඉහත දැක්වෙන නිවේදනයට අනුව, පොලිසිය මෙන්ම බොහෝ ජනමාධ්‍ය ද හැසිරෙන ආකාරය පිළිබඳ පහත දැක්වෙන කරුණු අවධානයට ලක් කර තිබේ. ලේඛක අහ්නෆ් ජසීම් මේ අතර, දෙමළ භාෂාවෙන් පළ කළ සිය කවි පොතකින් "අන්තවාදී අදහස් ප්‍රචාරය කළ" බවට චෝදනා කරමින් පසුගිය වසරේ මැයි මාසයේ සිට අහ්නෆ් ජසීම් (Ahnaf Jazeem) නම් කවියා ත්‍රස්ත විරෝධී නීතිය යටතේ රඳවාගෙන සිටින බව මෑතදී අනාවරණය විය. මන්නාරම ප්‍රදේශයේ වාසය කළ විසි පස් හැවිරිදි අහ්නෆ් ජසීම් කවියා මාස ගණනාවක් එසේ අත්අඩංගුවේ රඳවා ගැනීම පසුගියදා කවියන්ගේ, විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සහ මානව හිමිකම ක්‍රියාධරයන්ගේ දැඩි හෙලා දැකීමට ලක් වූ බව මාධ්‍ය වාර්තා කළේය. තරුණ කවියෙකු එසේ රඳවා ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද අදහස් පළ වී තිබිණ. ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසන්නේ, ප්‍රබල ගෞරවයට පාත්‍ර වූ දෙමළ භාෂාව සම්බන්ධ බුද්ධිමතෙකු වන මහාචාර්ය එම් ඒ නුහුමාන්, අහ්නාෆ් ජසීම් කවියාගේ කවි කියවා ඒ සම්බන්ධයෙන් සිය මතය පළ කොට තිබෙන බවය. මානව දයාව, ආගමික සදාචාරය, ප්‍රේමය සහ සාමකාමී දිවි පෙවෙත සම්බන්ධ ඔහුගේ කවි නිර්මාණ, "අන්තවාදය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද," යනුවෙන් මහාචාර්ය නුහුමාන් ප්‍රශ්න කරන බවද ලේඛක නාලක ගුණවර්ධන පවසයි. හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්විය. ජනාධිපතිවරයා එහිදී තමන්ට "මරණ තර්ජන එල්ල කළ" බව පවසමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ද යොමු කොට තිබිණ. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙලා දුටු අතර, එයට එරෙහිව විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු කොළඹ දී උද්ඝෝෂණයක ද නිරත වූහ. යාපන විශ්වවිද්‍යාලය යුද්ධයේ අවසන් අදියරේ දී මියගිය පුද්ගලයන් අනුස්මරණය වෙනුවෙන් 2018 වසරේදී යාපනය විශ්වවිද්‍යාල භුමියේ ඉදිකරන ලද මුල්ලිවෛක්කාල් අනුස්මරණ ස්මාරකය පසුගිය සිකුරාදා රාත්‍රියේ දී කඩා දමනු ලැබීම ද දෙස්, විදෙස් අවධානයට ලක්විය. ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ දූත මණ්ඩලය ඒ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට කෙරෙන සැලකීම සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ඉහළ පෙළේ රැස්වීමක් පැවැත්වීමට යුරෝපා සංගමය සූදානම් බවය. උපකුලපතිවරයා දුන් නියෝගයකට අනුව එම ස්මාරකය කඩා දැමූ බව මාධ්‍ය වාර්තාකර තිබිණ. උප කුලපති එස් ශ්‍රීසද්ගුණරාජා විශ්වවිද්‍යාල භූමියේ, එම ස්ථානයේම නැවත මුල්ලිවයික්කාල් අනුස්මරණය ඉදිකර දීමට පොරොන්දු දී ඒ සඳහා මුල්ගල තැබීමත් සමඟ දින දෙක තුළ පැවති ව්‍යාකූලතාව අවසන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ පැවති ශිෂ්‍ය උපවාසය සඳුදා (ජනවාරි 11) අත්හරින ලදි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ නීතියේ ආධිපත්‍යය "බිඳ වැටීම" ගිය සතිය තුළ, දෙස්, විදෙස් අවධානයට ලක්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරේ ඉඩම් අත්පත් කර ගැනීම අභියෝගයට ලක්වූ අවස්ථාවක් පුද්ගලයන් එක්දහස් හාරසිය හැත්තෑ හතර දෙනකු ගොනු කර තිබූ පෙත්සම් විමසීම අභියාචනාධිකරණය විසින් කල් දමන ලද්දේ විනිසුරු තුන්කට්ටුවෙන් දෙපළක්ම නොමැති කමින්. විනිසුරු අනිල් ගුණරත්න පෙත්සම් විභාගයට ගැනීමට අකමැති බව කී අතර ඔහු එය සඳුදා නිවාඩු ගොස් සිටි ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුවරයා වෙත නැවතත් යොමු කළ බව කේ එස් උදයකුමාර් බීබීසී සංදේශයට වාර්තා කළේය. පලාලි හා කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාප පුළුල් කොට යාපනය ආරක්ෂක බලකා මුලස්ථානයක් පිහිටුවීමට වලිකාමම් උතුරේ අක්කර හයදහසකට වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ සැලසුම් වලට එරෙහිවයි පෙත්සම් ගොනු කොට තිබුනේ.
රජයේ හමුදාව ඉඩම් පවරා ගැනීම අභියෝගයට ලක් කරමින් උතුරේ දහසකට අධික ජනතාවක් පවරා ඇති පෙත්සම් සලකා බැලීම අධිකරණය විසින් දෙවැනි වතාවටත් කල් දමන ලදී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පසුගිය නොවැම්බර් මාසයේ සිට අඩාල වී පවතී විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පරමු පුෂ්පරාජා බීබීසී සංදේශයට කියා සිටියේ අද සඳුදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුන බවයි. විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල නියෝජිතයන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙම සාකච්ඡාවට එක්වී තිබේ. කෙසේ නමුත් දේශනා සඳහා සිසුන් විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව එක් ආචාර්යවරයකු පැවසීය. යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අත් අඩංගුවට ගත් ආරක්ෂක හමුදා ඉන් සිවුදෙනකු වැලිකන්දේ පුනරුත්ථාපන කඳවුරකට භාරදීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරන මෙන් ඉල්ලා ශිෂ්‍යයන් පන්ති වර්ජනයක නිරතවීම හේතුවෙන් නොවැම්බර් 28 වැනිදා සිට යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඩපන වී තිබේ. කෙසේ නමුත් ශිෂ්‍යයන් තවමත් අත් අඩංගුවේ සිටියදී විශ්ව විද්‍යාලය යලි විවෘත කෙරෙන්නේ රජයේ බලපෑම මත බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි බීබීසී සංදේශයට පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
පසුගිය නොවැම්බර් මාසයේ සිට අඩාල වී පවතින යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඟහරුවාදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගොස් තිබේ. තේරීම් කාරක සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල සංදේශයට පැවසුවේ නොවැම්බර් 14 වැනිදා දෝශාභියෝග විභාගය ආරම්භවීමෙන් පසු අද වනතුරු අගවිනිසුරුවරියගේ පාර්ශවයට අදාළ ලියකියවිලි කිසිවක් භාර දී නොතිබිනු බවයි. " සාධාරණ හා අපක්‍ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම්" අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් ලියකියවිලි පනහක් අද භාරදීමෙන් පසු ඒවා අධ්‍යනය කිරීම පිණිස සති පහක කාලයක් අවශ්‍ය බව ඇය කියා සිටි නමුත් ඒවා හෙට සිකුරාදා පස්වරු 1.30 ට විභාගයට ගන්නා බව සඳහන් කළ විට, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බවත් එහි සාධාරණභාවයක් හෝ යුක්ති සහගතභාවයක් නොපෙනන බවත් පවසමින් අගවිනිසුරුවරියගේ පාර්ශවය ඉවත් ගියේ යැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය. තේරීම් කාරක සභාවේ සිටින ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් , අගවිනිසුරුවරියට සහ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට අපහාස වන ආකාරයෙන් කථා කළ බවට ඔවුන් චෝදනාවක්ද ඉදිරිපත් කළ බව කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය. එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් තවදුරටත් තේරීම් කාරක සභාවේ රැදී සිටින්නේද නැද්ද යන්න හෙට දින තීරණය කරන බවයි පාර්ලිමේන්තු ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ. අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් පැවසුවේ සාධාරණ හා අපක්‍ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම් බවයි. වත්මන් තේරීම් කාරක සභාව පූර්ව විනිශ්චයකට පැමිණීමෙන් පසු යුක්තිය පසිඳලීමේ අරමුණකින් තොරව අසාධාරණ අන්දමින් ක්‍රියා කරන බවයි නීතිඥ කණ්ඩායමේ තවත් සාමාජිකයක් බී බී සී දෙමල සේවයට ප්‍රකාශ කර සිටියේ. පක්‍ෂපාතී ආයතනයක් ඉදිරියේ කරුණු දැක්වීම නිෂ්ඵල ක්‍රියාවක් ලෙස අගවිනිසුරුවරිය විශ්වාස කරන බවද නීතිඥ සාලිය පීරිස් කියා සිටියේය. සාධාරණ විනිශ්චයකට තුඩු දෙන කරුණු ගණනාවක් ඉටු නොවීම හේතුවෙන් තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට ඇය තීරණය කළ බවත් අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් තවදුරටත් ප්‍රකාශ කළේය.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් ඉන් ඉවත්ව යයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතුරුදහන් වූවන් වැඩිම ප්‍රමාණය වාර්තා වී තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදහන් වූවන් පිළිබඳව විමසා බලන ජනාධිපති කොමිෂන් සභාව යාපනයේ සාක්ෂි විමසීම ආරම්භ කළ අවස්ථාවේ සාක්ෂි දෙමිනුයි ඇය ඒ බව කියා සිටියේ. එල්ටීටීඊය විසින් සිය 15 හැවිරිදි පුතා පුදුමාතලන්හිදී බලහත්කාරයෙන් බඳවා ගත් බව පියා පවසයි හමුදාවට භාර වීමෙන් අනතුරුව ඕමන්තේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් ඉන් අනතුරුව තමන්ට ඔහු දැකගන්නට නොලැබුණු බවත් රේගන් ගේ බිරිඳ තුලසිහා කොමිසම ඉදිරියේ කියා සිටියාය. සිකුරාදා යාපනයේ සාක්ෂි විභාගය ආරම්භ කළ කොමිසම ලබන දාහත් වැනි දින දක්වා චාවකච්චේරි, කෝපායි සහ යාපනයේදී සාක්ෂි විමසීමට නියමිතයි. 1990 සහ 2009 යන කාලය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැහැර ගෙන ගිය හෝ අතුරුදහන් වූ හෝ පුද්ගලයන් ගැන සොයා බලන කොමිසමට අතුරුදහන් වූවන් වැඩිම ප්‍රමාණය වාර්තා වී තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බව කොමිසමේ ලේකම් එච්ඩබ්ලිව් ගුණදාස ප්‍රකාශ කළේය. එය පැමිණිලි හාර දහසකට ආසන්න සංඛ්‍යාවක්. අතුරුදහන් වූ සිය සැමියන් හෝ ඥාතීන් ගැන තොරතුරක් සොයා ගැනීමේ අටියෙන් කාන්තාවන්, වියපත් පුරුෂයන් ඇතුළු විශාල පිරිසක් සාක්ෂි දීම පිණිස පැමිණ සිටි බවයි, බීබීසී යේ කොළඹ වාර්තාකරු චාල්ස් හැවිලන්ඩ් යාපනයේ සිට වාර්තා කරන්නේ. සිය ඥාතීන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිවයුතු බව ඇතැම් ඥාතීන් ප්‍රසිද්ධියේම චෝදනා කළ නමුත්, තමන්ට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.
තමාත් දරුවන් දෙදෙනාත් ඉදිරියේ 2009 දී හමුදාවට භාර වූ සිය ස්වාමිපුරුෂයා එක් වතාවක් දැක ගන්නට ලැබුණු නමුත් ඉන් අනතුරුව ඔහු අතුරුදහන් වී සිටින බව එල්ටීටීඊ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී රේගන්ගේ බිරිඳ ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රටවල් 'ලොක්ඩවුන්' කරනු ලැබීම සහ මහජනයා දූරස්ථව තැබීමේ ක්‍රියාමාර්ග සමඟ සියලු ආගම්වලට අයත් ජනතාවට ඔවුන්ගේ පුදබිම් කරා සමීප විය නොහැකි තත්ත්වයක් පවතී. ලොවපුරා බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් සහ යුදෙව් වැනි ප්‍රධාන ආගම්වලට අයත් පූජනීය ස්ථානවලින් ලැබෙන තොරතුරු මගින් පැවසෙන්නේ බැතිමතුන් එම ස්ථාන කරා ළඟා වීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවය. පවතින කොරෝනා උවදුර නොතකා සිරිපා වන්දනාවේ නිරත වෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්වූ අතර මේ වන විට මහජනයා සිරිපා තරණය නතර කරනු ලැබ ඇති තත්ත්වයක් පවතී. පසුගිය දා ගෙවී ගිය බක් පුර පසළොස්වක දින වන්දනාමාන සඳහා පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට මලවතු-අස්ගිරි මහ නාහිමිවරුන් පියවර ගෙන තිබිණි. උපසම්පදාව කල් දමයි බෞද්ධ භික්ෂූන් වහන්සේගේ වැදගත් ම ශාසනික කාර්යයක් වන වාර්ෂික උපසම්පදා විනය කර්මය ද කල් දැමීමට කොරෝනාවෛරසය හේතු වී ඇත. මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති මල්වතු-අස්ගිරි සංඝ සභා කියා සිටින්නේ, එල්ල වී ඇති වෛරස් තර්ජනය මැද උපසම්පදාව වැනි ශාසනික විනය කර්ම සිදු කිරීම කාලෝචිත නොවන බවය. එසේ ම මල්වතු-අස්ගිරි විහාරයන්හි වෙසක් උත්සව කල් තබන බව ද ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මේ මොහොතේ සියලු දෙනා නිවෙස්වලට වී සිටීම වැදගත් බවත්, සියලු කරදරවලින් රට මිදුණු පසු උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකරන බවත් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියෝ පවසති. ලන්ඩන් බෞද්ධ විහාරය ලන්ඩන් නගරයේ පවත්වා ගෙන යනු ලබන ප්‍රධාන ශ්‍රී ලාංකික බෞද්ධ ආයතනය වන 'ලන්ඩන් බෞද්ධ විහාරය' බාහිර ජනයා සම්බන්ධ කර ගත් දෛනික ආගමික කටයුතු සීමා කරනු ලැබ ඇතැයි විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළහ. ''පිටස්තර පුද්ගලයන් දායකයන් ද ඇතුළුව අපේ විහාරස්ථානයට පැමිණෙන්නේ නැහැ. ඒවගේ ම විහාරවාසී භික්ෂූන් වහන්සේත් විහාරය තුළ පමණක් ආගමික කටයුතු කරන අතර පිටතට වැඩ ම කරන්නේ නැහැ,'' බෝගොඩ සීලවිමල නාහිමියෝ පවසති. ''දායකයන්ට අදාළ සියලු ආගමික කාර්යයන් ඉටු කරන්නේ දුරකතනය හෝ 'ස්කයිප්' මාර්ගයෙන්. අවමඟුලකදී පාංශ කූලය පවා දීම එමගින් සිදු කරනවා. ඒවා සියල්ල සිදු කෙරෙන්නේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ. දූරස්ථ සන්නිවේදනයෙන්.'' කෙසේවුව ද, විහාරය අභ්‍යන්තරයේ භික්ෂූන්ගේ දෛනික පුදපූජා සහ භාවනා කටයුතු අඛණ්ඩව දූරස්ථව කටයුතු කිරීමේ උපදෙස් පරිදි සිදුකරන බව ද උන්වහන්සේ සඳහන් කළහ. ''හැම දිනක ම සවස හයට අපි මහ ජනයාට සෙත් පතමින් 'රතන සූත්‍රය' දේශනා කරනවා. ෆේස්බුක් ඔස්සේ මහ ජනයාට ඊට හවුල් වෙන්න පුළුවන්,'' ලන්ඩන් බෞද්ධ විහාරාධිපති සීලවිමල නාහිමියෝ පැවසූහ. කිංග්ස්බරි බෞද්ධ මධ්‍යස්ථානය. බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකදී දැන ගන්නට ලැබුණේ ලන්ඩන්හි කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ ද එවැනි ම වැඩපිළිවෙළක් අනුගමනය කෙරෙන බවය. බාහිර ආගමික කටයුතු නතර කර තිබෙන අතර, පිටස්තර පුද්ගලයන් සහභාගී කර ගැනීම සහ භික්ෂූන් පිටතට ගමන් කිරීම නතර කරනු ලැබ ඇති බව විහාරවාසී පූජ්‍ය ගලයායේ ධම්මදස්සි හිමියෝ පවසති. ''විහාරයට දානය පවා ලැබෙන්නේ වියළි ආහාර මට්ටමින්. දායකයන් දොර අසල තබා යන ආහාර ඇතුළට ගෙන දින දෙකක කාලයක් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිනවා.'' විහාරය අභ්‍යන්තරයේ භික්ෂූන්ගේ ආගමික වතාවත්, පුදපූජා, භාවනා කිරීම් පෙර වූ මට්ටමින් පැවත්වෙන අතර, ධර්මදේශනා සහ පූජාවන්ට ඉන්ටර්නෙට් ඔස්සේ දායකයන්ට හවුල්විය හැකි බව ද ගලයායේ ධම්මදස්සි හිමියෝ සඳහන් කළහ. යුදෙව් පාස්කුවටත් බාධා අප්‍රියෙල් අට වන දා සන්ධ්‍යාව යුදෙව් දින දර්ශනයේ අතිශයින් වැදගත් මොහොතකි, ඊට හේතුව යුදෙව් ජාතිකයන්ගේ ආගමික ජීවිතයේ පූජනීය කාලයක් ලෙස සැලකෙන 'Passover' උදාවයි. 'පාස්ඕවර්' යුදෙව් ආගමිකයන්ගේ පාස්කුව නැත්නම් 'උපරිගමන් මංගල්‍යය' ලෙස හඳුන්වනු ලැබේ. එම ශුද්ධ කාලයේ සමාරම්භයත් සමග යුදෙව් බැතිමතුන් පවුල් වශයෙන් එක්ව ඔවුන් 'Seder' නමින් හඳුන්වනු ලබන විශේෂ භෝජනය අනුභව කරති. සිය දහමට අයත් මූලග්‍රන්ථ කියවති. කතන්දර කියන අතරවාරයේ ගීත ගායනා කරති. එහෙත් කොරෝනාවෛරසයෙන් බේරීමට අනුගමනය කරනු ලබන සමාජ දූරස්ථභාවයත් සමග එම සාමූහික ආගමික ජීවිතය යුදෙව් ජනයාගෙන් පැහැරගනු ලැබ ඇත. ලෝකය පුරා යුදෙව් ජනයාට 'Seder' භෝජනය භුක්ති විඳීමට කිසිවෙකුට ආරාධනා කළ නොහැකි පරිසරයක් උදා විය. කිතුනුවන්ගේ 'පාස්කු' කාලයත් ඉස්ලාම් බැතිමතුන්ගේ 'රාමදාන්' සමයත් ළඟ ළඟ ම උදාවෙමින් පවතී. ලොවපුරා කිතුනු සහ ඉස්ලාම් බැතිමතුන් ද මුහුණ දෙනු ඇත්තේ පෙර කී යුදෙව් ජනයාට සමාන තත්ත්වයකටය. යුදෙව් පූජක රික් ජේකොබ්ස් රබ්බිවරයා නිව්යෝර්ක් නගරයේ ජීවත් වේ. නිව්යෝර්ක් ඇමෙරිකාවෙහි කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වඇත. රික් ජේකොබ්ස් රබ්බිවරයා යුදෙව් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන සංවිධානයේ සභාපතිවරයා ය. 'Seder' භෝජනය සඳහා ඇරයුම් කරන්නන්ට ඔහුගෙන් ලැබෙන උපදෙස් මාලාවක් ගැන සඳහන් වේ. ඔහුගේ උපදෙස් මාලාවේ ප්‍රමුඛ ප්‍රයත්නය වන්නේ, කොරෝනාවෛරසයත් සමග දැනට උද්ගත වී පවතින අනතුර හමුවේ අනුගමනය කළයුතු රෙගුලාසි අනුව 'Seder' වතාවත්වල ඇතැම් අංග අනුගත කිරීමය. '' Seder' උත්සවයේ දී අත් සේදීමේ ආගමික වතාවතක් තිබෙනවා,'' රබ්බිවරයා පවසයි. ''එය පිරිසිදුවීමකට වඩා ආගමික පවිත්‍රතාව අරමුණ කර ගත් සාම්ප්‍රදායික චාරිත්‍රයක් '' ''දැන් අපි උත්සාහ කරනවා අත් සේදීම අපේ ප්‍රජා සමූහයේ ආරක්ෂාව සහ ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීමට සැබැවින් ම හේතු වෙන ක්‍රියාවක්ය යන උපදේශය අපේ ළමයින්ට කියා දීමට,'' රබ්බි රික් ජේකොබ්ස් පවසයි. ලැබෙන අත්දැකීම් වඩාත් අන්‍යෝන්‍ය වශයෙන් බලපැවැත්වෙන ආකාරය පැහැදිලි කිරීමට උත්සහ කළ යුතුව ඇතැයි යුදෙව් රබ්බිවරයා යෝජනා කරයි. යුදෙව් බයිබලයේ එන චාරිත්‍රයක් වන 'එලිජාහ්' (හෝ එලියාහ්) (Elijah)සමරුවේ දී 'Seder' ආහාරය භුක්ති විඳීමට එන අමුත්තන් සඳහා අදාළ නිවසේ දොර විවෘත කරනු ලබන්නේ නිවසේ බාල ම සාමාජිකයකු විසිනි. ''එහෙත් දැන් 'Seder' පවුලේ බාලයා ගෙදර නොසිටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ රුවක් අරගෙන දොර ළඟට ගිහින් දොර අරින්න පුළුවන් '' රබ්බි රිස් ජෙකොබ්ස් යෝජනා කරයි. ළඟ එන කිතුනු පාස්කුව අප්‍රියෙල් දොළොස් වන දා පාස්කු ඉරිදා උදාවන්නේ ලොවපුරා කිතුනු ජනතාවට ඉතා වැදගත් පණිවුඩයක් ද සමගය. කුරුසයේ ඇණ ගසනු ලැබීමෙන් පසු ක්‍රිස්තුන් වහන්සේ උත්ථානය වූ දිනය වන පාස්කු ඉරිදාව කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන්නේ උත්සවාකාරයෙනි. මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා ලොවපුරා බොහෝ කිතුනු බැතිමත්හු යාඥා කිරීම සඳහා දේවස්ථාන කරා ගමන් ගනිති. එහෙත් දැන් දේවගතිවරුනට ආගමික චාරිත්‍ර සහ සත්ප්‍රසාදය සිදුකිරීමට සිදුව තිබෙන්නේ වෙනත් ආකාරයකටය. ''මෙවර මහ සිකුරාදා අපි ඉතා සරල ලෙස අපේ ආගමික වතාවත් ඉටු කරනවා. මොක ද? පවතින තත්ත්වය යටතේ අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පාන් පෙත්තක් සහ මිදි යුෂ පමණයි'' කෙන්යාවේ සිටින කිතුනුවකු වන කැරොල් කුට්සුෂි පවසයි. කැරෝල්ගේ දේවස්ථානය එක සතියකට එක නිවසක කුඩා පිරිසකට දේව මෙහෙය සිදුකරන තත්ත්වයකට පත්ව ඇත. ''ඒක අභියෝගයක්. ඒත් මම හිතනවා- එය තමයි දැන් දෙවියන්ට ළංවෙන්න තියෙන හොඳ මාවත කියල. අපේ ගෙවල් ඇතුළෙ ම යාඥා කිරීම. ළමයිනුත් හවුල් කරගෙන බයිබලය කියැවීම.'' අයර්ලන්ත කිතුනු ජනයාට අවමඟුල් චාරිත්‍ර සඳහා දේවස්ථානයට පිවිසීමට අවසර නැත. එවැනි තත්ත්වයක් යටතේ 'අයිරිෂ්' ප්‍රජාව මියයන පුද්ගලයන්ට ඔවුන්ගේ ගෞරවය දැක්වීමට නව මං සෙවීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටිති. උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමා කනගාටු වෙන නමුත්, මහජන ජීවිතාරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමට සිදුව ඇතැයි කතෝලික රදගුරු ලැරී ඩෆි පවසයි. පූජකවරු අවමඟුල් සඳහා සහභාගි නොවනු ඇත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මරණයට පත් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ පවුලේ නෑදෑයන් දුරකතනයෙන් කතා කරමින් අස්වසාලීමය. රෝගීව සිටින්නේ කුඩා ළමයෙකු නම්, දෙමව්පියෝ පල්ලියේ පූජකවරයාට ඒ බව දුරකතනයෙන් දැනුම් දෙති. කුරුසයක් ළමයාට දී, එසේත් නැතනම් එය දෙමව්පියන්ගේ අතෙහි හෝ තබා ගනිමින් දරුවාට ආශීර්වාද කරන ලෙස පූජකවරයා උපදෙස් දෙනු ඇත. ඒ සමග පූජකවරයාත් දුරකතනය ඔස්සේ ආශීර්වාද කරයි. හුදෙකලා රාමදාන් කාලයක් ඉෆ්තාර් භෝජනය මෙම අප්‍රියෙල් 23 වන දා ඉස්ලාම් බැතිමතුන්ගේ රාමදාන් උපවාස සමය ආරම්භ වීමට නියමිතය. අප්‍රියෙල් මාසය රාමදාන් උත්සව සමය වන්නේ එය මොහොම්මඩ් නබිනායකතුමා කුරාන් ශුද්ධ ග්‍රන්ථය පළමු වරට එළිදක්වන ලද මාසය වීම හේතුවෙනි. රාමදාන් සමයේදී ඉස්ලාම් පවුල් සහ ඔවුන්ගේ හිතමිතුරන් හැම දිනක ම හිරු බැසයත් ම එකට එක්ව 'ඉෆ්තාර්' භෝජනය අනුභව කරති. එසේ ම බොහෝ බැතිමත්හු යාච්ඤා සඳහා සිය පල්ලි කරා ගමන් ගනිති. ඉෆ්තාර් භෝජනය ලන්ඩන් නගරයේ ජීවත්වෙන ඉස්ලාම් බැතිමතුන් විසින් වෙනත් අවුරුදුවල ලන්ඩන් නගර මධ්‍යයේ පිහිටි 'ට්‍රෆල්ගා චතුරශ්‍රය' වැනි ස්ථානයක විවෘත ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් සූදානම් කරනු ලැබීම සිරිතක්ව පැවතිණි. එහෙත් එක්සත් රාජධානියේ තරුණ මුස්ලිම් කණ්ඩායමක් දැන් පවතින තත්ත්වය තේරුම් ගනිමින් මෙවර 'සැබෑ ඉෆ්තාර්' විකල්ප වැඩපිළිවෙළක් සංවිධානය කර ඇත. ඔවුහු ආහාර වට්ටෝරු, ක්‍රීඩා සහ තොරතරු ඇතුළත් පාර්සල් මුස්ලිම් ජනයා වෙත යවනු ඇත. විද්‍යුත් ක්‍රම භාවිතය මගින් යාඥා ඇතුළත් සජීවී පණිවුඩයක් මගින් ඔවුන් දිනපතා සම්බන්ධ කර ගන්නා අතර දූරස්ථ 'ඉෆ්තාර්' උළෙලක් පැවැත්වීම ඔවුන්ගේ සැලැස්ම වේ. දහස් ගණනින් ඊට හවුල් වෙනු ඇත යන්න එක්සත් රාජධානියේ තරුණ මුස්ලිම් කණ්ඩායමේ බලාපොරොත්තුවයි.
ලෝකය පුරා පැතිර යමින් පවතින කොරෝනාවෛරස් (Covid 19) උවදුර මහජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි මෙන් ම ඔවුන්ගේ ආගමික ජීවිත කෙරෙහිත් දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය ආධාරකරුවන් අමතමිනුයි කුමෙයිනි, එම අදහස් පළකළේ. කුමෙයිනිගේ වෙබ් අඩවිය උපුටා දක්වන වාර්තා මගින් පැවසෙන්නේ, ඇමෙරිකාව සම්බන්ධයෙන් ඉරානය අශුභාවාදීව සිටින බවයි. අයතුල්ලා කුමෙයිනි ඇමෙරිකානු ආණ්ඩුව විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ, විශ්වාසය තැබිය නොහැකි, උඩඟු සහ අසාධාරණ සංවිධානයක් හැටියටයි. ජනාධිපති හසන් රෝහානි පසුගිය සතියේ ඇමෙරිකානු ජනාධිපති ඔබාමා සමඟ දුරකථන සංවාදයක නිරත වූ අතර, එතුලින් මතුව පැවති ශුභවාදී මතවාදය හීන කිරීමේ ප්‍රයත්නයක් හැටියට කුමෙයිනිගේ අදහස් සැලකිය හැකි බවයි බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.
ඉරානය මෑතදී අනුගමනය කළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රයත්නයන්ට තම සහයෝගය ලැබෙන නමුත්, ජනාධිපති හසන් රොහානි පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කළ සංචාරයේදී වාර්තා වූ ඇතැම් දේ සමඟ එකඟ විය නොහැකි බව ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමෙයිනි ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විදේශ අමාත්‍යංශ කමිටුවේ සභාපති රිචර්ඩ් ඔටාවේ මන්ත්‍රීවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එකඟ වීමට පෙර බලයේ සිටි ලේබර් පක්ෂ ආණ්ඩුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ ව දැඩිව සොයා බැලිය යුතුව තිබුණු බව වාර්තාවෙන් පෙන්වා දී ඇත. බ්‍රිතාන්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව පැවැත්වීම පිළිබඳව 2009 වසරේ දී විරෝධය පල කොට සිටියත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දියාරු පිළිවෙතක් අනුගමනය කල බවයි වාර්තාවේ සඳහන් වෙන්නේ. පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තම මානව හිමිකම් වාර්තාව වැඩි දියුණු කිරීමට අදාළ කොන්දේසි පැනවිය යුතුව තිබුණු බව වාර්තාව සම්පාදනය කල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විදේශ අමාත්‍යංශ කමිටුවේ සභාපති රිචර්ඩ් ඔටාවේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කල අකාරය විවේචනයට ලක් කොට ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෛද්‍ය අශෝක දංගොල්ල මහනුවර ඇසළ මහා පෙරහරට සහභාගී වූ අලියකුගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරමින් අලින්ගෙන් ඇත් ගොව්වන්ටත් ක්‍ෂය රෝගය බෝවීමේ අවදානමක් පවතින බව කියා සිටි වෛද්‍ය අශෝක දංගොල්ල පසුගිය වසර කීපය පුරා සිදු කළ පරීක්ෂණ මගින් ඒ බව තහවුරු වී තිබෙන බවයි පෙන්වා දෙන්නේ. වෛද්‍යවරයා එම ප්‍රකාශය කළේ මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වූ අලිඇතුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඇත් අතුරු සෙවණේ සහ පින්නවල අනාථාගාරයේ අලි ඇතුන්ටද ක්‍ෂය රෝගය වැළඳුණු අවස්ථා තිබෙන බවත් වන අලින ද ඊට ගොදුරුවන්නේද යන්න පිළිබඳ මෙතෙක් නිසි පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල පවසයි. බළලුන්ගෙන් මිනිසාට බෝ වන 'ටොක්ෂි ප්ලාස්මා' නැමැති රෝගය අලින්ට වැළඳුණු අවස්ථා පසුගිය කාලයේ වාර්තා වී තිබෙන බවත් හීලෑ අලින්ගෙන් සියයට හැටකට පමණ පණු අමාරුව සහ ඇස්ලෙඩ තිබෙන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි. මහනුවර ඇසළ පෙරහරට සහභාගී වන අලිඇතුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ වසර දොළහක පමණ කාලයක සිට අඛණ්ඩව සිදු කරන බවයි වෛද්‍ය අශෝක දංගොල්ල පවසන්නේ. නිසි ප්‍රතිකාර ලබා දීමෙන් ක්‍ෂය රෝගය නිට්ටාවට සුව කළ හැකි බවත් ඓදයවරයා පෙන්වා දෙයි.
හීලෑ අලිඇතුන් අතර ක්‍ෂය රෝගය පැතිර යමින් තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සුමාත්‍රා ඔරං ඔටං පර්ත් නුවර සත්වෝද්‍යානයේ "ගරුගාම්භීර වයසක කාන්තාව" ලෙස හඳුන්වන ලද පුවාන්, වයස්ගත වීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් සඳුදා (ජූනි 18) අනායාස මරණයට ලක් කර ඇත. ඇය 1968 සිට මෙම සත්වෝද්‍යානයේ සාමාජිකයෙකුව සිටි අතර, 2016 දී ඇයගේ වර්ගයේ ජීවත්ව සිටින ලොව වයස්ගතම ඔරං ඔටං ලෙසට ගිනස් වාර්තාවලට නිල වශයෙන් ඇතුළත් කරන ලදි. වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සුමාත්‍රා ඔරං ඔටං වනයේදී වසර පනහක් ජීවත් වන්නේ ඉතා කලාතුරකින් බව සත්වෝද්‍යාන නිලධාරීහු පවසති. 1956 දී ඉන්දුනීසියාවේ සුමාත්‍රා ප්‍රදේශයේ වනාන්තරයක උපත ලබා ඇති බවට විශ්වාස කරන පුවාන්, දරුවන් 11 දෙනෙකු ඇතුළු ඔවුන්ගෙන් පැවත එන 54 දෙනෙකුගෙන් සෑදුණු "අපූරු පරම්පරාවක්" දායාද කර නික්ම ගොස් ඇත. මෙම දරු මුනුබුරන් එක්සත් ජනපදය සහ යුරෝපය ඇතුළු විවිධ ස්ථානවල ජීවත් වන බව සත්වෝද්‍යානය භාර නිලධාරීහු පැවසූහ. පුවාන්ගේ පරම්පරාවෙන් පැවත එන සමහර ඔරං ඔටං නැවතත් සුමාත්‍රා වෙත මුදා හැර ඇති බව ඔවුහු සඳහන් කළහ. ලෝක වනජීවී අරමුදලට අනුව, දැනට ජීවත්ව සිටින්නේ සුමාත්‍රා ඔරං ඔටං 14,600 ක් පමණි. ලෝක වනජීවී අරමුදලට අනුව, දැනට ජීවත්ව සිටින්නේ සුමාත්‍රා ඔරං ඔටං 14,600 දෙනෙකු පමණි. පුවාන් ගේ ප්‍රධාන සත්වෝද්‍යාන පාලිකාව විසින් අඟහරුවාදා බටහිර ඕස්ට්‍රේලියානු පුවත්පතක ඇය පිළිබඳ මතක සටහනක් තබා තිබිණ. "වසර ගණනාවක් ගත වෙන විට පුවාන් ගේ ඇහිබැමි සුදු වෙන්න පටන් ගත්තා. ඇයගේ ක්‍රියාකාරකම් මන්දගාමී වූ අතර ඇය සිහිමඳ ගතියෙන් පෙලෙන්න පටන් ගත්තා," යනුවෙන් මාටිනා හාර්ට් එහි සටහන් කර තිබුණි. "නමුත් ඇය සැමදාම සිටියේ නිශ්ශබ්ද, නිහතමානී සහ ගෞරවනීය කාන්තාවක් විදියට." මේ තොරතුරුද කියවන්න:
ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්‍රා ඔරං ඔටං මිය ගොස් තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2006 වසරේ සාම සාකච්ඡා පැවති සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සාම නියෝජිත එරික් සෝල්හයිම් අතර හමුවක් ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට මේ ආකාරයේ බොරු චෝදනා එල්ල කරන බවයි එරික් සොල්හයිම් කියා සිටියේ. ‘ මැතිවරණය එළඹෙමින් තිබියදී ජනාධිපති රාජපක්ෂ මා පිළිබඳ බොරු කියනවා. මම හෙට සත්‍ය හෙළි කරනවා’ යනුවෙන් හිටපු සාම නියෝජිතවරයා ට්වීටර් පණිවුඩයක සඳහන් කරයි. “එයාලා සල්ලි දුන්නා ගිහිල්ලා. නොර්වේ ආණ්ඩුව මේ ගැන පරීක්ෂණ කරන්න ඕනි හරියට නම්. කොටි ත්‍රස්තවාදීන්ට සල්ලි ගෙනහින් දුන්නා. ඒවාට සාක්කි අපි ගාවත් තියනවා” යනුවෙන් කුරුණෑගල පැවති උත්සවයකදී පැමිණ සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා කළ චෝදනාවටයි එරික් සොල්හයිම් මෙසේ ප්‍රතිචාර දැක්වූයේ. යුද අපරාධ එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කළ නොහැකි බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා තමාට පැවසූ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එම උත්සවයේදී වැඩි දුරටත් කියා සිටියේය. එරික් සොල්හයිම් එක්දහස් නවසීය අනූ නවයේ සිට දෙදහස් හය වසර දක්වා නෝර්වේජියානු සාම නියෝජිතවරයා වශයෙන් කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඕනෑම ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි ලබා දීමට තමා ඉදිරිපත් වන බව එරික් සොල්හයිම් හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා මීට ඉහතදී පැවසුවේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදු කළ චෝදනා සම්බන්ධයෙන් සඳුදා අදහස් දක්වන බවයි හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් බීබීසී සංදේශයට කියා සිටියේ. ජනාධිපතිවරයා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් විමසා බලා හැකි ඉක්මනින් නෝර්වේජියානු ආණ්ඩුවේ මතය දැනුම් දෙන බව එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සංදේශයට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්ටීටීඊ සංවිධානය අතර සාම සාකච්ඡා පැවති සමයේ එල්ටීටීඊයට මුදල් ලබා දුන් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන චෝදනා අසත්‍ය බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කාබුල් නගරයට ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද මීනා මංගල්‍ දේශපාලනයට පිවිසීමට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස එරට ප්‍රසිද්ධියට පත්ව සිටියාය. පොලිස් පරීක්ෂණ දියත් වූ නමුත් මේ වනතෙක් අපරාධකරුවන් ගැන පැහැදිලි තොරතුරු ලැබී නොමැත. ඇෆ්ගනිස්තානයේ සංස්කෘතික කටයුතු කොමිසමේ උපදේශිකාවක ලෙස කටයුතු කළ මීනා මංගල්‍ සිය රැකියාවට යන අතරතුර උදෑසන 7.20ට පමණ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඇෆ්ගනිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය, සිවිල් සංවිධාන මෙන්ම කාන්තා හිංසනයට එරෙහි කොමිසම ද මීනා මංගල් ඝාතනය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලීම් කර තිබේ. තමන්ට මරණ තර්ජන ඇති බවත් ජීවිතය ගැන බියෙන් පසු වන බවත් මෑතක දී මීනා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබූ බව කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන වෂ්මා ෆ්‍රෝග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණි. ඇයට එල්ල වූ මරණ තර්ජනවල ස්වභාවය පැහැදිලි නොමැති අතර, මෙම ඝාතනයට හේතුව පවුල් ආරාවුලක් දැයි පරීක්ෂණ පවත්වන බව ඇෆ්ගනිස්තාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ. මේ තොරතුරුද කියවන්න: ඇයගේ ඝාතනයත් සමග ඇෆ්ගනිස්තානයේ සිදු වෙමින් පවතින කාන්තා හිංසනය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ගොඩ නැගී තිබේ. "හොඳින් එළිය වැටී තිබෙන දහවල් කාලයේ දී" කාබුල් නගරයේ අධි ආරක්‍ෂිත ප්‍රදේශය තුළ කාන්තාවන්ට එරෙහිව දරුණු ගණයේ අපරාධ බොහොමයක් සිදු වූ බව සමහරු පවසති. කාබුල් නගරයට ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද මීනා මංගල්‍ දේශපාලනයට පිවිසීමට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස සේවය කළාය "දහවල් එළිය තිබෙන වේලාවක කාන්තාවක් මරා දමලා. එයට හේතුව, යම් පුරුෂයෙකුට හිතිලා තිබෙනවා ඇය මිය යා යුතුයි කියලා," වෂ්මා ෆ්‍රෝග් සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ. ඇෆ්ගනිස්තානයේ තාලිබාන් පාලිත ප්‍රදේශවල ලිංගිකත්වය මත පදනම්ව සිදුවන හිරිහැර ගැන තොරතුරු එක්රැස් කිරීමට මානව අයිතීන් වෙනුවන් පෙනී සිටින කණ්ඩායම් ක්‍රියා කරමින් සිටියි. 2018 වසරේ දී මාධ්‍යවේදීන්ට අතිශය භයානකම රට ඇෆ්ගනිස්තානය ලෙස 'Reporters Without Borders' නිකුත් කළ වාර්තාවක දැක්විණි. තවත් තොරතුරු:
පසුගිය සෙනසුරාදා (මැයි 13) උදෑසන ඝාතනයට ලක් වූ මීනා මංගල්‍ වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නැයි එරට දේශපාලඥයන් සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මොන්ටිසෝරියෙන් පස්සෙ දරුවා ඉස්කෝලෙකට ඇතුළත් කරන්න ගියාම ඒ එක ඉස්කෝලෙකින්වත් බාර ගන්න බෑ කිවුවා. මේ විදියට ඉස්කෝල දහයකට විතර ගියා' කුලියාපිටියට ආසන්න ප්‍රදේශයක වෙසෙන ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ. පැතිර ගිය කටකතාව හේතුවෙන් තමාත් දරුවාත් සමාජයෙන් කොන් වූ බවත් දරුවාට පෙර පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උද්ගත වූ බවත් ඇය මීට ඉහතදී පැවසුවාය. පෙර පාසල් අධ්‍යාපනය නිම වූ නමුත් ඉහත කී කටකතාව හේතුවෙන් දරුවා පාසලකට ඇතුළත් කර ගැනීමට නොහැකි තත්වයක් උදා වූ බවයි ඇය සඳහන් කළේ. ඇය පවසන පරිදි සිය දරුවා ඇතුළත් කිරීමට පාසල් දහයකට පමණ ගොස් ඇතත් ඉන් ඵලක් වී නොමැත. සිය හය හැවිරිදි පිරිමි දරුවා සමඟ ඇය කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරියේ උපවාසයක් අරඹන්නේ ඉන් අනතුරුවයි. එකී පුවත ජනමාධ්‍ය මගින් පළ වීමත් සමග අධ්‍යාපන බලධාරීන්ගේ මැදිහත් වීමෙන් දරුවාට පාසලක් ලබා දීමට කටයුතු සැලසුණු බවයි මව කියා සිටියේ. සැබෑවක් වූ දරුවාගේ අකුරු උගනීමේ සිහිනය අඩ දිනක් තුළ බොඳව යන්නේ සෙසු දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට එම දරුවන්ගේ දෙමව්පියන් කටයුතු කිරීමත් සමගයි. බොඳ වූ අකුරු 'දෙමව්පියන් ඇවිත් එයාලගේ ළමයි පාසලෙන් පිටතට ගෙන ගියා. මේ ළමයා විතරක් ඉස්කෝලේ ඉවර වෙනකම් මාත් එක්ක පන්ති කාමරේ රැඳුනා' පන්ති භාර ගුරුවරිය කියා සිටියාය. විදුහල්පතිවරයා පවසන්නේ පාසලේ සෙසු දරුවන් එකසිය අසූහය දෙනා පාසලෙන් අස් කර ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන් කටයුතු කරමින් සිටින බවයි. තම දරුවා එච්අයිවී ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව මව කියා සිටියි. අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ. එච්අයිවී වෛරසය ශරීරගත වී නොමැති බවට නූතන වෛද්‍ය විද්‍යාව සාක්ෂි දරන නමුත් පිය සෙනෙහස සහ රැකවරණය අහිමි තම දරුවා පිළිබඳ පැතිර ගිය කටකතාව ඊට වඩා බලවත් වී ඇති බව මව කියා සිටින්නීය.
එච්අයිවී වෛරසය අසාදිත වී ඇති බවට සැක කෙරුණ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව සෙසු පාසල් දරුවන් සියලු දෙනා ඉන් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තැන් තැන ඇසුණ පිපිරීම් හඬ නිමා විය. වල දමා තිබුණ බෝම්බ ඉවත් කෙරිණ. යථා තත්ත්වයට පත් වූ මිනිසුන්ගේ ජීවන රටාව සැනසිලි දායක විය. බියෙන් ත්‍රස්තව සිටියෝ සැනසුම් සුසුම් හෙලූහ. එහෙත්. තවමත් බෝම්බ බියෙන් මෙන්ම ජීවත් වීමේ අරගලයටද මුහුණ පා සිටින ජනතාවක් වෙසෙන ගම්මානයක් පොළොන්නරුවේ දිඹුළාගලින් දකින්න පිළිවන. "මොන හේතුවකට අපිව අත්හැරලද කියන්න අපි දන්නෙ නෑ. මේ ගමට අඩු තරමෙ ග්‍රාම සේවක කෙනෙක්වත් නෑ. අපි නිරා දුකක් විඳින්නෙ," බීඑම් සිරිපාල මා සමඟින් කියා සිටියේ එවැන්නක්. "අපේ දරුවන්ට යන්න තියෙන ඉස්කෝලෙ පහ වසරට වෙනකල් විතරයි තියෙන්නෙ. සාමාන්‍ය පෙළ වෙනකල් හරි කොහොම හරි ඉගෙන ගත්ත අයටවත් ඉස්පිරිතාලෙක කම්කරු රස්සාවක්වත් දෙන්නෙ නෑ." ඔවුන් පවන පරිදි, කිසිම මහජන නියෝජිතයෙකු හෝ නිලධාරියකු මේ ගම්මානයට පැමිණ නොමැත. 'දිඹුලාගල හිමි' 'දරුවෙකුට බෙහෙතක් ගන්න ඕනනම් හැතැප්ම ගාණක් පයින් ගිහින් බස් එකක නැගිල මනම්පිටියට හරි අරළගංවිලට හරි යන්න ඕන' වී ගොවිතැනත් කිරි ගොවිතැනත් ජීවනෝපාය කර ගත් මේ පිරිස අපවත් වූ දිඹුලාගල හිමියන් පිළිබඳව සිහිපත් කරන්නෙ අසීමිත භක්තියෙන්. ඩීඑම් රන්ජිත් මට මුණ ගැහුනු තවත් ගම් වැසියෙක්. "අපවත් වෙච්ච කිතලගම සීලාලංකාර හාමුදුරුවෝ තමයි අපිව මේ ගමේ පදිංචි කෙරෙව්වෙ. අපි එල්ටීටීයට උදව් කරන අය කියල අපිට සමහර අය කරදර කරා. අපිට ආමි එකෙනුයි එල්ටීටීඊ එකෙනුයි දෙපැත්තෙන්ම කරදර තිබ්බ." "දිඹුලාගල හාමුදුරුවෝ කියල තිබ්බ උන්නාන්සේ අපවත් උනත් මේ ගමට බලන්න ඕන කියල ඒත් හාමුදුරුවෝ අපවත් උනාට පස්සෙ අපි කබලෙන් ලිපට වැටුණා." මේ ගමට පිවිසෙන විටම අක්කරයකට වැඩි ප්‍රමාණයක් '' බිම් බෝම්බ වලලා ඇත'' යනුවෙන් සඳහන් පුවරුවක් දක්නට ඇත. "මේ බිම් බෝම්බ අයින් කරල නෑ තාමත්. අපේ කිරි හරක් විස්සකට වැඩිය ඒ බෝම්බ වලට අහු වුනා.පොඩි ළමයි සෙල්ලම් කරන්න යනව. කල්පනාවෙන් හිටියෙ නැත්නම් ඉවරයි..මේ ගමේ යුද්ධයක් තිබුන ගමක් නෙවෙයි.ඒත් තාමත් අපි ඉන්නෙ බිම් බෝම්බ එක්ක." බිම් බෝම්බ කිසිදු රජයේ නිලධාරියෙක් මේ සොරිවිල ගම්මානයට නොපැමිණෙන බවයි ඔවුන් පවසන්නෙ. රාජ්‍ය නොවන සංවිධාන වලින් කලකට පෙර ආධාර ලැබුනද දැන් එවැනි ආධාරයක්ද නොලෙබන බවයි ඔවුන් කියා සිටියේ. ඉපැරණි ගම්මානයක් බව හෙළි කෙරෙන පැරණි කොවිල් සහ පාසලක්ද සොරිවිල ගම තුළ දකින්නට පුළුවන්. බෝම්බ වලට අහු වෙලා එළුවො හරක් මැරෙනව. අපි ගෙවන්නෙ කරුම ජීවිතයක් සිංහල සහ දෙමළ මිශ්‍ර ව වෙසෙන මේ ගමේ ත්‍යාගරාජා මෝහන් ද කිරි ගොවියෙක්. "අපේ ගම සිතියමෙනුත් මකලද කියල අපිට හිතෙනව. හරියට පාරක් නෑ. හාමුදුරුවෝ හින්ද ලයිට් ටික ගත්ත. අපිට බොන්න හොඳ වතුර ටිකක් නෑ. වගා කරන්න වතුර නෑ. වැස්සොත් ගං වතුර. යුද්ධය ඉවරයි කියල අපිට වෙනසක් නෑ. අපි කියන දෙයක් ගණන් ගන්න කිසිම කෙනෙක් නෑ," ත්‍යාගරාජා පැවසීය. 'ජනපති පොළොන්නරුවේ' "අපි මේ සැරේ කිසි කෙනෙකුට ඡන්දේ නොදෙන්නයි හිටියෙ. ඒත් පොළොන්නරුවේ ජනාධිපති කෙනෙක් ඉන්න කොට අපි ගැන බලයි කියන විශ්වාසෙන් මේ පාරත් දුන්න. අපි මහ ලොකු දේවල් ඉල්ලන්නෙ නෑ. අඩු ගානෙ ඉස්පිරිතාලයක හරි කොතැනක හරි කම්කරු රස්සාවක් හරි අපිටත් දෙන්න. මේ බිම් බෝම්බ අයින් කරල අපේ ළමයින්ට ආරක්ෂාවක් හදල දෙන්න." පාර්වතී දේවිගේ සැමියා සිංහල ජාතිකයෙක්. "මේ ගමට එන කාටවත් යුද්ධය ඉවරයි කියලනම් හිතෙන්නෙ නෑ. දරුවෙකුට බෙහෙතක් ගන්න ඕනනම් හැතැප්ම ගාණක් පයින් ගිහින් බස් එකක නැගිල මනම්පිටියට හරි අරළගංවිලට හරි යන්න ඕන.ජීවත් වෙන්න අපි නොවිඳිනා දුකක් නෑ. බෝම්බ වලට අහු වෙලා එළුවො හරක් මැරෙනව. අපි ගෙවන්නෙ කරුම ජීවිතයක්. දරුණුවට යුද්ධය තිබ්බ උතුරෙ මිනිස්සුත් දැන් හොඳට ඉන්නව. යුද්ධයක් තිබ්බෙ නැති සොරිවිල අපි තාම බෝම්බ එක්ක." 1864 දක්වා දිවෙන ඉපැරණි ඉතිහාසයක් ඇති මේ සොරිවිල ගම්මානයේ ඇතැම් පැරණි නටබුන් තවමත් දකින්නට තිබේ.
ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වී මේ වන විට වසර හතකට ආසන්නය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වාස් ගුණවර්ධනගේ බිරිඳ පරීක්ෂණවලට බාධා කරන බව රහස් පොලිසිය පවසයි ව්‍යාපාරික මොහොමඩ් ශියාම් ඝාතනය පිලිබඳ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත් රවිඳු ගුණවර්ධනට එරෙහිව ද ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබෙන බැවින් ඔහු ද මෙම නඩුවේ සැකකරුවෙකු බවයි. ඔහු අත් අඩංගුවට ගැනීම පිණිස ඔහුගේ නිවසට ගිය අවස්ථා තුනේදීම, සැකකරුගේ මව සිය රාජකාරියට බාධා කළ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. සිද්ධියට අදාලව රහස් පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන පනත් දෙකම යොදා ගැනීම නීති විරෝධී බවට චෝදනා කල විත්තියේ නීතීඥයෝ, පරීක්‍ෂණ සඳහා අවශ්‍ය නම් සැකකාර රවිඳු ගුණවර්ධන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කළහ. වාස් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් 2009 වසරේදී තම පුතු පැහැර ගෙන ගොස් ඝාතනය කල බවට එහි පැමිණ සිටි කාන්තාවක් හදිසියේම කෑගසන්නට වීමත් සමඟම නඩු විභාගය අවසානයේදී අධිකරණ භූමිය තුල උණුසුම් වාතාවරණයක් හට ගත්තේය. අදාළ නඩුව ලබන 19 වන දින නැවත කැඳවීමට තීරණය කල අධිකරණය, එදිනට කවර පනතක් යටතේ මෙම නඩු විභාගය පවත්වන්නේ දැයි අධිකරණය දැනුවත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.
කෝටිපති ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට අදාලව පැවැත්වෙන පරීක්ෂණවලට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ බාධා කරන බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"සේවාමුක්ත භටයින්ගේ ගොවි ජනපද ව්‍යාපාරය පොළොන්නරුව ශ්‍රී. බු. ව. 2481 10 13," යනුවෙන් වම් පස ඇති පුවරුවෙන් දැක්වෙන අතර දකුණු පස පුවරුවෙහි එම අදහසම ඉංග්‍රීසියෙන් ලියා තිබේ. දිනය 20. 01.1947 ලෙස සඳහන්ව තිබේ. මෙය දෙවෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැඳී මිත්‍ර පාක්ෂික හමුදා සමග එක්ව සතුරු පාර්ශ්වයන්ට එරෙහිව සටන් කළ ශ්‍රී ලාංකික සොල්දාදුවන් වෙනුවෙන් ඉදි කළ එකම ගොවි ජනපදය බව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ. සේවාමුක්ත භටයන්ගේ ගොවි ජනපදයෙහි පදිංචි කරවා තිබෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වූ එකී භටයන්ය. සේවාගම, ලක්ෂඋයන, විජයබාහුපුර, සිංහපුර, වැවේ තැන්න සහ ට්‍රැක් නමයේ සිට ට්‍රැක් දාහතර දක්වා ඇති ගම්මාන එකොළහ සේවාමුක්ත භටයන්ගේ ජනපදයට අයත් බව සේවාගම පදිංචි රාජකීය යුද හමුදාවේ හිටපු සෙබලෙකු වන කෝට්ටේ කෝලිත බබුන් අප්පුහාමිලාගේ පේද්‍රික් අප්පුහාමි බීබීසී සිංහල සේවයට පැවසීය. සේවාමුක්ත භටයින්ගේ නිවෙස්වල ඇති සිහිවටන වයස අවුරුදු අනූඅටක් වුවත් තවමත් උපැස් යුවලක් නැතිව පොත පත බලන පාපැදියෙන් ගමන් බිමන් යන මේ වයෝවෘද්ධ යුද සෙබලාට අවුරුදු හැත්තෑ එකකට එපිට සිද්ධී දින වකවානු සහිතවම තවමත් හොඳින් මතක තිබේ. "ජපන්නු කොළඹට බෝම්බ දැම්මේ එක් දහස් නමසිය හතලිස් දෙකේ අප්‍රේල් මාසේ පස්වැනිදා උදේ. එදා ඉරිදා දවසක්. එතකොට මගේ වයස අවුරුදු විසි එකයි. රට පාලනය කළේ ඉංග්‍රීසි කාරයෝනේ. යුද්ධයක් වුනාම මිනිස්සුන්ට කොච්චර වැඩ තියෙනවද? ඉතින් අපටත් හමුදාවට බැඳෙන්න අවස්ථාව ලැබුනා," වයෝවෘද්ධ සොල්දාදුවා අතීතය ස්මරණය කරන්නේ සිනාසෙමිනි. "යකඩ තොප්පි, යකඩ සපත්තු, බයිනෙත්තු හයි කරපු රයිෆල්, කාකි පාට දික් කලිසම් වලින් ආයිත්තන් වුන සුදු යුද්ධ භටයෝ දැක්කම අපටත් ඒ විදියට ඉන්න ඇත්නම් කියලා හිතුනා. ඇත්තටම අපේ කොල්ලෝ ඒ කාලේ යුද්දෙට බැඳුනේ නිවාඩුවට දික්කලිසම් ඇඳගෙන ගමට එන්න තියෙන ආශාවටත් එක්ක. හේතුව කියන්න ඕන නෑනේ," දරුවන් පහළොස් දෙනෙකුගේ පියෙකු වන පේද්‍රික් අප්පුහාමි පැවසීය. "අපට දියතලාවේ කඳවුරේදි හොඳ පුහුණුවක් දුන්නා මහා බර මල්ලක් පිටේ බැඳගෛන. යකඩ උල් බෝතල් කටු පුරුවලා තියෙන අඩි දහයක් පළල වලකින් එහා පැත්තට පනින්න ඕනෑ. පිම්ම වැරදුනොත් ඉවරයි. බයටම පනිනවා. ඕන්න ඔහොමයි සුද්දෝ අපට පුහුණුව දුන්නේ. මම බරවාහන එළවන්නත් පුහුණු වුනා." පුහුණුවෙන් පසුව ඔහු ඇතුලු කණ්ඩායම බ්‍රිතාන්‍යයට රැගෙන යනු ලැබිණ. නිල ඇඳුමින් සැරසුන පේද්‍රික් අප්පුහාමි බිරිඳ සමග "ඉතාලියේ තිබුන සුද්දන්ගේ මහ කඳවුරට ගහන්න ඇවිත් තමයි ජපන්කාරයෝ සල්ලන් වුනේ. මම මේවා දෑහින්ම දැක්කා. මම බරවාහන රියදුරෙක් හැටියට තමයි රාජකීය හමුදාවට සේවය කළේ. මගේ මාසේ පඩිය රුපියල් හැටයි. මොකද මම රියදුරෙක්නේ. රුපියල් හතලිස්පහක් පඩි ගත්ත අයත් සිටියා. තවමත් අපට පැන්ෂන් එක ලැබෙනවා." විනාඩියක් පමණ නිහඬව සිටි විශ්‍රාමික සොල්දාදුවා නැවතත් මතකය අවදි කළේය. "එකදහස් නමසිය හතලිස්පහේ අගෝස්තු දහනමවැනිදා තමයි යුද්ධෙ අවසන්වුනේ. හතලිස් හයේ ජනවාරී මාසේ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වලා අපි ලංකාවට එව්වා." 'යුනිෆෝම් එක වේයෝ කෑවා' බොහෝ කාලයක් සිය හමුදා ඇඳුම් ආරක්ෂා කරගෙන සිටියත් පසුව ඒ සියල්ල විනාශ වූ බවද පේද්‍රික් අප්පුහාමි පැවසීය. "වැහි කාලෙට ගෙදර තෙමෙනවා. හැමතැනම වේයෝ. ඉතින් යුනිෆෝම් එකත් වේයෝ කෑවා. මගේ බිරිඳට ටිකක් සනීප මඳි. හමුදා ඇඳුම පරිස්සමට තියෙන කාලේ අපි දෙන්නා එකට ඉඳල ගත්තු පිංතූරෙ තමයි ඔය මේසෙ උඩ තියෙන්නේ." ශ්‍රී ලාංකික තරුණයන් දස දහස් ගණනක් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සේවය කළ බවත් ඩීඑස් සේනානායක අගමැතිවරයා සේවාමුක්ත භටයන්ගේ ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ කළේ සේවාමුක්ත භටයන්ගේ සුභසාධනය පිණිස එංගලන්ත ආණ්ඩුවෙන් ලබාදුන් අරමුදල්වලින් බවත් ඔහු පැවසීය. "ඩීඑස් සේනානායක අගමැතිතුමා දැනුම් දීමක් කළා අපට පොළොන්නරුවෙන් අක්කර දාහතක ඉඩමකුත් මධ්‍යම පාන්තික නිවසකුත් දෙනවා කියලා. සේවාමුක්ත භටයෝ දහ දාහකට වඩා පොළොන්නරුවට ආවා." එහෙත් එහි පැවති ඉතා දුෂ්කර තත්ත්වය හේතුවෙන් එහි නැවතුනේ අටසිය දෙනෙකු පමණි. "බොන්න වතුර ටිකක් නෑ. ඒ මදිවට මැලේරියා මදුරුවෝ. අද සේවාගම පාසල තියෙන තැන තමයි අපේ කඳවුර තිබුනේ. අපි අක්කර විසිදාහක විතර කැළෑවක් එළිපෙහෙලි කළා. ගෙවල් හැදුවා. ඒ කියන්නේ අපේ ගෙවල් දොරවල් ඉඩකඩම් අපිම සකස්කරගත්තා. ආණ්ඩුවෙන් උදව් කළා. හැබැයි පොරොන්දු වුන අක්කර දාහත වෙනුවට ලැබුනේ ගොඩින් අක්කර තුනයි මඩින් අක්කර පහයි. අර කියපු මධ්‍යම පාන්තික නිවසයි විතරයි. මේ පොළව සංවර්ධනය කරන්න අපි විඳපු දුක කියලා නිමකරන්න බෑ." ජනපතිගේ පියා පොළොන්නරුවේ සේවාමුක්ත භටයින්ගේ ජනපදයේ දැනට ජීවතුන් අතර සිටින්නේ සොල්දාදුවන් සත් දෙනෙකු පමණි. විජයබාහුපුර පදිංචිව සිටින අනූහය හැවිරිදි වෙලගෙදර සේකර ද එයින් එක් අයෙකි. සෙස්සෝ මිය ගොසිනි. "රාජකීය හමුදාවෙන් මුදාහැරියට පස්සේ මම අදහස් කළේ පොලීසියට බැඳෙන්න. නමුත් ගොවිතැනට ඇති ලැදිකම නිසා පොළොන්නරුවට ආවා. මගේ උපන්ගම මාතලේ මුවන්ගම. බිරිඳ තවමත් ජීවතුන් අතර සිටිනවා," වෙලගෙදර සේකර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසීය. "අපි එදා වැඩවර්ජන දෙකක් කළා. එකක් පොරොන්දු වුන ඉඩම් අක්කර දාහත වෙනුවට අක්කර අටක් ලබාදීමට විරෝධය පළකරමින්. එදා ඉඩම් ඇමතිව සිටි සීපී ද සිල්වා අපට කිව්වා උඹලා ඔක්කොම සමසමාජ කාරයොයි කොමිනිස් කාරයොයි නිසා ගොවිතැන් කරයිද නැද්ද කියලා විශ්වාසයක් නෑ. සමහර විට දාල යන්නත් පුළුවන් ඒ හන්දා අක්කර අට හොඳටම ඇති කියලා. දෙදාහක් විතර ආපු සෙනඟෙන් ඉතුරුවුනේ සුළු පිරිසක් නිසා කථාවත් ඇත්තනේ." එබැවින් පළමු වැඩ වර්ජනය අසාර්ථක විය. අනූහය හැවිරිදි වෙලගෙදර සේකර "අනෙක් වැඩ වර්ජනය කළේ අපේ ඉහළ නිලධාරීන් දාහතර දෙනෙක් සේවයෙන් පහකිරීමට විරුද්ධව. භාරදුන්න වැඩ කොටස හරියට කළේ නෑ කියල තමයි ඒ අයගේ වැඩ තහනම් කළේ. අපි උසස් නිළධාරීන්ට කරුණු කාරණා පෙන්වා දීලා වැඩතහනම ඉවත්කරගත්තා." රට රැක ගැනීමටත් සංවර්ධනය කිරීමටත් විශාල මෙහෙවරක් කළ තමන්ට එදා මෙන්ම අදත් නිසි සැළකිල්ලක් නැති බවට මෙම සේවා මුක්ත භටයෝ චෝදනා කරති. "මුල් කාලෙදි අපට රුපියල් පන්සීයක පැන්ෂන් පඩියක් ලැබුනා. අවුරුදු හත අටක ඉඳලා දෙදාහක් ලැබෙනවා. සුද්දෝ එහෙම වැඩපිළිවෙලක් සකස්කරලා දුන්නත් අපේ අය කරන්නේ බොරුව." විජබාහුපුර පදිංචි අසූහතර හැවිරිදි ජේමිස් නැන්දා රාජකීය හමුදාවේ සෙබළෙකුගේ බිරීඳකි. "මහත්තයා නම් දැන් ජීවතුන් අතර නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ තාත්තා තමයි ඇල්බට් සිරිසේන ආරච්චි මහත්තයා. අපේ මහත්තයාගේ හොඳම යාළුවා. උන්නැහෙත් සේවාමුක්ත භටයෙක්. ලක්ෂඋයන ගමේ තමයි පදිංචිවෙලා හිටියේ. මේ පැත්තේ ඇවිත් ගියොත් වතුර කෝප්පයක් හරි බොන්නේ අපේ ගෙදරින් විතරයි." බොහෝ සේවා මුක්ත භටයන්ගේ නිවෙස්වල දැන් පදිංචිව සිටින්නේ ඔවුන්ගේ දරු මුණපුරන්ය. බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සොල්දාදුවන් වූ තම ඥාතීන්ගේ සෙබල පළඳනා මහාර්ඝ වස්තූන් සේ ඔවුහු තවමත් ආරක්ෂා කරති. තවත් කියවන්න:
පොළොන්නරුවේ වලේ කඩේ නමින් හැඳින්වෙන කුඩා කඩ වීදියේ ඇති සමූපකාර ගොඩනැගිලි සංකීර්ණය ඉදිරිපිට අපූරු නාම පුවරු දෙකක් දකින්නට ලැබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිරියානු ආණ්ඩුවට හිතැති හමුදා ඩුමා නගරයෙන් කැරලිකරුවන් පලවා හැරීමේ යෙදී සිටිති ගොඩනැගිලි භූගත මහල්වල වූ මළසිරුරු කීපයක ඡායාරූප වයිට් හෙල්මට්ස් ( White Helmets) නම්වූ ස්වේච්ඡා ගලවාගැනීමේ කණ්ඩායම විසින් සිය ට්විටර් ගිණුමේ පළකර තිබිණි. ඔවුන් පැවසුවේ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය. මේ වාර්තා ගැන ස්වාධින තහවුරුවක් සිදුවී නැත. රසායනික ප්‍රහාරයක් පිළිබඳ චෝදනා "ගොතන ලද්දක්" බව සිරියානු ආණ්ඩුව පැවසීය. වාර්තාවල දැක්වෙන පරිදි ආවරණ සලසාගෙන සිටි පවුල් ද ඇතුළුව "විපතට පත්වූවන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි" බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සිරියානු ආණ්ඩුවට "ඍජු සහයක්" දෙන රුසියාව, සිදුවී ඇතැයි කියන ප්‍රහාරයේ "වගකීම දරන" බව ද රාජ්‍ය දෙපාර්තමේන්තුව කීය. තවත් තොරතුරු: ප්‍රහාරය ගැන තොරතුරු වෛද්‍ය, නිරීක්ෂණ හා ක්‍රියාකාරී කණ්ඩායම් වෙතින් රසායනික ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වුව ද, සංඛ්‍යාදත්ත හා තොරතුරු වෙනස් ස්වභාවයක් දරන අතර තවමත් තොරතුරු ලැබෙමින් පවතී. වයිට් හෙල්මට්ස් කණ්ඩායමේ ප්‍රධානී රයිඩ් අල් - සලේහ් පැවසුවේ "හුස්ම හිරවීමෙන් හැත්තෑ දෙනෙක් මියගොස් තිබෙනවා ඒ වගේම තවත් සිය ගණනකට තවම හුස්මගැනීමේ අපහසුව තිබෙනවා" යැයි පැවසීය. මීට මේර පළවූ එහෙත් දැන් ඉවත් කර ඇති ට්විටර් පණිවිඩයකට අනුව මියගිය ගණන 150 ට වැඩි බව දැක්විණි. විරුද්ධ පක්ෂයට හිතැති ගුටා හි මාධ්‍ය මධ්‍යස්ථානය සිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හැත්තෑපහකට වැඩි පිරිසක් "හුස්ම හිරවීමෙන් මියගිය" අතර එල්ලවී යැයි කියන ප්‍රහාරයේ බලපෑමෙන් තවත් දහසක් පමණ පීඩාවට පත්ව ඇති බවය. එය චෝදනා එල්ලකරමින් පැවසුවේ මාරාන්තික විෂ රසායනිකයක් වන සරින් අඩංගුවී යැයි පැවසෙන බැරල් බෝම්බයක් හෙලිකොප්ටරයකින් හෙලා ඇති බවකි. සිරියානු රෝහල් සමග ක්‍රියාත්මක වන ඇමෙරිකාව මූලික කරගත් පුණ්‍යායතනයක් වන වෛද්‍ය සහන සංවිධාන සංගමය (The Union of Medical Relief Organizations) බීබීසී සමග පැවසූ පරිදි මරණ 70ක් බව දමස්කස් ග්‍රාමීය ක්ෂේත්‍ර රෝහල තහවුරු කර තිබේ. භූමියෙන් ලැබෙන වාර්තාවලට අනුව 180ක් තරම් ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වුවත් විපතට පත්වූවන් වෙත ළඟාවීම අසීරුවී ඇතැයි ප්‍රකාශිකාවක පැවසුවාය. රාත්‍රිය පුරා එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා ඉරිදා දිනයේ විපතට පත්වූවන් වෙත ළඟාවීම දුෂ්කර වී ඇත. ප්‍රහාරය පිළිබඳ චෝදනා නැගෙද්දී සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන සනා පැවසුවේ ඩුමා නගරයේ පාලනය තවදුරටත් පවත්වාගෙන යන ජායිෂ් අල්-ඉස්ලාම් කැරලිකරුවන් විසින් මෙම වාර්තා සකසා ඇති බවය. "ජායිෂ් අල්-ඉස්ලාම් ත්‍රස්තවාදීන් බිඳවැටීමට ආසන්නව සිටිද්දී ඔවුන්ගේ මාධ්‍ය අංශය මේ රසායනික ප්‍රහාරයක් පිළිබඳ ගොතා හෙළිදරව් කරමින් සිරියානු අරාබි හමුදාවේ ඉදිරියට ඇදීම වැළකීමේ අසාර්ථක උත්සාහයක යෙදිලා" යැයි සනා පුවත් ඒජන්සිය පැවසීය. සිරියානු ආණ්ඩුව මීට පෙර රසායනික අවි භාවිත කළා ද? 2013 වසරේදී නැගෙනහිර ගුටා හි කැරලිකරුවන් අත පැවති ප්‍රදේශ වෙත සරින් විෂ රසායන සහිත රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිය ගණනක් මිය ගියහ. සරින් භාවිතය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූත පිරිසක් විසින් සනාථ කරනු ලැබුවද ඊට කව්රුන් වගකිව යුතුද යන්න ප්‍රකාශ නොවීය. බටහිර බලවතුන් පැවසුවේ එම ප්‍රහාරය සිරියානු ආණ්ඩුවේ හමුදා එල්ල කරන්නට ඇති බවය. 2017 අප්‍රේල් මාසයේදී ද විපක්ෂය ඇත පැවති නගරයක් වන ඛාන් ශෙයිඛුන් වෙත සරින් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් අසූවකට වැඩි පිරිසක් මියගියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම රසායන අවි තහනම පිළිබඳ සංවිධානය එකාබද්ධව කළ විමර්ශනයකදී සිරියානු ආණ්ඩුව වෙත වගකීම පවරනු ලැබිණි. ඛාන් ශෙයිඛුන් වෙත එල්ලවූ ප්‍රහාරයෙන් 80 දෙනෙකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලැබුහ ඛාන් ශෙයිඛුන් ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවට එරෙහි කෘස් මිසයිල ප්‍රහාරයකට අණදුන් අතර එය, සිරියානු ජනාධිපතිවරයාගේ අණදීම යටතේ ඇති හමුදාවලට එරෙහිව එල්ලවූ පළමු ඍජු ඇමෙරිකානු හමුදා ප්‍රහාරය විය. 2018 මුල් කාලයේදී කරලිකරුවත් අත වූ නගර වෙත සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් විෂ සහිත ක්ලෝරීන් වායුව අඩංගු බෝම්බ හෙලන ලද බව ක්‍රියාකාරීන්, වෛද්‍ය කණ්ඩායම් සහ ඇමෙරිකාව පැවසුහ. ඩුමා හි සිදුවන්නේ කුමක්ද? සිරියාවේ නැගෙනහිර ගුටා කලාපය තුළ කැරලිකරුවන් අත ඇති අවසන් නගරය වන ඩුමා, රුසියාවේ සහය ලබන සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් වටලනු ලබා තිබේ. මොස්කව් පාලනය හා කැරලිකරුවන් අතර සාකච්ඡා බිඳවැටීමෙන් අනතුරුව සිකුරාදා දැඩි ගුවන් හා භුමි ප්‍රහාර දියත් කෙරිණි. සාකච්ඡා බිඳවැටීමට පෙර, ජයිෂ් අල්-ඉස්ලාම් කණ්ඩායමේ උත්සාහය වුයේ සිය සාමාජිකයින්ට ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ඩුමා හි රැදී සිටීමේ අවකාශ සලසා ගැනීමේ ගනුදෙනුවකට යාමය. ආණ්ඩුවේ ගුවන් ප්‍රහාරවලින් සිකුරාදා දිනයේදී සිවිල් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගිය අතර සෙනසුරාදා තවත් 30 දෙනෙකු මියගිය බව එක්සත් රාජධානිය මූලික කරගත් මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනය පැවසීය. ජයිෂ් අල්-ඉස්ලාම් සමග සාකච්ඡා ඇරඹීමට සුදානම් බව සිරියානු ආණ්ඩුව පවසද්දීත් ඉරිදා එල්ලවූ ෂෙල් ප්‍රහාරවලින් තවත් බොහෝ පිරිසක් මියයන්නට ඇතැයි සැළකේ. දමස්කස් අගනුවරට එල්ල වූ කැරලිකරුවන්ගේ ෂෙල් ප්‍රහාරවලින් සිවිල් වැසියන් හය දෙනෙකු මියගියේ යැයි කී රාජ්‍ය මාධ්‍ය 38 දෙනෙකුට තුවාල වී යැයි සඳහන් කළේය. එහෙත්, ජයිෂ් අල්-ඉස්ලාම් කණ්ඩායම එහි වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් දමස්කස් අවට සිවිල් වැසියන් තුවාල ලබා ඇති බව සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසති සිරියානු ජනාධිපති බශාර් අල්-අසාද් ට පක්ෂපාතී හමුදා පෙබරවාරි මාසයේදී ආරම්භ කරන ලද දරුණු ප්‍රහාර ඔස්සේ සමස්ත ගුටා කලාපයම පාහේ යළි අත්පත් කරගැනීමට සමත්වූහ. එහිදී 1600 ට වැඩි පිරිසක් මියගොස් තවත් දහස් ගණනක් තුවාල ලැබුහ.
සිරියාවේ නැගෙනහිර ගුටා හි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින අවසන් නගරය වන ඩුමා වෙත එල්ල කෙරුණු රසායනික යැයි සැක කෙරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 70 පමණ මියගොස් ඇති බව ගලවාගැනීමේ හා වෛද්‍ය කණ්ඩායම් පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොළොන්නරුවේ සිට මරඳගහමුලට අරලිය සහල් ගෙන ආ ලොරියකට හානි සිදු කොට එහි රියදුරාට සහ සේවකයාට, යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් විසින් පහරදී පලා ගොස් ඇත. රාත්‍රී ලොරිය නවත්වා නිදා ගෙන සිටියදී මෙසේ පහරදුන් බවයි ලොරි රථයේ රියදුරු සරත් සුරංග පැවසුවේ. මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය මේ සිද්ධිය හෙලා දැක ඇත. මේ අතර අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් ලොරියකට ගම්පොල දී තවත් සිද්ධියකට මුහුණ දීමට සිදුවී තිබේ. තමන්ට අයත් එම ලොරි රථයේ යතුරු බලහත්කාරයෙන් ගෙන ගොස් ඇති බවයි අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසුවේ. මෙම සිද්ධීන් පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට පැවසුවේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ගේ සහල් ලොරි රථ දෙකකට අද, සෙනසුරාදා බලපෑම් එල්ලවී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඕනෑම ක්‍රීඩකයෙකුට විවේචන එල්ල වෙනවා. අපිටත් තිබුණා, නමුත් ඒ විවේචන තර්කානුකූල වෙන්න අවශ්‍යයි.'' හිටපු ක්‍රිකට් නායකයා ඒ බව කියා සිටියේ බීබීසී සිංහල සේවයේ ෆේස්බුක් සජීවී වැඩසටහනේදී ක්‍රීඩා ලෝලියකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි. "ඕනෑම ක්‍රීඩකයෙකුට විවේචන එල්ල වෙනවා. අපිටත් තිබුණා, නමුත් ඒ විවේචන තර්කානුකූල වෙන්න අවශ්‍යයි. ඇතැම් විවේචන දකින විට මට හිතුණා ඒවා ටිකක් පුද්ගලික විවේචන කියලා. එවැනි විවේචන සිදු කිරීම අසාධාරණයි." "ඒ විවේචන කොහෙන්ද එන්නේ, කොතනින්ද ආරම්භ වෙන්නේ කියලත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ ආගම. ඔහු ආවේ කොහොමද?, ඒවා ගැන ආපු විවේචන. මම ලංකාව වෙනුවෙන් අවුරුදු පහළොවකට වඩා ක්‍රීඩා කළා. ක්‍රීඩකයා කෙහෙන්ද එන්නේ මොන ආගමේද, ජාතියේද කියලා අපිට ප්‍රශ්නයක් වුනේ නැහැ, අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ," ඔහු පැවසීය. සාධාරණ විවේචනයක් එල්ල කිරීම පිළිබඳ තමාගේ විරුද්ධත්වයක් නොමැති බව කියා හිටපු නායක මහේල ජයවර්ධන පදනම් විරහිතව විවේචන සිදු කිරීම පිළිබඳව එකඟවිය නොහැකි බවත් සඳහන් කළේය. 'අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ' ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණ පිළිබඳ සෑහීමකට පත් විය හැකි දැයි ක්‍රීඩාලෝලියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ක්‍රිකට් නායකයා පැවසුවේ මේ වන විට සමාජ මාධ්‍ය හරහා තේරීම් කමිටු සාමාජිකයන් මිලියනයක් පමණ බිහි වී ඇති බවයි. "ඒ හැමෝම සනසන්න ගියොත් මම හිතන්නේ නැහැ ලංකාවේ ක්‍රිකට්වලට හරි දෙයක් වෙයි කියලා. මොකද හැමෝටම තමා ආස කරන ක්‍රීඩකයෝ ඉන්නවා,'' තේරීම් කමිටුව යම් කිසි සැලැස්මක් ඇතිව කටයුතු කරනු ඇති බව කියා සිටි හිටපු නායක මහේල ජයවර්ධන ඇතැම් විට අතපසුවීම් සිදු වුවත් ඒවා සිතාමතා සිදු කරන ඒවා නොවන බවත් සඳහන් කළේය. "අත්හදා බැලීම් තුලින් තමයි අපි වැරදි හදා ගන්න ඕනේ. නොනවත්වා එකම වැරැද්ද සිදු කරනවා නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ඒ සඳහා යම් කිසි කාලපරිච්ඡේදයක් දිය යුතුයි, විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන්ට," 'මහේලගේ ක්‍රිකට් සැලැස්ම' "හැමෝටම ලේසියි ගෙදර පුටුවේ වාඩි වෙලා අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බ කියල කියන්න. මේ සෑම දෙයක්ම බුද්ධිමත්ව බලල තීරණ ගන්න ඕනේ. " පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සුදානම් නොමැති බව සඳහන් කළ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම හෝ වෙනත් ඕනෑම කණ්ඩායමක් කෙටි කාලීනව තම උපදෙස් බලාපොරොත්තු වන්නේ නම් ඊට දායකත්වය ලබා දීමට සුදානම් බවයි කියා සිටියේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ගමන් මග පිළිබඳ තමන් ඉදිරිපත් කළ සැලසුමට සිදු වූයේ කුමක් දැයි නොදන්නා බවත් හිටපු ක්‍රිකට් නායකයා එහිදී පැවසීය. සිදත් වෙත්තමුණිගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ, ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකු ලෙස සිටියදී අතුරු කමිටුව විසින් සිදු කළ ඉල්ලීමක් ප්‍රකාර සැලසුමක් ඉදිරිපත් කළ නමුත් ඉන් අනතුරුව නිලවරණයෙන් තේරී පත් වූ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය එය ක්‍රියාවට නැගීම අත්හැර දමා ඇති බවත් ඔහු පිළිගනියි. තමන්ට එය ගැටලුවක් නොවන බවත් වත්මන් ක්‍රිකට් පරිපාලනයට වෙනස් සැලසුම් තිබිය හැකි බවත් මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉලක්ක කොට සිදු කරනු ලබන පදනම් විරහිත විවේචන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ බුද්ධිමත් ඇසින් බලන පිරිස් පිළිකුල් කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙහි දී ඔවුන් විසින් දකුණු කොරියාව හඳුන්වනු ලැබුවේ "යුද්ධයට පොළඹවන දකුණු කොරියාව" යනුවෙනි. උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට මෙම කෙටි-දුර විහිදුම් මිසයිල ගුවනට විද ඇති අතර ඒවා පතිත වූයේ නැගෙනහිර මුහුදට ය. එම සාගර කලාපය ජපන් මුහුද නමින් ද හැඳින්වේ. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් කියා සිටියේ "ඉදිරියේදී සිදුවිය හැකි සහ පවතින සෘජු තර්ජන මුලිනුපුටා දැමීම" වෙනුවෙන් ආයුධ තැනීම සඳහා තම රට බලහත්කාරයෙන් තල්ලු කර ඇති බවය. මෙම අත්හදා බැලීමට උපායශීලී මෙහෙයවීමක් සහිත අවි පද්ධතියක් ද සම්බන්ධ බව උතුරු කොරියානු නායකයා පැවසීය. ඔහුගේ මෙම ප්‍රකාශය උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරිණ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජුනි 30 වන දා කිම් ජොන්ග් අන් හමුවීමෙන් අනතුරුව සිදු වූ ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වේ මේ සියල්ල සිදු වූයේ, ලබන මාසයේ දී ඒකාබද්ධ යුද අභ්‍යාසයක යෙදීමට දකුණු කොරියාව සහ එක්සත් ජනපදය තීරණය කිරීමෙන් අනතුරුවය. එම තීරණය උතුරු කොරියාවේ විවේචනයට ලක් විය. උතුරු කොරියාව මෙම යුද අභ්‍යාස දකින්නේ තම රට ආක්‍රමණය කිරීම සඳහා කෙරෙන පෙර සුදානමක් ලෙසට ය. යුද අභ්‍යාස අවලංගු කිරීම දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ප්‍රතික්‍ෂේප කර ඇති නමුත් එය ප්‍රමාණාත්මකව අඩු කර ඇත. උතුරු කොරියාව විසින් ඊයේ විදින ලද මිසයිලයක් කිලෝ මීටර 690ක් දුර පියාසර කොට පතිත වූ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ හමුදා මාණ්ඩලික නිලධාරියා ප්‍රකාශ කළේය. මෙම මිසයිල "කෙටි-දුර විහිදුම් මිසයිල" බවට එක්සත් ජනපදය ද සනාථ කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් කිම් ජොන්ග් අන් කීවේ මොනවා ද? මෙම මිසයිලයෙන් "බේරී සිටීම එතරම් පහසු නොවන" බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් පවසයි. නවතම අවි පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තමා "තෘප්තිමත්" බව ද හෙතෙම පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ දකුණු කොරියාව මෙම "අනතුරු ඇඟවීම නොතකා සිටීමේ අත්වැරැද්ද" නොකළ යුතු බවය. ට්‍රම්ප්-කිම් හමුව සිදු වූයේ උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී ය දෙරට අතර ඇති උණුසුම සමනය කිරීම සඳහා මෙවැනි ක්‍රියා කිසිසේත් උපකාරී නොවන බව දකුණු කොරියාව පවසයි. මෙම මිසයිල අත්හදා බැලීම හමුදාමය තර්ජනයක් බව ද ඔවුහූ පැවසුහ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජුනි 30 වන දා කිම් ජොන්ග් අන් හමුවීමෙන් අනතුරුව සිදු වූ ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වේ. එම හමුව සිදු වූයේ උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී ය. ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. යම් දිනක ඇමරිකා එක්සත් ජනපදයට පවා කෙළින්ම පහර දිය හැකි එකිනෙකට වෙනස් ශක්තියක් සහිත දහසකට අධික මිසයිල සංඛ්‍යාවක් උතුරු කොරියාව සතු බව විශ්වාස කෙරේ. පසුගිය දශක කීපය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරි පිම්මක් පැන තිබේ. වඩාත් ඉහළ විහිදුම් හැකියාවක් සහිත පද්ධති පිළිබඳ 'ප්යොංයැං' වැඩසටහන මේ වනවිට අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කරන බවත් වාර්තා වේ. බටහිර රටවල් වෙත ළඟා වීමේ හැකියාව සහිත මහද්වීපික විහිදුම් මිසයිල පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින බව මෑතක දී උතුරු කොරියාව නිවේදනය කළේය.
දකුණු කොරියාවට කෙරෙන "බරපතළ අනතුරු ඇඟවීමක්" ලෙස හඳුන්වමින් උතුරු කොරියාව නවතම මිසයිල දෙකක් අත්හදා බැලුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කමිටුවේ සභාපති නීතිවේදී ලාල් විජේනායක කමිටුවේ සභාපති නීතිවේදී ලාල් විජේනායක පවසන්නේ නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම් කටයුතු ලබන 31 වෙනිදා අවසන් කිරීමට තීරණය කර ඇති බවයි. මේ දිනවල කමිටුව විසින් තෝරා ගත් පුද්ගලයින්ගෙන් අදහස් සටහන් කර ගැනීම සිදු කරන බව කී ඔහු මේ යටතේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයාගේ අදහස් සටහන් කර ගෙන ඇති බවයි කියා සිටියේ. “මේ යටතේ අපි දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින් ,සහ වෘත්තීය සමිති නායකයින්ගෙන් අදහස් සටහන් කර ගැනීම සිදු කරනු ලබනවා. ඊට අමතරව ප්‍රධාන ඇමතිවරුන්ගෙන්ද අදහස් ලබාගැනීමට අපි ක්‍රියා කළා.” සිය කමිටුවේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරමින් ලාල් විජේනායක කියා සිටියේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කථා කිරීමේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාවට හිමි වන්නේ සුවිශේෂ තැනකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් රට පුරා ජනතාව දක්වා ඇති අදහස් පිළිබඳ විමසූ විට නීතිවේදී ලාල් විජේනායක කියා සිටියේ ජනතාව විසින් ඉදිරිපත් කර ඇත්තේ මිශ්‍ර අදහස් බවයි. “ඇතැම් පිරිස් කියා සිටියා විධායක ජනාධිපති තනතුර මුළුමනින් ම අහෝසි කළ යුතුයි කියලා. තවත් පිරිසක් කියා සිටියා එහි බලතල කප්පාදු කර ඒවා පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවට. මේ වගේ මිශ්‍ර අදහස් තමා ජනතාවගෙන් ඉදිරිපත් වුනේ.” නීතිවේදී විජේනායක පැවසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් අඩංගු අවසන් වාර්තාව අප්‍රේල් මස අවසාන භාගයේ දී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම උදෙසා මහජන අදහස් ලබාගැනීම සඳහා පත් කර ඇති කමිටුවට මේ වන විට පන්දහසකට අධික අදහස් සංඛ්‍යාවක් ලැබී තිබෙන බව කමිටුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඒ පිළිබඳව ළඟදීම සාකච්ඡාවක් පවත්වන බවද අමාත්‍ය දිගම්බරම් බීබීසී සංදේශයට පැවසීය. දීපවාලි උත්සවය වෙනුවෙන් වතු කම්කරුවන්ට බදාදා හෝ බ්‍රහස්පතින්දා අත්තිකාරම් දීමනාවක් ලබා දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන්ට සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබාදීම සිය උත්සාහය බවත් සඳහන් කළේය. කෙසේ නමුත් කම්කරුවන්ට දිනකට රුපියල් දහසක වැටුපක් ලබා දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ කිසිවිටෙක පොරොන්දු නොවූ බව අවධාරණය කරන ඔහු, කම්කරුවන්ට එවැනි බලාපොරොත්තුවක් ඇති කරමින් වැටුප් වැඩිකිරීම සම්බන්ධ සාකච්ඡා අඩපණ කළ බවට ප්‍රතිවාදී කම්කරු නායක ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයාට චෝදනා කරයි. දැනට තේ මිල කඩා වැටී තේ සමාගම් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලීම සාධාරණ නොවන බවයි අමාත්‍ය පලනි දිගම්බරම් පවසන්නේ. "අපේ මතය තියෙන්නේ කම්පැනිත් පාඩු වෙන්න හොඳ නෑ, කම්කරුවොත් පාඩු වෙන්න හොඳ නෑ," ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමේ අරමුණෙන් දැනටමත් සාකච්ජා ආරම්භ කොට තිබෙන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගාසා හි හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් මිසයිල වර්ග ගණනාවක් භාවිත කරති එහෙත් එම රොකට්වලින් බහුතරයක් 'අයන් ඩෝම්' හෙවත් යකඩ දොරටුව ලෙස හඳුන්වන ඊශ්‍රායල ආරක්ෂණ ආවරණය විසින් අතරමගදී බිඳ හෙලනු ලැබ ඇත. ඊශ්‍රායලයේ ජනාකීර්ණ පෙදෙස් වෙත ලඟා වීමට පෙර, තමා වෙත පැමිණෙන රොකට් ගුවන මැදදී විනාශ කර දැමීමේ 90% ක පමණ සාර්ථකත්වයක් 'අයන් ඩෝම්' පද්ධතිය සතු බව ඊශ්‍රායල බලධාරීහු පවසති. 'අයන් ඩෝම්' යනු ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන විශාල මිසයිල ආරක්ෂණ පද්ධති ගණනාවකින් කොටසකි. ඒ සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කෙරේ. තමා වෙත පැමිණෙන රොකට් හඳුනා ගැනීමට එම පද්ධතිය රේඩාර් භාවිත කරන අතර ඒවා බිඳ හෙලීමට මිසයිල දෙකක් විදිනු ලබයි. එම තාක්ෂණයට ගොඩනැගිලි සහිත ප්‍රදේශ වෙත පැමිණිය හැකි සහ ඉලක්කය මග හැරුණු මිසයිල වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකියාව ඇත. නගර වෙත ලඟා වෙන රොකට් පමණක් එමගින් බිම හෙලන අතර ඒ හේතුවෙන් වැය වන මුදල අඩු කර ගැනීමට හැකි වීම තුලින් පද්ධතියේ පිරිවැය එලදායිතාව ඉතා ඉහලය. 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' පුවත්පතට අනුව එක් රොකට් බිඳහෙලනයක් සඳහා වැය වන මුදල ඩොලර් 150,000 කි. එය වැඩිදියුණු කර ඇත්තේ කෙසේද? සඳුදා රාත්‍රියේ සිට ගාසා තීරය වෙතින් දහසක ඉක්මවා රොකට් ප්‍රහාර එල්ල වූ බව ඊශ්‍රායලය පවසයි 'අයන් ඩෝම්' හි ඉතිහාසය 2006 වසරේ පැවති ඊශ්‍රායල හිස්බුල්ලා ගැටුම දක්වා දිව යයි. හිස්බුල්ලා යනු දකුණු දිග ලෙබනනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය කණ්ඩායමකි. හිස්බුල්ලා සටන්කරුවන් ඊශ්‍රායලය වෙත රොකට් දහස් ගණනක් එල්ල කළ අතර එමගින් විශාල හානියක් මෙන්ම ජීවිත ගණනාවක් අහිමි විය. ඉන් වසරකට පසු ඊශ්‍රායලය ප්‍රකාශ කලේ තම රජය යටතේ ක්‍රියාත්මක 'Rafael Advanced Defense Systems' ආයතනය විසින් අලුතින් මිසයිල ආරක්ෂණ පද්ධතියක් වැඩිදියුණු කරන බවයි. එම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපදයෙන් අතිරේක ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබිණි. වසර ගණනාවක පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම්වලින් අනතුරුව එම පද්ධතිය සටන් භූමියකදී පළමුව අත්හදා බලන ලද්දේ 2011 වසරේදීය. ඒ ඊශ්‍රායලයේ දකුණු දිග බීර්ෂීබා නගරය වෙත එල්ල වූ මිසයිලයක් එමගින් ව්‍යර්ථ කළ අවස්ථාවේදීය. 'අයන් ඩෝම්' හි දුබල තැන් තිබේද? ගාසා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරවලට හසුව මේ දක්වා දරුවන් දෙදෙනෙකු ඇතුළුව 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති. මේ අතර පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, ගාසා වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය ගණන 83 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර ළමුන් 17 දෙනෙකුවත් සිටින බව ඔවුහු පවසති. ජීවිත හානි සිදු කළ හැකි ප්‍රහාර ගණනාවක් ව්‍යර්ථ කරමින් 'අයන් ඩෝම්' ඊශ්‍රායල වැසියන් ආරක්ෂා කර ඇති බවට සැකයක් නැතත් එය මිසයිල වලින් පූර්ණ ආරක්ෂාවක් ලබා දිය හැකි තිරයක් නොවේ. ගාසා වෙතින් එල්ල කෙරෙන රොකට්වලින් 90%ක් පමණ ව්‍යර්ථ කිරීමට හැකියාවක් පැවතීම, අනාගතයේදී වෙනස් සතුරෙකු ඉදිරියේදී වඩාත් අභියෝගයක් විය හැකි බව ඇතැම් විවේචකයෝ පවසති. ඉතාමත් කෙටි කාලයක් තුළ වැඩි වැඩියෙන් මිසයිල විදීමේ හැකියාවක් හිස්බුල්ලා සතු බව, 'ද ජෙරුසලම් පොස්ට්' හි බුද්ධි තොරතුරු පිළිබඳ සංස්කාරක යෝනා ජෙරමි බොබ් පවසයි. ඒ සියල්ලම ව්‍යර්ථ කිරීම 'අයන් ඩෝම්' වෙත අපහසු විය හැකි බව සංස්කාරකවරයා පෙන්වා දෙයි. රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා වෙත ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත මෑත ගැටුම්වලට මැදි වූ ඊශ්‍රායල වාසීහු සිය ජීවිත බේරා දීම ගැන 'අයන් ඩෝම්' වෙත ස්තූතිවන්ත වෙති. එහෙත් ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥයෙකු වන ආචාර්ය යොආව් ෆ්‍රොමර් කියා සිටියේ ඊශ්‍රායල බලධාරීන් මිසයිල ආරක්ෂණ ආවරණයමත විශ්වාසය තැබීම නිසා ඊශ්‍රායල පලස්තීන ගැටුම සඳහා දීර්ඝ කාලීන දේශපාලන විසඳුමකට ලඟා වීම එකතැන නතර වී ඇති බවය. "මෙහි ඇති උත්ප්‍රාසය නම්, 'අයන් ඩෝම්' හි කැපී පෙනෙන සාර්ථකත්වයේ අතුරු ඵලයක් වන්නේ එය විදේශ ප‍්‍රතිපත්ති අසාර්ථකත්වයට දායක වන ආකාරයයි. එය ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රචලිත වීමට හේතු වෙනවා." යනුවෙන් ඔහු බීබීසියට පැවසීය. "වසර ගණනාවකට පසුවත් අපි අවසානයක් නැති එකම ප්‍රචණ්ඩ චක්‍රයයේ තවමත් සිරවී සිටිනවා,"
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැනනැගී ඇති නවතම ගැටුම් හමුවේ හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 1,500 වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකික විදේශ ගත ශ්‍රමිකයින් පිරිසක් රැකියා අහිමිවී මවුරටට පැමිණීමට නොහැකිව මැදපෙරදිග උද්‍යානයක සිටින අයුරු එසේ අසීරුතාවට ලක්ව සිටින පිරිස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ තොරතුරු පළවෙමින් තිබේ. ඇතැමුන්ගේ රැකියා අහිමි කිරීම හේතුවෙන් ඉඳුම් හිටුම් අහිමිවී ඇතිවා පමණක් නොව මුදල් ගැටලු මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද බොහෝ දෙනා මුහුණ පා ඇති බව එම තොරතුරුවලින් කියැවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානම විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් වන්නේ විදේශගත ශ්‍රමිකයන් ගේ ප්‍රේෂණයන් ය. 2020 වසරේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104 ක් ලෙස ශ්‍රී ලංකා මහබැංකු දත්ත පෙන්නුම් කරයි. වරෙක 'රට විරුවන්' ලෙස උත්කර්ෂණයට නැංවූ තමන්, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමට පටන්ගෙන වසරක් ඉක්මවී තිබියදී ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ නිසි ක්‍රියා පිළිවෙතක් හෝ තමන්ට වෙන්වූ නිරෝධායන මධ්‍යස්ථානයක් හෝ ස්ථාපනය කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බවට ඔවුහු චෝදනා නගති. "විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්නන්න. අපිත් නිරෝධායන ක්‍රියාවලියට දායක වෙන්නනම් මේක ජාතික වගකීමක් ලෙස සළකා හැබැයි ආණ්ඩුව මොහොතකටවත් ඒක සැලකුවේ නෑ. එම යෝජනාව ගණන් ගත්තේවත් නෑ ආණ්ඩුව. 45000ක් එන්න ඉන්නවා නම් අපි 20000ක් භාරගන්නම් කිව්වා ඒත් ඇත්තටම ආණ්ඩුව වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ නෑ. ඒගොල්ලෝ කල්පනා කලේ ඒගොල්ලන්ගේ මිත්‍රයින්ට ගුවන් ටිකට් පත් වලින් ගහගන්න, හොරකම් කරන්න ක්‍රමයක් හදන එකයි. හෝටල්වලට ගෙනල්ල මේ මිනිස්සුන්ව නිරෝධායන කරපුවහම එකෙන් ගානක් ඒගොල්ලන්ගේ යහළු මිත්‍රයින්ගේ හෝටල්වලට ගානක් ලැබෙන එකයි," එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති බීබීසී සිංහල සේවය සමග පැවසීය. "ලංකාවේ මිනිස්සු තරම් අසරණ වීමක් වෙන රටවල මිනිස්සුන්ට වෙලා නෑ. මේ පිසිආර් කරලා එන අයව ලක්ෂ ගණනක් ගෙවලා හෝටල් වල තියාගන්නේ ඇයි? ඉන්දියාවේ වත් වෙන කිසිම රටක ඒ රටෙන් එළියේ ඉන්න අයට මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ." "ලංකාවට එන්න බැරිව මුදල් හොයා ගන්න බැරිව උද්‍යානවල තැන තැන් වල ඉන්න අයව ගෙන්නන්න රජයේ ක්‍රියා මාර්ගයක් අවශ්‍යයි. රජයේ මුදල් වලින්, විදේශ සේවා කාර්යන්ශයේ බිලියන ගණනක් සල්ලි තියෙනවා ඉතිරිවෙලා, අනුගමනය කරපු රක්ෂණ ක්‍රම තියෙනවා. ඒ රක්ෂණ ක්‍රම අනුගමනය කරන්න පුළුවන් මේ වෙලාවේ එම අය ගෙන්නන්න. නැත්තනම් කුවේට් අරමුදල තියෙනවා." ඔහු වැඩිදුරටත් කියා සිටියේය. විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොරෝනා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලා කියා සිටියේ මේ වනවිට 80,000 ට ආසන්න පිරිසක් යළි ගෙන්වාගෙන ඇති බවය. නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීමේ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව එම පිරිස් ගෙන්වා ගැනීම අසීරු වුව ද, එම වැඩපිළිවෙල අවසන් වී නැති බව ද ඔහු කියා සිටියේය. කියවන්න: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රටවල් 16 ක සිට මේ වනවිට ඉල්ලුම් කර ඇති පිරිස ආසන්න වශයෙන් 37000 කි. එහෙත් එම පිරිස ගෙන්වා ගැනීමට නොහැකි වීම සඳහා හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඇති නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීම ය. බොහෝ පිරිස් විදේශ රටවල අතරමං වී තිබෙන්නේ ඔවුන්ගේ රැකියා අහිමි වීම හේතුවෙන් බව කී ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූවන් පිළිබඳව තම ආයතනයට වගකීම භාරගත නොහැකි බවය. මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩර් කැඳවීමේ බලාපොරොත්තුවක් ඇති බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය වැඩිදුරටත් කියා සිටියේය. සමාජ ක්‍රියාකාරිනියක වන මීනු සෙති, සිය ට්විටර් ගිණුම තුළ ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල සංක්‍රමණික සේවකයින්ගේ දුක්ඛිත තත්ත්වය ඉස්මතු කරමින් ඔවුන් මැදපෙරදිග රවල ජිවත්වන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන සහිත සටහන් තබා ඇත. "කොවිඩ්-19 හි භීෂණය ගල්ෆ් රටවල සංක්‍රමණික සේවකයින්ට දිගටම බලපෑම් කරයි. අද දින ඇමතුමක් ලැබුණු අතර, ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ උදව් නොමැතිව පොදු උද්‍යානවල නිදා සිටින පුද්ගලයින්." ඇය තවත් වීඩියෝ දර්ශනයක් පළකරමින් පැවසුවේ "සංචාරක වීසා බලපත්‍රයක් මත මෙරටට ගෙන එන ලද ශ්‍රී ලාංකික කාන්තාවගේ තවත් සිද්ධියක්. අවාසනාවට ඇගේ ක්ෂය රෝග පරීක්ෂණය ධනාත්මක වූ අතර ඇයට රැකියා වීසා බලපත්‍රයක් ලබා ගත නොහැක. ඇයගේ නියෝජිතයා විසින් ඇයව ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ඉදිරිපිට දමා ගොස් ඇත. මෙම සංක්‍රමණික සේවිකාව දෙමළෙන් කියන කතාවට සවන් දෙන්න." මෙවැනි චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොරෝනා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලා කියා සිටියේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය වග නොකියන අතර එය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසිය යුතු බවය. මෙසේ කොටුවී සිටින්නේ ශ්‍රී ලංකික පුරවැසියන් වන බැවින් ඔවුන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය යටතේ ඇති තානාපති කාර්යාලවලට වගකීමක් නොමැතිදැයි ඇසු පැනයට, "මේවා චෝදනා විතරයි." යනුවෙන් ඔහු පිළිතුරු දුණි. මේ අතර දෙසැම්බර් 05 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් ඇමතූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බවට චෝදනාවක් එල්ල කළේය. "අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට මේ විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා, තව පහලොස් දාහක් විසි දාහක් හොර ඒජන්ට්ලාට දීලා මේකෙ ලැයිස්තුවට නම දාගන්න, මෙහෙට ආවාට පස්සෙ දවසකට දොලොස් දාහක් පහලොස් දාහක් විතර හෝටලේක කාමරේකට දවස ගාණෙ දුන්නාම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතරහමාරක් විතර යනවා එළියට එනකොට," රාජ්‍ය ඇමතිවරයා පැවසීය. "මේක මහා ජාතික අපරාධයක්. මේක මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම විරුද්ධව කරන වැඩසටහනක්. ජනාධිපතිතුමා මේක නෙවෙයි කිව්වෙ. මේක මාෆියාවක්!" ඔහු එවර කීය. ශ්‍රී ලාංකිකයන් යළි සිය රට බලා පැමිණෙන විට ඔවුන් නොමිලේ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ යුතු බවට හෝ නොඑසේනම් නිවසේ සිට නිරෝධායනය සඳහා යොමු කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙයට පෙර යෝජනා කළ ද ආණ්ඩුව එම යෝජනාව ක්‍රියාවට නගන්නේ කවදා දැයි පැහැදිලි නැත. එසේ තිබියදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය සතියේ ඩුබායි රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝධායන නීති සංශෝධනය කළේ ශ්‍රී ලංකාවේ ජිවත්වන පුද්ගලයින් ව්‍යාපාරික හෝ නිල සංචාර සඳහා ජෛව බුබුල (Bio Bubble) අනුගමනය කරමින් හා එන්නත් ලබාගෙන සංචාර නිමවා ලංකාවට නැවත පැමිණීමේදී දින 14ක හෝටල් නිරෝධායනය අනිවාර්ය නොවන බවට දක්වමිනි. මේ පිළිබඳව සමාජ මධ්‍ය ඔස්සේ විවේචන එල්ලවන්නට ද විය. ඒ අතරින්, අනෝමා ද අල්විස් පැවසුවේ "විදේශීය සංචාරයක නියැලී යළි ශ්‍රී ලංකාවට පැමිණි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ එතුමගෙ පිරිවරට තම පෞද්ගලික නිවසේ සිට නිරෝධායනය වීම සඳහා සෞඛ්‍යය බලධාරින්ගෙන් අවසර ලැබුණි. අපේ‍්‍රල් 17 න් පසු නැවත පැමිණීමට අපේක්‍ෂා කරන මගේ ඥාති දියණියට ටිකට් පතක් වෙන්කරවා ගත නොහැක." යනුවෙනි. ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ද ට්විටර් සටහනක් එක්කර තිබිණි. "ඔබගේ මානසිකත්වය මාහට තේරුම් ගත හැකියි. මා මේ වනවිට නිරෝධායනය වී සිටින්නේ මාගේ නිවසේ නෙවෙයි. මටත් බිරිඳක් මාස 6ක දරුවෙක් සිටින බැවින් නිවසට යෑමට අවස්ථාව ලැබුණු ද එය මා භාර ගැනීමට සුදානම් නැත. කෙසේවෙතත් මේ වනවිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම එන්නත්කරණයට ලක්වු ශ්‍රී ලාංකිකයින් හා සෙසු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නිරෝධායන නීති සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා," යනුවෙන් ද අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය. කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා මාධ්‍ය හමුවේ පැවසුවේ විදේශගතව සිට ආපසු පැමිණෙන පුද්ගලයින් සම්බන්ධ නිරෝධායන රෙගුලාසි ඉතා ඉක්මණින් ලිහිල් කරන බවය. එහෙත් මේ වනතෙක් ම එම ර්ගුලාසි වෙනස්වී ඇති බවක් වාර්තා වී නැත.
කොරෝනා වසංගතය අතරේ මැදපෙරදිග ඇතුළු විවිධ රටවල තවදුරටත් කොටුවී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නැති බවට ක්‍රියාකාරීහු චෝදනා නගති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංක්‍රමණිකයන් සහ අනාථයන් ගලා ඒම සීමාකිරීම පිණිස යුරෝපය විසින් විවිධ ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබේ 2015 වසර අවසානය වන විට ලොව පුරා මිලියන 65.3 ක් අනාථයන්, දේශපාලන රැකවරණ පතන්නන් හෝ රට තුලම අවතැන් වූවන් බවට පත් වී සිටි බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙන්නේ. එම ඇස්තමේන්තු අනුව ලොව පුරා සිටින සෑම පුද්ගලයන් 113 දෙනකුටම එක් අයෙක් සරණාගතයෙක්. ඒ අතරම සංක්‍රමණිකයන් සම්බන්ධ අර්බුදයක පැටලී සිටින යුරෝපය පුරා 'විදේශිකයන් නොරිස්සීමේ' ඉතා බරපතල ප්‍රවණතාවයක් මතුවෙමින් තිබෙන බවත් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රධානියා පවසයි. බොකෝ හරාම් කැරලිකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පලා ආ සරණාගත කාන්තාවක් සහ ඇය ගේ දරුවා දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපයට මෙතරම් විශාල ප්‍රමාණයක් සංක්‍රමණිකයන් ගලා එන පළමු වතාව මෙයයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වලට ලැබෙන සහයෝගය උත්සන්න වීමට හේතුවිය. අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිති කරගෙන සිය වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරන එක්සත් ජාතාන්ගේ ආයතනය පවසන්නේ ලොව පුරා වෙසෙන සරණාගතයන් සංඛ්‍යාව මිලියන 60 කට වඩා ඉහල ගිය ප්‍රථම වතාව මෙය බවයි. එයින් අඩකටත් වැඩි ප්‍රමාණයක් පැමිණ තිබෙන්නේ රටවල් තුනකින්: ඒ සිරියාව, ඇෆ්ඝනිස්තානය සහ සෝමාලියාවයි. යුරෝපයේ සංක්‍රමණික අර්බුදය පිළිබඳව ලොව පුරාම අවධානය පලවෙමින් තිබෙන නමුත්, ලෝකයේ අනාථයන්ගෙන් 86% කටම රැකවරණය සලසන්නේ මැදි ආදායම් සහිත රටවල් විසින් බවත් වාර්තාවේ සඳහන්. සරණාගතයන් මිලියන 2.5 කට රැකවරණය සලසමින් තුර්කිය ඉදිරියෙන්ම සිටින අතර, දෙවැනි සහ තුන් වැනි ස්ථාන හිමිවන්නේ පාකිස්තානය සහ ලෙබනනයට. යුරෝපයට ලඟා වීමේ අරමුණින් දහස් ගණන් ජනතාව ඉතා භයානක චාරිකාවල යෙදී සිටිති සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ඇස්තමේන්තු ප්‍රකාර සංක්‍රමණිකයන් දස ලක්ෂ එකොල්ස් දහස් හත්සියයකට වැඩි පිරිසක් පසුගිය වසරේ මුහුදු මාර්ගයෙන් යුරෝපයට ලඟා වූහ. එහෙත් එම සංඛ්‍යාව ඊට වඩා ඉතා ඉහල බවයි වෙනත් ආයතන පවසන්නේ. සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසන පරිදි තවත් 35,000 ක් දෙනා ගොඩබිමින් යුරෝපයට පැමිණියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනාගේ අපේක්ෂාව වූයේ ජර්මනිය සහ ස්වීඩනය වැනි ධනවත් උතුරු යුරෝපා රටවලට ළඟාවීම. 2015 දී දේශපාලන රැකවරණ පැතූ අයදුම්පත් බහුතරය ඉදිරිපත් වී තිබෙන්නේ ජර්මනියේදී වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ස්වීඩනයට පිළිවෙලින් දෙවැනි සහ තුන් වෙනි ස්ථාන හිමි වේ.
ලොව පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් ඉතිහාසයේ වැඩිම සරණාගතයන් සංඛ්‍යාව වාර්තා වී තිබෙන බව අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහනායක හිමියන් එම ප්‍රකාශය කළේ මල්වතු, අස්ගිරි සහ අමරපුර මහා නායක හිමිවරුන් සමඟ එක්ව අධිකරණය සහ විධායකය අතර මතුවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පිළිබඳව බීබීසී සංදේශය කරුණු විමසූ අවස්ථාවේදී. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් අත්සන් තබා පසුගිය සතියේ කතානායක වරයාට භාරදෙන ලද දෝෂාභියෝගය සම්බන්ධයෙනුයි මහනායක හිමිවරුන් ජනාධිපති රාජපක්ෂ වෙත එම ලිපිය යොමුකොට තිබෙන්නේ. "මහානායක හිමිවරුන් කියන්නේ අපේ ජනතාව පිළිබඳව ඔවුනොවුන් හා නොගැලපීම් එනවිට සමථයකට, සාමයකට, සාමදානයකට යොමු කිරීම මහා සංඝයා සතු කාර්යයක්," බව උන්වහන්සේ පැවසූහ. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත් අවස්තාවේත් මහනායක හිමිවරුන් මෙවැනිම ඉල්ලීමක් ඉදිරිපත් කළත්, ජනාධිපතිවරයා එම ඉල්ලීමට කන් නොදුන්නා නොවේදැයි පෙන්වා දුන් අවස්ථාවේ අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහනායක හිමියන් පැවසුවේ ජනාධිපති රාජපක්ෂ මහ නාහිමියන්ගේ හඬට නිරන්තරයෙන් කන් දෙන බවයි. සබැඳි තේමා
ලිච්ඡවි රජ දරුවන් ඉන්දියාවේ විශාලා මහනුවර පාලනය කළ සමයේ මෙන් සාමයෙන් සහ සමාදානයෙන් සාකච්ඡා කොට රටේ ගැටළු විසඳා ගන්නා මෙන් රාමඤඤ නිකායේ මහනායක හිමිපාණෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජිනීවා යෝජනා 'ශ්‍රී ලංකාවට එරෙහිව නොවේ' එහෙත් අදාළ යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කිරීම මගින් එක්සත් ජාතික පක්ෂය විදේශ බලවේගවලට උදවු කරමින් සිටින බවයි, ආණ්ඩුව පවසන්නේ. ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලබන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට යෝජිත යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනවක් නොව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් බවයි, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ. "ජිනීවාවල සැබෑ තත්වය ජනතාව දන්නේ නැහැ. බොහෝ මාධ්‍ය උත්සාහ කරන්නේ රට ආරක්ෂා කරන්න නෙමෙයි, ආණ්ඩුව ආරක්ෂා කරන්නයි," යනුවෙන්ද ඔහු පැවසීය. 'ඥාතීන් තානාපති සේවයට' වර්තමානයේ ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ අපකීර්තියට ලක්වීමට ප්‍රධානම හේතුව දුර්වල තානාපති සේවය බව පවසන කිරිඇල්ල මන්ත්‍රීවරයා, තානාපති සේවයට පත්කර තිබෙන ඉහල නිලධාරීන්ගෙන් 40% ක්ම නුසුදුස්සන් බවද පවසයි. "තානාපති සේවයට පත් කරලා තියෙන්නේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, විශ්‍රාම ගිය දේශපාලකයන්, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්. මේ අයට රාජ්‍යතාන්ත්‍රික භාවය ගැන කිසිම දැනුමක් නැහැ." විපක්ෂය 'විදේශීය බලවේගවලට අවශ්‍ය පසුබිම වර්ධනය කරනවා' ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය ඉරිදා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, ලෝකයේ ප්‍රබලම රට වන ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට තිබෙන්නේ කවර සුදුසුකම්දැයි ප්‍රශ්න කළේය. "ඇමරිකාවට පත් කළ යුත්තේ අපේ ඉන්න හොඳම තානාපති නිලධාරියාව. නමුත් අවුරුදු හතක් තිස්සේ ඉන්නේ තේ වෙළදාම කරන පවුලේ සාමාජිකයෙක්," බවයි, කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසන්නේ. ජාත්‍යන්තර ප්‍රජාව මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රධානම හේතුව රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බව මන්ත්‍රීවරයාගේ අදහසයි. "පසුගිය අවුරුදු දෙකේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු දේවස්ථාන සීයකට විතර පහරදීලා තියෙනවා. එක අවස්ථාවක වත් පහරදුන් අයට නිතිය ක්‍රියාත්මක වෙලා තියෙනවාද? ලෝකේ හැමතැනම මේවා වෙනවා. නමුත් වෙනස තියෙන්නේ ඒ රටවල පහර දුන් අයට නීතිය ක්‍රියාත්මක වීමයි." එහෙත් එක්සත් ජාතික පක්ෂය විදේශීය බලවේගවලට අවශ්‍ය පරිසරය හා පසුබිම වර්ධනය කරන කරුණු ප්‍රකාශ කරමින් සිටින බවයි, ආණ්ඩුව පවසන්නේ. යුද්ධය පැවති සමයේත් එජාපය කටයුතු කළේ මේ ආකාරයෙන්ම බවයි, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ. "අපි යුද්ධයක් කරලා, ජාතීන් අතර සමගිය ඇති කරලා ඒක තව වර්ධනය කරන කොට, ඒකට එරෙහිව එන බලවේග වලට අපි මුහුණ දෙන කොට, අද විපක්ෂය කරන්නේ ඒකට සහාය දෙන්නේ නැතුව ඒක තව අවුල් කරන්නේ කොහොමද කියලා බලන එක," යනුවෙන්ද ඇමතිවරයා පැවසීය. විපක්ෂය උත්සාහ කරන්නේ රටේ ස්වෛරීභාවය හෝ උකසට තබා දේශපාලන වාසි ගැනීමට බවයි, මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ.
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා බව එක්සත් ජාතික පක්ෂය (එජාපය) චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තායි රතු කමිස හමුදාව වීදි බැස. ක්වන්චායි ප්‍රයිපනා (Kwanchai Praipana) නම් රතු කමිස නායකයාට ඔහුගේ නිවස ඉදිරිපිට දීයි වෙඩි තබනු ලැබ තිබෙන්නේ. උදන් තානි (Udon Thani) නගරයේ සිය නිවස ඉදිරිපිට දී ප්‍රහාරයට ගොදුරු වූ ක්වන්චායි පරිපනා තුවාල ලැබ සිටින බව තායිලන්ත වාර්තා මගින් පැවසෙයි. රතු කමිස නායකයාට වෙඩි තබන ලද්දේ,තායිලන්තයේ ඇතැම් පළාත් වලට පමණක් බල පැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති දින හැටක හදිසි නීතියක් ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමඟ. හදිසි නීතිය තායි ආණ්ඩුවට එරෙහි පෙළපාලියක්. ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති හදිසි නීතිය මගින් රංචු ගැසීම් පාලනයට සහ මාධ්‍ය වාරණයට තායිලන්ත ආණ්ඩුවට බලය ලැබෙතත් එය ක්‍රියාවට නැංවෙන්නේ කෙසේද යන්න අපැහැදිලියි. බැංකොක් අගනුවර ඇතැම් කලාප මාස දෙකක කාලයක් තම අතට ගනිමින්, අගමැතිනි යින්ග්ලුක් ෂිනවත් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටින විරෝධතා වාදීන් ආණ්ඩුවේ හදිසි නීති විධි විධාන නො තකා හරිමින් කියා සිටින්නේ ඔවුන්ගේ උද්ඝෝෂණය දිගටම පෙරට ගෙන යන බවයි.
තායිලන්ත ආණ්ඩුවට හිතවත් ‘රතු කමිස’ ව්‍යාපාරයේ නායකයකුට වෙඩි තබනු ලැබ ඇතැයි බැංකොක් නගරයෙන් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රාජ්‍ය දෙපාර්තමේන්තු යෝජනාව අනුමත වුවහොත් වාර්ෂිකව මිලියන 14.7 ක පිරිසකට බලපානු ඇත රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ එම යෝජනාවට අනුව බොහෝ වීසා ඉල්ලුම්කරුවන් ෆේස්බුක් හා ට්විටර් ගිණුම් පිළිබඳ සිය ඉතිහාසය සම්බන්ධ තොරතුරු සැපයිය යුතු වනු ඇත. ඒ අනුව ගෙවුණු පස් වසරක සිය සමාජ මාධ්‍ය අනන්‍යතාව හෙළිකිරීමට ඔවුනට සිදුවේ. මේ යෝජනාවට අනුව වසරකට මිලියන 14.7 ක පමණ පිරිසකට මෙය බලපානු ඇතැයි කියැවේ. එසේ සැපයෙන තොරතුරු, සංක්‍රමණ හා සංක්‍රමණික නොවන වීසා අපේක්ෂා කරන පුද්ගලයින් හඳුනාගැනීමට මෙන්ම දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට යොදා ගැනේ. මීට අමතරව අදාළ ඉල්ලුම්කරුවන්, ගෙවුණු වසර පහ තුළ තමන් පරිහරණය කරන ලද දුරකථන අංක, ඊමේල් ලිපින මෙන්ම සංචරණ පිළිබඳ තොරතුරු ද සැපයිය යුතු වනු ඇත. කිසියම් රටකින් කෙදිනක හෝ පිටුවහල් කර ඇතිදැයි යන්න ද සඳහන් කළ යුතු අතර, එසේ නැතිනම් සිය කවර හෝ ඥාතියකු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධවී ඇති දැයි යන්න ද සඳහන් කළ යුතු වනු ඇත. මේ තොරතුරු දැනගන්න : වීසා බලපත් තොරව සිය රටේ සංචාරය කිරීම සඳහා ඇමෙරිකාව විසින් ප්‍රතිපාදන සලසනු ලැබ ඇති රටවල් අතරට ගැනෙන එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය හා ජර්මනිය වැනි රටවල පුරවැසියන්ට මෙම යෝජනාවෙන් බලපෑමක් එල්ල නොවනු ඇත. කෙසේවෙතත්, ඉන්දියාව, චීනය හා මෙක්සිකෝ වැනි රටවල පුරවැසියන් රැකියා හෝ නිවාඩු සඳහා පැමිණෙන්නේ වුවද ඔවුන් මීට ඇතුළත් විය හැක. සමාජ මාධ්‍ය පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් දැනට ඇති තත්ත්වය පසුගිය මැයි මාසයේදී මේ සම්බන්ධයෙන් යම් නීති ගෙන එද්දී එවක රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල නිවේදනයක කියවුණු පරිදි, පුද්ගලයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ තොරතුරු ලබාගන්නා ලෙස නිලධාරීන් දැනුවත් කෙරුණේ, "අනන්‍යතාව තහවුරු කරගැනීමට හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් තදබල ලෙස සුපරීක්ෂණයක් කිරීම සඳහා එම තොරතුරු අවශ්‍ය වන්නේ යැයි" හැඟෙන්නේ නම් පමණි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා යැයි පවසමින්, එක්සත් ජනපදයට ඇතුළුවන විදේශිකයින් සඳහා "අතිශය දැඩි සුපරීක්ෂණයක්" ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ට්‍රම්ප් දුන් පොරොන්දුවෙන් පසු මේ වඩාත් දැඩි යෝජනාව ඉදිරිපත් විණි. යෝජනාව ක්‍රියාවට නැගීම තීරණය වන්නේ කෙසේද? මෙම යෝජනාවට කළමනාකරණ හා අයවැය පිළිබඳ කාර්යාලයේ අනුමැතිය ලැබිය යුතුව වේ. ඒ පිළිබඳ තීරණයක් ගැනීමට පෙර යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළකිරීම සඳහා මහජනයාට මාස දෙකක කාලයක් ඉඩ දෙනු ඇත. භාෂණයේ නිදහසට ඇතිවන බලපෑම කුමක්ද? මෙම ප්‍රතිපත්තිය හෙලාදකින සිවිල් නිදහස පිළිබඳ කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙය භාෂණයේ නිදහසට හානි කළ හැකි ආකාරයේ පුද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් ලෙසිනි. "තමන් අන්තර්ජාලයේ පළකරන දේවල් ආණ්ඩුවේ නිලධාරීන් වරදවා වටහා ගනීවිදැයි යන්න ගැන මිනිසුන්ට දැන් හිතන්නට වේවි" යැයි ඇමෙරිකානු සිවිල් නිදහස් සංගමයේ හිනා ශම්සි පැවසුවාය. "ට්‍රම්ප් පරිපාලනය 'ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්' යන අපැහැදිලි හා වැඩිපුර භාවිත කරන යෙදුමෙන් අර්ථගන්වන්නේ කුමක්ද යන්න ගැනත් අප අවධානය යොමු කර තිබෙනවා. මොකද කීවොත්,මූලික වශයෙන් එය දේශපාලනකිකයි. ඒ නිසා කිසිම වරදක් නොකළ ආගමනිකයින්ට වෙනස්කොට සැලකීම සඳහා එය යොදා ගන්නට ඉඩ තිබෙනවා " යැයි ද ඇය සඳහන් කළාය. යෝජනාවලින් ආවරණය කෙරෙන සමාජ මාධ්‍ය ජාල අතරට ඇමෙරිකාව මූලික කරගත් ඉන්ස්ටග්‍රෑම්, ලින්ක්ඩ්ඉන්, රෙඩිට් හා යූටියුබ් ද අයත්වේ. කෙසේවෙතත්, චීනයේ සීනා වෙයිබෝ (Sina Weibo) සහ රුසියාවේ වීකේ (VK) වැනි සමාජ මාධ්‍ය ජාල ද ඊට ඇතුළත් කෙරෙනු ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවක දැක්විණි.
ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා බලපත් අපේක්ෂාකරන සෑම අයෙකුගේම පාහේ සමාජ මාධ්‍ය පිළිබද ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනය පවසා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය සතියේදීත් මෙවැනිම සිද්ධියක් වාර්තා වූ අතර වාෂ්ප පිටවීමට බලපාන හේතුව තාමත් අනාවරණය වී නැත. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිටවෙන විකිරණ මට්ටටම් වල වෙනසක් සිදුවී නැති නමුත් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ජලය මුහුදට කාන්දු වන්නට පටන් ගෙන ඇතයි න්‍යෂ්ටික බලාගාර ක්‍රියා කරුවන් විසින් පිළිගෙන ඇත. විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ජලය කාන්දු වීම ගැන මීට පෙර වාර්තා වූ නමුත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පාලනය කරන සමාගම එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.
මීට අවුරුදු දෙකකට පෙර ඇතිවූ සුනාමියෙන් අනතුරුව අඩපන වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් වාෂ්ප පිට වෙන්නට පටන් ගෙන ඇතැයි එහි පරිපාලකයින් කියා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර හමු වූ අවස්ථාවේදී. එමෙන්ම වෙනත් තුන්වෙනි රටක් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින පොදු එකඟතාවේ ඉලක්කය වී නොමැති අතරම එම එකඟත්වය දෙරට සෙසු රටවල් සමග පවත්වනු ලබන ගෞරවනීය සබඳතාවලට බලපෑමක් ඇති නොකරන බවත් චීන විදේශ ඇමතිවරයා අවධාරණය කරයි. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සෙනසුරාදා (09) අරගියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වූ අතර සිකුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු විය. පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට සුදුසු පරිසරය සලසා දීම සම්බන්ධයෙන් චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත සිය ස්තුතිය පළ කළ එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරියේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් චීන රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඉන්දීය සාගරයේ නෞකා කේන්ද්‍රයක් බවට පත් වීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන සංවර්ධන සැලසුම් හා එක්ව සිය රටේ 'නාවික සේද මාවත ව්‍යාපෘතිය' කටයුතු කරනු ඇතැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2009 දීත් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 106 ඉලක්කය හඹා ගියේ තවත් පන්දු 26 ක් ඉතිරිව තිබියදී. මේ අනුව 2009 ඔක්තෝබර් අට වැනි දින ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශූරතාවය දිනා ගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම එම කුසලානය රැක ගැනීමට සමත් විය. මේ වන විට කාන්තා ලෝක ශූරතාවය උසුලන්නේද ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ලකුණු 16 කට කඩුලු තුනක් දවා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සේරා කොයිට් තරඟයේ හොඳම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණු අතර, ආන්යා ශ්රුබ්සොල් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් තෝරා ගන්නා ලදි. විස්සයි විස්ස පුරුෂ අවසාන මහා තරඟයේ සජීවී විස්තර විචාරයක් සංදේශය ඔස්සේ බලාපොරොත්තු වන්න.
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු හයකින් පරාජයට පත් කළ ඕස්ට්‍රේලියානු කාන්තා පිල ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නොහඳුනන කෙනෙකුගෙන් ලද කෙටි පණිවිඩයක් ද? එහි ඇති සම්බන්ධක (link) කෙසේවත් ක්ලික් කරන්න එපා (පෝල් කෙන්යන් හා ජෝ කෙන්ට් - ෆයිල් ඔන් 4) ඔබේ සාක්කුව තුළට ඔත්තු බලන්නෙකු රිංගා ඇතැයි ඔබ කෙදිනකවත් සිතා බැලුවා ද? ඔබේ ස්මාර්ට් දුරකතනයේ සෑම දෙයකට ම (කේතගත රහසිගත පණිවිඩ ද ඇතුළුව) ප්‍රවේශ වීමටත්, එහි මයික්‍රෝෆෝනය හා කැමරාව ක්‍රියා කරවීමටත් හැකි ඔත්තු බැලීමේ මෘදුකාංගයක් (spyware) ඈත සිට කිසියම් හැකරෙකු විසින් ස්ථාපනය කරනු ලැබුවහොත් ඇති වන තත්ත්වය සිතන්න. කෙසේ වුවත්, මෙය ඉන් කියවෙන තරම් දුරක සිදුවිය හැකි දෙයක් නොවේ. ලොව පුරා ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරිකයන් හා නීතිඥයන්ගේ ක්‍රියාකාරීත්වය හඹා යාම සඳහා මෘදුකාංග උපයෝගී කර ගන්නා බවට නීර්ණය කළ හැකි සාක්ෂි විමසා බැලීමට අපට හැකි විය. නමුත් මෙය කවුරු, කුමක් සඳහා කරන්නේ ද? අපේ සාක්කුවල තිබිය හැකි ඔත්තු බැලීමේ මෘදුකාංග (spyware) සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක් ද? අවියක් ලෙස හැඳින්වුණු අතිප්‍රබල මෘදුකාංගය දුරකතන කැමරාව ඇසක් වැනි ය - එය, ඊට ඉදිරියෙන් ඇති සෑම දෙයක් ම දකී මයික් මරේ, ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි ලුක්අවුට් නම් වූ සමාගමේ සයිබර් ආරක්ෂක විශේෂඥයෙකි. ආණ්ඩු, ව්‍යාපාර හා පාරිභෝගිකයින් හට සිය දුරකතන හා ඒවායේ දත්ත ආරක්ෂා සහිතව තබා ගැනීම සම්බන්ධයෙන් එම සමාගම සහය දක්වයි. මෙතෙක් නිපදවා ඇති අතිනවීනතම ඔත්තු බැලීමේ මෘදුකාංගය ක්‍රියා කරන්නේ කෙසේ දැයි මරේ පහදයි: අවියක් ලෙස නම් කර ඇති එම අතිබලවත් මෘදුකාංගය අලෙවි කළ යුත්තේ ද දැඩි කොන්දේසි යටතේය. "මෘදුකාංගය මෙහෙයවන්නාට ඔබේ ජීපීඑස් පහසුකම භාවිත කර ඔබ පසුපස හඹා යා හැකියි" මයික් පවසයි. "ඔවුන්ට ඔබේ දුරකතනයේ මයික්‍රෆෝනය සහ කැමරාව ඕනෑ ම අවස්ථාවක ක්‍රියා කරවිය හැකි අතර ම ඔබ වටා සිදුවන සෑම දේ ම පටිගත කළ හැකියි. ඔබේ දුරකතනයේ සියලු සමාජ මාධ්‍ය යෙදවුමකට ම (app) පිවිසීමේ පහසුව සොරාගත හැකියි. ඔබේ පින්තූර, දුරකතන අංක, දින දර්ශන තොරතුරු, ඊමේල් මේ ආදී සෑම ලේඛනයක් ම සොරා ගැනීමට ඊට හැකියි," ඔහු පැවසීය. "කොටින් ම කීවොත්, ඔබේ දුරකතනය සවන් දීමේ උපකරණයක් බවට පරිවර්තනය කරන එය එහි ඇති සෑම දේ ම සොරා ගන්නවා." ඔත්තු බැලීමේ මෘදුකාංග කාලයක සිට පැවතිය ද මේ නව මෙවලම සමග අප පිවිසෙන්නේ සම්පුර්ණයෙන් ම අලුත් ලොවකටය. මේ මෘදුකාංගය සාමාන්‍යයෙන් කේතගත වූ දත්ත හුවමාරුවේදී ඊට බාධා නොකරයි, නමුත් එය දුරකතනයේ රඳා පවතින්නේ එහි සියලු ක්‍රියාකාරීත්වය සියතට ගනිමිනි. තාක්ෂණිකමය වශයෙන් ඉතා දියුණු වූ එය හඳුනා ගැනීමට නොහැකි තරම්ය. මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අල්ලා ගැනීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු "එල් චාපෝ" හඹා ගොස් අත්අඩංගුවට ගැනීමෙන් ඔහු වළකා ගැනීමට, පණිවිඩ කේතගත කිරීම කෙතරම් කළ ද එය ප්‍රමාණවත් නොවිණි මෙක්සිකානුවකු වන එල් චාපෝ, ඩොලර් බිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අධිරාජ්‍යයක හිමිකරුවෙකි. සිරෙන් පළා යාමෙන් අනතුරුව මාස හයක් පුරා සැඟව සිටියේ විසල් ලෙස පැතිර ගිය ඔහුගේ ජාලයේ සහය හා ආරක්ෂාව ඇතිවය. ඔහු සන්නිවේදනයට භාවිත කළේ, කේතගත දුරකතන පමණි. ඒවා ආක්‍රමණය කිරීම අසීරු බව විශ්වාස කෙරිණි. නමුත් මෙක්සිකානු බලධාරීන් විසින් මෙම අතිදියුණු චරපුරුෂ මෘදුකාංගය මිලදී ගන්නා ලදුව එය එල් චාපෝගේ අතිශය සමීප පිරිසගේ දුරකතනවලට ඇතුළු කිරීම හරහා ඔහු සැඟවී සිටින තැන් කරා යොමු කරවීම සිදුවිය. එල් චාපෝ අල්ලා ගැනීම හරහා පෙන්නුම් කෙරෙන්නේ මෙවැනි ආකාරයේ මෘදුකාංගයක් ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටනේදී මිල කළ නොහැකි අවියක් බවකි. නමුත් මෙම අවිය මිල දී ගන්නන් එය තමන් තෝරා ගන්නා ඕනෑ ම අයෙකු වෙත එල්ල කිරීමෙන් ඔවුන්ව වැළක්විය හැක්කේ කුමකට ද? ආණ්ඩුවක් අපහසුවට පත් කරන ඕනෑ ම අයෙකු මෙසේ 'හැක්' කිරීමේ අනතුරට ලක්වේ ද? ඉලක්කයක් බවට පත් වූ බ්‍රිතාන්‍ය බ්ලොග්කරු ඊමේල් පණිවිඩයක පසුපස කවරෙකු හෝ සිටී දැයි ඔබ දනී ද? රෝරි ඩොනගී යනු මැද පෙරදිග පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමක් හා වෙබ් අඩවියක් ස්ථාපනය කළ බ්ලොග්කරුවෙකි. සංක්‍රමණික සේවකයින්ගේ සිට සංචාරකයන් දක්වා වූ පිරිස් වෙත නීතියට පටහැනි අයුරින් සලකන බව පෙන්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මානව හිමිකම් අපයෝජනයේ යෙදෙන බව ඔහු වාර්තා කළේය. ඔහුගේ ලියවිලි කියවූයේ සිය ගණනක පිරිසකි. එසේ ම ඔහු භාවිත කළ සිරස්තල දෛනික ප්‍රවෘත්තිවල දක්නට ලැබෙන අවුළුවනසුලු ඒවාට වඩා වැඩි වෙනසක් නොවිණි. මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) නම් වූ පුවත් වෙබ් අඩවියේ සේවයට එක්වීමත් සමග අමුතු දෙයක් සිදුවන්නට විය. නොහඳුනන පුද්ගලයින් වෙතින් සම්බන්ධක (links) ඇතුළත් වූ අමුතු ආකාරයේ ඊමේල් පණිවිඩ ලැබෙන්නට විය. එවැනි එක් සැකකටයුතු ඊමේල් පණිවිඩයක් රෝරි විසින් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පිහිටි සිටිසන් ලැබ් (Citizen Lab) නම් වූ පර්යේෂණ කණ්ඩායමට යොමු කරනු ලැබිණි. ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව ඩිජිටල් චරපුරුෂ මෙහෙය අවභාවිත කිරීම පිළිබඳව එම කණ්ඩායම විමර්ශනය කරයි. එහිදී ඔවුන් තහවුරු කර ගත්තේ අදාළ ඊමේල් පණිවිඩයේ අඩංගු සම්බන්ධක බාගත කර ගැනීම සඳහා ලබන්නා පොළඹවනු ලබන අතර ඔහු සතුව කවර ආකාරයේ ප්‍රතිවෛරස ආරක්ෂණ වේ දැයි යන්න පණිවිඩය එවන්නාට දන්වන අතර එම මෘදුකාංගය හඳුනා ගැනීමට නොහැකිය. එය අතිනවීනත්වය පිළිබඳ සැබෑ සලකුණකි. රෝරි පසුපස එසේ හඹාවිත් තිබෙන්නේ, අන්තවාදීන් හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි ආණ්ඩුව විශ්වාස කරන නිරීක්ෂණ කණ්ඩායම් පසු පස හඹා යාම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් සේවය සලසන අබුඩාබිහි පිහිටි සයිබර් චරපුරුෂ සමාගමක් බව පෙනෙන්නට විය. කෙටි කලක් බ්ලොග්කරුවෙකු වූ මේ බ්‍රිතාන්‍ය ජාතිකයාට "ගිරෝ" යන සංකේත නාමයක් පවා ආරෝපණය කළ ඔවුන් ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන් ම ඔහුගේ සෑම චර්යාවක් ම නිරීක්ෂණය කරමින් තිබිණි. ඉලක්කයක් වූ සිවිල් හිමිකම් ක්‍රියාකාරිකයෙක් සම්මානලාභී සිවිල් ක්‍රියාකරුවෙකු වන අහ්මඩ් මන්සූර් වසර ගණනක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔත්තු බැලීමට ඉලක්ක වූ අයෙකි. 2016 වසරේදී ලද සැකකටයුතු ලේඛනයක් ඔහු ද සිටිසන් ලැබ් වෙත යොමු කළේය. කිසිදු දත්තයක් අඩංගු නොවූ iPhone දුරකතනයක් භාවිත කරමින් පණිවිඩයේ වූ සම්බන්ධකයට යොමු වූ පර්යේෂණ කණ්ඩායම දුටුවේ විමතිය දනවන්නකි. ස්මාට් දුරකතනය දූරස්ථව හිඳ ආක්‍රමණය කෙරෙන ආකාරය හා ඉන් දත්ත ඉවතට ගන්නා අයුරු ඔවුහු දුටුවහ. iPhone දුරකතනය යනු වෙළෙඳපොළේ ඇති වඩාත් ම ආරක්ෂාකාරී දුරකතනයක් ලෙස සැලකුණ ද මේ මෘදුකාංගය ද කිසිවෙකු විසින් මෙතෙක් දැක ඇති වඩාත් දියුණුතම මෘදුකාංගයකි. එය ඇපල් පද්ධතියේ වූ දුර්වලතාවක් සොයා ගනු ලැබ තිබිණි. මේ අනුව ලොව පුරා ඇති සිය දුරකතන සැමෙකකට ම යාවත්කාලීන මෘදුකාංග යොමු කිරීමට ඇපල් සමාගමට සිදුවිය. මන්සූර්ගේ දුරකතනයෙක් එක්රැස් කර ගත් තොරතුරු මොනවා දැයි අපැහැදිලි වුවත් පසුව අත්අඩංගුවට ගන්නා ලද ඔහු වසර දහයකට සිරගත කෙරිණි. මේ වන විට ඔහු හුදෙකලා ස්ථානයක රඳවා තබා ඇත. මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ලන්ඩනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය සඳහන් කළේ, සිය ආරක්ෂක ආයතන ජාත්‍යන්තර ප්‍රමිති මෙන් ම සිය රටේ නීතියට අනුකූලව ක්‍රියා කරන බවය. එහෙත් ලොව අනෙකුත් රටවල් මෙන් බුද්ධි තොරතුරු පිළිබඳ කරුණු සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළේය. ඉලක්කවූ ජනමාධ්‍යවේදියෙක් 2018 ඔක්තෝබර් මාසයේදී තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලය වෙත ගිය මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉන් යළි පැමිණියේ නැත. සෞදි පාලනයේ නියෝජිතයන් විසින් ඔහුව මරා දමනු ලැබීය. මාධ්‍යවේදියාගේ මිතුරෙකු වන ඔමාර් අබ්දුල්අසිස් කියා සිටියේ තමන්ගේ දුරකතනය සෞදි රජය විසින් හැක් කරන ලද බවය. එම හැක් කිරීම පසුව සිය මිතුරා මරා දැමීමේදී විශාල කාර්යයක් ඉටු කර ඇති බව ඔමාර් විශ්වාස කරයි. නිතර සම්බන්ධතාව පවත්වා ගත් ඔවුන් දෙදෙනා දේශපාලනය මෙන් ම එක්ව යෙදුණු ව්‍යාපෘති සම්බන්ධයෙන් සංවාද රැසක යෙදී ඇත. මේ සංවාද මෙන් ම දෙදෙනා අතර හුවමාරු වූ කවර හෝ ලේඛනවලට දිගු කාලයක සිට සෞදි රජය ඇතුළු වී තිබේ. ඒ සම්බන්ධයෙන් සෞදි ආණ්ඩුවේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ජංගම දුරකතන ඉලක්ක කර ගත් විෂමාචාරී මෘදුකාංග සංසරණය වුව ද ඒ පසුපස සෞදි අරාබිය සිටින බවට සාක්ෂි නැති බවය. නිවස සමීපයේ හැක්කිරීමක් ඔබේ ජංගම දුරකතනයේ මෘදුකාංගයට ඇතුළුවිය හැකි පහසු ම ක්‍රමය සීරෝ ක්ලික් තාක්ෂණය විය හැක දෛනිකව සිය මිතුරන් හා පවුලේ සාමාජිකයින් සමග සංවාදයේ යෙදීමට බොහෝ දෙනා භාවිත කරන වට්ස්ඇප් (WhatsApp) ජාලයේ ආරක්ෂාව උච්ඡ අවස්ථාවේ බිඳ දැමීමක් 2019 මැයි මාසයේ වාර්තා විය. එය යමෙකුට වට්ස්ඇප් සංවාදවලට සවන් දීමේ අරමුණින් වූවා යැයි ඔබ සිතුවා නම්, නැවතත් ඒ ගැන සිතන්න. එම යෙදවුම (app) හුදෙක් දුරකතනයේ මෘදුකාංගයට ඇතුළත් වීමේ ස්ථානය වූවා පමණි. එය විවෘත කළ සැණින් ආක්‍රමණිකයාට ඔත්තු බැලීමේ මෘදුකාංගය ඒ මතට මුදා හළ හැකිය. ලබන්නා කිසියම් හෝ සම්බන්ධකයක් (link) ක්ලික් කිරීමේ අවශ්‍යතාව පැන නොනගී. දුරකතනයට ප්‍රවේශ වන්නේ ඒ වෙත අමතුමක් වහා විසන්ධි කිරීමෙනි. මෙය සීරෝ ක්ලික් (zero click technology) තාක්ෂණය ලෙස හැඳින්වේ. වහා ම ක්‍රියාත්මක වූ වට්ස්ඇප් සිය බිලියන 1.5ක් වූ භාවිත කරන්නන් වෙත යළි සැකසුමක් යොමු කළ ද මේ හැක් කිරීම පසුපස සිටියේ කවුද යන්න කිසිවෙකු දැන ගත්තේ නැත. මෙවර ඉලක්ක වූයේ වට්ස්ඇප් (WhatsApp) ය. ඊළඟට කුමන යෙදවුමක් ඉලක්ක විය හැකි ද? ඒ වගේ ම කවරෙකු විය හැකි ද? නැවත පහරදීම වගකිව යුත්තේ කවුද? මේ ආකාරයේ ඔත්තු බැලීමේ මෘදුකාංග නිර්මාපකයින්ට, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ට ඇති ආකාරයේ විශේෂ බලපත්‍රයක් අවශ්‍ය කෙරේ. එය අලෙවි කෙරෙන්නේ බරපතළ අපරාධ නැවැත්වීමේ හුදු අවශ්‍යතාව මත පමණි. නමුත් සේවාදායක ආණ්ඩු විසින් මෙය අපහරණය කරන්නේ යැයි විශ්වාස කරන සිටිසන් ලැබ් කණ්ඩායම ඒ පිළිබඳ ලිපිගොනුවක් සකස් කර ඇත. මේ අපහරණ සම්බන්ධයෙන් මෘදුකාංග නිර්මාපකයින් වගකිව යුතු ද? තුවක්කු වැනි අවි මෙන් නොව, මේ ඔත්තු බැලීමේ මෘදුකාංග නිර්මාපකයින් ඒවා අලෙවියෙන් පසුව ද ක්‍රියාකාරීව හිඳිමින් ඒවා නඩත්තු කිරීමේ යෙදෙයි. මෙවැනි නීත්‍යනුකූල බාධා කිරීම්වලට අදාළ වෙළෙඳපොළේ ඉදිරියෙන් ම සිටින්නේ එන්එස්ඕ ගෘප් (NSO Group) නම් වූ ඊශ්‍රායල් සමාගමකි. දශකයක පමණ කාලයක සිට ක්‍රියාකාරීව සිටින එම සමාගම වසරකට ඩොලර් මිලියන සිය ගණනක ආදායමක් ලබයි. අබ්දුල්අසිස්ගේ නීතිඥයා, සිය සේවාදායකයාගේ දුරකතනය හැක් කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම අධිකරණය හමුවට ගෙන ගොස් තිබේ. මෙය සුවිශේෂී අවස්ථාවකි. තම මෘදුකාංග නිකුත් කළ පසු මෘදුකාංග සමාගම් යෙදෙන භූමිකාව කවරක් දැයි තීරණය කිරීමට ද එය ඉවහල් වේ. මේ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකට කළ ඉල්ලීම එන්එස්ඕ සමගම විසින් බැහැර කරනු ලැබිණි. නමුත් නිවේදනයක් මගින් එය කියා සිටියේ බරපතළ අපරාධ විමර්ශනයේ හා වැළක්වීමේ නියුතු බලපත්‍ර ලත් ආණ්ඩුවේ ආයතන වෙත සිය තාක්ෂණය සපයන අතර සිය තාක්ෂණය ජීවිත රැසක් රැකගෙන ඇති බවකි. මේ අතර එම නීතිඥයා හට ද සැකකටයුතු වට්ස්ඇප් ඇමතුම් ලැබෙන්නට විය. කෙතරම් කලක් යනතුරු මේ ඔත්තුබැලීමේ මෘදුකාංග හඳුනාගත නොහැකිද? ඔබේ දත්තවලට ඇතුළු වන්නේ කවුද? නීත්‍යනුකුල බාධා කිරීම් පිළිබඳ කර්මාන්තයේ අවසානාත්මක ඉලක්කය වන්නේ 100% ක් ම හඳුනාගත නොහැකි ආකාරයේ ඔත්තු බැලීමේ මෘදුකාංග නිපදවීමය. ඔවුන් ඊට ළඟා වුවහොත් අවභාවිතයක් පිළිබඳ පැමිණිලි කිරීමේ අවස්ථාව කිසිවෙකු වෙත හෝ උදා නොවනු ඇත. මන්ද ඒ පිළිබඳ කිසිවෙකු හෝ දැනුවත් නොවනු ඇත. අප සැමට රඳා සිටින්නට සිදුවනුයේ මෘදුකාංග නිර්මාපකයින් ඒවා නීත්‍යනුකුලව හෝ එසේ නොවන ලෙස මෙහෙයවන්නේ ද යන්න මතය. එය කිසියම් ලෙසක ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක දෙයක් වැනි වුවත් සැබෑ ප්‍රතිඵල අත්දකින්නට සිදුවන්නේ මේ අලුත් ලොව තුළය. තර්ජනය සැබෑවකි. අනාගතය සඳහා මෙය අප සැම දෙනා ම සිහි තබාගත යුත්තකි. මෙය, ෆයිල් ඔන් 4 නම් වූ බීබීසී ගුවන් විදුලි වැඩසටහන ඇසුරින් සැකසුණකි.
ලොව බොහෝ දෙනාට තමන්ගේ ස්මාර්ට් දුරකතනය යනු ලොවට විවර වූ කවුළුවකි. එහෙත් එය ම ඔබගේ පෞද්ගලික ජීවිතයට එබී බැලිය හැකි කවුළුවක් වේ නම් තත්ත්වය කුමක් වේ ද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාධරයකු වන ඔහු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභාවේ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් වශයෙන්ද කටයුතු කරයි. එළඹෙන ජනාධිපතිවරණය හා සම්බන්ධ දේශපාලන පළිගැනීමක් ලෙස ඒඩී ආරියදාස මෙම ප්‍රහාරය හඳුන්වයි. ‘මේ මැතිවරණයත් එක්ක ඒගොල්ලෝ වියරු වැටිලා ඉන්නේ. ඒගොල්ලන්ට ජනතාව ජනවාරි අට වෙනිදාට නිසි පිළිතුරු ලබා දෙයි’ යනුවෙන් ඒඩී ආරියදාස පැවසුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත සමග අදහස් දක්වමින්. 'වියරුවක්' අඟහරුවාදා අලුයම දෙනියාය එන්සල්වත්ත වතුයායේ සේවය නිම වී සිය නිවස කරා යමින් සිටියදී තමාගෙන් ප්‍රශ්න කළ විශේෂ කාර්ය බලකායේ යැයි කියා ගත් පිරිස තමාට අමානුෂික ලෙස පහර දුන් බවයි ඒඩී ආරියදාස කියා සිටියේ. ‘මට පිස්තෝලයක් පෙන්නලා කිව්වා අපි ‘එස්ටීඑෆ්’ එකෙන් කියලා. ඒ කියනවත් එක්කම පිටිපස්සේ හිටපු අනික් කට්ටිය පොලු වලින් ගහන්න ගත්තා. සිවිල් හිටියේ. හය දෙනෙක් විතර හිටියා’ යනුවෙන් ඔහු පැවසීය. පහර කෑම හේතුවෙන් ඒඩී ආරියදාසගේ අතේ අස්ථියක් බිදී ඇති අතර ඔහු මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයකු වන ඒඩී ආරියදාසට විශේෂ කාර්ය බලකායෙන් යැයි කියා ගත් පිරිසක් පහර දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි මැද හාවෙකු බේරාගන්නා මිනිසෙක් ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයේ නිවාස සිය ගණනක් විනාශ කරමින් පැතිර යන ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 500ක පමණ පිරිසක් දැඩි පරිශ්‍රමයක යෙදෙති. ඉවත් කෙරෙන ප්‍රදේශවාසීන්ගේ ප්‍රමාණය තවත් ඉහළ යාමට වූයේ සැන් දියාගෝ හි උතුරු ප්‍රදේශයේ හටගත් පස්වෙනි ගින්නත් සමගිනි. කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයේ නිවාස සිය ගණනක් විනාශ කරමින් පැතිර යන ලැව් ගිනි මේ වනවිට එක් මරණයක් වාර්තාවී ඇති අතර එසේ මියගිය කාන්තාවකගේ සිරුර සොයා ගනු ලැබුවේ වෙන්චුරා හි ගින්නෙන් පිළිස්සී ගිය ප්‍රදේශයකදීය. එහෙත් වෙන්චුරා කවුන්ටි ස්ටාර් පුවත්පතට ප්‍රකාශයක් කළ නිලධාරියකු පවසා තිබුනේ එම මරණය ඔජායි නම් වූ නගරයේ රිය අනතුරක් හේතුවෙන් වූ දෙයක් විය හැකි අතර ගින්න ඊට හේතු විණි දැයි පැහැදිලි නැති බවය. බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 07) සවස් වනවිට කැලිෆෝර්නියා ගිනි නිවීම් සේවය පැවසුවේ ගිනි ගැනීම් හේතුවෙන් ප්‍රදේශවාසීන් 189,000ක් ඉවත් කිරීමට සිදුවූ බවකි. අලුතින් මතුවූ -ලයිලැක් ෆයර්- නමින් හැඳින්වෙන ගින්න අක්කර 2,500ක් (හෙක්ටයාර 1,000) පුරා පැතිර ගොස් ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාන්ත ගිනි නිවීම් සේවා බලධාරීහු පැවසූහ. ප්‍රදේශය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කැලිෆෝනියා ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් පියවර ගත්තේය. වේගයෙන් පැතිරී යන ලැව් ගිනි කැලිෆෝනියා බලධාරීන් සමග සබඳතාව පවත්වා ගැනෙන අතර අවශ්‍ය ඕනෑම සහයක් සැලසීමට සුදානම් බව ධවල මන්දිරය පැවසීය. මේ අතර බලධාරීන් විසින් දම් පැහැ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබූ අතර ඉන් කියවෙන්නේ - ඉහළම අනතුරු ඇඟවීම- බවය. කාන්තාර උෂ්ණත්වයෙන් රත්වී ඇදී එන ප්‍රබල සුළං ගින්න ප තුරුවා හරී. ලොස් ඇන්ජලිස් හි කැලිෆොනියා විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සියල්ල බ්‍රහස්පතින්දා අවලංගු කෙරිණි. නගරයේ බටහිර කොටසේ පිහිටි ඉවත්කරගනීම් කලාපයෙන් පිටත එහි මණ්ඩපය පිහිටා තිබුනද, "අවිනිශ්චිතතා සළකා" මෙම පියව ගත බව එම විශ්ව විද්‍යාලය පැවසීය. ඩොලර් මිලියන ගණනක් වටිනා බෙල් එයාර් හි සුඛෝපභෝගී නිවාස ලොස් ඇන්ජලිස්හි ධනවත් පුද්ගලයින් වෙසෙන ප්‍රදේශයක් වන බෙල් එයාර් හි සුඛෝපභෝගී නිවෙස්වලින් කලා කෘති ඉවත් කිරීමෙහි ගිනි නිවන භටයින් යෙදී සිටියේ බදාදා දිනයේ ස්කර්බිල් නමින් හැඳින්වුණු ගින්න පැතිරෙද්දීය. එම ප්‍රදේශය තුළ ප්‍රකට ගායිකා බියොන්සේ මෙන්ම ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක් නිලධාරී එලන් මස්ක් වැනි ප්‍රකට පුද්ගලයින්ගේ නිවාස පිහිටා තිබේ. මිනිසුන් පමණක් නොව ඔවුන්ගේ වටිනා භාණ්ඩ ද ගින්නෙන් බේරා ගන්නා ගිනි නිවන භටයන් බදාදා සවස ලස් වේගස් හි පැවැත්වීමට නියමිතව තිබු සිය ප්‍රසංගය අවලංගු කළ ගායක ලයනල් රිචී කියා සිටියේ "ආරක්‍ෂිත ස්ථානයකට යාම සඳහා පවුලට උදව් වෙනවා" යනුවෙනි. ලෝක ප්‍රකට මාධ්‍ය ආයතන හිමිකරුවකු වන රූපර්ට් මර්ඩොක් ට අයත් වතු යායකට හා වයින් නිපැයුම් ස්ථානයකට ද ගින්නෙන් හානි සිදුවී තිබේ. වසර හතරකට පෙර එම දෙපළ සඳහා ඩොලර් මිලියන 30ක් මර්ඩොක් විසින් ගෙවන ලද බව ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත පවසා තිබිණි. අවදානම් තත්ත්වයක ඇති ගෙටී කෞතුකාගාරය බ්‍රහස්පතින්දා වසා තැබෙන බව පැවසිනි. කලා කෘති ඉවත් කර නැති බව කී එම කෞතුකාගාරය පැවසුවේ එහි ඇති වායු පෙරහන් පද්ධතිය මගින් එම කලා කෘති දුමෙන් ආරක්ෂාව කෙරෙන බවය. ලියනාඩෝ ඩා වින්චි, වැන් ගෝ හා ටර්නර් වෙනි ප්‍රකට කලාකරුවන්ගේ නිර්මාණ එම කෘතිවලට ඇතුළත් වේ. වෙන්චුරා ප්‍රදේශයේ හටගත් -තෝමස්- නමින් හැඳින්වෙන් ගින්න තවමත් විශාලතම ගින්න ලෙස පවතී. එය පැසිෆික් වෙරළ දක්වා පැතිර ගොස් තිබේ. ලොස් ඇන්ජලිස් හි සිට උතුරු දෙසට වන්නට මතුවූ ක්‍රීක් ෆයර් නමින් හැඳින්වුණු ගින්න අක්කර 12,605ක් පුරා පැතිර තිබිණි. ගින්න පැතිරී ඇති ප්‍රදේශය -------------------------------------- කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි නිසා මතුවී ඇති තත්ත්වය පිළිබඳ අත්දැකීම් ඔබ සතුනම් ඒ පිළිබඳ දන්වන්න දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) පිවිසෙන්න: https://www.facebook.com/BBCSinhala ඊමේල් : [email protected] මේ තොරතුරුද දැනගන්න: කැලිෆෝනියාවේ මහා ගින්නක් උතුරු ඉන්දියාවේ ලැව් ගිනි වන ගිනි වගකීම භාර ගනිමින් පෘතුගාල ඇමතිවරිය ඉල්ලා අස් වෙයි
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගිනි හමුවේ මේ වන විට පදිංචිකරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඉවත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම අනතුරින් නිවාස හතළිහක් පමණ විනාශ වී තිබෙන බව එම ප්‍රදේශයේ බලධාරියෙක් පවසයි. පැවති ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුවයි නායයෑම සිදු වී තිබෙන්නේ. සහන සේවකයෝ අනතුර සිදු වූ ප්‍රදේශයට ලඟා වී ඇති බව ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ බලකායේ නිලධාරියෙක් බීබීසියට පැවසුවේය. නොනවත්වා පවතින දැඩි වර්ෂාව හා අබලන් වූ මාර්ග හේතුවෙන් සහන සේවකයන් හට අනතුර සිදු වූ ස්ථානයට ලඟා වීමට බාධා එල්ල වන බව එම නිලධාරියා වැඩි දුරටත් පවසයි. ‘ඒ ගමේ නිවාස නවසීයක් පමණ තිබිලා තියනවා. නාය යෑමට හසු වුණු අය සුන්බුන් අතර හිර වෙලා ඉන්න බවට සැක ඇති බව අපිට දැන ගන්න ලැබිලා තියනවා’ යනුවෙන් ආපදා බලකායේ නිලධාරියා බීබීසීයට පැවසුවේය. අනතුරින් දිවි ගලවා ගත් ගම්වැසියන් එක් වී සුන්බුන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
ඉන්දීය මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ අබේගාන් ප්‍රදේශයේ ගම්වැසියන් එක සිය පනහකට අධික සංඛ්‍යාවක් නාය යෑමකට හසු වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට්- ජනාධිපති සුසිලෝ බැන්බැන් යුදයානෝ සමග පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශයක් කළ ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් සමාව ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කළේය. ‘මේ පිලිබඳව ඔස්ට්‍රේලියාවේ බුද්ධි තොරතුරු පිළිබඳව හෙළිදරව්වක් කරලා ඒ ගැන සමාව ඉල්ලා සිටීමේ ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕනෑම ආණ්ඩුවක පළමු වගකීම රට ආරක්ෂා කර ගෙන ජාතික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමයි.මේ නිසයි හැම ආණ්ඩුවක්ම තොරතුරු එකතු කරන්නේ. ඒ වගේම තමයි හැම ආණ්ඩුවක්ම දන්නවා අනෙක් ආණ්ඩුව තොරතරු එකතු කරනවා කියලා’ යැයි ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ප්‍රකාශ කළේය. මේ පුවත මුලින්ම වාර්තා කල ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවාවේ මයිකල් බ්‍රිසේන්ඩ්න් කියා සිටියේ මේ සිදුවීම් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට බලපෑමක් වෙතත් අප්‍රසිද්ධියේ කෙරෙන රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් තුලින් ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතරේ ඇති සබඳතා යථා තත්වයට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි.
තමන්ගේ දුරකතනයට ඔස්ට්‍රේලියාවේ බුද්ධි සේවා රහසේ සවන් දීම පිළිබඳ ව ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් ප්‍රමාණවත් ලෙස කනගාටුව පල නො කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ජනාධිපති සුසිලෝ බැන්බැන් යුදයානෝ චෝදනා කොට සිටි අතර මෙම දුෂිත ක්‍රියාව වේදනාව ගෙන දෙන්නක් බව පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මම ඔය කියන ආකාරයේ කිසිම සමාගමක අධ්‍යක්ෂක ධුරය දරා නැහැ. ඒ සඳහා මගේ නම අවභාවිතා කළා විය හැකියි' වත්කම් සැඟවීමට සහ ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම් සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අමිතාබ් බච්චන් පවසන්නේ. ධනවත් පුද්ගලයන්ට තම රටවල ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට හැකි වන අයුරින් පැනමා රාජ්‍යයේ පිහිටි මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ සමාගම ලොවපුරා සමාගම ආරම්භ කොට ඇති බව දැක්වෙන රහස්‍ය ලිපි ගොනු අතර සුපිරි නළු අමිතාබ් බච්චන් ගේ නමත් තිබෙන බවයි 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කොට තිබුණේ. අමිතාබ් බච්චන් අධ්‍යක්ෂකවරයා වශයෙන් නම් කරනු ලැබූ නාවුක සමාගම් හතරක්වත් 1993 වසරේදී බහමා සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල ලියාපදිංචි කොට ඇති බවත් 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත් පත වාර්තා කළේය. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අභාවප්‍රාප්ත පියා, ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි වී තිබේ මේ අතර ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ප්‍රකාශකයෙක්, අගමැතිවරයා, ඔහුගේ බිරිඳ හෝ දරුවන් ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම්වලින් දැනට හෝ අනාගතයේදී කිසිදු වාසියක් නොලබන බව සඳහන් කරයි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අභාවප්‍රාප්ත පියා, ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි වී තිබේ. අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම්ද පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බව 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වැඩිදුරටත් වාර්තා කොට තිබිණි. අයිශ්වර්යා රායිගේ මාධ්‍ය උපදේශකවරයා විසින් පැනමා ලිපිගොනුවල සත්‍ය අසත්‍යතාව ප්‍රශ්න කරනු ලැබ ඇති අතර, අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් අමිතාබ් බච්චන් කියා සිටියේ තමා හා ඉහත සඳහන් සමාගම් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. "මම ඔය කියන ආකාරයේ කිසිම සමාගමක අධ්‍යක්ෂක ධුරය දරා නැහැ. ඒ සඳහා මගේ නම අවභාවිතා කළා විය හැකියි," සුපිරි නළු අමිතාබ් බච්චන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි. හැකරුන් විසින් සිය සමාගමේ පරිගණකවලට අනවසරයෙන් ඇතුලු වී එම දත්ත සොරා ගෙන ඇති බව පවසමින් අපරාධ නඩුවක් පවරන ලද බව මොසැක් ෆොන්සේකා සමාගමේ සම නිර්මාතෘ රැමෝන් ෆොන්සේකා මේ අතර පවසයි.
පැනමා ලේඛනවලින් හෙළි වූ කරුණු පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කරුණු පැහැදිලි කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 'ආවා' කණ්ඩායමට හමුදාවේ ඇතැම් කොටස් සමග සම්බන්ධයක් ඇතැයි සඳහන් කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කළ විමසීමකදී. ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අවධාරණය කළේ 'ආවා ගෲප්' යනු හුදෙක් යතුරුපැදි කල්ලියක් පමණක් බවය. මේ අතර එහිදී අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, 'ආවා' කණ්ඩායම සහ ත්‍රස්තවාදය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුණි. එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති බවට හඳුනා ගනු ලැබ සිටින 'ආවා' නමැති පුද්ගලයකු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. පුද්ගලයන් හැට දෙදෙනෙකු 'ආවා' කණ්ඩායමට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇතැයි සඳහන් කළ ඇමතිවරයා ඉන් තිස් අට දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසීය. ඊට සම්බන්ධ තරුණයන්ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු දහඅටත් විසි පහත් අතර පසු වන්නන් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
උතුරේ ක්‍රියාත්මක 'ආවා' කණ්ඩායමට හිටපු හමුදා සාමාජිකයකු සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඊට හමුදාවේ සම්බන්ධයක් නොමැති බව ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තරිඳු සහ දුලානි මෙහි අන්තර්ගතය නැත End of Facebook post, 1 එය දින එක හමාරකින් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට නියමිත අතර, චන්ද්‍රිකාවේ සම නිර්මාණකරුවෙකු වන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරු තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, එය සිකුරාදා පස්වරු 6.30 වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට නියමිත බවය. රාවණා 1 චන්ද්‍රිකාව ලබන ජූනි මාසයේ මැද භාගයේදී කක්ෂගත කිරීමට මූලිකව සැලසුම් කර ඇතැයි ද තරිඳු දයාරත්න පැවසීය. "පොඩි කාලේ ඉඳලා අභ්‍යවකාශය ගැන ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තත්, මම කවදාවත් හිතුවේ නෑ අපි ම හදපු චන්ද්‍රිකාවක් යවන්න පුළුවන් වෙයි කියලා. මුලින් ටිකක් චකිතයකින් හිටියේ රොකට් එක යනකම්. ඒත් ඒක සාර්ථකව පිටත් වුණා ම ලොකු සතුටක් ඇති වුණා," තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. "මේක ගැන මුළු ශ්‍රී ලංකාව ම සුබ පතනවා. විශේෂයෙන් ම කෑගල්ලේ තියෙන අපේ ගෙදරට ගමේ ම අය එකතු වෙලා ගොඩක් ආඩම්බරයෙන් ඒ ගැන කතා කරනවා කියලා අම්මලා කිව්වා. මට ලොකු සතුටක් දැනෙනවා මේ ගැන." මේ අතර, මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, රොකට්ටුව සාර්ථකව පිටත් වන තුරු තමන් දැඩි චකිතයකින් පසුවූ බවය. "රොකට් එක සාර්ථකව ගියාට පස්සේ ලොකු සතුටක් දැනුණා. මේක මගේ සිහිනයක් සැබෑ වීමක්. මගේ එක ම අරමුණ අභ්‍යවකාශය ගැන තවදුරටත් ඉගෙන ගෙන ඒ සම්බන්ධ කටයුතුවලට දායක වෙන එකයි," දුලානි චාමිකා විතානගේ ප්‍රකාශ කළාය. රජයේ අවධානය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු වීම වැදගත් බව තරිඳු දයාරත්න සඳහන් කළේය. "බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරපු සෑම රටක ම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සමරන්න ලබන ජූනි මාසයේදී විතර ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ උත්සවයක් තියෙනවා. ඒකට අදාළ රටේ ඉහළ නිලධාරියෙක් සහභාගි වෙන්න ඕන. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය අවධානයක් යොමු කරනවා නම් ඒක ඉදිරි ව්‍යාපෘතිවලටත් හොඳයි." මේ පිළිබඳව බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි අතිරේක ලේකම්වරයෙකු සඳහන් කළේ, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ද සිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවය. "මේ ව්‍යාපෘතියට ප්‍රතිපාදන ලබා දුන්නේ අපේ අමත්‍යාංශයෙන්. අපේ අමාත්‍යාංශය මේ ව්‍යාපෘතිය ගැන අවධානයෙන් ඉන්නේ. මාධ්‍යවලින් ඒ ගැන කතා කරන්නේ නැහැ," එම අතිරේක ලේකම්වරයා සඳහන් කළේය. තවත් කියවන්න.
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා (18) අලුයම 2.16ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා සාර්ථකව ගමන් ඇරඹීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සම්ප්‍රදායිකව ගතානුගතික බවක් ඉසිලුව ද, අනෙකුත් සංස්කෘති මෙන්ම විශ්වාසවලට ද සාමාන්‍යයෙන් ඉඩක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගල්ෆ් කලාපයේ වඩාත්ම ලිබරල් රටවල් අතරින් එකකි. ගල්ෆ් දූපත් සම්බන්ධයෙන් ඇති අර්බුදය හේතුවෙන් අසල්වැසි ඉරානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතා උණුසුම් තත්ත්වයක පවතී. 1950 ගණන්වලදී තෙල් සොයා ගැනීමට පෙර ධීවර කර්මාන්තය මෙන්ම පහළ යමින් පැවති මුතු කර්මාන්තය මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකය රඳා පැවතුණේය. නමුත් 1962 දී තෙල් අපනයනය ඇරඹුණු තැන සිට රටේ සමාජය මෙන්ම ආර්ථිකය ද පරිවර්තනයකට ලක් විණි. විවිධත්වයට පත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලාපීය වෙළෙඳ හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. එරට ආයතන විදේශවල විශාල ලෙස ආයෝජනය කර ඇත. තොරතුරු එක්සත් අරාබි එමීර් රාජ්‍යය අගනුවර: අබු ඩාබි ජනගහනය මිලියන 8.1 භූමිය ව.කි.මී.77,700 (ව.සැ.30,000) ප්‍රධාන ආගම ඉස්ලාම් ප්‍රධාන භාෂාව අරාබි ආයු අපේක්ෂාව 76(පිරිමි), 78(ගැහැණු) විනිමය ඩිරාම් නායක ජනාධිපති: ෂෙයිඛ් ඛලීෆා බින් සයෙඩ් ජනාධිපති ෂෙයිඛ් ඛලීෆා බින් සයෙඩ් බටහිරට හිතැති නවීකරණවාදියකු ලෙස නමක් දිනා ඇති අබු ඩාබි හි ජනාධිපති ෂෙයිඛ් ඛලීෆා බින් සයෙඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස එහි ෆෙඩරල් කවුන්සිලය විසින් 2004 වසරේදී නම් කරනු ලැබුවේ ඔහුගේ පියා වූ ෂෙයිඛ් සයෙඩ් බින්-සුල්තාන් අල් නාහ්යන් ගේ අභාවයෙන් කෙටි කලකිනි. අබු ඩාබි, ඩුබායි, අජ්මාන්, ෆුජයිරා, රාස් අල් ඛයිමාහ්, ශාර්ජාහ් සහ උම්ම් අල් ක්වෙයින් යන එමීර් රාජ්‍ය හත එක්ව සැදුනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සැලකිය යුතු තරමේ විශාල නිදහසක් පවතින්නේයැයි කියැවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලනය ගෙන යන උත්තරීතර සභාවේ සිටින අදාළ රටවල් හතේ පාලක එමීර්වරු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කරති. උප ජනාධිපති, අගමැති මෙන්ම ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් මාධ්‍ය රූපවාහිනි සහ මාධ්‍ය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. ඩුබායි හි මීඩියා සිටි (Media City) සහ ටූෆෝර්54 (twofour54) , අබු ඩාබි හි මාධ්‍ය කලාපය ගොඩනැගුනේ රොයිටර්ස්, සීඑන්එන්, සෝනි සහ ෆොක්ස් වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවය. මාධ්‍යවල තොරතුරු සම්බන්ධයෙන් දැඩි නියාමනයක් හා දේශපාලනික පාලනයක් ඇති අතර විදේශ තොරතුරු විකාශනය ද බෙදාහැරීමට පෙර වාරණයකට යටත් කෙරේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මිලියන 8.8 ක අන්තර්ජාල පරිශීලකයින් පිරිසක් සිටින අතර අරාබි ලෝකයේ ඉහළම අන්තර්ජාල විනිවිදීමේ අනුපාතයකින් යුතුවේ. නමුත් විරුද්ධ දේශපාලන හා ආගමික අන්තර්ගත පුළුල්ව වාරණය කෙරේ. කාල විකාශය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉතිහාසයේ වැදගත් අවස්ථා: 1971 දෙසැම්බර්- බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු අබු ඩාබි, ඩුබායි, අජ්මාන්, ෆුජයිරා, ශාර්ජාහ් සහ උම්ම් අල් ක්වෙයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙස එක්විණි. ෂෙයිඛ් සයෙඩ් බින්-සුල්තාන් අල් නාහ්යන් එහි ජනාධිපතිවරයා විය. 1972 - රාස් අල් ඛයිමාහ් ෆෙඩරේෂනයට එක්විය. 2006 - මුල්වරට ජාතික මැතිවරණයක් පැවැත්විණි. තෝරාගන්නා ලද සුළු ඡන්දදායකයින් පිරිසක් විසින් ෆෙඩරල් ජාතික කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් අඩක් උපදේශක මණ්ඩලයකට පත් කරගනු ලැබූහ. 2015 - යේමනයේ හුති සටන්කරුවන්ට එරෙහිව සෞදි අරාබියේ මුලිකත්වයෙන් දියත් කෙරුණු ගුවන් ප්‍රහාරවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එක් විය. ඩුබායි: මෑත දශක කීපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේගයෙන් වර්ධනය විය.
රාජ්‍ය හතක එකතුවක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) කලෙක සංවර්ධනයක් නොදුටු තැනක සිට මැදපෙරදිග කලාපයේ වඩාත් වැදගත් ආර්ථික මධ්‍යස්ථාන අතරින් එකක් බවට පත්වූ රාජ්‍යයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නියෝජ්‍ය පොලිස්පති බිරිඳ සාක්ෂි නොදෙන මෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කොට තිබෙන බව පොලීසිය පවසයි මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම, ජාතීන් අතර සුහදතාවය බිඳ දැමීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා නගා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ අජිත් පතිරණ ප්‍රකාශ කරන්නේ, වාස් ගුණවර්ධන මෙවැනි දේවල් කළේ නම් ‘ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ව’ තිබුණු බවයි. “පොලිස් දෙපාර්තමේන්තුවේ අයිති කාරයා නෙවෙයි වාස් ගුණවර්ධන,” යයි නීතිඥ පතිරණ බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් හට කියා සිටියේය. සාක්ෂි කරුවන්ට බලපෑම් හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා හට ‘නඩුව පටලැවීමට’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරන බවට චෝදනාවක් නැඟූ නීතිඥවරයා කියා සිටින්නේ වාස් ගුණවර්ධනට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවයි. කෙසේ වෙතත්, රහස් පොලිසිය අධිකරණය හමුවේ චෝදනා කළේ පරිදි හිටපු නියෝජ්‍ය පොලිස්පති බිරිඳ සාක්ෂි නොදෙන මෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කොට තිබෙන බවටයි. ඒ පිළිබඳව කරුණු දැක්වීමට ලබන මස නව වැනිදා පෙනී සිටින මෙන් ශ්‍යාමලී ගුණවර්ධන හට නියෝග කොට තිබෙන අධිකරණය වාස් ගුණවර්ධන තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
වාස් ගුණවර්ධන පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටිය දී කැරුණු අපරාධයක් සම්බන්ධයෙන් වරද කරු වේ නම් ඔහුගේ ජ්‍යෙෂ්ටයන් ද ඒ පිළිබඳ වගකීමෙන් බැඳෙන බව නීතිවේදීහු පෙන්වා දෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ විදුලිබල අර්බුදයක් මතු වීමේ අවදානමක් පවතින බව පවසන ජනාධිපතිවරයා දැන් සිටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද පෙන්වා දෙයි. ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
ප්‍රචාරණ සහ අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට සහාය ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවලින් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අද තියෙන මේ යෝජනා දෙපැත්තම පිළිගන්න යෝජනා. ඒවා අඩු කලොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්" 2009 මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දු සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මත පදනම් වී බලය බෙදීම සම්බන්ධ තීන්දු ගත යුතු බවයි, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ. කිසියම් ලෙසකින් එම යෝජනා සංශෝධනය කරන්නේ නම් හෝ "අඩු කරන්නේ නම්" යලිත් වරක් ජිනීවා නුවරට ගොස් ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු බව ද විපක්ෂනායකවරයා පැවසීය. 'උපකල්පනීය ප්‍රශ්නයක්' කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගි කර ගැනීම ආණ්ඩුවේ පූර්ණ උත්සාහය බව අමාත්‍යවරයා පවසයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් 19-පුද්ගල කාරක සභාවක් පත් කරන බව කතානායක චමල් රාජපක්ෂ නිවේදනය කළේය. විපක්ෂනායකවරයා ඉහත කී ප්‍රකාශය කළේ එම කාරක සභාවේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින්. රටේ ජාතික එක්සත්භාවය ඇති කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වෙනස්කම් සිදු කළ යුතුද යන්න තේරීම් කාරක සභාවට පවරා තිබෙන වගකීම බවයි, සමාජ ඒකාබද්ධතා පිලිබඳ ජ්‍යෙෂ්ට අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට කියා සිටියේ. මෙම කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගි කර ගැනීම ආණ්ඩුවේ පූර්ණ උත්සාහය විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම පක්ෂයද කාරක සභාවට සහභාගි වනු ඇතැයි දැනට ආරංචි ලැබෙමින් පවතින බවයි, අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ. කිසියම් ලෙසකින් විපක්ෂය කාරක සභාව වර්ජනය කළ හොත් කුමක් සිදුවිය හැකිදැයි විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ, එය "උපකල්පනීය ප්‍රශ්නයක්" බැවින් තමන්ට එයට පිළිතුරු දිය නොහැකි බවයි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මාර්ගයෙන් බලය බෙදීම සම්බන්ධ වත්මන් විධිවිධාන අඩු කිරීමට උත්සාහ දැරීම ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දී තිබෙන පොරොන්දු කඩ කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනතා බලාපොරොත්තු සාක්ෂාත් කිරීමට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුව සමත් වේවිද? සියලුම කඩ සාප්පු වසා දමා තිබුණු අතර, මගේ ජංගම දුරකතනයට ‘රීලෝඩ් එකක්’ දමා ගැනීම පිණිසත් මට බොහෝ දුර ගෙවා යාමට සිදුවිය. ජනතාව පමණක් නොව කිසිම වීථියක පොලිස් නිලධාරියෙක් පවා දක්නට ලැබුනේ නැහැ. මා සමඟ සිටි මාධ්‍යවේදී ජයසිරි ජයසේකර ඒ සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාව පුරා පැවති වාතාවරණය විග්‍රහ කළේ 'ඇඳිරි නීතිය පැනවූවා හා සමාන' වාතාවරණයක් ලෙසින්. පෙර දින මුළු රාත්‍රියම රූපවාහිනී තිරවලට දෑස් යොමාගෙන උනන්දුවෙන් මැතිවරණ ප්‍රතිඵල නරඹමින් සිටි ජනතාව සවස් යාමයේ නින්දට යාම මේ අසාමාන්‍ය නිශ්චලත්වයට ප්‍රධාන හේතුව ලෙසිනුයි මට දක්නට ලැබුණේ. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ජනතාව තුල පැවති බිය එයට තවත් හේතුවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මා සමඟ පැවසීය. නව බලාපොරොත්තු ජනශූන්‍ය, වාහනවලින් තොර මාර්ග ඔස්සේ ගල්කිස්සේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය කරා ගමන් කිරීම අන් බොහෝ දිනවලට වඩා පහසු වූයේ වෙනත් දිනවල පවතින මාර්ග තදබදය නිසා දිගු වේලාවක් ගතවන ඒ ගමන විනාඩි තිහක් වැනි කාලයකින් නිමා වූ නිසා. මහ සෙනග පීරා ගෙන අපි නිදහස් චතුරශ්‍රයේ වේදිකාවට ඇතුළු වූයේ ඉතාමත් අපහසුවෙන් එහෙත් නිදහස් චතුරශ්‍රයට ළඟාවන විට එහි පැවතියේ ඊට හාත්පසින්ම වෙනස් වාතාවරණයක්. බස් රථ, මෝටර් රථ, යතුරු පැදිවල නැගි සිය ගණනක් පිරිස් කොළ සහ නිල් පැහැති කොඩි වනමින් ඒ අසල වීදි සංචාරය කළේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සවුදිය පුරමින්. ඉන් අනතුරුව පොරකමින් සිටි මහ සෙනග පීරා ගෙන නිදහස් චතුරශ්‍රයේ වේදිකාවට මා ඇතුළු වූයේ ඉතාමත් අපහසුවෙන්. එහි ඇතුළු වූ පසුවත් අසාම් අමීන්, යෝගිතා ලිමායේ ඇතුළු සමස්ත බීබීසී කණ්ඩායමට නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවේ සමීප දසුන් දැකගැනීමට හැකි වූයේ නැහැ. ඒ එහි රැදී සිටි දහස් සංඛ්‍යාත සෙනඟ පීරා යාම ඉතා අසීරු වීම නිසා. ශ්‍රී ලංකා ජනපතිවරණ ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමින් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දෙද්දී නිදහස් චතුරශ්‍රයේ රැස්ව සිටි මහජනකාය ප්‍රීතිඝෝෂා නැගුවේ නව යුගයක උදාව පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව සනිටුහන් කරමින්. ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සාක්ෂාත් කිරීමට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුව සමත් වේවිද? ඔවුන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය එයයි.
ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ සිකුරාදා සවස් යාමයේ මුළු අගනුවර පුරාම දක්නට ලැබුනේ පාළු ස්වභාවයක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන් පසු බලයට පත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කියා සින්නකක්ර ඉඩම් ලබා දීමට ඇති කරගෙන ඇති එකඟතාවට සිය රජයේ අනුමැතිය නොලැබෙන බවය. ඒ අනුව පැරණි ගිවිසුම අත්හිටුවා නව ගිවිසුමක් හරහා එම ඉඩම 99 වසරක බද්දට ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. කෙසේ වෙතත් අද (ජන.10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන දිගින් දිගටම අවධාරණය කළේ තම රජය සින්නක්කර ඉඩම් ලබාදීමට කටයුතු නොකළ බවය. ඒ පිළිබඳ පිළිබඳව කොළඹ වරාය නගරය ඉදිකරනු ලබන සමාගමෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔවුන් ද තහවුරු කළේ පසුගිය රජය සමයේ අත්සන් කළ මුල් ගිවිසුමෙන් තම සමාගමට සින්නක්කර ඉඩම් ලබාදීමට එකඟතාවක් තිබු බවය. අද පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට විරෝධතා පැවැත්වීම තහනම් කර අධිකරණ නියෝගයක් පනවා තිබූ බව තමන් දැන නොසිටි බවය.
පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව ඉන් කොටසක් අදාළ ඉදිකිරීම් සිදු කරන චීන සමාගමට සින්නකරව ලබාදීමට ඇතිකර ගෙන තිබූ එකඟතාව පිළිබඳ එවකට මහත් ආන්දෝලනයක් ඇතිවිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මදානියා ගේ සහෝදරයා සහ්රාන් හෂිම්ය. ඔහු පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කණ්ඩායමේ එක් සාමාජිකයෙකි. බලධාරීන් පවසන ආකාරයට සහ්රාන් හෂිම් මරාගෙන මැරෙන කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තා වේ. ඔහුගේ එම ක්‍රියාව නිසා මදානියා වික්ෂිප්ත වී සිටී. මේ වන විට එම ප්‍රහාර වලින් 250 දෙනෙකුට අධික පිරිසක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. බොහෝ ප්‍රදේශ වල ආරක්ෂාව තර කර තිබේ. "සිද්ධ වෙලා තියෙන දේ භයානකයි. ඊළඟට කුමක් වෙයි දැයි මට සිතා ගන්න බැහැ," ඇය පවසයි. සැකකාරියක ලෙස නොසලකුවද පොලීසිය මේ වන විට ඇයගෙන් ප්‍රශ්න කර තිබේ. ප්‍රහාර එල්ල කළ කණ්ඩායමට නායකත්වය දුන් බව සැලකෙන ඇයගේ සොහොයුරා තවමත් ජීවතුන් අතර සිටීද නැත්ද යන්න අපැහැදිලිය. එහෙත් ඔහු මියගොස් ඇති බව ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ පවසති. සහ්රාන් හෂීම් "වික්ෂිප්ත වෙලා" සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා මදානියා ය. හතළිස් හැවිරිදි සහ්රාන් පවුලේ වැඩිමලාය. දැඩි අව් රශ්මියෙන් කාත්තන්කුඩි නගරය වෙහෙසට පත්වී ඇති සෙයකි. එහි වෙසෙන බහුතරය මුස්ලිම් ජාතිකයින්ය. මදානියා දෙස බොහෝදෙනා විමසිල්ලෙන් බලති. නමුත් එයට ඇය අකමැතිය. නමුත් ඇයට එයින් ගැලවී යා නොහැකි සෙයකි. තම වැඩිමහල් සොහොයුරා වසර දෙකකින් පමණ තමාට කතා කර නොමැති බව ඇය කියයි. එකිනෙකාට වෙනස් අදහස් ඇති මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකට පසුව පොලීසිය 2017දි සහ්රාන් අත්අඩංගුවට ගැනීමට සෙවීය. එතැන් සිට ඔහු සැඟවී ජීවත් වී තිබේ. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රහාරකයින්ගේ යැයි සැලකෙන වීඩියෝවක් නිකුත් විය. එහි සහ්රාන් හෂීම් ලෙස විශ්වාස කළ හැකි පුද්ගලයෙක් අයි එස් කණ්ඩායමේ නායක අබු බකර් අල්-බගාදි ට සහයෝගය දක්වනු පෙනේ. එම වීඩියෝවේ මුහුණ ආවරණය නොකර සිටින්නේ ඔහු පමණය. එහි පුද්ගලයින් අට දෙනෙක් සිටින අතර අයි එස් සංවිධානය පවසා ඇත්තේ එම කණ්ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රහාර එල්ල කළ බවය. ප්‍රහාර එල්ල කිරීමට 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකික කණ්ඩායමක් සහභාගී වී තිබෙන බව පොලීසිය පවසයි. ඉන් එක් අයෙකු කාන්තාවකි. මඩකලපුවේ ප්‍රහාරය පොලීසිය පැවසුවේ ඔවුන් සියලු දෙනා "හොඳින් ඉගෙනගත් මධ්‍යම පාන්තිකයන්" බවය. ප්‍රහාරයට සම්බන්ධ එක් අයෙකු එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගෙන ඇති අතර ප්‍රහාරකයින් අතර සිටි දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින ධනවත් කුළුබඩු ව්‍යාපාරිරකයෙකුගේ පුතුන්ය. එක් අයෙකුගේ බිරිඳ පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කරන විට බෝම්බයක් පුපුරුවාගෙන දරු දෙදෙනා සමගම මරණයට පත්ව තිබේ. පොලිස් නිලධාරීන් තිදෙනෙක්ද එහිදී මිය ගියහ. පළිගැනීම් වලට ලක්වේ යැයි කාත්තන්කුඩි ජනතාව බිය පළ කරති "මම ඔහු කරපු දේට සම්පුර්ණයෙන් ම විරුද්ධයි. ඔහු මගේ සොහොයුරා වුණත් මට මේක පිළිගන්න බැහැ. මම මින් පස්සේ ඔහු ගැන සොයන්නේ නැහැ." එසේම ඇයගේ දෙමව්පියන් ප්‍රහාර සිදුවීමට දින කිහිපයකට පෙර ඔවුන්ගේ නිවසෙන් අතුරුදන් වී තිබේ. "ඒගොල්ලෝ ගැන කිසිම තොරතුරක් නැහැ," මදානියා පැවසීය. "මම හිතන්නේ සහ්රාන් අම්මයි තාත්තයි එක්ක සම්බන්ධතා තියෙන්න ඇති." පොලීසිය සහ්රාන්ගේ බාල සොහොයුරා ගැනද විමසිල්ලෙන් සිටිති. එහෙත් ඔහුද අතුරුදන්ය. සහ්රාන් හෂීම් රැඩිකල් ඉස්ලාම් දේශකයෙකි. ඔහු ගැන මීට වසර කිහිපයකට පෙර සමාජ ගත වුයේ යුටියුබ් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අනෙකුත් ආගම අදහන්නන් නිගාවට ලක් කළ හෙයිනි. ඔහුගේ එම ප්‍රකාශ සහිත වීඩියෝ ගැන අනෙකුත් මුස්ලිම් ජාතිකයෝ විරෝධය මතු කළහ. සමහර මුස්ලිම් නායකයින් පැවසුවේ තමන් සහරාන් ගැන බලධාරීන්ට අනතුරු ඇඟවූ බවත් ඒවා නොසලකා හරින ලද බවය. නමුත් සහ්රාන් ව සොයා ගැනීමට අපහසු වූ බව බලධාරීහු පැවසු බව සඳහන් වේ. සහ්රාන් සහ අයි එස් කණ්ඩායම අතර ඍජු සම්බන්ධතා තිබුණේදැයි යන්න තවමත් අපැහැදිලිය, පාස්කු ඉරුදින මඩකලපුවේ සිදුවූ ප්‍රහාරයෙන් 25කට අධික පිරිසක් මියගියහ. ඒ අතර කුඩා ළමුන් ද විය. මෙම ප්‍රහාරයෙන් පසු වැඩිදෙනාගේ අවදානය කාත්තන්කුඩි ගම්මානය වෙත යොමු වුයේ එය සහ්රාන් ජීවත් වූ ප්‍රදේශය නිසාය. සහ්රාන් ගැන කතා කිරීමට එම ගම්මානයේ බොහෝදෙනා අද වැඩි කැමැත්තක් නොදක්වති. ඔහු ආරම්භයේදී ආගමික දේශනා කර ඇත්තේ මද වශයෙනි. නමුත් පසුකාලීනව දේශකයෙකු වශයෙන් සමහරු අතර ඔහු ප්‍රචලිත විය. නමුත් ප්‍රධාන ඉස්ලාම් කණ්ඩායම් ඔහුට අනෙක් ප්‍රදේශ වල ආගමික දේශනා පැවැත්වීමට ඉඩ නොදුන්නේ සහ්රාන් අන්තවාදී අදහස් ප්‍රචාරය කළ බැවිණි. ඔහු ජාතික තව්හිත් ජමාත් නමින් සංවිධානයක් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටුවා ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි. එසේම මුහුදු වෙරල ආසන්නයේ දේවස්ථානයක් ගොඩනගා එහි ආගමික පන්ති පැවැත්වීම අරඹා තිබේ. ඉන් පසු ඔහු තම රැඩිකල් අදහස් එම පන්තිවලට සහභාගී වන අය අතර ප්‍රචලිත කර ඇති බව පැවසේ. සහ්රාන් සිදු කළ ක්‍රියාව නිසා අද කාත්තන්කුඩි ජනතාව පසුවන්නේ දැඩි බියෙනි. ඒ ඔවුන් පළි ගැනීම් වලට ලක් විය හැකි නිසාය. "මම ඔහුගේ වැඩ ගැන දැනගත්තේ මාධ්‍යයෙන් . මම කිසි විටෙක හිතුවේ නැහැ ඔහු මෙවැනි දෙයක් කරයි කියලා," තම සොහොයුරා ගැන මදානියා පැවසුවේ එලෙසිනි. කියවන්න:
මොහමඩ් හෂීම් මදානියා වන ඇය දෙදරු මවකි. ඇය හිඳගෙන සිටින්නේ ඉතා ශෝකයෙනි. ඒ ඇයගේ සහෝදරයාගේ සිදුකළ ක්‍රියාවක් නිසාවෙනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කරමු" කාන්තාවන්ගේ ඇඳුම හා හැසිරීම, කාන්තාවට ලිංගික හිරිහැර කිරීම පිණිස නිදහසට හේතුවක් නොවන බව ඔවුහු අවධාරණය කරති. ඔවුන් දෙදෙනා ඒ අදහස් පළ කළේ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතා කථා කරමිනි. කාන්තාවන්ගේ ඇඳුම පැළඳුම හා හැසිරීම ඔවුන් හිංසනයට ලක්වීමට හේතුවක් නේදැයි එහිදී පාසල් සිසුවෙක් ප්‍රශ්නයක් මතු කළේය. ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" එයට පිළිතුරු දුන් කුමාර් සංගක්කාර,: "පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ, කාන්තාවක්ව නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න," යනුවෙන් සඳහන් කළේය. "හැම වෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වරද කියලා. එයා ඇන්දේ මෙහෙමයි. එයා අපි දිහා බැලුවේ මෙහෙමයි. ඒක අපේ ඔක්කොම පිරිමින්ගේ තියෙන නිදහසට කාරණාවක්. ඒක අපි අයින් කර ගත යුතුයි." කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාසල් ළමයින් 100කට වැඩි පිරිසක් දැනුවත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනා සහභාගි වී සිටියේ යුරෝපා සංගමයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ආරාධනයෙනි. එහිදී අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද ඉහත ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුවේ යම් කෙනෙකු අඳින ඇඳුමෙන් හෝ බාහිර ස්වරූපයෙන් ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීම යෝග්‍ය ක්‍රියාවක් නොවන බවය. මග තොටේදීත්, වැඩ පොලේදීත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවන ලාංකීය කාන්තාව "ලසිත් මාලිංග, කොන්ඩේ පාට කරලා, කරාබුවක් දාලා හිටියා කියලා එයා ඇවිල්ල මැරයෙක්වත් චන්ඩියෙක් නෙවෙයි. හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක්." ලොව ඕනෑම තැනැත්තෙකුට තමන් අඳින පළඳින ආකාරය ගැන තීරණය කිරීමේ නිදහස තිබිය යුතු බව මහේල ජයවර්ධන පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පාසල් සංයුතියේ මිශ්‍ර පාසල් අඩු බව පෙන්වාදෙන මහේල ජයවර්ධන, සහෝදරියක් පවුලේ නොමැති වූ විට පිරිමි දරුවන්ට ගැහැණු ළමුන් ගැන වැඩි අවබෝධයක් නොලැබෙන බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද තමන්ට කැමති ආකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමට නිදහසක් ඇති බව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන හිටපු ක්‍රිකට් නායකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අපේ ඉඩම්වලට, අපේ ගම්වලට අපේ මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න. ඉඩම් අත්පත් කරගන්න එක වහාම නතර කරන්න' බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත් කරගන්නා මෙන් ඉල්ලමින් කිලිනොච්චිය තිරිමුරුකන්ඩි කෝවිල අසල පැවති උද්ඝෝෂණයක් ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රදේශයේ දෙමළ ජනතාව කෘර අන්දමින් පාලනය කරන බවට හමුදාවට චෝදනාවක්ද එල්ල කළේය. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික මහජන පෙරමුණ, නව සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක නියෝජිතයෝ මෙම උද්ඝෝෂණයට එක්වී සිටියහ. "අපේ ඉඩම්වලට, අපේ ගම්වලට අපේ මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න. ඉඩම් අත්පත් කරගන්න එක වහාම නතර කරන්න කියන එක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම," බව එයට එක්වී සිටි එම්.කේ. සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය. මීට කලින් යාපනයේද මෙවැනිම උද්ඝෝෂණයක් දියත් කළ බවද ඔහු සඳහන් කළේය. දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත්කරගෙන සිටින පිරිසට ශාපවේවායි කියමින් තිරිමුරුකන්ඩි කෝවිල ඉදිරිපස පොල්ගසා ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් වූයේද එලෙසින්.
ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ දෙමළ ජනයාට අයත් ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචිවී සිටීම නිසා යුද අනාථයන් යලි පදිංචි කිරීමට මෙන්ම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට බාධා පැමිණ ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිංහරාජ පිවිසුම් මග ඇති දැන්වීම් පුවරුවක් හිටපු ජනාධිපතිවරයා සිය ධුර කාලය අවසන් වීමට තිබියදී සිංහරාජ වන රක්ෂිතය අවට පරිවාර වනාන්තර ඊට එක් කර ගනිමින් මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 30,000 දක්වා වර්ධනය කර ගැනීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇතැයි මීට ඉහතදී වාර්තා විය. 2019 නොවැම්බර් 20 වෙනි දින ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන අතර 2150/31 යන අංකයට අදාළ එම ගැසට් නිවේදනය පමණක් දක්නට නොමැත. අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් එය සිතාමතාම ප්‍රකාශයට පත් නොකරන බව ඇතැම් පරිසරවේදීන්ගේ අදහස වී තිබේ. "ගැසට් එක අත්සන් කර තිබුණත් එය මේ වන තෙක් සිර කරගෙන ඉන්නේ. මේ ගැසට් එක ක්‍රියාත්මක කර ඉඩම් පවරා ගත්තොත් උදාහරණයක් විදිහට ඒ ආශ්‍රිත හෝටල් ගණනාවක් සිංහරාජ රක්ෂිතයට අයිති වෙනවා. ඒ ව්‍යාපාරිකයන්ගේ බලපෑම නිසා තමයි ජනාධිපතිවරයෙක් අත්සන් කළත් මෙය ප්‍රකාශයට පත් නොවෙන්නේ. සංචාරක හෝටල් ව්‍යාපාරිකයන්, මහා පරිමාණ තේ වතු හිමියන් ගැසට් එක ප්‍රකාශයට පත් නොවෙන්න බලපෑම් එල්ල කරමින් ඉන්නවා." යනුවෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවයට පැවසීය. 2004 වසරේදී එවක ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ දී සිංහරාජ රක්ෂිතය වටා මීටර 500 ක ප්‍රදේශය ඊට පවරා ගැනීම අනුමැතිය හිමිව වසර දාසයක් ගතව ඇතත් ව්‍යාපාරිකයන්ගේ බලපෑම් මත එය ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ඔහු පෙන්වා දෙයි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අත්සන් තබන ලද ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වෙද්දී සිංහරාජ රක්ෂිතය වටා සංචාරක හෝටල් ඉදිකිරීමට සහ මහා පරිමාණ තේ වගාවන් ව්‍යාප්ත කිරීමට ප්‍රාදේශීය දේශපාලකයන් සහ ඔවුන්ට සමීප ව්‍යාපාරිකයන් මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බවට ද චෝදනා එල්ල වේ. අදාළ ගැසට් පත්‍රයට අත්සන් තැබීම සම්බන්ධයෙන් පසුගියදා සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ සටහනක් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට කියා සිටියේ අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අවසන් සෝදුපත් පරීක්ෂාව සඳහා (Proof read) එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බවය. අවසන් සෝදුපත් පරීක්ෂාව මෙතෙක් අවසන් වී නොමැති බව ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බබ්ලිව්.ඒ.සී වේරංගොඩ පැවසීය. මාස දහයකට ආසන්න කාලයක් ගතව ඇතත් අවසන් සෝදුපත් පරීක්ෂාව මෙතරම් ප්‍රමාද වූයේ කුමන හේතුවක් නිසාදැයි විමසීමේදී ඔහු සඳහන් කළේ එය ඉක්මණින් අවසන් කර නුදුරේදීම ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවය. "පාලකයෝ භාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ" පුළුල් කෙරෙමින් පවතින ලංකාගම වෙත වැටී ඇති මාර්ගය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය යළි උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඒ ආසන්නයේ පිහිටි ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට පියවර ගැනීමත් සමගය. සිංහරාජ භූමියට අයත් වන පෙදෙස් ඔස්සේ පුළුල් කෙරෙන මාර්ගය නිසා සිංහරාජයට දීර්ඝකාලීන බලපෑම් එල්ල වනු ඇති බවට පරිසරවේදීහු අනතුරු අඟවති. අදාළ මාර්ගය සංවර්ධනය කිරීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය "සම්පූර්ණයෙන්ම වැරදි" බව කී පරිසරවේදී නයනක රන්වැල්ල එහිදී පාරිසරික ඇගයීම් වාර්තාවක් හෝ නෛතික රාමුවෙන් පරිබාහිරව එම කටයුත්ත සිදුව ඇති බව බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "මොන පක්ෂයක, මොන පාටක, කොයි පාලකයා වුණත් ඔවුන් බලයට පත් වෙන්නේ වසර පහකට. මේ රටේ මිහිඳු හමුරුවෝ පවා දේශනා කරපු හැටියට ඒ පාලකයෝ මේ රටේ භාරකරුවන් මිස, හිමිකරුවන් නොවෙයි. එය පාලකයෝ මතක තබා ගත යුතුයි. අනාගත දරුවන්ගේ උරුමය, ඔවුන්ගෙන් ණයට ගත් දේපලක් වශයෙන් සිතා මෙය ආරක්ෂා කිරීමයි පාලකයෝ කළ යුත්තේ," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේවුවත් පසුගිය කාලයේ විල්පත්තුව සහ යළි පදිංචි කිරීම් මුල් කර ගනිමින් ගොඩ නැගුණු සමාජ විරෝධය හා සැසඳීමේදී ඇතැමුන් ලංකාගම වැසියන්ගේ සමාජීය ආර්ථික අවශ්‍යතා සම්බන්ධයෙන් සංවේදී වන බවක් සමාජ ජාල ඔස්සේ දැක ගත හැක. ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට ගත් තීන්දුවට සහාය පළ කර බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබිණි ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත නෙළුව සිට ලංකාගම දක්වා කිලෝමීටර 18 ක මාර්ගය සංවර්ධනය කරන බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලව්.ආර් ප්‍රේමසිරි පවසයි. පරිසර සංවේදී කලාපය ඔස්සේ වැටී ඇති කිලෝමීටර 1.1ක් වන කොටසේ කිසිදු ඉදිකිරීමක් නොකරන බවත් ඔහු නිකුත් කළ නිවේදනයක සඳහන් විය. පසුගියදා එහි සංචාරයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ පරිසරයට හානියක් නොවන සේ මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට උපදෙස් දී ඇති බවකි. දේශගුණ විපර්යාසවලට විසඳුම් සෙවීමෙහිලා වනාන්තර ආරක්ෂා කර ගැනීම ප්‍රධාන වේ. ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 11% ක් වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් සිදු වෙතැයි වාර්තා පෙන්වා දෙයි. වන විනාශයන්ගෙන් අති බහුතරය, එනම් 80% ක පමණ ප්‍රමාණයකට කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය හේතු වී ඇති බවත් ඇතැම් රටවල වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් 90% ක් පමණ නීතිවිරෝධී බවත් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් නිකුත් කළ වර්තාවක දැක්වේ. එවැනි අතිශය වැදගත් වාසභූමි විනාශ කිරීම හෝ තත්ත්වයෙන් පහළ දැමීම මගින් දැඩි කාලගුණික වෙනස්කම්, ජෛව විවිධත්වයට හානි වීම් සහ බෝවන රෝග පැතිර යාම උග්‍ර වීම කෙරෙහි ද බලපාන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. සිංහරාජ උරුමය පසුගිය වසර 60 ක කාලය තුළ සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3614 - 5006 අතර අගයක් ගෙන තිබේ වර්තමානයේ පෘථිවි තලය මත පවතින වඩාත් පැරණිතම පරිසර පද්ධතිය නිවර්තන වර්ෂා වනාන්තර වේ. නිවර්තන වර්ෂා වනාන්තර සමකය ආශ්‍රිත ගොඩබිම් තීරයේ ව්‍යාප්තව පවතින අතර කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර ප්‍රදේශයකට පමණක් සීමා වේ. ඒ අතර ඇති කිලෝමීටර 4,800 පළල තීරය නිවර්තන කලාපය ලෙස හඳුන්වනු ලැබේ. නිවර්තන වර්ෂා වනාන්තර මධ්‍යම හා දකුණු ඇමරිකාව, අප්‍රිකාව, ආසියාව, ඔස්ට්‍රේලියාව අවට දූපත් හා නිවර්තන කලාපයේ වෙනත් ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ආසියාවේ නිවර්තන වර්ෂා වනාන්තර: අග්නිදිග ආසියානු රටවල් වන කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, වියට්නාමය, බෲනයි යන රටවල ද නිවර්තන වර්ෂා වනාන්තර හමුවෙයි. (මූලාශ්‍ර Tropical Rainforests, UNESCO) සිංහරාජය අවට ප්‍රදේශ අධික මානව බලපෑමකට ලක්ව ඇති බව ඒ සම්බන්ධයෙන් පළ වී ඇති අධ්‍යයන වාර්තා ගණනාවක් මගින් පෙන්වා දී ඇත ශ්‍රී ලංකාවේ පවතින විශාලතම ප්‍රාථමික වර්ෂා වනාන්තරය සිංහරාජ ලෝක උරුම වන වැස්මයි. එහි උතුරු ප්‍රදේශයේ කළු ගඟේ පෝෂක ශාඛා ද දකුණු ප්‍රදේශයේ ගිං ගඟේ පෝෂක ප්‍රදේශ ද පිහිටා තිබේ. සිංහරාජ වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සහ දකුණු, සබරගමු පළාත් පාලන ප්‍රදේශයන් ආශ්‍රිතව පිහිටා ඇත. පසුගිය වසර 60 ක කාලය තුළ සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3614 - 5006 අතර අගයක් ගෙන තිබේ. සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේනික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192 ක්ම ශ්‍රී ලංකාවට අවේනික බව නිල වාර්තාවල සඳහන් වේ. සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ත්ව ගහනයක ද නිජභූමිය වෙයි. ශ්‍රී ලංකාවේ පවතින විශාලතම පහතරට තෙත් කලාපීය වනාන්තරය සිංහරාජය වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.2% ක් වේ. පර්යේෂණ, අධ්‍යාපනික සහ සංචාරක කටයුතු සඳහා සිංහරාජ වනාන්තරයේ පවතින මාර්ග කිහිපයක් යොදා ගනු ලැබෙයි. අවට ගම්මාන සිංහරාජය අවට ප්‍රදේශ අධික මානව බලපෑමකට ලක්ව ඇති බව ඒ සම්බන්ධයෙන් පළ වී ඇති අධ්‍යයන වාර්තා ගණනාවක් මගින් පෙන්වා දී ඇත. අනවසර වගාබිම්, අනවසර වාසස්ථාන, අනවසර දැව කැපීම සහ අනවසර මැණික් ගැරීම් ඒ අතර ප්‍රධාන වේ. අධ්‍යයන වාර්තා අනුව සිංහරාජය අවට ගම්මාන 40 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබේ. ඉන් 30 ක් පමණ පිහිටා ඇත්තේ සංවේදී කලාප ආශ්‍රිතවය. ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ගම්මාන: ඉහළ ගිගිරුව, පහළ ගිගිරුව, කොස්මුල්ල, තඹලගම, කබරගල, ඉඳිගස්විල්ල, පැණිකොලදෙණිය, වාරුකන්දෙණිය, වාලුගේදරගම, කොලොන්තොටුව, ලංකාගම, වටුගල මාතර දිස්ත්‍රික්කයට අයත් ගම්මාන: කොහිලඅරඹේ, මැදෙරිපිටිය, කිරිවැල්ගම, කිරිවැල්දොළ, හිඟුරුහේන, සිංහගම රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගම්මාන: ඉලුඹකන්ද, දෙනුවක්කන්ද, දම්ගහමුල්ල, හල්පැන්තැන්න, මැදිරිංගවත්ත, පොතුපිටිය, පැලවත්ත දකුණ, කොස්ගුලන, කෝංගහකන්ද, කෙතලපත්තල, කුඩව, පිටකැලේ "මහාචාර්යවරු පවා මගෙන් ඉගෙනගන්නවා" සිංහරාජයේ බටහිර මායිම ආශ්‍රිතව 1970 සිට 1978 කාලය තුළ දී තෝරා ගත් දැවමය ශාක තුනී ලෑලි නිෂ්පාදනය සඳහා ඉවත් කිරීමට අනුමැතිය හිමි විය. පරිසරවේදීන් සහ පරිසර සංරක්ෂකයන් වෙතින් ඊට එල්ල වූ විරෝධය හමුවේ 1978 වසරේ දී සිංහරාජ වනාන්තරයේ දැව කැපීම සම්පූර්ණයෙන් නවත්වන ලද අතර හෙක්ටයාර 8,500 ක භූමි ප්‍රදේශයක් "ජාත්‍යන්තර මිනිසා ජෛවගෝල රක්ෂිතයක්" ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 1985 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සජීවී වනාන්තර මායිමක් ලෙස සිංහරාජ මායිම් ප්‍රදේශවල පයිනස් වගාව ආරම්භ කළේය. ඊට අමතරව උප කඳුකර වනාන්තරයක් ලෙස සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර මායිමේ පැවතුණු හෙක්ටයාර 2,687 කොටසක් ද එක් කර ගත් අතර එහිදී සිංහරාජ වනාන්තරයේ ප්‍රමාණය හෙක්ටයාර 11,187 දක්වා වැඩි විය. 1998 සිංහරාජ වනාන්තරය ජාතික උරුම භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. සිංහරාජ ලෝක උරුම වනාන්තරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ. මේ ගැනත් කියවන්න:
හෙක්ටයාර 11,187 ක් වන සිංහරාජ රක්ෂිතයේ භූමි ප්‍රමාණය "තුන් ගුණයකින්" වැඩි කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අත්සන් තබන ලද ගැසට් නිවේදනය මේ දක්වා ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ පරිසරවේදීහු බිය පළ කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන් අනතුරුව මහ නාහිමිවරුන් හමු වීම සඳහා මල්වතු අස්ගිරි විහාරස්ථානවලට පැමිණියේය. මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න ද මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී දළඳා මාලිගාව වන්දනා කිරීමෙන් පසු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ආශීර්වාද ලබා ගැනීම සඳහා හින්දු සහ මුස්ලිම් දේවස්ථාන කරා ගොස් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අර්ජුන රණතුංග සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු විපක්ෂයට එක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම ගමනට සහභාගී සිටියහ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මහනුවරට ගොස් ශ්‍රී දළඳා සමිඳු වැඳ පුදා ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තමා ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් වලට එරෙහි වීම මෝඩ ක්‍රියාවක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය සහ අප්‍රිකානු රටවලින් ඉල්ලාසිටින බව පැවසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය, දුප්පත්කම සහ ලොවපුරා පවතින ගැටුම් අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන එල්ල කළේය. පසුගිය මැයි මාසයේ පදවියට පත් ජනාධිපති දුටාර්ටේ මත්ද්‍රවය රැගෙන ඒම සහමුලින් නැතිකිරීම වෙනුවෙන් ජාවාරම් කරුවන් මරාදැමීම අනුමත කළේය. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා පදවියට පත් පසුගිය මැයි මස 9 වැනිදා සිට මේ දක්වා මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවන් 900 ක් මරාදමනු ලැබුණි. පසුගිය සතියේ මානව හිමිකම් විශේෂඥයන් දෙදෙනෙකු පැවසුවේ ජනාධිපති දුටාර්ටේ විසින් මත්ද්‍රවය ජාවාරම් කළ බවට සැක කරන්නන් මරා දැමීමට සහ ඔවුනට වධහිංසා පැමිණවීමට පොලීසියට දී ඇති බලය ජාත්‍යන්තර නීතිය අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි. මැනිලා නුවර මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවෙකු මරා දැමුණු ස්ථානයට රැස් වූ ජනතාවගෙන් පිරිසක් මේ මානව හිමිකම් විශේෂඥයන් මෝඩයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන් මත්ද්‍රවය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිලිබඳ සලකා බැලිය යුතු බවයි. "මට ඔබට අපහාස කරන්න අවශ්‍ය නැහැ. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගන්න වෙයි" යනුවෙනුයි ජනාධිපති දුටාර්ටේ සඳහන් කළේ. "ඔබ ඒ තරම් කුරිරු නම් අපිටත් ඉවත්වෙන්න සිදුවෙයි, අපිව ඔබේ සංවිධානයෙන් ඉවත්කරන්න. ඔබ කිසිම දෙයක් කරලා නැහැ. කොහෙද මෙච්චර කල් හිටිය? විවේචන විතරක් අපි බලාපොරොත්තුවෙන්නේ නැහැ" යනුවෙන් පැවසූ ජනාධිපති දුටාර්ටේ 'අපේ සාමාජික මුදල් ආපසු දෙන්න එතකොට අපිට අයින්වෙන්න පුළුවන්' යනුවෙනුයි ප්‍රකාශ කළේ. "එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
මත්ද්‍රව්‍ය වලට එරෙහිව තමා ගෙන යන වැඩසටහනට අන්තර්ජාතික නීතිය යටතේ එරෙහිවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වන බවට පිලිපීන ජනාධිපති දුටාර්ටේ තර්ජනය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියෝ(මැද) උසාවි භූමියේදී චූදිත ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන්ගේ පාලනය යටතේ පවතින සෙත්සෙවන ළමා නිවාසයේ සිංහල සහ දෙමළ ළමුන් පනහක් පමණ නේවාසිකව සිටි අතර, එහි විසූ දස හැවිරිදි පිරිමි දරුවකු පසුගිය මාසයේ ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමට සිදු විය. ඔහු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කොට තිබුණේ,එම දරුවා ලිංගික අපයෝජනයට සහ ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බවයි. ඉන් අනතුරුව,අදාළ පරීක්ෂණ වව්නියාව පොලිසියෙන් ළමාරක්ෂණ අධිකාරියට පවරුන අතර එහි නිලධාරීන් විසින් සෙත් සෙවන ළමා නිවාසයේ ළමුන් විසිඑක් දෙනෙක් ඔවුන්ගේ භාරයට ගෙන කළුතර ළමා නිවාසයේ භාරයට පත් කරනු ලැබුණි.
වවුනියාවේ ළමා නිවාසයක සිදු කෙරුණ ළමා අපචාර පිළිබඳව චෝදනා ලැබ සිටින උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් නොවැම්බර් 19 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් වව්නියාවේ දිසා විනිසුරු වී.රාමකමලන් නියෝග කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සුනාමියෙන් අපි මෙහෙ හිටියත් අපේ ජීවිතත් විනාශ වුනා මහත්තයා. අපෙත් පවුල් පිටින් සුනාමියට ගියා. අපේ ජිවිතත් සුනාමියට අහුවෙලා 2004 දෙසැම්බර් 26 වනදා සුනාමි ඛේදවාචකයට මුහුණ දුන්නේ මුහුදුබඩ විසූවන් පමණක්ම නොවේ. ගාල්ලේදී සුනාමියට හසුව අතුරුදහන් වූ තම ස්වාමියා එන තෙක් මඟ බලා සිටින මරිවෙර් මරිය කන්නු කියා පාන්නේ රුදුරු දළ රළ මුහුදු සීමාවෙන් අඩි හාරදහසකින් දිවි ගෙවන්නන්ටත් දැනී ඇති වග නොවේද? මරිවෙර් මරිය කන්නු දිවි ගෙවන්නේ හැටන් ග්ලැන්කන් වතු ප්‍රදේශයේ වතු නිවසක් තුළයි. පනස් අට වියැති ඇය තිදරු මවක්. ඇයට තම ස්වාමියා, පොරෙවියා පිල්ලේ හමු වන්නේ හැටන් ග්ලැන්කන් වත්ත ප්‍රදේශයේදීයි. එවකට කොළඹ තේ කඩයක රැකියාව කළ පොරෙවියා පිල්ලේ විවාහ වීමෙන් පසු නැවත කොළඹ නොගොස් තේ වතුවල රැකියාවට යන්නට විය . ඇයට තම ස්වාමියා, පොරෙවියා පිල්ලේ හමු වන්නේ හැටන් ග්ලැන්කන් වත්ත ප්‍රදේශයේදීයි මේ අතර මරිවෙර් මරිය කන්නු ගෘහ සේවය සඳහා විදෙස් ගත වන්නේ දරුවන් ලැබී පවුලේ ආර්ථිකයට බලපෑම් එල්ල වීම හේතුවෙන්. එසේ විදෙස් ගතව සිටින අතරතුර තම සැමියා සුනාමියට හසුව අතුරුදහන් වී ඇති බව දැන ගත් වහාම ඇය ලංකාවට පැමිණ තම ස්වාමියා සොයන්නට විය. දශකයකට අධික කාලයක් ගත වී ඇති නමුත් පොරෙවියා පිල්ලේ පිළිබඳ අදටත් තොරතුරක් නොමැත. ‘මම රට ගියාට පස්සේ එයා ඒ හිතේ අමාරුවටත් එක්ක ගාල්ලේ රස්සාවකට ගිහින්. මම තාම මග බලා ගෙන ඉන්නේ මගේ මහත්තයා එනකන්. දරුවන්ගේ අධ්‍යාපනයත් මග නතර උනා. එයාලා කොළඹ බංගලාවක රස්සාවකට ගියා. මගේ දරුවොත් ගොඩක් දුක් විඳිනවා. මේ ලයිම් කාමරේ හිර වෙලා මට තනියම ජීවත් වෙන්න වුනා. එයා හිටියනම් එහෙම වෙන්නේ නෑ.’ සුනාමියෙන් අතුරුදහන් වූ තම ස්වාමියා වෙනුවෙන් මඟ බලා සිටින මරිවෙර් මරිය කන්නු දිවි ගෙවන්නේ හැටන් ග්ලැන්කන් වතු ප්‍රදේශයේ වතු නිවසක් තුළයි 'ඒ වගේම මුලතිවු වලදී මගේ අයියා සුසෙයි පිච්චමුත්තුත් එයාගේ බිරිඳත් දරුවෝ හතර දෙනාත් සුනාමියට අහු වුනා. මගේ අයියයි ලොකු දුවයි එකෙන් තුවාල වෙලා බේරුනා. දරුවො තුන් දෙනෙකුයි බිරිඳයි සුනාමියට ගහ ගෙන ගියා. එයා තමයි මගේ එකම අයියා එයාට තාම හරිය ඇවිදගන්නවත් බෑ .ලොකු දුව ජීවිතය බේර ගෙනතිබුණේ මී හරකෙකුගේ ඇඟේ එල්ලිලා’ ‘අයියා මුලතිවුවල මාළු රස්සාව තමයි කළේ. මම රට හිටපු නිසා නත්තලට කලින් අපේ දරුවන් බලන්න මෙහාට ඇවිත් නත්තලට පල්ලි යන්න ඕන කියලා 24 වෙනිදා මුලතිවු ගිහින් තියෙනවා. සුනාමියෙන් අපි මෙහෙ හිටියත් අපේ ජීවිතත් විනාශ වුනා මහත්තයා. අපෙත් පවුල් පිටින් සුනාමියට ගියා. අපේ ජිවිතත් සුනාමියට අහුවෙලා’ මරිවෙර් මරිය කන්නු පිච්චමිත්තු දෑස් පිස දමමින් පැවසුවාය.
සිරිලක දකුණු සහ නැගෙනහිර ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ ගණනාවක දහස් සංඛ්‍යාත ජීවිත සුනාමි රකුසාට ගොදුරු වී මෙමසට වසර එකොළහක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙසේ ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 800 පමණ වෙයි. එම වකවානුවේදී කුඹුරු භාර ගත් යුද හමුදා නිලධාරීන් දැන් මුලතිවු පළාතේ නොමැති නිසා තම කුඹුරු ආපසු ලබා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු පවසති. බල පත්‍ර සහිත තම ඉඩම් ආපසු ලබා දෙන ලෙස වැලි ඔය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන්ද මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන්ද, මුලතිවු දිසාපතිවරයාගෙන්ද මේ වනවිට අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇතත් මේ දක්වා තමන්ට සාධාරණය ඉටු වී නැති බව ඔවුහු කියා සිටිති. මුලතිවු දිසාපති නාගලිංගම් වේදනායගම් පැවසුවේ, විශේෂ ගිවිසුමක් මත ලබා දී ඇති එම ඉඩම් ආපසු ලබා දිය හැක්කේ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයාට හෝ ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයාට හෝ පමණක් බවයි. ගොවීන්ගේ ඉල්ලීම් මත එම නිලධාරීන්ට මේ පිළිබඳව දන්වා ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
යුද සමයෙදී තමන්ට කුඹුරු වගා කිරීමට නොහැකිවූ අවස්ථාවේදී බල පත්‍ර සහිත තම ඉඩම් ආරක්ෂක අංශවල අනු දැනුම ඇතිව සිංහල ධීවරයන්ට ලබා දුන් නමුත් ඒවා යුද්ධය අවසන් වීමෙන් පසුව ආපසු ලබා දීමට පියවර ගෙන නැතැයි මුලතිව් දිස්ත්‍රී‍ක්කයේ දෙමළ ධීවර ජනතාව පවසනවා.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ ප්‍රශ්න කරති සෞදි අරාබිය එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙයයි. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සැක පළ කොට තිබේ. සෞදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද නව නීතිය අනුව වැරදි කරනු ලබන පුද්ගලයන් වසරක සිර දඬුවමකට හා ඩොලර් දහ තුන් දහසක දඩයකට යටත් කළ හැකි බවයි පැවසෙන්නේ. සෞදි අරාබියේ මෙතෙක් බල පැවැත්වුන පිළිගැනීම වුනේ, ගෘහස්ථ හිංසනය පෞද්ගලික කාරණයක් වන බවයි.
සෞදි අරාබිය ගෘහස්ථ වධ හිංසා තහනම් කෙරෙන නීති පැනවීමට පියවර ගෙන ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉදිරි පළාත් සභා පාලනයක් බලය බෙදාහැරීම පිලිබඳ ජනතාවගේ හැඟීම් වලට ගරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වග බලා ගතයුතු බව රවුෆ් හකීම් පවසයි එබැවින් ඉදිරි පළාත් සභා පාලනයක් 'යහ පාලනය, බලය බෙදාහැරීම පිලිබඳ ජනතාවගේ හැඟීම් වලට ගරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට' වග බලා ගතයුතු බව මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. නැගෙනහිර ආණ්ඩු බලය පිහිටුවීම සඳහා හවුල් වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ දමිළ ජාතික සන්ධානයෙන් මේ වනවිටත් ඇරියුම් ලැබී ඇති බව ද ඔහු පැවසීය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා තමන් සමග දුරකතනයෙන් සාකච්ඡා කළ බව බීබීසී සංදේශයට පැවසූ රවුෆ් හකීම් අමාත්‍යවරයා අවසාන තීන්දුවකට ඒම සඳහා සඳුදා නැගෙනහිර පළාතේ පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් හමුවීමට යන බව ද කියා සිටියේය. 'රූකඩ මහ ඇමැති ධුරයක්' "අපට වගකීමක් තියෙනවා ජනතාව අතරට ගිහිල්ලා මින් ඉදිරියට අපි කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡාවක යෙදෙන්න," අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කළේය. එමෙන්ම බලය බෙදීමේ කාර්යයන් මෙතෙක් සිදුවූ අන්දමට නොව "ඊට වඩා ශක්තිමත්ව" සිදුවිය යුතු බව ජනතාව ලබා දී ඇති පණිවුඩය බවයි මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා පවසන්නේ. මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයකුට මහ ඇමති ධුරය ලබාගැනීම ද නැගෙනහිර මුස්ලිම් කොන්ග්‍රස් ඡන්දදායකයාගේ අපේක්ෂාවක් බව කී රවුෆ් හකීම්, "රූකඩ මහ ඇමැති ධුරයක්" පැවතීමේ අවශ්‍යතාවක් නැති බවද පැවසීය. "ඇත්ත බලය භුක්ති විඳීම පරිසරයක් ඇති කිරීමට," වග බලා ගැනීමේ වගකීමක් තමන්ට ඈති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
නැගෙනහිර චන්ද ප්‍රථිපලය බලය බෙදීම සඳහා ජනතාව තුල ඇති අභිලාෂය විදහා දක්වන්නක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තනතුරට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරින ලද , දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක නායකත්වය දුන් පිරිස එක් කණ්ඩායමක්. එම පිරිස දෙවිනුවර සිට කොළඹ දක්වා පෙළපාලියක යමින් සිටියහ. එම කණ්ඩායම් සහ එක්සත් ජාතික පක්ෂ නායකයාට සහය පළ කරමින් පෙළපාලියක ගිය එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ගේ නායකත්වයෙන් යුතු පිරිස අතරයි මේ ගැටුම් හට ගත්තේ. මාතර මහා නගර සභාව ඉදිරියේ දී දෙපාර්ශවය අතර හට ගත් ගුටිබැට හුවමාරුවේ දී වෙඩි තැබීමක් ද සිදු වී තිබේ. එම වෙඩි තැබීමෙන් පස් දෙනෙක් තුවාල ලැබූහ. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා, හර්මන් ගුණරත්න සහ ඔහුගේ සොහොයුරෙකු ද අත් අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්ව කරුවන් දෙපිරිසක් අතර මාතර දී හට ගත් ගැටුම් වලින් අට දෙනකු තුවාල ලබා රෝහල ගත කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නැකත් වැරදීම හෝ පිළිනොගැනීම හේතුවෙන් කිසියම් පුද්ගලයකුට, කණ්ඩායමකට හෝ රටකට අභාග්‍ය සම්පන්න කාලයක් උදාවන්නේ ද යන්න ද සංවාදයට බඳුන් වී පවතින කරුණකි. බීබීසී සිංහල සේවය එම ප්‍රශ්න ජ්‍යොතීර්වේදී දේශබන්ධු ටෙනිසන් ශ්‍රීපාල් වෙත යොමු කළේය. නැකත්වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විද්‍යාත්මක සාක්‍ෂි නැතත් මානසිකව පුද්ගලයාගේ චරිතයේ සහ ක්‍රියාකාරිත්වයේ දැඩි වෙනස්කම් ඇතිකිරීමට නැකත්වලට ශක්තියක් තිබෙන බව ඔහු පවසයි. මානසික ශක්තියක් අවුරුදු නැකත් චාරිත්‍ර පිළිපැදීම තුළින් නෑදෑ හිතමිතුරන් අතර සබඳතාවන්වල අළුත්වීමක් සිදුවන අතර නව උද්යෝගයකින් ජීවිතය ආරම්භ කිරීමට මිනිසා පොළඹවන බව ද ජ්‍යොතීර්වේදියා පෙන්වා දුන්නේය. නැකත්වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විද්‍යාත්මක සාක්‍ෂි නැති බව ජ්‍යොතීර්වේදී දේශබන්ධු ටෙනිසන් ශ්‍රීපාල් පිළිගනියි සූර්යයා සහ චන්ද්‍රයා මුල්කරගෙන ගණනය කරන නැකත් භාවිතය වසර දහස් ගණනක් තිස්සේ මිනිසා විසින් සිදුකළ බවට සාධක තිබෙන බව පෙන්වා දෙන ජ්‍යොතීර්වේදී දේශබන්ධු ටෙනිසන් ශ්‍රීපාල්, ජීවිතයේ බොහෝ අවස්ථාවල මිනිසා එකමුතු කිරීමට සහ මානසික ශක්තියක් ලබා දීමට එය යොදා ගත් බව පෙන්වා දෙයි. එකිනෙකා අතර පවතින වෛරය සහ උද්දච්ඡ කම වැනි අයහපත් ගුණාංග යටපත් කොට පුද්ගලයින් නම්‍යශීලී බවට පත් කොට අලුතින් සිතා අලුත් අවුරුද්ද ඇරඹීමට මෙවැනි නැකත් චාරිත්‍ර හේතුවන බවත් ඔහු සඳහන් කළේය. අයහපත් ගුණාංග "නොගිය ගෙවල් වලට අපි යනව. කතාබස් නොකරපු අයත් එක්ක අපි කතාබස් කරනව. බැඳීම් නැතිවෙලා තිබුණු අයත් එක්ක බැඳීම් පටන් ගන්නව, මේක මුදලින් තක්සේරු කරන්න බැහැ නේද? ඒ නිසා එය මානව වර්ගයාගේ පැවැත්ම සඳහා ලොකු ශක්තියක් වෙලා තියනව නේද? කියල තමයි මට ප්‍රශ්න කරන්න වෙන්නෙ," යනුවෙන් ඔහු පැවසීය. එහෙත් නැකත් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයට උපකාරීවන සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක් විනා කිසිවකුගේ ජීවිතය සරුකරන්නක් බවට විද්‍යාත්මකව සනාථ කළ නොහැකි බව ඔහු පිළිගනියි. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව සියයට සියයක්ම මෙම චාරිත්‍ර විශ්වාස කරන නමුත්, යම් පුද්ගලයෙකු නිර්මාණය කරන නැකතකට අනුව කටයුතු නොකිරීමෙන් මගින් තවත් පුද්ගලයෙකුට, පිරිසකට හෝ රටකට අභාග්‍යයක් හෝ අනතුරක් සිදු නොවන බව ජ්‍යොතීර්වේදී ටෙනිසන් ශ්‍රීපාල් අවධාරණය කළේය. සිද්ධාන්තයකින් තොරව අනාවැකි කීමට උත්සාහ කිරීම හේතුවෙන් පසුගිය කාලයේ රටේ නමක් දිනා සිටි ඇතැම් ජ්‍යෝතිෂවේදීන්ට සැඟවීමට පවා සිදු වූ බව ඔහු ප්‍රවීණ ජ්‍යොතීර්වේදියා වැඩිදුරටත් පැවසීය.
අලුත් අවුරුදු දිනයේ නැකත් සම්පාදනය පිළිබඳව පසුගියදා ප්‍රබල විවාදයක් මතු වී තිබුණු අතර, සමාජයක පැවැත්මට නැකත් අත්‍යවශ්‍ය ද සහ ලාංකීය සමාජය නැකත් වැළඳගත යුතු ද යන්න සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ මත දෙකක් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සරෝජ් පතිරණ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට සිකුරාදා දහවල් කොදෙවුවන්ට එරෙහිව පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම වර්ෂාව හේතුවෙන් අතරමඟ නතර කරනවිට ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 10 යි පන්දු තුනකදී කදුළු තුනක් දැවී ලකුණු 50 ක් රැස්කරගෙන සිටියේය. ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙවුවන් තරඟයෙන් ජයග්‍රහණය කිරීමට නම් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ඕවර අටකදී ලකුණු 48 ක් රැස් කළ යුතුව තිබූ නමුත්, ඔවුන්ගේ ඉනිම ලකුණු 42 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ. "අපි පන්දු යැවීම ආරම්භ කරන්න මොහොතකට කලින් අර්ජුන රණතුංග අපි ඉන්න තැනට ආව. ඒ වෙලාවේ එයා කරපු දිරිමත් කිරීම අපිට ලොකු ශක්තියක් වුනා" නායිකා ශෂිකලා සිරිවර්ධන ප්‍රකාශ කළාය. "අපි පන්දු යැවීම ආරම්භ කරන්න මොහොතකට කලින් අර්ජුන රණතුංග අපි ඉන්න තැනට ආව. ඒ වෙලාවේ එයා කරපු දිරිමත් කිරීම අපිට ලොකු ශක්තියක් වුනා" නායිකා ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගාල්ලේදී ලැබූ ජයග්‍රහණය කාන්තා ජගත් ශූරතාවලියේ මෙතෙක් සිදුවූ විශාලතම පෙරලියක් සේ සැලකේ. දිනුවත් පැරදුනත් අපි එක්ක ඉන්න මේ අතර එම තරඟයට දින කිහිපයකට පෙරාතුව බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ බදාදාවේ ආරම්භ වූ කාන්තා ශූරතාවලියේදී සහ සමස්තයක් වශයෙන් සියලු කාන්තා තරඟවලදී සිය කණ්ඩායමේ ජය පරාජය නොතකා තමන්ට ආධාර කරන්නැයි ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කළහ. ක්‍රීඩිකාවන් පිරිස එම ඉල්ලීම කළේ කණ්ඩායම හමුවීම සඳහා පසුගියදා මා ඔවුන් නවාතැන් ගෙන සිටින කොග්ගල බීච් හෝටලයට ගිය අවස්ථාවේදී. ශ්‍රී ලංකා පුරුෂ කණ්ඩායම ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම කණ්ඩායම දිනුවත් පැරදුනත් තමන් ඔවුන්ට සහාය දෙන බව පවසන කණ්ඩායමේ හිටපු නායිකා ඩිලානි මනෝදර, සිය කණ්ඩායමටද එවැනි සහයක් පල කරන මෙන් ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගෙන් අයැද සිටින්නීය. "හැමෝම ඕගොල්ලෝ දිනන්නේ නෑනේ කියනවා. එක පැත්තකින් දුකයි අපි දිනන තරඟවත් මාධ්‍යවලින් කතා කරන්නේ නැති එක. අනික අපි පැරදෙන හැම වෙලාවකම ගොඩක් දෙනෙක් බලා ඉන්නවා අපිව බිමට දාන්න," ඇය බීබීසී සංදේශයට කියා සිටියාය. "කාන්තා ක්‍රිකට් ඉස්සරහට යන්න නම් ඒක රැඳිල තියෙන්නේ ක්‍රීඩිකාවන් විතරක් නෙවෙයි, ක්‍රීඩා ලෝලීන්, මාධ්‍ය වගේ අපි සේරගේම අතේ," බවද ඩිලානි මනෝදර කියා සිටියාය. කෙසේ වුව, කණ්ඩායමේ උප නායිකා සඳමාලි දොලවත්ත පවසන්නේ එහිදී ප්‍රධානම වගකීම පැවරෙන්නේ තමන් ඇතුළු ක්‍රීඩිකාවන්ටම බවයි. "මොකද අපි ලෝක කුසලානය දිනපු නිසා තමයි මම හිතන්නේ හැමෝම ක්‍රිකට්වලට ආදරේ කළේ. අපේ බලාපොරොත්තුව අවසාන පූර්ව වටය දක්වා යන එක. ඉතින් එහෙම ආවොත් අපි ඛේත්තාරාමේ සෙල්ලම් කරන්නේ. පුරුෂ කණ්ඩායමත් අපිට පස්සේ එදාම සෙල්ලම් කරන නිසා ගොඩක් සෙනඟ එනවා. එහෙම වුනොත් ඒක එච්චර සෙනග ගොඩක් ඉස්සරහ අපි සෙල්ලම් කරන පලවෙනි වතාව වෙයි," යන්න සඳමාලි දොලවත්තගේ අදහසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, "ඒ තැනට අපි ගියොත් අපේ මැච් බලන්නත් සෙනග එයි. ඉතින් මැච් දිනන්න ඕන අපි මිනිස්සු ගෙන්න ගන්න," බව ද සඳහන් කළාය. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කණ්ඩායම් අටක් කාන්තා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා සිටියි. ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ වාසියෙන්ද උපරිම ඵල නෙලාගෙන කෙසේ හෝ අවසාන පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවයි. එහෙත් එම ඉලක්කය හඹා යාමේදී ලාංකීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන ජාත්‍යන්තර තරඟ ප්‍රමාණවත් නොවීම ප්‍රබල කඩුල්ලක් බවයි ක්‍රීඩිකාවෝ මෙන්ම පුහුණුකරු ලංකා ද සිල්වාත් සංදේශයට පැවසුවේ. "ඇත්තටම අපේ කණ්ඩායමට මේ වෙනකොට ලැබිල තියෙන්නේ තරඟ 21 ක්. එත් අනිත් කණ්ඩායම් තරඟ 60-80 මේ වෙනකොට සෙල්ලම් කරලා තියෙනවා. එහෙම බැලුවම අපිට තවත් ඉදිරියට යන්න වගේම මිනිස්සු අපි ගැන කතා කරන්නත් හොඳ අවස්ථාවක් තවත් තරඟ ලැබෙනවා නම්, " නායිකා ශෂිකලා සිරිවර්ධන සංදේශයට පැවසුවාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 14 දෙනාම ආරක්ෂක හමුදාවල සේවයේ යෙදී සිටීම සුවිශේෂී තත්ත්වයක්. කෙසේ වුව, එය තම ක්‍රීඩා ජීවිතයට රුකුලක් විනා බාධාවක් නොවන බවයි, නායිකාව පවසන්නේ. ජාත්‍යන්තර තරඟ මෙන්ම කණ්ඩායමට මීට වඩා දේශීය තරඟත් ලබා දීමේ අවශ්‍යතාවය පුහුණුකරු ලංකා ද සිල්වා මේ අතර පෙන්වා දෙයි. "අපේ දේශීය ක්ලබ් තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුළුවන් නම් තවත් සල්ලි ටිකක් වියදම් කරලා ඒ ගහන ක්ලබ් වැඩි කරන්න එතකොට කණ්ඩායමේ වෘත්තීය තත්ත්වය වැඩිකරගන්න පුළුවන්," ඔහු පැවසීය. ප්‍රේක්ෂක සහ මාධ්‍ය අවධානය ප්‍රමාණවත් නොවීම මෙන්ම තම ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වීමට ව්‍යාපාරිකයන් ඉදිරිපත් නොවීමත් කනස්සල්ලට හේතුවක් බව ක්‍රීඩිකාවෝ පිරිස බීබීසී සංදේශයට පැවසූහ. සබැඳි තේමා
තම කණ්ඩායම පන්දු යැවීම ආරම්භ කිරීමට මොහොතකට පෙර කණ්ඩායම වෙත පැමිණි හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ලබාදුන් උපදෙස් බටහිර ඉන්දීය කොදෙවු පිල පරාජය කිරීම සඳහා තමන්ට ශක්තියක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව පවසන්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අන්තිම මොහොතේත් දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටි බවයි වාර්තා වන්නේ. මෙවර ඉන්දීය මහා මැතිවරණයේ නව වැනි සහ අවසන් අදියරේ ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ලබන සඳුදා. ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි මෙම මහමැතිවරණයට තරඟ වදින්නේ බරණැස් නුවර ඡන්ද කොට්ඨාශයකිනි. බරණැස හින්දු ජනයාගේ ශුද්ධ නගරයක් ලෙසයි සැලකෙන්නේ. අරවින්ද් කෙජ්රිවාල් අරවින්ද් කෙජ්රිවාල් ඉන්දියාව තුළ දූෂණ වලට එරෙහිව විශාල ව්‍යාපාරයක් ගෙන යමින් සිටින අරවින්ද් කෙජ්රිවාල්, ඉහත කී ඡන්ද කොට්ඨාශයෙන් නරේන්ද්‍ර මෝඩිට එරෙහිව තරඟ වදින අතර ඔහුගෙන් මෝඩිට දැඩි අභියෝගයක් එල්ල වී ඇති බවත් වාර්තා වෙයි. නරේන්ද්‍ර මෝඩි බරණැසට අමතරව ගුජරාටයේ ඡන්ද කොට්ඨාශයකට ද තරඟ කරයි. ජාතික මට්ටමේ මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ පාලක කොංග්‍රස් පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජයට පත් විය හැකි බවයි. ඉන්දියානු මහමැතිවරණයේ ඡන්ද ගණන් කරනු ලැබීම ආරම්භ වන්නේ මැයි දහසය වෙනිදායි.
ඉන්දියානු මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන දිනය අදයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම මත විමසුමට අනුව ප්‍රකාශිත ඡන්දවලින් 41.4 % ක් මූන් ජේ-ඉන් වෙත හිමි වී ඇති අතර ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් අපේක්ෂක හොන්ග් ජුන්-පිව් හිමි කර ගෙන ඇත්තේ 23.3% ක ප්‍රතිශතයකි. දකුණු කොරියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන මූන් ජේ-ඉන් අසල්වැසි උතුරු කොරියාව සමග සමීප සංවාදයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටී. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයිට එල්ල වූ මහා පරිමාණ දූෂණ චෝදනා හමුවේ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්විණි. ඒ හමුවේ හිටපු ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ අතර නිසි කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ ඒ සමගය. අක්‍රමිකතාවලින් 'ගොඩ ඒමට' දේශපාලනික වශයෙන් උපකාර ලබාගැනීම පිණිස ඇතැම් දකුණු කොරියානු සමාගම්වලට මූල්‍යාධාර ලබාදෙන ලෙස බලකිරීමට තම හිතවතිය හරහා කටයුතු කිරීම පිළිබඳව හිටපු ජනපතිනියට චෝදනා එල්ලවී ඇත. දකුණු කොරියාවේ විශේෂ හමුදා බලකායක හිටපු සාමාජිකයෙකු වූ මූන් ජේ-ඉන් පසුව මානව හිමිකම් නීතිවේදියෙකු වශයෙන් කටයුතු කළේය. ඔහු විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ පැවති පාලන සමයේ සිදු වූ අක්‍රමිකතාවලට තිත තබා රට ඉදිරියට රැගෙන යා හැකි පුද්ගලයෙකු වශයෙනි. 2012 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී හිටපු නායිකා පාක් ගුන් හෙයිට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කළ ඔහු ඉන් පරාජයට පත් විය.
දකුණු කොරියානු ජනතාව විසින් සිය මීළඟ ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මූන් ජේ-ඉන් ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් තෝරා පත් කර ගෙන ඇති බව අවසන් මත විමසුමකින් පෙනී යයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මේ බව කියා සිටියේ (ඉරිදා) සිලාවතුර මරිච්චිකට්ටුව ගම්මානයේදී යි. ජනාධිපතිවරයා විසින් එම වාර්තාව පිළිගත යුත්තේ මුස්ලිම් වැසියන් ලක්ෂ පහකගේ අත්සනින් යුතුව ඉදිරි දින දහය ඇතුළතදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත පෙත්සම භාර දීමෙන් පසුව බවද අමාත්‍යවරයා පැවසීය. අත්සන් ලක්ෂ පහක් සිලාවතුර මරිච්චිකට්ටු ගම්මානයේදී මුස්ලිම් සංවිධාන පහක ප්‍රධානත්වයෙන් අත්සන් ලක්ෂ පහක් ලබාගැනීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයාගේ සහ සමෘද්ධි හා නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි අමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි. අත්සන් ලබාගැනීමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයා කියා සිටියේ විල්පත්තු වනය විනාශ කොට එකම මුස්ලිම් පවුලක් හෝ එම ප්‍රදේශයේ පදිංචි කොට නොමැති බවයි. මරිච්චිකට්ටුව ගමේ වැසියන් නිසා විල්පත්තු වනය ආරක්ෂා වූ බව කියා සිටි අමාත්‍යවරයා මුස්ලිම් ගම්මාන හතරක යළි පදිංචි කළේ යුද්ධය හේතුවෙන් අවතැන්වී අනථ කදවුරු කරා ගිය පිරිස පමණක් බවයි. ජාතිවාදී සංවිධාන සහ පරිසර සංවිධාන විල්පත්තුවේ වනය මුස්ලිම් ජනතාව විසින් විනාශ කරන බවට වැරදි චිත්‍රයක් රටතුළ මැවීමට උත්සහ කිරීම පිළිබදව තමන් කණගාටුවන බව කී අමාත්‍යවරයා ඕනෑම පිරිසක් මෙම පළාතට පැමිණ විලපත්තුවේ සහ මන්නාරමේ මායිම් පිළිබදව අධ්‍යයනයක් කරන මෙන්ද ඉල්ලා සිටියේය. යුද්ධය හේතුවෙන් අවතැන් වූ සෙසු ජනතාව යළි පදිංචි කරවීමේ දී ඔවුන්ට රජයෙන් ලැබුණු සහන මෙම ගම්මානවල වැසියන්ට නොලැබුණු හෙයින් ස්වේච්ඡා සංවිධානවල සහය තමන්ට ලබාගැනීමට සිදුවූ බවද අමාත්‍යවරයා කියා සිටියේය. උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක මෙහිදී කියා සිටියේ මෙම පළාත අයත් වන්නේ උතුරු පළාත් සභාවට වුවත් එහි ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු පිරිස මෙම නැවත පදිංචි කිරීමේ කටයුත්තට විරෝධය පළ කොට නොමැත්තේ එහි අසාධාරණයක් නොමැති නිසා බවයි. පටු දේශපාලන වාසි ලබාගැනීමටත් දේශපාලනඥයින් විනාශ කිරීම පිණිසත් ඇතැම් පිරිසක් ගෙන යන මේ ක්‍රියාදාමය නිසා රට තුළ සාමයට සහ සමාදානයට විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි ද ඔහු කියා සිටියේය.
විල්පත්තු වන සංරක්ෂිතයේ සියලු ඉදිකිරීම් නීති විරෝධී බවට ඒ පිළිබඳව කරුණු සොයා බැලූ පරිසර කමිටුව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව තමන් ඇතුළු මුස්ලිම් ජනයා පිළිනොගන්නා බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව නායක අනුර කුමාර දිසානායක සහ හිටපු නායක සෝමවංශ අමරසිංහ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ හත් වැනි ජාතික මහ සමුළුවේදී යි ඔහු පත් කොට ගෙන ඇත්තේ. නව මධ්‍යම කාරක සභා සාමාජිකත්වය තිස් දෙනකු දක්වා පුළුල් කොට ඇති බවද ජවිපෙ පවසයි. මෙතෙක් ජවිපෙ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය දැරුවේ විසි පස් දෙනෙකි. පක්ෂයේ ප්‍රධාන ලේකම්, ප්‍රචාරක ලේකම්, ජාත්‍යන්තර ලේකම්, මුදල් ලේකම් සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා තෝරා පත් කර ගැනීමට නව මධ්‍යම කාරක සභාව කටයුතු කරමින් සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පක්ෂයේ නව නායකයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගන්නා ලද බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මත්ද්‍රව්‍ය අල්ලාගත් අවස්ථාවක් 'පරාවර්තනය' සහ 'සෙල්වම්' චිත්‍රපට දෙක නිෂ්පාදනය කරමින් කලා කටයුතුවලටද සම්බන්ධව සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරික මොහමඩ් මුබාරක් මොහමඩ් මුජාහිඩ් හෙවත් මොහමඩ් මුජාහිඩ් නමැති හෙරොයින් ජාවාරම්කරුට මැලේසියාවේ පුරවැසිභාවය පවා හිමිව තිබුණු බවත් පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසීය. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේ හලාවත දී හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ කොළඹ ඩීආර් විජේවර්ධන මාවතේ කුණු ගොඩක සඟවා තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.5 ක් පොලිසිය විසින් බ්‍රහස්පතින්දා (මැයි 11 ) සොයාගැනීම පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. හලාවත දී හමු වූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තානයේ සිට මේ ආකාරයෙන් හෙරොයින් ගෙන එනු ලබන්නේ ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිත කරන්නන් වෙනුවෙන් බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, ශ්‍රී ලංකාව හරහා කොකේන් මත්ද්‍රව්‍ය වෙනත් රටවලට පැටවීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කළේය. දේශපාලන හස්ත? මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දෙන බවට එවක විරුද්ධ පක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ බොහෝ නායකයෝ රාජපක්ෂ පරිපාලනයේ ඇතැම් මැති, ඇමතිවරුන්ට චෝදනා කළහ. මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීම පිණිස දිගටම විමර්ශන - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි එවැනි චෝදනා එල්ල වූ නමුත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දේශපාලන නායකයන් අතර එවැනි සම්බන්ධයක් පැවති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී නැති බව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. මොහමඩ් මුජාහිඩ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රාජපක්ෂ පරිපාලනයේ ඇතැම් නායකයන් සමග පෙනී සිටි ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් වූ නමුත්, ඔවුන් අතර සමීප සම්බන්ධයක් තිබුණු බවක් එයින් සනාථ නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටී. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංවිධානාත්මකව ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීම පිණිස පොලිසිය දිගටම විමර්ශනවල නිරතව සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කිරීමේ ජාවාරමේ මහ මොළකරුවෙකු ලෙසින් සැක කෙරෙන පුද්ගලයෙකු තවමත් විවිධ රටවලට පලායමින් සැඟ වී සිටින බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතුරුදහන්වූවන් සොයා දිගටම මෙහෙයුම් පසුගිය සිකුරාදා (අප්‍රේල් 14) අනතුර සිදු වීමෙන් පසු අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කෙරුණු පළමු අවස්ථාව මෙයයි. නාය යාමට ලක් වූ කුණු කන්දට යට වී මරණයට පත් සංඛ්‍යාව විසි අට දක්වා ඉහළ ගොස් තිබේ. මෙතෙක් සොයාගන්නා ලද මළසිරුරු අතර දරුවන් හය දෙනෙකුද සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. කෙසේ නමුත් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු හෙළිකිරීමට තවමත් හැකියාවක් නොමැති බවත් ඔහු පැවසීය. යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් තවදුරටත් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටිති. කුණු කන්ද ආසන්නයේ පිහිටි නිවාස සියයක් පමණ වැළලී ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු බිය පළ කරති. දළ වශයෙන් නිවාස 145 කට පමණ අනතුරෙන් භානි සිදු වී ඇති බව බලධාරීහු පවසති. දිගින් දිගටම උද්ඝෝෂණ පවත්වද්දීත් කුණු කන්ද ඉවත්කර නොගැනීම හේතුවෙන් පැවති රාජපක්ෂ පරිපාලනය මෙන්ම වත්මන් ආණ්ඩුවද අහිමි වූ ජීවිතවල වගකීම භාරගත යුතු බව ප්‍රදේශවාසීහු පවසති. වත්මන් ආණ්ඩුව එහි වගකීම භාරගත යුතු බව ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් මීට ඉහතදී බීබීසී යට පැවසීය. මේ අතර කුණු කන්ද කළමනාකරණය සඳහා අවස්තාව සලසා නොදුන් බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය එල්ල කරන චෝදනාව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි.
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් තිස් දෙනෙකු අතුරුදහන් වී ඇති බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංශෝධනය නොකොට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක සහාය ලැබිය යුතු බවයි කථානායක කරු ජයසූරිය සභාව හමුවේ ප්‍රකාශ කළේ ඉහත කී වගන්ති සංශෝධනය නොකොට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක සහාය ලැබිය යුතු බවයි කථානායක කරු ජයසූරිය සභාව හමුවේ ප්‍රකාශ කළේ. ව්‍යවස්ථාවට පටහැණි බව සඳහන් වගන්ති ඉවත් කරන්නේ නම් එය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක කැමැත්ත පමණක් ප්‍රමාණවත් බව කථානායකවරයා කියා සිටියේය. තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අදාළ පනතට අනුමැතිය ලැබිය යුතු බව තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබිණ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ලෝකයේ 'හත් වන හොඳම තොරතුරු දැන ගැනීමේ පනත' ලෙස අන්තර්ජාතික සංවිධාන විසින් නම් කොට ඇති බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය මීට ඉහතදී බීබීසී සංදේශයට කියා සිටියේ.
තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති කීපයක් ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දන්වනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පහළොවයි හයයි එකතු කළ විට මුළු එකතුව කීයදැයි මනාලිය මනාලයාගෙන් අසා තිබේ. මනාලයාගේ පිළිතුර වූයේ ‘දා හතක්’ යන්නයි. ඒ මොහොතේදී ම විවාහ වීම ප්‍රතික්‍ෂේප කළ මනාලිය එතැනින් පිටව ගොස් ඇති අතර ඇය නැවත ගෙන්වා ගැනීමට මනාලයාගේ ඥාතීන් උත්සාහ කරද්දී මනාලිය පවසා ඇත්තේ මනාලයාගේ අධ්‍යාපන මට්ටම පහත් බවයි. ඉන් අනතුරුව පොලිසියේ මැදිහත් වීම මත, විවාහයට පෙර පවුල් දෙක අතර හුවමාරු වූ තෑගි භෝග සහ ස්වර්‍ණාභරණ ආපසු එකිනෙකාට භාර දුන් බවයි ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් පැවසුවේ. ඉන්දියාවේ බොහෝ විවාහයන් වැඩිහිටි කැමැත්තට අනුව තීරණය වන හෙයින් ඇතැම් විට විවාහයට පෙර, විවාහ වන දෙදෙනාට එකිනෙකා පිළිබඳව මනා අවබෝධයක් නොමැත. පසුගිය මාසයේදී ද ඉන්දියාවේ මෙවැනි විවාහයක් අතරතුර සිදු වූ අපූරු සිද්ධියක් මාධ්‍යයට වාර්තා විය. විවාහ උත්සවය අතරතුර මනාලයා සිහි සුන් වීම නිසා ඔහු මීමැස්මොර රෝගයෙන් පෙළෙන බව දැන ගත් මනාලිය එම මනාලයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට එතැන සිටි ඇයගේ මස්සිනාව විවාහ කර ගෙන තිබේ.
මංගල දිනයේදී මනාලිය විසින් මනාලයාට ඉදිරිපත් කරන ලද සරල ගණිත ගැටළුවකට නිවැරදි පිළිතුර ලබා දීමට මනාලයා අපොහොසත් වීම නිසා විවාහ වීම ප්‍රතික්ෂේප කර මංගල උත්සවයෙන් පිටව ගිය මනාලියක පිළිබඳව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දූරියන් ප්‍රසිද්ධ එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි අනාගත අභ්‍යවකාශ ගමන් සඳහා තායිලන්ත ආහාර යෝග්‍ය බව පෙන්වීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, එළඹෙන ජූලි මස දූරියන් ගෙඩි අභ්‍යවකාශයට යැවීමට සැලසුම් කර තිබේ. පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන ඒමට නියමිතය. එසේ රැගෙන ආ දූරියන් යම් වෙනසසකට ලක්වී ඇත්දැයි විද්‍යාඥයන්ගේ පරීක්ෂාවට ලක්වනු ඇත. අග්නිදිග ආසියාවේ පලතුරක් වන දූරියන් වඩා ප්‍රකට එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි. එක්සත් ජනපදයේ නිෂ්පාදිත රොකට්ටුවකින් මෙම පලතුර අභ්‍යවකාශගත කරනු ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර සිටී. පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන එනු ලැබේ. තායිලන්තය තවමත් අභ්‍යවකාශයට යන රටවල් අතර නැතත් අනාගතයේ දී අභ්‍යවකාශ ගමන් සදහා අහාර සැපයීමේ යෙදීමට බලාපොරොත්තු වේ. "අපේ ප්‍රධාන ඉලක්කය වනුයේ ගගනගාමීන්ගේ පරිභෝජනය සදහා තායි ආහාර අභ්‍යවකාශයට යැවීමයි" යනුවෙන් 'Geo-Informatics and Space Technology Development Agency'හි ප්‍රකාශකයෙක් බීබීසී වෙත පැවසීය. "මෙම ව්‍යාපෘතියේ ආරම්භයක් ලෙස අපි තායිලන්තයේ පලතුරුවල රජු ලෙස හැඳින්වෙන දූරියන් තෝරා ගත් අතර එය අභ්‍යවකාශයේ ගගනගාමීන් ජීවත්වන මට්ටමට යවා නැවත පොළොවට රැගෙන විත් කිසියම් වෙනස්කමක් සිදුව ඇත්දැයි නිරීක්ෂණය කරනවා" මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් "පෑඩ් තායි හෝ අඹ මිශ්‍ර බත් වැනි තවත් බොහෝ තායිලන්ත ආහාර අභ්‍යාවකාශයට යැවීමට හැකියි," ප්‍රකාශකයා තවදුරටත් පැවසීය. මේ තොරතුරුද කියවන්න: දූරියන් පලතුර තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ අතර, මැලේසියාව, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවලද දක්නට ඇත. මෙම පලතුරෙන් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙන් සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතිවල දූරියන් රැගෙන යෑම තහනම් කර ඇත. අලියෙකු සිටින ලාංඡනයක් සමග මෙම දූරියන් අභ්‍යවකාශගත කරනු ඇත කෙසේ වෙතත්, අභ්‍යවකාශයට යවන ප්‍රථම කලාපීය පලතුර දූරියන් නොවේ. 2008 දී දකුණු කොරියානු ගගනගාමියෙකු සමග 'කිම්චි' නැමැති ගෝවාවලින් සාදන කොරියානු ජාතික ආහාරයක් අභ්‍යවකාශය වෙත යවන ලදී. තවත් තොරතුරු:
දැඩි ගන්ධයක් විහිදෙන පලතුරක් සමග අභ්‍යවකාශ යානයක සිර වී සිටින්නට සිදු වුවහොත් ඔබට දැනෙන හැඟීම කෙබඳු වේද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත් කර තිබෙන පාර්ලිමේන්තු කමිටු විසි එක සහ අනු කමිටු හතද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කොට ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ වව්නියාවේ පැවති ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් අමතමිනි. ඉදිරි මාස දෙක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා පවසයි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ අදාළ කමිටු විසින් එළිදක්වනු නොලබන්නේ ඇතැම් පාර්ශව එම කරුණු තම දේශපාලන වාසි සඳහා යොදා ගෙන රට තුළ අනවශ්‍ය ගැටළු නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා බැවින් යැයිද ඔහු කියා සිටියේය. ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා මැතිවරණ ක්‍රමය ඇතුළු යෝජනා ගණනාවක් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා ඇතුළත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම්වලින් සියයට අනූවක් පමණ ඉටු කොට අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශාරීරික යෝග්‍යතාව මැන බලන අනිවාර්ය පරීක්ෂණය සඳහා ඉදිරිපත් වී නොමැති සැබෑ අයදුම්කරුවන් ඒ සඳහා කුලියට ගත් වෙනත් පුද්ගලයන් ඉදිරිපත් කර ඇති බව බලධාරීහු කියා සිටිති. අලුතින් පොලිස් සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන ලද පරීක්ෂණයට ඉදිරිපත් වූ අයදුම්කරුවන් විසින් ව්‍යාජ ලිපිලේඛන සකස් කර ඇති බවත් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේය. ප්‍රශ්න පත්‍ර වංචාවකට සම්බන්ධ තුන්සිය දෙනකු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව මීට සති කිහිපයකට පෙරද බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා විය. වාර පරීක්ෂනයක් අතරතුර පාසල් සිසුන්ට උත්තර පත්‍ර ලබා දී වංචා කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වූ බොහෝ දෙනෙක් සිසුන්ගේ දෙමව්පියෝ වූහ.
වංචනික ලෙස ඉන්දීය පොලිස් සේවයට බැඳීමට උත්සාහ කළ දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව බිහාර් ප්‍රාන්ත පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය වසර හා සැසඳීමේදී කාර්තුවක් තුළ ටාටා සමාගමේ ලාභාංශ තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. එම අගය රුපියල් බිලියන 51.7 කි. මාර්තු දක්වා වූ මාස තුනක කාලය තුළ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ අලෙවිය 28% ඉහළ ගොස් ඇත. ඉන්දියාව තුළ ටාටා ට්‍රක් රථ සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමාගමේ ලාභය කෙරෙහි බලපා තිබේ. ෆෝඩ් මෝටර් සමාගමට අයත්ව තිබූ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් සමාගම ටාටා සමාගම ව විසින් මිළදී ගනු ලැබුවේ 2008 වසරේදී.
සුඛෝපභෝගී ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථවල ඉහළ අලෙවිය හේතුවෙන් ටාටා මෝටර් සමාගමේ ලාභය ඉහළ ගොස් ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'Save the Children' පුණ්‍යායතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව අවුරුදු දහය තරම් බාල වයසේ පසු වන දැරියන් වයසින් ඉතා වැඩි පුද්ගලයන් හා බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලැබේ. ඒ හේතුවෙන් බාල වයස්කාර දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වන බවත්, ඔවුන් ගෘහස්ථ අපයෝජනයට සහ දූෂණයට ගොදුරුවීමේ බරපතල අවදානමක් පවතින බවත් පර්යේෂකයෝ පවසති. ඉහත කී වාර්තාව පෙන්වා දෙන පරිදි බාල වයස්කාර විවාහ සිදු වීමට ප්‍රධානම වශයෙන් බලපා ඇත්තේ ගැටුම් සහ දුගී භාවයයි. එම තත්වය ඇෆ්ගනිස්තානය, යේමනය, සෝමාලියාව සහ ඉන්දියාව වැනි රටවල බහුල වශයෙන් දැකිය හැකි බවත් 'Save the Children' සංවිධානයේ වාර්තාව පෙන්වා දෙයි.
ලොව පුරා වයස අවුරුදු පහළොවට අඩු බාල වයස්කාර දැරියන් අතුරින් එක් අයෙක් සෑම තත්පර හතකට වරක් විවාහ වන බව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ කොවිඩ් රෝගීන් 150කට අවම ප්‍රමාණයක්. නමුත් අවුරුද්ද නිමා වෙනවත් එක්ක එය දෙගුණයක් වුණා. ඊයේ දින වන විට රෝගීන් 600කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්න ජනතාව අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීය යුතුයි." අප්‍රේල් 21 වෙනි දින තුළ දී පමණක් කොරෝනාවෛරස ආසාදිතයන් 561ක් වාර්තා වීමත් සමග නැවතත් 'දැඩි ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ගැනීමට' සිදුවන බව රජය පවසයි. "රට තුළ නැවතත් කොරෝනාවෛරසය පැතිරයාමක් තිබෙනවා. පසුගිය උත්සව සමයේ ජනතාව හැසිරුණු ආකාරය මෙයට හේතු වෙලා තිබෙනවා. ඒ අනුව ජනතාව විශාල වශයෙන් එකතු වෙන උත්සව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. මැයි රැළි, වෙසක් වෙනුවෙන් පවත්වන උත්සව සියල්ල නතර කිරීමට සිදු වෙනවා. රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් රැස්වීම් හැර අනෙක් සියල්ල නවතා දමන්න සිදුවෙනවා," වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුගත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය. වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද වෛරසය වේගයෙන් පැතිර යෑමක් දක්නට ඇති බව අධ්‍යක්ෂවරයා පැවසුවේය. කොරෝනාවෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දැඩි ක්‍රියාමාර්ග හා තීන්දු ගන්නා බව අප්‍රේල් 21 වෙනිදා පැවති විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය. එමෙන්ම විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලය නැවතත් සති දෙක දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම රැස්වීමේ දී පැවසුවාය. රටවල් පුරා ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් පැවසීය. "විදෙස් රටවල සිට පැමිණෙන අයට අපි නිරෝධායන නීති ලිහිල් කරලා තිබුණේ. නමුත් පවතින තත්ත්වය මත නැවතත් සති දෙකක නිරෝධායනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එන්නත් දෙකම ලබා ගෙන රටට පැමිණෙන අයගේ පීසීආර් පරීක්ෂණය නෙගටිව් නම් අපි ඔවුන්ට රට තුළට යන්න දුන්නා. නමුත් දැන් ඒකත් නතර කර ඒ අයවත් සති දෙකක කාලයක් නිරෝධායනයට යොමු කරන්න තීරණය කර තිබෙනවා,"වෛද්‍ය සුගත් සමරවීර පැවසීය. විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලය නැවතත් සති දෙක දක්වා දීර්ඝ කෙරෙයි. 'හුදෙකලාවට' කුරුණෑගල, තිත්තවැල්ගාල ප්‍රදේශයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් සියයකට වැඩි කෝවිඩ් ආසාදිතයන් හඳුනා ගැනිණි. ඒ අනුව, තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුද්ගලයින් 1,320 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ. "සමහර පුද්ගලයින් මේ ප්‍රදේශයෙන් හොරෙන් එළියට ගිහින් නිරෝගි පුද්ගලයින් සමග කටයුතු කරනවා. මේක පොලීසියට විතරක් තනියම කරන්න බැහැ. අවශ්‍ය පහසුකම් සියල්ල සපයනවා. මම බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රදේශයෙන් බැහැරට නොගොස් රෝගයෙන් ආරක්ෂා වෙන්න උදව් කරන්න," මාධ්‍යට අදහස් දැක්වූ තිත්තවැල්ගාල මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක පැවසුවේය. මේ අතර, කුලියාපිටිය පොලිස් වසම අප්‍රේල් 22 මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එම ප්‍රදේශයෙන් කොරෝනාවෛරස රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය. දිවුලපිටිය ප්‍රදේශයෙන් ද දින දෙකක් තුළ සියයකට ආසන්න කොරෝනාවෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත. ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා "තුන්වෙනි කොවිඩ් රැල්ලක්" ආරම්භ වී ඇතැයි එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්ඒයූටී කුලතිලක මාධ්‍යට පැවසීය. 'එක්රැස් වෙන්න එපා' පවතින තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසත් මිනිසුන් විශාල ප්‍රමාණයක් ඒකරාශී වන ස්ථාන වලට නොයා සිටින ලෙසත් ඉල්ලා සිටින බව වෛද්‍ය සුගත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය. "විශාල උත්සව පමණක් නෙමෙයි, නිවෙස් වල පුද්ගලයන් එක්රැස් වන උත්සවවලට පවා නොයා ඉන්න. අනවශ්‍ය සාප්පු සවාරි යන්න එපා. ඒ වගේම පිටතට යනවානම් මුහුණු ආවරණ පැළඳීම සහ දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. අපි ප්‍රවේසම් වෙලා, පුද්ගලයන්, රටේ ආර්ථිකය වගේම දරුවන්ගේ අධ්‍යාපනය ද රැකගන්න අවශ්‍යයි." "කැස්ස, උණ තත්ත්වයක් තියෙනවානම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, ඒ වගේම පීසීආර් පරීක්ෂණයක් සිදු කර ගන්න. කොරෝනාවෛරස පාලනය අපිට තනියම කරන්න බැහැ. මෙයට ජනතාවගේ පූර්ණ සහයෝගය අවශ්‍යයි," වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර, සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් ද විවිධ උත්සව සංවිධානය කිරීමෙන් ද වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා අප්‍රේල් 22 පැවති මාධ්‍ය හමුවක දී ජනතාවට දැනුම් දුන්නේය. එදින කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 520 දෙනෙකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 98,570ක් දක්වා ඉහළගොස් තිබෙන බව ද හමුදාපතිවරයා පැවසීය. මේ තොරතුරු ද කියවන්න: දැඩි ක්‍රියාමාර්ග විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී පැවසූ පරිදි කොරෝනාවෛරසය පාලනය සඳහා ඉදිරියේ දී අනුගමනය කරන පියවර: "විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ නැහැ" රටේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තවත් සති දෙකක් දක්වා කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අප්‍රේල් 22වෙනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අප්‍රේල් 27 දින සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සැලසුම් කොට තිබූ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පවතින කොවිඩ්19 තත්ත්වය සළකා මෙම පියවර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය. සංචාරක බුබුළක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක ගුවන් බුබුළ අත්හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් එය ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පවසා තිබේ. සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම මෙහි අරමුණයි. තවත් තොරතුරු:
සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් නොමැති අතර, ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකීමෙන් කටයුතු කරන ලෙස අද දින (අප්‍රේල් 23) පැවැති මාධ්‍ය හමුවක දී යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. යම් ප්‍රදේශයක සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් හුදකලා කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති ප්‍රේමදාස එල්ටීටීඊයට ආයුධ ලබා දුන්නේ "මහත්තයාගේ කණ්ඩායම ශක්තිමත් කිරීමට" ජනාධිපති ප්‍රේමදාස විසින් කොටි සංවිධානයට ආයුධ ලබා දීම මෙන්ම නැගෙනහිර පොලිස් නිලධාරීන් පිරිසක් එල්ටීටීය විසින් මරා දැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ එක්සත් ජාතික පක්ෂ පාලකයන් විසින් කරන ලද පාවාදීමක් ලෙසින්. එහෙත් එම චෝදනා දෙකම තරයේ ප්‍රතික්ෂේප කරන ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයා, සජිත්, බීබීසී සංදේශයට කියා සිටියේ ජනාධිපති ප්‍රේමදාස එල්ටීටීය කෙරේ තැබූ විශ්වාසය වැරදී යාමෙන් පොලිස් නිලධාරීන් මරුමුවට පත් වූ බවයි. "රජයත් කොටි ත්‍රස්තවාදීන් අතරත් යම්කිසි අවබෝධතාවයක් තිබුණු මොහොතක හීනෙකින්වත් නොහිතපු අවස්ථාවකයි මේ ඛේදවාචකය සිදුවුනේ," ඔහු පැවසීය. ඉන්දීය හමුදා උතුරේ රඳවා තැබීමට විරුද්ධව සිටි ආර් ප්‍රේමදාස ජනාධිපති වරයා එම හමුදා සමග සටන් වැද සිටි දමිළ විමුක්ති කොටි සංවිධානයට රහසේ ආයුධ සැපයූ බව මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ඝාතනය විමසූ ජනාධිපති කොමිසමේදී හෙළිවිය. 2002 දී කොටි සංවිධානය සමඟ අත්සන් තැබූ සටන් විරාම ගිවිසුම මගින් රට පාවා දීමට පියවර ගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ එජාපයට එල්ල කළ තවත් චෝදනාවක්. එයට ප්‍රතිචාරය දක්වන සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසන්නේ, "කෙතරම් අඩු පාඩු තිබුනත්" නැගෙනහිර එල්ටීටීඊ නායකයන් සංවිධානයෙන් ඈත්වීමට "ප්‍රධානම සාධකය" වූයේ සටන් විරාම ගිවිසුම බවයි.
ජනාධිපති ප්‍රේමදාස කොටි සංවිධානයේ කණ්ඩායමකට ආයුධ ලබා දුන්නේ එල්ටීටීඊ නායකත්වය ට එරෙහිව කටයුතු කිරීම සඳහා බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'පක්ෂයේ උප නායකයා හැටියට පරාජයේ වගකීම මම භාර ගන්නවා' භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තු ආසන 285 ක් හිමි වෙද්දී, කොන්ග්‍රස් පක්ෂයට හිමි වනු ඇතැයි සැලකෙන්නේ ආසන පනහකට අඩු ප්‍රමාණයක්. මෙය තීරණාත්මක තීන්දුවක් ලෙසින් විග්‍රහ කළ කොන්ග්‍රස් පක්ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි පරාජයේ වගකීම බාර ගන්නා බවත් සඳහන් කළාය. ඇයගේ පුත් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි කියා සිටියේ පක්ෂයේ පරාජය මගින් තමන්ට බොහෝ දේ සිතන්නට බල කොට තිබෙන බවයි. "මුලින්ම මම කැමතියි අලුත් ආණ්ඩුවට සුභ පතන්න. ඔවුන්ට අපේ රටේ ජනතාව වරමක් දීල තියෙනවා. ඒ නිසා මම අලුත් ආණ්ඩුවට සුභ පතනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය. "අපි ගැන කිවුවොත් කොන්ග්‍රස් පක්ෂය දරුණු පරාජයක් ලබල තියෙනවා. අපිට දැන් මේ ගැන හොඳින් හිතා බලන්න වෙනවා. පක්ෂයේ උප නායකයා හැටියට ඒකෙ වගකීම මම භාර ගන්නවා." ප්‍රධාන විපක්ෂය ලෙසින් පිළිගැනීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් හෝ දිනා ගැනීමට කොන්ග්‍රස් පක්ෂය සමත් වනු ඇති බවයි, විශ්ලේෂකයන් පවසන්නේ.
දශකයකට ආසන්න කාලයක් ඉන්දියාවේ පාලනය හෙබැවූ කොන්ග්‍රස් පක්ෂයට මෙවර මැතිවරණයේදී දරුණුම පරාජයට මුහුණ දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම, දඬුවම වෙනස් කිරීමට හේතුවක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය දඬුවම නියම කොට, මෙතරම් කාලයක් සිරගතව සිටීම කිසිසේත්ම පිළිගත නොහැකි බැවින් එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට වෙනස් කිරීමට එයම ප්‍රධාන හේතුවක් බවයි ඔහුගේ නීතිවේදීන් ගේ තර්කය වී තිබුණේ. එම තර්කය බැහැර කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම, දඬුවම වෙනස් කිරීමට හේතුවක් නොවන බව තීන්දු කළේය. 'අමානුෂික තීන්දුවක්' දවින්දර් ගේ බිරිඳ නව්නීත් එය විග්‍රහ කළේ අමානුෂික තීන්දුවක් ලෙසින්. "මේ වගේ දේකට කාල සීමාවක් තියෙන්න ඕනේ. ජනාධිපති කියන්නෙත් මනුස්සයෙක්. අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන තීන්දු ගන්න එයාට සිද්ද වෙලා තියෙනවා," ඇය පවසන්නීය "මගේ මහත්තයා ජීවතුන් අතර ඉන්නවා තමයි. ඒත් එයා දැන් හොඳටම අසනීපෙන්. ඇත්තටම එයා මැරී මැරී ජීවත්වෙන්නේ." මරණීය දණ්ඩනයට නියමව ඉන්දියාවේ සිරගතව සිටින අනෙක් ඉන්දීය සිරකරුවන් 17 දෙනාට එකී තීන්දුව කෙසේ බලපාවිද යන්න පැහැදිලි නැතත් දඬුවම නියමව සිටින තවත් හත් දෙනකු වෙනුවෙන් මෙවැනිම පෙත්සම් ඉදිරපත් කොට තිබෙන නීතිවේදීහු දැන් තීන්දුවේ බලපෑම පිළිබඳව අධ්‍යනය කරමින් සිටිති. රජීව් ගාන්ධි ඝාතනය එයින් තිදෙනකුට මරණ දඬුවම නියමව තිබෙන්නේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ වීම හේතුවෙන්. කර්ණාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත දෙවනත් කළ වීරප්පන් සමඟ එක්ව අපරාධවල යෙදීම අනෙක් සිවුදෙනා දඬුවම් ලැබීමට හේතුවයි. වසර අටකට පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යලි ඇරඹීම පිළිබඳව ඉන්දියාව මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටී. පසුගිය මාස හය ඇතුලත මරා දමනු ලැබූ පුරුෂයන් දෙදෙනාම රාජ්‍යයට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනු බවට චෝදනා ලැබූවන්. 2008 දී මුම්බායි ප්‍රහාරය එල්ලකල මොහමඩ් අජ්මල් කසාබ් ඉන් එක් අයෙක්. 2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු කාශ්මීර ජාතික අෆ්සාල් ගුරු එල්ලා මරා දමන ලද අනෙක් පුද්ගලයායි. පසුගියදා දිල්ලි නුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමීමේ චෝදනා ලැබූවන්ට පැණවෙන දඬුවම කවරක් වනු ඇත්දැයි ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තරවද විමසුම් ඇස යොමු වී තිබෙන බව දකුණු ආසියානු කටයුතු භාර බීබීසී යේ සංස්කාරකවරිය ජිල් මැගිවරින් මේ අතර සඳහන් කරන්නීය.
මරණීය දණ්ඩනයට නියමව දශකයකට අධික කාලයක් සිටින දවින්දර් පල්සින්ග් බුල්ලාගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කොට තිබුණු පෙත්සමක් ඉන්දීය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඉන්දීය නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් යම් කිසි පුද්ගලයකු ප්‍රබලව පෙනී සිටින බවත් 'සසකාවා' සංවිධානය සමග ඇතිකරගත් මුදල් ගනුදෙනුවක් ඊට හේතු වී ඇතැයි සැක කරන බවත් ඔහු කියා සිටියේ සුදර්ශී ශාලාව සහ භූමිය විකුණා දැමීමට එරෙහිව කලාකරුවන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයට සහභාගි වෙමින් සිටියදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි. අදාළ ගොඩනැගිල්ල සහ ඉඩම විකුණා දැමීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත වී තිබුණත් එය එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට නීත්‍යානුකූල බලපත්‍රයක් නොවන බව සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග අවධාරණය කරයි. එවකට තමා කැබිනට් අමාත්‍යවරයකුව සිටියදී අදාළ යෝජනාවට විරෝධය පළ කළ නමුත් කැබිනට් සාකච්ඡාවට නොපැමිණි දිනක අදාළ යෝජනාව සම්මත කර ගෙන ඇති බවත් ඔහු පැවසීය. 'සිංහල, දෙමළ, මුස්ලිම්' "අද මේ ක්‍රියාමාර්ගය පිටුපස වෙනත් පුද්ගලයෙක් ඉන්නවා. මට හිතෙනවා ඔහු සූක්ෂ්ම ලෙස වර්තමාන ජනාධිපතිතුමාගේ හිතට ඇතුල් කොට තිබෙනවා මෙය ජපාන ආණ්ඩුවේ ඉල්ලීමකට අනුව සිදු වන්නක් බවට," ඔහු පැවසීය. කෙසේ නමුත් සසකාවා යනු ජපානයේ ආණ්ඩුවට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් බව හිටපු ඇමතිවරයා පේනවා දෙයි. "සහන මිල ගණන් යටතේ පුහුණු වීමට සහ ඒකරාශී වීමට කලාකරුවන්ට තිබෙන එකම භූමිය මේ සිංහල සංස්කෘතික ආයතනයයි. එය ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයකට විකුණා දමන්න එපා කියන ඉල්ලීම අපි කරනවා." ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එම භූමිය දේශීය කලාකරුවන්ගේ මතු ප්‍රයෝජනයට ඉතිරි කොට සසකාවා සංවිධානයට වෙනත් භූමියක් ලබා දීමේ හැකියාව ජනාධිපතිවරයා සතු බවයි. සිංහල සංස්කෘතික ආයතනය අහිමි වීම එහි සාමාජිකත්වය දරන සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු සංස්කෘති නියෝජනය කරන කලාකරුවන්ට එකසේ බලපාන බැවින් එය රැක ගැනීමට සියලු දෙනා එක් වී කටයුතු කරනු ඇති බවත් එම ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග වැඩිදුරටත් කියා සිටියේය.
අවුරුදු හැට දෙකක ඉතිහාසයක් සහිත සිංහල සංස්කෘතික ආයතනයට අයත් සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළිවෙළ පිටුපස 'අතයට මුදල් ගනුදෙනුවක්' ඇත්දැයි සැකයක් පවතින බව එම ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කලක් යුද්ධය සිය තුරුම්පුව කරගත් ආණ්ඩුව ජනතාවගේ සිත් දිනා ගැනීම සඳහා දැන් වෙනත් උපාය මාර්ග සොයමින් සිටින බව එජාපය පවසයි වසර 34 කට පසු ඉන්දියාවේ සිට ගෙන්වන ලද කපිල වස්තු ධාතූන් වහන්සේලා සැප්තැම්බර් පස් වැනිදා වනතුරු ප්‍රදර්ශනය කැරෙන බවයි රජය විසින් නිවේදනය කොට තිබෙන්නේ. සැප්තැම්බර් අට වැනිදා මැතිවරණ පැවැත්වීමට නියමිත නැගෙනහිර, උතුරු මැද හා සබරගමුවේ පළාත් සභා මුල් කොටගෙන කපිල වස්තු ධාතු ප්‍රදර්ශනය කිරීම එක්සත් ජාතික පක්ෂය (එජාප) හඳුන්වන්නේ ධාතුන් වහන්සේ වෙන්දේසියක් ලෙසින්. "මැතිවරණය අවසන් වෙනකම් මේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්නේ මේ පළාත් සභා මැතිවරණ තියෙන ප්‍රදේශවල විතරයි," බව එජාප ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. එක් වකවානුවක දී යුද්ධය සිය තුරුම්පුව කරගත් ආණ්ඩුව ජනතාවගේ සිත් දිනා ගැනීම සඳහා දැන් වෙනත් උපාය මාර්ග සොයමින් සිටින බවයි, එජාපය සඳහන් කරන්නේ. "ජනතාවගේ විරුද්ධවාදී දේශපාලන අදහස් යටපත් කරන්න සර්වඥ ධාතූන් වහන්සේලා පෙන්නන්න කියලා දැන් ආණ්ඩුව කල්පනා කරනවා," බව ද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා චෝදනා කරයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා (කැෆේ) ව්‍යාපාරය, ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදී සිටින බවට ආණ්ඩු පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද චෝදනා කරයි. සබැඳි තේමා
බුදුන් වහන්සේගේ බවට විශ්වාස කැරෙන ධාතූන් වහන්සේ පවා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදවා ගන්නා බවට විරුද්ධ පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොරියාවේ වේලාවෙන් අඟහරුවාදා (අගෝස්තු 29) අළුයම එල්ල කරන ලද එම මිසයිලය හොකයිඩෝ දූපතට ඉහළින් ඇදී ගොස් මුහුදට පතිත විය. මීට ප්‍ර‍තිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා ඇත. උතුරු කොරියාව මෑතක සිට මිසයිල අත්හදා බැලීම් ගණනාවක් ක්‍රියාත්මක කළ ද බැලිස්ටික් අවියක් යැයි සැළකිය හැකිවූවක් ජපානයට ඉහළින් විදින ලද පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර දෙවතාවකදී එනම්, 1998 සහ 2009 දී ජපානය හරහා ඇදී යන ලෙස රොකට් විදිනු ලැබූ උතුරු කොරියාව එවර පැවසුවේ, එම රොකට්ටු චන්ද්‍රිකා සදහා භාවිත කරන ලද ඒවා විනා අවි නොවන බවය. ටෝකියෝ නගරයේ සිටින බීබීසීහි රූපට් වින්ෆීල්ඩ්-හේස් පැවසුවේ උතුරු කොරියාව අද විදින ලද මිසයිලය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් ගෙන යා හැකි තරමට බලසම්පන්න විය හැකි බවය. උතුරු කොරියානු මිසයිලය එල්ල කරන ලද්දේ හොකයිඩෝ ජපන් දූපතට ඉහළිනි ආරක්ෂාව පතා උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 6ට පෙර නැගෙනහිර දෙසට එල්ල කරන ලද මිසයිලය විදිනු ලැබ ඇත්තේ ප්යොංයෑං අගනුවරට ආසන්න තැනක සිට බව දකුණු කොරියානු හමුදාව පැවසීය. මිසයිලය පිළිබද කෙරුණු විශ්ලේෂණයක් : මිසයිලය බිම හෙලීම සඳහා ජපානය උත්සාහ නොදැරුව ද ආරක්ෂාව පිළිබද අනතුරු ඇඟවීම් නිකුත් කරමින් හොකයිඩෝ දූපත්වාසීන්ට කියා සිටියේ "ශක්තිමත් ගොඩනැගිල්ලක හෝ භූගත මහලක" ආවරණය සලසා ගන්නා ලෙසය. ඇමරිකානු සහ ජපාන හමුදා දැනට හොකයිඩෝහි යුද අභ්‍යාසවල යෙදී සිටිති. මතු වූ තත්ත්වයට ප්‍ර‍තිචාර දක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් නියෝග කළේය. එරට ජෙට් යානා 4ක් ජීව බෝම්බ හෙලීමේ අභ්‍යාසයක අඟහරුවාදා (අගෝස්තු 29) යෙදිණි. මේ අතර ජපාන අගමැති ෂින් සෝ අබේ පැවසුවේ තමන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ඇමතූ අතර උතුරු කොරියාවට එල්ල කරන පීඩනය උත්සන්න කිරීමට දෙපාර්ශවය ම එකග වූ බවය. "උතුරු කොරියාවේ නොහික්මුණු ක්‍රියාව අපගේ ජාතියට එල්ල වූ පෙර නොවූ විරූ, බරපතල සහ අතිශය තර්ජනාත්මක ක්‍රියාවක්" බව ජපාන අගමැතිවරයා පැවසීය. ඔහු වැඩිදුරටත් සදහන් කළේ, "කලාපීය සාමය හා ආරක්ෂාවට බරපතල හානියක්" බවය. කෙසේවෙතත්, සිය ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා කළ හැකි ඉහළම දේ තම රජය ඉටු කරන බව ජපාන අගමැතිවරයා පැවසීය. සබැඳි පුවත්; අලුතින් තහංචි දැමීම හේතුවෙන් "එක්සත් ජනපදය විසින්ම වන්දි ගෙවීම සිදුවන ආකාරයට" තමන් කටයුතු සලස්වන බවට උතුරු කොරියාව සපථ කර සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකඡන්දයෙන් සම්මත කරනු ලැබූ මෙම සම්බාධක තම රටේ "ස්වෛරීභාවය සාහසික ලෙස උල්ලංඝනය කිරීමක්" බව උතුරු කොරියාවේ KCNA නිල පුවත් සේවය පවසයි. තම රටට එරෙහිව තවත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් "එකට එක" කරන බවට උතුරු කොරියාව පසුගියදා ප්‍රකාශ කර තිබුණි. මිසයිල විදීමේ දී කිම් ජොන් අන් පෞද්ගලිකවම සහභාගී වෙමින් ඒවා අධීක්ෂණය කරයි න්‍යෂ්ටික ව්‍යාපෘතිය පාලනය කර ගන්නා මෙන් චීනය පසුගියදා උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළ අතර ඒ සමඟ කිම් ජොන් අන් පාලනය ඉන් පෙර සිදු නොකළ ආකාරයේ පියවරක් ගනිමින් චීනය ද දරුණු දෝෂ දර්ශනයට ලක් කළේය. චීනය සාම්ප්‍රධායිකව සැලකෙන්නේ උතුරු කොරියාවේ මිතුරු රාජ්‍යයක් හැටියටයි. එය චීනයේ මෝඩ දේශපාලකයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමක් හැටියට උතුරු කොරියාවේ රාජ්‍ය පුවත් ආයතනය විසින් විග්‍රහ කරනු ලැබ තිබුණි.
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදීම සිය රටට එල්ල වූ "පෙර නොවූ විරූ" තර්ජනයක් බව ජපාන අගමැති ෂෙන් සෝ අබේ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැතිවරයා එම ප්‍රකාශය කළේ අද (07) හම්බන්තොට චීන ආයෝජන කලාපයට මුලපුරමින් අදහස් දක්වමිනි. හම්බන්තොට කර්මාන්තපුරයක් කිරීමේ පළමු එකඟතාව 2014 වසරේ ඇතිකර ගන්නා ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපතිවරයා අතර ගිවිසුමක් මගින් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සිහිපත් කළේය. ශ්‍රී ලංකාව තුළ ඩොලර් කෝටි පන්සීයක ආයෝජනයක් සිදුකිරීමට චීනය සූදානම් බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ 'හොඳ වෘත්තීය පුහුණු ජාලයක් රටට අවශ්‍ය කරන' බවත් සඳහන් කළේය. 'මෙය ආරම්භය විතරයි. අපේ ඉලක්කය වී තිබෙන්නේ නිරිතදිග තීරුව කියල ආර්ථික තීරුවක් ඇති කරන්නයි ' අගමැතිවරයා පවසයි. 'අලුත් ශ්‍රී ලංකාවක්' 'බලගතු ශ්‍රී ලංකාවක්, අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ. ශක්තිමත් ස්ථීර අනාගතයක් අපි මෙතැනින් ආරම්භ කරනවා. තිරසාර යුගයේ තුන්වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන යෝධ සංවර්ධන සංග්‍රාමය අපි හම්බන්තොටින් පටන් ගන්නවා,' අගමැතිවරයා කියා සිටියේය. හම්බන්තොට වරාය ආයෝජන කලාපය සඳහා මහජන ඉඩම් හෝ පුදබිම් ලබා නොගන්නා බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ, රුහුණු ආර්ථික කලාපයට අක්කර 1235ක් වෙන්කර ඇති අතර කිසිවකුට හානියක් සිදු නොවන පරිදි අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ කාර්යය හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ දක්ෂිණ ලංකා අධිකාරිය භාර ඇමති සාගල රත්නායකට පවරා ඇති බවත් සඳහන් කළේය. 'රුහුණු ආර්ථික කලාපයට අක්කර 1235ක් වෙන්කර තිබෙනවා, කාටවත් හානියක් නොවන විදියට. ඇඹිලිපිටිය හොයාගෙන යනවා. සියයට 95%ක් රජයේ ඉඩම්. පන්සල් ගන්නේත් නෑ. පුරවිද්‍යා ස්ථාන ගන්නෙත් නෑ.ෂෙන් ෂෙන් කියන්නේ වර්ග කිලෝමීටර් 2000ක ව්‍යාපෘතියක්. මොණරාගල කියන්නේ වර්ග කිලෝමීටර 7000ක්' අගමැතිවරයා පවසයි. වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා හම්බන්තොට ආයෝජන කලාපය චීනයේ 'ෂෙන් ෂෙන්' ආර්ථික ආයෝජන කලාපයට සමාන වූවක් වන බවයි පෙන්වා දුන්නේ. ගාල්ලේ නාවික හමුදා කඳවුර හම්බන්තොට ගෙනෙන බවත් ඔහු සිය කතාවේ දී සඳහන් කළේය.
හම්බන්තොට චීන ආයෝජන කලාපය ශ්‍රී ලංකා ආර්ථිකයේ 'යෝධ සංවර්ධන සංග්‍රාමයක්' දියත් කිරීමක් වනබව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.