instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් සහ ඇමරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් ගේ, පුදුමාතලන් හිදී බ්‍රහස්පතින්දා ගන්නා ලද බව සඳහන්, ඡායාරූපයක් ද රැගත් ට්විටර් පණිවුඩයකින්, එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා ඇත්තේ ‘ශාන්ත අන්තෝනි පිටිය - යුද හමුදා ෂෙල් ප්‍රහාරයෙන් 2009 ජනවාරියේ පවුල් සිය ගණනක් ඝාතනය කැරුණු ස්ථානය’ යනුවෙන්. බීබීසී සංදේශය විසින් කරන ලද විමසීමේ දී එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශ කළේ ට්විටර් පණිවිඩයේ ඇත්තේ ඔවුන්ගේ නිල ස්ථාවරය බවයි. ශාන්ත අන්තෝනි ක්‍රීඩා පිටිය පිහිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුමාතලන් අසල ඉරනෙයිපලෙයි හි. යුද මුක්ත කලාපය පුදුකුඩියිරුප්පුවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කලින් පිහිටි ස්ථානයේ දී ශ්‍රී ලංකා රජය විසින් ‘දෙවැනි යුද මුක්ත කලාපය’ ලෙස නම් කර තිබුණ පුදුමාතලන් පාසල හා රෝහල පිහිටි ස්ථානය සහ පුදුකුඩියිරුප්පුවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කලින් පිහිටි ස්ථානය කරා එක්සත් ජනපද තානාපති දෙ පල ගිය බවත් ඡායාරූප සහිතව ට්විටර් පණිවුඩයේ සඳහන්. දෙදහස් නවයේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ සංවිධානය පරදවා ලූ යුද්ධයේ අවසාන අදියරේ දී යුද අපරාධ බෙහෙවින් සිදු වූ බවට චෝදනා කැරෙන කලාපයටයි, තමන් ගිය බව ඇමරිකානු දුත මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. එක්සත් ජනපදය ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව මෙම චෝදනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව පිලිබඳව මාර්තුවේ අලුතින් යෝජනාවක් ගෙන එන බව ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු. යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා රජය පවසන්නේ උතුරේ තමන් ‘මානුෂික මෙහෙයුමක්’ දියත් කළ බවයි.
ශ්‍රී ලංකා යුද හමුදාව දෙදහස් නවයේ දී ෂෙල් ගසා පවුල් සිය ගණනක් ඝාතනය කළ බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගැටුමක් මැද මුස්ලිම් ජනයා සතු දේපොලක් ගිනිබත් කර තිබුණ අවස්ථාවක් ''පාස්කු ඉරිදා ප්‍රහාරය'' ලෙස ඉතිහාසයට එක්ව ඇති එම ප්‍රහාරය මගින් විනාශ කෙරුණු ජීවිත සංඛ්‍යාව තුන්සියයකට ආසන්න වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික දේශසීමාවන් ඉක්මවා ගොස් ජාත්‍යන්තර මට්ටමින් පවා හෙලා දැකීමට ලක්වූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන්නේ ඉස්ලාමීය අන්තවාදී බලවේගයන්ටයි. ප්‍රහාරයේ වගකීම කවර හෝ අන්තවාදී සමූහයකට පැවරෙන නමුත් ප්‍රහාරකයන් සියලු දෙනා මුස්ලිමුන් යයි හඳුනාගනු ලැබීම නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස මිත්‍රශීලී නොවන ඇසකින් බැලීම සමාජයේ ස්වභාවික නැඹුරුව විය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකරනු ලැබීමෙන් වසර දෙකකට පසු ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව දරන ආකල්පය පිළිබඳව විමසීමක් කිරීම කාලෝචිතය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරා දැමුණ ජනතාව වෙනුවෙන් පැවැත්වුන ආගමික මෙහෙයන්ට මුස්ලිම් ජනයාත් එකතු විය මුස්ලිම් විරෝධී සමාජ මානසිකත්වයක් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලක කිරීමට පෙරසිටම වසර කීපයක තිස්සේ මුස්ලිම් විරෝධී සමාජ මතවාදයක් දල්වනු ලැබීමට අවශ්‍ය පරිසරයක් සකස් කෙරෙමින් පැවති බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති. සිය ප්‍රජාව ඉලක්ක කරගත්, වඳ පෙති,වඳ කොත්තු සහ වෙනත් ආහාර ආදියේ පටන් වඳ සැත්කම් තෙක් එම වාර්තාකරණය විහිද ගියබව සමස්ත ලංකා මුස්ලිම් සංගමය පවසයි. අන්තවාදීන් පිරිසක් විසින් මාවනැල්ලේ බුදුපිළිම විනාශකරනු ලැබීම මගින් එම ගින්නට පිදුරු එක් කෙරුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් එහි කූඨප්‍රාප්තිය ලකුණු කළ බවත් එකී සියල්ලේ එකතුව වූයේ සමස්ත සමාජය තුළ මුස්ලිම් විරෝධී සමාජ මානසිකත්වයක් රෝපණය කිරීම බවත් සමස්ත ලංකා මුස්ලිම් සංගමය පෙන්වා දෙයි. පාස්කු ප්‍රහාරයත් සමඟ මුස්ලිම් ජනයා සතු දේපොළ ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණ ප්‍රහාර කීපයක් වාර්තා වූ අතර මීගමුව අසල පෝරුතොට නගරයේ වෙළෙඳසල් දෙකක් විනාශ කරමින් එක් ත්‍රිරෝද රථයකට ගිනිතැබීමේ පුවතක් හමුදා බුද්ධි අංශය උපුටා දක්වමින් CNN පුවත්සේවය වාර්තා කළේය. එම තත්ත්වය යටතේ ''අන්තවාදීන් අතලොස්සකගේ ක්‍රියාවක් හේතුවෙන් සමස්ත මුස්‌ලිම් ජනතාවට එරෙහිව ක්‍රියා නොකරන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ කිතුනු ආගමික නායකත්වයට සිදුවිය. වෙරළාසන්න නගරයක මාවතක මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු, කඩා බිඳ හෙලන ලද දේපොළ ආදියේ සුන්බුන් විසිර ඇති ආකාරය සහ පොලුමුගුරු ආදිය රැගත් මිනිසුන් සහිත දර්ශන CNN රූපවාහිනිය මගින් ප්‍රදර්ශනය කළ අතර, මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් විසින් මත්පන් අලෙවිසල් වසාදමන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණි. ''මත්පැන් බිව්වාම මිනිස්සු ඇතැම්විට හැසිරෙන්නේ තිරිසනුන්ට සමානවයි'' උන්වහන්සේ ප්‍රකාශ කළහ. ''මරණ රාශියක් සිදුව ඇතත් සන්සුන්ව ක්‍රියාකරන ලෙස මම මහජනයාගෙන් ඉල්ලා සිටිනවා. බෞද්ධයන්ට, හින්දූන්ට සහ මුස්ලිම් ආගමික නායකයන්ට ස්තුති කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇතැම් කණ්ඩායම් ආගමික ගැටුම් ආරම්භ කිරීම සඳහා වාර්ගික වෛරය ඇවිලවීමට උත්සාහ දරමින් සිටිනවා'' මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු හිමියෝ එවක පෙන්වා දුන්හ. ''මෙයින් වසර දෙකකට පෙර 2019 අප්‍රියෙල් 21 දිනට යෙදුන පාස්කු ඉරිදා පාන්දර අන්තවාදී කණ්ඩායමක ප්‍රහාරයට ලක්වූ අහිංසක ජනතාව වෙනුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව කණගාටුවන'' බව සඳහන් කළ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ්, එම ප්‍රහාරය මුස්ලිම් ජනයාගේ සංවිධානාත්මක ක්‍රියාවක් ලෙස අර්ථගැන්වීම යථාර්ථය විකෘති කිරීමක් බව කියා සිටියේය. ''ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ප්‍රචණ්ඩ ප්‍රහාර අනුමත කරන්නේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයට ජාතියක් හැටියට කිසිම සම්බන්ධයක් නැහැ. අපි එය තරයේ හෙලා දුටුවා විතරක් නොවෙයි, ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුගේ මළසිරුරක් වත් පල්ලියකට ගෙනැවිත් අවමඟුලක් සිදුකිරීම පවා අපේ ආගමික නායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුණා.'' ''ශ්‍රී ලංකාවේ මුස්‌ලිම ජනතාව හැමදාමත් සෙසු ජාතීන් සහ වෙනත් ආගමික කණ්ඩායම් සමඟ සුහදවයි සිටියේ. නමුත් 2009 දී යුද්ධය නිමවීමෙන් පසුව මුස්ලිම් ජනයාට එරෙහි මතවාදයක් නිර්මාණය කෙරෙමින් තිබුණා. උදාහරණයක් විදිහට ගිංතොට සහ අලුත්ගම ප්‍රහාර පෙන්වාදෙන්න පුළුවන්. එම මුස්ලිම් විරෝධී මතවාදයේ කූඨප්‍රාප්තිය අප්‍රියෙල් 21 ප්‍රහාරයෙන් පසුව දකින්න ලැබුණා.'' ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පෙන්වා දුන්නේය. ''පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා ප්‍රජාවක් හැටියට බරපතල දුෂ්කර තත්ත්වයකට පත්කෙරුනු'' බවත් හිල්මි අහමඩ් පවසයි. ''අපි දැන් පසුවෙන්නේ හරියට යුද්ධකාලේ ජීවත්වුණා වගේ බියකින්. ගෙදරින් බැහැර වුණොත් ආපසු එනතෙක් බියක් පවතිනවා. නිදහස් මනසකින් වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ මානසිකත්වයක් නැහැ. බයක් තියෙනව'' මුස්ලිම් ජනයාට සහයෝගය සහ ආරක්‍ෂාව සඳහා බෞද්ධ භික්‍ෂූන් මුස්ලිම් පල්ලියකට වැඩම කළ අවස්ථාවක් එක ජාතිවාදයකින් තවත් ජාතිවාදයක් ''2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය අපි දැඩිලෙස හෙලා දකිනවා. නමුත් අපට එම සිද්ධියෙන් ඉගෙනගන්න හොඳ පාඩමක් තියෙනව. ඒක තමයි ''එක ජාතිවාදයකින් තවත් ජාතිවාදයක් පෝෂණය වෙනවාය'' කියන කාරණය'' තිහාරිය ඊබ්‍රාහිම් මුස්ලිම් ප්‍රධාන පල්ලියේ මවුලවි සහ කල්එලිය අරාබි කාන්තා විදුහලේ කථිකාචාර්ය මුනීර් මුලාෆර් බීබීසී සිංහල අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දුන්නේය. 2019ට පෙර පටන්ම රට තුළ මුස්ලිම් ජනයාට එරෙහි මතවාදයක් පතුරුවා හරිමින් තිබුණු බව සඳහන් කළ මවුලවි මුනීර් මුලාෆර් ''ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධයෙන් අනතුරුව ඊළඟ ඉලක්කය වන්නේ මුස්ලිම්වරුන් විය හැකි බවට තම ප්‍රජාව අතර බියක් පැතිරයමින් තිබූ බවත් සඳහන් කළේය. ''2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ සංවිධාන කීපයක් කෙලින්ම මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් විවිධ සාවද්‍ය ප්‍රචාර ගෙනයමින් තිබුණා. ඊළඟට ගිංතොට, දිගන සහ අලුත්ගම ඇතුළු ස්ථාන කීපයක ප්‍රහාර එල්ල කෙරුණා. එය මුස්ලිම් ජනයා තුළ බියක් පමණක් නොවෙයි- බලවත් වේදනාවක් ඇති කළා. ඒ නිසයි,මම කියන්නේ එක ජාතිවාදයක් විසින් තවත් ජාතිවාදයක් පෝෂණය කරනවාය කියල'' එවැනි ප්‍රවණතාවක් තිබුණත් ඒවා පාලනයට ආණ්ඩුව පැත්තෙන් කිසිදු පියවරක් නොගත් බවත් මවුලවි මුලාෆර් පවසයි. 2019 ප්‍රහාරය බලපෑ හැටි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සාම්ප්‍රදායික මුස්ලිම් ජන ජීවිතය කඩා වැටුණු බව හිල්මි අහමඩ් මෙන්ම මවුලවි මුලාෆර් ද දීර්ඝ වශයෙන් විස්තර කළේය. 'ව්‍යාපාරික අංශය පමණක් නොවෙයි, මුස්ලිම් දරුවන්ගේ ආගමික අධ්‍යාපනයත් කඩා වැටුණා. දවසට 'පස්වේල' ආගමික කටයුතුවලට සහභාගී වෙන ජන කොටසක් විධියට අපි අපේ දරුවන්ට ඉස්ලාම් ධර්මය පිළිබඳ ආගමික අධ්‍යාපනය ලබාදෙන්නේ මද්‍රාසා පාසල් මගින්. මේවනවිට එම ආගමික පාසල් ඉගැන්වීම අඩාලයි'' ''මම මට බලපෑ පෞද්ගලික කාරණයක් කියන්නම්.මට උවමනා කළේ මගේ පුතා සිංහල පාසලකට ඇතුල්කරමින් ඔහුට අධ්‍යාපනය ලබාදීම. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවූ වාතාවරණය නිසා මගේ එම සිහිනය බිඳ වැටුණා'' මවුලවි මුනීර් මුලාෆර් බීබීසියට පැවසීය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් මුස්ලිම් සංවිධාන තහනම මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ අත්සනින් යුතුව පසුගියදා නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මුස්ලිම් සංවිධාන එකොළහක් තහනම් කිරීමට පියවර ගත්තේය. එලෙස තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුව මෙලෙස දැක්වෙයි. ''මේ වගේ සංවිධාන බිහිවුණේ කුමන පරිසරයක් යටතේද කියන කාරණය වටහාගත යුතුව තියෙනව. ඇතැම් සංවිධාන මුස්ලිම් විරෝධී මතවාදයක් ගෙනයාම තමයි,විවිධ සංවිධාන බිහිවීමට හේතුව වුණේ. හැබැයි, එම ජාතිභේදවාදී හැඟීම් බෝවීමට හේතුවූ සංවිධාන සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් කිසිදු තහංචියකින් හෝ බාධාවකින් තොරව නිදැල්ලේ කටයුතු කරනවා'' මවුලවි මුලාෆර් පවසයි. එහෙත් මෙවැනි අසාධාරණ තත්ත්වයන් දකින නමුත් මුස්ලිම් සමාජයේ බොහෝදෙනෙක් ආණ්ඩුවේ බලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් ඒවා ප්‍රශ්න නොකරන බවත් මවුලවිවරයා පවසයි. මේ අතර පසුගිය ඉරිදා(අප්‍රියෙල් 18) ප්‍රකාශයක් කළ මැල්කම් කාදිනල් රංජිත් අගරදතුමන් ''පාස්කු ඉරිදා ප්‍රහාරය ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාවක් නොවන අතර එය දේශපාලන ඉලක්කයක්" බවත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සිය දේශපාලන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආගම උපකාරී කරගත් බවත් කියා සිටියහ. 'පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයන් සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් වීම නිසා එම ප්‍රහාරය මුස්ලිම්වරුන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් විධියට අර්ථ ගන්වන්න පුළුවන්කම ලැබුණා. නමුත් මුස්ලිම් ජනතාවට කිසිම කිතුනු කණ්ඩායමක් සමග ආරාවුලක් තිබුනේ නැහැ. ඇත්තෙන්ම තවත් එහාට ගිහින් බැලුවොත් ඇතැම් බෞද්ධ අන්තවාදී සංවිධාන එක්ක මත ගැටුමක් තිබුණත් කිතුනු ජනතාවත් එක්ක එවැනි මත ගැටුමක් තිබුණේ නැහැ. දැන් කාදිනල්තුමාත් කියනවා මෙය ආගමික අන්තවාදී ක්‍රියාවක් නොව දේශපාලන ඉලක්කයක් තිබුණ ප්‍රහාරයක් කියල. මේක තමයි ඇත්ත තත්ත්වය'' ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ උප සභාපති හිල්මි අහමඩ් සඳහන් කළේය. ''මුස්ලිම් ජනයා පැත්තෙනුත් අඩුපාඩු තියෙනවා. පූජකවරයෙක් විධියට මම එම අඩුපාඩු පිළිගන්නවා. අපි ආගමික නායකයන් හැටියට අපේ අඩුපාඩු හදා ගැනීමට නිහතමානී වෙන්න ඕන. පූජකයන් කියන්නේ සාමයක් නැති තැන සාමයක් ගොඩනැගීමට කැපවෙන කණ්ඩායමක්'' මවුලවි මුනීර් මුලාෆර් පෙන්වා දෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන දර්ශනයක් ''දැන් බලන්න අපේ සමාජයේ කුඩු ජාවාරමට ජාතියක් ආගමක් නැහැ. කුඩු ජාවාරම් කරන අය සමහර වෙලාවට සිංහල, මුස්ලිම් කිසිම භේදයක් නැතිව එකට එකතුවෙලා ඒ අපරාධය කරගෙන යනවා. නමුත් කුඩුත් එක්ක මුස්ලිම් ජාතිකයෙක් අහුවුනොත් ඇතැම් මාධ්‍ය එය වාර්තාකරන්නේ ඔහුගේ ජාතියත් පටලවල. කුඩුත් එක්ක මුස්ලිම් ජාතිකයෙක් අහුවුණා කියල. නමුත් සිංහල කෙනෙක් කුඩුත් එක්ක අහුවුණොත් සිංහල ජාතිකයෙක් අහුවුණා කියල වාර්තා කරන්නේ නැහැ. එම වෙනස තුළම එක ජාතියක් පීඩාවට පත් කරනවා'' හිල්මි අහමඩ් සඳහන් කළේය. ''ඒ අදහසත් සමඟ මමත් එකඟ වෙනවා. දැන් බලන්න, සමහර රූපවාහිනී නාලිකා පවා ඒ වැඩේ කරනවා. එතකොට අපි සියලු දෙනාම අපරාධකාරයෝ කියන හැඟීමක් සමාජයට දෙනවා. සමාජ මාධ්‍ය ජලයේ පළකෙරෙන ප්‍රකාශනවල තත්ත්වයත් ඒකමයි. මම දැක්කා සමහරු නබිනායක තුමාට පවා අපහාස කෙරෙන ප්‍රකාශන පළකරලා තිබුණා'' මවුලවි මුලාෆර් පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් තුළ රටහැර යාමේ මානසික තත්ත්වයක් ද වැඩෙමින් පවතින බවත් මවුලවිවරයා පවසයි. ''මුස්‌ලිම් ජනයා දෙස වපර ඇසින් බැලීම නතරවෙන්න ඕන. එපමණක් නොවෙයි, ආණ්ඩුවේ රැකියාවල නිරතවෙලා ඉන්න මුස්ලිම් නිලධාරීන් පවා කටයුතු කරන්නේ එක්තරා බියකින්'' බෞද්ධ විහාරයක රාමදාන් සංග්‍රහයක් කියවන්න;
1915 ''සිංහල-මුස්ලිම් කෝලාහලය'' යනුවෙන් ඉතිහාසයට එක්ව ඇති ගැටුමින් පසු ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව දුෂ්කර සහ අභියෝගාත්මක සමාජ උදහසට ලක්වූ ඊලඟ ප්‍රධාන විරසකය ප්‍රදර්ශනය වූයේ 2019 අප්‍රේල් 21 දින කිතුනු දේවස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය සමඟය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම සංශෝධනය අප්‍රියෙල් විසිවෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි එම ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ. එවැනි පියවරක් ගනු ලබන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක විශේෂ පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීම සැක සහිත වී ඇති හෙයිනි. උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් අද (09) දේශපාලන පක්ෂ නායක සාකච්ඡාවක් සිදු වෙමින් පැවති බවත් වාර්තාවෙයි. මේ අතර කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ 19 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ එවැනි වගන්ති ඉවත් කිරීමට තමා සූදානම් බවයි කියා සිටියේ.
යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කල් තැබීමට පියවර ගනිමින් ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග මගින් පැවසෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී අද සෙනසුරාදා (ජුලි 08) පැවති තරගයේ දී ඔවුන් විසින් පළමු කඩුල්ල සඳහා ලකුණු 203 ක් රැස් කරනු ලැබීය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 116 ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 87 ක් රැස් කිරීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බ්‍රහස්පතින්දා (ජුලි 06) පැවති තරගයේ දී පළමු කඩුල්ල සඳහා ලකුණු 218 ක් රැස් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වූහ. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 116 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය. අද පැවැත්වෙන තරගයේ නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 300 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියටබට සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 14 ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 95 රැස් කරගෙන සිටී.
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරග දෙකක දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් පැවැත්වූ පළමු පිතිකරු යුගලය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වාර්තාවක් පිහිටවූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාධාරණ හා දුෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කරණ බවටයි පදවියේ දිවුරුම් දෙමින් ඔහු කියා සිටියේ. එම අවස්ථාව සංකේතවත් කරමින් ඊජිප්තු ධජයේ වර්ණ වන රතු, සුදු සහ කළු දුම් පිට කරමින් යුද හමුදා ගුවන් යානා පියාසර කෙරිණ. ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහමඩ් මුර්සි (Mohammed Morsi) යුද හමුදාව විසින් ඊයේ ධුරයෙන් පලවා හරිනු ලැබූ අතර ඔහුගේ ආධාරකරුවන් එය හඳුන්වා දුන්නේ කුමන්ත්‍රණයක් ලෙසින්.
ඊජිප්තුවේ අන්තර් වාර පාලනයේ ජනාධිපතිවරයා ලෙස එරට ව්‍යවස්ථා කටයුතු අධිකරණයේ, අග විනිසුරු ඇඩ්ලි මන්සුර් (Adly Mansour) දිවුරුම් දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ සම්බන්ධයෙන් තමන් ඉන්දියානු විදේශ අමාත්‍යංශය බලධාරීන් හමුවූ බවත් දැනට අඩංගුවේ සිටින ඉන්දියානු ධීවරයින් මුහුණ දෙන තත්වය පිළිබඳව තමන්ට ද වැටහීමක් ඇතැයි තමන් එම බලධාරීන්ට දැන්වූ බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් බීබීසී සංදේශයට පැවසීය. දැනට ඉන්දියානු ධීවරයින් සිය දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. ඉන්දියානු ධීවරයින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුලට පිවිසෙන හෙයින් තත්වය පාලනය කිරීම සඳහා ඔවුන් අත් අඩංගුවට ගැනීමට සිදු වන බවත් නීතිමය ක්‍රියාවලිය හමාර කිරීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
අත් අඩංගුවේ පසුවෙන ඉන්දීය ධීවරයින් ඉක්මනින් නිදහස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ඉන්දියානු විදේශ අමාත්‍යංශයට කැඳවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිස්පතිවරයා වුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවවලට සහභාගි වෙමින් සිය දිවි නසා ගැනීමට පෙර විශ්‍රාමික බුද්ධි අංශ හමුදා නිලධාරියා විසින් තබා ඇති බව පැවසෙන සටහනේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිශ්චිත නිගමනයකට ඒමට අපහසු බව පොලිස්පතිවරයා කියා සිටියේ වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවවලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "එතනදී විශේෂ වූ කරුණු කාරණා ගණනාවක් පිළිබඳ සලකා බැලීමට අවශ්‍යයි. ඒ පුද්ගලයා ඒ ආකාරයේ සටහනක් තැබුවේ ඇයි?, මොකක්ද ඊට හේතුව, ඒ හේතුව පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි," "මේ පුද්ගලයා එවැනි ප්‍රකාශයක් සිදු කළා පමණක් නොවෙයි, ඔහු සිය දිවි නසා ගත්තා. සිය දිවි හානි කර ගැනීමට හේතුව කුමක්ද?, එය රාජකාරි හේතුවක්ද?, විශ්‍රාමිකයකුට තිබෙන රාජකාරි හේතුව කුමක්ද?, නැතිනම් පෞද්ගලික කාරණාවක්ද?, ඔහුට කිසියම් මානසික පීඩනයක් එල්ල වුනාද?, තර්ජනයක් එල්ල වුනාද?," 'අපිට මෙවැනි ප්‍රකාශයක් කළ පමණින් නිගමනයකට ඒමට හැකියාවක් නැහැ,' පොලිස්පතිවරයා සඳහන් කළේය. ජනාධිපතිගේ ප්‍රකාශය යාපනයේ කොඩිකාමම් පොලිස් ස්ථානය තුළදී මීට වසර කීපයකට පෙර දෙමළ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එකොළොස් දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 14) වනදා අත්අඩංගුවට ගනු ලැබීම පිළිබදව අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ යමි කිසි වැරැද්දක් සම්බන්ධයෙන් වැදගත් වන්නේ වරදේ ස්වභාවය මිස අත්අඩංගුවට ගන්නා පුද්ගලයා නොවන බවය. "රටේ නීතියට අනුව වැරදි කළේ කවුද කියන දේ නොවෙයි වැදගත්, කුමක්ද වැරැද්ද කියන දේයි වැදගත්. පොලිස් හෝ හමුදා නිලධාරියෙක්ද, බාහිර පුද්ගලයෙක්ද,පරිපාලකයෙක්ද කියන දේ නොවෙයි අදාළ වෙන්නේ. වරද කුමක්ද කියන කාරණයයි වැදගත් වන්නේ," අපරාධයකට සම්බන්ධ බවට සාක්ෂි ඇත්නම් එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලිසියේ වගකීම බවත් පොලිස්පති පූජිත ජයසුන්දර සඳහන් කළේය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සහ ආරක්ෂක නිලධාරීන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගිය දිනක ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ පොලිස්පතිවරයා පැවසීය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවට සටහනක් තබා සිය දිවි නසා ගනු ලැබූ කෑගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ දකුණු පළාත් කලාපීය කාර්ය සාධක බලකාය ඉරිදා දෙවිනුවරදී රැස් විය. යුද සමය තුළ ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේදී අතුරුදහන් වූ දකුණේ ධීවරයන්ගේ ඥාතීන් ඒ ඉදිරියේ සිය අදහස් දැක්වූ බවයි දකුණු කලාපීය කාර්ය සාධක බලකායේ සභාපති වසන්ත කාරියවසම් බීබීසී සංදේශයට කියා සිටියේ. "මොවුන් එල්ටීටීඊය විසින් පැහැර ගත් බව රජය කියනවා. නමුත් ඇත්තටම මොකක්ද සිදු වුනේ කියන කාරණය දැන ගැනීමට ඔවුන් කැමතියි," ඔහු පැවසීය. "සත්‍යය දැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔවුන් ප්‍රකාශ කළා." යුක්තිය සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගනු වස් අතුරුදහන් වූ ධීවරයන්ගේ භාර්යාවන් සහ ඥාතීන් දකුණු පළාත් කලාපීය කාර්ය සාධක බලකාය හමුවට පැමිණි බවයි එහි සභාපතිවරයා කියා සිටියේ. "ඒ අතරින් සමහරෙකුට මරණ සහතික ලබා දී නැහැ. ඇතැම් අයට වන්දි ලබා දී තිබෙනවා. නමුත් ඇතැම් අයට වන්දි ලබා දී නැහැ." (සංදේශයට සවන්දෙන්න) ඥාතීන් සතු සාක්ෂිවලට අනුව ගතව ගිය දශක කිහිපය ඇතුලත දකුණු පළාතේ එකසිය හතළිහකට අධික ධීවරයන් පිරිසක් අතුරුදහන් වී ඇති බවයි ඔහු පවසන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ පිබිදීම සහ යුද සමයේ අතුරුදහන් වූ පිරිස්වල ඥාතීන් විවිධ අවස්ථාවල මහජන කමිටු ඉදිරියේ සිය අදහස් පළ කළත් අතුරුදහන් වූ ධීවරයන්ගේ පවුල් මහජන කමිටුවක් ඉදිරියේ සිය අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය බවත් ඔහු සඳහන් කළේය. භීෂණ සමයේ 1983 සහ 1989 භීෂණ සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් සෙනසුරාදා අදහස් විමසූ බවත් දකුණු කලාපීය කාර්ය සාධක බලකායේ සභාපති වසන්ත කාරියවසම් පැවසීය. යුද්ධය හේතුවෙන් මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අතුරුදහන් වූ සහ ආබාධිත තත්වයට පත් වූ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් අදහස් විමසීම සඳහා පිළිවෙලින් ජුලි 28 වැනි දින සහ 31 වැනි දින මහජන හමු පැවැත්වීමට නියමිත බවත් ඔහු කියා සිටියේය. පොදුවේ මහජන අදහස් විමසීම සඳහා දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන තුළ අගෝස්තු මාසයේ මහජන රැස්වීම් තුනක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් කලාපීය කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.
එල්ටීටීඊය විසින් පැහැර ගත් බව පැවසෙන දකුණු පළාතේ ධීවරයන් සම්බන්ධයෙන් සත්‍යය දැන ගැනීම ඔවුන්ගේ ඥාතීන්ගේ අපේක්ෂාව බව සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලිංගිකත්වය සහ ලිංගික සම්බන්ධතා වැනි කරුණු සම්බන්ධයෙන් අරාබි ලෝකයේ එක්තරා සාකච්ඡාවක් ආරම්භ වී ඇත උතුරු අප්‍රිකාවේ සහ මැද පෙරදිග ලිංගික ජීවිතයේ සැකැස්ම සහ හැඩගැසීම් තේරුම් ගැනීම පහසුය. ඒ අතරවාරයේ දුෂ්කර තත්ත්වයක් මතු කරන්නේ, කන්‍යාභාවයත් ඇතුළත්ව පවුලේ බලපෑම, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික ආදී LGBTQ ජන කොටස් මැඩලීම සහ අන්තර්ජාලයේ කාම වෙබ් අඩවිවලට ප්‍රතිචාර වශයෙන් පවතින දෘශ්‍යමාන මාධ්‍ය වාරණය තෙක් කරුණු විමසීම පිළිබඳව පමණි. බීබීසියේ අරාබි අංශය (BBC News Arabic) විසින් මැද පෙරදිග රටවල් දහයක සහ පලස්තීන භූමියෙහි මෑතදී සිදු කරන ලද සමීක්ෂණයක දී මතු වූ මහජන අදහස් තුළින් එවැනි දැඩි මතධාරී ආකල්ප ප්‍රදර්ශනය විය. 'ඇරෑබ් බැරෝමීටර්' (Arab Barometer) නම් පර්යේෂණ ජාලය විසින් සිදු කරන ලද සමීක්ෂණයේ දී ඇතැම් පුදුම සහගත අදහස් පෙරට පැමිණ තිබුණි. උදාහරණයක් වශයෙන් එම සමීක්‍ෂණයට සහභාගී වූ බොහෝදෙනා 'කාන්තාවන්ට ඔවුන්ගේ රටවල් සඳහා නායකත්වය දීමට පවතින අයිතිය' පිළිගෙන තිබුණි. එහෙත් සමස්ත චිත්‍රය ගතානුගතිකවාදී මුහුණුවරක් ගනියි. ලිංගිකත්වය සහ ලිංගික සම්බන්ධතා වැනි කරුණු සම්බන්ධයෙන් අරාබි ලෝකයේ දක්නට ලැබෙන්නේ විවෘත මතවාදයක් නොවේ. වැඩි දෙනෙක් තවමත් සිතන හැටියට, පවුලට අදාළ කාරණා තීන්දු කිරීම පුරුෂයා සතු අයිතියකි. එපමණක් නොව, ප්‍රශ්න යොමු කරන ලද ස්ථාන හතකින් හයකදීම ලද ප්‍රතිචාරය වුයේ සමලිංගික සබඳතාවන්ට වඩා "පවුලේ ගෞරවය තකා සිදු කරන ඝාතන" අනුමත කළ හැකි බවය. එහෙත් මෙය සමස්ත චිත්‍රය නොවේ. අනන්‍යතාව රැක ගැනීම බටහිර ඉවුරේ පලස්තීන අනාථ කඳවුරක ලිංගික අධ්‍යාපන වැඩ මුළුවකට සහභාගී වෙන කාන්තාවන් සෙසු මති මතාන්තර ඉවසීම සහ සමාජමය විවෘතභාවය අතින් තත්ත්වය යහපත් අතට හැරීමේ ලකුණු පිළිබඳ විපරම් කරන විට, පවතින සමාජමය විවර අතරින් එම නව හැඩ ගැසීම්වල පෙරට යාමක් ආරම්භ වී ඇති ආකාරයක් දක්නට ලැබෙයි. ටකේ සාෆා ටමිෂ් (Take Safa Tamish) 'මුන්ටාඩා අල් -ජෙන්සනේයා' (Muntada Al-Jensaneya) නම් රාජ්‍ය නොවන සංවිධානයේ සම නිර්මාතෘවරයෙකි. එම සංවිධානය පලස්තීන සමාජයේ ලිංගික අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන අතර, ලිංගික අධ්‍යාපනය ගැන යළි සිතා බැලීම සඳහා ජනතාව දිරි ගන්වයි. සාම්ප්‍රදායිකව සිදු වෙන වර්ගයා බෝ කිරීම ගැන පමණක් නොව 'ආලයේ ගැටළු සහ සංවාසය' පිළිබඳ කරුණුත් එම දැනුමට ඇතුළත්ය. 'මුන්ටාඩා' සංවිධානය සිය කටයුතු දියත් කරන ලද්දේ, ඊශ්‍රායලයේ වාසය කරන අරාබි ප්‍රජාව අතරිනි. ඉන් අනතුරුව ඔවුන් බටහිර ඉවුරේ ඊශ්‍රායල් පාලනය සහිත භූමියේත් සිය ශාඛා සංවිධාන පිහිටුවා ඇත. විධිමත් ලිංගික අධ්‍යාපනයකින් තොර වූ අදාළ කලාපයේ බහුතරයක් ජනතාව 'ලිංගිකත්වය' සම්බන්ධයෙන් විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් පාවිච්චි කරනු ලබන අරාබි වචන නොදියුණු මට්ටමේ අවිධිමත් ඒවා වෙති. එසේම අදාළ මාතෘකාව සම්බන්ධයෙන් පාවිච්චි කරනු ලබන යෙදුම් 'දුෂ්කරභාවයක් සහ ලජ්ජාව' ඇති කෙරෙන සුළුය. එම තත්ත්වයන් යටතේ කලාපයේ බොහෝ සමාජයන්හි ලිංගිකත්වය පිළිබඳ මාතෘකා ගැන කතා කිරීමේ දී ඉංග්‍රීසි හෝ ප්‍රංශ භාෂාව යොදා ගැනීම වඩාත් පහසුවක් ලෙස සැලකෙයි. ජෝර්දානය 'LGBTQ+' අන්තර්ජාල සඟරාව අවහිර කරනු ලැබ ඇත. ඒ අතරම ජෝර්දානය 'කාන්තා ව්‍යාග්‍රා' පාවිච්චිය දෙසට නැඹුරු වෙමින් ඇති අරාබි රාජ්‍යය වෙයි. අරාබි ලෝකයේ අන්තර් ආගමික ආදර සම්බන්ධතාවන් යනු සමාජමය තහංචියකි. අරාබි භාෂාවෙන් ඔවුන්ගේ සිරුරු සහ ලිංගික ජීවිතය පිළිබඳව සාකච්ඡා කිරීමේ මානසිකත්වය ගොඩ නැගීම සඳහා අවශ්‍ය වාතාවරණයක් නිර්මාණය කිරීමෙහි ලා පලස්තීන ජාතිකයන්ට සහාය වීම 'මුන්ටාඩා' සංවිධානය විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයකි. ලිංගික කරුණු සාකච්ඡාවේ දී අරාබි වචන භාවිතය වෙනුවට විකල්පයක් ලෙස යොදා ගනු ලබන අවිධිමත් යෙදුම් 'හීබෘ' බසට අයත් වියහැකි අතර, එම භාෂාමය පෙළඹුම මගින් ඊශ්‍රායල් පාලනය ය‍ටතේ ජීවත්වෙන පලස්තීන ජාතිකයන්ගේ දේශපාලන අනන්‍යතාව ප්‍රකාශ කිරීමක් ද සිදු වෙයි. ස්වයං ප්‍රකාශනය ජෝර්දාන් දේශසීමාවෙන් ඔබ්බෙහි භාෂාව සහ අනන්‍යතාව පිළිබඳ මෙම ප්‍රශ්න කාලිඩ් අබ්දෙල් හාඩි (Khalid Abdel-Hadi) පිළිබඳ මතකය අවධි කරයි. කාලිඩ්, මැද පෙරදිග සමාජයේ සම ලිංගිකයන් වෙනුවෙන් මාධ්‍ය කලාව විවෘත මට්ටමින් භාවිතා කළ අතලොස්සක් දෙනාගෙන් එක් තැනැත්තෙකි. එසේම ඔහු ලිංගිකත්වය තීන්දු කෙරෙන ශල්‍යකර්මයන්හි පටන් "ගරුත්වය වෙනුවෙන් සිදු කෙරෙන ඝාතන" තෙක් සියල්ල සාකච්ඡා කෙරෙන "මයි කාලි" (My Kali) අන්තර්ජාල සංග්‍රහයේ නිර්මාතෘවරයා ද වෙයි. සාෆා සංවිධානය 'අනන්‍යතාව' පිළිබඳව කතා කරද්දී කාලිඩ් ද එම පිටුවේ දක්නට විය. "සාමූහික සංස්කෘතියක්" තුළ සිය පෞද්ගලිකත්වයේ වටිනාකම සමාජගත කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් කාලිඩ් මෙයින් දස වසරකට පමණ පෙර "මයි කාලි" (My Kali) අන්තර්ජාල සංග්‍රහය නිර්මාණය කරන ලද්දේ ඔහු යොවුන් තරුණයකුව සිටියදීය. "අරාබි ලෝකයේ අපි ඔක්කොම හඳුන්වා ගන්නේ ප්‍රජාවන් අභ්‍යන්තරයේ කොටස් හැටියට. සමාජමය වූ එම 'මහා හඬ' තුළ මගේ පෞද්ගලික වූ මතවාදය ප්‍රකාශයට පත් කරනු ලැබීම අසීරු දෙයක්" කාලිඩ් පවසයි. තරුණ ජනයා ගත්විට එය අරාබි ලෝකය පුරා සත්‍යය වූ ප්‍රකාශයකි: "ලිංගිකත්වයට අදාළ මාතෘකා පසෙකින් තබන්න!" රැකියාවක් සොයා ගැනීමට නොහැකි එසේම දෙමව්පිය සෙවණින් වෙන්වීමට නොහැකි එසේත් නැත්නම් පෞද්ගලික නිදහස සහතික කර ගැනීමට රාජ්‍යය මත එල්බ සිටින සමාජයක වැසියන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ඔවුන්ට අනුව තීන්දු කර ගැනීම දුෂ්කර කාරණයක් වී ඇත. "ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයා දෙවියන්ගෙන් ලද ත්‍යාගයකි. අප එමගින් විනෝදය ලබමු" ලෙබනනයේ සංද්රින් අටල්ලාහ් (Sandrine Atallah) ලිංගික චිකිත්සාවෙහි නිරතවීමෙන් නමක් දිනූ උපදේශිකාවකි. සිය දෛනික සායනයේ දී ඇය ලිංගිත්වය පිළිබඳව සෘජුව අදහස් දක්වන්නීය. 'බේරුත්' අගනුවර සායනයක් පවත්වා ගෙන යන ඇය ඊට අතිරේකව 'කයිරෝ' අගනුවර මූලස්ථානය කරගත් 'Al Hubb Thaqafa' (ආදර සංස්කෘතිය) නම් සමාජ මාධ්‍ය ජාලයේ පෙනී සිටින එක් තාරකාවක් ද වන්නීය. සංද්රින් සහ ඇය සමඟ කටයුතු කරන 'ලිංගික මාතෘකා ගැන කතාකරන කණ්ඩායම' අනුගමනය කරන්නේ පෞරාණික සම්ප්‍රදායකි. අරාබි ලෝකයේ ඉතිහාසය විමසන විට, එම ඉතිහාසයෙන් වැඩි කොටසක දක්නට ලැබෙන්නේ අද මෙන් ලිංගික කාරනා ගැන කතා කිරීමෙන් වැළකීම හෝ ඒවා නොරිස්සීම නොව සහමුලින්ම එම හැසිරීමේ ප්‍රතිවිරුද්ධ චර්යාවය. එමගින් කියැවෙන්නේ අරාබි ජනයා ඉතිහාසයේ ලිංගිකත්වය පිළිබඳව විවෘත මනසින් සාකච්ඡා කළ බව නොවේද? උදාහරණයක් ගනිමු. 10-11 සියවස් වලදී බැග්ඩෑඩ් නගරයේ දී 'සතුටු විශ්වකෝෂය' (Encyclopaedia of Pleasure) සංග්‍රහ කරනු ලැබුණි. එම විශ්වකෝෂයේ 43 වෙනි පරිච්ඡේදය සහමුලින්ම මෙන් සකලවිධ ලිංගික හැසිරීම් සහ ලිංගික අභිලාෂයන් ආවරණය කරයි. 'සතුටු විශ්වකෝෂය' දෙන පණිවුඩය ඉතා පැහැදිලිය. "ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයා දෙවියන්ගෙන් ලද ත්‍යාගයකි. අප එමගින් විනෝදය ලබමු" අන්තර්ජාල නිමැවුම් රාග මිශ්‍රිත අරාබි සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ නිර්මාණ එම කලාපයෙන් වැඩි හරියකට අද අහිමි වී ඇත. එහෙත් ඒ අතරවාරයේ විවෘතව නිදහසේ ලිංගික කරුණු සාකච්ඡාවට ගනු ලැබීම තව දුරටත් ප්‍රශ්නයක් නොවෙනවා පමණක් නොව, එය පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ට ද සතුටක් දනවයි. සාෆා, කාලිඩ් සහ සන්ද්රින් යනු ප්‍රතිසංස්කරණවාදීන් මිස සටන්කාමීන් නොවේ. ලිංගික සබඳතා පිළිබඳව සාකච්ඡා කරන අතරවාරයේ අනිත් අතින් සම්ප්‍රදාය සහ සංස්කෘතික බීජ සමඟ ක්‍රියා කිරීමටත් ඔවුහු උත්සාහ කරති. ඔවුන්ගේ අභියෝගය සමාජය තුළ නිර්මාණය කරන ලද සුරක්‍ෂිත කුඩා අවකාශයෙන් ඔබ්බට නිදහසේ ගමන් ගැනීමය. ඇත්තෙන්ම, ඔවුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් සැකසුන චිත්‍රපටවල අන්තර්ජාල නිමැවුම් BBC අරාබි සේවයේ 'YouTube' චැනලය ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එමගින් කාන්තාවන් සහ පුරුෂයන් මුහුණ දෙන පෞද්ගලික තර්ජන සහ තහංචි පාලනය කර ගැනීම කොතරම් දුෂ්කර ද යන්න බරපතල මට්ටමින් මතක් කර දෙයි. දූෂණ සහ අර්බුද බොහෝ ඈතක නොවන, දස දහස් ගණනින් ජනතාව අවතැන් හෝ රැකියා නොමැති තත්ත්වයක පසුවෙන සමාජයක, බොහෝ දුරට ලිංගික ජීවිතයේ සංතෘප්තභාවය මගින් එම සමාජයේ ප්‍රශ්නවල අඩුවක් පෙන්නුම් කරනවාත් විය හැකිය. එහෙත් ඉදිරි අනාගතයෙහි අප වඩාත් සතුටින් සහ යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතු සමාජ දැකීමට නම්, ලිංගිකත්වය පිළිබඳ අවකාශය විවෘත මට්ටමක පැවැත්ම ඉතා වැදගත් වෙයි.
සිය නිදන කාමර තුළ සහ ඉන් පිටත දී අනුගමනය කළ යුතු නීති රෙගුලාසි යළි සටහන් කිරීමේ නිරත මැද පෙරදිග කාන්තාවන් සහ පුරුෂයන් පිරිසක් තේමා කර ගනිමින් නිර්මාණය කෙරෙන කෙටි චිත්‍රපට මාලාවක් නිපදවීම සඳහා පුරා වසරක කාලයක් අරාබි ලෝකයේ එහාමෙහා ගිය මාධ්‍යවේදිනී ෂෙරීන් එල් ෆෙකි (Shereen El Feki) ඉදිරිපත් කරන තොරතුරු මත මෙම ලේඛනය පදනම් වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැලන්ටයින් දින ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් ප්‍රකාශ කරමින් සුභපැතුම් පත්, මල් සහ චොකලට් හුවමාරු කර ගනිති. කවුද මේ ශාන්ත වැලන්ටයින්? ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ. වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි. වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි. විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ. අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477) ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය. සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග පෙමින් වෙලුණි. පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ "ඔබේ වැලන්ටයින් වෙතින්" යනුවෙනි. වැලන්ටයින් දිනය ආරම්භ වූයේ කෙසේද? රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ. වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති. සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ. සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ. පසුකාලීනව එම සැණකෙළිය ක්‍රිස්තියානි උත්සවයක් බවට පත් කිරීමට කතෝලික සභාවට අවශ්‍ය විය. එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය. ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ.
සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ පිළිබඳව අවසන් තීරණය ගෙන ඇති බවට ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල පළ වන වාර්තා අසත්‍ය බවයි නවී පිල්ලේ මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක රූපර්ට් කොල්විල් කියා සිටියේ. ‘මෙම කමිටුව සඳහා පත් කිරීමට සුදුසු කිහිප දෙනෙකු සමඟ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය තවමත් සාකච්ඡා කරමින් සිටිනවා. තවම කිසිවෙකු නිල වශයෙන් පත් කර නැහැ.’ රූපර්ට් කොල්විල් බීබීසීයට ප්‍රකාශ කළේය. පළපුරුදු අය මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කරනු ලබන මෙම බාහිර විශේෂඥයන් පිරිස එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට අයත් කමිටු සාමාජිකයන් හා එක්වී කටයුතු කරන අතර ඔවුන් මීට පෙර මහ කොමසාරිස් කාර්යාලය සමඟ කටයුතු කර පළපුරුද්දක් ඇති අය බව ද ඔහු පැවසීය. මෙම පරීක්ෂණ කමිටුවට එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට අයත් දොළොස් දෙනෙකු පත් කෙරෙන බවත් ඔවුන් අතර පරීක්ෂකවරුන්, අධිකරණ වෛද්‍ය විශේෂඥයන්, නීති විශාරදයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් විශේෂඥයන් සිටින බවත් රූපර්ට් කොල්විල් පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන සැන්ද්‍රා බෙයිඩස් මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් පත් කර ඇති බව ඔහු විසින් සනාථ කරන ලදී. මෙම පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදෙන බවට ප්‍රකාශ කර තිබීම පිළිබඳව මහ කොමසාරිස්වරිය දැඩි ලෙස පසුතැවිලි වන නමුත් රජයේ සහයක් නොමැතිව මීට පෙර එක්සත් ජාතීන් මෙවැනි පරීක්ෂණ සඳහා කටයුතු කළ අවස්ථා පිළිබඳව නිදර්ශන පවතින බවත් එවැනි අවස්තාවලදී ක්‍රියාත්මක කළ යුතු ක්‍රම වේදයන් ගැන හොඳින් අත්හදා බලා ඇති බවත් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක රූපර්ට් කොල්විල් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වීම සඳහා එක්සත් ජාතීන් විසින් පත් කිරීමට නියමිත බාහිර විශේෂඥ කමිටුව තවමත් පත් කර නැති බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය බීබීසීයට කියා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශල්‍යවෛද්‍යවරු 11 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මුහුණ බද්ධ කිරීමේ ශල්‍යකර්මය 2017 වසරේදී සිදු කරන ලදී රෝහලේදී ලැබුණ ප්‍රතිකාරවලින් ඇයගේ ජීවිතය බේරුණ නමුත්, ඇයගේ මුහුණෙන් වැඩි කොටසක් විනාශ වී තිබිණි. මේ වන විට 22 වෙනි වියේ පසුවන ඇය, එක්සත් ජනපදය තුළ මුහුණක් බද්ධ කළ ළාබාලතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක් වී ඇත. වසර ගණනාවක් ඉතා වෙහෙසකර ශල්‍යකර්මවලට මුහුණ දී තමන්ට ලැබුණ නව ස්වරූපය ගැන කේටි ස්ටබ්ල්ෆීල්ඩ්ගේ අදහස් ඇතුළත් ලිපියක් 'National Geographic' සඟරාවේ පළ කර තිබේ. මෙම ලිපිය සැකසීම සඳහා කේටි ස්ටබ්ල්ෆීල්ඩ් ප්‍රතිකාර ලබා ගන්නා ඔහියෝ (Ohio) ප්‍රාන්තයේ පිහිටි සායනයට ඇතුළු වීමට සඟරාවේ මාධ්‍යවේදීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට අවසර ලබා දී තිබුණි. එවිට ඇය 21 වෙනි වියේ පසුවූවාය. කේටිගේ ඡායාරූපය ලබන සැප්තැම්බර් මස නිකුත් වීමට නියමිත 'National Geographic' සඟරා කවරයේ ඇතුළත් කර ඇත. ඇයගේ කතාව වාර්තා චිත්‍රපටයක් ලෙස අන්තර්ජාලයේ පළ කිරීමට ද කටයුතු කර තිබුණි. මුහුණ බද්ධ කිරීමේ ශල්‍යකර්මයට මුහුණ දී ඇත්තේ මේ වන විට ලෝකය පුරා පුද්ගලයන් 40 දෙනෙකු පමණි. සම්පූර්ණ මුහුණ බද්ධ කිරීමේ ප්‍රථම ශල්‍යකර්මය 2010 වසරේ සාර්ථකව නිම කිරීමට ස්පාඤ්ඤ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් විය. නමුත් තවමත් මෙම ශල්‍යකර්මය පර්යේෂණ මට්ටමේ තිබෙන නිසා, එක්සත් ජනපදයේ රක්ෂණ සමාගම්වලින් මෙය ආවරණය නොකරයි. ඇමරිකානු හමුදාවේ ප්‍රතිජනක ඖෂධ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතනයක් කේටිගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් ලබා දී ඇත. යුද්ධයෙන් තුවාල ලබන සෙබළුන්ට සිදු කරනු ලබන ප්‍රතිකාර වැඩි දියුණු කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. වයස සහ තුවාලවල ස්වභාවය නිසා විසි දෙවෙනි වියේ පසුවන කේටි මෙම පරීක්ෂණාත්මක ශල්‍යකර්මය සඳහා කදිම සුදුස්සෙකු විය. මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබා ගැනීමෙන් 2017 දී මියගිය 31වෙනි වියේ පසුවූ Adrea Schneider ගේ මුහුණ කේටි ස්ටබ්ල්ෆීල්ඩ්ට බද්ධ කිරීමට කටයුතු කර ඇත. මිය යාමට පෙර, Adrea Schneider සිය ශරීර කොටස් ප්‍රදානය කිරීමට කැමැත්ත පළ කර තිබුණත්, මුහුණ දන් දීමට තීරණය කර ඇත්තේ ඇයගේ මිත්තණිය වන සැන්ඩ්‍රා බෙනින්ටන් (Sandra Bennington) විසිනි. සැන්ඩ්‍රා බෙනින්ටන්ට සිය මිණිපිරිය වන Adrea Schneider ගේ (වමේ) මුහුණේ සමහර ලක්ෂණ කේටිගේ මුහුණේ හඳුනාගත හැකි බව පවසයි සියදිවි නසාගැනීමට උත්සහ කිරීමට පෙර ගෙවූ ජීවිතය ගැන වැඩිදුර විස්තර මතකයේ රැඳී නැති බව කේටි පැවසුවාය. නමුත් බිඳුණු සම්බන්ධතා, අයහපත් සෞඛ්‍ය තත්වයන් ඇතුළු විවිධ හේතූන් නිසා ඇය මානසික අසහනයට පත්ව සිටි බව පවුලේ සාමාජිකයෝ පැවසූහ. වෙඩි උණ්ඩය වැදීමෙන් ඇයගේ මුහුණේ වැඩි කොටසක් විනාශ වී තිබුණ අතර, නාසය, නළලේ කොටසක් සහ හකු ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදු වී තිබිණි. ඇයගේ මොළය සහ දෑස්වලට ද සැලකිය යුතු හානි සිදුව තිබුණි. මේ තොරතුරුද කියවන්න: මිස්සිසිප්පි (Mississippi) රෝහලෙන් ඇයට මූලික ප්‍රතිකාර ලබා දී ඇති අතර, පසුව ටෙනෙස්සේ (Tennessee) රෝහලට මාරු කර තිබේ. ඔහියෝවල පිහිටි මුහුණ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා පහසුකම් ඇති 'Cleveland' සායනයට අවසානයේදී ඇයව ඇතුළත් කරන ලදී. මුහුණ බද්ධ කිරීමට පෙර ඇයගේ කලවවලින් ලබාගත් සම උපයෝගී කරගෙන හානි වී තිබූ මුහුණ සැකසීමට ශල්‍යකර්ම 22 ක් සිදු කර තිබුණි. එමෙන්ම, ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන ඇයගේ හානි වී තිබූ හකු ප්‍රදේශය සැකසීමට ද කටයුතු කර තිබිණි. මුහුණ බද්ධ කිරීම සඳහා ඇය සුදුස්සෙකු යැයි දන්වන අවස්ථාවේදී පවා එම ක්‍රියාදාමය පිළිබඳ කේටි හෝ ඇයගේ පවුලේ කිසිවෙක් දැන නොසිටි බව ඔවුහු පැවසූහ. "මුහුණ බද්ධ කිරීම ගැන කිසිවක් මම දැනගෙන සිටියේ නැහැ. දෙමාපියන් මේ ගැන මට පැහැදිලි කරද්දී නැවත මුහුණක් ලබා ගන්න මම බොහොම උනන්දු වුණා" යැයි කේටි පැවසීය. අනෙක් පුද්ගලයන් තම මුහුණ දෙසට අවධානය යොමු නොකරන ලෙස මුහුණ සෑදිම කේටිගේ බලාපොරොත්තුව වූ බව ඇයගේ මව පැවසුවාය ශරීර කොටස් බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සිටින රෝගීන් ලැයිස්තුවේ වසරක් රැඳී සිට, මුහුණ ප්‍රදානය කිරීමට කැමති පුද්ගලයන් දෙදෙනෙක් සොයා ගත් පසු, 2017 වසරේදී ඇය ශල්‍යකර්මය සඳහා සූදානම් වූවාය. මූලික තීරණය වී තිබුණේ මුහුණේ කොටසක් පමණක් බද්ධ කිරීමටය. නමුත් කේටිගේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා දන් දුන් කාන්තාවගේ මුහුණෙන් වැඩි කොටසක් භාවිතා කර තිබුණි. ප්‍රධාන ශල්‍යකර්මයෙන් පසු ඇයට තවත් ශල්‍යකර්ම තුනකට මුහුණ දීමට සිදු විය. මුහුණේ පෙනුම සහ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට ඉදිරියේදී තවත් ශල්‍යකර්ම කීපයකට ඇයට මුහුණ දීමට සිදු වෙනු ඇත. මුඛයට සිදු වූ හානි නිසා තවමත් කේටිට හරිහැටි කතා කිරීමට අපහසුය. බද්ධ කළ නව කොටස ශරීරයෙන් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීම සඳහා සිය ජීවිත කාලය තුලම ඖෂධ ලබාගැනීමට කේටිට සිදු වනු ඇත. 'දෙවෙනි අවස්ථාවක්' ඉගෙනීම් කටයුතු නැවත ආරම්භ කිරීමට සහ උපදේශන සේවා වෙත යොමු වීමට අපේක්ෂා කරන බව කේටි 'National Geographic' සඟරාවට පැවසුවාය. ජීවිතයේ වැදගත්කම සහ සියදිවි නසාගැනීම ගැන යෞවන වියේ පසුවන්නන් දැනුවත් කිරීමට ද ඇය බලාපොරොත්තු වන බව පවසා තිබිණි. "පුද්ගලයන් විශාල පිරිසක් මට උදව් කළා. දැන් මට අවශ්‍ය අනිත් අයට උදව් කරන්න" යැයි කේටි පැවසීය. කේටිට "අවසාන දෙවෙනි අවස්ථාව ලැබුණා" යැයි ප්ලාස්ටික් සැත්කම් විශේෂඥ බ්‍රයන් ගැස්ට්මන් (Brian Gastman) පැවසූ බව CNN වාර්තා කර තිබුණි. තවත් තොරතුරු:
සියදිවි නසාගැනීමේ අරමුණින් ගිණි අවියකින් සිය මුහුණට වෙඩි තබා ගන්නා විට කේටි ස්ටබ්ල්ෆීල්ඩ් (Katie Stubblefield) 18 වියැති යුවතියකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රුපවාහිනිය මගින් විකාශනය කෙරුණ ඔහුගේ පටි ගත කරන ලද ප්‍රකාශයක් මගින් ජනාධිපතිවරයා ඔහුගේ විරුද්ධවාදීන් හඳුන්වා තිබුණේ පාර්ලිමේන්තුවට පැමිණි විනාශකාරීන් පිරිසක් හැටියටයි. ජනාධිපති වික්ටර් යනුකොවිච් විසින් වර්තමාන යුක්‍රේන් දේශපාලන වාතාවරණය සංසන්දනය කොට තිබුණේ එක්දහස් නමසිය තිස් ගණන්වල ජර්මනියේ නාසි නැගිටීමටයි. ජනාධිපති යනුකොවිච් පවසන්නේ විරුද්ධ පක්ෂ නායිකා යුලියා තිමෂෙන්කෝ වහා නිදහස් කිරීම සහ අලුතින් කතා නායකවරයකු පත් කර ගැනීම මගින් පාර්ලිමේන්තුව නීති විරෝධී ව කටයුතු කර ඇති බවයි. එසේ වුවද පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව කටයුතු කර ඇති බව පවසන මැදිහත් කරුවකු ලෙස ක්‍රියා කළ පෝලන්ත විදේශ ඇමති රදොස්ලව් සිකෝස්කි පවසන්නේ ජනාධිපති යනුකොවිච්ට අවශ්‍ය නම් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත හැකි බවයි.
තමා පදවියෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ඇතත් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව යුක්රේන් ජනාධිපති වික්ටර් යනුකොවිච් කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන් වැඩි පිරිසක් සිරියානු යුද අනාථයන් බවයි වාර්තා වන්නේ. පසුගිය මාසයේ මෙම මුහුදු තීරයේ දී බෝට්ටු ගිලී යාම නිසා සරණාගතයන් තුන් සියයක් පමණ මිය යාමෙන් අනතුරුව මුර සංචාර තර කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගත්තේ ය. බේරා ගනු ලබන අනාථයන් ලම්පෙදූසා දූපතේ රඳවා තබන අතර එම කඳවුරු තුළ රැඳවිය හැකි ප්‍රමාණය මෙන් දෙගුණයක් මේ වන විටත් සිටින බවයි වාර්තා වන්නේ.
ඉතාලියේ සිසිලි දූපතට නුදුරු මුහුදේ දී හත් සීයකට අධික සරණාගතයන් පිරිසක් බේරා ගත් බව ඉතාලි බලධාරීන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නීත්‍යානුකූලව රජයට පවරා ගන්නා ලද ඉඩම් වල පිහිටි ගොඩනැගිලි ඉවත් කරන බව හමුදාව පවසයි සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සරවනභවන් බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ නිවාස ඩෝසර් කරන ස්ථානයට සමීපයේම සිටිමින්. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව මාධ්‍යවේදීන් පිරිසක්ද සමඟ තමන් එම ස්ථානයට පැමිණි බව පැවසූ මන්ත්‍රීවරයා, නිවාස ඩෝසර් කිරීම වීඩියෝ සහ ඡායාරූප ගත කළ මාධ්‍යවේදීන්ගේ කැමරා ලබා ගත් යුද හමුදාව එම දර්ශන මකා දැමූ බවද සංදේශයට කියා සිටියේය. රජයට පවරා ගන්නා ලද ඉඩම් වල පිහිටි ගොඩනැගිලි ඉවත් කරන බවයි, මේ පිළිබඳව මාධ්‍යවේදී දිනසේන රතුගමගේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ. "කලින් ඒවාට නීත්‍යානුකූල හිමිකරුවෝ සිටින්නට පුළුවන්. නමුත් දැන් ඒවා රජයට පවරාගෙන තිබෙන ඉඩම්," බවයි බ්‍රිගේඩියර්වරයා කියා සිටියේ. කෙසේ නමුත් මාධ්‍යවේදීන්ට හිරිහැර කළ බවට මන්ත්‍රීවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කළ හමුදා ප්‍රකාශකයා, එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් වලකින මෙන් ඔවුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කළ බව කියා සිටියේය.
යාපනය කට්ටුවාන් උතුර ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් හා ගේ දොර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩෝසර් කරන ලද බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"කිරි දත් වැටෙන බැවින් ඒවා එතරම් වටිනා ඒවා නොවන බවට මවුවරු තුළ විශාල වැරදි විශ්වාසයක් තිබෙනවා" එහෙත් අද බොහෝ දරුවන්ට එම සුන්දර අත්දැකීම නැත. ඒ, කිරි දත් වැටෙන්නට පෙර ඒවා ගලවා දැමීමට සිදුව තිබෙන බැවිනි. ශ්‍රී ලංකාවේ අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%ක දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී ඇත. මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ කිරි දත් වලට සිදුවන හානි එම දරුවන්ගේ ස්ථිර දත් වල තත්ත්වය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන බව දන්ත වෛද්‍යවරු පෙන්වා දීමය. කිරි දත් වැටෙන බැවින් ඒවා එතරම් වටිනා ඒවා නොවන බවට මවුවරුන් තුළ විශාල වැරදි විශ්වාසයක් ඇතැයි පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ, ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා බිබිසී සිංහල සේවයට පැවසුවාය. දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා ''කිරි දත් වැටෙනකම් කටේ තියෙන්න ඕනා. ස්ථිර දත් හකු ඇටය තුළ හැදිලා හරි තැනට එන්න පාර කියන්නේ කිරි දත්. ඒ නිසා කිරි දත් නියමිත කාලයට කලින් දිරා ගියොත් ස්ථිර දත් වලට හරි පාර කියන්න කෙනෙක් නෑ . දරුවන්ට හරි පාර පෙන්නුවේ නැත්නම් ඒ අය වැරදි පාරේ යනවා වගේ ස්ථිර දතටත් හරි පාර කියන්න කෙනෙක් නැති වුණාම තැන් තැන්වලින් එන්න යනවා. ඊට පස්සේ අපි හිතනවා වැඩිපුර දත් ඇවිල්ලා, නල දත් ඇවිල්ලා කියලා," යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. දත් දිරායාමට ප්‍රධාන සාධක දෙක ලෙස වැරදි ආහාර පුරුදු සහ දත් මැදීමේ වැරදි පුරුදු වන බව දන්ත වෛද්‍යවරු පවසති. මාස හයේදී පමණ කිරි දත් හට ගැනීම ආරම්භ වන අතර අවුරුදු තුන පමණ වන විට කිරි දත් සම්පුර්ණ වේ. දරුවෙකුගේ මුඛයේ ඇති කිරි දත් ගණන 20කි. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වේ. අවුරුදු 12 පමණ වන විට කිරි දත් වැටීම සම්පුර්ණ වෙයි. ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු අනුව ළමුන් කාණ්ඩ තුනකට බෙදා විස්තර කෙරේ. ඒ අවුරුදු 5, 12 සහ 15 වශයෙනි. අවුරුදු 12 දරුවන්ගේ 30%ක ගේ ද අවුරුදු 15 දරුවන්ගේ 40%ක ගේ ද දත් දිරා ඇත. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වේ දරුවන් නළවන අයගේ දත් පිරිසිදු වීම වැදගත්: නිතර දරුවන් සමග කාලය ගත කරන අයගේ මුඛයේ පිරිසිදු බවද දරුවන්ගේ දත් නිසි ලෙස පවත්වාගෙන යාමට වඩාත් වැදගත් වන බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවා ය. ''මවගේ පමණක් නොව දරුවා ළඟින් සිටින පියා , ආච්චි, සීයා වගේම දරුවන් බලාගන්න කාන්තාවන්ගෙන් වුණත් දරුවට විෂ බිජ ඇතුල් වෙන්න පුළුවන්. විශේෂයෙන් ගර්භනී කාලයේ සිට මවගේ මුඛ සෞඛ්‍ය ඉතා ප්‍රශස්ත මට්ටමක තියෙන්න ඕනා. එහෙම නැති වුණොත් අලුත උපන් දරුවට මවගේ කටේ විෂ බීජ බෝ වෙන්න පුළුවන්.'' යනුවෙන් ඇය පෙන්වා දුන්නාය. බොහෝ විට මවුවරු දරුවන්ගේ දත් මැදීම ආරම්භ කරන්නේ කටේ දත් කිහිපයක් පැමිණි පසුවය. එහෙත් දරුවාගේ මුඛයේ පළමු දත ඇති කාලයේදීම දත් මැදීම ආරම්භ කළ යුතු බවට වෛද්‍යවරු පෙන්වා දෙන අතර එහිදී දරුවන් සඳහා භාවිත කරන ප්‍රමිතියෙන් යුත් බුරුසුවක ගෑවෙන-නොගෑවෙන තරමට පටලයක් සේ ෆ්ලෝරයිඩ් සහිත දන්තලේපයක් යොදා ගත යුතු බවද වෛද්‍ය නිදේශය වී තිබේ. මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කර, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම ඉතා යෝග්‍ය බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියන්කා පැවසුවේ දත් දිරායාම වළක්වාලීමට ෆ්ලෝරයිඩ් මගින් ඉටුවන වැදගත් ලක්ෂණ තුනක් ගැන සඳහන් කරමිනි. ''දත් දිරා යනවා කියන්නේ දත හැදිලා තියෙන කැල්සියම් දතෙන් එලියට එන එක. ෆ්ලෝරයිඩ් වලින් කරන්නේ කෙළ වල තියෙන කැල්සියම් දත පැත්තට යොමු කරන එක. ඒ වගේම දතේ කැල්සියම් එලියට ගෙනයාම අඩු කරනවා. අනික් කාරණය තමයි කැල්සියම් ෆ්ලෝරයිඩ් සමග එකතු වූ විට අම්ල සමග ක්‍රියා කරන්න බැරි තත්ත්වයකට පත් කරලා දත් ශක්තිමත් කිරීම. තුන්වන කාරණය තමයි ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා.'' දරුවන්ගේ දත් දිරායාම නිසා දරුවන් මෙන්ම මවුවරු ද බොහෝ පීඩාවන් විදිති. නාගොඩ, ගල්ලස්ස ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන වසන්තා දයානි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේ ඇගේ දරුවන් තිදෙනාගේම දත් දිරා ගොස් කුහර සෑදී ඇති බවය. ''මගේ ලොකු දුවගේ වයස අවුරුදු 13යි. එයාගේ දැනටමත් දත් දෙකක් ගලවලා. දෙවැනි දුවට අවුරුදු 11යි. එයාගේ එක දතක් ගලවලා. අවුරුදු අටක් වන පුතාගේ දත් දෙකක් ගලවන්න වුණා. තවත් කෝම්බ තියෙනවා'' යනුවෙන් ඇය පැවසුවාය. ඇය පවසන ආකාරයට වැඩිමහල් දියණියගේ දත් නරක වීම ආරම්භ වී ඇත්තේ වයස අවුරුදු අටේදී පමණය. එහෙත් බාල දරුවාගේ දත් අවුරුදු පහ වන විට ගලවන්නට සිදුවී ඇත. කොතරම් දත් පණුවෝ කෑවත් දරුවන් අධික ලෙස පැණිරස ආහාරයට ගැනීමට පුරුදුවී සිටින බවද වසන්තා දයානි පැවසුවාය. ඇගේ කුඩා දරුවාගේ මුඛයේ මේ වන විට තවත් දතක විශාල කුහරයක් දක්නට ලැබේ. එය මහත් වේදනාකාරී බව එම දරුවා පැවසුවේ ඇතැම් විට අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකර ගෙන යාමට නොහැකි තත්ත්වයකට එය වේදනාකාරී වන බවය. "දත් හැලෙන කතාව මිත්‍යාවක්" ලංකාවේ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය වසර 10කට වරක් සිදු කෙරේ. එහි නවතම වාර්තාවට අනුව අවුරුදු 65 - 74 වයස් කාණ්ඩයේ පසුවන වැඩිහිටියන්ගෙන් දත් 20 කට වඩා ඇත්තේ 37% කගේ පමණි. ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියට අනුව පුද්ගලයෙකු මරණයට පත්වන අවස්ථාව වන විට මුඛයේ දත් 20ක්වත් හොඳ තත්වයෙන් පැවතිය යුතුය. එහෙත් ලංකාවේ අවුරුදු 65 - 74 වයස් කාණ්ඩයේ සිටින අයගෙන් 11%කගේ මුඛයේ එක දතක්වත් නැති බව සමීක්ෂණ වාර්තාව හෙළි කරයි. දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවේ වයසට යන විට දත් හැලෙනවා යන්න මිත්‍යාවක් බවය. වැඩුණු පුද්ගලයෙකුගේ මුඛයේ ඇති දත් ගණන 32කි. එහෙත් තුන්වන චාර්වක දත් බොහෝ දෙනෙකුගේ නොපිහිටන නිසා සාමාන්‍යයෙන් දත් 28ක් පිහිටයි. දත් ආශ්‍රිත රෝග: 01. දත් දිරා යෑම 02. විදුරුමස් ආශ්‍රිත රෝග 03. දත්වල පැහැය වෙනස් වීම 04. මුඛ පිළිකා 05. දත්වල විකෘති 06. අනතුරු නිසා දත් වලට හානි සිදුවීම දත් දිරායාම ''කෝම්බ'' හැදෙන්න කලින් හඳුනා ගැනීමට සරළ ක්‍රමයක්: දත් දිරයාමේ ආරම්භක අවස්ථාව දත්වල සුදු ලප හට ගැනීමයි. එම අවස්ථාව හඳුනා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යෑම ම අත්‍යාවශ්‍ය නොවේ. හොඳින් ආලෝකය ඇති තැනක සිට දත්වල, දතත් විදුරුමසත් අතර දාරයේ දතේ පැහැයට වඩා කිරි පැහැති පැල්ලම් තිබේදැයි නිරීක්ෂණය කිරීමෙන් දත් දිරායමේ මුල් අවස්ථාව හඳුනාගත හැකි බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවාය. එලෙස පැල්ලම් දක්නට ලැබේනම් ප්‍රතිකාර ගැනීමෙන් තවදුරත් දත් දිරායාම වළක්වා ගත හැකිය යන්න වෛද්‍ය මතය වේ. එහෙත් බොහෝ දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු වන්නේ දත්වල කුහර හටගත් පසුවය. වෛද්‍යවරු පෙන්වාදෙන ආකාරයට මුඛ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් දිවියකට ඉතා වැදහත් වේ. දත් නිරෝගී තත්වයෙන් පැවතීම මානසික සුවයට, පෞරුෂ වර්ධනයට, දරුවන්ගේ මොළයේ වර්ධනයට, ශාරීරික වර්ධනයට මෙන්ම ශක්තිය වැඩිවීමට ද හේතු වන බව වෛද්‍යවරු පවසති. එබැවින් දරුවන් කුඩා කාලයේ පටන් සීනි අධික, ඇලෙනසුළු පිටි ආහාර භාවිතය අවම කිරීමට හා නිවැරදි ලෙස දිනකට දෙවරක් දත් මැදීම සඳහා පුරුදු කිරීම ඉතා යෝග්‍ය බව වෛද්‍ය මතයයි. තවත් තොරතුරු:
කුඩා කාලයේ කිරි දත් හැලුණු විට එම දත කිසිවෙකුටත් නොපෑගෙන තැනකට විසි කරමින් ලේනන්ගෙන් අලුත් දත් ඉල්ලූ සම්ප්‍රදායක් ද අතීත දරු පරපුරට තිබිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘ජාතික සංහිඳියාව පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කර ඇති මෙහෙවර සහ කළ හැකි මෙහෙවර තව බොහොමයක් තිබෙනවා. ඒ වගේම එම මෙහෙවර කිරීමට අපි සෑම වෙලාවකම අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරන බව කියන්න කැමතියි ’ හමුදාපතිවරයා කියා සිටියේය. හමුදාපතිවරයා ඒ බව පවසා සිටියේ යුද්ධය නිමා වී වසර හයක් ගත වන හෙට දිනයේ මාතර දී පැවැත් වීමට නියමිත 'ජාතික රණවිරු උපහාර සැමරුම' පිළිබඳ අදහස් දැක්වීම සඳහා කොළඹ හමුදා මූලස්ථානයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කැප වී සිටින බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳහන් කළේය. දෙවන ලෝක යුද්ධයේ සිට මේ දක්වා සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා යුද හමුදාව සාමය වෙනුවෙන් ක්‍රියා කර ඇති බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ. මේ අතර ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ තවත් ජන කොටසක් යුද්ධයෙන් මියයාම යුද ජයග්‍රහණයක් ලෙස සැමරීමට සුදානම් නොවන බවයි. 'බෙදුම්වාදයෙන්' රට ගලවා ගැනීම සඳහා දිවි පිදූ එමෙන්ම ආබාධිත තත්වයට පත් ආරක්ෂක අංශවල සාමාජිකයන් එදින සමරන බවයි ආණ්ඩුව පවසන්නේ.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කරනුවස් හමුදාවට විශාල මෙහෙයක් කළ හැකි බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙහි අන්තර්ගතය නැත End of Facebook post, 1 බීබීසී සිංහල සේවය සමග පැවති සජීවී ෆේස්බුක් සාකච්ඡාවකදී ඇය පැවසුවේ, "අගමැතිතුමත් සජිත් ප්‍රේමදාසත් වෙන කවුරුත් නියෝජිතයෝ යවන්නේ නැතිව ඒ දෙන්නා තනියෙන් මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න යන්නේ කියලා කතා කරගෙන දෙදෙනා එකතු වෙන්නේ නැතිව මේ ගමන යන්න බෑ," යනුවෙනි. ඉදිරි ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ඇය පැවසුවේ ජනාධිපතිවරණයට කලින් පැවැත්වෙන බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මගින් ජනාධිපතිවරණයේ දී විය හැක්කේ කුමක් ද යන්න අනුමාන කළ හැකි වනු ඇති බවය. ජනපති අපේක්ෂකයා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ නම සුදුසු අවස්ථාවේ හෙළිදරව් කෙරෙනු ඇති බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවසීය. "අපි 2015 ජනවාරි 8 වෙනිදා ජයගත් අපේක්ෂකයා හඳුන්වා දුන්නෙත් නාම යෝජනා කැඳවීමට සතියකට කලින්. මේ සැරෙත් අපිට හදිස්සියක් නැහැ. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේ නම ප්‍රකාශයට පත් කළා වේලාසන වැඩියි. කල් යන්න යන්න අපේක්ෂකයන්ගේ අඩුපාඩු වැරදි පේනවා වැඩියි ජනතාවට. එතුමා කරන කියන දේවල් පරස්පරයි. ජනතාවට ඒවා වැටහෙනවා." එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණය ජය ගත හැකි අපේක්ෂකයා "පක්ෂය ඇතුළේ තීරණයක් අරගෙන හොඳ අපේක්ෂකයෙක් ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරාවි," යනුවෙන් පැවසූ ඇය අලුතෙන් ජන්දය හිමි ලක්ෂ 17 දිනා ගැනීම වැදගත් බවද පෙන්වා දෙයි. ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරු වන්නේ දැයි විමසු විට ඇය පැවසුවේ, "මේ වෙනකොට සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා වෙන්න ඕනේ කියලා කියනවා. සමහරු කියනවා කථානායක කරු ජයසූරිය, සරත් ෆොන්සේකා, ඒ වගේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටත් වුවමනාවක් තිබෙන බව පේනවා. සියලු දෙනාම එකතුවෙලා කතා කරලා මේ ගමන යා යුතුයි. කවුරු දැම්මත් සන්ධාන ගත නොවී අපට ජයග්‍රහණය කරන්න බෑ. අපි ඒ දාන පුද්ගලයා කවුරු වුණත් ඔහු මුළු රටේ සියලු ජන කොට්ඨාශ වල විශ්වාසය දිනාගත් කෙනෙක්," විය යුතු බවය. එසේම එම අපේක්ෂකයා "එක්සත් ජාතික පක්ෂය ඇතුළේ පාක්ෂිකයන්ට සාධාරණයක් වෙන සහ පාක්ෂිකයන් වෙනුවෙන් සිටින කෙනෙක්" විය යුතු බව ද ඇය පැවසුවාය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පක්ෂය කඩන්න හදනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දරමින් සිටින බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කළාය. "දින 52 ගැන මතක ඇති. එතුමාගේ ඕනෑ එපාකම් අනුව මේ පක්ෂය දුවන්න බැහැ. එතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක විශාල වෛරයකින් ඉන්නේ කියලා එතුමාගේ ප්‍රකාශ වලින් පේනවා. එතුමාගේ අවසාන අභිප්‍රාය මේ පක්ෂය දෙකට කැඩීම. මේ පිටිපස්සේ එතුමා ඉන්නවා. මේ පක්ෂේ රණ්ඩු පිටුපස්සේ එතුමා ඉන්නවා." පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ නිර්පාර්ශික නායකයෙක් ලෙස කටයුතු කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව තිබූ නමුත් ඔහු එය ඉටු නොකළ බවය. එබැවින්, ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව කටයුතු කළ හැකි අපේක්ෂකයෙක් අවශ්‍ය බව ඇය පැවසීය. "මම හිතනවා සජිත් ඇමතිතුමාත් ඒ ගැට වලට හසු වන්නේ නැහැ. අගමැති තුමත් ඒ ගැට වලට හසු වෙන්නේ නෑ. මම හිතනවා පාක්ෂිකයන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් දායි කියල. අපේ පක්ෂයේ තීරණය පිට අයගේ වුවමනාවන් අනුව හැරවිය යුතු නැහැ කියලා මම හිතනවා." "එක්සත් ජාතික පාක්ෂිකයෝ කලකිරීමට පත්වෙලා ඉන්නවා ඇති. නමුත් පාක්ෂිකයින් ඉල්ලන්නේ එහෙ මෙහෙ ගෝනි බිල්ලෝ ගෙනල්ලා පක්ෂය නැති කර ගන්න එපා කියන එක." ඇය අදහස් කරන්නේ පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නේ ද මැතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බවය. කාන්තාවන් දේශපාලනයට ඒමට උත්සුක නොවන්නේ ඇයි? "කාන්තාවන් අපහසුවට පත් කිරීමට, නරක වචන පාවිච්චි කරන්න බොහෝ දෙනෙක් බලා ගෙන ඉන්නේ. සමහර කාන්තාවන් පවා අනෙක් කාන්තාවන් පහත් බවට පත් කරන්න බලාගෙන ඉන්නේ." එමනිසා කාන්තාවන් දේශපාලනයට ඒමට මැලිකමක් දක්වන බව ඇය පැවසුවාය. එසේම එළඹෙන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ කළ සංවර්ධන කටයුතු ගැන හැරුණුවිට හොරුන් ඇල්ලීම ගැන කතා නොකළ යුතුය යන්න ඇයගේ අදහසය. "ලසන්තලාගේ මිනී ගැනත් තවදුරටත් කතා කරන්න බැහැ." මේ තොරතුරුත් කියවන්න:
එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න තිබෙන බව සත්‍යයක් බවත් එය සැඟවීමට දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉදිරියේදී රටේ මතුවිය හැකි ආහාර හිඟයක් පිළිබඳ පසුගියදා අදහස් පළකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කොස් කොළ, ක්‍රෝටන් කොළ අනුභව කරන ලෙස ජනතාවට පැවසී යැයි සභාවට දන්වමින් එය විවේචනය කළ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල (එජනිස) 'කොස් කොළ, ක්‍රෝටන් කොළ' ප්‍රදර්ශනය කරමින්, විපක්ෂ මන්ත්‍රීවරුන්ට රිසි නම් ඒවායින් ව්‍යංජන සකසා දෙන්නයි සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. තවත් මන්ත්‍රීවරයකු ද කොස් 'කොළ මාලයක්' පැළඳ සිටිනු දැකිය හැකි විණි. මීට ප්‍රතිචාර දැක්වූ අශෝක ධනවංශ (එජාප) මන්ත්‍රීවරයා තණකොළ මිටියක් අදාළ මන්ත්‍රීවරුන් වෙත දිගුකළේ "මේ දෙන්නට සුදුසු ආහාරය මේකයි " යැයි පවසමිනි. මේ තත්වය මැද පළාත් සභා රැස්වීම ඝෝෂාකාරී බවක් ඉසිලීය.
'කොස් කොළ, ක්‍රෝටන් කොළ හා තණකොළ' මුල්කරගනිමින් අදහස් පළකිරීම හරහා අද (ජන. 24) දකුණු පළාත් සභාව උණුසුම් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම පෙත්සම් වලින් උත්තර කරුවන් කරනු ලැබ ඇත්තේ පොලිස්පතිවරයා,අලුත්ගම සහ බේරුවල ප්‍රදේශයේ පොලිස් ප්‍රධානීන් සහ නීතිපතිවරයායි. අදාළ පෙත්සම් භාර ගත් බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙක් කියා සිටියේ, අවශ්‍ය පියවර ගැනීම පිණිස ඒවා අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි. ජීවිත සහ දේපොළ හානිය අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ගැටුම් ඇතිවූ අවස්ථාවේ ඒවා වැළැක්වීමට පොලිසිය ඔවුන්ට නීතියෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක නො කළ බවයි පෙත්සම් කරුවන් කියා සිටින්නේ. ජීවිත සහ දේපොළ හානිය පොලිසිය අවශ්‍ය පියවර නො ගත් නිසා ජීවිත මෙන් ම විශාල දේපළ හානියක් ද සිදු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. විනාශකාරී ක්‍රියා වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබුණ බවත් පෙත්සම් කරුවෝ කියා සිටිති. එවැනි තත්වයක් යටතේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි චෝදනා කරන පෙත්සම් කරුවෝ ඒ වෙනුවෙන් සුදුසු වන්දි ගෙවන මෙන් රජයට නියෝගයක් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
අලුත්ගම සහ බේරුවල පසුගිය දා ඇති වූ ගැටුම් වැළැක්වීමට පොලිසිය ක්‍රියා නොකිරීම හේතුවෙන් පීඩාවට පත් වූ පිරිසක් එමගින් තම අයිතිය කඩ වූ බව කියා සිටිමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෙසේනමුත්, පවතින තත්වය පිළිබඳ "නිරන්තරයෙන් අධීක්ෂණය කරන" බව ද පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. දෙසැම්බර් මස දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේදී කොරෝනාවෛරසය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට දැඩි බාධකවලට මුහුණ දීමට සිදු විය. "මෙම අවස්ථාවෙහිදී, අපගේ වෛද්‍ය විශේෂඥයන්ගේ සහ විදෙස් කාර්යාංශයේ උපදෙස් අනුව, කොරෝනාවෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට අවදානමක් තිබෙන බවට කිසිදු ඇඟවීමක් නොමැති," බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසීය. "අපගේ දැනුමට අනුව, ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇත්තේ එක් කොරෝනාවෛරස ආසාදිතයෙක් පමණයි. එය එක්සත් රාජධානියට වඩා අඩු සංඛ්‍යාවක් වන අතර, තවදුරටත් වෛරසය පැතිරීම සඳහා ඉහළ අවදානම් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකෙන්නේ නැහැ. නමුත්, මේ තත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා." "ශ්‍රී ලංකාවට යන ක්‍රීඩකයින් සහ නිලධාරීන් සඳහා පූර්ව ආරක්ෂක පියවර අනුගමනය කරනවා. ප්‍රතිශක්තිය හැකි උපරිම මට්ටමක පවත්වා ගැනීම ඕනෑම රෝගයක් වළක්වා ගැනීම සඳහා උපකාර වෙනවා," ප්‍රකාශකයා තවදුරටත් පැවසීය. කොදෙව්වන්ට එරෙහිව 'විශිෂ්ට' ජයක් මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පවතින එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා සමත් විය. කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් පිළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 9 කදී බිඳ දැමීමට කොදෙවු පිල සමත් විය. ඉන් අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 239ක සබඳතාවක් ගොඩනගා ගත්හ. ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 184ක් පමණි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය. තරගය අතරතුර දී විදුලි ආලෝක කුළුණක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීමට ද සිදුවිය. එමෙන්ම, තරගය අතරතුර ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට පැමිණි පිරිසක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ දැරූ උත්සහයක දී ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ප්‍රවේශපත් කවුළු අසල දී ප්‍රහාරයකට ලක් වී තිබිණ. ගැටුම පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත නියෝග කළ බවය. සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ එක් කඩුල්ලකිනි. කාන්තා 20 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක චමරී අතපත්තු මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී අඟහරුවාදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තියුණු තරගයක් දෙමාට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුව ද, දුර්වල පන්දු රැකීම් හමුවේ තරගය අවසාන වීමට පන්දු තුනක් තිබිය දී ජයග්‍රාහී ඉලක්කය කරා ළඟා වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙහි දී හයේ පහර දෙකක් සමගින් නායක චමරී අතපත්තු පන්දු 38කදී අර්ධ ශතකයක් රැස් කළ අතර, උමේෂා තිමාෂිනී ලකුණු 20 ක් ද, කඩුලු රකින ක්‍රීඩිකා අනුශ්කා සංජීවනී ලකුණූ 25ක් ද රැස් කළාය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 122 ක් රැස් කළේය. පළමුවන පන්දුවාර හය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 19කට කඩුලු තුනක් දැවී ගිය නමුත්, අවසන් පන්දු වාරයේ දී තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය. තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් මුහුණ දුන් නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. පෙබරවාරි 29 වෙනි දින ශ්‍රී ලංකාව ඉන්දියානු කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න:
කොරෝනාවෛරසය සම්බන්ධයෙන් "පූර්ව ආරක්ෂක පියවර" අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මාධ්‍ය ඔස්සේ කෙරුණු සංසන්දනාත්මක විග්‍රහ නවත්වා දැමීමට සිදු වී තිබේ' එජාපය එම චෝදනාව නගන්නේ සෙනසුරාදා පැවති මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්. ආණ්ඩුවේ බලපෑම් හේතුවෙන් ඌව මැතිවරණය හා මීට පෙර පැවති මැතිවරණ අතර කෙරෙන සංසන්දනාත්මක විග්‍රහයන් හා විශ්ලේෂණ නවතා දැමීමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට සිදු වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සන්ධානය පත්ව ඇති දේශපාලන 'අස්ථාවරත්වය' විද්‍යුත් මාධ්‍යවලට කර ඇති එම බලපෑමෙන් පිළිබිඹු වන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියේය. ඌව වෙල්ලස්සේ ජනතාව මෙවර මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය සිදු කරන දූෂණ සහ අක්‍රමිකතා වලට පිළිතුරු සපයා ඇති බව පවසන එක්සත් ජාතික පක්ෂය මෙම ප්‍රතිඵලයත් සමග ආණ්ඩුවේ අවසානය ලඟා වෙමින් තිබෙන බව පැහැදිලි යැයිද සඳහන් කරයි. "ආඥාදායක රාජපක්ෂ පාලනය පැරදවීමේ සටන ඌව වෙල්ලස්සෙන් දැන් යළි ආරම්භ වී තිබේ," යනුවෙන්ද එජාපය පවසයි. 'ප්‍රජාතන්ත්‍රවාදය දිනෙක ජය ගන්නා බව' සමස්ත ප්‍රතිඵලය දෙස බැලීමේදී සනාථ වන බවත් එජාප නිවේදනයේ සඳහන්. එක්සත් ජාතික පක්ෂය කරන මේ චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම පිණිස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ඌව පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලයෙන් සැලුණු ආණ්ඩුව, 2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සමඟ මෙවර ප්‍රතිඵලය සංසන්දනය නොකරන මෙන් විද්‍යුත් මාධ්‍යවලට බලපෑම් කොට ඇතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ තුන්වෙනි නායකයාය පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්‍රාප්තික නායක සෝමවංශ අමරසිංහගෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ තුන්වැන්නා ඔහුය. 'ජාතික ජන බලවේගය' නියෝජනය කරමින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනපතිවරණයට ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක ලබාගැනීමට සමත්වූයේ ඡන්ද 418,553 ක් පමණි. එය මුළු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 3% කට ආසන්න ප්‍රතිශතයකි. 1971 හා 1988/89 දෙවරක් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණෙන් සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ, ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට විකල්පයක් හැටියට දේශපාලන භූමියේ පෙනී සිටියි. 1965 මැයි 14 වැනිදා වෙසක් පෝ දිනෙක ගාල්ල අක්මීමන දී නිල වශයෙන් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වූයේ රෝහණ විජේවීරය. 1971 අසාර්ථක රාජ්‍ය විරෝධී කැරැල්ලෙන් සහ 1989 නොවැම්බර් 13 වෙනිදා රෝහණ විජේවීර ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට ඉතා දුෂ්කර අවධියකට මුහුණ දීමට සිදු විය. 'ජාතික ජන බලවේගය' නමින් බහුජන ව්‍යාපාරයක මුහුණුවරින් මැතිවරණ සටනට අවතීර්ණ වී සිටින ජනතා විමුක්ති පෙරමුණ, සමකාලීන දේශපාලනයේ වැඩි වශයෙන් කතාබහට ලක්වීමට එක් හේතුවක් වන්නේ එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ දේශපාලනික මැදිහත්වීම්ය. දශක දෙකකට අධික කාලයක් ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන් සෝමවංශ අමරසිංහගෙන් පසුව පක්ෂයේ නායකත්වයට පත් අනුර කුමාර දිසානායක, මේ වනවිට වසර හයක කාලයක් සිය පක්ෂයට නායකත්වය දෙමින් සිටියි. අනුර කුමාර දිසානායක දේශපාලනයට සම්බන්ධ වන්නේ පාසල් ශිෂ්‍ය අවධියේ පටන්ය මෙහි දැක්වෙන්නේ ඔහුගේ දේශපාලන ජීවිතය පිළිබඳ සමාලෝචනයකි. (අනුර කුමාර දිසානායක අපොස උසස් පෙළ විභාගය ගණිතය ධාරාවෙන් සමත් වෙයි. තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය.) ශිෂ්‍ය දේශපාලනය: 1987 ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂ වසරකි. ඒ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තැබූ වසර වීම නිසාය. එම අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක පාසල් ශිෂ්‍යයකු ලෙස 'සමාජවාදී ශිෂ්‍ය අංශයේ' වැඩ කටයුතු හරහා දේශපාලනයට සම්බන්ධ වෙයි. 1997 දී 'සමාජවාදී ශිෂ්‍ය සංගමයේ' ජාතික සංවිධායක ලෙස පත්වෙයි. එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත්වෙන අනුර කුමාර දිසානායක 1998 දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට තේරී පත්වෙයි. ක්‍රියාකාරී දේශපාලනය: 1998 මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. වසර 2000 දී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි. 2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය සැපයීය. 2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සමග එක්ව 'එක්සත් ජනතා නිදහස් සන්ධානය' පිහිටුවා ගත්තේය. එම වසරේ පැවති මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සහ පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වශයෙන් තෝරා ගැනිණි. 2010 මහ මැතිවරණයට අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2015 අගෝස්තු මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරමින්, පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. 2015 සැප්තැම්බර් 3 වෙනිදා සිට 2018 දෙසැම්බර් 17 වෙනිදා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද අනුර කුමාර දිසානායක කටයුතු කළේය. 80ව දශකයේ අගභාගයේ 'භීෂණ සමයේ දී' ජනතා විමුක්ති පෙරමුණ අතින් ද මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වූ බව පළමුවරට පිළිගත් අනුර කුමාර දිසානායක ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියේය. ජවිපෙ නායකත්වය: 2014 පෙබරවාරි 02 වෙනිදා පැවති ජනතා විමුක්ති පෙරමුණ හත් වන ජාතික සම්මේලනයේදී එම පක්ෂ නායකත්වය අනුර කුමාර දිසානායක තෝරා පත්කර ගනු ලැබුණි. කියවන්න:
'ජාතික ජන බලවේගය' නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට තරඟ වැදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ ද නායකයා ය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෝටිපති දේපොළ ව්‍යාපාරිකයකු වන ට්‍රම්ප්, මතභේදයට තුඩු දුන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකින් අනතුරුව පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබාගත්තේය. ට්‍රම්ප්ට සහාය දක්වමින් සහ විරෝධය පළකරමින් දහස් ගණන් ජනතාව පිරිසක් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන වොෂින්ටන් නගරය කරා රැස්වෙමින් සිටිති. එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා දහස් ගණන් පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර, ආරක්ෂක මෙහෙයුමේ කොටසක් වශයෙන් කිලෝමීටර ගණනක් දිගට ජනතාව පාලනය කිරීමේ බාධක යොදවා තිබේ. සිය පදවි ප්‍රාප්තියට පෙර දින ප්‍රසංගයකදී ආධාරකරුවන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාව තුළ වෙනස්කම් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය 'සියලුම රටවැසියන් සඳහා' උතුම් රටක් බවට පත්කරන බවට ප්‍රතිඥා දුන්නේය. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ භාර්යාව වන හිලරි ක්ලින්ටන් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට නියමිතයි.
ඇමෙරිකාවේ හතළිස් පස්වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් පැය කිහිපයකින් වොෂින්ටන් නුවරදී දිවුරුම් දීමට නියමිතයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පක්ෂයේ අපේක්ෂකයෙන්ගේ නාම යෝජනා භාරදෙනු ලැබුවේ ශ්‍රිලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පක්ෂයේ අපේක්ෂකයෙන්ගේ නාම යෝජනා භාරදෙනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හිටපු මන්ත්‍රීවරයා විසින්. නාම යෝජනා භාර දෙන අවස්ථාවේ හිටපු ජනපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ නොසිටි නමුත්, ඔහු ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණ ආධාරකරුවන් ඇමතීය. මහ ලේකම්වරයා සහ වයඹ පළාතේ මහ ඇමති දයාසිරි ජයසේකර ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙති. නාම යෝජනා නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එස්බී නාවින්න අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා භාර දුන් අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු දිස්ත්‍රික්කයේ එජාප ප්‍රධානීහුද එම අවස්ථාවට එක්ව සිටියහ. හිටපු ජනපතිවරයාගේ නම කුරුණෑගල දිස්ත්‍රික් ලැයිස්තුවේ මුලින්ම සඳහන් වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා සහ සරණ ගුණවර්ධන ට නාම යෝජනා ලබා නොදුන් බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් නිවේදනය කළේය. මාතර දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර දුන් අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම හිටපු මන්ත්‍රීවරයාගේ නාම යෝජනාවට එරෙහිව විරෝධතාවයක් ඉදිරිපත් වූ නමුත් එම විරෝධතාවය ප්‍රතික්ෂේප කෙරිණ. මහ මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට සිවිල් සංවිධාන සහ කාන්තා හිමිකම් සංවිධාන උද්ඝෝෂණයක් දියත් කළ නමුත්, ඒ පිළිබඳව ප්‍රධාන පක්ෂවල අවධානය පල වූ හැඩක් නොපෙනේ. කාන්තා නියෝජනය විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ නිර්දේශයද නොතකා වත්තල නාගරික මන්ත්‍රීනි ජීවනී කාරියවසම් ට නාම යෝජනා ලබා නොදීමට සන්ධානයේ මහ ලේකම්වරයා තීරණය කිරීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විවේචනයට ලක් වී තිබේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තුවට විද්වතුන්, විශ්‍රාමික රජයේ සේවකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් නම් කිරීම කැපී පෙනෙන්නක්. හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ඇතුළු පිරිසක් එම ලැයිස්තුවට නම් කර තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් සිය ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර නැත. එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසක් උතුරේ මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන්හ.
අගෝස්තු 17 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම සඳුදා දහවල් දොළහට අවසන් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ජනතාවගේ දුක නොදන්නා උපදේශකයන් ගෙදර යවනවා' මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේ මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්ද 15 % දක්වා ඉහළ දමන බවයි. ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමක් කිසි විටෙක සිදු නොකරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ඉහත කී වැට් බදු ඉහළ දැමීමේ ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් පළ කරමිනුයි. 'රටේ දුප්පත් පොදු මහජනතාවට බරක් වෙන ආකාරයේ බදු ඇති කිරීමට රජයේ කිසිදු ආර්ථික විශේෂඥයකුට මම ඉඩ දෙන්නේ නැහැ. මහජනතාවගේ දුක නොතේරෙන රජයේ ආර්ථික විශේෂඥයන් සමහර අංශ වල ඉන්නවා කියල මම දන්නවා. ඒ අයට අවශ්‍ය විදිහට වැඩ කරන්න මම දෙන්නේ නැහැ' ජනපතිවරයා ඒ බව කියා සිටියේ පොලොන්නරුවේ සඳුදා පැවති උත්සවයක් අමතමිනුයි. නැති බැරි ජනතාවට ආර්ථික වාසි ලබා දීම සහ ඔවුන්ට සහන සැලසීම තම රජයේ ප්‍රතිපත්තිය බවයි ජනපතිවරයා අවධාරණය කළේ. 'ආර්ථික විශේෂඥයන්ගේ දැනුම සෑම විටම පොදු මහජනතාවගේ සුබසාධනය ප්‍රමුඛ කර ගනිමින් ක්‍රියාත්මක විය යුතුයි. මේක පොදු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ නිසා දේශපාලනඥයන් වගේම නිලධාරීන් හා ආර්ථික විශේෂඥයනුත් ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්' ඔහු පැවසීය. පැවති ආණ්ඩුවේ ණය? ජනදුක නොදන්නා උපදේශකයන් ගෙදර යවනවා - ජනපති විදුලිය, ජලය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වැට් බදු සංශෝධනය බල නොපැවැත්වෙන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ මීට ඉහතදී කියා සිටියේ. වත්මන් ආණ්ඩුව වැට් බද්ද 2% කින් වැඩි කිරීමට තීන්දු කළේ පසුගිය පාලන සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් යයි ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා පවසයි. බීබීසී සංදේශය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ කුමන රජයක් විසින් ණය ගනු ලැබ ඇතත් බලයේ සිටින රජය විසින් ඒවා ගෙවීමට බැඳී සිටින බවයි. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් වැට් බදු ඉහළ දැමීමට සිදු වූ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් පවතින බව 'ඉකොනොමි නෙක්ස්ට්' මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න සංදේශයට පැවසීය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග ලබා දුන් පාරිභෝගික සහන සහ රුපියල් දස දහසේ වැටුප් වර්ධකය සඳහා දැරීමට සිදු වූ අධික වැය වැට් බදු ඉහළ නැංවීම කෙරෙහි බලපෑ තවත් එක් ප්‍රධාන සාධකයක් බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත් මුදල් අච්චු ගැසීමෙන් රටේ ආර්ථිකයට සිදු වන අයහපත් බලපෑම හා සැසඳීමේදී සාපේක්ෂ වශයෙන් බදු ඉහළ නැංවීම යහපත් ක්‍රියාමාර්ගයක් බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න කියා සිටියේ.
පොදු ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමට යෝජනා කරන ආර්ථික විශේෂඥයන්ගේ සේවය රජයට අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් ක්‍රීඩිකාව ගැන ජාත්‍යන්තර විස්තර විචාරකයන් අදහස් දැක්වූයේ එලෙසිනි. තරගාවලිය පුරා තර්ජිනී දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක් වී තිබුණි. "සෙන්ටිමීටර 208ක් උසැති ශ්‍රී ලාංකේය 'ෂූටර්' ලෝක කුසලානය සහ හොංකොං අතර බාධකයක් ලෙස නැගී සිටියා," යැයි අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං කණ්ඩායම පරාජයට පත්කිරීම ගැන සවුත් චයිනා මොර්නින්ග් පෝස්ට් (South China Morning Post) පුවත්පත වාර්තා කර තිබිණි. තරගාවලිය පුරා තර්ජිනී ශිවලිංගම් දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක් විය තර්ජිනී ශිවලිංගම් ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකේ. උසට අමතරව සාර්ථකව ගෝල විදීමට ඇති හැකියාව ඇයගේ සාර්ථකත්වයට හේතුවී තිබේ. මෙවර තරගාවලියේ දී ඇය ගෝල විදීමේදී 93%ක සාර්ථකත්වයක් පෙන්නුම්කර තිබිණි. චතුරංගි ජයසූරියගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සැලසුම් සහගතව ක්‍රීඩාකරනු දක්නට ලැබුණු අතර තර්ජිනී වෙත පන්දුව යොමුකිරීමට ඔවුන් දැක්වූ දක්ෂතා විචාරකයන්ගේ ද ඇගයීමට ලක්විය. ආසියාවේ ප්‍රබලතම දැල්පන්දු කණ්ඩායමක් ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට 2009න් පසු ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගැනීමට නොහැකි විය. සිංගප්පුරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය කෙසේ නමුත් ඉරිදා (සැප්තැම්බර් 9) පැවැත්වූ අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් එම ශූරතාව දිනාගත්තේ සිංගප්පුරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කරමිනි. 2012, 2014, 2016 වසර වලදී පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියන්හිදී ශ්‍රී ලංකාවට හිමිවුයේ අනුශූරතාවය. විශේෂයෙන්ම 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරු කණ්ඩායමට පරාජය වූයේ එක් ලකුණකිනි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දරුවෙ තර්ජිනී ශිවලිංගම් විසිනි. කෙසේවෙතත්, ඉන්පසු කාලපරිච්ඡේදය තුළ දැල් පන්දු පරිපාලනයේ ගැටලු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ විවිධ බෙදීම්ද දක්නට ලැබිණි. 1983 වසරේ යාපනයේ දී උපත ලද තර්ජිනී ශිවලිංගම් මුල්වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2004 වසරේදීය දැල් පන්දු ක්‍රීඩා පරිපාලනය සමග හටගත් මතභේදයක් හේතුවෙන් තර්ජිනී ශිවලිංගම් ද 2014 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත්වී සිටි අතර මෑතකදී ඇය නැවත කණ්ඩායමට එක් වූවාය. 2017 වසරේ ඇයට වික්ටෝරියානු දැල්පන්දු ලීග් තරගාවලියේදී මෙල්බර්න් නුවර 'වෙස්ට් ෆෝල්කන්ස්'කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණ අතර, ඇය නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූයේ එහිදී ලැබු අත්දැකීම් සමගය. 1983 වසරේ යාපනයේ දී උපත ලද තර්ජිනී ශිවලිංගම් මුල්වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2004 වසරේදීය. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය 2009 වසරේ දැල්පන්දු ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමාජිකාවකි. "ශ්‍රී ලංකාවේ තිබුණු තරගාවලියේදී මගේ නායකත්වය යටතේ දිනා ගන්න බැරිවූ ශූරතාව, මේ අයගේ රටටම ඇවිල්ල ගන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා," යැයි අවසන් තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ තර්ජිනී ශිවලිංගම් පැවසීය. තර්ජනී මෙන්ම කණ්ඩායම් නායිකා චතුරංගි ජයසූරිය ඇතුළු ක්‍රීඩිකාවෝ මෙම ජයග්‍රහණය ගැන අදහස් පළ කරන අතරතුර සිය පුහුණුකාරිය වන තිලකා ජිනදාස ගැන විශේෂයෙන් සඳහන් කළහ. 2009 ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය වූයේ ද තිලකා ජිනදාසය. ඉන්පසු ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනයේ ඇතිවූ ගැටලු හේතුවෙන් විදේශගත වූ ඇය, බෘනායිහි දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස වසර හතක් සේවය කළාය. ඇය බෘනායි දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙස කටයුතු කළ වසර හත තුළ එම කණ්ඩායමේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි විය. 2017 වසර අවසානයේ දී විරෝධතා මධ්‍යයේ ඇය නැවත ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිය ලෙස සේවය ආරම්භ කළාය. ක්‍රීඩා අමාත්‍යංශයට ඇයගේ පත්වීම ගැන පැමිණිලි ද ලැබී තිබුණි. කෙසේනමුත්, 2017 දෙසැම්බර් මස අවසානයේ දී එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ මැදිහත්වීමෙන් තිලකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස ස්ථිර කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය තිලකා ජිනදාස ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ තිලකා ජිනදාස ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුරට යළි පැමිණියේ බෘනායිහි ඇයට ලැබුණු විශාල වැටුප පවා කැපකිරීමෙන් බවය. "සමහර අය හිතනවා, අව්වේ හිටියම, බොහෝ කණ්ඩායම් පුහුණු කළාම ඒ අය පුහුණුකරුවෝ කියලා. ඒක නෙවෙයි වෙන්න ඕනේ දැනුම යාවත්කාලින කරගන්න ඕන සහ හරියට තේරුම් ගන්න ඕන ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මොනවද කියලා. මම ස්තුතිවන්ත වෙනවා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට ඒ ගත්ත තීරණයට," ජයග්‍රහණයෙන් පසු තිලකා ජිනදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. තිලකා ජිනදාස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස පත්වීමෙන් පසු එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව සිටි තර්ජිනී සිවලිංගම් වැනි ක්‍රීඩිකාවෝ නැවත කණ්ඩායමට සම්බන්ධ වූහ. මෙම ජයග්‍රහණයත් සමග 2019 වසරේ ජුලි මස එක්සත් රාජධානියේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් 16ට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. ආසියානු දැල්පන්දු ශූරතා දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අඟහරුවාදා (සැප්තැම්බර් 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න:
"ඇයට අමුතුවෙන් සිදු කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇයගේ ආරෝහ පරිණාහ දේහය ඇය වෙනුවෙන් නැගී සිටියා. ගෝල රැස් කළ අවස්ථාවලින් 93% ක්ම සාර්ථක වෙන්න හේතුව මෙයයි."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනි ඒන්ලි බැරන්වරිය අද (නොවැම්බර් 07) යාපනයේ සංචාරයක නිරත විය. ඉදිරි වසර තුන දක්වා කාලය තුළ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අදාළ අරමුදල් ලබා දෙන බව ඇය එහිදී කියා සිටියාය. එම ආධාර මුදල පසුගිය වසරේ මොල්ටාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරන ලද පවුම් ලක්ෂ හැටහයක අරමුදලෙන් එක් කොටසකි. යාපනයේ සංචාරයක නිරත වූ ඒන්ලි බැරන්වරිය යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළට සහන සලසනු වස් බිම් බෝම්බ ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් වන 'HALO Trust'සංවිධානය වෙත එම අරමුදල් ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. අදාළ ව්‍යාපෘතිය තුළින් උතුරේ වැසියන් හතළිස් දහසකගේ පමණ ජීවන තත්වය නගා සිටුවීම සිය බලාපොරොත්තුව බව'HALO Trust'සංවිධානය පවසයි. යාපනයේ සංචාරය අතරතුර'HALO Trust' සංවිධානයේ වැඩකටයුතු නිරීක්ෂණය කළ ඒන්ලි බැරන්වරිය උන්හිටිතැන් අහිමි වී නැවත සිය මුල් ඉඩම් වෙත පැමිණි පවුල් හමු වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
යුද සමයේ උතුරේ වල දැමූ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් ලක්ෂ දොළහක මූල්‍යාධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඒන්ලි බැරන්වරිය තහවුරු කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ආධාර කරන මෙන් චාල්ස් කුමරුගෙන් ඉල්ලීමක් පසුගියදා වතුකරයේ සංචාරයක යෙදුන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාගේ අවධානය පිණිස එම සංදේශය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට භාර දුන් බව සෞම්‍යසරණ පදනමේ නායක එස්පී අන්තෝනිමුත්තු බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේය. "අවුරුදු 150 කට පෙර ගෙන්න ගත්ත කාලේ ඒ ද්‍රවිඩ ජනතාව ජීවත් වෙච්ච ඒ ලයින් කාමරය තාමත් ඒ විදියට තමයි පවත්වන්නේ. ඒ ලයින් කාමරයේ ජීවත්වෙන ජනතාව නිතර නිතරම සෑහෙන ආපදාවලට මුහුණ දෙනවා. ජීවිතේ විනාශ වෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මේ තත්වය පහදා දෙමින් චාල්ස් කුමරු වෙත යොමු කළ ලිපියේ වතුකරයේ දෙමළ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ආධාර කරන මෙන් ඉල්ලා සිටි බව පදනමේ සභාපතිවරයා පවසයි. ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව පැවැත්වුණු තරුණ සහ ව්‍යාපාරික සමුළුවලදී ගත් තීන්දු වතුකරයේ ජනතාව වෙනුවෙන්ද ක්‍රියාත්මක කරන මෙන් සහ වතුකරයේ ජනතාව වෙනුවෙන් වෙනමම ආපදා කළමනාකරණ කාර්යාලයක් ක්‍රියාත්මක කරන මෙන්ද එම ලිපියෙන් ඉල්ලීමක් කොට තිබේ. වතුකරයේ සංචාරයේදී චාල්ස් කුමරු හමුවීමට තමන් කළ ඉල්ලීම ඉටු නොවූ බවද එස්පී අන්තෝනිමුත්තු බීබීසී යට පැවසීය.
අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබූ වතුකරයේ දෙමළ ජනතාව ගේ ජීවන තත්වය වසර එක සිය පණහක් මුළුල්ලේ කිසිදු වෙනසකට ලක් වී නැති බව පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාර දුන් බව වතුකරයේ සුභ සාධන සමිතියක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ගොඩක් කණගාටු වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියත්, ලේකම්තුමාත් අපෙන් අහන්නැතුව තමන්ගේ මාධ්‍යයකට ගිහිල්ල ඒ විදියට කියපු එක ගැන' බංග්ලාදේශයේදී මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මෙය තමාගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලානය බව සඳහන් කළා විනා මාධ්‍ය කැඳවා සමු ගැනීමක් නිවේදනය නොකළ බව මහේල ජයවර්ධන අවධාරණය කළේය. එහෙත් එහිදී සිය අදහස් විමසීමක් නොකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සහ ප්‍රධාන විධායක ඈශ්ලි ද සිල්වා ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් තමන් විවේචනය කිරීම ඉතා වගකීම් විරහිත ක්‍රියාවක් බවයි, ඔහු කියා සිටියේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම අදහස් අනුමත කළ කුමාර් සංගක්කාර කියා සිටියේ, මෙය තමන්ගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලානය බව පමණක් දි අයිලන්ඩ් පුවත්පත කළ විමසීමකදී තමන් සඳහන් කළ බවයි. ඉන් අනතුරුව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හමු වී කරුණු පහදාදීමට අවස්තාව ලැබුණු බවයි, සංගක්කාර කියා සිටියේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාවයද සමඟ යලි දිවයිනට පැමිණි අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු ඔවුන් පිළි ගැනීමට මඟ දෙපස රැස් වී සිටියහ. කටුනායක ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් ඇමතීමෙන් අනතුරුව ඔවුන් විවෘත බස් රථයකින් කොළඹ බලා පැමිණෙන විට ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා ධජ වනමින් ප්‍රීතිඝෝෂා නගමින් සිටියහ. ලෝක ශූර කණ්ඩායම යලි දිවයිනට පැමිණි අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු ඔවුන් පිළි ගැනීමට මඟ දෙපස රැස් වී සිටියහ කොළඹ බලා පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ ශ්‍රී ලංකා කණ්ඩායම, දැඩි වර්ෂාව මධ්‍යයේ ගාලු මුවදොර පිටියේ රැඳී සිටි දස දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් හමු වූ බව බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් පවසයි. විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ක්‍රීඩකයන් වෙතට ලඟා වීමට උත්සාහ කිරීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය පළ වී තිබුණු බවත් ඔහු වාර්තා කරයි.
කුමාර් සංගක්කාර සහ තමා විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඒ සම්බන්ධයෙන් පළ කළ ප්‍රතිචාරය පිළිබඳව කණගාටු වන බව කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම හිංසනයට ගොදුරු වී සිටින්නේ දිවුලපිටියේ කුඩගම්මන වැසියකු වන තුසිත වීරසිංහ නමැත්තෙකි. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආධාර දෙන කණ්ඩායමක් පසුගිය නොවැම්බර් 29 වෙනි දින තුසිත වීරසිංහගේ ගෙවත්තේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ විශාල රුවක් සහිත ප්‍රචාරක පුවරුවක් ඇටවීමට උත්සාහ කර ඇති අතර ඊට නිවසේ අයිතිකරුවන්ගෙන් ඉඩ නො ලැබීම මුල් කර ගෙනයි ප්‍රහාරය සිදු ව තිබෙන්නේ. සිය ගෙවත්තේ ප්‍රචාරක පුවරුව සවි කිරීමට අවසර නොදීමෙන් අනතුරුව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ එහි තවත් සභිකයන් දෙදෙනෙක් ඇතුළු පහළොස් දෙනකු පමණ කණ්ඩායමක් එහි පැමිණ ඉඩමට ඇතුල් වී තම ඥාති සහෝදරයන් දෙදෙනකුට පහර දුන් බවයි තුසිත වීරසිංහ කියා සිටින්නේ. ‘මගේ ඉඩමට අනවසරයෙන් ඇතුල් වූ කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයාගේ ‘කටවුට්’එකක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එහි ඇටවීමට උත්සාහ කළා. මම ඒකට දැඩි විරෝධය පළ කළා. ඒත් ඒ කණ්ඩායම විදුලි පහන් කණුවක ප්‍රචාරක පුවරුව සවි කරලා ගියා’ තුසිත වීරසිංහ පවසයි. වැඩි දුරටත් සිද්ධිය විස්තර කරමින් ඔහු කියා සිටියේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් අනතුරුව තම නිවසට ලඟා වූ බවයි. ‘ආණ්ඩුව අපේ’ ‘සභාපතිවරයා මගේ ඉඩමට ඇවිත් ඔවුන්ගේ කාර්යයේ නිම නොවූ ඉතිරි වැඩ සම්පූර්ණ කර ගැනීම සඳහා මට නිවසින් එලියට පැමිණෙන මෙන් දැනුම් දී තිබෙනවා. තමන්ගේ ආණ්ඩුවක් බලයේ පවතින නිසා ඔවුන්ට ඕනෑම තැනක ‘කටවුට්’ සවි කරන්න පුළුවන් බව එම කණ්ඩායම කිව්වා. ඔවුන් දරුණු වචන පාවිච්චි කරමින් සිටි නිසා මම බියට පත් වුනා’ තුසිත වීරසිංහ පවසයි. එම අවස්ථාවේ බියට පත් තමා නිවස ඇතුළේ ම රැඳී සිටි අතර ගෙයින් පිටතට පැමිණි සිය ඥාති සහෝදරයන් දෙදෙනකුට ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පහර දුන් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. පහර දීමට ගොදුරුවූවන් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර අනතුරුව ඔවුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි CaFFE සංවිධානය පවසන්නේ. මෙවැනි මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලැබීම් නවයක් මේ වන විට වාර්තා වී ඇති බවත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන (CaFFE) ආයතනය සඳහන් කරයි.
මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ජනාධිපති ධුර අපේක්ෂකයකුගේ ප්‍රචාරක පුවරුවක් (‘කටවුට්’) තම ඉඩමේ සවි කිරීමට අවසර නො දුන් පුද්ගලයකුගේ ඥාතීන්ට පහර දී ඔහුගේ දේපොළ ආදියට හානි කිරීමේ සිද්ධියක් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන (CaFFE) ආයතනය වාර්තා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැඩිම මාතෘ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙනි 2014 වර්ෂයේ මාතෘ මරණ විමර්ශණ වාර්තාව සඳුදා පස්වරුවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී එලි දැක්වූ අවස්ථාවේයි එම දත්ත අනාවරණය කෙරුනේ. 2015 වසරේ මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත‍්‍රික් මට්ටමින් රෝහල්වලින් ලබාගත් දත්ත ඇතුළත් කොට සකස් කරන ලද වාර්තාවට අනුව අනුමාන මාතෘ මරණ 202 ක් වාර්තා වූ අතර, ඉන් 112 ක් මාතෘ මරණ ලෙස නීර්ණය කරනු ලැබ තිබේ. වතුකරයේ කාන්තාවන් මරණයට පත් වූ කාන්තාවන්ගෙන් සියයට 81 ක් ද්විතීය මට්ටමට වඩා අධ්‍යාපනය ලැබූවන් වන අතර ඔවුන්ගෙන් සියයට 75 ක් ග්‍රාමීය හෝ වතුකරයේ කාන්තාවන්ය. එමෙන්ම ඔවුන්ගෙන් බහුතරය අඩු ආදායම් ලබන පවුල්වල සාමාජිකයින් බවයි පෙන්නුම් කරන්නේ. මෙම මාතෘ මරණ 112 න් 70 ක් ම වළක්වා ගත හැකි මරණ ලෙස සැලකුණද ප‍්‍රතිකාර කිරීමේ ප‍්‍රමාදය හේතුවෙන් රෝහල් තුළ මරණ 38 ක් සිදුව තිබේ. ගතවගිය වසරේදී මාතෘ මරණ හේතුවෙන් දරුවන් 188 කට මව අහිමිවී ඇති අතර මාතෘ මරණ වලට ප‍්‍රධාන හේතු ලෙස ශ්වසන රෝග, හෘද රෝග, ගබිසා කිරීම්, රුධිර වහනය, කළල තරලය ලේවලට මුසුවීම වැනි දේ හඳුනාගෙන තිබේ. මෙසේ 2014 වර්ෂයේ මියගිය කාන්තාවන්ගෙන් 90 ක් රෝහල්වල දී මරණයට පත්ව ඇති අතර, 14 ක් රෝහල්වලට ඇතුළත් කිරීමට පෙර මියගොස් ඇත. පෞද්ගලික රෝහලක දී මියගොස් ඇත්තේ එක් අයෙක් පමණි. අනවශ්‍ය ගැබි ගැනීම් නිසා 35 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තාවේ සඳහන් වන්නේ. වැඩිම මාතෘ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙනි. මෙම තත්ත්වය අවම කර ගැනීම සදහා මානව සම්පත් අඩුපාඩුවලට විධිමත් ක්‍රියාමාර්ග ගැනීම, රුධිර පාරවිලයන සේවා පැය 24 පුරා රෝහල්වල ක්‍රියාත්මක කිරීම, ගිලන් රථ සේවා විධිමත් කිරීම, වතුකරයේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පවුල් සැළසුම් සේවා විධිමත් කිරීම, සන්නිවේදන ක්‍රම වැඩිදියුණු කිරීම සහ අවදානම් මව්වරුන් හඳුනාගැනීමට ක්‍රම වේදයන් සැකසිය යුතු බව වාර්තාව සකස් කළ විද්වත් කණ්ඩායම පෙන්වා දෙයි. 1948 දී ශ‍්‍රී ලංකාවේ මාතෘ මරණ 1700 ක් සිදුව ඇති අතර, එය 2015 වර්ෂය වන විට 95 දක්වා අවම වී ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව වැඩිම මාතෘ මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ මධ්‍යම අප‍්‍රිකාවේ වන අතර, අවමය සිදුවන්නේ ග‍්‍රීසියේ හා ෆින්ලන්තයේ වේ.
2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ සජීවී දරු උපත් තුන් ලක්ෂ හතලිස් නම දහස් හත්සිය පහලොවක් (349,715) සිදුවී ඇති අතර මාතෘ මරණ එකසිය දොළහක් (112) සිදු වී ඇති බව නවතම මාතෘ මරණ විමර්ශණ වාර්තාව මගින් හෙළි වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නීතීඥවරුන් සහ විරුද්ධ පක්‍ෂ කණ්ඩායම් පාගමනකට සූදානම් වන අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂ ආධාරකරුවන් ඊට එරෙහිව උද්ඝෝසනයක් පැවැත්වීම හේතුවෙනුයි මේ තත්වය හට ගත්තේ. "මේක ව්‍යවස්ථා අර්බුදයක්. වෙනත් නඩු තීන්දු බලවත්වෙන්නේ කොහොමද මේක බලවත් වෙන්නේ නැත්නම්" නීතිඥ ලාල් විජේනායක නීතීඥවරුන් අලුත්කඩේ ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී, අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතු බව කියා සිටි ආණ්ඩු පක්ෂ ආධාරකරුවන් ඔවුන්ගේ පා ගමනට බාධා කල අතර පසුව පාගමන උසාවි සංකීර්ණයේ වෙනත් මාර්ගයකින් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කොට තිබේ. අගවිනිසුරුවරිය වටා දේශපාලන කුමන්ත්‍රණකරුවන් රොක්ව සිටින බවටයි ආණ්ඩු පක්ෂ කණ්ඩායම් චෝදනා එල්ල කළේ. නීතිඥ එකමුතුවේ නීතිවේදී ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ සාමකාමී පාගමන කඩාකප්පල් කිරීමට රජය උත්සාහ කළ බවයි. ගල්-මුල් සහ පොලු රැගත් මැර කණ්ඩායම් තමන්ට බාධා පැමිණවූ බව පැවසූ ඔහු තම සාමකාමී සටනේදී ලේ හැලුවේ නම්, එකාධිපති ගමනක් යන රජයට විරුධව නැගී සිටීමට ජනතාව පෙළ ගැසෙන බවයි. අගවිනුසුරුවරිය නීති විරෝධී ආකාරයෙන් ඉවත් කොට නව අග්‍ර විනිශ්චකාරවරයකු පත්කළහොත් ව්‍යවස්ථා අර්බුදයක් හටගනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන නීතිවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කළේය. අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් දී ඇති අධිකරණ තීන්දු කෙරෙහි අවධානය යොමු කරමින් පාගමනට එක්ව සිටි නීතිඥ ලාල් විජේනායක ප්‍රශ්න කළේ මෙසේයි. "මේක ව්‍යවස්ථා අර්බුදයක්. වෙනත් නඩු තීන්දු බලවත්වෙන්නේ කොහොමද මේක බලවත් වෙන්නේ නැත්නම් " සබැඳි තේමා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග වාර්තාව අද පාර්ලිමේන්තුවේ විවාදයට ගනිද්දී දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල විරෝධතා හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තරඟයේ වීරයා වූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විස්සයි විස්ස පිටියෙන් සමු ගනිති අවසාන මහා තරඟයේදී නොදැවී ලකුණු 52ක් රැස් කළ කුමාර් සංගක්කාර තරඟයේ වීරයා ලෙස නම් කෙරිණ. විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් එම ජයග්‍රහණය අවශ්‍යව තිබූ බවයි, කණ්ඩායමේ වැඩ බලන නායක ලසිත් මාලිංග කියා සිටියේ. හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ, ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම සඳහා වසර 18 ක් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට එම ජයග්‍රහණය පුද කරන බවයි. ක්‍රිකට්ලෝලීන් වෙනුවෙන් පස් වතාවක්ම අවසාන මහා තරඟයට තේරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයක් අවශ්‍යව තිබුණු බව පැවසූ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්, ජයග්‍රහණයේ ප්‍රීතිය වචනයෙන් විස්තර කළ නොහැකි බව කියා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට විදේශික ක්‍රීඩාලෝලීන්ගේත් සහයෝගය ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරිණ. බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසාන මහා තරඟයට වැස්සෙන් බාධා පැමිණීමෙන් අනතුරුව තරඟය ආරම්භ වූයේ ප්‍රමාද වී. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පන්දුවට පහර දීම ඉන්දීය කණ්ඩායමට භාර කළේය. විශේෂයෙන්ම වැසිබර කාලගුණය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මත තරඟය තීරණය වීමට ඉඩ තිබීම පන්දුවට පහර දීම ඉන්දියාවට භාරදීමට හේතුව බවයි, ඇන්ජලෝ මැතිවුස් ඉන්දීය ඉනිමෙන් අනතුරුව කියා සිටියේ. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 130 ක් රැස් කර ගත්තේය. සීක්කුගේ ප්‍රසන්න වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි.
ඉන්දියාව කඩුලු හතරක් දැවී රැස් කළ ලකුණු 130 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව කඩුලු හයකින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය යටි ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු ඉහත කී අයදුම්කරුවන්ට ඇඳුම් උනා දැමීමට නියෝග කොට ඇත්තේ විභාග වංචා වැළැක්වීමේ අරමුණිනි. සිය යට ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු ඡායාරූපවල දැක් වේ. අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටි බැවින් වෙන් වෙන්ව ඔවුන් පරීක්ෂා නොකොට කාලය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි ඉන්දීය හමුදාව කියා සිටියේ. හමුදාව අයදුම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ඉහත කී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් එක් විභාග අපේක්ෂකයකු 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතට සිය නොසතුට පළ කොට ඇත. පැය කීපයක් පුරා පැවති ලිඛිත පරීක්ෂණය සඳහා විභාග අපේක්ෂකයන් 1,159 දෙනකු ඉදිරිපත් වී සිටි බව බලධාරීහු පවසති. විභාග අපේක්ෂකයන්ට පිළිතුරු පත්‍ර ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩ නැගිල්ලේ බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය වසරේදී මාධ්‍ය තුළ පළ විය බිහාර් ප්‍රාන්තය ඇතුළු උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ බොහොමයකින් විභාග වංචා හා සම්බන්ධ පුවත් නිතර වාර්තා වේ. විභාග අපේක්ෂකයන්ට පිළිතුරු පත්‍ර ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩ නැගිල්ලේ බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය වසරේදී මාධ්‍ය තුළ පළ විය. විභාග වංචාවලට තිත තැබීමේ අරමුණින් සිර දඬුවම් සහ දඩ මුදල් නියම කරන බව බලධාරීන් නිවේදනය කළේ පසුගිය ජනවාරි මාසයේදී.
හමුදා සේවයට අයදුම් කළ තරුණයන් සිය ගණනකට සිය යට ඇඳුමින් ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සිදු වූ පුවතක් අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විශේෂයෙන්ම ආනන්දි සසීහරන්ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන සාක් නිරීක්ෂකයන්ගේ කණසල්ල විශේෂයෙන්ම මැතිවරණයට දිනකට පෙරාතුව හමුදා භටයන් බවට සැක කෙරෙන පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා ආනන්දි සසීහරන් ගේ නිවසට කඩා වැදී ඇයගේ ආධාරකරුවන්ට පහර දීම සිය ප්‍රබල අවධානය පළ වූ සිදුවීමක් බව නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී එන් ගෝපාලසාමි පැවසීය. එමෙන්ම ආරක්ෂක හමුදාව සහ සහ ආණ්ඩුවේ සේවකයන් උතුරු පළාතේ ආණ්ඩු පක්ෂයේ මැතිවරණ පත්‍රිකා බෙදීම ඇතුළු ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ද තම අවධානය පළ වූ බවත් ඉන්දියාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වන ගෝපාලසාමි කියා සිටියේය. මේ සියලු තත්වයන් යටතේත් ඡන්දදායකයන් විශාල පිරිසක් සිය ඡන්දය භාවිතා කිරීම පිණිස ඡන්දපොළට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා උනන්දුව හීන වී නැති බවට සාක්ෂියක් බව ද ඔහු පැවසීය. 'කොමසාරිස්ගේ බලතල වැඩිකරන්න' සාක් කලාපීය මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණියේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආරාධනයෙන්. මැතිවරණය හා සම්බන්ධ සියලු කටයුතු මෙහෙයවීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමසාරිස්වරයාට පවරා දී තිබුනේ නම් හමුදාව සහ රජයේ සේවකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම අවම කිරීමට හෝ සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අවස්ථාව තිබුණු බව හිටපු ඉන්දීය මැතිවරණ කොමසාරිස්වරයාගේ මතයයි. එබැවින් මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල වැඩි කළ යුතු බව සාක් නිරීක්ෂණ කණ්ඩායමේ අදහස බවද කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් එන් ගෝපාලසාමි පැවසීය. මැතිවරණ දිනයේදී උදයන් පුවත්පත හා සමාන පුවත්පතක් ප්‍රකාශයට පත්කරමින් ඡන්දායකයන් නොමඟ යැවීමේ උත්සාහයක් පිළිබඳවත් සිය බරපතල කනසල්ල පළ කරන සාක් කලාපීය නිරීක්ෂකයෝ, අදාළ ව්‍යාජ පුවත්පත පිළිබඳව රූපවාහිනී ආයතනයක් විශාල ප්‍රචාරයක් ලබා දුන් නමුත් එම ප්‍රචාරක ව්‍යාපාරය වැළැක්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගත බවක් තමන්ට වාර්තා වී නැති බවත් වැඩිදුරටත් කියා සිටියහ.
උතුරු පළාත් සභා මැතිවරණයේදී ආරක්ෂක හමුදා ක්‍රියා කළ ආකාරය පිළිබඳව සාක් කලාපීය මැතිවරණ නිරීක්ෂකයෝ බරපතල කණස්සල්ල පළ කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩෙංගු රෝගීන් 47,900 ක් මේ වසර තුළ වාර්තා වී ඇති අතර, එයින් 77 දෙනකු මියගොස් තිබේ (සංරක්ෂිත ඡායාරූපයක්) එම විභාග අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වෛද්‍යවරුන් අඛණ්ඩ නිරීක්ෂණයක නිරත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය සෙනසුරාදා අවසන් වේ. මේ වසර තුළ ඩෙංගු රෝගීන් 47,900 ක් වාර්තා වී ඇති අතර, එයින් 77 දෙනකු මියගොස් තිබේ. මේ තත්වය දිවයිනේ දිස්ත්‍රික්ක දහයක හදිසි ආපදා තත්වයක් නිවේදනය කළ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කළේය. ඉන් අනතුරුව පසුගිය සඳුදා ආරම්භ කළ විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකවන අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේද සහාය ලබා ගෙන තිබේ.
අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඩෙංගු රෝගය වැළඳුන දොළොස් දෙනකුට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් එම රෝහලේ ස්ථාපනය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධ විවාදය අතරතුර පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හෝ වරදකරුවන් වී බන්ධනාගාරගත කෙරෙන සියලුම දේශපාලනඥයන් බන්ධනාගාර රෝහලේ ඇඳන් මත සුවසේ පසුවන බවය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවකු වී මරණ දඬුවමට යටත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති රෝග විනිශ්චයන් නිවැරදි නොවන බවටත් ඇය චෝදනා කළාය. "අර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගහලා තියෙනවා සියලුම සිරකරුවන් මනුෂ්‍යයෝය කියලා. ඒක මකලා සියලු සල්ලි තියෙන සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා ගහ ගන්න" පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසීය. මේ අතර හිසට වෙඩි වැදීම හේතුවෙන් සැත්කම් කීපයකට භාජනය කෙරුණු සිය සහෝදරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති වෛද්‍ය වාර්තා, අවශ්‍ය ඕනෑම පුද්ගලයකුට පරික්ෂා කොට බැලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරිය දිලිනි සිල්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.
බන්ධනාගාරගත කෙරෙන දේශපාලනඥයන්ට වෙනත් සිරකරුවන්ට නොමැති විශේෂ වරප්‍රසාද හිමි වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රශ්න කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එයින් හතෙන් එකක්, නො එසේනම් වර්ග කිලෝමීටර මිලියන 22 කට වැඩි ප්‍රමාණයක සෝවියට් දේශය විසිරී තිබුණු බව ඔබ දැන සිටියාද? අදින් සිය වසකට පෙරාතුව, 1917 ඔක්තෝබර් මාසයේ ව්ලදිමීර් ඉලීච් ලෙනින් ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වාදීහු ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ හිම මාලිගාව අත්පත් කරගැනීමත් සමග බිහි වූ සෝවියට් දේශය රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ගමන් මග වෙනස් කළේය. සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණය එයට වඩා වර්ග කිලෝමීටර මිලියන 10කින් අඩුය. වෙනත් අයුරකින් පවසන්නේ නම් සෝවියට් දේශය සිය ප්‍රතිවාදියාට වඩා දෙගුණයකට වඩා විශාල විය. සෝවියට් දේශයේ නැගෙනහිර සිට බටහිර දක්වා දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 11,000 කි. එහි ප්‍රතිඵලය වූයේ රටේ බටහිර ප්‍රදේශයේ වැසියන් උදැසන ආහාරය අනුභව කරන විට නැගෙනහිර පෙදෙසේ වැසියන් රාත්‍රී භෝජනය පවා අවසන් කර තිබීමය. සෝවියට් දේශය ලෝකයේ කාල කලාප 24 න් 11 ක්ම අයත් වීම එයට හේතුවය. සෝවියට් දේශය ගැන මේ කරුණු දැන සිටියාද? සබැඳි යොමු: සෝවියට් දේශය සතුව තිබුණු ආර්ථික ශක්තියත් විශේෂය. 1989 ආර්ථික දත්තවලට අනුව ලොව තුන්වෙනි විශාලතම ආර්ථිකය වූයේ සෝවියට් ආර්ථිකයය. එදා සෝවියට් දේශයේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන තුනකට ආසන්න විය. ලොව විශාලම ආර්ථිකයට හිමිකම් කියන ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන හයකට ආසන්න විය. මිලියන පහකට අධික යුද සෙබලුන් සිටි සෝවියට් දේශයේ න්‍යෂ්ටික යුද ශීර්ෂ 45,000 ක් තිබිණ. ඔවුන්ගේ බටහිර එදිරිවාදීන් සතුව තිබෙන්නේ න්‍යෂ්ටික යුද ශීර්ෂ 23000 පමණය. මේ විසි වෙනි සියවසේ අවසාන අධිරාජ්‍යයේ කතාවය. ඒ අධිරාජ්‍යය, සෝවියට් දේශය, 1991 දී රටවල් ගණනාවක් වශයෙන් බෙදී වෙන්විය. සෝවියට් දේශය ගැන ඔබේ අත්දැකීම බීබීසී සිංහල සේවය සමග බෙදා ගැනීමට කැමතිද? අප අමතන්න : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න
ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 149 කි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බටහිර යුරෝපීය රටවල් කරා දිනපතා ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින් සම්බන්ධයෙන් යුරෝපා හවුලේ රටවල් මේ දක්වා පොදු ප්‍රතිපත්තියකට එළඹ නොමැති හැඩකුයි පෙනෙන්නට තිබුණේ. මේ අතර සමීක්ෂණ වාර්තාවලට අනුව ජර්මන් ජනතාවගෙන් 53% ක් කියා සිටින්නේ සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මාර්කෙල් කර තිබෙන වැඩ කොටස කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. කෙසේ නමුත් මාර්කෙල් ආදර්ශයට ගැනීමක් නිසාදෝ ෆින්ලන්තයේ අගමැති ජුහා සිපිලා පෞද්ගලිකව ඔහු සතු නිවසක් සංක්‍රමණිකයන්ට පිරි නැමීමට තීරණය කිරීම මෙම අර්බුදයට මානුෂික පිළිතුරක් සෙවීම පිළිබඳ වන නව ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකියි. ලොවට ආදර්ශයක් දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීමටත් පෙර හිට්ලර් ගේ ජාතික සමාජවාදී පක්ෂය අනුගමනය කළ යුදෙව්වන් වඳ කරලීමේ නට්සි ප්‍රතිපත්තිය නිසා අතීතයේ ජර්මනියට අත් පත් වූ අවමානයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර ගැටළුවලදී සක්‍රිය සත්කාරක පාර්ශවයක් ලෙස ක්‍රියා කිරීමට ජර්මනියේ මෙතෙක් පත් වූ සෑම ආණ්ඩුවක් පාහේම ගත් උත්සාහයන් ලෝක ප්‍රජාවගේ ඇගයුමට ලක් වී තිබේ. ඒ සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සතු හෙයින් මෙවැනි අර්බුදයකදී ප්‍රමුඛත්වයක් ගෙන වැඩ කිරීමට ජර්මනිය සමත් වී තිබේ. ඕස්ට්‍රියාවේ වියානා නුවර සිට සරණාගතයින් රැගෙන බැවේරියාවේ අගනුවර වන මියුනික් ප්‍රධාන දුම්රිය පොළ වෙත ළඟා වූ ප්‍රථම දුම්රියේ පැමිණි බාල මහලු තරුණ සරණාගතයින් පිළිගැනීමට තෑගී බෝග ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය දෑ රැගෙන ආ ජර්මන් ජනතාව පෙන්වූ මානුෂික, සානුකම්පිත හා සුහදතාවය සරණාගතයින් කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්වයක් වූවා විය හැක. නමුත් එය එසේ සිදු වූවා පමණක් නොව ලොවට ආර්ශයක්ද විය. ජර්මන් ජනතාවගෙන් 70% පමණ පිරිසකගේ මතය වී ඇත්තේ සරණාගතයින්ගේ ආගමනය ජර්මන් ආර්ථිකයට ආශීර්වාදයක් විය හැකි බවයි. දශක ගණනාවක් තිස්සේ ජර්මනියේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් දෙන සංක්‍රමණික තුර්කි ශ්‍රම බලකාය මීට කදිම උදාහරණයක්. සර්බියානු දේශ සීමාව හරහා හංගේරියාවට ඇතුළු වන සිරියානු ජාතිකයින් ඉහත කී පිරිසෙන් 99% පමණ මුස්ලිම් භක්තිකයින් වීම නොඉවසන "දැඩි මතධාරී" ජර්මන් කොටස් සිටින නමුත් ගුණාත්මක වශයෙන් ඊට එරෙහිව යාමට අන්තවාදී කණ්ඩායම් වලට හැකියාවක් නොතිබෙන නමුත් නිවට අන්දමින් සැඟවී කරන පහර දීම් හා ගිනි තැබීම් වරින් වර සිදු නොවුනා නොවේ. දැඩි මතධාරීන් නමුත් එවැනි තත්වයන් පාලනය කර ගැනීමට ජර්මන් බලධාහු සමත් වූහ. මේ අතර ජර්මන් ජනතාවගෙන් 65% කගේ මතය වී ඇත්තේ සරණාගත ආගමනය තුළින් ජර්මනියට "තිරිහන්" වූවා නැතිනම් නව යොවුන් බවක් ලැබූ බවයි. මෙයට හේතුව ජර්මන් ජාතිය ජනගහන වර්ධනයේ සෘණ තත්වයේ පසු වීම හේතුවෙන් පැන නැගී ඇති සමාජ ආර්ථික ගැටලුවලට යම් තරමක අස්වැසිල්ලක් මෙයින් ඇතිවේ යැයි ජනතාව විසින් කරන ලද උපකල්පනයයි. ජර්මන් ජනතාවගේ මෙම සාධනීය ආකල්ප හේතුවෙන් ලොව පුරාම සිටින ආර්ථික හා දේශපාලන සරණාගතයින් රැකවරණ ලබා ගැනීම සඳහා පළමුව හා වැඩි වශයෙන්ම තෝරා ගනු ලබන රට ජර්මනියයි. ජර්මන් ආර්ථිකයේ ධනාත්මක වර්ධනය, කම්කරු ආරක්ෂණ වැඩපිළිවෙළ, සිතීමේ හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා නිදහස තහවුරු කරන නීති රීති පද්ධති අකුරටම ක්‍රියාවේ යෙදීම හේතුවෙන් ජර්මනිය සරණාගතයින්ට "මිහිපිට සුරපුරක්" ලෙස පෙනීම පුදුමයට කාරණයක් නොවේ. ජර්මනියේ රැකවරණ පතන සිරියාවේ සිට පැමිණෙන සරණාගතයින්ගෙන් 100% කටම පාහේ රටට ඇතුල් වීමේ අවසරය දීමට බලධාරීන් තීරණය කොට තිබේ. මිහිපිට සුරපුරක් සිරියාවේ පවතින කුරිරු යුද්ධයේ බිහිසුණු බව නිසාත් ඉන් දැඩි ලෙස පීඩා විඳින කුඩා දරුවන් හා කාන්තාවන් ගේ ඉරණමත් ගැන සලකා ජර්මනිය මේ නිගමනයට එළඹෙන්නට ඇතැයි සිතිය හැක. විශේෂයෙන් සිරියාවේ සිට පැමිණි සංක්‍රමණික සරණාගතයින් රැගත් බෝට්ටුවක් මුහුද මැද දී විපතට පත්වීම නිසා ශෝචනීය ලෙස මරු තුරුලට ගිය තරුණ මවක් සහ ඇගේ සිඟිති පුතුන් දෙදෙනා පිළිබඳ ඛේදවාචකය හා එයින් කම්පා වී වැලපෙන පියාගේ කතාව මාධ්‍ය මගින් ලොව පුරා ප්‍රචාරය විය. ඒ සමගම යුරෝපා හවුලේ රටවල් නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ දැක්වූ ආකල්ප යම් තරමකින් වෙනස් කර ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබිණි. දැඩි ආරක්ෂණ නීති රීති වෙනුවට මානුෂිකව මෙම ප්‍රශ්නය දෙස බැලීමට යුරෝපා හවුලේ රටවල් දැන් දැන් පියවර ගන්නා බව පැහැදිලියි. සංක්‍රමණික ගැටළුවේදී ලිස්සා යාමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මේ නිසා තනි රටකට නොහැකි වනු ඇත. අවසාන විග්‍රහයේදී අප කවුරුත් වේදනාව හඳුනන මිනිස්කම වෙනුවෙන් නිරන්තර සංවේදීතාවයෙන් පෙළෙන ජීවීන් කොටසක් බව මෙනෙහි කර ගැනීමට කදිම අවස්ථාවක් මේ ව්‍යසනය හරහා මතු වී තිබේ. මිනිස් දහමට ජාති, ආගම්, කුල ගෝත්‍ර හා භූගෝලීය වෙනස්කම් බල නොපාන බව සනාථ කිරීමේ ක්‍රියාවලියක යුරෝපා රටවල් නිරතව සිටින විරල අවස්ථාවක් ලෙසද මේ ක්‍රියාදාමය ඉතිහාසයට එකතු වන බව පැහැදිලියි. (මෙහි දැක්වෙන්නේ ලේඛකයාගේ පුද්ගලික මතයයි)
සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගෙලා මාර්කෙල් ගේ ප්‍රධානත්වයෙන් ප්‍රයෝගික හා ධනාත්මක වැඩපිළිවෙළක් යෝජනා කිරීමත් සමග අසල්වැසි රටවල්ද ඒ වෙනුවෙන් යම් තරමින් සහන සැලසීම සඳහා ඉදිරිපත් වීම අස්වැසිල්ලට කරුණක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අදාළ ලොරි රථ රියදුරු, මාර්ගයේ වාහන හසුරවමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක්කර පලායාම හේතුවෙන් මෙසේ පහර දීමට ලක්වූ බවට වර්තාවුවත් එසේ වැරදි කරුවන්ට පහරදීමට පොලිස් නිලධාරීන්ට අයිතියක් තිබේද යන්න සමාජය තුළ සාකච්ඡාවට ලක්ව තිබේ. මම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වැඩ තහනමකට ලක් කර ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් ප්‍රකාශක පැවසීය. එහෙත් එයට සති කිහිපයකට පෙර මෙවැනිම තවත් සිදුවීමක් වාර්තා වූයේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී ය. එහිදී ද පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිලධාරියා වැඩ තනමකට ලක් කෙරිණි. උප පොලිස් පරීක්ෂකවරයෙකු වීමේ බලාපොරොත්තුවෙන් සිටි උසස් පෙළ සිසුවෙකු, ගංජා වෙළෙඳාමේ යෙදුණු බවට කෙරුණු අසත්‍ය පැමිණිල්ලක් මත ගොකරැල්ල පොලීසිය විසින් මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් එම සිසුවාට උසස් පෙළ විභාගය ද අහිමි වූ බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති. පසුගිය ජනවාරි මාසයේදී හක්මන පොලිසියේ අමානුෂික වධහිංසාවන්ට ලක්වූ බව කියන තරුණයකු සිය අත්දැකීම් විස්තර කරමින් පැවසුවේ තමන් බොරු පැමිණිල්ලක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව කෲර වද හිංසාවන්ට ලක් කළ බවය. 'රයිට් ටු ලයිෆ්' නම් මානව හිමිකම් සංවිධානයේ නීතිඥ දුලාන් දසනායක බීබීසී සිංහල සේවයට පැවසූවේ කන්තලේ ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුවකු මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බවට චෝදනා නගමින් මාස ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර නඩු පැවරුණු බවය. එහෙත් ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත නොහැකි වූ බව රසපරීක්ෂක වර්තාවෙන් හෙළි වූ අතර මාස තුන හතරකින් ඔහු නිදොස් කොට නිදහස් කෙරුණු බව නීතිඥ දුලාන් දසනායක කීය. තවත් සිදුවීමක් ගෙන හැර දැක්වූ ඔහු, ඊයේ (අප්‍රේල් 07) කොළඹ මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් ආවරණය කළ නිදහස් ඡායාරූප ශිල්පියකු වන මාලික අබේකෝන් අත්අඩංගුවට ගැනුණු බවටත් පොලිස් අත්අඩංගුවේදී පහරදීමට ලක්වූ බවටත් චෝදනා නැගෙන බව සඳහන් කළේය. ඝාතන, වධහිංසා "රැල්ලක් ද?" නීතිය දැනගමු ද? "අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම් සහ වධ හිංසා" වධ හිංසා: පොලිස් කොමිසමෙන් නව පියවරක් පොලිස් පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම්: ඔබ සතු අයිතීන් මොනවා ද? "මේ වන විට පොලිස් කෲරත්වයේ වර්ධනයක් පෙන්නුම් කරනවා ඒක වෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්ක තමයි. ඔය "war on drugs" කියන එක, ඒක නිසා පොලීසියට නොකියා යම් බලයක් ලැබුණා. පොලිසියට තමන්ගේ බලය පාවිච්චි කිරීම පිළිබඳව පොඩි වලංගුතාවක් දුන්නා. එකයි මගේ අදහස," වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් සිවිල් සංවිධාන 27ක් සහ සිවිල් පුරවැසියන්ගෙන් සමන්විතව පිහිටුවා ගත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව පවසන්නේ මේ වසරේ පළමු මාස දෙක අවසන් වන විට වධහිංසන සම්බන්ධ පැමිණිලි 13ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා වීම තුළින් පොලිස් වධහිංසනවල කණගාටුදායක ලෙස ඉහළ යමක් පෙන්නුම් කරන බවය. ඔවුන් පෙන්වා දෙන පරිදි එම සිද්ධීන් 13 වාර්තාවන්නේ මෙසේය; ගම්පහ දිස්ත්‍රික්කය පෑලියගොඩ පොලිසිය - 03 ගාල්ල දිස්ත්‍රික්කය පිටිගල පොලිසිය - 01 මාතර දිස්ත්‍රික්කය හක්මන පොලීසිය - 01 හම්බන්තොට දිස්ත්‍රික්කය වලස්මුල්ල පොලිසිය - 01 තංගල්ල පොලිසිය - 01 කුරුණෑගල දිස්ත්‍රික්කය පොතුහැර පොලිසිය - 01 වැල්ලව පොලිසිය - 01 කළුතර දිස්ත්‍රික්කය අලුත්ගම පොලිසිය - 01 කොස්ගොඩ පොලිසිය - 01 පයාගල පොලිසිය - 01 පොළොන්නරුව දිස්ත්‍රික්කය අරලගංවිල පොලිසිය - 01 'රයිට් ටු ලයිෆ්' මානව හිමිකම් සංවිධානය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව පෙන්නුම් කෙරුණේ 2019 මාර්තු මස 28 වන දින වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණයන්හි අධිචෝදනා ගොනු කර ඇති නඩු ප්‍රමාණය 115 ක් බව යැයි නීතිඥ දුලාන් දසනායක බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු තවදුරත් පැවසුවේ මේ වන විට මෙම අධි චෝදනා ගොනු කළ නඩු 115න් 34කට නඩු තීන්දු ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්වන බවයි. ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ බැසිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සැකකරුවන්ට වධහිංසා පමුණුවන්නේ ඇයි? යනුවෙන් නිකුත් කළ වාර්තාවන් දෙකකින් පවසන්නේ පොලිස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ කාර්යයක නියැලී නීතිය පසිඳලීමට වෙහෙසවනවාට වඩා ඔවුන් යම් පුද්ගලයන්ගේ සහකරුවන් වී ප්‍රශ්ණය පෞද්ගලිකව විසඳාගැනීමට කටයුතු කිරීමට යෑම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවය. මෙසේ වීමට කරුණු කිහිපයක් බලපෑ හැකි බවත් ඒවානම් තමන්ට පෞද්ගලික වාසි ලබා ගැනීම එනඑනම් කප්පම් ලබාගැනීම, මුදල් ලබාගැනීම හෝ උසස්වීම් හෝ නොයෙකුත් වරප්‍රසාද අපේක්ෂාවෙන් මෙසේ වින්දිතයන් කෲර වද හිංසනයට ලක්කරන බව ද පෙන්වා දෙයි. කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. "පොලීසියට පැමිණිල්ලක් ආපුවහම තමයි අත්අඩංගුවට ගන්නේ බොරුවට නෙමයි. එහෙම දෙයක් නෑ අපි ඒ චෝදනා ප්‍රතික්ශේප කරනවා. හැබැයි අපිට එහෙම සිද්ධියක් වාර්තා උනොත් අපි ඒ ගැන විමර්ශණය කරනවා. බලය යුතු ලෙස හෝ වැඩිපුර පාවිච්චි කරන කරන එක වෙන්න පුළුවන්. හිතාමතා ටෝචර් (වධහිංසා පැමිණවීම) කරන එක අපි නවත්තලා තියෙනවා. එහෙම සිද්ධීන් තවදුරත් සිද්ධවෙනවනම් අපි ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවා," යනුවෙන් අජිත් රෝහණ පැවසීය. වදහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ ඇති නීතිය කුමක්ද ? වර්ෂ 1883 සිට වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ යම් ආකාරයකට නීති පනවා තිබූ අතර එය සිදුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සංයුක්ත වන දණ්ඩ නීති සංග්‍ර‍රහය තුළින් බව නීති විශාරදයෝ පෙන්වා දෙති. දණ්ඩ නීති සංග්‍ර‍හයේ 310 සිට 329 දක්වා වූ වගන්ති තුළින් යම් පුද්ගලයකු තවත් පුද්ගලයකුට එරෙහිව වධහිංසනයකට සමාන හානියක් කිරීම දඩුවම් ලැබිය යුතු අපරාධ වරදක් බවට පත් කර ඇති අතර එහිදී වධහිංසාව සිදු කරන්නා සාමාන්‍ය පුද්ගලයකුද එසේ නැතහොත් රජයේ නිලධාරියෙක්ද යන බෙදීම සිදු නොකෙරේ. 1978 සිට බලපැවැත්වෙන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වධහිංසාවෙන් හා වෙනත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලින් හෝ දඩුවම්වලින් වැළකී සිටීමේ අයිතිය මෙරට පුරවැසියන්ට පමණක් නොව සියලුම තැනැත්තන්ට හිමි වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගිනි. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාව මගින් ඉහත කී අයිතිවාසිකම ඇතුලු අනෙකුත් සඳහන් කර ඇති මූලික අයිතිවාසිකම් කඩ වූ හෝ කඩවීමට අත්‍යාසන්න තත්ත්වයකදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් කටයුතු කිරීමේ හැකියාව ලබා දී ඇත. මෙම 126 වන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇත. කෙනෙක් වධයට පත් කිරීම අපරාධමය වරදක් බවට පත් කරමින් වධහිංසාවට එරෙහිව ප්‍රබල සෘජු නීති රාමුවක් සැකසුණේ වර්ෂ 1994 නොවැම්බර් මස 25 වෙනි දින පාර්ලිමේන්තුවේදී සම්මත කර වර්ෂ 1994 දෙසැම්බර් මස 20 වෙනි දින සිට බලාත්මක වූ 1994 අංක 22 දරණ වධදීමට හා අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහිව වූ සම්මුති පනත මගිනි. වධහිංසාවට හා අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය වර්ෂ 1984 දෙසැම්බර් මස 10 වෙනි දින 39/46 යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත විය. එය එදින සිට එකී සම්මුතිය අත්සන් කිරීම සඳහා හා අපරානුමත කිරීම සඳහා සාමාජික රාජ්‍යයන්ට විවෘත වූ අතර එකී සම්මුතිය වර්ෂ 1987 ජූනි 26 වෙනි දින සිට බලාත්මක විය. වර්ෂ 1993 දෙසැම්බර් මස 29 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත තැන්පත් කරන ලද සාධන පත්‍රයක් මගින් ශ්‍රී ලංකාව වර්ෂ 1994 ජනවාරි මස 03 වෙනි දින සිට මෙම සම්මුතිය පිළිගැනීමට කටයුතු කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළව මෙම සම්මුතිය බලාත්මක වීම ආරම්භ වූයේ වර්ෂ 1994 පෙබරවාරි මස 02 වෙනි දින සිටය. මෙම ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවට ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන පැනවීමට ශ්‍රී ලංකා රජය විසින් 1994 අංක 22 දරණ වධදීමට හා අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහිව වූ සම්මුති පනත පාර්ලිමේන්තුවේදී 1994 නොවැම්බර් මස 25වන දින සම්මත වූ අතර සහතිකය සටහන් කරමින් පනත බලාත්මක වූයේ 1994 දෙසැම්බර් මස 20 වන දින සිටය. එකී පනතේ පූර්විකාවේද පැහැදිලිව දැක්වෙන්නේ වධ දීමට හා අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය ඵල ගැන්වීම සඳහා හා ඊට සම්බන්ධ වෙනත් අනුශංගික කරුණු සඳහා පනවන ලද පනතක් බවය. මෙම පනත පැනවීමත් සමග වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය වඩාත් පුලුල් සහ සෘජු මට්ටමකට පැමිණිනි. මෙයට පෙර විධායක හා පරිපාලන ක්‍රියාවක් මගින් සිදු කරන වධහිංසාවෙන් හා වෙනත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලින් හෝ දඩුවම්වලින් වැළකී සිටීමේ අයිතිය තහවුරු වී තිබුණු අතර දණ්ඩ නීති සංග්‍ර‍හය මගින්ද යම් අයකු වධයකට කෲරත්වයට ලක් කිරීම සෘජුව නොවුනද වක්‍රාකාරයෙන් අපරාධමය වරදකට ලක් කිරීමට හැකියාව ලබා දී ඇති බවට නීති විශාරදයෝ පෙන්වා දෙති. මෙම 1994 අංක 22 දරණ පනත පැනවීමත් සමග යම් අයකු වධයකට හෝ/හා වෙනත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලින් හෝ දඩුවම්වලට ලක් කිරීම සෘජු ලෙසම අපරාධමය වරදක් බවට පත් කරන ලද බවට ඔවුහු කියා සිටිති. මෙම පනත යටතේ වරද සිදු කරන සැකකරුවන් හට නඩු පැවරීමේ වගකීම පැවරෙන්නේ නීතිපතිවරයාට වන අතර ඒ අනුව මේ පනත යටතේ මේ දක්වා නීතිපති වරයා විසින් මහාධිකරණයේ නඩු පැවරීම සිදු කරගෙන යනු ලබයි. මෙම පනතේ දෙවෙනි වගන්තියේ පළමුවන උප වගන්තියට (2 (1)) අනුව යම් තැනැත්තකුට වධ දෙන තවත් තැනැත්තෙක් මෙම පනත යටතේ වරදකට වරදකරු වෙයි. ඒ අනුව වධ දීම වරදක් ලෙසට ශ්‍රී ලංකාව පිළිගෙන ඇතිවා පමණක් නොව එකී 2 (2) උපවගන්තියට අනුව වධ දීමක් සිදු කිරීමට තැත් කරන, ඒ සදහා ආධාර අනුබල දෙන, හෝ වද දීමට කුමන්ත්‍ර‍රණය කරන තැනැත්තෙකුද වරදකරුවන් වේ. මෙම පනතේ 2(4) වගන්තිය අනුව නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේ බවත් නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබුවහොත් වසර හතකට නොඅඩු හා වසර 10කට නොවැඩි කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට හා රුපියල් දසදහසකට නොඅඩු රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට යටත් කළ හැකි බව දක්වයි.
පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය තුළ දී සැකකරුවන් ඇතුළු පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන තත්ත්වය කුමක්දැයි යන්න පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇලන් කීනන් ජාත්‍යන්තර අර්බුද අධීක්ෂණය කරන ICG ආයතනයේ නව වාර්තාවක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලය අවිනිශ්චිත වීමත් සමඟ ඉතා දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාමේ අනතුරක් පවතින බවයි. ICG ආයතනයේ ශ්‍රී ලංකාව භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මෙන්ම ඉහත කී වාර්තාවේ කර්තෘවරයා වන ඇලන් කීනන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා විශාල මට්ටමින් පැතිර යාම පිළිබඳව සිය සංවිධානයේ කනස්සල්ල පළ කළේය. ගැටුම්කාරී බල හුවමාරුවක් ‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළොත් විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දා ගොස් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දෙන පුද්ගලයන්ට හිරිහැර සිදු කෙරෙනු ඇති බවට මැසිවිලි තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජය ගත්තත් ආණ්ඩුව විපක්ෂයට සාමකාමීව බලය භාර දෙනු ලැබේද? යන ප්‍රශ්නයත් පවතිනවා’ ඇලන් කීනන් පවසයි. විපක්ෂයේ ආධාර කරුවකුට ප්‍රහාරයක් විපක්‍ෂයේ ජයග්‍රහණය හමුවේ ජනාධිපතිවරයා බලය දිගටම තමන් අතේ තබා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරනු ඇද්දැයි සැකයක් මතුව ඇති බවත් ICG ආයතනය පෙන්වා දෙයි. ‘රාජපක්ෂ, විපක්ෂයේ පැහැදිලි ජයග්‍රහණය ඉදිරියේත් බලය තමන් අතේ ම තියා ගැනීම සඳහා ජනාධිපතිවරණය අවලංගු කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට පියවර ගනීවිද ? එහෙමත් නැත්නම් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිවෙතකට යාවිද කියන ප්‍රශ්නය තියෙනවා’ ICG ආයතනයේ ශ්‍රී ලංකාව භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඇලන් කීනන් සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි ඉහත කී බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මෙන් ම විදේශීය ආණ්ඩු වල අවධානය යොමු විය යුතු අතර උද්ගත විය හැකි අනතුර අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවයි ඇලන් කීනන් පවසන්නේ. ‘අපි දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ඉතාම සුපරීක්ෂාකාරී මැතිවරණ නිරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර ආණ්ඩු සහ සංවිධානවල අවධානය සහිත. ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් නොවෙයි, මැතිවරණ වංචා, ප්‍රෝඩා ආදිය ගැනත් අවධානය යොමු වීම අවශ්‍යයි’ ඇලන් කීනන් කියා සිටියි. ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳව මෙන්ම ඡන්ද ගණන් කරන තැන් ගැනත් දැඩි අවධානයක් යොමු වීම අවශ්‍ය බවයි ඔහු පවසන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ව ගනු ලබන පශ්චාත් ජනාධිපතිවරණ ක්‍රියා මාර්ග මගින් අත් විය හැකි නරක ප්‍රතිවිපාක ගැන රාජපක්ෂ පාලනයට පණිවුඩයක් දෙන ලෙස’ ICG ආයතනය ශ්‍රී ලංකාවට බලපෑමක් සහිත ඉන්දියාව ,ජපානය සහ චීනයෙන් මෙන් ම රාජපක්ෂ පාලනය දෝෂ දර්ශනයට ලක් කරන බටහිර රටවලිනුත් ඉල්ලා සිටියි.
ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රබල රාජ්‍ය නොවන සංවිධානයක් වෙන ICG ආයතනය වාර්තාවක් නිකුත් කරමින්, මැතිවරණ දිනයේ මෙන්ම ඉන් පසුවත් ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වලකින මෙන් ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩීඑනඒ සංස්කරණයට ලක් කරන ලද කළලයක ඡායාරූපයක් මේ පියවර සමග පරම්පරාගතව ඉදිරියට හැකි 10,000ක් පමණ වූ අබාධ සහිත තත්ත්ව වළකාලීමට මං විවර විය හැකි බවට විශ්වාස කෙරේ. එහි කියලුනු ඇමෙරිකානු හා දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිස සිය පර්යේෂණය අවසන් කිරීමට පෙර, දින පහක කාලයක් අදාළ කළලයට වැඩීමට ඉඩ දුන්හ. අනාගත වෛද්‍ය විද්‍යාව පිළිබඳ යම් ඉඟියක් මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කළද සදාචාරාත්මක නිවැරදි බව බව පිළිබඳ බරපතල ගැටලුවක් ඉන් මතු කර ඇති බවද කියැවේ. 2015 වසරේදී විප්ලවීය ලෙස එළිදුටු ක්‍රිස්ප්ර් (Crispr) නමින් හැඳින්වෙන නව තාක්ෂණයට ස්තුති වන්නට, ඩීඑන්ඒ සංස්කරණය කිරීමේ ස්වර්ණමය යුගයක් හරහා විද්‍යාව ගමන්කරමින් සිටී. වෛද්‍ය විද්‍යාවට මෙයින් ලැබෙන පිටිවහල අතිමහත්වන අතර ඒ හේතුවෙන් මූලික වශයෙන් පෙනහළු මෙන්ම අක්මාව, අග්න්‍යාශය, වකුගඩු හා අන්තරයට ප්‍රවෙණිගතව බලපෑ හැකි රෝගී තත්ත්වයක (Cystic fibrosis) සිට පියයුරු පිළිකා දක්වා හේතුවිය හැකි ප්‍රවේණිගත වැරදීම් ඉවත් කිරීම පිළිබඳ සංකල්පය ද මීට අයත්වේ. හදවත නතර කරන්නා ප්‍රවේණිගත මාරාන්තික හෘද රෝගවලට තුඩු දෙන ඩීඑන්ඒ (DNA) මිනිස් කළලයකින් ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් මුල්වරට සමත්වී ඇත පර්යේෂණයේ නියැලුණු ඇමෙරිකාවේ ඔරීගන් සෞඛ්‍ය හා විද්‍යා විශ්ව විද්‍යාලයේ හා සෝක් ආයතයේ මෙන්ම දකුණු කොරියාවේ මූලික විද්‍යාව පිළිබඳ ආයතනයේ විද්‍යාඥ පිරිස සිය පර්යේෂණයේදී මූලික වශයෙන් අවධානය යොමු කළේ හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති (hypertrophic cardiomyopathy) නම් වූ රෝගාබාධ තත්ත්වය කෙරෙහිය. පොදු ආබාධ තත්ත්වයක් වූ මෙය සෑම 500 දෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන අතර එය වහාම හෘදයේ ගැස්ම නතර කිරීමට හේතුවන තත්ත්වයකි. මෙය එක් ජානයක වැරැද්දක් වන අතර එය දරන ඕනෑම අයෙකු සතුව එම වැරැද්ද සිය දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ 50-50 ක ඉඩක් පවතී. මෙම වැරැද්ද නිවැරදි කිරීමේ අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් කරන ලද්දේ හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති තත්ත්වය ඇති පුද්ගලයකුගේ ශුක්‍රාණු, පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය සම්පන්න ඩිම්බවලට එන්නත් කිරීමය. එහිදී එම නිවැරදි කිරීම සඳහා ක්‍රිස්ප්ර් තාක්ෂණය උපයෝගී කරගෙන ඇත. සෑම අවස්ථාවකදීම එය සාර්ථක නොවුවත්, කරන ලද වෙනස්කම් හේතුවෙන් කළලවලින් 72% ක් එම රෝගාබාධයෙන් මිදී ඇති බව පෙනෙන්නට විය. සදාකාලික ප්‍රතිලාභය වැරැද්ද නිවැරදි කිරීමේ අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් කරන ලද්දේ හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති තත්ත්වය ඇති පුද්ගලයකුගේ ශුක්‍රාණු, පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය සම්පන්න ඩිම්බවලට එන්නත් කිරීමය "මේ අලුත්වැඩියා කිරීම ඉදිරි සෑම පරම්පරාවක්ම ඉදිරියට ගෙන යාවි, එම පවුල් පැලැන්තියේ තිබුණු ජාන විකෘතිතාවක් අපි ඉවත් කළා" යනුවෙන් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන තැනැත්තෙකු වන ආචාර්ය ශෞක්රාත් මිටලිපොෆ් පැවසීය. "මේ තාක්ෂණය භාවිත කරලා, මේ රෝගය නිසා පරම්පරාගතවත් අවසානයේදී මානව සමාජයටත් එල්ලවන පීඩනය අඩු කිරීමේ හැකියාව තිබෙනවා" යැයි ද ඔහු සඳහන් කළේය.
පරම්පරාගතව ඉදිරියට යා හැකි (ප්‍රවේණිගත) මාරාන්තික හෘද රෝගවලට තුඩු දෙන ඩීඑන්ඒ (DNA) මිනිස් කළලයකින් ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් මුල්වරට සමත්වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොරල්පරයට සිදුව ඇති හානිය සොයා බැලීම සඳහා වයඹ පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන්, සංචාරක ක්ෂේත්‍රයේ සහ පාරම්පරික ධීවර කර්මාන්තයේ නිරත ප්‍රදේශයේ ජනතාව කල්පිටිය වෙරළට අද (මාර්තු.02) එක්ව සිටියහ. ජාතික සම්පතක් වශයෙන් සැලකෙන කල්පිටිය කොරල් පරය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනේ පළමු අදියර වශයෙන්, ඊට සිදු වී ඇති හානිය නිරීක්ෂණය කළ බව එහි පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි කියා සිටියේය. වයඹ වෙරළ තීරයේ විශාල කලාපයක විහිදුන කල්පිටිය කොරල් පරයට සිදු වී ඇති හානියත් සමඟ එම මුහුදු කලාපය අවට මත්ස්‍ය සම්පතෙහි ද අඩුවක් සිදුව ඇති බව ධීවරයෝ පෙන්වා දෙති. කොරල් පරය සහ ඒ අවට පරිසර පද්ධතියට විනාශයක් සිදු නොවන පරිදි තම ධීවර කටයුතු කරන ලෙස එම අවස්ථාවට එක් වී සිටි පුත්තලම දිස්ත්‍රික් වනජීවී අධ්‍යක්ෂ ඩබ්ලිව් කේ එස් චන්ද්‍රරත්න ඉල්ලීමක් කළේය.
තහනම් පන්න යොදා ගනිමින් සිදු කරන මසුන් මැරීමේ කටයුතු හේතුවෙන් කල්පිටිය කොරල් පරය විනාශ වෙමින් පවතින බවට ප්‍රදේශයේ පාරම්පරික ධීවර ප්‍රජාව සහ සංචාරක කර්මාන්තයේ නිරත ජනතාව අනතුරු අඟවති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට බුද්ධ ධර්මය තරම් වෙනත් නීතියක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප නියම කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන නිසා උඩුවේ ධම්මාලෝක හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවයි සඳහන් කළේ. මහේස්ත්‍රාත් නියෝගයෙන් පසු බන්ධනාගාර රථයට ඇතුල් කරනු ලැබීමෙන් අනතුරුව උඩුවේ ධම්මාලෝක හිමියන් එම රථයේ සිට කියා සිටියේ තමා අත්අඩංගුවට ගනු ලැබීම ‘බෞද්ධ විරෝධී ක්‍රියාවක්’ වන බවයි. ජනතාවට ඉවසීමෙන් සිටින ලෙස දැනුම් දෙන්නැයි සඳහන් කළ උන්වහන්සේ ‘මෙය බෞද්ධ කමට එල්ල කෙරුණ පහරක්’වන බවයි ප්‍රකාශ කළේ. කිරුලපන ඇලන් මැතිනියාරාමයේ බලපත් රහිත අලි පැටියා සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් පවසන්නේ ‘බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට’ එම අලි පැටියාත් කවුරුන් විසින් හෝ සිය විහාරස්ථානයේ දමා ගොස් තිබුණ බවයි.
බලපත්‍රයක් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම මාර්තු දාහත් වෙනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ‘නීතිය ඉදිරියේ සැම පුද්ගලයකුම සමාන බවත්, බුද්ධ දේශනාවේ ද එය සඳහන් වන බවත්’ පෙන්වා දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2009 දී ලහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැලකී සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු වෙනත් රටවලදී සිය ජාත්‍යන්තර තරග පැවැත්වීමට පාකිස්තානයට සිදුවිය. එවක් පටන් මෙතෙක් පාකිස්තානයේ සංචාරය කර තිබෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි. "සුභ මොහොතක්" - පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජම් සෙති 2015 දී සිම්බාබ්වේ කණ්ඩායමේ එම සංචාරය අවස්ථාවේ ලහෝර් ක්‍රීඩාංගණය අවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඒ අනුව නිදහස් කුසලානය වෙනුවෙන් ලෝක කණ්ඩායමේ (World XI) සමග පාකිස්තාන කණ්ඩායම තරග වදින අවස්ථාව, ලාහෝර් ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ යළිත් ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරග පැවැත්වෙන පළමු අවස්ථාවය. සැප්තැම්බර් 12,13 සහ 15 දිනවල ලාහෝර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියේදී World XI කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ දකුණු අප්‍රිකාවේ Faf du Plessis විසිනි. තිසර පෙරේරා එම කණ්ඩායම නියෝජනය කරන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයාය. සබැඳි යොමු: World XI කණ්ඩායමට එක්වන මෙන් කරන ලද ඉල්ලීමක් කුමාර් සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබේ. එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ද ලහෝර් ක්‍රීඩාංගණයේදී එක් විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතය. වර්තමානයේ පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත්ය යන්න සිය ආරක්ෂක උපදේශකයන් ගේ නිගමනය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගියදා සදහන් කළේය. එහෙත් එදා ප්‍රහාරයේදී හටගත් මානසික තැති ගැනීම කිසි දිනෙක පහව නොයනු ඇතැයි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තිලාන් සමරවීර බීබීසී යට පැවසීය. කිසියම් ක්‍රීඩකයෙකු පාකිස්තානයේ සංචාරය කිරීමට අකැමැත්ත පළ කරන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඒ පිළිබඳව ඔහුට දඬුවම් නොකළ යුතුය යන්න ඔහුගේ අදහසය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව 2009 දී ක්‍රීඩකයන්ගේ අකැමැත්ත නොතකා ශ්‍රී ලංකා කණ්ඩායම එම සංචාරයේ නිරත කර වූ බවට කුමාර් සංගක්කාර පසුගියදා අර්ජුන රණතුංග අමාත්‍යවරයාට චෝදනා කළ අතර, 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගයේදී සිදුවූයේ කුමක්දැයි පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය.
ලබන මාසයේ පාකිස්තානයේ සංචාරයක යෙදෙන ලෝක ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ද ඇතුළත් වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
1951 සැප්තැම්බර් 03දා උපත ලද මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වසර හතළිහකට ආසන්න දේශපාලන ඉතිහාසයක් සහිත මෛත්‍රීපාල සිරිසේන මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ 1989 මහා මැතිවරණයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඔහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කලක් ග්‍රාම සේවක නිලධාරියකු හැටියටයි වෘත්තීය ජීවිතය ආරම්භ කළේ. සිය තරුණ වියේදීම 1979 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් මෛත්‍රීපාල සිරිසේන පසු කාලයේ එම සංවිධානයේ සභාපති පදවිය තෙක් ගමන් ගත්තේය. 1971සිරකරුවා වසර හතළිහකට ආසන්න ඔහුගේ දේශපාලන ජීවිතයේ තවත් කඩයිමක් වන්නේ 1971 අප්‍රියෙල් කැරැල්ල සමයේ කෙටි කාලයකට සිරගත කරනු ලැබීමයි. 1994 ජනාධිපතිවරණයෙන් බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ අලුතින් පිහිටුවන ලද ගංගා නිම්න සංවර්ධන සහ රජ රට සංවර්ධන ඇමති පදවිය දැරූ මෛත්‍රීපාල සිරිසේන එම පාලන කාලය ඇතුළතයි, ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පදවියට පත් කෙරුණේ. 2005 වසරේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රජය ආරම්භයේ දී ඔහු උසුලන ලද්දේ කෘෂිකර්ම සංවර්ධන සහ කෘෂි සේවා ඇමති පදවියයි. එහෙත් පසු කාලයේ සිදු කෙරුණ කැබිනට් සංශෝධනයේ දී ඔහුට එම ඇමති පදවිය අහිමි කෙරුණ අතර ඒ වෙනුවට සෞඛ්‍යය ඇමති පදවියයි පවරන ලද්දේ. පොදු අපේක්ෂක යුද සමයේ LTTE මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් ඔහුගේ ජීවිතය බේරුණි. 2008 දී වසරේ එල්ල කෙරුණ දෙවැනි මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ දී එක් ජීවිත විනාශයක් සිදුව කීප දෙනෙක් තුවාළ ලද නමුත් ඔහුගේ ජීවිතය බේරුණි. පසුගිය දා 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන අද සිකුරාදා (21) ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව තරඟ වදින බව ප්‍රකාශයට පත් කළේය. මී ළඟ ජනාධිපතිවරණය ලබන ජනවාරි 08 වෙනි දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
මී ලඟ ජනාධිපතිවරණයේ දී විපක්ෂ සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කෙරෙන මෛත්‍රීපාල සිරිසේන සිය තරුණ වියේ පටන් ම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පෙරළිකාරී චරිතයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජෙඩා වරායේ ව්‍යාපාරික කටයුතුවල නිරත වෙන්නන්, ප්‍රාදේශීය මාධ්‍ය ආයතනවලට කියා තිබුනේ, වරාය සේවකයන්ගෙන් පහෙන් හතරක්ම රැකියාවන්ට වාර්තා නොකිරීමත් සමඟ, කල්තබා ගත නොහැකි ආහාර වර්ග කුණු වෙන්නට පටන් ගෙන ඇති බවයි. සෞදි බලධාරීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇති නව නීති රීති යටතේ, විදේශීය ශ්‍රමිකයන්ට අනුග්‍රහ දක්වන හාම්පුතුන් දැඩි කොන්දේසිවලට යටත් කෙරෙන අතර, වීසා බලපත් නැතිව රැඳී සිටින දස දහස් සං ඛ්‍යාත විදේශීය ශ්‍රමික ප්‍රජාවක් අත්අඩංගුවට ගෙන රටින් නෙරපා හරිනු ලැබීමට නියමිතයි. තම වැඩ පිළිවෙලේ අරමුණ විදේශ ශ්‍රමය මත රඳා පැවැත්ම නිම කිරීම සහ දේශීය ජනතාවට වැඩිපුර රැකියා සැපයීම වන බවයි, සෞදි අරාබි බලධාරීන් පැවසුවේ.
නියමිත බලපත් නැතිව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයන් නෙරපා හැරීමට, සෞදි අරාබි ආණ්ඩුව ගෙනයමින් පවතින මෙහෙයුම නිසා වෙළෙඳ සල් ,ව්‍යාපාරික ආයතන සහ පාසල් ආදිය වසා දැමෙන තත්වයක් උද්ගතව තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මියන්මාර් නිර්මාණකරුවකුගේ ග්‍රැෆික් නිර්මාණයක්;'''අපේ සරම;අපේ ධජය;අපේ ජයග්‍රහණය'' බුරුම භාෂාවෙන් 'Htamein'යනුවෙන් හඳුන්වනු ලබන එම කාන්තා ඇඳුම් සටන් සංකේතයක් බවට පත්ව ඇත්තේ කුමක් නිසාද? ඊට හේතුව කාන්තා ඇඳුම් සම්බන්ධයෙන් එම සමාජයේ පවතින සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාසයන්ය. කාන්තාවන් විසින් සිය සරොම් ලී කෝටු ආදියේ අමුණා ප්‍රදර්ශනය කරමින් ගෙනයමින් පවතින විරෝධතා ව්‍යාපාරය නම්කරනු ලැබ තිබෙන්නේ 'සරම් විප්ලවය' යනුවෙනි. කාන්තාවකගේ සරමක් හෝ 'ලුන්ගියක්'(Htamein) යටින් පුරුෂයකු ගමන් කළොත් ඔහුගේ බලය සහ තේජස් මහිමය අවසන් වන්නේය යන්න මියන්මාර් සමාජයේ මුල්බැසගත් සාම්ප්‍රදායික විශ්වාසයකි. 'තේජස' බුරුම භාෂාවෙන් හැඳින්වෙන්නේ "hpone'' යන වචනයෙනි. පුරුෂයෙක් කාන්තා ඇඳුමක් යටින් ගියොත් 'තේජස', නැතිනම් "hpone'' අහිමිවේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි.. මියන්මාර් කාන්තාවන් ඔවුන්ගේ 'Htamein' සරම් රෙදි වේලන ලණුවල එල්ලා තබන ආකාරය දැන් මෙය සටන් උපක්‍රමයක් කරගෙන ඇත. ආරක්ෂක හමුදාව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනයා පදිංචි කලාපවලට ඇතුල්වීම වැලැක්වීමට කාන්තාවන් සිදුකරන්නේ තම 'සරොම්' මාවත ඉහළින් එල්ලා තැබීමය. ඇතැම් ස්ථානවල එම උපක්‍රමය මගින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතිබවත් වාර්තා වෙයි. සිය මෙහෙයුම් සඳහා ඉදිරියට යාමට පෙර පොලිස් නිලධාරීන් කාන්තාවන් විසින් එල්ලා තබන ලද 'සරොම්' වැල් කපා ඉවත්කරන දර්ශන සහිත පින්තූර සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරුවෙමින් තිබුණි. විරෝධතාවාදීන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මියන්මාරයේ යුද හමුදා පාලනය අවසන්කරන ලෙසය. එසේම අවුං සාන් සූ චී ඇතුළු මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින සියලු නායකයන් මුදාහරින ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. පසුගිය පෙබරවාරි මස පළමුවෙනි දිනයේ බලය අල්ලාගත් දින පටන් යුද හමුදා ජුන්ටාව විසින් අවුං සාන් සූ චී රඳවා තබනු ලැබ ඇත. යුද හමුදාව කියා සිටින්නේ මැතිවරණ ප්‍රෝඩාවන්ට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බලය පවරාගත් බවකි. බලය පැහැරගත් යුද හමුදාව සිය ප්‍රධානී මෙන්ම හමුදාපති, ජනරාල් මින් අවුං හ්ලේන් (General Min Aung Hlaing) වෙත බලය පවරා ඇති අතර වසරක කාලයකට බල පැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. ජනරාල් මින් දිගුකලක් තිස්සේ මියන්මාරයේ දේශපාලනයට බලපෑම් කරන චරිතයකි. රට කලක් පැවති යුදමය පාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට සංක්‍රාන්ති අවධියක් පසුකරමින් තිබූ වකවානුවේත් ජනරාල්වරයා සිය බලය සාර්ථක ලෙස භාවිත කරමින් සිටියේය. මාර්ග බාධකයක්;ආරක්‍ෂක හමුදා වලක්වාලීම සඳහා සිය සරොම් යොදාගනිමින් මාර්ගය හරස් කරමින් සිටින කාන්තාවන් පිරිසක් පුළුල් විශ්වාසයක් තමන් විසින් දියත්කරනු ලැබ ඇති 'සරොම් විප්ලවය' සමඟ මියන්මාර කාන්තාවන් රැඳී සිටින්නේ ඔවුන්ගේ සමාජයේ පවතින පුළුල් විශ්වාසයක් අනුවය. '' මම හැදී වැඩුනේ කාන්තා සරොම් යනු අපිරිසිදු රෙදි කැබැල්ලක් සහ එය මට ඉහළින් තිබුණොත් එමගින් මගේ බලය පහත වැටෙනු ඇත යන මිත්‍යා විශ්වාසය මුල්බැසගත් සමාජයක. මගේ මිතුරන් එම මිත්‍යාව විශ්වාස කළා'' මියන්මාරයේ ශිෂ්‍යයකු වන Htun Lynn Zaw පවසයි. එක්සත් රාජධානියේ වෙසෙන බුරුම ගත්කතුවරියක සහ 'පොඩ්කාස්ට්' සන්නිවේදනය කරන්නියක වන (podcaster) වන මිමී ඒයේ (MiMi Aye) අදහස් දක්වමින්, මියන්මාර කාන්තාවන් තම ලිංගිකත්වයට අදාළ මිත්‍යා විශ්වාස ඔවුන්ගේ වාසිය සඳහා උපයෝගීකර ගනිමින් සිටින්නේ යැයි සඳහන් කළාය. ''මේ මිත්‍යා විශ්වාසය මගින් මුලදී අදහස් කෙරුනේ කාන්තාවන් අපිරිසිදු නිසා පුරුෂයන්ගේ බලය අහිමිවීමක් නොවෙයි. එයින් අදහස් කෙරුනේ කාන්තාවන් ආශා උපදවන පෙළඹවීම් සහිත කොට්ඨාසයක් නිසා ඔවුන්ට දුර්වල පුරුෂයන් විනාශ කිරීමට හැකියාවක් තියෙනවය කියන එකයි'' ජාත්‍යන්තර කාන්තා දිනයෙහි පුරුෂයන් ද කාන්තා සරම් පැළඳ ගත්හ එපමණක් නොව, කාන්තා සරම වාසනාවේ සංකේතයක් හැටියට සලකන සම්ප්‍රදායක් ද පැවති බව මිමී ඒයේ පෙන්වා දෙයි. ''මිනිස්සු යුද්දෙට යද්දි ඔවුන්ගේ අම්මලාගේ සරමක කුඩා කැබැල්ලක් අරගෙන ගිහින් ඔවුන් එම රෙදි කැබැල්ල කන්පෙති වැසීමට යොදාගෙන තියෙනව. 1988 දියත්වෙච්ච '8888'විරෝධතා ව්‍යාපාරයේ දී උද්ඝෝෂකයන් මව්වරුන්ගේ සරම් කැබලි ලේන්සු හැටියට පාවිච්චි කළා. ඒවා හිසවටා ගැට ගසාගෙන හිටියා'' මිමී ඒයේ වැඩිදුරටත් විස්තර කළාය. 'මේ දිනවල මියන්මාර කාත්නා සරම් ප්‍රසිද්ධ ස්ථානයන්හි බලය ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයක් ලෙස තෝරාගනු ලැබ ඇත. මාර්තු අටවෙනිදා,ජාත්‍යන්තර කාන්තා දිනයේ මියන්මාර කාන්තාවන් ඔවුන්ගේ සරොම් ලීකණුවල ගැටගසා ප්‍රදර්ශනය කරමින් යුද හමුදා පාලනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටි අතර එය නම්කරන ලද්දී ''සරම් විප්ලවය'' යනුවෙනි. මියන්මාරයේ මහජන විරෝධතා ව්‍යාපාරයට හවුල් වූ තරුණ ක්‍රියාකාරිකයන් මරා දමනු ලැබ ඇත විරෝධතාවාදීහු සරම් තමරටේ කොඩි ලෙස යොදාගනිමින් සිටිති තින්ෂාර් ෂුන්ලෙයි යී (Thinzar Shunlei Yi)මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි. ඇය සිය පින්තූරයක් ද සහිතව අන්තර්ජාලයේ මෙවැනි පණිවුඩයක් පළකරනු ලැබ ඇත. ''හමුදා පාලනයෙන් ලැබෙනවාට වඩා වැඩි රැකවරණයක් මට මගේ කොට කබාය.....මගේ සරමෙන් මට ලැබෙනවා'' ඇතැම් විරෝධතාවාදීන් විසින් මියන්මාරයේ බලය පැහැරගත් ජ්‍යෙෂ්ඨ ජනරාල් මින් අවුං හ්ලේන්ග් ගේ පින්තූර සනීපාරක්ෂක තුවාවල අලවා ඒවා මහමග ඔස්සේ විසිකර දමනු ලැබ ඇත. එමගින් බලාපොරොත්තුවන්නේ යුදහමුදා භටයන් පෙරට ඒම වැලැක්වීමය. හමුදා සොල්දාදුවන් තම නායකයාගේ මුහුණ මත ඔවුන්ගේ පා තබමින් පාගා නොදමනු ඇත. සිය සරමක්(ලුන්ගියක්) පිට කබායක් ලෙස ඇඳ සිටින තින්ෂාර් ෂුන්ලෙයි යී ශිෂ්‍යයකු වන හ්තුං ලින් ෂෝ ( Htun Lynn Zaw) වැනි පිරිමින් ද හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටින්නේ සරම් හිසවට දවටා ගනිමිනි. ''මෙය විරෝධතා ව්‍යාපාරයට හවුල්වෙන නිර්භීත කාන්තාවන් සහෝදරත්වයෙන් ශක්තිමත් කරනු ලැබීමේ උපක්‍රමයක්'' ඔහු සමාජ මාධ්‍ය ජාලයේ පණිවුඩයක් තබමින් කියා සිටියි. ඇඟිලි තුනේ ආචාරය මියන්මාර විරෝධතා ව්‍යාපාරයේ සංකේතය බවට පත්ව ඇත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වාර්තාකරන පරිදි මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයන්හිදී මේවනවිට මරාදමනු ලැබ ඇති සංඛ්‍යාව 54කට අධිකය. ඔවුන්ගෙන් වැඩිදෙනා කාන්තාවන් වීම තවත් විශේෂත්වයකි. ලෝකයේ රටවල් රාශියක් මියන්මාර යුදහමුදාවේ ප්‍රචණ්ඩ මර්දනය හෙළාදකිනු ලැබ ඇතත් පාලක ජුන්ටාවේ නායකයන් කටයුතු කරමින් සිටින්නේ එම විරෝධය නොතකා හරිමිනි. මර්දනය දරුණු නමුත් මියන්මාරයේ කාන්තාවෝ සටන අත්නොහරිති. ඔවුහු හමුදා පාලනයට එරෙහිව දිගටම තම ඇඳුම පවා උපයෝගීකර ගනිමින් සිටිති. ඔවුන්ගේ රණගීය මෙයයි. ''අපේ සරම!අපේ ධජය! අපේ ජයග්‍රහණය!'' මියන්මාරය ගැන තවත් තොරතුරු;
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලාදමා එරට බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාවට එරෙහිව කාන්තා පරපුරත් මාවතට බැස සිටිති. එම කාන්තාවන් විසි හමුදා පාලනයට එරෙහිව භාවිත කරනු ලබන සටන් සංකේතයක් වී තිබෙන්නේ ඔවුන් අඳින සරමයි. නැත්නම් ලුන්ගියයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රජයේ වගකිවයුත්තෙකුගේ සහාය අපරාධකරුවන්ට ලැබී ඇති බව ගම්වාසීහු සැක පහල කරති ට්‍රැක්ටරයේ ලියාපදිංචි අංකයක් දක්නට නොතිබූ බවද ගම්වාසීහු පවසති. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවා පැහැරගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ පල්ලෙබැද්ද ගල්පාය ප්‍රදේශයේ දික්යායේ දී ගම්වැසියන් මග හරස් කර ඇති බව ආරංචි වී අලි පැටියා ට්‍රැක්ටරයෙන් බිමට දමා අති සුඛෝපභෝගී වාහන දෙකක් සමග කැලෙන් පිටව යාමට පැමිණි බවයි ඔවුන් පවසන්නේ. ඒ අවස්ථාව රූ ගතකරමින් සිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාර තේරසිංහ වාහනයකට ඇද ගෙන පැහැරගෙන යාමට තැත් කළද ප්‍රදේශවාසීන් ඔහුව වාහනයෙන් එළියට ඇද බේරාගෙන තිබේ. එහෙත් ඔහුගේ වීඩියෝ කැමරාව වාහනයේ සිටි අය උදුරාගත් බව කෑගසා පැවසූ විට එහි සිටි පොලිස් නිලධාරියෙක් එම වාහනය පසුපස දිවගොස් වීඩියෝ කැමරාව ආපසු ගෙනවිත් දුන් නමුත් එහි කැසටය ඉවත් කර තිබූ බවද මහින්ද තේරසිංහ බීබීසී සංදේශයට පැවසීය. 'රාජකාරිය පැහැර හැරලා' මෙම සිදුවීමට පෙර උඩවලව වනෝද්‍යානය දෙසින් වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු බවද ගම්වාසීහු පවසති. අපරාධයට පැමිණි පිරිස ගෙනා ට්‍රැක්ටරයේ කඹ, යකඩ කේබල්, ලී දඬු ආදියද තිබී ඇත. දෙනියාය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් බව පැවසෙන අලි පටවාගෙන යන ලොරියක් ප්‍රධාන පාරේ නවතා තිබී ඇත. කැලේ සිට ට්‍රැක්ටරයෙන් ගෙනා අලි පැටියා ගෙන යන්නට එම ලොරිය ගෙන එන්නට ඇති බව ගම්වාසීන්ගේ මතයයි. හොරෙන් ගෙනයන්නට තැත් කළ අලි පැටියා මෙල්ල කර ගැනීම පිණිස කිසියම් බෙහෙතක් එන්නත් කර ඇති බවට සැකකරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙන බව සංදේශය කළ විමසීමකදී කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, නිසි පරිදි රාජකාරිය ඉටු නොකළ බවට ගම්වාසීන් සහ මාධ්‍යවේදියා කරන චෝදනාව පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය. "මෙම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් යම් ආකාරයකට රාජකාරිය පැහැර හැරීමක් සිදු කරල ඇති බව පෙනී යනවා. මේ නිලධාරීන්ට විරුද්ධව අපි විනයානුකූලව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා," යනුවෙන්ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය. කෙසේ නමුත් මේ වන තුරු කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බව ඔහු කියා සිටියේය. පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට නොගත්තේ රජයේ වගකිවයුත්තෙකුගේ සහාය මෙම අපරාධකරුවන්ට ලැබීම නිසා යැයි සැක කරන බවයි ගම්වාසීන් පවසන්නේ.
උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවකු සොරකම් කරගෙන යෑමට පැමිණි සන්නද්ධ කණ්ඩායම් දෙකක් වනජීවී නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ විරෝධය හමුවේ ට්‍රැක්ටරයක පටවාගෙන යමින් සිටි අලි පැටියා කැලේ දමා පලා යද්දී ඔවුන් අල්ලා පොලිසියට භාර දුන් පසුව මුදාහැර ඇති බවට ගල්පාය ගම්වාසීහු චෝදනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දේව මෙහෙය පැවැත්වූ අද බැතිමතුන් අමතමින් උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල කිතුනුවන්ට විවිධ පාර්ශව වලින් විවිධ තර්ජන එල්ලවෙමින් තිබෙන බවයි. ආගමික සහජීවනය එසේ වුවත් සමස්තයක් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් සෙසු ආගමික කොටස් සමග සහජීවනයෙන් කල් ගෙවන බව පෙනෙන්ට තිබෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. “එය ආශීර්වාදයක් බවයි, ” කතෝලික සභාවේ වතිකානයේ අපොස්තලික තානාපති ජෝසප් ස්පිටෙරි පියනම කියා සිටියේ. දිගු කාලයක් තුළ යුදමය වාතාවරණයක් පවතී ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ආරක්ෂාවී තිබීම අගය කල යුතු බව පැවසූ උන්වහන්සේ යුද්ධය පැවති කාලය තුළදී වුවත් සියලු ජාතීන් භේදයකින් තොරව මඩු මංගල්‍යය සැමරීමට රැස්වීම සුවිශේෂ කරුණක් බවත් ප්‍රකාශ කළහ. එසේවුවත් යුද්ධයෙන් පසු පවතින මේ කාල වකවානුව තුළ දී ජාති භේද ආගම් භේද මුල් කර ගනිමින් සිදුවන නොයෙකුත් ආකාරයේ නපුරුකම් වර්ධනය වී තිබීම කනගාටුවට කරුණක් බවත් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාවේ ආගමික නොසන්සුන්තාව පිළිබඳ සිද්ධීන් කිහිපයක් වාර්තාවී ඇති හෙයින් ක්‍රිස්තියානි ප්‍රජාව ගැන තමන් ගේ අවධානය යොමුව තිබෙන බව ශ්‍රී ලංකාවේ සිටින කතෝලික සභාවේ වතිකානයේ අපොස්තලික තානාපති ජෝසප් ස්පිටෙරි හිමියෝ ප්‍රකාශ කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු පවසන්නේ එය මහින්ද රාජපක්ෂ නමැති පුද්ගලයාගේ පෞද්ගලික කාරණයක් මිස ජාතික වැදගත් කමක් සහිත කාරණයක් නොවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට හැකියාවක් ඇත්තේ පොදු වැදගත්කමක් ඇති නීතිමය ප්‍රශ්න පිළිබඳව බව හිටපු අග විනිසුරුවරයා පෙන්වා දෙන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.2 සහ 31 යන වගන්ති යටතේ, තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය දැරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නුසුදුස්සෙකු වී ඇති බවයි ඔහු පවසන්නේ. පුද්ගල කේන්ද්‍ර ගත ප්‍රශ්නයක් “මෙය පුද්ගල කේන්ද්‍ර ගත ප්‍රශ්නයක්. නුසුදුස්සෙකු වන්නේ ජනාධිපතිවරයා නොවෙයි පුද්ගලයායි,” යනුවෙන් සඳහන් කළ ඔහු, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයිතිවාසිකම් සහ නුසුදුසුකම් පටලවා ගෙන ඇති බව පැවසුවේය. ජනාධිපතිවරයා ගත් එම ක්‍රියාමාර්ගය හේතුවෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට ඇති ඉඩ කඩ පවා අහුරා දමා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙය නීතිඥ සංගමයට යොමු කරමින් ඒ පිළිබඳව හත් වැනිදාට ප්‍රථම ඔවුන්ගේ අදහස් ඇතුළත් ලිඛිත සන්දේශයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති බව පැවසූ හිටපු අග විනිසුරු සරත්.එන්.ද සිල්වා හෙට බ්‍රහස්පතින්දා නිවාඩු දිනයක් නිසා ඔවුන්ට ලැබී ඇත්තේ ඉතා කෙටි කාලයක් බව පැවසුවේය. මෙයින් අදහස් කරන්නේ නීතිඥ සංගමයට කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දුන් බව කියා පෑම පමණක් බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ. වැදගත් යයි තමන් හිතන කරුණක් සම්බන්ධයෙන්; රට ගැන හෝ කාලීන වැදගත් කමක් ඇති නීතිමය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ කඩ පැවරී ඇති බවයි ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා ප්‍රකාශ කළේ. ප්‍රතිපාදන ඉතාමත්ම පැහැදිලි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ප්‍රතිපාදන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. “ එසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීමට අවස්ථාවෝචිත වන ස්වභාවයක් තිබිය යුතුයි. එසේම පොදු වැදගත් කමක් තිබෙන ප්‍රශ්නයක් ද විය යුතුයි යන කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තියේ ඇතුළත් වෙනවා,” ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමාට තුන් වෙනි වරටත් පදවියට තරඟ කළ හැකිද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම මගින් බලය අයුතු ලෙස පාවිච්චි කර ඇතැයි හිටපු අග විනිසුරු සරත්.එන්.ද සිල්වා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නායයෑමේ දී දිවි බේරුණ දරුවන් කඳවුරක ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මීරියබැද්ද ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ, වතු හිමියන් විසින් ඉක්මනින් කඩිනම් පියවර ගනු නො ලැබීම සම්බන්ධයෙන් අවතැන් ජනතාව වතු බලධාරීන් සමඟ බහින්බස් වීම් පවා දක්නට ලැබුණ බවයි. වතු බලධාරීන් ඔවුන්ගේ පොරොන්දු ඉටු නොකරන බවට සහ කම්කරු ජීවිත ගැන ඔවුන් සැලකිල්ලක් නොදක්වන බවට අවතැන් ජනය චෝදනා කරන බවයි, මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා පවසන්නේ. තමන්ට අලුතින් දීමට යන්නේත් කලින් මෙන් අනාරක්ෂිත ස්ථාන බව වතු කම්කරුවන් පෙන්වා දෙන බවයි මාධ්‍යවේදියා සඳහන් කළේ. මේ අතර තවත් වතු කීපයක සිදු විය හැකි නායයෑම් ගැන අදහස් පළ වීමෙන් කම්කරුවන් නොසංසුන් වී සිටින අතර නිලධාරීන් එම ජනතාව සංසුන් කිරීමේ ප්‍රයත්නයක නිරත වී සිටි බවත් ලසන්ත ද සිල්වා වාර්තා කරයි. ළමුන්ගේ ඉරණම බීබීසී දෙමළ සේවයේ වාර්තාකරු පොන්නයියා මානික්කවාසගම් සෙනසුරාදා (01) අවතැන් කඳවුරුගත ළමුන්ගේ තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම සංචාරයෙන් අනතුරුව බීබීසී මාධ්‍යවේදියා සංදේශයට ප්‍රකාශ කළේ, ළමුන් සමඟ සාකච්ඡා කිරීමට තමාට නිලධාරීන් ඉඩ නොදුන් බවයි. ‘පාසල්වල පවත්වා ගෙන යන කඳවුරුවල ළමයි විශාල සංඛ්‍යාවක් සිටියා. නායයෑමේ දී දෙමව්පියන් අහිමි වූ ළමයි අනිකුත් ළමයින් සමඟයි සිටියේ. මම එහි සිටින විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මෙහෙයුමෙන් එම ළමුන් සඳහා මානසික සහ සමාජ ක්‍රියාකාරිත්ව වැඩ සටහනක් ආරම්භ කරන්නට කටයුතු කෙරෙමින් තිබුණා’ මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම් පවසයි. දුක තැවරුණ මුහුණින් අවතැන් ජනයාට අවශ්‍ය සියලු පහසුකම් රජයෙන් ලැබුනත් එම ජනතාව බලවත් සංවේගයෙන් පසු වෙනු දක්නට ලැබුණ බවයි මාධ්‍යවේදියා පවසන්නේ. ‘එම ජනයාට සන්තෝෂ වෙන්න බැහැ. දුකිනුයි කාලය ගෙවන්නේ. තමන්ගේ අනාගතය කුමක් ද? ඊ ලඟට වෙන්නේ කුමක් ද? මේ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරමිනුයි ඔවුන් ඉන්නේ’ මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම් කඳවුරු ගත ජනයාගේ තත්වය විස්තර කරයි.
මීරියබැද්ද නායයෑම් වලින් අවතැන්ව කඳවුරු වල ජීවත් වෙන ජනතාව ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් මැසිවිලි පළ කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රතු ග්‍රහයා මත ඇති 'ගේල් ආවාටය (Gale Crater) ප්‍රදේශය පිළිබඳ පරීක්ෂණ සිදු කරන නාසා ආයතනයේ 'කියුරියෝසිටි රෝවර්' (Curiosity rover) රොබෝ යන්ත්‍රය අඟහරු මත දින දෙදහසක් සම්පූර්ණ කර තිබේ. අඟහරු විද්‍යා පර්යේෂණාගාරය (Mars Science Laboratory) ලෙස ද හඳුන්වනු ලබන 'කියුරියෝසිටි රෝවර්' එම ග්‍රහ ලෝකයේ රැඳී සිටි එම කාලය තුළ වැදගත් නිරීක්ෂණ ගණනාවක්ම සිදු කරනු ලැබ ඇත. එම අඟහරු යානය පොළොවේ සිට මෙහෙයවනු ලබන විද්‍යාඥයන් විසින්, ඔවුන්ගේ නිරීක්ෂණ අනුව අනාවරණය කරගත් නව සොයා ගැනීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර ඉන් ස්වල්පයක් පහත දැක්වෙයි. අපූරු ඡායාරූපයක් : අඟහරු ලොවට ඉහළින් රාත්‍රී අහසේ දිලිසෙන ඉතා කුඩා තරුවක් ලෙස (ඉහත ඡායාරූපයේ) දැක්වෙන්නේ අප ජීවත් වන පෘථිවියයි. එම ඡායාරූපය "කියුරියෝසිටි රෝවර්" (Curiosity Rover) රොබෝ යන්ත්‍රයේ සවිකර ඇති කැමරාවෙන් ලබා ගන්නා ලද්දකි. ලොව පුරා සිටින විද්‍යාඥයෝ 'කියුරියෝසිටි රෝවර්' යානය දිනපතා හසුරුවමින් පෘථිවියෙන් සැතපුම් කෝටි දහයක් පමණ ඈතින් පිහිටි රතු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනයක නිරතව සිටිති. ආරම්භය: ඉහත දැක්වෙන්නේ 2012 අගෝස්තු 05 වෙනි දින 'කියුරියෝසිටි රෝවර්' යානය අඟහරු මතට ගොඩ බැස්සීමෙන් විනාඩි 15 කට පසු පෘථිවිය වෙත එවන ලද පළමු ඡායාරූපයයි. එම ඡායාරූප සහ තොරතුරු ලබා ගැනීම තීරණය වන්නේ අඟහරු ග්‍රහයා තම කක්ෂය වටා භ්‍රමණය වෙමින් හිරු වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලය ගණනය කිරීමෙන් සහ සාමාන්‍ය අඟහරු දිනයකට ගතවන කාලය අනුවය. ඉහත දැක්වෙන පිංතූරය ලබා ගෙන ඇත්තේ 'කියුරියෝසිටි රෝවර්' ඉදිරිපස සවි කර ඇති කැමරාවෙන් වන අතර, එය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අඟහරු මත රොබෝ ගමන් කිරීමේදී හමුවන බාධක මඟහැරීමටය. එම ඡායාරූපය ලැබුණ සැණින් අඟහරු ග්‍රහයා පිළිබද පරීක්ෂණ සාර්ථක වන බව විද්‍යාඥයන්ට වැටහුණි. අඟහරු ගංගාවක ගල් බොරළු : අඟහරු මත දින දාසයක් පැදවීමෙන් පසු 'කියුරියෝසිටි රෝවර්' යානයට ගංගාවක් පතුළෙහි හෝ ඒ අවට කුඩා ගල් බොරළු දැක ගත හැකි විය. ඉතා පැරණි, වියැළී ගිය නොගැඹුරු ගංගාවක් එම ස්ථානයේ තිබූ බව නිගමනය කෙරෙයි. අඟහරු ග්‍රහයා මත පිහිටා ඇති අවුරුදු කෝටි හාරසීයක් පමණ පැරණි කඳු වළල්ලේ සිට 'ගේල් ආවාටය' (Gale Crater) යනුවෙන් නම් කරනු ලැබ ඇති කලාපයට ජලය ගලා ඇවිත් මෙම ගංගාව සෑදුන බව විද්‍යාඥයන්ගේ නිගමන වෙයි. 'මාස්ට්කැම් (Mastcam)' ලෙස නම් කර ඇති කැමරාවෙන් එම කුඩා ගල්වල ඉතා පැහැදිලි ඡායාරූපයක් ලබා ගෙන ඇති අතර අඟහරු ග්‍රහයා ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාගාරය ආරම්භ කිරීමට පෙර විද්‍යාඥයන්ගේ බලාපොරොත්තු වුණේ ඉතා තද පැහැති කුඩා ගල් බොරළු දැකීමය. එහෙත් ඒවා සියල්ල තද පැහැයක් නොගන්නා බව ඡායාරූපයෙන් සනාථ වෙයි. ඒවා කඳුවල දැකිය හැකි සාමාන්‍ය ගල් කැබලි වුවද, ඛණිජ විද්‍යාවට අනුව හොඳින් වර්ධනය වී ඇත. පැරණි විලක් : අඟහරු මතට රොබෝවරුන් යැවීමට පෙර එවැනි පරීක්ෂණ සිදු කරන ලද්දේ MRO HiRISE (High Resolution Imaging Science Experiment) නම් අභ්‍යවකාශ විද්‍යාත්මක පරීක්ෂණ සදහා යොදා ගන්නා අධි තාක්ෂණික කැමරාවක් මඟින් ලබා ගන්නා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙනි. නමුත් එම ඡායාරූප තුළින් පැහැදිලි නිගමනයකට එළැඹීමට විද්‍යාඥයන්ට නොහැකි විය. ඉහත කී කුඩා ගල් කැබලි 'ලාවා' ද? නැත්නම් අවසාදිත පාෂාණ ද? යන්න පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් පැවති අතර අලුතින් ගත් ඡායාරූප නිසා අඟහරු පිළිබද පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි වුණ අතර පැහැදිලි නිගමනවලට එළැඹීමට ද හැකියාව ලැබී ඇත. එහි 'යෙලෝනයිෆ් බොක්ක' (Yellowknife Bay) 'ගේල්' ආවාටයේ පෞරාණික විලට ගලා ගිය ගංගාවන්හි පිරිසිදු මඩ සහ වැලි තට්ටුවලින් නිර්මාණය වී ඇත. ඒ අතරම විද්‍යාඥයෝ සිය යානය අඟහරු මත රැඳී සිටින 180 වෙනි දිනයේ 'john klein' නම් කලාපයේ භූමිය ස්ථාන දාසයකින් සිදුරු කරමින් ලබාගත් ගල්කැට රොබෝ යානයේ සවිකර ඇති වර්ණාවලීමානයට (spectrometer) ඇතුළත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැටි වර්ග, කාබන් සහ නයිට්‍රජන් මිශ්‍ර ද්‍රව්‍ය සොයා ගත හැකි විය. ක්ෂුද්‍රජීවීන් සහ බැක්ටීරියා එකී පරිසරයේ නිතර රැඳී ඇති බවට මෙය බලවත් සාක්ෂියක් විය. අඟහරු මත ජීවීන් සිටියාද? අප හමුවේ දැන් ඇති අනෙක් වැදගත් ප්‍රශ්නයයි. ගැඹුරු ජලය: කියුරියෝසිටි රෝවර් යානය සිය 753 වෙනි අඟහරු දිනයේදී 'Pahrump Hills' නම් කඳු සහිත ප්‍රදේශයේ සැරිසරන විට ගේල් ආවාට ප්‍රදේශයේ පිහිටා තිබුණ පරිසරයට පාදක වුණ හේතුව සොයා ගැනීමට හැකි වුණි. යානය ඉතා සිහින් මඩ තට්ටුවක් නිරීක්ෂණය කළ අතර ඉතා ගැඹුරු ගංගාවක පතුලකින් සොයා ගත හැකි මඩ අංශු එවිට දැක ගත හැකි විය. ගේල් ආවාටය ඉතා ගැඹුරු ජලස්කන්ධයක් සහිත පැරණි ගංගාවක් ලෙස එමගින් සනාථ විය. වෙනස් භූතල දෙකක්; දැන් යානයේ අඟහරු 980 දිනයයි. ස්ටිම්සන් කන්දට (Mount Stimson) ගමන් කළ රෝවර් යානය , ගංගාවේ සුන්බුන්වලට ඉහළින් ඝන වැලි තට්ටුවක් නිරීක්ෂණය කළේය. මෙය එකිනෙකට වෙනස් භූතල දෙකක් සංයුක්ත වෙන භූගෝලීය පිහිටීමකි. වසර දශ ලක්ෂ ගණනාවක් තුළ ක්‍රමයෙන් විනාශ වී ගිය පරිසරය සහ අවසානයේ වියැළී ගිය ගංගාව නිසා නව පොළෝතලයක් නිර්මාණය වීම පිළිබද තොරතුරු එහි නිරීක්ෂණ මගින් දැක ගැනීමට හැකි විය. මෙම ක්‍රියාවලිය "බොහෝ කාලයක" පටන් සිදු වන බවට මෙය සාක්ෂි සපයයි. පුරෝගාමී භූ විද්‍යාඥ ජේම්ස් හටන් (James Hutton) දහඅටවෙනි ශතවර්ෂයේදී ස්කොට්ලන්ත වෙරළ ආශ්‍රිතව කළ පරීක්ෂණවලින් හෙළි වූ කරුණුවලට සමාන තොරතුරු අඟහරු ග්‍රහයාගේ එම පරීක්ෂණවලදී හෙළි විය. ලස්සන කාන්තාර; බැග්නෝල්ඩ් (Bagnold ) ලෙස නම් කර ඇති සුවිසල් කාන්තාරයේ කුඩා කොටසක් වන 'නමිබ්' (Namib) ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සිය 1192 වෙනි අඟහරු දිනයේදී කියුරියෝසිටි රෝවර් සමත් විය. එය වෙනත් ග්‍රහලෝකයක කාන්තාරයක් ක්‍රියාකාරීව නිරීක්ෂණය කෙරුණ පළමු අවස්ථාව වෙයි. වැලි ඉවත් කිරීම සාමාන්‍යයෙන් රෝවර් රෝබෝවරයෙකුට අපහසු ක්‍රියාවක් නිසා ඉතා ප්‍රවේසමෙන් තම මාර්ගය තෝරා ගැනීමට ඊට සිදු විය. අඟහරු ලෝකයේ කාන්තාර පෘථිවියේ පිහිටා ඇති කාන්තාරවලට බොහෝ දුරට සමාන වුවත්, එම කාන්තාරවලට නොයෙකුත් වර්ගයේ වැලි, රොන්මඩ ආදිය එකතු වීම නිසා පෘථිවියට වඩා චමත්කාරජනක නිර්මාණ එහි බිහි වී ඇත. සුළඟින් නිමැවුණදසුන්: යානය අඟහරු ලෝකයේ ගත කරන 1448 දිනයේ දී 'මාස්ට්කැම්' කැමරාවෙන් ඡායාරූපගත කළ 'මුරේ බට්ස්' (Murray Buttes) ප්‍රදේශයේද 'ස්ටිම්සන්' කන්දේ දැක ගත හැකි වූ වැලි තට්ටුවක් දැකිය හැකි විය. මෙය 'බැග්නෝල්ඩ්' කාන්තාරයට සමාන ප්‍රදේශයකි. මෙම කාන්තාරය පිහිටා ඇත්තේ අසමාන ස්ථරයක් මතය. බොහෝ කාලයක් තෙතමනය රැඳුන කාල ගුණයක් තිබී, පසුව එය සුළගේ බලපෑමත් සමග වියළි බවට හැරීමෙන් ගේල් ආවාටයේ පරිසරය වෙනස් වී ඇත. වියළි මඩ: ගේල්හි පිහිටි ගල් කුළු පිළිබද විශ්ලේෂණය කිරීමට කියුරියෝසිටි රෝවර්ගේ සවි කළ ලේසර් කැමරාව සහ චෙම්කැම් (ChemCam) නම් දුරදක්නය උපයෝගී කර ගන්නා ලදී. 1555 වෙනි අඟහරු දිනයේදී 'ෂූනර් හෙඩ්' (Schooner Head) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී යානයට ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් අම්ලය සහිත නාල නිරීක්ෂණය කළ හැකි විය. පෘථිවියේ වියැළී ගිය ගංගාවක් සහ අඟහරු ග්‍රහයාගේ මෙම වියළි ගංගාව අතර වෙනසක් දැකිය නොහැක. ලේසර් කිරණ විහිද වූ ස්ථාන රතු පැහැයෙන් මෙම ඡායාරූපයේ ලකුණු කර ඇත.ලේසර් කිරණ විහිදෙන රටාව සහ දුර අනුව ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් නාල හඳුනාගත්හ. වලාකුළුවලින් වැසී ගිය අහස: 1971 වෙනි අඟහරු දිනයේදී රෝවර්ගේ මාර්ගෝපදේශක කැමරාව (NavCam) අහස දෙසට යොමු කරන ලදී. වලාකුළුවලින් සම්පූර්ණයෙන් වැසී ගිය දවස්වලට අමතරව, නොයෙකුත් රටා සහිත වලාකුළු ඇති දවස් ද යානය තුළින් විද්‍යාඥයන්ට නිරීක්ෂණය විය. වලාකුළුවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සදහා මෙම ඡායාරූප නැවත සකස් කර ඇත. පෙර නොදුටු 'අක්වක්' හැඩයේ වලාකුළු එහිදී නිරීක්ෂණය කෙරිණ..මෙහි දැක්වෙන්නේ අඟහරු ලොව මිනිත්තු දොළහක් ඇතුළත ලබා ගන්නා ලද ඡායාරූපයි. අත්‍යවශ්‍ය 'සෙල්ෆි' ඡායාරූපය: සමාජ ජාල තුළ දකින සෙල්ෆි ඡායාරූපවලට තරඟයක් දිය හැකි 'සෙල්ෆි' ලබා ගැනීමට රෝවර්ට හැකියාව ඇත. නමුත් මෙම 'සෙල්ෆි 'ලබා ගන්නේ ප්‍රදර්ශනය සදහා පමණක් නොවන අතර, එමඟින් ක්‍රියාන්විතය තුළ රෝවර්ගේ තත්ත්වය, රෝදවල තත්ත්වය සහ දුවිලි එකතු වී ඇති ප්‍රමාණය විද්‍යාඥයන් කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි වේ. මෙම 'සෙල්ෆි' ලබා ගන්නේ රොබෝ අතේ සවි කර ඇති Mars Hand Lens Imager (MAHLI) (මාස් හෑන්ඩ් ලෙන්ස් ඉමේජර්) නම් අධි තාක්ෂණික කැමරාවෙනි. ''කියුරියෝසිටි රෝවර්' යානය 1065 වෙනි අඟහරු දින 'බක්ස්කින්' (Buckskin) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී මෙම 'සෙල්ෆි' ඡායාරූපය ලබා ගෙන ඇත. ගල්කුළුවල පිහිටීම නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා 'චෙම්කැම්' දුරදක්නය සහ 'මාස්ට්කැම්' කැමරාව සමග සිටින රෝවර් පොළොව සිදුරු කරන ආකාරය මෙම ඡායාරූපයෙන් දිස්වේ. දීර්ඝ ගමනක්: 'බ්‍රැඩ්බරි' (Bradbury ) ලෙස නම් කළ ප්‍රදේශයට ගොඩ බැස්වූ දින සිට වසර පහක් ඇතුළත 'රෝව'ර් යානය කිලෝමීටර 18.4 ක දුරක් ගමන් කර ඇති බව මාස්ට්කැම් කැමරාවේ සටහන් වී ඇත. 'රෝවර්' මේ වන විට සිටින්නේ වේරා රූබින් රිජ් (Vera Rubin Ridge (VRR)) ලෙස නම් කළ ප්‍රදේශයේය. 'වේරා රූබින් රිජ්' ප්‍රදේශය පෙර හැඳින්වූයේ 'හෙමටයිට් රිජ්' (Hematite Ridge) ලෙසය. එම ප්‍රදේශයේ ඇති අධික යකඩ අම්ලකර අඩංගු ඛනිජ රාශියක් පෘථිවියේ සිට නිරීක්ෂණය වීම නිසා මෙකී නම භාවිත කර ඇත. ඛනිජ සම්පත් යනු ජලය රැඳී තිබුණ බවට ඇති ප්‍රබල සාක්ෂියකි. එහෙයින් විද්‍යාඥයන් කණ්ඩායම එම ප්‍රදේශය පිළිබද තව දුරටත් පරීක්ෂණ කරති. මේ සියලු සාක්ෂි උපයෝගී කරගෙන 'ගේල් ආවාට' ප්‍රදේශයේ සිදු වූ භූ ගෝලීය වෙනස්කම් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. විද්‍යාඥයන් කණ්ඩායමේ අපූරු සොයා ගැනීම් නැවත ආවර්ජනය කිරීමට මෙන්ම, රෝවර්ට අඟහරු ලෝකයේ දවස් දෙදාහක් ගත කිරීමට මෙය කදිම ස්ථානයක් විය. (ජෝන් බ්‍රිජස්, අශ්වින් වසවාදා, සුසෑන් ෂුවෙන්සර්, සංජීව් ගුප්තා, ස්ටීව් බැන්හැම්, කැන්ඩිස් බෙඩ්ෆර්ඩ්, ක්‍රිස්ටිනා ස්මිත් සහ MSL කණ්ඩායම ) මේ තොරතුරුද කියවන්න: අඟහරු අධ්‍යයනයට උදව් දෙන 'ළදරු දූපත' වසර හතකින් අඟහරු වෙත යමුද? අඟහරු ලොවේ සුනාමියක් 'ෆැල්කන් හෙවි' සමග අභ්‍යවකාශයට ගිය මෝටර් රථය අඟහරු ලොවේ ජල ධාරා
අඟහරු ලෝකය රතු ග්‍රහයා ලෙසත් අපි හඳුන්වමු.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ සහ කැළණි ගඟ ආශ්‍රිත ගංවතුරට හසු වූ ප්‍රදේශවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සියල්ල මේ වන විටත් මීතොටමුල්ලට රැගෙන එන බව මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසයි. අධික වර්ෂාව හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර එම ප්‍රදේශවල ජලය බැස යෑම සඳහා සතියකට ආසන්න කාලයක් ගත විය. එසේ ගංවතුරට මුහුණ දුන් මීතොටමුල්ල කුණු කන්ද අවට වෙසෙන ජනතාව විපතට පත් වූ වෙනත් ප්‍රදේශවල දක්නට නොමැති ව්‍යසනයකට මුහුණ පා සිටිති. කුණු කන්දේ තිබූ අපද්‍රව්‍ය වැස්ස සමඟ සේදී ගොස් අවට ප්‍රදේශයේ රැඳී තිබීම ඊට හේතුවයි. 'කුණු කන්ද සේදිලා ආපු වතුර තමයි පහළ ගෙවල්වල තියෙන්නේ. කලුම කලු තාරවලට හුරු වතුරක් තිබෙන්නේ.' මීතොටමුල්ල කුණු කන්ද අවට පමණක් නිවාස දහසක් පමණ පිහිටා ඇති බවයි මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල බීබීසී සංදේශයට කියා සිටියේ. 'මිනිස්සු කටකතාවට කියනවා, කුණු කන්ද මේ දවස් වල සුදු වෙලා කියලා. කුණු කන්ද සේදිලා ආපු වතුර තමයි පහළ ගෙවල්වල තියෙන්නේ. කලුම කලු තාරවලට හුරු වතුරක් තිබෙන්නේ.' ඔහු සඳහන් කළේය. මීතොටමුල්ලේ කුණු දැමීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව විසින් දෙදහස් අට වසරේ සිට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කොට ඇති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසයි. 'සියයට හැටකට රෝග' කුණු කන්දට එරෙහිව ජාතික ව්‍යාපාරය සහ ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ එය පුත්තලම ප්‍රදේශයට ගෙන යන බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවුණි. තම අදහස අනුව කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙන යන බවට පළ කෙරෙන ප්‍රකාශන 'හුදෙක් මැතිවරණ පොරොන්දුවකට සමාන වූවක්' බවයි කසුන් පුස්සෙවෙල කියා සිටියේ. සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයක් විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව මීතොටමුල්ල අවට ප්‍රදේශයේ ජනතාවගෙන් සියයට හැටක් පමණ චර්ම රෝගයකින් හෝ ශ්වසන රෝගයකින් පෙළෙන බව හෙළි වී ඇති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පැවසීය. 'ඒ මිනිස්සු පාරට බැහැලා ජල ප්‍රහාර මැද පොලිස්සිය, හමුදාවෙන් ගුටි කමින් දැනට අවුරුදු දෙකකට කලින් බරපතළ උද්ඝෝෂණයක යෙදුනා.' එවැනි තත්වයක් යටතේ සිය දරුවන් සහ දිවි ගෙවන මීතොටමුල්ලේ ජනතාව එහි කුණු දැමීමට එරෙහිව අවස්ථා කීපයකදී වීදි බවට බවත් ඔහු සිහිපත් කළේය. 'ඒ මිනිස්සු පාරට බැහැලා ජල ප්‍රහාර මැද පොලිස්සිය, හමුදාවෙන් ගුටි කමින් දැනට අවුරුදු දෙකකට කලින් බරපතළ උද්ඝෝෂණයක යෙදුනා.' ගන්වතුරත් සමග කුණු කන්ද දියවීමෙන් ඇති වී තිබෙන දුෂ්කරතා අවම කිරීමට නිසි වැඩපිළිවලක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වැඩිදුරටත් පැවසීය.
පසුගියදා ඇති වූ ගංවතුරත් සමග මීතොටමුල්ල කුණු කන්ද අවට වෙසෙන ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබියදීත් තවදුරටත් කුණු කන්දට අපද්‍රව්‍ය එක් කෙරෙමින් පවතින බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එය කාන්තා රැකවරණය සඳහා නිපදවුන පළමු ඉන්දියානු ගිනි අවියයි. 2012 දෙසැම්බර් මාසයේ දිල්ලි සමූහ දූෂණ අපරාධයට වසරක් පිරීමත් සමඟ හඳුන්වා දෙනු ලැබුණ නව සැහැල්ලු රිවෝල්වරය, එම දුෂණයට ගොදුරු වූ ‘නිර්භයා’ ශිෂ්‍යාවට පිදෙන උපහාරයක් හැටියට නම් කරනු ලැබ තිබෙන්නේ ‘නිර්භීක්’යනුවෙන්. ‘ටයිටේනියම්’ ලෝහයෙන් නිපදවා ඇති ‘නිර්භීක්’බරින් ග්‍රෑම් 500 ක සැහැල්ලු රිවෝල්වරයකි. එය කාන්තාවකට සිය අත් බෑගයේ තබා ගත හැකි මට්ටමිනුයි සැලසුම් කරනු ලැබ තිබෙන්නේ. 'නිර්භයා' නාමයෙන් IOFසමාගමේ ප්‍රධාන කළමනාකරු වන අබ්දුල් හමීඩ් පවසන්නේ,’නිර්භීක්’ රිවෝල්වරය සඳහා ලද ඇණවුම් වලින් 80% ක් ම ගිනි අවි බලපත් හිමි කාන්තාවන්ගෙන් ලැබුණ බවයි. දිනපතා පොදු ප්‍රවාහන සේවා මගින් ගමන් බිමන් යන කාන්තාවන්ට මුහුණ දීමට සිදු වෙන අතවර වලින් බේරී සිටීමට අවශ්‍ය රැකවරණය රිවෝල්වරයකින් ලැබෙනු ඇතැයි බොහෝ ඉන්දියානු කාන්තාවන් විශ්වාස නො කරන බවයි පෙනී යන්නේ. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියක් මෙන්ම ලේඛිකාවක් ද වන තිලගාවතී BBC යට අදහස් දක්වමින් කියා සිටියේ, රිවෝල්වරයක් මගින් කාන්තා රැකවරණය සහතික කළ නො හැකි බවයි. “ඇතැම් පුද්ගලයන් හිතන්න පුළුවන් මෙය කාන්තාවන්ට ආරක්ෂක උපකරණයක් වේවි කියල.මේක මුදල් ඉපයීමේ ව්‍යාපාරයක්” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනිය පවසන්නීය. එසේම ගිනි අවි බලපත් හිමියන්ට පමණක් මිළට ගත හැකි මෙවැනි රිවෝල්වරයක් ලබා ගැනීම පහසු කාර්යයක් නොවන බවත් තිලගාවතී පෙන්වා දෙන්නීය. බලපත් අවශ්‍යයි ඉන්දීය කාන්තා රැකවරණය වෙනුවෙන්. “මේ රිවෝල්වරය ලබා ගන්න නම් ගිනි අවි බලපතක් තියෙන්න ඕන. බලපත්‍රයක් ලබා ගැනීම පහසු නැහැ. බලපත් අවුරුදු පතා අලුත් කළ යුතුයි.” ‘‘නිර්භීක්’ රිවෝල්වරය වට හයක පතරොම් ගබඩා කළ හැකි ගිනි අවියකි. පසුගිය ජනවාරි හය වෙනිදා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුණ ‘නිර්භීක්’ රිවෝල්වරයේ මිළ ඉන්දියානු රුපියල් 1,22,360 කි. එය පහසු මිළක් නොවන බවයි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනී තිලගාවතී පවසන්නේ. “මේ මිළ ගණන් අනුව එපමණ මුදලක් වැය කළ හැකි කාන්තාවන්ට දැනටමත් අවශ්‍ය රැකවරණය ලැබෙනවා. මෙය සල්ලිකාරියන්ට පමණක් මිළ දී ගත හැකි අවියක්” තිලගාවතී පෙන්වා දෙන්නීය. ‘නිර්භීක්’ රිවෝල්වරය නිපදවීම සහ විකිණීම තහනම් කළ යුතු බවයි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනී තිලගාවතී කියා සිටින්නේ. එසේ නැත්නම්, ගිනි අවි නීති ලිහිල් ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනත් රටවල පවතින අනතුරුවලට ඉන්දියාවත් ගොදුරු විය හැකි බවයි, ඇය කියා සිටින්නේ.
ඉන්දියාවේ ‘කන්පුර්’ නගරයේ, ‘ඉන්දියන් ඕර්ඩ්නන්ස්’(IOF) අවි කම්හල කාන්තාවන්ගේ ආත්මාරක්ෂාව සහතික කිරීම සඳහා පාවිච්චි කළ හැකි ගිනි අවියක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලොව වැඩි වශයෙන්ම කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවෙනි ස්ථානයේ සිටින ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී. එසේම දිල්ලිය ඇතුළු බොහෝ නගරයන්හි වැසියන්ට කෝවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. ඔවුන් අතට ප්‍රතිඵල ලැබෙන්නේ පැය 48-72 ත් අතර කාලයකට පසුවය. ඖෂධ සොයා කළු කඩ දෙසට ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී 'Remdesivir' සහ 'Tocilizumab' යන ඖෂධ සොයා ගැනීමට උපකාර කරන්නැයි ඉල්ලා සමාජ ජාල ඔස්සේ බැගෑපත් වන අයුරු මේ දිනවල ඉන්දියාවේ දැකිය හැක. ඉහත කී ඖෂධද්වයේ ක්‍රියාකාරීත්වය කෙතරම් ඵලදායි ද යන්න ලොව පුරා විවාදයට තුඩු දී ඇතත් එම ඖෂධ හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඉන්දියාව ඇතුළු ඇතැම් රටවල් අනුමැතිය ලබා දී තිබේ. 'Remdesivir' නමැති වෛරස් මර්දන ඖෂධය ඉන්දියාව පුරා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන අතර ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ඉන්දියාව එම ඖෂධය අපනයනය කිරීම තහනම් කර ඇතත් රට තුළ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම ඖෂධ නිෂ්පාදකයන්ට දුෂ්කර කටයුත්තක් වී තිබේ. පසුගිය සති තුන තුළ ඉන්දියාවෙන් දිනකට 150,000 ඉක්මවා කොරෝනා වෛරස් රෝගීන් වාර්තා විය. සැපයුමේ පවතින හිඟය, දිල්ලිය සහ තවත් නගර ගණනාවක අදාළ ඖෂධ කළු කඩ අලෙවියට මග පාදා ඇති බව බීබීසි විසින් සොයා ගනු ලැබීය. දිල්ලි නගරයේ කළු කඩ වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන් තිදෙනෙකුවත් සම්බන්ධ කර ගැනීමට බීබීසියට හැකි වූ අතර 'Remdesivir' මිලිග්‍රෑම් 100 ක කුප්පියක් ඉන්දීය රුපියල් 24,000 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 62,000 පමණ) බැගින් අලෙවි කිරීමට ඔවුහු එකඟ වූහ. එය වෙළෙඳපොළේ සාමාන්‍ය මිල මෙන් පස් ගුණයකි. එක් රෝගියෙකුට මිලිග්‍රෑම් 100 මාත්‍රා 6 ක් ලබා දිය යුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයයි. එහෙත් ඇතැම් අවස්ථාවල රෝගීන්ට මාත්‍රා 8 ක් දක්වා ප්‍රමාණයක් දීමට සිදු වෙතැයි වෛද්‍යවරු පවසති. මධ්‍යම පාන්තික පවුලකට පවා එය විශාල මුදලකි. මුම්බායි නගරයේ දුම්රිය මගීන් අහඹු ලෙස පරීක්ෂාවට සාමාන්‍යයෙන් 'ආතරයිටීස්' (සන්ධි ඉදිමීම) සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කෙරෙන 'Tocilizumab' ජීවිත බේරා ගැනීමට යොදා ගත හැකි බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ඉන්දියාවේ වෙළෙඳපොළවලින් ඒවා සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වී ඇත. සමස්ත ඉන්දීය රසායන සහ ඖෂධ සංගමයේ මහා ලේකම් රජීව් සිංගල් කියා සිටියේ ඖෂධ සොයා දෙන්නැයි ඉල්ලා තමා වෙත දිවා රෑ දුරකථන ඇමතුම් ලැබෙන බවය. "තත්ත්වය ඉතාම නරකයි. මට, මගේම පවුලේ අයටවත් බෙහෙත් හොයා ගන්න බැහැ," "කළු කඩ ජාවාරම්කාරයින්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි උත්සාහ කරනවා. ඒත් මේ 'සිස්ටම්' එකේ සිදුරු ඇති බව මම පිළිගන්නවා," යනුවෙන් ඔහු පැවසීය. ඔක්සිජන්, එක්ස්-රේ සහ කෝවිඩ් පරීක්ෂණ පරීක්ෂා කරගැනීමට රජයේ රෝහලක් ඉදිරිපිට පෙළ ගැසී සිටින ජනයා ප්‍රතිකාර වශයෙන් ලබා දෙන ඔක්සිජන්වලට ඇති ඉල්ලුම ද ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම ඉහළ ගොස් තිබේ. සැපයුම් හිඟය හේතුවෙන් බොහෝ රෝහල්, ඒ වෙත පැමිණෙන රෝගීන් යළි හරවා යවනු ලබයි. කුඩා නගරවල තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. රෝහල් ඇඳක් සොයා ගත නොහැකි වූ විට තම නිවෙස් තුළදීම ඔක්සිජන් සිලින්ඩර් සපයා ගන්නා ලෙස වෛද්‍යවරු රෝගීන්ට උපදෙස් ලබා දෙති. කොරෝනා වෛරසය ආසාදනය වූ සිය පියාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ නමුත් ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට පැය අටක් ගත වූ බව උතුරු ඉන්දියාවේ කුඩා නගරයක පදිංචිකරුවෙකු බීබීසියට පැවසීය. ඒ සඳහා ඔහුට පැය හතරක ගමනක යෙදී වෙනත් නගරයකට යෑමට සිදු වූ බව ද ඔහු කියා සිටියේය. පුද්ගලික පරීක්ෂණාගාර විසින් පපුවේ එක්ස්-රේ සහ සීටී ස්කෑන් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීම කුඩා නගරවල වෙසෙන රෝගීන් මුහුණ පා සිටින තවත් ප්‍රධානතම ගැටලුවකි. රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතියක් තිබේ දැයි පරීක්ෂා කිරීමට වෛද්‍යවරු බොහෝවිට මෙවැනි පරීක්ෂණ නිර්දේශ කරති. සිරුරු ආදාහනය දිවා රෑ කොරෝනා වෛරසයට ගොදුරු වී මරණයට පත් සැමියා වෙනුවෙන් හඬා වැලපෙන බිරිඳක් දරුවන් විසින් අස්වසාලනු ලබන අයුරු කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත් නගරවල ආදාහනාගාර දිවා රෑ විවෘතව පවතී. ඇතැම් අවස්ථාවල මළ සිරුරු ආදාහනය කිරීම සඳහා ඥාතීන්ට පැය ගණනාවක් රැඳී සිටීමට සිදු වේ. නොනැවතී, දිවා රෑ සිරුරු පිළිස්සීම නිසා බටහිර ඉන්දියාවේ සුරාත් නගරයේ ආදාහනාගාරයක උඳුන අභ්‍යන්තරයේ ලෝහමය සැකිල්ල දියවීමට පටන් ගෙන තිබුණු බව මෑත වාර්තා විය. මැදියම් රැයේදී ලක්නව් නගරය තුළ චිතක දැල්වෙමින් තිබෙන අයුරු දැක්වෙන කෙටි වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය. ආදාහනාගාර සේවකයින් බොහෝ දෙනෙක් විවේකයක් නොලබා වැඩ කරති. මේ වන විට ඔවුන් ද විඩාවට පත්ව සිටිති. මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිව තිබුණා නේදැයි යන්න ඉන්දියාවේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. "පළමු රැල්ලෙන් අපි පාඩමක් ඉගෙන ගත්තේ නෑ. දෙවෙනි රැල්ලක් එමින් තිබෙන බව අපි දැන සිටියා. බෙහෙත්, ඇඳන් සහ ඔක්සිජන් හිඟය වගේ අවාසනාවන්ත දේවල් වළක්වා ගැනීමට අපි සැලසුම් කළේ නෑ. යනුවෙන් වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ලලිත් කාන්ට් පැවසීය. "ඒ තබා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීපු අනෙක් රටවලින්වත් අපි පාඩම් ඉගෙන ගත්තේ නැහැ," (බීබීසී නිවුස්හි විකාස් පාන්ඩේ දිල්ලි සිට ගෙන ආ වාර්තාවක් ඇසුරෙනි) මේ ගැනත් කියවන්න:
කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳිමින් සිටින අතරේ ඉන්දියානු ජනතාව ඖෂධ සහ ඔක්සිජන් සපයා ගැනීමට වෙහෙසෙමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය බංගලාදේශ සංචාරයේ දී ඩිල්ෂාන්ගේ අතේ ඇඟිල්ලක ඇතිවී තිබෙන ආබාධය තවමත් සියයට සියයක් සුව අතට හැරී නොමැති බවයි සනත් ජයසුරිය අද කොළඹදී මාධ්‍ය වේදීන් අමතමින් පැවසුවේ. " ඩිල්ෂාන්ගේ අතේ මහපට ඇගිල්ල පිපුරුවේ, දැන් එයා පන්දු යැවීමේ හා පන්දු රැකීමේ කාර්යයන් පටන් ගෙන තිබෙන්නේ. හැබැයි පන්දුවට පහරදෙද්දි තවමත් එයාට පොඩි අමාරුවක් තිබෙනවා" යනුවෙන් තේරීම් කමිටුවේ සභාපතිවරයා පැවසුවේය. විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ලබන ඉරිදා දින ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි. අවසන් තීරණය තිලකරත්න ඩිල්ෂාන් ඔවුන් සමග බංගලාදේශයට පිටත්වන බව පැවසූ තේරීම් කමිටු සභාපතිවරයා 19 වනදා පැවැත්වෙන පෙර පුහුණු තරගය වන විට ඩිල්ෂාන් සම්පුර්ණ සුවය නොලැබුවොත් ඒ සඳහා වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන බවද පැවසුවේය. " සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දී වේදනාවක් සමග මේ ක්‍රීඩාව කරන්න වෙනවා, අපේ පහළොස් දෙනා ගත්තොත් දහ දෙනෙකුට පොඩි පොඩි වේදනා තියෙනවා, ඒවත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ඕනේ, අපි 19 වෙනිදා ඩිල්ෂාන් ගැන අවසන් තීරණය ගන්නවා," තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කළේය. ලහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට පැමිණීම නිසා ඩිල්ෂාන් වෙනුවෙන් පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දක්ෂතා අතර සිටි තුන් ඉරියව්වේ නවක ක්‍රීඩක චතුරංග ද සිල්වා ආදේශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකාරයන් පැවසුවත් තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ තවමත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් " ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම ඉන්නවා, අපිට තවත් ආරම්භක පිතිකරුවෙක් ඕනැද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඕනැද කියල බලන්න ඕනැ,"තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේය. මිට අමතරව ආබාධවලට ලක්ව සිටි ක්‍රීඩකයන් වන රංගන හේරත් හා නුවන් කුලසේකර මේ වනවිට සම්පුර්ණ සුවය ලබා සිටින බවත් ඔහු සඳහන් කළේය. ලබන ඉරිදා බංගලාදේශයට පිටත්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 17 වනදා ඉන්දියාව සමගද 19 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග ද පුහුණු තරගවලටද සහභාගී වීමට නියමිතයයි මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන ප්‍රථම නිල තරඟය ලබන 22 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හට විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම තවමත් අවිනිශ්චිත බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මානව හිමිකම් උල්ලංඝනය වෙන කොට, ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක් වෙන කොට ඔය රටවල් නිශ්ශබ්දව හිටියා' අගමැතිවරයා ඒ බව සඳහන් කොට තිබුණේ The Australian පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. "මානව හිමිකම් උල්ලංඝනය වෙන කොට, ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක් වෙන කොට ඔය රටවල් නිශ්ශබ්දව හිටියා. (එතකොට) ඒක ලංකාවේ ප්‍රශ්නයක්." 'සම්බන්ධතා ශක්තිමත්' පසුගිය ආණ්ඩුවේ සාමාජිකයන් මුලින් මිනිස් ජාවාරමට කෙලින්ම සම්බන්ධව සිටි නමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය විවේචනය නොකරන බවට ඕස්ට්‍රේලියාවෙන් සහතිකයක් ලැබීමෙන් අනතුරුව එය අත්හැර දැමූ බවයි අගමැතිවරයා පුවත්පතට පවසා තිබුණේ. "ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර නිරන්තර සහයෝගය පවත්වා ගැනීමට අගමැතිවරයා බලාපොරොත්තු වෙනවා" තමන් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට විරුද්ධ නැති බව සඳහන් කරන අගමැති රනිල් වික්‍රමසිංහ, එහෙත් ඕස්ට්‍රේලියාව ඇතුළු මහින්ද රාජපක්ෂ පරිපාලනයට සහාය දුන් රටවල් සිය අත්දැකීමෙන් පාඩම් උගත යුතු බව සිය මතය යයිද සඳහන් කරයි. ශ්‍රී ලංකාව සමඟ සිය සම්බන්ධතා දිගටම ශක්තිමත්ව පවතින බව, ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කොට තිබුණි. "පොදුරාජ්‍ය මණ්ඩලය සහ මිනිස් ජාවාරම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර නිරන්තර සහයෝගය පවත්වා ගැනීමට අගමැතිවරයා බලාපොරොත්තු වෙනවා," යනුවෙන් ප්‍රකාශකයා සඳහන් කළ බවයි, ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ.
නීති විරෝධී ලෙසින් සිය රටට ඇතුළුවීමට තැත්කළ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් මැඩලීමේ ක්‍රියාදාමය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට ප්‍රතිචාරයක් වශයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට ඕස්ට්‍රේලියාව එකඟ වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) අවධාරණය කරන්නේ ටෝකියෝවේ දැනට හදිසි තත්ත්වයක් පැවතුනද ක්‍රීඩා උළෙල ඉදිරියට යා යුතු බවය. ඔලිම්පික් කවදාද, කොහේද? 2020 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපාන අගනුවර වන ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතය. වෙනත් බොහෝ උත්සව මෙන්ම, කොවිඩ් නිසා මෙම උළෙලද කල් දැමීමට සිදු විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තරග 33ක් සහ ඉසව් 339ක් ස්ථාන 42ක පැවැත්වීමට නියමිතය. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ද ක්‍රීඩා 22ක ඉසව් 539ක් ස්ථාන 21කදී පැවැත්වේ. බොහෝ තරග ඉසව් ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතය. සමහර පාපන්දු ක්‍රීඩා තරග සහ මැරතන් තරග හොක්කයිඩෝ හි සප්පෝරෝ නගරයේ පැවැත්වීමට නියමිත අතර එම ප්‍රදේශවල දැනටමත් හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබේ. අගනුවර ඇති විය හැකි උෂ්ණත්වය සම්බන්ධ කරුණක් නිසා මැරතන් තරගය ටෝකියෝ නගරයෙන් පිටත පැවැත්වීමට තීරණය කෙරිණි. ජපානයේ කොවිඩ් තත්ත්වය කෙසේ ද? ජපානයේ සාපේක්ෂව අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන නමුත් අප්‍රේල් මාසයේ දී නව ආසාදන රැල්ලක් ආරම්භ විය. පසුගිය වසරේ සිට රෝගීන් 720,000 ක් සහ මරණ 12,200 ක් පමණ එරටින් වාර්තා වී තිබේ. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග, මැයි මස අවසානය දක්වා රටේ විශාල ප්‍රදේශයක හදිසි තත්ත්වයක් නිවේදනය කළ අතර සමහර ප්‍රදේශවල ජුනි 20 දක්වා සීමාවන් ක්‍රියාත්මකය. ජපානය සිය වැසියන්ට එන්නත ලබා දීම ආරම්භ කළේ පෙබරවාරි මස සිට වන අතර, වෙනත් දියුණු රටවලට වඩා එහි ප්‍රමාදයක් දක්නට ලැබිණි. මේ දක්වා, සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 2.9ක් පමණයි. එය ජපන් ජනගහනයෙන් 2.3%ක් වේ. කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ටෝකියෝ සහ ඔසාකාහි විශාල ලෙස එන්නත් කිරීමේ වැඩසටහනක් මැයි මස අග දී ආරම්භ විය. ජූලි මස අවසන් වන විට 65ට වැඩි අයට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දීමට බලධාරීහු බලාපොරොත්තු වෙති. මේ දක්වා, සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 2.9ක් පමණයි ක්‍රීඩා සඳහා ක්‍රියාත්මක වන කොවිඩ් සීමා මොනවාද? වෛරසය හේතුවෙන් ජපානයේ දේශසීමා විදේශිකයන්ට වසා ඇත. එබැවින් කිසිදු විදේශික ක්‍රීඩා ලෝලියෙකුට උළෙල සඳහා ජපානයට පැමිණිය නොහැකිය. ස්වදේශීය ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීමට ඉඩ ලැබෙනු ඇති අතර, කොවිඩ් තත්ත්වය දරුණු වුවහොත් ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පැවැත්වීමට ඉඩ ඇත. ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සහායක කාර්ය මණ්ඩල අදාළ රටින් පිටත්ව යාමට පෙර සහ ජපානයට පැමිණි පසු කොරෝනාවෛරස පරීක්ෂණය සිදු කළ යුතුය. ඔවුන්ට නිරෝධායනය වීම අවශ්‍ය නොවනු ඇති නමුත් එකම කණ්ඩායමක් සමග රැඳී සිටිමින් ප්‍රදේශවාසීන් සමඟ මිශ්‍ර වීමෙන් වැළකී සිටිය යුතුය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් එන්නත ලබා ගෙන තිබීම අනිවාර්ය නැත. නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිලධාරීන් බලාපොරොත්තු වන්නේ 80%ක් පමණ එන්නත ලබා ගෙන ඇති බවය. උළෙලට සහභාගිවන්නන්ට දිනපතා කොරෝනාවෛරස පරීක්ෂාවක් සිදු කරනු ලැබේ. මේ තොරතුරු ද කියවන්න: ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපාන වැසියන් කැමති ද? ජනගහනයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා උළෙලට විරුද්ධ බව මෑතක දී සිදු කළ මත විමසුම්වලින් හෙළි වී තිබේ. මෙම වැඩසටහනෙන් පසු කොවිඩ් ව්‍යාප්ත වී සෞඛ්‍ය සේවා පද්ධතියට පීඩනයක් එල්ල වේ යැයි බියෙන් ටෝකියෝ පළාත පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සත්කාරකත්වය සැපයීමට සැලසුම් කර ඇති නගර කීපයක්ම දැනටමත් එයින් ඉවත් වී ඇති බව වාර්තා වේ. වසංගතය හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීම "කළ නොහැකි" බව මැයි මස මුල දී ජපාන වෛද්‍ය සංගමයක් රජයට පැවසීය. ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික අධිපතියෙකු ද ඔලිම්පික් උළෙල පැවැත්වීමට ගත් තීරණය විවේචනය කර තිබේ. "ඔලිම්පික් උළෙල කල් දැමීමට හෝ අවලංගු කිරීමට බොහෝ දෙනෙකුට අවශ්‍ය වී තිබෙනවා. එය බලෙන් පවත්වන්න යන්නේ මොන බලයක් මත ද?," යැයි සොෆ්ට්බෑන්ක් හි ප්‍රධාන විධායක නිලධාරී මසයෝෂි සොන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. මැයි අග දී, ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන Asahi Shimbun ද ක්‍රීඩා උළෙල අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නියෝජිතයන් පවසන්නේ කුමක්ද? විවිධ කමිටු කීපයක් සහ විශේෂඥයන් ගණනාවක් ක්‍රීඩා උළෙල පැවැත්වීම ගැන සිය අවධානය යොමු කර තිබේ. රටවල් 60 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85,000 ක් නියෝජනය කරන ලෝක ක්‍රීඩකයන්ගේ සංගමය පවසා ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැඩි අවධානයක් යොමු කර යුතු බවය. ජපාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දුරට නිශ්ශබ්දව සිටින නමුත් රටේ ජනප්‍රියම ක්‍රීඩා තරුව වන ටෙනිස් ශූර නයෝමි ඔසාකා පැවසුවේ මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවය. ටෙනිස් ශූර නයෝමි ඔසාකා ඔලිම්පික් උළෙලට සහභාගී වීම ගැන වෙනත් රටවල් පවසා ඇත්තේ කුමක්ද? කිසිදු ප්‍රධාන රටක් ක්‍රීඩා උළෙලට එරෙහිව අදහස් ප්‍රකාශ කර නොමැත. කොවිඩ් රෝගීන් වැඩිවීමත් සමඟ එක්සත් ජනපදය ජපානයට කෙරෙන සංචාර සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් නිලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙලට සහභාගී වනු ඇතැයි විශ්වාස කරන බවය. "අපගේ සම්පූර්ණ කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා සඳහා යැවීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා," එක්සත් රාජධානි කණ්ඩායම පවසයි. චීන ජනාධිපති ෂී ජින් පිං ද සිය සහයෝගය පළ කර තිබේ. මීළඟ ශීත සෘතු ක්‍රීඩා උළෙල 2022 පෙබරවාරි මාසයේදී චීනයේ පැවැත්වීමට නියමිතය. ඔලිම්පික් අවලංගු කළ හැකිද? ඔව්, නමුත් සාමාන්‍යයෙන් යුද්ධමය තත්ත්වයක් හෝ සිවිල් කැළඹීමක් වැනි සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ සත්කාරක නගරය වන ටෝකියෝ අතර ඇති කර ගත් ගිවිසුමෙන් පැහැදිලි වන්නේ මෙම අවස්ථාව අවලංගු කළ හැක්කේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පමණක් බවය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සිය මුදල්වලින් 70% ක් විකාශන අයිතියෙන් ද 18% ක් අනුග්‍රාහකත්වයෙන් ද උපයා ගනු ලබන බව විශ්වාස කෙරේ. ඔලිම්පික් උළෙල ඉදිරියට නොගියහොත්, එය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට මූල්‍යමය වශයෙන් හා ඔලිම්පික් අනාගතයට ද දැඩි ලෙස බලපෑ හැකිය. හදිසි තත්ත්වයක් යටතේ වුවද, ආරක්ෂිතව උළෙල ඉදිරියට යා හැකි බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නැවත නැවතත් අවධාරණය කර ඇති හෙයින්, එම තීරණය නැවත හැරවීමට ඇති ඉඩකඩ අවම බව පෙනෙන්නට තිබේ. ජනගහනයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා උළෙලට විරුද්ධ බව මෑතක දී සිදු කළ මත විමසුම්වලින් හෙළි වී තිබේ ටෝකියෝව ගිවිසුම බිඳ දමා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ තීරණයට එරෙහිව උළෙල අවලංගු කළහොත් එහි අවදානම සහ අලාභය ජපාන පාර්ශවය මත පැටවෙනු ඇත. ටෝකියෝ ඔලිම්පික් 2020 සඳහා අයවැය ඩොලර් බිලියන 12.6ක් ලෙස සඳහන් කර ඇතත් නියම පිරිවැය දෙගුණයක් විය හැකි බවට වාර්තා වී ඇත. ඔලිම්පික් උළෙලට සම්බන්ධ සියලු පාර්ශවයන් දැඩි ලෙස රක්ෂණය කර ඇති නමුත් උළෙල ඉදිරියට නොයන්නේ නම් සිදුවන පාඩු ඊට ඉහළ අගයක් ගනු ඇත. කල් දැමීම සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් නොමැතිකම හේතුවෙන් මේ වන විටත් සාමාන්‍ය ඔලිම්පික් උළෙලකින් අපේක්ෂිත ලාභය සත්කාරක රට වන ජපානයට සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට නොලැබෙනු ඇත.
ජපානයේ කොවිඩ් රෝගීන් වැඩිවීමක් වාර්තා වුවත්, තවත් දෙමසකට අවම කාලයක් තුළ ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු චින්තන ජයසේන. 1960 දශකයේ අග භාගයේ පටන් පත්තර ලෝකයේ අමුතු අමුතු වැඩ කළ චින්තන ජයසේන විකල්ප සහ තීරු පුවත්පත් කලාවේ දැවැන්තයකු වෙයි. වරෙක උපහාසයෙන් යුතු වාග් මාලාවකින් සිය ඉලක්කය කරා යොමු වූ චින්තන තවත් ලිපියකින් තමාට අවශ්‍ය පුද්ගලයන් කරා සමීප වූයේ නිර්දය සහ නිර්භීත රචනා ශෛලියකිනි. වෙළෙඳ ප්‍රචාරණ පාඨ නිර්මාණකරණයේ නිසග කුසලාතවයකින් යුක්තව සිටි චින්තන ජයසේනයන් විසින් නිර්මාණය කරන ලද ඇතැම් යෙදුම් වසර ගණනාවක් ගතවීත් තවමත් ජනතාව අතර රැඳී පවතින්නේ අමරණීය ආකාරයටයි. අලුත් කෝණයකින් චින්තන ජයසේන සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී ඉරුදින ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න සඳහන් කළේ චින්තන සාම්ප්‍රදායික මට්ටමින් මිදී අලුත් අදහස් මගින් කියවන්නා තැති ගැන්මකට ලක් කළ බවයි. බොහෝ පුවත්පත් තවත් තීරුවක් හැටියට 'කොලම්' පළ කළත් චින්තන සිය 'කොලම' නමැති පුවත්පත් තීරු ලිපිය මගින් නව මානයක් දිසාවට ගමන් ගත් බවයි සම්මානලාභී තීරුලිපි රචයකු වන විමලනාත් වීරරත්න පවසන්නේ. ඒ අතරම චින්තන ජයසේනයන් සිනමා නාට්‍ය සහ සංගීත ක්‍ෂේත්‍රයේ සිදු කළ අගැයුම් සහ විවේචන පාඨක ඇස් ඇරවීමක් වූ බවයි ඉරුදින කතුවරයාගේ විග්‍රහය වන්නේ.
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලා ඉතිහාසයේ සිය නම සටහන් කළ අමුතු ආකාරයේ පත්තර කාරයකු අද (03) සිය සහෘදයන්ගෙන් සමු ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනවසරයෙන් අලි පැටියකු ඇති කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියෝ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. කිරුලපොන ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් තමා අත්අඩංගුවට ගනු ලැබීම වලක්වන මෙන් ඉල්ලා සිටිමින් පසුගියදා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි. වනජීවී නිලධාරීන් විසින් ඇලන් මැතිනියාරාමයේ සිටි අලි පැටියා සොයා ගනු ලැබීමෙන් අනතුරුව ධම්මාලෝක හිමියන් කියා සිටියේ ‘බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට’ එම අලි පැටියාත් කිසියම් පුද්ගලයකු විසින් සිය විහාර භූමියේ දමා ගොස් තිබුණ බවයි.
බලපත්‍රයක් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණ උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම මාර්තු දාහත් වෙනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවය සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛ ස්ථානය එලෙසම පවත්වා ගැනීම ඇතුළු කරුණු අඩංගු ලියවිලි දෙකක් මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් දෙනම විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ. ඒ පිළිබඳ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් කියා සිටියේ අස්ගිරි මහනාහිමියන් අගමැතිවරයා සමග නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය. "ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කර නොමැති අවස්ථාවක දැනට ඉදිරිපත් වී තිබෙන කමිටු වාර්තා හයේ උද්ගත වී තිබෙන කරුණු සමාලෝචනය කරලා ඒ සම්බන්ධයෙන් අපේ මහා සංඝ සභාවේ අදහස් ඉදිරිපත් කළා," එහිමියෝ කියා සිටියහ. රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, බුද්ධාගමට හිමි ප්‍රමුඛ ස්ථානය, පළාත් සභා බලතල සම්බන්ධයෙන් සංඝ සභාව වශයෙන් තමන් අගමැතිතුමාට යෝජනා ඉදිරිපත් කළ බවත් මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කළහ.
මල්වතු අස්ගිරි මහා විහාරවල අදහස් විමසා බලමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දැනට පවතින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වීම හේතුවෙන් එහි තරගකාරිත්වය බෙහවින් අඩුවී ඇති බව ඔවුහු පෙන්වා දෙති. එබැවින් ශ්‍රී ලංකාවේ දක්ෂම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන තරගාවලියක් අවශ්‍ය බව ඔවුන්ගේ යෝජනාවය. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ප්‍රතිවුහගත කිරීමේ සැලැස්මක් සකස්කිරීම 2015 දී පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනට භාර දුන්නේය. තියුණු ක්‍රිකට් දැනුමක් ඇති ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන මහේල ජයවර්ධන දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් මුල්කරගනිමින් නව ක්‍රිකට් සැලැස්මක් සකස් කර 2015 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන්නේය. මහේල ජයවර්ධනගේ යෝජනා ගැන සිදත් වෙත්තමුණි කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් වැනි ශ්‍රී ලංකාව නියෝජනය කළ ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ අදහස් ද සහිතව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ක්‍රීඩා විචාරකයන්ගේ අනුදැනුම ද ලබාගනිමින් ඔහු මෙම සැලැස්ම සකස් කළ බව ඒ අවස්ථාවේ නිවේදනය කෙරිණ. එවකට ක්‍රීඩා සමාජ 14 ක් අතර හොඳම ක්‍රීඩකයන් බෙදීයාම නිසා තරගකාරි නොවන දේශීය ක්‍රිකට් ව්‍යුහය සංශෝධනය කිරීම "ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිවුහගත කිරීමේ සැළැස්ම" යනුවෙන් නම් කරමින් මහේල ජයවර්ධන සකස් කළ ක්‍රිකට් සැලසුමේ ප්‍රධාන අරමුණක් ලෙස දක්වා තිබුණි. එම සැලැස්ම සකස්කරන අවදියේ 14ක්ව පැවති පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම් සංඛ්‍යාව තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනය යටතේ 23 දක්වා වැඩි කෙරුණු අතර එමගින් එම තරගාවලියේ තරගකාරිත්වය තවත් දියාරු වූ බවට චෝදනා එල්ලවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුත්තේ "ගණනට නොව ගුණාත්මකභාවයට" බව මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සැලැස්මේ සඳහන් වෙයි. (Quality over Quantity). මහේල යෝජනා කළ ක්‍රිකට් සැලසුම 1. අවුරුදු 24න් පහළ පළාත් තරගාවලිය, (අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සහිතව) 2. අන්තර් සමාජ එක්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකරයේ ) 3. අන්තර් සමාජ තුන්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකාරයේ) 4. අන්තර් පළාත් සිව්දින, එක්දින හා විස්සයි විස්ස තරගාවලි අතීතයේ අවස්ථා කිහිපයකදී පළාත් තරගාවලි ක්‍රීඩා කළ නමුත් එහිදී සිදුවුයේ එම අවස්ථාවේ සිටි ක්‍රීඩකයන් කණ්ඩායම් හතරකට බෙදා ක්‍රීඩා කිරීමය. එහි කිසිදු ස්ථිර පදනමක් නොතිබූ අතර ක්‍රීඩකයන් පළාත් කිහිපයකට ක්‍රීඩා කිරිමත්, එම කණ්ඩායම් එම තරගාවලියට පමණක් සීමාවීමත් එහි තිබු ලක්ෂණ විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම ගැන මහේල කෙසේ වෙතත් මහේල ජයවර්ධනගේ මෙම යෝජනාවේ සඳහන් වන ආකරයට ශ්‍රී ලංකාව පළාත් 5කට වෙන්කර ස්ථිර පදනම මත එම පළාත්වලට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ වෙන්කිරීමක් සිදුවේ. එම සෑම තරගාවලියක්ම සෑම වසරකම නිශ්චිත කාලසීමාවක් වෙන් කිරීමට එහි යෝජනාවී තිබුණි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පහක් වටා මෙම කණ්ඩායම් ගොඩනැගිය යුතුය. 1. බස්නාහිර පළාත - SSC ක්‍රීඩාංගණය, කොළඹ 2. දකුණු පළාත - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 3. ඌව පළාත - හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 4. මධ්‍යම පළාත - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 5. උතුරු පළාත - දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙම සෑම පළාතකටම අන්තර් සමාජ කණ්ඩායම් දෙකක් හෝ තුනක් සමග එම පලාත්වල ඇති කණ්ඩායම හා එම පළාත්වල ඇති පාසල් කණ්ඩායම් අනුයුක්ත කළ යුතු බව ද යෝජනාවේ සඳහන් වේ. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත් මෙම යෝජනා කරන පළාත් පහටම එක්කර ප්‍රදේශ බෙදාගැනීමක් සිදුකළ යුතුය; ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් මෙන් එම පළාත් සඳහා තේරීම් කමිටු පත්කර එමගින් එම කණ්ඩායම් තෝරාගැනීම මෙන්ම එම පළාත් සඳහා ස්ථිර වෘත්තීය පුහුණුකරුවන් පත් කළ යුතු බවද එහි සඳහන් වේ. ක්‍රීඩකයන්ට ගෙවීම් ශ්‍රී ලංකාවේ ජාතික කොන්ත්‍රාත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කට සීමා කළ යුතු බවට යෝජනා කරන මහේල ජයවර්ධන, ඇතැම් අවස්ථාවල ක්‍රීඩකයන් 100කට පමණ කොන්ත්‍රාත් ලබාදීමෙන් මෙම කොන්ත්‍රාත්තුව ලබාගැනීමේ "වටිනාකම" හා "දිරිගැන්වීම" අහෝසිවන බව පෙන්වාදී තිබේ. පළාත් කණ්ඩායම්වලින් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රමයක් ද ඔහු යෝජනා කර තිබේ. CATEGORY A: වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක් CATEGORY B: වසර 5කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 3ක් CATEGORY C: වසර 3කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක් CATEGORY D: අනිකුත් ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂයක් මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සංවර්ධන සැලසුම වාර්ෂිකව ලබාදෙන මෙම මුදලට අමතරව මෙම ක්‍රීඩකයකු ක්‍රීඩා කරන සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක් ගෙවීමටද යෝජනා කෙරේ. ශ්‍රී ලංකාවේ දක්ෂ දේශීය ක්‍රීඩකයන් විදේශගතවීම වලක්වා ඔවුන් දේශීය තරගවලට යොදවා වෘත්තීය ගෙවීමක් සිදුකළ යුතු බවට දිගින් දිගටම යෝජනාවී තිබුනි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තරගාවලියේ ක්‍රීඩා කිරීමේ "පිළිගැනීමක්" ලෙස හා "දිරිගැන්වීමක්" මෙම ගෙවීම සිදුකළ යුතු බව මහේල ජයවර්ධනගේ යෝජනාවය. ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාවද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව යෝජනා කරන ඔහු හැකිනම් පාසල් ක්‍රිකට් අවුරුදු 20න් පහළ දක්වා ගෙන ආ යුතු බව පවසයි. එමගින් ක්‍රීඩා සමාජ වලට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන්ට තවත් වසරක් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට අවස්ථාවක් හිමිවන බව ඔහුගේ අදහසය. පාසල් ක්‍රිකට් පළාත් ක්‍රිකට් ව්‍යුහය යටතට පත්කිරීම මගින් පාසල් ක්‍රිකට් තවත් දියුණු කළ හැකි බව ද එම යෝජනාවේ සඳහන් වේ. පාසල් තරග කාල සිමාවේ උපරිම තරග 16ක් ක්‍රීඩා කිරීම, 20න් පහළ තෙදින හෝ සිව් දින පළාත් තරගාවලියක්, 20න් පහළ එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමටද එහි යෝජනා කර තිබේ. ක්‍රිකට් පරිපාලන ව්‍යුහය මෙම පළාත් පරිපාලනය සඳහා එම පළාත් වලට සම්බන්ධ ක්‍රීඩා සමාජ සහ පාසල් අතරින් තෝරාගත් නිලධාරීන් පත්කළ යුතු බව තවත් යෝජනාවකි. එයට අමතරව ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබඳව ද මහේල ජයවර්ධන සිය යෝජනාවේ කරුණු සඳහන් කර තිබේ. මහේලගේ යෝජනා විසි කළේ නෑ - තිලංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කළ යුතුය. එම කමිටුවට පත්කළ යුත්තේ දේශපාලනයට සහ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නොවූ ස්වාධින පුද්ගලයන් බව ද මහේල ජයවර්ධන යෝජනා කරයි. ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිමය තීරණ නිරික්ෂණය කිරීමට අමතරව ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ තීරණ සම්බන්ධයෙන් නිශේධ බලයත් එම කමිටුවට හිමිවිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සාමාජිකයන් 10 දෙනෙකුට සිමා කිරීම, සභාපති ධූරය සෑම වසර දෙකකට වරක් වෙනස් කිරීම, වසර අටකට වඩා විධායක කමිටුවේ කටයුතු කිරීමට නොහැකිවීම සහ පළාත් ක්‍රිකට් ව්‍යුහයේ සභාපතිවරුන් විධායක කමිටුව නියෝජනය කිරීම වැනි යෝජනා ද එයට ඇතුළත්ය. ජන්ද, දේශපාලනය, බලය සහ පුද්ගලික න්‍යාය පත්‍ර සඳහා වැඩ නොකර විනිවිද පෙනෙන, වෘත්තීයමය සහ ගුණාත්මක භාවය මූලික කරගනිමින් කටයුතු කළ යුතුය. සැලසුමට මොකද වුනේ ? 2015 වසරේ මහේල ජයවර්ධන සිය සැලැස්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන් අතර එය ක්‍රියාත්මක කරන බවට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි නිවේදනය කළේය. ප්‍රථම අන්තර් පළාත් තරගාවලිය 2016 වසර මුලදී පවත්වන බවටත් නිවේදනය විය. කෙසේ වෙතත් 2016 ජනවාරියේ තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් පත්වුණු නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව එම යෝජනාව ඉවත දමමින් ඒ වනවිටත් පැවැත්වීමට සැලසුම් කර තිබු අන්තර් පළාත් තරගාවලිය නවතා දැමීමට තීරණය කළේය. පළාත් තරගාවලියක අවශ්‍යතාව තිබෙන නමුත් මහේල ජයවර්ධන සකස් කර තිබූ ව්‍යුහයේ සංයුතිය ගැන සහ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගැටළු පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ අවස්ථාවේ සඳහන් කළේය. මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්වි සභාපති තිලංග සුමතිපාලගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය. ලබන වසරේ පළාත් හතරකින් සමන්විත සුපිරි පළාත් තරගාවලියක් පවත්වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට නම් ශක්තිමත් පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහයක් අවශ්‍ය බවට ක්‍රිකට් ප්‍රවීණයෝ වසර ගණනාවක සිට හඬ නගමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අමාත්‍යවරුන් එම තීරණයට එළැඹ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගමැති ධුරයේ තවදුරටත් ක්‍රියාකරනු ඇතැයි යන පණිවිඩය රැගත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා සමග අඟහරුවාදා (පෙබරවාරි 13) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සන්ධාන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් යෝජනා ඉදරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත්කිරීමට ද එහිදී තීරණය කෙරුණු බව එයට එක්ව සිටි අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. අදාළ කමිටුව පත් කොට සති අන්තය වනවිට තීරණයක් ගනිමුයි අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට ප්‍රතිචාරය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර තිබෙන්නේ කමිටුවක් පත් කළත්, එදිනම (බදාදාම) ඒ පිළිබඳව අවසාන තීරණයක් ගත යුතු බවය. තවත් කියවන්න: විශේෂයෙන්ම රටේ ජනතාව "දැනෙන වෙනසක්" ඉල්ලා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තමන්ට හැඟෙන ආකාරයට එය අගමැති පදවියේ වෙනසක් බව යළිත් වරක් පෙන්වා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය. කැබිනට් අමාත්‍යවරුන් පිරිස හැරුණු විට ජනපතිවරයා සහ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද සාකච්ඡාවට සහභාගි වී සිටියේය. එහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් කළ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව එක පක්ෂයක් පමණක් නොව දෙපාර්ශවයම වගකිව යුතු බව සවිස්තරව පෙන්වා දුන්නේය. එබැවින් වැරදි නිවැරදි කරගෙන, මින් ඉදිරියට හෝ තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම දෙපාර්ශවයේම වගකීම බව ද ඔහු අවධාරණය කර තිබේ. කෙසේ වුවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වශයෙන් ක්‍රියාකරන්නැයි කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කළ බව ද බීබීසී සිංහල සේවයට වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරනු ඇතැයි, පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ පැවති එම හමුවට පෙර අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබිණ. මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ක්‍රියාකරන ආණ්ඩුවක තවදුරටත් නොරැඳෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊට පෙරාතුව සඳහන් කර තිබිණ. සබැඳි යොමු :
පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස බදාදා (පෙබරවාරි 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බොහෝ පුද්ගලයන් සිය නිවස තුළ හෝ ඒ ආසන්නයේ පමණක් වෙසක් පහන් ඇතුළු සැරසිලි සිදු කර තිබිණි. මේ අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වෙසක් කූඩු තරග, ශීල සමාදාන වැඩසටහන් සහ ධර්ම සාකච්ඡා පැවැත්වීමට විවිධ සංවිධාන ක්‍රියා කර ඇත. ගාල්ල පොලිසිය වෙසක් කූඩු වෙළෙඳාමේ යෙදෙන අයෙක් තල්වත්ත නිවසක වෙසක් සැරසිලි කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා යෙදූ සීමාවන් හේතුවෙන් සිල් සමාදම් වීම් සහ ධර්ම දේශනා රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරිණි පිළියන්දල නිවසක වෙසක් සැරසිලි අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් බොහෝ දෙනෙකු සිය නිවස තුළ පමණක් වෙසක් පහන් ඇතුළු සැරසිලි සිදු කර තිබිණි
කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා යෙදූ සීමාවන් සහ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා වෙසක් සැමරුම් දක්නට ඇත්තේ සීමිත ප්‍රමාණයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම දින සටහන් වලින් විස්තර කෙරෙන්නේ වූහාන් වාසීන්ගේ ජීවිත ගැනය. කෙසේ නමුත් තමන් නිහඬ නොවන බව ෆැන්ග් ෆැන්ග් (Fang Fang) නමැති චීන ලේඛිකාව පවසන්නීය. "මෙවැනි විපතකට මුහුණ දෙන විට තමන්ගේ මතය පල කිරීම හා උපදෙස් ලබා දීම ඉතා වැදගත් වෙනවා." බීබීසී චීන අංශය සමඟ විද්‍යුත් තැපෑල ඔස්සේ කළ සාකච්ඡාවක දී ෆැන්ග් පැවසුවාය. ජාත්‍යන්තර මාධ්‍යයකට මෙවැනි සාකච්ඡාවක් චීනයෙන් ලැබෙන්නේ කලාතුරකිනි. පසුගිය ජනවාරියේ අගභාගය වන විට කොරෝනාවෛරසය හමුවේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශයට පත්කෙරුණු ලොව පළමු නගරය බවට වූහාන් වාර්තාගත විය. ෆැන්ග් ගේ දිනසටහන් අන්තර්ජාලයට එක් වන්නට පටන් ගත්තේ එතැන් පටන් ය. වූහාන් නගරයේ ජීවත් වන මිලියන 11ක් වූ ජනයාගෙන් බහුතරයකට මෙම දින සටහන් අස්වැසිල්ලක් විය. ඔවුන් ද යම් යම් දේ හෙළිදරව් කරමින් මෙම අන්තර්ජාල සටහනට එක් විය. 65 හැවිරිදි මෙම ලේඛිකාව තම දින සටහන් අන්තර්ජාලයේ ලියා තැබුවේ Weibo ගිණුම හරහා ය. එය ට්විටර් වැනි චීන සමාජ මාධ්‍ය ජාලයකි. 65 හැවිරිදි ෆැන්ග් තම බලු සුරතලා සමඟ ගත කළ හුදෙකලා ජීවිතය පිළිබඳව මෙන්ම චීන බලධාරීන් මෙම වකවානුව තුළ ක්‍රියා කළ ආකාරයේ අඳුරු පැතිකඩ ද මෙම සටහන් හරහා වාර්තා වී තිබිණ. මුලදී යහපත් ප්‍රතිචාර ලැබුන ද පසුව තත්වය වෙනස් විය. මෙය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස දුටු පිරිස ඊට දැඩි විවේචන එල්ල කරන්නට විය. තම ක්‍රියාව හෙලා දැකීමට ලක්වූ නමුත් හඬක් නැගීම පිළිබඳව තමන් පසුතැවිලි නොවන්නේ මන්දැයි බීබීසී සියක් කාන්තාවෝ ලිපි පෙළ වෙනුවෙන් ෆෙන්ග් පැහැදිලි කළාය. ලෝකයෙන් හුදෙකලා වූ වූහාන් මුළු ලෝකයෙන් ම වෙන් වී හුදෙකලා වීම තමන්ට දැනෙන්නේ කෙසේදැයි ඇය ලියා තැබුවාය. මරණයට පත් වන මිනිසුන් දැකීමෙන් තමන්ට ඇතිවන දුක සහ වේදනාව සටහන් කළාය. එමෙන්ම මෙම අර්බුදය හමුවේ නිසියාකාරව කටයුතු නොකරන බලධාරීන් පිළිබඳව සිය කෝපය ඇය කුරුටු ගෑවාය. මෙය විවිධ මාධ්‍ය ඔස්සේ අගය කිරීමට ලක් විය. ප්‍රශංසා හිමි විය. නමුත් මෙම සටහන් ජාත්‍යන්තර අවධානයට ලක් වීමත් සමඟ එම ප්‍රතිචාර වෙනතකට යොමු විය. මෙම දින සටහන් එක්සත් ජනපදයේ ප්‍රකාශකයෙකු විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙමින් පවතින බවට ප්‍රවෘත්ති පළවීමෙන් එය තවත් උත්සන්න විය. ෆැන්ග් ෆැන්ග්: සම්මාන ලාභී ලේඛිකාව "වසංගත කාලේ තැබූ දින සටහන් 60ක් නිසා බලධාරීන් මාව දකින්නේ සතුරෙකු විදියට." ඇය පැවසුවාය. ඇයගේ දින සටහන් පල නොකරන ලෙසට චීන මාධ්‍යවලට බලධාරීන් දැනුම් දී ඇතැයි ෆෙන්ග් පවසන්නීය. සිය ග්‍රන්ථ මුද්‍රණය කොට බෙදා හැරීමෙන් චීන ප්‍රකාශන සමාගම් ඉවත් වී ඇත. "එය ලේඛකයෙකුට කරන සැහැසි කමක්." ඇය බීබීසීයට පැවසුවාය. "එහෙම වෙන්න ඇත්තේ මම රජය වර්ණනා කරනවාට වඩා සාමාන්‍ය ජනතාව කෙරෙහි වැඩි අනුකම්පාවක් දැක්වීම නිසා වෙන්න ඇති. මම ආණ්ඩුව අගය කරමින් ලිව්වේ නැහැ. ඒ නිසා මම වැරදිකාරියක්." මෙම චෝදනා කෙතරම් විසකුරු දැයි තමන් විශ්මයට සහ වික්ෂිප්තභාවයට පත් වී සිටින බව ෆෙන්ග් පවසන්නීය ෆැන්ග් ෆැන්ග් යනු ආරූඩ නාමයකි. ඇයගේ සැබෑ නාමය වැන්ග් ෆැන්ග් ය. ඇය පවසන පරිදි තමන්ට එරෙහි වී ඇත්තේ ආණ්ඩුව පමණක් නොවේ. ඇයට පරිභව කොට එවා ඇති පණිවිඩ දහස් ගණනකි; ඒ අතර මරණ තර්ජන ද පවතී. සමාජ මාධ්‍ය මත ඇය ලේබල් කොට ඇත්තේ ද්‍රෝහියෙකු වශයෙනි. චීනයට පහර දීම සඳහා බටහිර රටවල් සමඟ කුමන්ත්‍රණය කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ. මෙම දින සටහන් ලිවීම සඳහා ඇමරිකානු ඔත්තු සේවය වන CIA සංවිධානයෙන් ඇයට මුදල් ගෙවා ඇති බවට ද ඇතැමුන් චෝදනා කර තිබුණි. මෙම චෝදනා කෙතරම් විසකුරු දැයි තමන් විශ්මයට සහ වික්ෂිප්තභාවයට පත් වී සිටින බව ෆෙන්ග් පවසන්නීය. "ඔවුන් මා කෙරෙහි දක්වන වෛරය මට තේරුම් ගන්න අපහසුයි. මගේ වාර්තා විෂය මූලිකයි; මෘදුයි." ඇය පැවසුවාය. තමන් වෙත එල්ල වී ඇති ප්‍රහාරයන්, චීනයේ සංස්කෘතික විප්ලවය සිදු වූ 1966-1976 කාල වකවානුව සිහිපත් කරවන බව ෆෙන්ග් පවසන්නීය. එම කාලය ඇතුළත උගතුන්ට සහ බටහිර සමඟ සබඳතා ඇති පිරිසට එරෙහිව ප්‍රචණ්ඩකාරී පාලනයක් තිබුණු බව ඇය ප්‍රකාශ කළාය. චීනයේ සංස්කෘතික විප්ලවය "විශේෂයෙන්ම සංස්කෘතික විප්ලවය සිදු වූ කාලයේ භාවිතයට ආ 'පන්ති අරගලය' සහ 'නිර්ධන පන්තියේ ආඥාදායකත්වය' වගේ වචන දැන් ආයෙත් මතුවෙලා. එහි තේරුම, චීන ප්‍රතිසංස්කරණයන් දැන් විනාශය සහ පිරිහීම කරා ගමන් කරමින් සිටිනවා." ලොව සෑම අස්සක් මුල්ලක් කරා ම කොරෝනාවෛරසය ව්‍යාප්ත වූ ආකාරය බලන කල වූහාන් දින 76කට හුදෙකලා කර තැබීමට ගත් තීරණය නිවැරදි බව ෆෙන්ග් පවසන්නීය. "වෛරසයේ තර්ජනය නොමැතිව අද අප ගෙවන ජීවිතය සඳහා අප ගෙවූ විශාල වන්දිය තමයි එදා ලොක්ඩවුන් වීම." අප්‍රේල් මාසයේ පටන් මේ දක්වා වූහාන් නගරය තුළින් කිසිදු කොවිඩ් 19 රෝගියෙකු වාර්තා වී නොමැත. "දැඩි ක්‍රියාමාර්ග නොගත්ත නම් වූහාන් නගරයේ තත්වය පාලනය කර ගත නොහැකි මට්ටමට එන්න තිබුනා. ඒ නිසා මම රෝග පාලන ක්‍රියාමාර්ග සියල්ලටම මගේ සහයෝගය පල කළා." ෆෙන්ග් පැවසීය. වෛරසය පාලනය කරගැනීම අතින් චීනය සාර්ථක වූ නමුත්... ඇය තව දුරටත් කියා සිටියේ චීනය දෙස බලා අනෙකුත් රටවල්වලට ද පාඩම් ඉගෙන ගත හැකි බවය. "වෛරසය ව්‍යාප්ත වූ කාලය ඇතුළත සියලු ජන ඒකරාශී වීම් තහනම් කෙරුනා. සියලු දෙනා මුව ආවරණ පැළඳිය යුතු වුනා. නිවාස සංකීර්ණවලට ඇතුළු වීම සඳහා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දුන් QR කේත අවශ්‍ය වුනා. මම හිතන්නේ මේ වගේ ඉතා හොඳ පියවර ගැනීම නිසා තමයි චීනයට මේ වෛරසය පාලනය කරන්න හැකි වුණේ." උගත් පාඩම් වෛරසය පාලනය කරගැනීම අතින් චීනය සාර්ථක වූ නමුත් මුලදී බලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කළ යුතුව පවතින බව ෆෙන්ග් ගේ මතයයි. "මෙය පාලනය කර ගැනීම සඳහා එතරම් කාලයක් ගත වූයේ ඇයිදැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පැවැත්වුණේ නැහැ." ෆෙන්ග් ප්‍රකාශ කළාය. (Ai Fen) අයි ෆෙන්: වූහාන් පලාතෙන් මතු වූ වෛරසය ගැන මුලින් ම අනතුරු ඇඟවූ වෛද්‍යවරියක් මෙම වෛරසය "වැළක්විය හැකි සහ පාලනය කළ හැකි" බව මුලදී ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ ඇයිදැයි ෆෙන්ග් ප්‍රශ්න කරන්නීය. කෙසේ නමුත් මෙම වසංගතයෙන් චීනය පමණක් නොව ලෝකයම පාඩම් ඉගෙන ගත යුතු බව ඇය පැවසුවාය. "මානව අහංකාරකම සහ නොසැලකිල්ල නිසා තමයි වෛරසයට මේ තරම් පුළුල් ලෙස දිගු කාලයක් තිස්සේ ව්‍යාප්ත වෙන්න පුළුවන් වුනේ." ෆෙන්ග් ගේ දිනසටහන් මහාචාර්ය මයිකල් බේරී විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදි. "ඇය රාජ්‍ය විරෝධී කාන්තාවක් නොවෙයි. ආණ්ඩුව පෙරළිය යුතු බව ඇය පවසන්නේ නැහැ. වූහාන් ලොක්ඩවුන් කළ සමයේ තමන් දැකපු දේ, තමන්ට හිතුණු දේ සහ තමන් අත්දුටු දේ වාර්තා කළ එක් පුද්ගලයෙක් පමණයි." මහාචාර්යවරයා පැවසීය. ලොක්ඩවුන් සමය පුරා ෆෙන්ග් ගේ තනියට සිටියේ සිය බලු සුරතලා පමණි කෙසේ නමුත් එමගින් විශාල ප්‍රශ්න කීපයක් විමසිල්ලට ලක් කෙරෙන බව ඔහු පවසයි. "වසංගතය හැසිරවූ ආකාරය පමණක් නොවෙයි; චීන වැසියන්ට අවශ්‍යව පවතින්නේ කොයි ආකාරයේ සමාජයක් ද යන්නත් ඉන් ප්‍රශ්න කෙරෙනවා." ලොක්ඩවුන් සමය පුරා ෆෙන්ග් ගේ තනියට සිටියේ සිය බලු සුරතලා පමණි. 16 හැවිරිදි එම බලු සුරතලා පසුගිය අප්‍රේල් මාසයේ දී මිය යාම ඇගේ ජීවිතයට දැඩි කම්පනයක් ගෙන ආවේය. නමුත් ඇය එය විඳ දරා ගත්තාය. කවදා හෝ තමන්ගේ ම රට තුළ තම ග්‍රන්ථ යළි ප්‍රකාශනයට පත් වේය යන අපේක්ෂාවෙන් ෆෙන්ග් තවමත් ලියමින් සිටින්නීය. ඒ සටහන් ලිවීම ගැන කිසිදු පශ්චාත්තාපයක් නොමැති බව ද ඇය පවසන්නීය. "මම කවදාවත් නිහඬ වීමට එකඟ වෙන්නේ නැහැ." (වැඩි විස්තර ලාරා ඔවන් ගෙනි) BBC 100 Women names 100 influential and inspirational women around the world every year, and tells their stories. Follow us on Instagram and Facebook and join the conversation, using#BBC100Women. BBC 100 Women 2020: Who is on the list?
වූහාන් නගරය පුරා කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පැවති මුල් අවධියේ ලියා තැබූ දිනසටහන් හේතුවෙන් ඇය චීන ජාතිකවාදීන්ගේ උදහසට ලක්වී සිටින්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අලුත්ගම සිද්ධීන් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදීන් මුහුණ දුන් ගැට‍ළු සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන මාධ්‍ය සංවිධාන 11ක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළේ. ‘මාධ්‍යයට කිව්වේ දර්ගා නගරයේ සිද්දියට කව්ද ආවේ කියලා කියන්න එපා කියලා, අලුත්ගම රැස්වීම කලෙත්, දර්ගා නගරයට ගියෙත් ප්‍රදේශයේ අය නෙවෙයි, ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා නෙවෙයි, බොදු බලසේනාව ආණ්ඩුවේ සහයෝගය ඇතුව එතනට යැව්වා’ රනිල් වික්‍රමසිංහ පවසයි. අලුත්ගම සිදුවීම වර්තා කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට වාරණ පැන වුයේ මෙම ප්‍රහාරයට සම්බන්ධ බොදු බල සේනා සංවිධානය හා ආණ්ඩුවේ කොටස් ආරක්ෂා කිරීම සඳහා බවයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ. අලුත්ගම සිදුවීමේ දී මධ්‍ය වරණයක් රජය පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජාතික හෙළ උරුමයද ආණ්ඩුව විවේචනය කළ නමුත් රජය කිසිදු මාධ්‍ය වාරණයක් අලුත්ගම සිද්ධියට නොපැනවූ බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් ට්විට්ටර් පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. ‘නිල නොලත් මාධ්‍ය වාරණය නිසා ඇත්ත හෙළි වුණේ නැහැ, ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් සිංහල බෞද්ධයන්ගේ නම නැති වුනා, ඇත්ත හෙළි නොකරපු නිසා මේක කළේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් කියලා කිව්වා, ඒ ප්‍රදේශයේ මුස්ලිම් හා සිංහල දෙපිරිසම මට කිව්වේ මේක පිටින් ආපු අය කළ දෙයක් කියලා’ රනිල් වික්‍රමසිංහ පැවසීය. ‘රැස්වීමට ගිහින් කතා කලේ බුද්ධාගම ගැන නෙවෙයි, කුණු හරප ගැන, එතනින් තමයි මේක පත්තුවුනේ’ විපක්ෂනායකවරයා තවදුරටත් කියා සිටියේය.
භික්ෂූන් වහන්සේ නමකට කළ පහර දීමකට ප්‍රතිචාර වශයෙන් අලුත්ගම ගැටුම ඇතිවූ බව මාධ්‍ය තුලින් පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් එය එසේ නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කරන ඇමරිකානු තානාපතිනි නිකී හේලි ඒ බව කියා සිටියේ අඟහරුවාදා (ජුලි 04) උතුරු කොරියාව විසින් සිදු කරන ලද නවතම දුර විහිදුම් මිසයිල අත්හදා බැලීම පිළිබඳ අදහස් දක්වමිනි. එමෙන්ම ප්යොංයැං පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත අලුතින් යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවත් ඇය අවධාරණය කරන්නීය. උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම ඇය විසින් විග්‍රහ කරනු ලැබුවේ යුදමය ක්‍රියාකාරකම් ත්‍රිව්ර කිරීමක් ලෙසය. වසර ගණනාවක් පුරා ප්යොංයැං පාලනය වෙත පනවන ලද ආර්ථික සම්බාධක ප්‍රමාණවත් නොවන බවත් තානාපතිනිය කියා සිටියාය. ඇය අදහස් පළ කර පැය කිහිපයක් ගත වෙත්ම ඇමරිකානු සහ දකුණු කොරියානු හමුදා එක්ව මිසයිල අභ්‍යාසයක යෙදුනහ. චීනය සහ රුසියාව උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඇමරිකාව, උතුරු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කරන "සතුරු පිළිවෙත" නිම නොකරන්නේ නම් තමන් සාකච්ඡා මේසයට නොපැමිණෙන බව ප්යොංයැං පාලනය අවධාරණය කරයි. උතුරු කොරියාවට එරෙහිව හමුදා බලය යොදා ගැනීම සම්බන්ධයෙන් චීනය සහ රුසියාව ද සිය විරෝධය පළ කර සිටිති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තහනම නොතකා උතුරු කොරියාව පසුගිය කාලය තුළ මිසයිල අත්හදා බැලීම් ගණනාවක් සිදු කළේය. ජපානයේ ආරක්ෂාව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ටොමොමි ඉනාදා විසින් උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම හඳුන්වනු ලැබුවේ "අනුමත කළ නොහැකි කුපිතකාරී ක්‍රියාවක්" ලෙසය. අලුතින් අත්හදා බලන ලද හ්වාසොං 14 වර්ගයේ අන්තර් මහද්වීපික මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී කිලෝමීටර 933 ක් ඈතින් පිහිටි ජපාන මුහුදේ වූ ඉලක්කයකට පතිත වූ බව උතුරු කොරියාව අඟහරුවාදා පැවසීය. ඇමරිකාව ජපානයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින බව ආරක්ෂක ලේකම් ජිම් මැටිස් අවධාරණය කළේය. එකඟතාවකට Tනෞකා නාශක මිසයිල දියත් කරන දකුණු කරියානු යුද නැවක් මේ අතර එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කරන චීන තානාපතිවරයා ආරක්ෂක මණ්ඩල හදිසි රැස්වීම අමතමින් පවසා තිබුණේ උතුරු කොරියාවට එරෙහිව හමුදා බලය යෙදෙවීම විකල්පයක් නොවන බවය. දකුණු කොරියාව සහ ඇමරිකාව යුද අභ්‍යාස සිදු කිරීම අත්හිටුවීමත් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීමත් මත පදනම්ව සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස චීනය සහ රුසියාව ඉල්ලා සිටිති.
"අවශ්‍යම වේ නම්" උතුරු කොරියාව සම්බන්ධයෙන් "සැළකිය යුතු මට්ටමින්" හමුදා බලය භාවිත කරනු ඇති බව ඇමරිකාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ පිළිබඳව බදාදා (දෙසැම්බර් 08) පොලිසියට පැමිණිළි කරන බව ද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඔහු පැවසීය. ''ඒ සංවාදයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා කියනවා මහින්දානන්ද අලුත්ගමගේට වෙඩි තියන්න තමයි මං මේ පුරුදු වෙන්නේ කියලා. ඔබතුමා මට ඒක කරන්න කියලා තියෙනවා. ඒක කරන්න මං ඉදිරි කාලයේ කටයුතු කරනවා කියලා. මට වෙඩි තියන්න එතුමා අගමැතිගේ ආශීර්වාදය, අනුමැතිය ඉල්ලනවා. අගමැති අනුමැතිය දෙනවා. මේක ඉතා බරපතල ප්‍රශ්නයක්," යනුවෙන් අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේය. 2016 වසරේ රන්ජන් රාමනායක මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසවල සිට තමන්ගේ ගිනි අවියෙන් වෙඩි තැබීමට පුරුදු වූ බවත් ඒ අවස්ථාවේදී වැරදිලා ගිනි අවිය ක්‍රියාත්මක වූ බව පැවසීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවටත් මෙහිදී චෝදනා එල්ල විය. ''මහින්දානන්දට වෙඩි තියන්න පුහුණු වෙනකොට වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න උපදෙස් දුන්නේ හිටපු අගමැතිතුමා. ඒ වගේම එතන කියනවා ඔබතුමා පොලිස්පතිට කිවුව නිසා එතුමා මාව බේර ගත්තා කියලා. මොකක්ද කථානායකතුමනි මේ තත්ත්වය? රන්ජන් ගොං වැඩ කරන්නේ හිටපු අගමැතිගේ ආශීර්වාදයෙන්. ඔහු නෑ මෙතන. විපක්ෂ නායකතුමා මේ ගැන ප්‍රකාශයක් කරන්න. මේ මන්ත්‍රීවරයා ගැන ගන්නා පියවර ගැන කියන්න," යනුවෙන් මහින්දානන්ද අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළේය. මේ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය සඳහන් කළේ මෙම සිදුවීම ගැන අවධානය යොමු කරන බවකි. මෙම සංවාදයට ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ද එක්විය. ''මට මහලේකම්තුමා නිකුත් කළා බලපත්‍රයක් එක්ක ගිනිඅවියක්. පිස්තෝලයක් නම් දෙන්නේ උණ්ඩ 10යි. රිවෝල්වරයකට උණ්ඩ 09යි දෙන්නේ. රන්ජන්ට විතරක් කොහොමද උණ්ඩ 150ක් දුන්නේ,'' යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිල නිවසට ගොස් සිටි මහාචාර්ය අශු මාරසිංහ මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමණ එකවර නිවස පරීක්ෂා කිරීමේදී එම අවස්ථාව සියැසින් දැක බලාගැනීමට රංජන් මන්ත්‍රීවරයාට නොහැකි වූ බවකි. එවිට කුඩු, පිස්තෝල, බෝම්බ වැනි දෑ දමා අත්අඩංගුවට ගැනීමට හැකි බැවින් මන්ත්‍රීවරුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ඇස් ඉදිරිපිට එය කළ යුතු බව ඔහු පැවසීය. මහින්දානන්ද අමාත්‍යවරයා සිය චෝදනාව කරන විට රනිල් වික්‍රමසිංහ සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබේ නොසිටියහ. පසුව පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළේය. ''මේ සභාවේදී මහින්දානන්ද ඇමතිතුමා මං ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. මං කුමන්ත්‍රණය කරන පුද්ගලයෙක් නෙමෙයි. මේ CD ටික රන්ජන් මන්ත්‍රීතුමාගේ මාදිවෙල නිවසේ සිට පොලීසිය භාර ගත්තේ. ඒත් දැන් පොලිසිය භාරගත් මේ තැටි හැම තැනම එනවා. මාධ්‍යයේ එනවා. හැම එක්කෙනාගේම පොදු දේපලක් විදියට. ඒ නිසා මං කැමතියි කථානායකතුමා හරහා පොලීසියට කියලා මේ තැටි ඔක්කොම අරගෙන මන්ත්‍රීවරු අපි ඕනෑම කාරණයක් දිහා බලලා කවුරුහරි වැරද්දක් කරලා තියෙනවනම් එතුමාට මේක ප්‍රකාශ කරන්න පුළුවන්.'' නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ 'බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව මේ අතර බැඳුම්කර නිකුතුවට ආදාළව ශ්‍රී ලංකා මහ බැංකුව සකස්කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි පසුගිය 03 වැනිදා ඉදිරිපත්වූ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී කතානායකවරයා සඳහන් කළේ ඒ ගැන නීති කෘත්‍යයන් ආරම්භ වී ඇති බැවින් සියලු මන්ත්‍රීවරුන්ට එම වාර්තාව ලබා දීම නුසුදුසු යයි නීතිපතිවරයා තමන්ට ලිඛිතව දැනුම් දී ඇති බවකි. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සාමාජික බිමල් රත්නායක මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් හැමවිටම පිළිපැදීමට පාර්ලිමේන්තුව බැදී නොමැති බැවින් නීතිපති උපදෙස් නොතකා අදාළ වාර්තාව එළිදැක්විය යුතු බවය. ''ජනතාවගේ බදු සල්ලි මිලියන 900ක් වියදම් කරලා මේ වාර්තාව හැදුවේ. බැඳුම්කර සිද්ධිය ගැන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා, කෝප් කාරක සභාවේ වාර්තාවේ වාර්තා එළි දක්වලා තියෙනවා. මේ ගැන උසාවි සාක්ෂි සටහන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වාර්තාව දැකල තියෙන්නේ හදපු අය විතරයි නම් චෝදනා ලබපු අය කොහොමද මේ වාර්තාව ප්‍රතික්ෂේප කරලා කතා කරන්නේ. මේක දෙපැත්තේම හොරු රැකීමක්. නීතිපති දෙපාර්තමේන්තුවට මේ පාර්ලිමේන්තුව යට කරන්න එපා,'' යනුවෙන් රත්නායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ''මේක පුළුවන් තරම් ඉක්මනට එළිදක්වන්න මටත් අවශ්‍යයි. විනිවිද බව රකින්න," යන්න කතානායකවරයාගේ ප්‍රතිචාරය විණි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද බැඳුම්කර නිකුතුවට අදාළ වෝහාරික විගණන වාර්තා ගැන අදහස් දැක්වීමේදී සඳහන් කළේ යහපාලන ආණ්ඩුව සමයේ බිලියන 10ක බැඳුම්කර නිකුතුවක් ගැන කතා කළ ද 2003-2015 කාලයේ රුපියල් බිලියන 6600ක බැඳුම්කර නිකුත් කිරීමක් ගැන තමන්ට දැන ගන්නට ලැබී ඇති බැවින් ඒ කාලයේ සිදුවූ පාඩුව කීයදැයි ආණ්ඩු පක්ෂයෙන් විමසන බවය. මෙම සංවාදයෙන් අනතුරුව ජනාධිපතිවරයා ජනවාරි 03 වැනිදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය ආරම්භ විය. මේ තොරතුරු ද දැනගන්න:
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමන් ඝාතනය කිරීමේ සැළැස්මක් ගැන කළ සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබෙන අතර, ඒ ගැන වහා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කතානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සැකකරුවන්ගේ මුහුණු වසා දැඩි රැකවල් මධ්‍යයේ අධිකරණයට රැගෙන එන ලදී මේ වසර මුල සිට මාස ගණනාවක් තිස්සේ මෙම දැරිය දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි. දැරිය ජීවත් වූ තට්ටු නිවාස සංකීර්ණයේ විදුලි සෝපාන ක්‍රියාකරු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු බව ඔවුහු තවදුරටත් පවසති. ප්‍රධාන සැකකරු දැරියට මත්ද්‍රව්‍යයක් දීමෙන් පසු ඇයට හිංසා කිරීමට අනෙක් පුද්ගලයන්ට ආරාධනා කර තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පොලිසිය පැවසීය. මෙම සිද්ධිය හේතුවෙන්, රට පුරා සිදුවන දරුණු ලිංගික හිංසනවලට එරෙහිව ඉන්දියාවේ මහජන විරෝධතා නැවතත් සක්‍රීය වී ඇති ආකාරයක් දක්නට ලැබේ. අඟහරුවාදා (ජූලි 17) චෙන්නායිහි අධිකරණයක් විසින් පුද්ගලයන් දාහත් දෙනෙකුට එරෙහිව බාලවයස්කාර දැරියක් සමූහ දුෂණයට ලක් කිරීමේ වරදට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. එම පුද්ගලයන් අතර, මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්, විදුලි කාර්මිකයන් සහ ජලනල කාර්මිකයන්ද සිටින අතර, ඔවුන් සියලුදෙනා ජූලි 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සැකකරුවන් අධිකරණයෙන් රැගෙන යන බස් රථයට සමහර නීතීඥවරුන් පහර දෙනු දක්නට ලැබිණි. මෙම අපරාධය පිළිබඳ සමාජය ඉමහත් පිළිකුලින් යුතුව කතා කරන අතර, සමහර චූදිතයන් අධිකරණයේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවක එහි සිටි නීතිඥවරුන් කණ්ඩායමක් ඔවුන්ට පහර දී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. එක් සැකකරුවෙකු තට්ටු නිවාසයක පඩිපෙළ දිගේ පහළට ඇදගෙන විත් පිරිසක් ඔහුට පහර දෙන අතර පොලිසිය එය නැවැත්වීමට උත්සහ දරන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ බෙදා හැරෙමින් පවතී. සැකකරුවන් වෙනුවන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙක් කැමැත්ත පළ කර නැතැයි නීතීඥ සංගමයේ සභාපති මෝහන ක්‍රිෂ්ණන්, මදුරාසිමහාධිකරණට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය. දැරියගේ දෙමව්පියන් වේපරි නගරයේ පිහිටි කාන්තාවන් පමණක් සිටින පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ වන විට දැරිය සියලු සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඉන් හතර දෙනෙකු පමණ පාපොච්චාරණ කර ඇතැයි නිලධාරියෙකු පැවසීය. මේ අතර, වෛද්‍ය පරීක්ෂණ සඳහා දැරිය රජයේ රෝහලකට යොමු කර තිබේ. මේ තොරතුරුද කියවන්න:
ඉන්දියාවේ චෙන්නායි නුවර වයස අවුරුදු 11ක ශ්‍රව්‍යාබාධිත දැරියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දාහත් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව විත්ති පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි. 2005 වසරේ දී එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි එම තරුණිය මරා දැමීමේ චෝදනාවට වරදකරු කළ, 21 හැවිරිදි ජූඩ් ජයමාන්න නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය මගින් වසර 14 ක සිරදඩුවමක් පනවා තිබිණ. එම තීන්දුව දෙමින් එවක මහාධිකරණ විනිසුරුවරයාව සිටි අයි.එම්.අබේරත්න පැවසුවේ මිනීමැරීමේ චෝදනාවට වරදකරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. එම දඩුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයා පෙත්සමක් ගොනුකළ අතර එහි තීන්දුව දෙමිනුයි අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව වෙනස් කරමින් මරණ දඩුවම නියම කළේ. තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරුන් පැවසුවේ මරණීය දණ්ඩනය පැනවීමට තරම් සාක්ෂි තිබියදී ඒ පිළිබඳව මහාධිකරණ විනිසුරුවරයා අවධානය යොමු නොකිරීම මවිතය දනවන කරුණක් බවයි.
දැඩි මතභේදයට තුඩු දුන් රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ තරුණියක මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර තරුණයකුට පනවා තිබූ වසර 14 ක සිරදඬුවම අහෝසිකළ අභියාචනාධිකරණය ඔහුට එරෙහිව මරණීය දණ්ඩනය නියම කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මගේ ජීවිතය ගොඩාක් අමාරු වෙන්න පටන් ගත්තා" -ඇඩමා දෙමාපියන්ගේ සෙවනේ සිටි කාලයේ දී තම ජීවිතය පහසුවෙන් ගෙවී ගිය බව ඇඩමා පවසන්නීය. මිල මුදල් හිඟ වුවද අවශ්‍යතා සරල වූ හෙයින් ජීවිතය යම් පිළිවෙලකට ගෙවුණි. ඇය අකුරු කරන්නට පාසල් ගියාය. සිය පාසල් ජීවිතයට ඇඩමා දැඩි ඇල්මක් දැක්වූවාය. නමුත් දෛවය ඇයට කුරිරු විය. ඇඩමාට දොළොස් විය එළඹෙද්දී පියා ජීවිතයෙන් සමු ගත්තේය. තවත් වසර කීපයකින් මව ද මිය ගියාය. "මගේ ජීවිතය ගොඩාක් අමාරු වෙන්න පටන් ගත්තා." ඇය පැවසුවාය. "පාසල අතැර දාල මට ජීවිතය රැක ගන්න ක්‍රමයක් සොයා ගන්න වුනා." කෙන්යාවේ බටහිර කලාපයේ ඈත පිටිසර ගම්මානයක ජීවත්වන ඇය ප්‍රකාශ කළාය. වයස අවුරුදු 22 වන විට ඇයට හමුවූ පුරුෂයෙකු නිසා ඇය ගැබ්බර විය. ඇයගේ කුළුඳුල් දරුවා දියණියකි. ඇය මෙලොවට බිහි වී දින තුනකින් ඇඩමා ගේ පුරුෂයා මිය ගියේය. ඇය තනි විය. දියණිය ද අසනීප තත්වයේ පසු වූ හෙයින් ඇයට සාත්තු සප්පායම් කිරීම ද සිදු වූයේ ඇඩමා ගේ අතින් පමණි. ඇය සනීප කර ගැනීමට මාස 18ක් ගත විය. අනතුරුව දියණිය ජීවත් කරවීම සඳහා ඇඩමාට ස්ථිර ආදායම් මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය විය. අනතුරුව ඇඩමා සිය මිත්තනියගේ සහාය පැතුවාය. දියණිය මහළු මිත්තනිය ළඟ තමා රැකියාවක් සොයා ගැනීම සඳහා ඇඩමා නයිරෝබි නුවරට පැමිණියාය. "මතක තියා ගනින් උඹ යන්නේ දරුවා ජීවත් කරවන්න යමක් හොයා ගන්න කියල" ඇඩමා ගේ මිත්තනිය පැවසුවාය. ඇඩමා ගේ නයිරෝබි නුවර දිවිය ආරම්භ වුයේ පදික වේදිකාවේ කොමඩු විකිණීමෙනි. ඉන් සරි කරගන්නා මුදල ප්‍රමාණවත් නොවිණි. යමක් ඉතිරි කර තමන් නැවතී සිටි කාමරයේ තැබුවා නම් එහි සිටි තම යෙහෙළිය එය සොරකම් කළාය. නගරයේ ජීවිතය ඇයට දුෂ්කර වූවාය. ඇයගේ නළල මත කැපුම් කැළලක් ද පවතී. ඒ අවි දැරූ පිරිමි කීප දෙනෙකුගෙන් බේරී යාමට ඇය සටන් කළ මොහොතේ ඇති වූ කැපුමක ප්‍රතිඵලයකි. ඇය කොමඩු විකිණීම අතහැර දමා ගොඩනැගිල්ලක් ඉදි කෙරෙන බිමක වැඩට ගියාය. ඇයට එතැනින් සතයක්වත් නොලැබුණි. අනතුරුව ඇඩමා රාත්‍රී සමාජ ශාලාවක සේවයට ගියාය. ඉන් ලැබෙන වැටුප කෙලින් ම තම මිත්තනියට යවන ලෙස ඇය එම ආයතනයේ ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියාය. ටික කලකට පසුව එම වැටුපෙන් කොටසක් ඇයගේ අතට ගැනීමට තීරණය කළාය. එය ඉතිරි කර ගැනීමෙන් නගරයේ වාසය සඳහා කුඩා නිවසක් කුලියට ගැනීමට ඇයට හැකිවිය. තවත් ඉදිකිරීම් වැඩ බිමක සේවය කිරීමට ඇයට අවස්තාව ලැබුණි. එම වැටුප තරමක් හොඳ විය. එම වැඩබිමේ සිටි තරුණයෙකු හා හාද විය. දෙදෙනාගේ ඇසුරට ටික කලක් ගත වෙමින් තිබිය දී තමන්ට දරුවෙකු හැදීමට අවශ්‍ය බව එම පුරුෂයා පවසා ඇත. ඇඩමා යෝජනාවක් කළාය. තමන්ගේ දියණිය නගරයට රැගෙන විත් තිදෙනාට ම එකට ජීවත් විය හැකිනම් තවත් දරුවෙකු ගැන සිතිය හැකි බව ඇය එම පුරුෂයාට පැවසුවාය. ඔහු එකඟ විය. ඇඩමා යළි ගැබ් ගත්තාය. පළමු මාස පහ ඇතුළත නිවසේ කුලිය පුරුෂයා විසින් ගෙවන ලදි. ආහාර පාන ද සැපයින. සිය මිත්තනිය ළඟ සිටින දියණිය නගරයට ගෙන ඒමට සුදුසු දිනයක් එළැඹෙන තුරු ඇඩමා බලා සිටියාය. නමුත් එම පුරුෂයා හිටි හැටියේ අතුරුදහන් විය. ඔහු යළි පැමිණියේ නැත. කෙන්යාවේ දිළිඳු මවකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා විකල්ප මාර්ග අවමය තනි දරුවෙකු ජීවත් කරවන්නට තරම් ආදායමක් නොමැති ගැහැනියක තවත් දරුවෙකු ලොවට බිහි කරන්නට සිටිය දී ඇතිවන ආතතිය ගැන ඕනෑම කෙනෙකුට සිතා ගත හැකිය. නමුත් තමන්ගේ දරුවා විකුණා දැමීමට බොහෝ දෙනෙකු නොපෙළඹෙනු ඇත. නමුත් කෙන්යාවේ දිළිඳු මවකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා විකල්ප මාර්ග අවමය. ජාවාරම්කාරයෙකුට තම දරුවා විකිණීම එවන් මවකට පවතින අවසාන විකල්පය විය හැකිය. නමුත් මේ ජාවාරම්කරුවන් ගෙවන්නේ ඇදහිය නොහැකි අඩු මුදලකි. සාරා තවත් මවකි. සිය දෙවැනි දරුවා ගැබ් ගනිද්දී ඇය 17 හැවිරිදි මවකි. දරුවකු ජීවත් කරවන්නට ඇයට කිසිදු ආදායමක් නොතිබුණු බව සාරා පැවසුවාය. අලුත උපන් පුතු ගැහැනියකට විකුණා දැමූ බවත් කෙන්යානු මුදලින් ශිලිං 3000ක් ඇයට ලැබුණු බවත් සාරා පැවසුවාය. එය ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් 5000 කි. "ඒ වෙනකොට මගේ වයස අවුරුදු 17යි. මම කරන්නේ ලොකු වරදක් කියල මට එතකොට වැටහීමක් තිබුනේ නැහැ. අවුරුදු පහකට පස්සේ තමයි මට ඒක තේරෙන්න ගත්තේ. ඒ සල්ලි ආපහු ගෙවල දරුවා ආපහු ගන්න මට ඕන වුනා." එවැනි අඩු මුදලකට තම දරුවන් විකිණූ තවත් කාන්තාවන් පිළිබඳව තමන් දන්නා බව සාරා පැවසුවාය. "බොහෝ අභියෝග නිසා ගැහැණු ළමයි තමන්ගේ දරුවා විකුනනවා. සමහර විට මේ බඩදරු ගැහැණු ළමයින්ව දෙමව්පියෝ ගෙදරින් එලවල දාල වෙන්න පුළුවන්. ඇතැම් විට මේ ගැහැණු ළමයි ගර්භනී වෙනකොට පාසල් යමින් සිටියා වෙන්න පුළුවන්. වයස අවුරුදු 15 හෝ 16 ගැහැණු ළමයෙකුට මේක ලොකු ප්‍රශ්නයක්. තමන්ගේ අතින් අල්ලගන්න කවුරුවත් නැති නිසා තමන්ගේ දරුවයි තමන් සතු සියලු දේමයි අහිමි කරගත්ත ගැහැණු ළමයි ඕනෑ තරම් මෙහි ඉන්නවා." සාරා ප්‍රකාශ කළාය. "වාසනාවන්ත දවසක් නම් මට කෑම ටිකක් හොයා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුනොත් වතුර ටිකක් බීල යාඥා කරලා නිදා ගන්නවා." ඇඩමා කීවාය කෙන්යාව, අප්‍රිකානු මහද්වීපයේ ගර්භනී නව යොවුන් දැරියන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන රටවලින් එකකි. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, කොරෝනා වසංගතයත් සමඟ පාසල් වැසී යාමත් ජීවත්වීමේ අරගලය හමුවේ ඇතැම් ගැහැණු ළමුන් ලිංගික සේවයට තල්ලු කිරීමත් හේතුවෙන් මෙම තත්වය තවත් නරක අතට හැරුණු බවය. "මේ තත්වයට වැටුණු කාන්තාවන් සහ ගැහැණු ළමයි පිළිබඳව කතා ගොඩක් මම අහල තියෙනවා. තරුණ ගැහැණු ළමුන් රැකියා සොයාගෙන නගරයට එනවා. හාදකම් ඇතිවෙනවා. ගැබ් ගන්නවා, ඊට පස්සේ ළමයාගේ තාත්ත එයාව අතෑරලා දානවා. මේ වගේ කතා." කෙන්යාවේ මානව හිමිකම් පිළිබඳ නීතිඥ ප්රුඩෙන්ස් මුටිසෝ පැවසීය. "දරුවාගේ පියා දරුවාව නඩත්තු කරන්නේ නැත්නම් ඒ මුදල් සොයා ගන්න අම්මට වෙනත් මාර්ගයක් සොයන්න වෙනවා. එතකොට තමයි මේ අම්මලා දරුවන් විකුණන ජාවාරම්කරුවන් වෙත තල්ලු වෙන්නේ. ඔවුන් හරහා තමාගේ ජීවිතය ගැට ගසා ගන්නටත් ගමේ දාල ආපු තමන්ගේ දරුවන් නඩත්තු කරන්නත් අම්මලට කීයක් හරි හම්බ වෙනවා. මිනිස්සු මේ ගැන විවෘතව කතා කරන්නේ නැහැ. ඒත් ඒක තමයි සිද්ධ වෙන්නේ." ඇඩමා ඉදිකිරීම් බිමෙහි වැඩ කරන කාලයේ තමන් ගැබ් ගෙන ඇතිබව සියල්ලන්ගෙන් ම වසන් කරගෙන සිටියාය. තමන්ට තනිවම සිමෙන්ති කොට්ටයක් ඔසවාගෙන යාමට තරම් ශක්තියක් පවතින තුරා ඇයට ඒ රහස රැක ගැනීමට හැකි විය. රහස හෙළිවූ දා පටන් නිවසේ කුලිය ගෙවා ගැනීමට ඇය අසමත් විය. මාස තුනක කාලයක් නිවෙස් හිමියාගෙන් සහනයක් ලැබුණි. පසුව ඇය ඉවත් කොට වෙනත් කෙනෙකුට එම නිවස කුලියට දුන්නේය. ඒ වන විට ඇයගේ දරු ගැබට මාස අටකි. වෙනත් යාහැකි තැනක් නොවූ හෙයින් ඇය රාත්‍රිය ගත කිරීම සඳහා පමණක් එම නිවසට හොර රහසේ පැමිණ හිමිදිරියේ පිටව යන්නීය. "වාසනාවන්ත දවසක් නම් මට කෑම ටිකක් හොයා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුනොත් වතුර ටිකක් බීල යාඥා කරලා නිදා ගන්නවා." ඇඩමා කීවාය. යොවුන් වියට එළඹෙන තරුණියන්ට ලිංගික අධ්‍යාපනයක් හෝ ප්‍රජනක සෞඛ්‍ය පිලිබඳ දැනුමක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත කෙන්යාවේ කාන්තාවක් ඇඩමා ගේ තත්වයට ඇද වැටුනහොත් ඇය මිනිස් ජාවාරම්කරුවන් වෙත නතු වීමට රුකුල් දෙන කරුණු රාශියක් වේ. ගබ්සාව නීතියෙන් තහනම්ය. එබැවින් ඉතා අනතුරුදායක වූ නීතිවිරෝධී ගබ්සා සිදු කෙරෙන ස්ථාන බිහිවී තිබේ. යොවුන් වියට එළඹෙන තරුණියන්ට ලිංගික අධ්‍යාපනයක් හෝ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත. පිටිසර පළාත්වල මෙම තත්වය තදින් පවතී. එමෙන්ම, දරුවෙකු නීත්‍යානුකූලව වෙනත් කෙනෙකුට පැවරිය හැකි ක්‍රියාදාමය පිළිබඳව බොහෝ අයට දැනුමක් නොමැත. "අනවශ්‍ය පිළිසිඳ ගැනීමක් සිදු වූ කාන්තාවකට හෝ ගැහැණු ළමයෙකුට ආණ්ඩුවෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ." කෙන්යාවේ Health Poverty Action නමැති ආධාර ආයතනයේ සංවිධායක ඉබ්‍රහිම් අලි පැවසීය. "මේ කාන්තාවන්ට තමයි බොහෝවිට චෝදනාව එල්ල වෙන්නේ. ගැරහුමට ලක්වෙන්නේ. බොහෝ විට පිටිසර පළාත්වල ගැහැණු ළමයි මේ තත්වයට පත් වුනාම නිවෙසින් පලා යනවා. ඔවුන් නගරයට ආවම තවත් අනතුරුදායක තත්වයකට පත් වෙනවා." තම දරුවා වෙනත් අයෙකුට ආරක්ෂිතව පැවරිය හැකි නීත්‍යානුකුල ක්‍රමවේදයක් පවතින බව ඇඩමා දැන නොසිටියාය. ඇය කියා සිටියේ තමන් එවැන්නක් ගැන කොහෙත්ම දැන නොසිටි අතර එවැන්නක් අසා හෝ නොතිබුණු බවය. නීතිවිරෝධී ගබ්සාවක් කර ගැනීමට ඇය වරෙක සිතුවාය. නමුත් එය තමන් අදහන ආගමට එරෙහිව යාමක් වූ හෙයින් ඉන් වැලකී සිටියාය. පසුව දිවි නසා ගන්නට ඇඩමා තීරණය කළාය. "මම දැඩි පීඩාවකට පත්වෙලා හිටිය. මම හිතන්නට පටන් ගත්තා දියේ ගිලිලා මැරෙන විදියක් ගැන. එතකොට මිනිස්සුන්ට මාව අමතක වෙලා යයි කියල මම හිතුව." ඇඩමා ගේ දරුවා උපදින්නට තව ඇත්තේ සති කිහිපයකි. හොඳින් හැඳ පැළඳ ගත් කාන්තාවකට ඇඩමා හඳුන්වා දෙන ලද්දේ කිසියම් පුද්ගලයෙකු විසිනි. එම කාන්තාවගේ නම මේරි අවුමා ය. ගබ්සාවක් සිදු නොකරන ලෙසට මේරි, ඇඩමා ගෙන් ඉල්ලීමක් කළාය. නෛරෝබි නුවර සිටින පැල්පත්වාසීන් සඳහා මේරි නීතිවිරෝධී වීදි සායනයක් පවත්වාගෙන යන්නීය. පසුවදා තම සායනයට පැමිණෙන ලෙස මේරි, ඇඩමා ට කීවාය. මේරි සිය ජංගම දුරකථනය ගෙන ගැනුම්කරුවෙකුට කෙටි පණිවිඩයක් ලියා යැව්වාය මේරි අවුමා ගේ සායනය සැබෑ වෛද්‍ය සායනයක් නොවීය. පැල්පත් යායක් අතරින් දිවෙන මාර්ගයක වැඩි කලඑළියකට නොපෙනෙන සාප්පුවක් ඇතුළත සැඟවී පිහිටි කාමර දෙකකි. බිත්තියට අල්ලා ඇති හිස් රාක්ක මත තැනින් තැන වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන භාජන කිහිපයක් දැකිය හැකිය. දරු ප්‍රසූතිය සඳහා මෙම කාමර දෙක සුදානම්ව පවතී. මේරි අවුමා තම අත් උදව්කාරිය සමඟ මෙහි සිටින්නීය. මෙහි ප්‍රසුත කරන දරුවන් ඇය මිලදී ගෙන ලාභයක් තබා අලෙවි කරන්නීය. මෙම දරුවන් මිලදී ගන්නේ කවුරුන්ද යන වග හෝ කුමක් සඳහා ද යන වග කිසිවෙකු අසන්නේ නැත. මේරි විසින් ඇඩමා ට පවසනු ලැබ ඇත්තේ දරුවන් නොමැති යුවළකට තම දරුවා ලබා දෙන බවත් ඔවුන් දරුවා හොඳින් රැක බලා ගන්නා බවත් ය. නමුත් යථාර්ථය නම්, නියමිත මුදල සමඟ වෙළඳ සැල හරහා ඇතුළට පැමිණෙන ඕනෑම කෙනෙකුට මෙම දරුවන් ලබා දීමය. ගර්භනී කාන්තාවන්ට මේරි පවසන්නේ තමා පළපුරුදු හෙදියක් බවය. නමුත් දරු ප්‍රසූතියක දී ඇතිවිය හැකි බරපතල තත්වයකට මුහුණ දීම සඳහා ඇයට දැනුමක් හෝ අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙහි නොමැත. දරු ප්‍රසුතියක් සඳහා ඇවැසි සෞඛ්‍ය ආරක්ෂාවක් මෙහි නොමැත. "එයාගේ තැන හරිම අපිරිසිදුයි. ලේ එකතු කරන්නේ පොඩි පෙට්ටියකට. බේසමක් නැහැ. ඇඳත් හරිම අපිරිසිදුයි. ඒත් මම හිටපු තත්වයේ හැටියට මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ." ඇඩමා සිය මතකය අවදි කළාය. ඇඩමා මෙම සායනයට පැමිණි වහාම මේරි බෙහෙත් පෙති දෙකක් බොන්නට දුන්නාය. ඉන් ප්‍රසුතිය ඉක්මන් විය. ඒ වන විටත් ඇඩමා ගේ බිලිඳා මිල දී ගැනීම සඳහා පුද්ගලයෙකු පැමිණ සිටියේය. මේරි තම ගනුදෙනුව අවසන් කිරීම සඳහා ඉතා නොඉවසිල්ලෙන් කටයුතු කළාය. නමුත් දරුවා ප්‍රසුත කළ වහාම ඇති වූ පපුවේ ආබාධයක් හේතුවෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය. බිලිඳා රෝහලකට රැගෙන යන ලෙස මේරි, ඇඩමා ට පැවසුවාය. සතියක් පමණ ඇඩමා ට රෝහලේ ගත කරන්නට සිදු විය. කෙසේ නමුත් ඇය රෝහලෙන් පිටව ගියේ නිරෝගී පුතෙකු ද අතැතිව ය. ඇඩමා ට යන්නට තැනක් නොවීය. දරුවා ප්‍රසුත කරන්නට පෙර ඇයව නිවසින් එලියට දැමූ ගෙහිමියා හමුවට ඇය නැවතත් ගියාය. බිලිඳා සමඟ පැමිණි ඇයට නැවතත් නිවසට ඇතුළු වීමට අවසරය ලැබුණි. ටික දිනකින් ඇඩමා නැවතත් මේරි අවුමා සොයා ගියාය. පසුදා දරුවා සමඟ සායනයට පැමිණෙන ලෙස මේරි පැවසුවාය. මේරි සිය ජංගම දුරකථනය ගෙන ගැනුම්කරුවෙකුට කෙටි පණිවිඩයක් ලියා යැව්වාය. එහි ලියා තිබුණේ "අලුත් පැකේජයක් බිහි වී ඇත; 45000යි" යනුවෙනි. සිය බිලිඳා දෑතින් තුරුළු කර ගෙන ඇය කාමරයේ කොනක වාඩිලා සිටියාය මේරි, ශිලිං 45,000ක් ගන්නේ ඇඩමා ට දීමට නොවේ. ශිලිං 45,000ක් යනු බ්‍රිතාන්‍ය පවුම්වලින් නම් 300කි. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 75,000කි. නමුත් ඇඩමාට ලැබුණේ රුපියල් පහළොස් දාහකට මඳක් වැඩි ප්‍රමාණයක් පමණි. කෙසේ නමුත් මේ ගැනුම්කරු කවුරුන් ද යනවග මේරි අවුමා දැන සිටියේ නැත. ඔහු වෙස්වලාගත් බීබීසී වාර්තාකරුවෙකු බව මේරි දැන නොසිටියා ය. දරු ජාවාරමේ යෙදෙන්නන් පිළිබඳව වසරක් පුරා සිදු කෙරුණු විමර්ශනයක ඔහු නියැලී සිටියේය. පසුදා ඇඩමා දරුවා සමඟ මේරිගේ ව්‍යාජ සායනයට ගියාය. සිය බිලිඳා දෑතින් තුරුළු කර ගෙන ඇය කාමරයේ කොනක වාඩිලා සිටියාය. ගැනුම්කරු පැමිණියේය. ගැනුම්කරු ඇඩමාට යමක් රහසින් පැවසීය. ඔහු පැවසුවේ ඇඩමාට මීට වඩා හොඳ විකල්පයක් පවතින බවය. ඇය තම තීරණය වෙනස් කළාය. දරුවාද රැගෙන මේරි ගේ සායනයෙන් පිටත් වූ ඇය නැවතුණේ රජය මගින් පවත්වාගෙන යන ළමා නිවාසයක් අසල ය. නීත්‍යනුකුල කුලවැද්දුමක් සිදුවන තුරු ඇඩමා ගේ දරුවා මෙම නිවාසය විසින් රැක බලා ගනු ඇත. මෙම ලිපිය මගින් තමන්ට කර ඇති චෝදනා පිළිබඳව ප්‍රතිචාර දක්වන ලෙස බීබීසීය මේරි අවුමාට පැවසූ නමුත් ඇය කිසිවක් නොකීවාය. ඇඩමා දැන් 29 හැවිරිදි ය. තමන් ඉපිද හැදූ වැඩුණු ගම්මානයේ ම දැන් ඇය දිවි ගෙවන්නීය. ඇය තවමත් ඇතැම් දිනවල නින්දට යන්නේ කුසට අහරක් නොමැතිව ය. ජීවිතය තවමත් දුෂ්කරය. ළඟ පාත ඇති අවන්හලක වැඩක් ඉඳ හිට ඇයට ලැබෙන නමුත් එය දිවි ගැටගසා ගන්නට තරම් නොවේ. නමුත් ඇයට ද සිහිනයක් පවතී. නයිරෝබි නුවරින් පාවහන් ගෙනැවිත් ගමේ සාප්පුවක් දැමීම ඇයගේ සිහිනයයි. නමුත් ඒ සිහිනය ඉතා ඈතය. තම පුතු ඇය යළිත් දුටුවේ නැත. නමුත් ඇය පසුතැවිලි නොවන්නීය. "මට දරුවා විකුනන්න කැමැත්තක් තිබුණේ නැහැ. දරුවෙක් විකුණලා ලැබෙන සල්ලියක් අල්ලන්නවත් මම කැමති නැහැ. ඒත් අන්තිමට මුදල් ගනුදෙනුවක් නැති තැනකට මගේ දරුවා දෙන්න ලැබුණා. ඒක මට සහනයක්." ඇඩමා පැවසුවාය. "දරුවට ආරක්ෂාව තියෙනවා. එයාව බලාගන්න අය හරිම හොඳ මිනිස්සු." Additional reporting by Njeri Mwangi. Photographs by Tonny Omondi for the BBC.
කෙන්යාවේ නෛරෝබි නුවර ළදරුවන් විකිණීමේ ජාවාරමක් පිළිබඳව බීබීසී 'Africa Eye' ඔස්සේ පසුගිය මාසයේ දී හෙළිදරව් කෙරුණි. මෙම හෙළිදරව්වෙන් පසුව එරට පොලිසිය පුද්ගලයන් හත් දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණි. නමුත් මෙම ජාවාරමේ අනෙක් පස සිටිනා කාන්තාවන් ගේ තත්වය කෙසේද? තමන්ගේ දරුවා බ්‍රිතාන්‍ය පවුම් 70ක් වැනි මුදලකට විකුණා දැමීමට මවක පෙළඹෙන්නේ ඇයි? මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පහළොස් දාහකට මඳක් වැඩි මුදලකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන ඔහු වත්මන් නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්. වාකරේ කලපු ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය වගාව සදහා හඳුනා ගෙන ඇති බිම් ප්‍රමාණය අක්කර දෙදහස් තුන්සීයක් පමණ වේ. නියමිත රාමුවෙන් පිට පූර්ව අවසරයකින් මෙම ඉඩම් පුද්ගලික අංශයට ලබා දී ඇති බව දැන ගැනීමට ලැබී ඇතැයි පැවසූ හිටපු මහ ඇමතිවරයා එම ඉඩම් පුද්ගලික අංශයට ලබා දීමේ දී නියමිත රාමුවෙන් පිට පැන ක්‍රියා කර ඇති බව මාධ්‍යවේදී ශාන්තී සෙල්වදොරේ කළ විමසීමක දී කියා සිටියේය. වැඩි දුර අදහස් දැක්වූ නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයා‘’ඉඩම් ලබා දීමට අපි විරුද්ධ නැහැ, විනිවිදභාවයෙන් යුතු ව නිසියාකාරව එය කල යුතුයි, මේ වැඩ පිළිවලට පිටින් තම තනි තීරණය මත දිසා ලේකම්වරිය හදිසියේ අක්කර දෙදහස් තුන්සීයක ඉඩම් පුද්ගලික ආයතනයකට ලබා දී තිබෙනවා, මෙය වැරදියි, එය නවත්තන මෙන් අපි දිසා ලේකම්වරියට දන්වා තිබෙනවා’’. මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ කරුණු අනාවරණය කළ ජනාධිපති උපදේශක චන්ද්‍රකාන්තන් ඉඩම් බෙදා දුන් පුද්ගලයන්ගේ නම් ඇතුළත් ලේඛනයේ පිටපතක් ඉල්ලා සහ ඉඩම් ලබා දුන්නේ කුමන පදනමක සිට දැයි කියා පසු ගිය විසි එක් වෙනිදා පී එම් එස් චාල්ස් දිසා ලේකම්වරියට යවන ලද ලිපියට මේ වනතුරුත් පිළිතුරු ලැබී නැති බව සඳහන් කළේය . රජය කෙරෙහි පිළිකුලක් ‘’මේ ඉඩම් තැනින් තැන කලපු ආශ්‍රිතවයි තියෙන්නේ. අපි තොරතුරු ඉල්ලා සිටියා, එය නො ලැබුණු එක ගැන කනගාටුයි, මේ ප්‍රශ්න මතු වූ අවස්ථාවේ රජය සමග සාකච්ඡා කර විසඳුමකට ඒමට හැකි නො වුනොත් ඉඩම් ලබා දීමේ දී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ ජනාධිපතිවරයා හා ජනතාව දැනුවත් කරන බව අපි කියා සිටියා’’. මෙවැනි ප්‍රායෝගික නොවන ක්‍රියා මගින් ජනතාව තුළ රජය කෙරෙහි පිළිකුල් සහගත තත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බව සිවනේස්සතුරෙයි චන්ද්‍රකාන්තන් ජනාධිපතිවරයාට දන්වා ඇති බව මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් වැඩි දුරටත් පැවසුවේය. මේ චෝදනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන මඩකලපුව දිසා ලේකම්වරිය පී එම් එස් චාල්ස් ‘’ධීවර අමාත්‍යාංශය විසින් හඳුනා ගත් අක්කර පන්දාහකට අධික ඉඩම් වල කෙටුම්පත් වසර එක හමාරක් තිස්සේ විවිධ අංශයන් හි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව විසින් පරීක්ෂා කර තිබුණා, එම කමිටු වාර්තාව ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවට යවා අවසර ලබාගෙන පසුව දිස්ත්‍රීක් ඉඩම් කමිටුවට බාර දී තිබුණා, නිසියාකාරව සකස් කල වාර්තා අනුවයි අපි ඇතැම් ප්‍රදේශ නිර්දේශ කර තිබෙන්නේ’’. මඩකලපුව දිසා ලේකම්වරිය විසින් මෙම වාර්තා පළාත් ඉඩම් කොමසාරිස්වරයාට යොමු කරන මෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇති අතර නිසියාකාර සොයා බැලීම් කර අවසානයේ ඉඩම් ලබා දීම පිළිබඳ සලකා බලන බව පී එම් එස් චාල්ස් දිසා ලේකම්වරිය නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රදේශයේ රජයේ ඉඩම් පෞද්ගලික අංශයට ලබා දීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බවට නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේස්සතුරෙයි චන්ද්‍රකාන්තන් චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කරණ වෛද්‍ය නලින්ද විශ්වවිද්‍යාල ආචාර්යවරු, විනිසුරන්, පරිපාලන සේවය සහ ආරක්ෂක සේවයේ නිරත වෘත්තිකයන් සඳහා ඔවුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කළ හැකි කෝටාවක් ලබා දී ඇති බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ. "වෛද්‍යවරුන්ට තමයි කුඩම්මාගේ සැලකිල්ලක් සිද්ධ වෙලා තිබෙන්නේ," ඔහු කියා සිටියේ වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සඳහා කෝටාවක් ලබා දෙන ලෙස සිය සංගමය කරන ඉල්ලීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී. "අපි ඒ අයට මැතිවරණ වලදී සහාය නොදක්වපු බවත් සහාය දක්වපු අයට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඒ පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ කියවුනා. ඒක නොගැළපෙන ප්‍රකාශයක් හැටියට අපි දකිනවා." 'ඇමතිගෙන් පොරොන්දුවක්' 'වෛද්‍යවරුන්ට තමයි කුඩම්මාගේ සැලකිල්ලක් සිද්ධ වෙලා තිබෙන්නේ.' කෙසේ වෙතත් සිය ඉල්ලීමට සතියක් ඇතුළත සාධාරණ විසඳුමක් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පොරොන්දුවක් ලබා දී ඇති බැවින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා කෝටාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරනු ලබන ඉල්ලීම ලංකා ගුරු සංගමය තරයේ හෙලා දකියි. එවැනි කෝටාවක් ලබාදීමෙන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදු වන බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයට කියා සිටියේ. එහෙත් එම විරෝධය පිළිබඳව ප්‍රතිචාර දක්වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට විරෝධය පළ නොකොට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කර ගැනීමේ අයිතිය වෙනුවෙන් ගුරු සංගම් පෙළ ගැසිය යුතු බවයි. 'මුදලට පාසල්' ජනප්‍රිය පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ඒ වටා ව්‍යාපාරයක් බිහි වී ඇති බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. "මෙතෙක් කල් ලංකා ඉතිහාසයේ ඕනෑම ගුරුවරයකුට, ගුරුවරියකට හැකියාව තිබුණා තමන් සේවය කරන පාසලට තමන්ගේ දරුවා ඇතුළු කර ගන්න. නමුත් අද ඒ තත්වය අහිමි වෙලා තිබෙනවා. ඊට එරෙහිව සටන් කරලා ඔවුන් ඒ ඉල්ලීම දිනා ගත යුතුයි," වෛද්‍ය නලින්ද හේරත් පැවසීය. ගුරු වෘත්තියට අදාළ අයිතීන් දිනා ගැනීම සඳහා හඬ නගනවා වෙනුවට ආණ්ඩුවට පක්ෂ ඇතැම් ගුරු සංගම් සිය ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බවත් වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේය. ජනප්‍රිය පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ඒ වටා ව්‍යාපාරයක් බිහි වී ඇති බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. කොළඹ ඉහළ පෙළ පිරිමි සහ කාන්තා පාසල් දෙකකට දරුවන් ඇතුළත් කර ගැනීමේදී මුදල් ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ජාලයක් ක්‍රියාත්මක වන බව තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි වෛද්‍ය නලින්ද හේරත් පවසන්නේ.
ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් සඳහා කෝටා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවත් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තායිලන්ත මුහුදේ බෝට්ටුවක් “හියුමන් රයිට්ස් වොච්” අයතනයේ ෆිල් රොබට්සන් එම වහල් සේවයට ගොදුරු වූ ධීවරයන් සිය ගණනක් මුණ ගැසී ඔවුන් සමග සාකච්ඡා පවත්වා විශේෂ වාර්තාවක් සකස් කොට ඇත. ඇමරිකාවේ, යුරෝපයේ හෝ බ්‍රිතාන්‍යයේ කෑම පිඟානකට ලැබෙන මත්ස්‍ය නිෂ්පාදනයක පසුබිමේ සිටින්නේ තායිලන්තයේ වහල් සේවයේ යොදවනු ලැබ ඇති අසරණ ධීවරයකු සිටිය හැකි බවයි ඔහු පවසන්නේ. “ප්‍රශ්නය වන්නේ ධීවර කර්මාන්තයේ දී වහලුන් යොදා ගැනීම ඉතාමත් සැලසුම් සහගතව සිදු වන බැවින් බාහිර ලෝකයට අනාවරණය නොවීම . ධීවර වහළුන් කාර්යක්ෂම නැතැයි සිතුණ හොත්, එසේත් නැත්නම් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි සිතුනොත් ඔවුන් ව මරා මුහුදට දැමීමයි සිදුවන්නේ. කිසිවෙක් එය දැන ගන්නේ නැහැ.” ෆිල් රොබට්සන් වැඩිදුරටත් පවසයි. වැඩ නොකළොත් මරණය තායිලන්ත ධීවර වහල් වෙළඳාමේදී වැඩිම මිලක් ගෙවනු ලබන්නේ කම්පුචියාවෙන් හෝ බුරුමයෙන් පැමිණි නීති විරෝධී සංක්‍රමනිකයන් වෙනුවෙන්. වැටුප් ලැබීමකින් තොරව කළ වහල් සේවයෙන් මිදී පළා ආ අයෙක් පවසා තිබුණේ, එසේ පළා යාමට තැත් කළ බොහෝ ධීවරයින් මරා දමා ඇති බවයි. “දවසකට තුන් සැරයක් දැල් අදින්න ඕන. ඉක්මනින් වැඩ නොකොළොත් අපට තලනව නොසැහෙන්න. ඔලුවටමයි ගහන්නෙ. ගහන්න එකක් නැතිනම්, පයින් ගහනවා”. පළා ආ ධීවර වහලා පැවසීය. “බොහෝ විට තමන්ගෙ රටවල රැකියාවක් හොයා ගන්න බැරි වුන නීති විරෝධී සංක්‍රමණිකයන්ට ලැබෙන පොරොන්දුව තායි කම්හලක රැකියාවක්. නමුත් තායිලන්තයට පැමිණි පසු ඔවුන්ට සිදු වන්නේ ධීවර යාත්‍රාවක වහල් සේවයයි.” ඔහු වැඩිදුරටත් කියා සිටියි.
ලෝක මත්ස්‍ය නිෂ්පාදන වෙළඳපළේ තුන්වැනි තැන හිමිකර ගන්නේ තායිලන්තයයි . එසේ වුවද තායිලන්ත ධීවර කර්මාන්තය පිටුපස වහල් සේවයක් පවතින බවට චෝදනාවක් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇහිබැම හැඩ ගැන්වීම කාන්තාවන් අතර මෙන්ම මෑත කාලයේදී පුරුෂයන් අතරද ඉතා ජනප්‍රිය වී ඇති නමුත් එය රටේ ඉස්ලාමීය මූලධර්මයන්ට පටහැණි බවයි ඉරාන කරනවෑමීන්ගේ සංගමය සිය සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ. දෑතේ සහ දෙපයේ රෝම ඉවත් කිරීම ඇතුළු බටහිර පන්නයේ යැයි සැලකෙන රූපලාවණ්‍ය කටයුතුවලින් පුරුෂ විලාසිතා ලෝලීන් ඈත් කර වීමට මෑතදී ඉරාන බලධාරීහු කිහිපවරක්ම උත්සාහ කළහ.
පුරුෂ රූපලාවණ්‍ය ලෝලීන්ගේ ඇහිබැම හැඩ කිරීමෙන් සහ ඔවුන්ගේ ශරීර මත පච්ච කෙටීමෙන් වැළකී සිටින ලෙස ඉරාන කරනවෑමීන් වෙත අනතුරු හැඟවීමක් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද්ධයට සෘජුවම සම්බන්ධ වූ අය මෙන්ම එයට සෘජුවම සම්බන්ධ නොවූ අයද මේ අතර සිටින බව පෙනේ. යුද ගැටුම් පැවති උතුරු සහ නැගෙනහිර මිනිසුන් මෙන්ම දකුණේ ඇතැම් අය ද තවමත් යුද්ධයේ අතුරු ප්‍රතිඵල මෙන්ම අනෙකුත් ආර්ථික හා සමාජීය ගැටලු නිසා ද බොහෝ අපහසුතා මැද එදිනෙදා ජීවිත සරිකර ගැනීමට උත්සාහ කරන බව දැකිය හැක. යුද ජයග්‍රහණය එක් පාර්ශවයක සතුටට හේතු වන අතරේ උතුරේත් දකුණේත් ඇතැම් පවුල්වලට එය අහිමි වීම පිළිබඳ කතාවකි. යුද්ධය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර, තවත් පිරිසකට තම දුදරුවන් සඳහටම අහිමි වී ගොස් ඇති අතර, පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත්විණ. යුද්ධය, පුනුරුත්ථාපනය, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, යුද සැමරුම් මේ ආදි කාරණා යුද්ධය හා සම්බන්ධ ශබ්දකෝෂයේ නිතර කියැවෙන වදන්ය. යුද්ධය නිමා වී වසර දොළොහක් ගතවු අවස්ථාවේ වසර තිහක කුරිරු යුද්ධයෙන් තම දරුවන් අහිමිවූ මව්වරු සීය දහස් ගණනක් අදත් රටේ විවිධ ප්‍රදේශවල තම දරුවන් නොමැති කමින් දුක් වෙමින් ජිවත් වෙති. ශ්‍රියා ගජසිංහ, කිළිනොච්චි හිදී පැවති සටනකදී තම පුත්‍රයා මරුමුවට පත්වීම නිසා දුකට පත් තවත් එවැනි මාතාවකි. "දැන් මගේ පුතා නැතිවෙලා අවුරුදු විසි තුනක් වෙනවා, එයා රට වෙනුවෙන් එයාගේ යුතුකම ඉටුකලා. මේ කුරිරු යුද්ධය ඉවර වෙච්ච එක ලොකු දෙයක්. තවත් මිනිස්සු මැරෙන්නේ නෑ දැන්. එත් මට මගේ පුතා අහිමි උනා. හමුදාවෙන් අපිව බලාගන්නවා එත් මට මගේ පුතා නැතිවුන පාඩුව මකන්න බෑ. අපි කන හැම බත් කටක් කටක් ගානෙම මගේ පුතාව මතක් වෙනවා," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග පැවසීය. ශ්‍රියා ගජසිංහ වැනිම දහස් ගණනක් මව්වරු හා බිරින්දෑවරුන් තම පුතා හෝ ස්වාමි පුරුෂයා අහිමිවීමේ වේදනාවෙන් දකුණේ මෙන්ම උතුරේ ද දැඩි ලෙස පීඩා විඳිමින් ජීවිත් වෙති. එමෙන්ම තුවාල ලබා පුනුරුත්ථාපනය ලැබූ විශාල සංඛ්‍යාවක් ද තම ජීවිතය ගොඩ නගා ගැනීමට දැඩි වීරියක් දරනු ලබයි. යුද්ධයට මුහුණ දී පුනුරුත්ථාපනය ලැබු හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් වන තිස් එක් හැවිරිදි සත්‍යනාදන් යශෝදරනි යුද්ධයෙන් බැට කෑ තවත් තරුණියකි. සත්‍යනාදන් යශෝදරනි ඇයගේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඇය යුද්ධයේ අවසන් කාලයේ එල්ටීටීඊ සංවිධානයට එකතු වු බවත් ඇය මෙන්ම උතුරේ තරුණ තරුණියන් විශාල පිරිසක් අවසන් අදියරේදී එල්ටීටීඊ සංවිධානයට එකතුවු බවත් ඇතැමෙක් කැමැත්තෙන් එම සංවිධානයට බැදුණු අතර තවත් පිරිසක් බලහත්කාරයෙන් සංවිධානයට එකතු කරගනු ලැබුණු බවත්ය. සත්‍යනාදන් යශෝදරනි "මුලතිව් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වල තමයි අපි නිරතවෙලා හිටියේ. කෙහොමහරි ආමි එක 2009 අවුරුද්දේ මුලතිව් අල්ලාගත්තා. පූරුවේ වාසනාවකට මගේ ජීවිතයට කිසිම හානියක් යුද්ධයෙන් සිද්ධ වුණේ නෑ. මම යුද හමුදාවට භාර වුණාට පස්සේ අපිව පුනුරුත්ථාපනයට යොමු කරා. පුනුරුත්ථාපන කාලය නිමා වුණාට පස්සේ මම ගෙදර ආවා. "පුනුරුත්ථාපනය ඉවරවෙලා ගෙදර එනකොට අපේ ජීවිත ගොඩනඟන්න විවිධ උදවු උපකාර කරනවා කියලා නම් කිව්වා. ඒත් පිරිසකට ඒ උදවු උපකාර ලැබුණා. තවත් පිරිසකට ඒවා ලැබුණේ නෑ. මට රාජ්‍ය නොවන සංවිධානයක් හරහා මහන මැෂිමක් දුන්නා. මම පුනුරුත්ථාපන කාලය තුළ මැහුම් පාඨමාලාවක් හැදෑරුවා. ඒක හින්දා තමයි මට මහන මැෂිමක් දුන්නේ," යැයි ඇය පැවසීය. "ඒත් අපේ ගම්වල ජීවත් වෙන්නේ එදාවේල කන්න ජීවිත අරගලයක යෙදෙන මිනිස්සු. එහෙම මිනිස්සුන්ට අපේ ගම්වල ඇඳුම් මහගන්න වත්කමක් නෑ. ඒ හින්දා මහන මැෂිම ගෙදර තියලා මම ගොවිතැන් කරනවා. මගේ මහත්තයා එක්ක එකතුවෙලා අපි දැනට ගෙදර වත්තේ රටකජු වවනවා. එළවළු වගා කරනවා." "දැනට අපි ජිවත්වෙන්නේ තහඩු පැල්පතක. අපිත් ආසයි උළු වහපු ගෙදරක ජීවත්වෙන්න. පුනුරුත්ථාපනය වුණ අයට නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වට අපිට තවම ස්ථිර ගෙයක් ලැබුණේ නෑ. පුනුරුත්ථාපනය වුණ බහුතර පිරිසකගේ ජීවිත තත්වය මේ විදිහට තමයි ගෙවෙන්නේ." පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලදී අතීතය අමතක කිරීමට උපදෙස් දුන් බව බොහෝ හිටපු සාමාජිකයෝ පවසති. එහෙත්, හමුදාව විසින් නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම සහ හිටපු සාමාජිකයින් නිරන්තරයෙන් නිරීක්ෂණය හෝ ආවේක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම ඔවුන්ගේ අතීතය අමතක කිරීමට ඉඩ ලබා නොදෙන බව ඔවුහු පැවසූහ. යුද්ධය නිසා ශරීරයේ විවිධ අංග අහිමි වූවන්ද විශාල සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් අද ජීවත් වීමට බොහෝ සටනක නිරත වෙයි. වයස අවුරුදු 41 ක් වන රත්නම් ජීවාකරන් එල්ටීටීඊ සංවිධානයේ සිට සිය පාදයක් අහිමි කර ගත් තවත් එවැනි එක තැනැත්තෙක් පමණයි. යතුරුපැදිවලට භාවිතා කොට ඉවත දැමු ටයරකින් නෙළුම් මලේ හැඩයට කැපුමක් සිදුකොට මල් සිටුවීමට මල් පෝච්චි සකස් කරමින් සිටි රත්නම් ජීවාකරන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඔහුට හමුවන ඕනෑම වැඩක් කරන බවත් ඔහුට ස්ථිර රැකියාවක් නොමැති බවත්ය. පරණ ටයර්වලින් මල් පෝච්චි කැපීම, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර අලුත්වැඩියාව සහ තමන් සතු ශබ්ද විකාශන යන්ත්‍රයක් කුලියට ලබාදීම වැනි විවිධ දේ තම ජීවිකාව සරුකර ගැනීමට කරන බව ඔහු පවසයි. "මට අනෙක් අය වගේ කුඹුරු වගා කරන්න බෑ. යුද්දේ කාලයේ මගේ දකුණු කකුලට බෝම්බ කෑල්ලක් වැදුණා. මගේ දණහිසට තමයි බෝම්බ කෑල්ල වැදුණේ. දණිස් පොල්කට්ට කියන දණිස් ඇටය සම්පූර්ණයෙන්ම බෝම්බ කෑල්ලට කුඩුවෙලා ගියා. දැන් දණිස් කටුවක් නැති දකුණු කකුලක් මට තියනවා. යුද්ධය හින්දා මට ඉතුරුවුණේ පණ නැති කකුලක් විතරයි. ඒත් මම ජිවිතය අතහැරියේ නෑ. මගේ දරු පවුල රැක ගන්න මම මොනවා හරි කරන්න එපැයි. ඒ හින්දා මට අහුවෙන මොන මොනවා හරි දේවල් කරනවා." රත්නම් ජීවාකරන් "වෑල්ඩින් වැඩ කරනවා, ගෘහ උපකරණ අලුත්වැඩියා කරනවා, මල් පෝච්චි කපනවා, පින්තූර රාමු කරනවා වගේ වැඩ මම දන්නවා. ඒවා කරලා එදිනෙදා වියදම හොයා ගන්නවා. මට බර වැඩක් කරන්න බෑ. මගේ කකුල අහිමි වෙන්න කලින් අපි හොඳට කුඹුරු වැඩ කරලා ජිවත්වුණා. දැන් ඒවා සිහිනයක් විතරයි." යනුවෙන් රත්නම් ජීවාකරන් පැවසීය. "මම එල්ටීටීඊ සංවිධානයට බැඳුනේ යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා. අවුරුද්දක් එකහාමාරක කාලයක් විතරයි මම සංවිධානයේ හිටියේ. යුද්දේ ඉවරවුණාට පස්සේ මම හමුදාවට භාරවෙලා පුනුරුත්ථාපනය ලැබුවා. පුනුරුත්ථාපනය නිමා කරලා ගෙදර ආවා. ඇවිල්ලා ඉතින් දැන් පොඩි පොඩි වැඩ කරගෙන ජීවත් වෙනවා." "ස්ථිර ආදායම් මාර්ගයක් මට නෑ. අපේ ගෙදරට ළිඳක් නෑ. ළිඳක් කපා ගන්න සල්ලි නෑ. ළිඳක් තිබුණා නම් මගේ පවුලේ අය හරි වගා කරයි. ඒත් ඒවාට ලොකු මුදලක් එකවර ඕනේ. එහෙම එකවර මුදලක් වියදම් කරන්න අපිට සල්ලි නැති නිසා ළිඳක් කපාගන්න බලාපොරොත්තුවෙන් දැන් ජීවත් වෙනවා." "යුද්ධය නිසා අපිට අහිමි වූ දේ බොහෝයි. තියන අඩියක් අඩියක් ගානේ මගේ කකුලේ වේදනාව දැනෙනවා. ඒත් පවුලේ අය ගැන හිතලා මම ජීවත් වෙනවා." ඇතැම් අයට යුද්ධයෙන් ශරීරයේ අංගෝපාංග අහිමිවූ අතර ඇතැමෙකුට සිය මව, පියා හා දරුවන් සදහටම අහිමි කළහ. යුද්ධයේ අවසන් කාලයේ ඇතැම් පවුල් සම්පුර්ණයෙන්ම ජීවිතක්ෂයට පත්වු අතර, ඇතැම් පිරිසකගේ පවුල්වල මව, පියා හා දරුවන්ගෙන් කිහිපදෙනෙකු හෝ අයෙකු බැගින් ජීවිතක්ෂයට පත්විණ. ජීවිතක්ෂයට පත්නොවු ඇතැම් පිරිසක් යුද සමයේ අතුරුදහන් වූ අතර යුද්ධය නිමාවී වසර දොළහක් ගතවුවද අතුරුදහන්වූවන් පිළිබඳ කිසිඳු සඳහනක් නොමැති බවට අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසති. යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අඛණ්ඩව වසර හතරක් උපවාසයක ද නිරතව සිටිති. ඒ තමන්ගේ ඥාතීන්ට සිදුවුයේ කුමක්ද යන්න දැනගැනීමටයි. "යුද්ධය කාලයේ හා යුද්ධයේ අවසන් දවස්වල අපේ දරුවෝ විශාල පිරිසක් අතුරුදහන් වුණා. දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු දොළොහක් ගතවෙලා තියනවා. අපේ දරුවන්ට මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නෑ. දරුවන්ට මොකද වුණේ කියලා රජය පාර්ශවයෙන් කිසිවක් කියන්නෙත් නෑ." යනුවෙන් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි කාසිපිල්ලේ ජෙයවනිතා පැවසීය. කාසිපිල්ලේ ජෙයවනිතා "අතුරුදහන් වූ දරුවෝ නැවත අපිව බලන්න එයි කියලා අපි බලාගෙන ඉන්නවා. අපේ ගැටලුව ගැන කිසිවෙකුට දුකක් නෑ. ඒ දුක දන්නේ අපි විතරයි. අපි කියන්නේ අතුරුදහන්වෙලා ඉන්න අපේ දරුවෝ හොයලා දෙන්න කියලා විතරයි." සෑම රජයකටම විවිධ අවස්ථාවන් හිදී තම ගැටලුව ඉදිරිපත් කළත් තමන්ගේ අතුරුදහන්වූ දරුවන් ගැන මේ වන තෙක් කිසිම පිළිතුරක් නොලැබුණු බව ඇය පැවසීය. "යුද්ධය හින්දා උතුරු නැගෙනහිර විශාල පිරිසගේ ජීවිත නැතිවුණා. ඒ අයගේ ඥාතීන් දන්වා ඔවුන්ගේ ඥාතීන් මියගියා කියලා. ඒ හින්දා දැන් හිත හදාගෙන ඉන්නවා. ඒත් අපේ දරුවෝ අතුරුදහන් කියලා විතරයි අපි දන්නේ. දරුවා අද එයි හෙට එයි කියලා අතුරුදහන්වූවන්ගේ දෙමාපියන් මඟ බලාගෙන ඉන්නවා." "අපේ ලෙයින් උපන් දරුවා දවසක් දෙකක් දකින්නේ නැතිව ඉන්නකොට දෙමාපියන්ට මොන තරම් දුකක් දැනෙනවාද? දැන් අපි අවුරුදු 12 ක් ඒ වේදනාව විඳිනවා. අතුරුදහන්වූවන්ගේ ගැටලුවට ජාත්‍යන්තර මැදිහත්වීමක් මත සාධාරණ විසඳුමක් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපි මැරෙන්න කලින් අපිට අපේ දරුවෝ දැක ගන්න ලැබුණොත් ඇති." යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අඛණ්ඩව වසර හතරක් උපවාසයකද නිරතව සිටිති "ඇතැම් දෙමාපියෝ තමන්ගේ දරුවෝ ගැන හිතලා හිතලා මැරිලා ගියා. ඔවුන්ට සැනසීමේ මැරෙන්නවත් පුළුවන්කම ලැබුණේ නෑ. දරුවෝ සොයා ගන්න බැරිවීම ගැන දුකින් තමයි එයාලා අවසන් හුස්ම හෙලුවේ. අපි වාගේ විශාල පිරිසක් උතුරු නැගෙනහිර ඉන්නවා. අපේ දුක නිවෙන්න අපිට අපේ දරුවෝ හොයලා දෙන්න කියලා තමයි අපි හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ." මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන අම්බිගා සත්ගුනනාදන් බිබිසී සිංහල සේවය සමග පැවසුවේ පසුගිය රජය සමයේ පශ්චාත් යුධ ක්‍රියාවලියේ සුළු හෝ ප්‍රගතියක් අත්කරගනිමින් තිබුනද එයද අතරමග නතර වූවා පමණක් නොව මේ වන විට එම ප්‍රගතිය ආපසු හරවා ඇති බවය. මානව හිමිකම් ක්‍රියාකාරිනී අම්බිගා සත්ගුනනාදන් "මා පවසන්නේ අතීතය සමඟ ගනුදෙනු කිරීමේදී අප සාර්ථක නොවූයේ යුද්ධය අවසන් වීමෙන් පසු එල්ටීටීඊය පරාජය කළ රජය, වහාම කිසිඳු මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇති බවට පිළිගැනීමට අපොහොසත් වීමයි. එසේ ප්‍රතික්ෂේප කිරීම දිගටම කරගෙන ගියා විතරක් නෙමෙයි එල්එල්ආර්සීය විසින් කර තිබුණ හොඳ නිර්දේශ පවා ක්‍රියාත්මක කළේ නෑ." ඇය පැවසුවේ ඉන්පසුව බලයට පැමිණි "යහපාලන රජය" අතීතය සමඟ කටයුතු කිරීමට උත්සාහ කළ නමුත් බොහෝ හේතු නිසා එය සාර්ථක නොවූ බවත්, වත්මන් රජය යළිත් වරක් කිසිඳු මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇති බව ප්‍රතික්ෂේප කර ඇති බවය. "අප ලබා ඇති කුඩා ප්‍රගතිය හෝ ආපස්සට හැරී ගොස් ඇති අතර එයට හේතුව ජනවාර්ගික ගැටුමේ මූලික හේතු පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. ජනවාර්ගික ගැටලුවක් පවා පවතින බව රජය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අතීතය සමඟ කටයුතු කිරීම කිසි විටෙකත් සිදු වේ යැයි විශ්වාස කරන්න බෑ. මොකද ඔබ ගැටලුවට හේතුව ප්‍රතික්ෂේප කරන විට, ගැටලුව සමඟ කටයුතු කරන්නේ කොහොමද?" ඇය තවදුරත් පැවසූවේ පසුගිය දා සම්මත කරගත් 20 වන ව්‍යවස්ථා සංශෝධයන හරහා, ලබා ගතව හැකිව තිබු යම් කිසි ප්‍රගතිය හෝ නැවත ආපසු හරවා ඇති බවය. එම සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් කොමිසම වැනි අනෙකුත් කොමිසම් සභාවන් හි ස්වාධීනත්වය පිළිබඳව ගැටලු මතුවී ඇති බවය. 'මේ රට අපේ, අපි එකට ගමනක් යමු' යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය විශාකා ධර්මදාස බීබීසී සිංහල සේවය සමග පැවසුවේ දරුවකු අතුරුදහන් වීම ලෙහෙසි පහසු දෙයක් නොවන බවත් එම වේදනාවෙන් එලියට ඒම ඉතාමත් අසීරු බවත් තමා වසර විස්සකට වැඩි කාලයක් තම පුතාට කුමක් සිදුවී දැයි විමසිල්ලෙන් සිටින බවත්ය. "ප්‍රධානම දේ තමයි නැවත යුද්ධයක් ඇති නොවන්නට විශේෂයෙන්ම රටේ දේශපාලකයන් හා ජනතාව වග බලාගන්න ඕන. දේශපාලකයෝ, මිනිස්සු අවුස්සලා ඒගොල්ලන්ගේ ළමයින්ව පරිස්සම් කර ගනී. එත් මිනිස්සු තේරුම් ගන්න ඕන, අවාසනාවට වගකීමක් දරන්නැති දේශපාලකයෝ තමයි ඉන්නේ ලංකාවේ. ඒ ගොල්ලෝ අපිව උසිගන්වලා ඒගොලන්ගේ දරුවෝ පරිස්සම් කරගනී. දැන් බලන්න කොවිඩ් එන්නත්කරණය හොදම උදාහරණය. කාටද එන්නත දෙන්නේ? කිසිම පිළිවෙලක් නෑ," යනුවෙන් ඇය පැවසීය. "ඉතින් එහෙම වගකීමක් අරගන්න බැරි දේශපාලකයෝ ඉන්න රටක ජනතාවක් හැටියට අපි අනිවාර්යයෙන්ම මොලේ පාවිච්චි කරන්න ඕන. මොකද වේදනාව දුක අවසානයේ තියෙන්නේ අපිට පමණයි. සිංහල හෝ වේවා දමිල හෝ වේවා මුස්ලිම් හෝ වේවා වෙනත් ජාතියක් හෝ වේවා මේ රටේ පුරවැසියන් හැටියට අපි 'මේ රට අපේ, අපි එකට ගමනක් යමු' කියන පණිවිඩය තමයි සියලු දෙනාටම දෙන්න ඕන." ආණ්ඩුවේ ප්‍රතිචාරය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවය සමග පැවසුවේ "මානව හිමිකම් ක්‍රියාකාරීන් යැයි කියාගන්නා පුද්ගලයින්" හට තම රජය පෙරලා දැමීමේ උවමනාවක් ඇති බවත් රජය විසින් උතුරු නැගෙනහිර පළාත්වල සිදුකල විශාල සංවර්ධය ඔවුන් නොදකින බවත්ය. "මේ යට දේශපාලන උවමනාවල් තියෙනවා. අපි මුකුත් කලේ නෑ කියන ඒ යට කියන්න පුලුවන්ද යහපාලන රජය මොකද කලේ කියලා? ඇයි යහපාලනය කාලයේ ඒ අය කටවහගෙන හිටියේ? මේ අයට ඕන අපේ ආණ්ඩුව වට්ටන්න." "අපේ රජය තමයි ඉතාමත් කෙටි කාලයක් තුලදී ලක්ෂ තුනකට වැඩි සමාන්‍ය ජනතාව නැවත පදිංචි කළේ. අපි 12,000 ක්, අන්තවාදී අදහස්වල එළඹ සිටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කර සමාජගත කළා. LLRC වාර්තාව අරගෙන ඒ වැඩපිළිවෙල ආරම්භ කළා. විශාල සංවර්ධනයක් උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය අවසන් වීමෙන් පස්සේ කලේ අපේ රජය. ඒකේ ප්‍රතිඵල අද බුක්ති විඳින්නේ එහෙ ඉන්න ජනතාව. මේ අය ඒවා මුකුත් දකින්නේ නෑ. මේ අයට දේශපාලන අරමුණු තියෙනවා," යනුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. මේ ගැනත් කියවන්න:
යුද්ධය අවසන් වී දොළොස් වසක් ගතව ඇතත් යුද්ධය නිසා සිය ආදරණීයයන් අහිමි වූ පවුල් තවමත් ඉන් පීඩා විඳිති. තමාට අත්විඳීමට සිදුව ඇති දුක්ගැහැට තවත් අයෙකුට උරුම නොවනුවස් යළි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ඔවුහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කල් ඉකුත් වෙච්ච්, ගලවා ඉවත් කළ බලාගාරයක් සරසා අටෝප කරල ගෙනල්ල හයිකරලා තියෙනවා' එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියට මෙගා වොට් 355 ක විදුලි ධාරිතාවක් අහිමි වීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවී ඇති බව වෘත්තීය සමිති පවසති. විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම් හේතුවෙන් බලාපොරොත්තු වූ පරිදි මේ වසරේ විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය ප්‍රකාශ කරයි. "නොරොච්චෝලේ විදුලි බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම නිසා රු 9.50 ට විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අහිමි වී පෞද්ගලික තාප බලාගාරවලින් සහ විදුලි බිල මණ්ඩලේ තාප බලාගාර වලින් රුපියල් 28 කට වගේ විදුලිය ජනනය කිරීමට සිදුවී තිබෙනවා," යනුවෙන් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර බීබීසී සංදේශයට කියා සිටියේය. බලාගාර වල බිඳ වැටීම් හේතුවෙන් දැවි තෙල් සහ ඩීසල් යොදා විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බවද ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පෙන්වා දෙයි. 'ගලවා ඉවත් කළ බලාගාරයක්' "විදුලි බල මණ්ඩලයේ බලධාරීන් උත්සාහ දරමින් තිබුනා විදුලි බිල අඩු කරලා විශේෂයෙන් විදුලි බිලට එකතු කර ඇති ඉන්ධන ගැලපුම් ගාස්තුව සම්පුර්ණයෙන්ම අයින් කරන්න. නමුත් තාප විදුලි බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක වීම තුල මේ සිහිනය අද බිඳ වැටී තිබෙනවා," යනුවෙන්ද බන්දුල චන්ද්‍රසේකර සඳහන් කළේය. ජල විදුලිය නිෂ්පාදනයද මේවන විට පහත වැටී ඇති හෙයින්, වර්ෂාව නොලබුනහොත් ඉදිරියේදී රාත්‍රී කාලයේදීත් විදුලිය කප්පාදු කිරිමක්ද සිදුවිය හැකි බවටද ඔහු අනතුරු අඟවයි. "නොරොච්චෝලේ අඩු ප්‍රමිතියකින් යුතු බලාගාරයක්. එහි පරිපාලනය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. චීන සමාගම නිසි පරිදි ඒ තාක්ෂණය ඉංජිනේරුවන්ට ලබා දීලා නැහැ." නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමේදී සිදුවූ වංචා සෙවීමට කොමිසමක් පත් කළ යුතු බවට ලංකා විදුලි සේවක සංගමය මේ අතර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මෙම බලාගාරයේ රාජකාරිය සදහා චීනයේ පුහුනුවිමවල යෙදුනු තම සංවිධානයේ සාමාජිකයන් පවසන පරිදි, චීනයේ ස්ථාපිත තිස් පස් වසරක් පමණ පැරණි බලාගාර ඔවුන් එහි රැඳී සිටි මාස හය තුල එක්වරක් වත් අක්‍රිය නොවීමත්, ශ්‍රී ලංකාවේ ස්ථාපිත බලාගාරය වසර තුනක් තුල 26 වතාවක් අක්‍රිය වීමත් අනුව, එහි දූෂණයක් සිදුව ඇති බව පෙනී යන්නේ යයි එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. "නොරොච්චෝලේ ඇයි මෙහෙම වෙන්නේ? ඉතාමත් පැහැදිලියි කල් ඉකුත් වෙච්ච්, ගලවා ඉවත් කළ බලාගාරයක් සරසා අටෝප කරල ගෙනල්ල හයිකරලා තියෙනවා," යනුවෙන්ද රන්ජන් ජයලාල් කියා සිටියේය. 'විදුලි කප්පාදුවක් නෑ' එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක වෘත්තීය සමිති නගන චෝදනා ප්‍රතික්ෂේප කරයි. නොරෝච්චාලේ බලාගාරයේ අදියර දෙක වෙනුවෙන්ම යොදා ගෙන ඇත්තේ නව යන්ත්‍ර බවයි, ඔහු සංදේශයට කියා සිටියේ. නොරොච්චෝලේ විදුලි බලාගාරය දිගින් දිගටම බිඳ වැටීමට හේතුව එහි යල් පැනගිය පැරණි යන්ත්‍ර සවිකිරීම දැයි සංදේශය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්. "එහෙම කියන්න බැහැ. සමහරවිට චීනයේ භාණ්ඩවල තත්වය පිළිබඳව යම් ප්‍රශ්න තිබෙනවා, ජර්මනියේ හදපු කාර් එකක් වගේ නෙවෙයිනේ චීනයේ හදපු එක?" යන්න ඒ ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරයයි. විදුලි බලාගාර අක්‍රිය වුවත් රටට අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කිරීමට හැකියාව තිබෙන බැවින් විදුලිය කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි.
චීන සමාගමක් විසින් ඉදි කොට 2011 මාර්තු මාසයේ ආරම්භ කළ නොරොච්චෝලේ විදුලි බලාගාරය පසුගිය පස් වැනිදා විසි හය වැනි වරටත් අක්‍රිය වූ අතර කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ එක් කොටසක්ද පසුගිය බ්‍රහස්පතින්දා අක්‍රිය විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අදාළ විනිසුරුවරයා වෙත වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ , එම තීන්දුව නිසා 'යමක් සිදු වුනොත්' ඇමරිකානු ජනතාව ඒ සම්බන්ධයෙන් අධිකරණයට දොස් පැවරිය යුතු බවය. ඇමරිකාවට ඇතුළුවන පුද්ගලයන් සම්බන්ධයෙන් "ඉතාමත් සුපරීක්ෂාකාරීවන" ලෙස තමන් දේශ සීමා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි. අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් ජනාධිපති ට්‍රම්ප් ගේ විධායක නියෝගයට විරෝධය පළ කරන උද්ඝෝෂකයන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වළකමින් ජනාධිපති ට්‍රම්ප් විසින් සිදුකරන ලද විධායක නියෝගය සියැටල් ප්‍රාන්ත විනිසුරුවරයා විසින් පසුගිය සිකුරාදා අත්හිටුවනු ලැබීය. ජනාධිපති ට්‍රම්ප් ගේ විධායක නියෝගය අත්හිටවන ලද එම අධිකරණය නියෝගය තවදුරටත් බල පැවැත්වෙන අතර, අදාළ නඩුව සම්පූර්ණයෙන් විභාග කොට අවසන් වෙනතෙක් ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල ඇමෙරිකානු වීසා බලපත්‍ර හිමියන්ට එරටට ඇතුළුවීමට අවසර ලැබේ. ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුණි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා නොදීමට තමා ගත් තීන්දුව අත්හිටවූ විනිසුරුවරයා විවේචනයට ලක් කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රජයට අයත් හෙලිකොප්ටර් යානා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද එම කොමිසම හමුවට සඳුදා කැඳවා තිබිණි. මේ අතර හිටපු ජනපතිවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවනු ලැබ තිබුණේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි නිවසක නීත්‍යානුකූල හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට සහ ඔහුගේ සොහොයුරු යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මේ යුතුකම ඉටු කරන්නේ නම් එය මතු සසර නිවනට හේතු වන බව මත් සිතින් සිහිපත් කරමි" පසුගිය ජුනි 05 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ පාලක සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේදී තමාට හමුවුන බව කියා සිටියේය. ඉන් අනතුරුව ජුනි 07 වැනි දින පාර්ලිමේන්තුවේදී යලිත් ප්‍රකාශයක් කළ ඔහු, ප්‍රංශයේදී තමන්ට ප්‍රගීත් හඳුන්වා දුන්නේ රටින් බැහැරව සිටින මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන බව ද පැවසීය. එහෙත් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළ මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේ, ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය "අමූලික බොරුවක්" බවයි. 2007 වර්ෂයෙන් අනතුරුව තමන්ට අරුන්දික ප්‍රනාන්දු මුණ ගැසී නැති බවද ඔහු පැවසීය. පුතුන්ට 'මානසික වදයක්' කෙසේ නමුත් එදිනම නිවුස්ෆර්ස්ට් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීද යලිත් වරක් එම ප්‍රකාශයම කළ මන්ත්‍රීවරයා, ප්‍රගීත් දිනපතාම පාහේ ප්‍රංශයේ සිට සිය බිරිඳ සන්ධ්‍යාට දුරකථනයෙන් අමතන බව ද කියා සිටියේය. මන්ත්‍රීවරයාගේ ඉහත කී ප්‍රකාශ "කණගාටුවෙන් යුතුව බැහැර කරන" බව කතානායක චමල් රාජපක්ෂ වෙත යොමු කරන සිය ලිපියේ සඳහන් කරන සන්ධ්‍යා එක්නැලිගොඩ, තමන්ට ප්‍රගීත් ගේ හඬ අවසන් වරට ඇසුනේ 2010 ජනවාරි 24 වැනි දින බව අවධාරණය කරන්නීය. 2011 නොවැම්බරයේදී එක්සත් ජාතීන් හමුවේ ජිනීවා නුවරදී ප්‍රකාශයක් කළ එවකට නීතිපති මොහාන් පීරිස් ද, ප්‍රගීත් එක්නැලිගොඩ විදේශයක රැකවරණ පතා සිටින බව පැවසීය. "අරුන්දික මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මොහාන් පීරිස් මහතාගේ ප්‍රකාශය මෙන් අසත්‍ය ප්‍රකාශයක් නම්, එය පියා අහිමි වීමෙන් මානසික දුක් පීඩා මද අපොස උසස් පෙළ සහ සාපෙළ විභාගයට පෙනී සිටින්නට අපේක්ෂාවෙන් සිටින අපගේ දරුවන් නැවත, නැවත මානසික වදයකට පත් කිරීමකි," යනුවෙන් සන්ධ්‍යා සිය ලිපියේ සඳහන් කරන්නීය. මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සත්‍යයක් නම්, ප්‍රංශ ආණ්ඩුවේ හෝ "ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව" සිය සැමියා යලි සිය රට ගෙන්වා දෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ඇය, ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳව දැනට අධිකරණයේ නඩුවක් විභාග වන බැවින්, අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දීම පිණිස මන්ත්‍රීවරයා යොමු කරන මෙන් ද ඉල්ලීමක් කරන්නීය.
ප්‍රංශ ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට සිය සැමියා ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන්නැයි 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාධ්‍යවේදියෙකු හැටියට මින් පෙර අවසන් මහා තරඟ තුනක් ම ආවරණය කළ නමුත්, එම සෑම තරඟයකදීම මට සිදු වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් එදා ලද පරාජයේ වේදනාව වාර්තා කිරීමටයි. එහෙත් 2014 විස්සයි විස්ස ලෝක ශූරතාවය දිනා ගැනීමත් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් ඒ සතුට ඉතා නිහතමානීව සහ සාඩම්බරව සමරන ලද ආකාරය මෙවර වාර්තා කිරීමට මට අවස්ථාව උදා වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණයේ අභියෝගය සාර්ථකව මුදුන් පත් කර ගත් ඉරිදා රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර පිටිය,ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආදී ස්ථාන ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී ඉතිරි තිබුණ ආකාරයයි,මට දැක ගත හැකි වුණේ. ජාති ආගම් හෝ දුප්පත් පොහොසත් සියලු භේද ඉවත ලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඔවුන් එකට අත්වැල් බැඳ ගනිමින් ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිමින් සිටියේ සංගීතය ද මුසුවයි. මාලිංග ගේ නායකත්වය "අපි දිනුවා., අපේ කොල්ලෝ අවුරුදු දහඅටකට පස්සේ ලෝක කුසලානයක් ගෙනාවා. අපට අපේ සතුට කියල නිම කරන්න බැහැ" ක්‍රීඩාලෝලියෝ ප්‍රීති වෙමින් සිටින අතරවාරයේ මා සමඟ කීහ. "1996 න් පස්සේ අපි සතුටු වෙන දවස අද. ලසිත් මාලිංග ගේ නායකත්වයේ අගය කියල නිම කරන්න බැහැ. අපට බොහොම ආඩම්බරයි” තවත් ක්‍රීඩාලෝලියෙක් පැවසීය. ඊට අමතරව දක්නට ලැබුණ තවත් විශේෂත්වයක් වුණේ, ජයග‍්‍රහණයෙන් අනතුරුව ජාතික කොඩිය රැගෙන රාත‍්‍රිය පුරා කොළඹ නගරයේ වීදි පුරා සංචාරය කළ ක්‍රීඩාලෝලීන්ට රථ වාහන නීතිය බල නො පැවැත්වීමයි. පොලිස් නිලධාරීන් බාධාවකින් තොරව ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට ඔවුන්ගේ සතුට විඳ ගැනීමට ඉඩ දෙමින් බලා සිටින ආකාරයයි දක්නට ලැබුණේ. මෙම ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ වලින් විශ්‍රාම ගන්නා මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර මුල් පෙළේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සම්බන්ධයෙන් ද ක්‍රීඩාලෝලීහු ඔවුන්ගේ අදහස් පළ කළහ. සංගා සහ මහේල "ඒ දෙන්නටම ඉදිරියටත් ක්‍රීඩා කරන්න පුළුවන්, ඔවුන්ට විශ්‍රාම යන්න දෙන්න එපා" "අපේ වීරයන් දෙදෙනා ලෝක කුසලානය අපට දිනල දීලයි යන්නේ.අර්ජුන සහ අරවින්දට පස්සේ බිහි වුණ විශිෂ්ටතම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළ මහේල සහ සංගා" ක්‍රීඩාලෝලීහු ප්‍රකාශ කළහ. කොළඹ පමණක් නොව මුළු දිවයින පුරා ක්‍රිකට් ක‍්‍රීඩාලෝලීන් වීදි බසිමින් ක්‍රීඩා ජයග‍්‍රහණය සැමරූ බවයි,බීබීසී සංදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මා සමඟ කියා සිටියේ.
වසර හතක කාලයක් තුළ ලෝක කුසලාන හතරක අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබුවද, ඒ සියල්ල පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඉරිදා පැවති 2014 විස්සයි විස්ස අවසන් මහා තරඟය ජය ගැනීමත් සමග මුළු ශ්‍රී ලංකාවම එම ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිනු දක්නට ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රටවල් හැට දෙකකට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයන් හාරසීයකට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වූ බව රඛිත ඩිල්ෂාන් මාලේවන කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්. ‘තිරසාර සංවර්ධනය උදෙසා අපි කොහොමද රෝග මැඩලීම සිදු කරන්නේ කියන කාරණය ඔස්සේ තමයි මම මගේ කරුණු ඉදිරිපත් කිරීම සහ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම සිදු කළේ’ ඔහු පැවසීය. පසුගියදා මැලේසියාවේ පැවති තරුණ විද්‍යාඥයන්ගේ ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා HIV වෛරසය ආසාදනය වීම මැඩ පැවැත්විය හැකි ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ රඛිත ඩිල්ෂාන් සිය ව්‍යාපෘති යෝජනාව සඳහා රන් පදක්කමක් දිනා ගැනීමට හැකි විය. එම රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යයාට ලන්ඩනයේ පැවැත්වෙන තරුණ විද්‍යාඥයින්ගේ විශේෂ සමුළුවකට සහභාගී වන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ආරාධනයක් ලැබී තිබේ. 'ප්‍රථම රන් පදක්කම' ‘එහි විශේෂත්වය වන්නේ දකුණු ආසියාවට ලැබුණු පළමු රන් පදක්කම සහ දකුණු ආසියාවේ රටක් විසින් මෙතෙක් කාලෙකට ඔලිම්පියාඩ් තරගාවලියේ දිනා ගත් ප්‍රථම රන් පදක්කම ලෙස වාර්තා පොතට එක් වෙනවා’ මැලේසියාවේදී දිනා ගත් රන් පදක්කම පිළිබඳ විස්තර කරමින් රඛිත ඩිල්ෂාන් කියා සිටියේය. හතළිස් එකකට අධික රටවල් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයෝ එකසිය අසූ තුන් දෙනෙක් එම තරගය සඳහා සිය ව්‍යාපෘති ඉදිරිපත් කර තිබිණි. HIV වෛරසය ධාරක සෛල හා සම්බන්ධ වීම වැළැක්වීම සඳහා වන ප්‍රතිකර්මයක් රඛිත ඩිල්ෂාන් සිය පර්යේෂණ ව්‍යාපෘතිය හරහා යෝජනා කර තිබේ. ‘නැනෝ තාක්ෂණය යොදා ගෙන, ඒ වගේම ශාක හෝමෝන වර්ගයක් දියුණු කරලා ඒ හා සම්බන්ධව නැනෝ තාක්ෂනය ඔස්සේ ඉලක්ක ගත ඖෂධයක් තමයි මගේ මේ HIV ඒඩ්ස් සඳහා කරන ලද පර්යේෂණයේ පදනම වුණේ’ ඔහු සඳහන් කළේය. තම ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලැබී ඇති බවත් රඛිත ඩිල්ෂාන් පැවසුවේය. ‘තියන පර්යේෂණ කටයුතු, වැඩි දියුණු කළ පහසුකම් යටතේ මට කරන්න ලැබුණොත් ඒ අවස්ථාවන් භාවිතයට අර ගෙන ඉදිරියේදී සම්පූර්ණයෙන්ම මේ HIV ආසාදනය තුරන් කිරීම සඳහා හෝ නැත්තම් සම්පූර්ණ ප්‍රතිකර්මයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා’ ශිෂ්‍ය පර්යේෂකයකු වන රඛිත ඩිල්ෂාන් මාලේවන වැඩිදුරටත් කියා සිටියේය.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩැම් අගනුවර පැවති තරුණ විද්‍යාඥයන්ගේ පරිසරය සහ තිරසාර සංවර්ධනය සඳහා වූ ඔලිම්පියාඩ් තරගාවලියේ රන් පදක්කමක් සහ තරගයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත ඩිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා සමත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති නීතිඥයකු වන අමාත්‍ය තිලක් මාරපන අලුතින් භාර ගත් විදේශ අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන කාර්යභාර අමාත්‍ය ධුරය ද හොබවයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි තිලක් මාරපන කලක් වත්මන් ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. නමුත් ඔහුට එම ධුරයේ කටයුතු කිරීමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. තිලක් මාරපනට එලෙස සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ ඔහු කලක් නීති උපදෙස් ලබා දුන් ඇවන්ගාඩ් සමාගමට පක්ෂපාතීව අදහස් පළ කළ බවට විවේචන එල්ල වීමේ තත්ත්වය හේතුවෙනි. එම සමාගම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණවලට එම ධුරය හරහා බාධාවක් සිදු වෙතැයි ජනතාව සහ මන්ත්‍රීවරුන් අතර මතු වී තිබූ සැකය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඔහුට ඉල්ලා අස් වීමට සිදු විය. ජවිපෙන් ඉල්ලීමක් බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කර ගනිමින්, විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක සිය ධුරයෙන් ඉල්ලා අස්විය පසුව මෑත සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ඔහුට සංවර්ධන කාර්යභාර නමැති නව ඇමති ධුරයක් හිමි විය. ඇවන්ගාඩ් සමාගම මුල් කර ගනිමින් ඇමති ධුරයෙන් ඉවත් වීමට සිදු වූ තිලක් මාරපනට විදේශ ඇමති ධුරය ලබා නොදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන අද (අගෝස්තු 15) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා 2014 වසරේ පැවති විරෝධතාවක් පහත දැක්වෙන්නේ ලොව ගව මස් නිෂ්පාදනය, පරිභෝජනය සහ සෞඛ්‍ය අවදානම පිළිබඳ කෙටි විමසුමකි. මස් කෑම අඩු කරන බව හෝ සම්පූර්ණයෙන් නවතා දමන බව පවසන පිරිසේ වර්ධනයක් මෑත කාලයේ දැකිය හැක. සත්ත්ව සුබ සාධනය, ශරීර සෞඛ්‍ය මෙන්ම සත්ත්ව ගොවිපල නිසා ඇති වන පාරිසරික බලපෑම් ඒ සඳහා අඩු වැඩි වශයෙන් හේතු වේ. මසින් තොර දින (Meet free days) සහ මාංශ නිෂ්පාදන රහිත ආහාර (Vegan food) සඳහා මේ වන විට ලෝක මට්ටමේ නැඹුරුවක් ද පවතී. ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමත් සමග ඒ හමුවේ ඇති විය හැකි ආර්ථික, සෞඛ්‍ය සහ සමාජීය මෙන්ම දේශපාලනික බලපෑම් පිළිබඳ යම් සංවාදයක් මතුව ඇත්තේ මෙවන් පසුබිමකදීය. ඉල්ලුම ඉහළට 60 දශකයේ සිට ලොව සමස්ත මස් නිෂ්පාදනය පස් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එවක ටොන් මිලියන 70 ක් පමණ වූ මස් නිෂ්පාදනය වසර 2017 වන විට ටොන් මිලියන 330 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි. එකී කාලය තුළ ලොව ජනගහනය දෙගුණයකටත් වඩා වැඩි වීම මෙන්ම ආදායම් ඉහළ යාම ද ඊට බලපා ඇති ප්‍රධාන සාධකයකි. දැනට ඇති වාර්තා අනුව 2013 වසරේදී මස් පරිභෝජනය වැඩිම රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඉහළින්ම පසු විය. තෙවෙනි සහ සිව්වෙනි ස්ථානවල පසු වූ නවසීලන්තය සහ ආජන්ටිනාව යන රටවල ඒක පුද්ගල මාංශ පරිභෝජනය කිලෝග්‍රෑම් 100 ඉක්මවා තිබිණි. එය කුකුලන් පනස් දෙනෙකු හෝ ගවයෙකුගෙන් අඩකට සමාන මස් ප්‍රමාණයකි. එසේම බටහිර රටවල් පුරා ඉහළ මාංශ පරිභෝජනයක් දක්නට හැකි අතර බටහිර යුරෝපයේ එක් පුද්ගලයෙකු මස් කිලෝග්‍රෑම් 80 ත් 90 ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව පරිභෝජනය කරයි. අනෙක් අතින් ලොව දුගී රටවල් බොහොමයක් මස් පරිභෝජනය කරන්නේ ඉතාමත් අඩු වශයෙනි. ගෙවුණු පනස් වසරක කාලය තුළ ලොව ගව මස් (ගව සහ මී ගව) නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇත. 1961 වසරේදී ටොන් මිලියන 28 ක් වූ ලොව ගව මස් නිෂ්පාදනය 2014 වසර වන විට ටොන් මිලියන 68 දක්වා වර්ධනය වී තිබේ. ලොව විශාලතම ගව මස් නිෂ්පාදකයා ඇමරිකා එක්සත් ජනපදයයි. බ්‍රසීලය, චීනය, ආජන්ටිනාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සෙසු ප්‍රධාන ගව මස් නිෂ්පාදකයන් අතර වෙති. 1961 සහ 2018 සසඳන විට ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය 13% කින් පහළ ගොස් තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මස් පරිභෝජනය වාර්ෂිකව ඉහළ ගොස් ඇතත් වසර 2017 වන විට ගව මස් පරිභෝජනය 62% කින් පහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 1961 වසරේදී කිලෝග්‍රෑම් 2.91 ක් වූ වාර්ෂික ඒක පුද්ගල ගව මස් පරිභෝජනය වසර 2017 වන විට කිලෝග්‍රෑම් 1.11 දක්වා පහළ ගොස් ඇත. 2017 වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 9.04 කි. කලාපයේ සෙසු රටවල් අතර ඒක පුද්ගල මස් පරිභෝජනය අතින් මියන්මාරය, තායිලන්තය ඉදිරියෙන් පසුවෙයි. (මූලාශ්‍ර: එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මාන්ත පිළිබඳ සංවිධානය, අවර් වර්ල්ඩ් ඉන් ඩේටා) ශ්‍රී ලංකාවේ මස් පරිභෝජනය ලොව අඩු ආදායම් ලබන රටවල වැසියන්ට තවමත් මස් සුඛෝපබෝගී ආහාරයකි. 2017 වසරේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 64,800 ක් වන නොර්වේ හි ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 67.46 කි. එම වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 11,669 ක් වන අතර ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 9.04 කි. ලොව මස් පරිභෝජනයේ නැඹුරුතා රටෙන් රටට වෙනස් වේ. සමාජීය, ආර්ථික සහ සංස්කෘතික කරුණු ද ඒ සඳහා විශාල වශයෙන් බලපායි. සාමාන්‍යයෙන් ලොව වැඩි වශයෙන්ම පරිභෝජනය කෙරෙන මස් වර්ග අතර ඌරු මස්, ලයිස්තුවේ ඉහළින්ම පසුවෙයි. 2013 වසරේදී ලොව එක් පුද්ගලයෙකු දල වශයෙන් ඌරු මස් කිලෝග්‍රෑම් 16 ක් පමණ පරිභෝජනය කර තිබිණි. උදාහරණයක් වශයෙන් චීනයේ ඌරු මස් පරිභෝජනය එරට සමස්ත මස් පරිභෝජනයෙන් 2/3 ක් පමණ වේ. 2017 වසර වන විට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම පරිභෝජනය කරනු ලැබුවේ කුකුළු මස්ය. හරක් මස් හා සැසඳීමේ දී කුකුළු මස් පරිභෝජනය හත් ගුණයකින් පමණ වැඩි අගයක් ගනු ලබයි. 1961 දී ශ්‍රී ලංකාව තුළ ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනයට වඩා හරක් මස් පරිභෝජනය ඉහළින් තිබී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම ගව ඝාතනය සිදුව ඇත්තේ (බලපත්‍ර හිමි ගව ඝාතකාගාර තුළ) පිළිවෙලින්: එකී දත්ත අනුව අඩු වශයෙන්ම ගව ඝාතන වාර්තා වී ඇත්තේ පිළිවෙලින්: 2019 වසරේදී ශ්‍රී ලංකාව පුරා ගවයින් 158,723 ක් මස් සඳහා ඝාතනය කර ඇති අතර 2006 සිට 2019 දක්වා කාලය තුළ ගවයින් වැඩි වශයෙන්ම ඝාතනය කර ඇත්තේ 2010 වසරේදීය. එම සංඛ්‍යාව 203,520 කි. හරක් මස් කෑම අනතුරුදායක ද? 2019 වසරේදී ශ්‍රී ලංකාව පුරා ගවයින් 158,723 ක් මස් සඳහා ඝාතනය කර ඇත ශ්‍රී ලංකාව තුළ කලින් කල ගව ඝාතනයේ සහ හරක් මස් කෑමේ ආදීනව පිළිබඳ සංවාද මතු වෙයි. වත්මන් ආණ්ඩුව ගව ඝාතනය තහනම් කරනු ලැබීම පිළිබඳ නිවේදනය කිරීමත් සමග වෘත්තීය සමිති නායකයෙකු වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය උපුටා දක්වමින් "හරක් මස් කෑමෙන් පිළිකා හැදෙන" බව සඳහන් පුවත් සමාජ ජාල ඔස්සේ සංසරණය විය. "අපේ රටේ ඉතිහාසයේ අපි ගව මස් කොයිම විදිහකටවත් කාලා නැහැ," යනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන ආකාරය එවැනි එක් වීඩියෝවක දැක්වේ. කෙසේ නමුත් පොදුවේ ගත් විට ලොව මස් පරිභෝජනය සහ ඒවායේ ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳ, පිළිගත් සෞඛ්‍ය ආයතන සහ සෞඛ්‍ය සේවා විසින් පළ කරනු ලැබ ඇති උපදෙස් සහ නිර්දේශ විශ්ලේෂණය කිරීමේදී, 'ගව මස් කෑමේ ආදීනව' යනුවෙන් විශේෂ සඳහනක් නොවුණ ද ගව මස් ද ඇතුළත් රතු මස් (Red meat) පමණට වඩා ආහාරයට ගැනීමේ අවදානම පිළිබඳ උපදෙස් දැකිය හැක. රතු මස් ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාර ප්‍රභවයක් වුවත් එම මස් වර්ග සහ සැකසූ මස් (Processed meat) පමණ ඉක්මවා ආහාරයට ගැනීම බඩවැල් පිළිකා ඇති වීමේ අනතුර ඉහළ නංවයි යනුවෙන් බ්‍රිතාන්‍ය නිදහස් සෞඛ්‍ය සේවය (NHS) පවසයි. එබැවින් දිනකට රතු මස් හෝ සැකසූ මස් ග්‍රෑම් 90 ඉක්මවා ආහාරයට ගනු ලබන පුද්ගලයන්ට ඉහත කී අවදානම අවම කර ගැනීම සඳහා එය ග්‍රෑම් 70 දක්වා අඩු කරන ලෙස එම සෞඛ්‍ය සේවය නිර්දේශ කරයි. සෞඛ්‍ය සම්පන්න අයුරින් ශරීර බර පවත්වා ගැනීම, ක්‍රියාශීලීත්වය සහ දුම්පානයෙන් බැහැර වීම ද අවදානම අඩු කරවන සෙසු සාධක වන බව එහි වැඩිදුරටත් දැක්වේ. රතු මස් සහ සැකසූ මස් යනු මොනවාද? ලොව අඩු ආදායම් රටවල වැසියන්ට තවමත් මස් සුඛෝපබෝගී ආහාරයකි. රතු මස් අතරට: රතු මස් නොවන මස් වර්ග අතරට: කල් තබා ගැනීම සඳහා සංරක්ෂණ ද්‍රව්‍ය අඩංගු වූ මස්, සැකසූ මස් ලෙස හැඳින්වේ. ඒ අතරට: ශ්‍රී ලංකාවේ තත්ත්වය "මස් අත්‍යවශ්‍යම නැහැ. ඒ ප්‍රෝටීන ප්‍රමාණය වෙන ආහාරවලිනුත් අපට ලබා ගන්න පුළුවන්" ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දෛනිකව පරිභෝජනය කරනු ලබන රතු මස් ප්‍රමාණය අනුව, අනතුර රඳා පවතින බවය. "අපි කන්නේ රතු මස් සුළු ප්‍රමාණයක් නම් එය අනතුරුදායක පැත්තකට යන්නේ නැහැ. නමුත් ග්‍රෑම් සීයකට වැඩිය ආහාරයට ගත්තොත්, එයත් නිතිපතාම සිදු කළොත්, විශේෂයෙන් කෙඳි සහිත ආහාර අඩුවෙන් ගත්තොත් සෞඛ්‍ය අවදානමක් මතු වීමේ අනතුර පවතිනවා." "මහ බඩවැලේ පිළිකා, පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා හැදෙන්න පුළුවන් ප්‍රවණතාව වැඩියි. එය සිදු වෙන්නේ අපි කන ප්‍රමාණය අනුව, කාපු කාල සීමාව අනුව, ඒ ආහාර සමග කෙඳි සහිත ආහාර නොගෙන සිටීම වැනි මේ සියලු කරුණු එකට බැඳී තිබෙනවා." යනුවෙන් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංගණනයන්ට අනුව ශ්‍රී ලංකාවේ රෝගීන්ගෙන් 70% ක ප්‍රතිශතයක් පීඩා විඳිනුයේ බෝ නොවන රෝගවලිනි ගව මස් ඇතුළු රතු මස්වලින් ලබා ගන්නා පෝෂණය වෙනත් ආදේශක ආහාරවලින් ද ලබා ගත හැකි බව ඇය පෙන්වා දෙයි. "මස් අත්‍යවශ්‍යම නැහැ. ඒ ප්‍රෝටීන ප්‍රමාණය වෙන ආහාරවලිනුත් අපට ලබා ගන්න පුළුවන්. මාළු, බිත්තර වැනි දේ ඒ සඳහා ආදේශක ලෙස යොදා ගන්න පුළුවන්. " "මස්වලින් ලබා ගන්න පෝෂක සංඝටක අනෙකුත් ආහාරවලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ආහාර වර්ග වර්ගීකරණය කර තිබුණත් ඒ අතරින් පුද්ගල කැමැත්ත අනුව තමයි ආහාරය තෝරා ගන්නේ. ආහාර කියන්නේ බලහත්කාරයෙන් කවන්න පුළුවන් දෙයක් නොවෙයි." නමුත් රතු මස් හා සැසඳීමේ දී සැකසූ ආහාරවල තිබෙන අනතුර ඉතාමත් වැඩි බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දෙයි. "සමස්තයක් විදිහට ලංකාවේ හරක් මස් පරිභෝජනය අවම මට්ටමක තිබෙන්නේ. සීමිත පිරිසක් තමයි හරක් මස් ආහාරයට ගන්නේ." "සැකසූ ආහාර කල් තබා ගැනීම සඳහා යොදා ඇති රසායනික ද්‍රව්‍ය, තෙල් ප්‍රමාණය ඉතා අධික වීම ඊට හේතු වෙනවා. ඒ ආහාරවලින් පිළිකාවලට ගොදුරු විය හැකි ප්‍රවණතාව ඉතාමත් වැඩියි. ඒ අතින් සැකසූ ආහාර සහ ස්වභාවික මස් සංසන්දනය කරන්නත් බැහැ," මේ ගැනත් කියවන්න:
ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල මස් පරිභෝජනය ඉහළ ගොස් ඇතත් ගව මස් පරිභෝජනය විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එමෙන්ම ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය පහළ යාම විශේෂත්වයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයා "මම දකින විදියට අපිත් හවුල්කාරයෝ වෙච්ච 2015 ජනවාරි අට වෙනිදා ජනමතය විසින් ගොඩනගපු ආණ්ඩුව විසින් අවුරුදු පහකට මේ අරාජිකත්වය ගෙනල්ලා තියෙනවා. ඒක එක මාසයකට හෝ යුගයකට ලඝු කරන්න බැහැ. ඒ ක්‍රියාවලිය මගින් අපි ආරම්භයේදී නොදැක්ක විශාල දේශපාලන රික්තයක් ගොඩනැගිල තියෙනවා," යයි කියා සිටියේය. එක් පැත්තකින් පාර්ලිමේන්තු බලයක් රහිත ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමත්, දෙවනුව ඒ පාර්ලිමේන්තු බලය ලබාගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටලුත් හේතුවෙන් එම රික්තය ඇතිවූ බව ශිරාල් ලක්තිලකගේ අදහස වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා එම අදහස් පළ කළේ, රහස් ඔත්තු අංශ විසින් බොහෝ අනතුරු අඟවා තිබියදීත්, පාස්කු ඉරිදා ප්‍රහාර වලක්වා ගැනීමට අපොහොසත් වූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත එල්ලවන චෝදනා පිළිබඳ බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිනි. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම තමාට දැනුම් දී නොතිබුණ බව ජනාධිපතිවරයා කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත. තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය මගින් තව ව්‍යවස්ථාමය අරාජිකත්වයක් නිර්මාණය කරලා තියෙනවා. සමස්ථයක් ලෙස 2015 ජනවාරි අට වෙනිදා වෙනසට උර දුන්න සියලුදෙනාට පිළිගන්න වෙනවා - මේ අප විසින් කරගන්නා ලද දේවල් ම බව," යනුවෙන් ද කියා සිටියේය. ඔක්තෝබර් බල අරගලය: පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ධූරයට පත් කළ නමුත් දින පනහකට (50) පසු යළිත් වරක් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු විය. කෙසේ නමුත් එවක් පටන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අගමැතිවරයා කැඳවා නොමැත. ඒ බව අගමැතිවරයා හෙළි කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවය. ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක කියා සිටියේ "අගමැතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට නොකැඳවීම ජනාධිපතිවරයාගේ අභිමතයක්" බවය. පාස්කු ඉරුදින ප්‍රහාර ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුනි 06) කරුණු දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එම ප්‍රහාරය සිදුවූ දින රාත්‍රියේ අගමැතිවරයා විසින් කැඳවන ලද ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගි නොවන ලෙස ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බව හෙළිකළේය. පූජිත් ජයසුන්දරගේ හෙළිදරව්ව: එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ඉන්පෙර කරුණු දැක්වූ දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර "පසුගිය වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්ථාන මාරු කර යවන මෙන් ජනාධිපතිවරයා දැනුම් දුන් නමුත් එය ඉටු නොකළ බැවින් තමාට ආරක්ෂක කවුන්සිල රැස්වීම් සඳහා කැඳවීමක් නොකළ" බව කියා සිටියේය. 2008 වසරේදී තරුණයින් එකොළොස් (11) දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ පරීක්ෂණ පවත්වනු ලබන්නේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසිනි. ඔහු මාරු කර යැවීමට සම්බන්ධ වූ බවට එල්ල වූ චෝදනාව ජනාධිපතිවරයා වරක් ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දුන් නීතිඥ ලක්තිලක, 19 වෙනි සංශෝධනය හඳුන්වාදීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට පවා "පොලිසියට ඇඟිලි ගැසිය නොහැකි බව" කියා සිටියේය. "අපි හිතමු - ඔබ කියපු පොලිස් නිලධාරියා ස්ථාන මාරු කරන්න උත්සහ කළා කියලා ඒක සිදුවුණේ නැහැ. ඒ තරමට පොලිස් කොමිසම මගින් පොලිසිය ආවරණය කරලා තියෙනවා. ඒ නිසා පොලිසියේ කටයුතු වලට ජනාධිපති අත දානවා කියන එක තාර්කිකව පිළිගන්න බැහැ." ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි. බ්‍රහස්පතින්දා (ජුනි 06) සහ අඟහරුවාදා (ජුනි 04) දිනවල පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ හෙළි වූ කරුණු ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත. 'ජනපති ඝාතන කුමන්ත්‍රණය' ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පාර්ලිමේන්තු කමිටුව හමුවේ අදහස් දක්වමින්,ජුනි 4 වෙනිදා තමා අත්අඩංගුවට ගන්නා විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ කණ්ඩායම මෙහෙය වූ පුද්ගලයා ලෙස සැකකෙරෙන හෂීම් සහරාන් ගැන වසර කිහිපයක සිට සෙවිල්ලෙන් සිටි බව සඳහන් කළේය. ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන පෙළේ පුද්ගලයින් කීප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් 2018 ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පසුගිය මැයි මාසයේ ඇප මත නිදහස් කෙරිණ. "තවමත් එම කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ පරීක්ෂණ සිදු කළ යුත්තේ රේඛීයව. එහෙම නැත්නම් ඊට සම්බන්ධ වෙච්ච සමාජ ආර්ථික තොරතුරු එකතු කරගෙන. අපරාධමය ස්වරූපයකින් මේ පරීක්ෂණ කළොත් ඒක සොයා ගන්න බැරි වෙනවා. මං හිතන්නේ නෑ පොලිස් දෙපාර්තමේන්තුවේ අවසාන වරට නාලක සිල්වා සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු වාර්තාවට පෙර වාර්තාව බැලුවොත් එම පරීක්ෂණයේ යම් කිසි දෙවරක් සිතා බැලිය යුතු කරුණු තියෙනවා. ඒක සහරන්ගේ ත්‍රස්තවාදී හෝ වෙනත් කටයුත්තකට බාධා වුනාද නැද්ද කියන එක අන්න ඒ අනුව හොයල බලන්න ඕන" ශිරාල් ලක්තිලක පැවසීය. නාලක සිල්වා නොමැති වුවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහරාන් ගැන පරීක්ෂණ ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පෙන්වා දෙයි. "ඔහුම එම ප්‍රශ්නයට උත්තර දුන්නා - මම නොහිටියට එම ආයතනය එය කළ යුතුව තිබුණාය කියන එක. ඉතින් ඒක මග ඇරුණේ කොහොමද කියන එක වෙනම ම සොයා බලන්න ඕන කාරණයක්" ආරක්ෂක මණ්ඩල රැස්වීම: ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීම් කැඳවීම් නිසියාකාරව සිදුවී නොමැති බව පාර්ලිමේන්තු කමිටුව හමුවේ හෙළිවූ තවත් කරුණකි. පාස්කු ඉරුදින ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මිය ගියහ. "මේ ජනාධිපතිවරයා යටතේ පමණක් නොවෙයි - ඊට කලින් ජනාධිපතිවරයා යටතේත්, ඊටත් කලින් ජනාධිපතිවරයා යටතේත් මේවා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ පදනම් ලියවිල්ලක් නොමැතිව. එතකොට අභිමතය පරිදි තමයි බොහෝ දේ සිදු වෙලා තියෙන්නේ. එතකොට ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් කරන්නේ කවදාද කියලා කොහෙවත් නීතියක් නැහැ. ඒ වගේම ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් අර සිසිර මෙන්ඩිස් ප්‍රධානත්වය දරන ආයතනයට නියෝග නිකුත් කරන්නේ කොහොමද? ඒ ආයතනය ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නියෝග නිකුත් කරන්නේ කොහොමද?කියන එක පිළිබඳව දැනට තිබෙන්නේ යම්කිසි අඳුරු ස්වරූපයක්. මේ පිළිබඳව එම කමිටුව විසින් පරීක්ෂා කරලා පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයන් විසින් මේ දැනුම ලබා දෙන එක හොඳයි " නීතිඥ ශිරාල් ලක්තිලක ඊට ප්‍රතිචාරය දක්වමින් සඳහන් කළේය. වගකීම: නීතිය හා සාමය මෙන්ම ආරක්ෂාව භාර අමාත්‍යවරයා ලෙස සහ රටේ සේනාධිනායකයා ලෙසත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාර වළකාගත නොහැකි වීමේ අවසාන වගකීම ජනාධිපතිවරයා සතු නොවේ දැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක පැවසුවේ, "වගකීම පිළිබඳ මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා - මේ වගකීම් බෙදා හැරෙන්නේ කොහොමද කියලා?" යනුවෙනි. "කිසිම ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂක ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. ඊට පස්සේ ඒ ආයතන ඒ පුද්ගලයන් අත මේ වගකීම බෙදා හැරීම් සිදුවෙනවා ඒ තොරතුරේ තියෙන ස්වභාවය අනුව. අන්න ඒක තාම සොයාගෙන නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.
2015 ජනවාරි 08 වෙනිදා යහපාලන ආණ්ඩුව පත්කර ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලන රික්තයක් ගොඩනැගුන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදු වී සති දෙකකට අඩු කාලයක් තුළ මෙම වාර්තාව ගැන තොරතුරු ඉදිරිපත් වී තිබේ බ්‍රිතාන්‍යයේ 'ට්රුරෝ' ප්‍රදේශයේ රදගුරු අති උතුම් පිලිප් මවුන්ස්ටීවන්ගේ නායකත්වයෙන් සිදු කෙරුණ අධීක්ෂණයක දී ඇස්තමේන්තු කර ඇත්තේ සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආගමික හිරිහැරවලට ලක්වන බවය. ඒ අතරින් වැඩිම හිරිහැරයට ලක්වන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් බව ද වාර්තාවේ දැක්වේ. "දේශපාලන නිරවද්‍යතාව" රඳවා ගැනීමට දරණ උත්සාහය හේතුවෙන් මෙතෙක් ඉහත කී තත්වය සම්බන්ධයෙන් අභියෝග එල්ල කර නොමැති බව විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසා ඇත. "ක්‍රිස්තියානි භක්තිකයන් සමූලඝාතනය කිරීමේ ක්‍රියාවලියක" ප්‍රතිඵලයක් ලෙසින්, ඇතැම් මැද පෙරදිග රටවලින් ඔවුන් "මකා දැමීමක් " සිදුවෙමින් පවතින බව මේ අතර අතුරු වාර්තාවක දැක්වෙයි. මෙතෙක් ලැබී තිබෙන දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ ක්‍රිස්තියානි ධර්මය ලෝකයේ සමහර රටවලින් "සම්පූර්ණයෙන්ම නැති වී යාමේ" අවදානමක් පවතින බවය. පලස්තීනය තුළ ක්‍රිස්තියානි භක්තිකයන් සිටින්නේ එරට ජනගහනයෙන් 1.5% කට අඩුවෙනි. 2003 වර්ෂයේ ඉරාකයෙන් ක්‍රිස්තියානි භක්තිකයන් ලක්ෂ පහළොවක් වාර්තා වුවත් මේ වන විට එය 120,000 ක් තරම් පහළ වැටී තිබේ. කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු "භූගෝලීය වශයෙන් ක්‍රිස්තියානි ආගමට එල්ලවන පීඩනය පමණක් නොව එල්ල වෙමින් පවතින හිරිහැරවල දරුණුකම ගැනත් සාක්ෂි තිබෙනවා," යැයි රදගුරු අති උතුම් පිලිප් මවුන්ස්ටීවන් සඳහන් කරයි. "සමූලඝාතනය යන්න එක්සත් ජාතීන්ගේ සංගමය විසින් නිර්වචනය කරනු ලැබ ඇති ආකාරයට ආසන්න මට්ටමක පීඩනයක් සමහර කලාපවල දැකගත හැකියි," යනුවෙන් කිතුනු ආගමික නායකයා වැඩිදුරටත් පවසයි. 2018 වසරේ පාකිස්තානයේ ක්‍රිස්තියානි කාන්තාවක් ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ඇයට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය කෙරෙහිද අවධානය යොමු කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ඉල්ලා සිටියි. පුද්ගලයන් 250කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින් තවත් පන්සිය දෙනෙකුට පමණ තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ එල්ල කෙරුණ ප්‍රහාරයෙන් පසුව ඉහත කී වාර්තාව සැකසීමට අදාළ අධීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත. ක්‍රිස්තියානි භක්තිකයන්ට සිදුවන හිරිහැර හමුවේ ලොව වටා රටවල ආණ්ඩු "නිද්‍රාශීලී" පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි තමන් සිතන බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පවසයි. "නමුත් ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර සහ මේ වාර්තාව මගින් හැමෝම දැඩි කම්පනයකට පත් කර අවදි කර තිබෙනවා," ඔහු පෙන්වා දෙයි. පාකිස්තානයේ දී මුස්ලිම් ආගමට අපහාස කළා යැයි ආසියා බීබීට මරණ තර්ජන එල්ල වීය "ඒ වගේම මම හිතනවා - යටත්විජිත සමයේ අපි යටත්විජිතවාදීන් ලෙස අල්ලා ගත් රටවල් ගැන කතා නොකර, ඒවාට රැගෙන ගිය ආගම ගැන කතා කිරීම නිසා යටත්විජිතවාදියකු ලෙස හැඳින්වීමේ වැරදි ආකල්පයක් තිබෙන බව," යැයි විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 'දේශපාලන නිරවද්‍යතාව' "මේ ප්‍රශ්නය ගැන කතා කරන විට නිරන්තරයෙන් යම් නුහුරු බවක් ඉස්මතු වෙනවා. මිෂනාරි ක්‍රියාකාරකම් මතභේදාත්මකයි. සමහර පුද්ගලයන් මේ මාතෘකාව ගැන කතා කිරීම මග හැරීමට එය හේතුවක් බව, මම හිතනවා." ඔහු සඳහන් කරයි. "දේශපාලන නිරවද්‍යතාව පවත්වා ගැනීම තුළ අපට අමතක වී ගිය දෙයක් තමයි, වධහිංසාවලට මුහුණ දෙන මේ ක්‍රිස්තියානි භක්තිකයන් ලෝකයේ සිටින දුප්පත්ම ජන කොටසක් බව." ඉදිරි මාස කීපය තුළ සිදු කිරීමට නියමිත අවසාන අධීක්ෂණ කටයුතුවලින් පසු අදාළ සම්පූර්ණ වාර්තාව එළිදැක්වීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න:
ලොව පුරා වෙසෙන ක්‍රිස්තියානි භක්තිකයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල කෙරෙන හිරිහැර මගින් ඔවුන් "සමූලඝාතනය" කෙරෙන තරම් අවදානම් සහගත තත්වයක් පවතින බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජෙරමි හන්ට්ගේ නියෝගයක් අනුව සැකසුණ වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'2030 දැක්ම' මූල්‍ය පදනමට අනුව සෞදි අරාබියේ බටහිර වෙරළ තීරයේ කිලෝමීටර 200 සීමාවක් ආවරණය වන පරිදි ඉහත කී සංචාරක නිකේතන ඉදිකිරීමට නියමිතය ඉහත කී ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ තෙල් මිල පහළ යාමත් සමග සෞදි ආර්ථිකය වෙනත් ක්ෂේත්‍ර වෙත ද යොමු කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි. එම සංචාරක නිකේතන ඉදි වන්නේ විදේශීය සහ දේශීය සංචාරකයන් ද ඉලක්ක කර ගනිමිනි. සංචාරක කලාපය තුළ දී සංචාරක වීසා බලපත්‍ර සම්බන්ධයෙන් පවතින සීමා ලිහිල් කිරීමට ද නියමිතය. කෙසේ නමුත් ගතානුගතික මුස්ලිම් රාජ්‍යයක් වන සෞදි අරාබියේ ඇඳුම් පැළඳුම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් පවතින සීමා ඉහත කී සංචාරක කලාපය තුළ දී ලිහිල් වනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත. මත්පැන්, සිනමා ශාලා සහ නාට්‍ය ශාලා සෞදි අරාබිය තුළ තහනම්ය. සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන 'අබායා' ඇඟලීම සෞදි අරාබිය තුළ දී කාන්තාවන්ට අනිවාර්ය වේ.මුස්ලිම් භක්තික කාන්තාවක් නම් හිස ආවරණය කර ගත යුතුය. සෞදිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් අතර ඥාතීන් නොවන පුරුෂයන්ගෙන් ඔවුන් වෙන්ව තැබේ. එමෙන්ම අධ්‍යාපනය හැදෑරීමට හෝ විදෙස් ගත වීමේදී බොහෝ විට කාන්තාවන්ට පුරුෂ භාරකරුවෙකුගේ අනුමැතිය ලබා ගත යුතුය. සංචාරක කර්මාන්තය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති 'මදේන් සලේහ්' පෞරාණික නටඹුන් නැරඹීම සඳහා සංචාරකයන්ට අවස්ථාව හිමි වේ සංචාරක කලාපයේ ඉදිකිරීම් කටයුතු අරම්භවීමට නියමිතව ඇත්තේ 2019 වසරේදීය. එහි පළමු පියවර වශයෙන් අලුත් ගුවන් තොටුපලක් මෙන්ම සුඛෝපභෝගී සංචාරක හෝටල් සහ නිවාස ඉදිකිරීමට නියමිත අතර ඒවායේ වැඩකටයුතු 2022 වසරේ සම්පූර්ණ කිරීමට නියමිතය. රැකියා සඳහා මෙන්ම මක්කම හජ්ජි වන්දනා සඳහා ද විදේශිකයන් දසලක්ෂ ගණනක් සෞදි අරාබිය වෙත පැමිණෙති. තෙල් මිල පහත වැටීමත් සමග සෞදි අරාබියේ නව ආර්ථික සහ සමාජීය දැක්මේ ප්‍රමුඛස්ථානයක් සංචාරක කර්මාන්තයට හිමිව තිබේ. සංචාරක කලාපය ඉදිවන්නේ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරෙන '2030 දැක්ම' ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි. '2030 දැක්ම' මූල්‍ය පදනමට අනුව සෞදි අරාබියේ බටහිර වෙරළ තීරයේ කිලෝමීටර 200 සීමාවක් ආවරණය වන පරිදි ඉහත කී සංචාරක නිකේතන ඉදිකිරීමට නියමිතය. සංරක්ෂිත කොරල් පර, අක්‍රිය ගිනි කඳු සහ දුර්ලභ ගණයේ දිවියන් සහ උකුස්සන් වෙසෙන ස්වාභාවික වනජීවී කලාප සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා ස්ථාන අතර වේ. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති 'මදේන් සලේහ්' පෞරාණික නටඹුන් නැරඹීම සඳහා සංචාරකයන්ට අවස්ථාව හිමි වන අතර පැරෂුට් ගුවන් ගමන් සහ කඳු නැගීමේ ක්‍රීඩාවල නිරතවීමට ද ඔවුන්ට අවස්ථාව සැලසෙනු ඇත.
රතු මුහුදේ පිහිටි දූපත් සහ වෙනත් ස්ථාන පනහක් සුඛෝපභෝගී සංචාරක නිවාඩු නිකේතන බවට පත් කිරීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් සෞදි අරාබි රජය විසින් දියත් කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තංගල්ල අධ්‍යාපන කොට්ඨාශයේ අඟුණකොලපැලැස්ස පහලගම කනිෂ්ඨ විද්‍යාලය එවැනි අඩු පහසුකම් සහිත එක පාසලක් පමණි. අඟුණකොලපැලැස්ස පහලගම කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සිසු සිසුවියන්ට ඉගනුම සඳහා ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැති බවයි එහි ගිය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසන්නේ. ඔහු පවසන හැටියට එම පාසලේ සාමාන්‍ය පෙළ කඩයිමට සුදානම් වන දරුවන්ට ඉගනීමට සිදුව ඇත්තේ ටකරන් මඩුවකයි. විද්‍යා විෂය ඉගැන්වීම සඳහා නිසි පහසුකම්වලින් යුත් විද්‍යාගාරයක්ද පහලගම කනිෂ්ඨ විද්‍යාලයේ නොමැත. පාසලේ තූර්යවාදක කණ්ඩායමක් සිටියත් ඔවුන්ට වාද්‍ය භාණ්ඩ නොමැත. සිසු දරුවන් විසින් භාවිත කරනු ලබන්නේ ඉවත ලන ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ඔවුන් විසින්ම සකසා ගනු ලැබූ තූර්ය වාදක භාණ්ඩයි. පහලගම පාසලේ ශිෂ්‍යයන් බෙර (ඩ්‍රම්ස්) වාදනය කරන්නේඋණ බම්බු වලින් තනා ගත් බෙර වලින්. තාලම් පට හඬ නගන්නේ ආප්ප තාච්චි පියන්වලින්. තූර්ය වාදනයේ දී අඳින පාසල් නිල ඇඳුමකින් සැරසී සැබෑ තූර්ය වාදක භාණ්ඩයක් අතැතිව පාසල නියෝජනය කිරීම මේ පුංචි දරුවන්ගේ එක් අහිංසක බලාපොරොත්තුවක්. පහලගම කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගෙන් සියයට සියයක් තරම් පහේ ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාගය සමත් වන බවයි පාසලේ විදුහල් පති එල් .ඒ ගාමිණි සේනාරත්න පවසන්නේ.
ශ්‍රී ලංකාවේ පහසුකම් අතින් අඩුවක් නොමැති ජනප්‍රිය නම් දරන පාසල්වල අධ්‍යාපන බාහිර ක්‍රියාකාරකම් සහ වෙනත් යටිතළ පහසුකම්වලින් අඩුවක් නැතත් නගරයෙන් ඔබ්බට වන්නට දුෂ්කර පළාත්වල පිහිටි බොහොමයක් පාසල්වල දරුවන්ට එවැනි පහසුකම් යටතේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් නොමැති බවයි ගුරු දෙගුරු සංවිධාන පෙන්වා දෙන්නේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හයේ පහර දාහතරක් සහ හතරේ පහර හයක් කොරී ඇන්ඩර්සන්ගේ ඉනිමට ඇතුලත් ක්වීන්ස්ටවුන් හිදී බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවැත්වුන තරඟයේදී පන්දු තිස් හයකින් ශතකයක් රැස් කරමිනුයි ඔහු එම වාර්තාව බිහි කළේ. මීට කලින් එම වාර්තාව පිහිටුවා තිබුනේ පන්දු තිස් හතකින් ශතකය රැස් කළ පකිස්තාන කණ්ඩායමේ ෂහීඩ් අෆ්රිඩි විසින්. ඒ 1996 දී. නවසීලන්ත ඉනිම අවසාන වන විට කොරී ඇන්ඩර්සන් නොදැවී ලකුණු 131 ක් රැස් කර ගෙන සිටියේය. හයේ පහර දාහතරක් සහ හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුලත්.
එක් දින ජාත්‍යන්තර තරඟයකදී වේගවත්ම ශතකය වාර්තා කරමින් නවසීලන්ත කණ්ඩායමේ කොරී ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් බිහි කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ප්‍රකාශ කළේ තමන් නිවැරදි කරුවන් බවයි අදාළ සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔවුන් නිදහස් කරන මෙන් ඔවුන්ගේ නීතිවේදීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි. එහෙත් රජයේ නීතිවේදියා ප්‍රකාශ කර තිබුණේ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි. ඒ අනුව නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ඉවත දැමු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන්ට මිනි මැරීම සහ ඊට ආධාර අනුබල දීම, නීතිවිරෝධී රැස්වීම යන චෝදනා ඉදිරිපත් කරමින් ඒවා කියවා දීමටද නියම කළේය. චෝදනා කියවා දුන් පසු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ප්‍රකාශ කලේ තමන් නිවැරදි කරුවන් බවයි. ඒ අනුව නඩු විභාගය මැයි මස 02 වනදාට කල් දැමු අධිකරණය එදිනට සැකරුවන්ට අදාළ ව පවතින සාක්ෂි පිලිබඳ තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට අදාළ චෝදනා කියවා දුන් අධිකරණය ඔවුන් මුදාහැරිම ප්‍රතික්ෂේප කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
''රජයක් වශයෙන් ජනාධිපතිතුමා හෝ අපි කවුරු හෝ බෙර ගහලා ඒ ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. බුදු සසුන ආරක්ෂා කරන්නේ ක්‍රියාවෙන්, වචනයෙන් නොවෙයි,'' බුදු සසුන ආරක්ෂා කිරීම සඳහා පවතින වගන්තිය නව ව්‍යවස්ථා මගින්ද සහතික කිරීමට සියලුම පක්ෂය එකඟතාව පළ කොට ඇති බව අගමැතිවරයා කියා සිටියේ කොලොන්නාව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි. "බුදු සසුනට ව්‍යවස්ථාව තුළ තිබෙන වගන්තිය එලෙසම පවත්වා ගෙන යාමට දෙමළ සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු ම පක්ෂ සිය එකඟතාවය පළ කර තිබෙනවා. මීට අමතරව හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයන් ද ඒ සඳහා එකඟ වෙලා තිබෙනවා," ඔහු පැවසීය. දැනට බුදු දහමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉවත්කිරීමට සැරසෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කොටස් සහ දැඩි මතධාරී බෞද්ධ සංවිධාන චෝදනා කරති. වත්මන් ආණ්ඩුව බුදු සසුන ආරක්ෂා කරන්නේ වචනයෙන් නොව ක්‍රියාවෙන් බවත් අගමැතිවරයා සඳහන් කළේය. "රජයක් වශයෙන් ජනාධිපතිතුමා හෝ අපි කවුරු හෝ බෙර ගහලා ඒ ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. බුදු සසුන ආරක්ෂා කරන්නේ ක්‍රියාවෙන්, වචනයෙන් නොවෙයි." "බුදු සසුන ආරක්ෂා කිරීමට රජයක් වශයෙන් අපි සියලුම පියවර අරගෙන තිබෙනවා. සමහරුන් බුදු දහම ආරක්ෂා කරන්නේ වචනයෙන් නමුත් ක්‍රියාවෙන් බුදු දහම නැති කරන්න දක්ෂයෝ,' අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට ලබා දී තිබෙන ප්‍රමුඛත්වය එලෙසින්ම පවත්වා ගෙන යාමට දේශපාලන පක්ෂ පමණක් නොව සියලු ආගමික නායකයන්ද එකඟ වී ඇති බැවින් ඒ පිළිබඳ ගැට‍ළුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මිය ගිය කැරළිකරුවෙකු වෙනුවෙන් හඬා වැළපෙන කාන්තාවක් විරෝධතාකරුවන්ගේ ගල් ප්‍රහාර හමුවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් සිවිල් වැසියන් හතර දෙනෙකු මිය ගොස් ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි. මෑත යුගයේ ඉන්දීය පාලිත කාශ්මීරයේදී දිනක් ඇතුළත් මියගිය විශාලම පිරිස මෙය බව කාශ්මීර බලධාරීහු පවසති. කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර දශක ගණනාවක් මුළුල්ලේ දැඩි මතභේද පවතින අතර, එය පදනම් කරගෙන දෙපාර්ශවය අතර වරින්වර ගැටුම් ද හටගත්තේය. සිවිල් වැසියන්ට අමතරව ඉන්දීය හමුදා භටයන් තිදෙනෙකු සහ කැරළිකරුවන් යැයි සැක කරන දහතුන් දෙදෙනකුත් ඉරිදා සිදු වූ ගැටුමේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය පාලිත කාශ්මීරයේ සිවිල් වැසියන්ගෙන් බොහෝ දෙනෙක් කාශ්මීරයේ නිදහස වෙනුවෙන් සටන් වදින හෝ පාකිස්තානයට පක්ෂපාතී කැරළිකරුවන්ට සහාය පළ කරති. මුර සංචාරයේ යෙදී සිටින ඉන්දියානු හමුදා භටයන් මේ තොරතුරු ද දැනගන්න:
ඉන්දීය පාලිත කාශ්මීරයේ කැරළිකරුවන් සහ ආණ්ඩුවේ හමුදා අතර හටගත් දරුණු ගැටුම්වලදී විසි දෙනෙකුවත් මිය ගොස් හැත්තෑ දෙනෙක් පමණ තුවාල ලැබූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමගි ජන බලවේගය ඊට දැඩි විරෝධය පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ "අද දිනය ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු දිනයක්" බවය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලු පටි පැළඳ, සභා ගැබ මැදට පැමිණ ''20 එපා'' කියද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද සභා ගැබ මැදට පැමිණ ''19 එපා'' කියමින් විරෝධය පළ කළහ. මේ ගැනත් කියවන්න:
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අඟහරුවාදා (සැප්තැම්බර් 22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කොප් කමිටුවේ උපදෙස් මත විගණකාධිපති විසින් ඉහත කී වාර්තාව සකස් කරනු ලැබූ බවත් එහි වූ නිගමන සහ නිර්දේශ කවරක්දැයි යන්න ප්‍රකාශ කිරීමට තමාට බලයක් නොමැති බවත් කොප් කමිටු සභාපතිවරයා කියා සිටියේය. 'බැඳුම්කර ගනුදෙනුවට අදාළව තිබෙන ලේඛන සියල්ලම වගේ වාර්තාවට ඇතුල් කොට තිබෙනවා. සාක්ෂි සටහන් එහි අඩංගු කොට තිබෙනවා. ඒ තුළ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ රහසිගත, සංවේදී ලේඛන තිබෙන නිසා එය කථානායකවරයාට භාර දී තිබෙනවා' ඔහු සංදේශයට වැඩිදුරටත් සඳහන් කළේය.
2015 පෙබරවාරි මස සිට 2016 මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වාර්තාව කථානායකවරයා වෙත භාර දුන් බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කොප් කමිටුව) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇතැම් රටවල වවුලන් තෝරා මරා දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. වවුලන් පුනරුත්තාපනය කර වනයට මුදා හරින 'Bats Qld' නමැති ඔස්ට්‍රේලියානු සත්ව ශුබ සාධන ආයතනය (චැරිටි) පවසන්නේ මෙම ක්ෂරපායි සත්ව විශේෂය අපගේ පරිසර පද්ධතියේ පැවැත්මට අතිශය වැදගත් වන බවය. වර්තමානයේ පවතින වසංගතයට ඔවුන්ට දොස් පැවරීම වැරදි සහගත බවත් එම ආයතනය පෙන්වා දෙයි. සබැඳි යොමු:
කෝවිඩ්-19 මූලාරම්භය සොයා ගැනීමට විද්‍යාඥයන් උත්සහ දරන අතරේ වවුලන් මගින් කොරෝනා වෛරසය පැතිර ගොස් ඇතැයි බිය පළ වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නමුත් එසේ නොකර ජනමාධ්‍ය හරහා තමාටත් තම පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව “ද්වේශ සහගත ලෙස මඩ ගසන ” බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ. ඉකුත් ජනාධිපතිවරණයට පෙරත් ඊට පසුත් “පෙර කිසිදාක නොවූ විරූ අවලාද ව්‍යාපාරයක්” ගෙන යමින් මහජනතාව නොමග යැවීම සඳහා මඩ ව්‍යාපාර ගෙන යන බව හිටපු ජනපති නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. ජනාධිපතිවරණය පැවති දිනට පසු හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.
යම් අයකුට එරෙහිව දූෂණ හෝ විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිගත් ක්‍රියාමාර්ග ඇති බව හිටපු ජනාධිපතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට කිසිදු ජන්ද ප්‍රචාරක කටයුත්තක නියැලීම නීති විරෝධීයි ඡන්ද විමසීම්වලට අදාළව දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති සහ පොරොන්දු පිළිබඳව, ඡන්දදායකයාට මධ්‍යස්ථව සලකා බැලීමට හැකිවන පරිදි, සෑම මැතිවරණයකට පෙර පැය 48කට නිහඬ කාලසීමාවක් නියම කර තිබේ. 2018 පළාත් පාළන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (පෙබ.7) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වූ අතර, එතැන් සිට ඡන්ද ප්‍රකාශය අවසන් වනතෙක් කිසිදු ඡන්ද ප්‍රචාරක කටයුත්තක නියැලීම නීති විරෝධී වේ. මෙම කාලසීමාව තුළදී, මැතිවරණයට අදාළ සාකච්ඡා, වාද විවාද, ප්‍රචාරක දැන්වීම් ආදිය ප්‍රදර්ශනය කිරීමෙන් හෝ පළ කිරීමෙන් මාධ්‍ය ආයතන වැළකී සිටියයුතු අතර, ඊයේ දින පැවැත්වූ අවසන් රැළිවල තොරතුරු පමණක් අද (8) දිනයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ විකාශය කිරීමට විද්‍යුත් මාධ්‍යයන්ට අවසර ලබාදී තිබේ. ඒ හැර, සියලු ආකාරයේ දේශපාලන කාරණා පළකිරීමෙන් මාධ්‍ය වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි. ඡන්ද නීති රකින්න සමාජ ජාල පරිහරණය කරන පුරවැසියන් ද, මෙම නිහඬ කාල සිමාවේ සමාජ මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනයට හෝ අගතියට පත්කිරීමේ කාරණා පළකිරීමෙන් වලකින ලෙස, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඉල්ලා සිටියේය. සමාජ ජාල මාධ්‍ය තුළ තවමත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පළවෙමින් තිබෙන අතර ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන්ද ඒ අතර සිටීම විශේෂත්වයකි. මෙම නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යම් පුද්ගලයෙක් නියැලී සිටියහොත්, එම පුද්ගලයන් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. අත්පත්‍රිකා, ‍පෝස්ටර් ආදිය බෙදාහැරීම සහ ප්‍රදර්ශනය කිරීම ද තහනම් බව පොලීසිය පවසයි. පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65753ක් අද දින සිට රාජකාරි ආරම්භ කරන අතර ඡන්ද මධ්‍යස්ථාන 13420 කට එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 26840ක් අනුයුක්ත කර තිබේ. මේ අතර අද විශේෂ නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමිසම, ඡන්ද විමසීම් රාජකාරී සඳහා නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීය. ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන සියලුම නිලධාරීන්, සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍ය බව පවසන මැතිවරණ කොමිසම, ඡන්ද විමසීම් රාජකාරී සඳහා යොදා ගැනීමට නියමිත රජයේ ආයතන සතු වාහන නියමිත පරිදි ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරී වෙත වාර්තා කරන බවට වගබලා ගැනීමට අදාළ ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන වගකීම පැහැර හැරිය නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි. මෙම විධාන උල්ලංඝනය කිරීම, රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වීමට හේතුවන වරදක් බව මැතිවරණ කොමිසමේ නිවේදනයේ සඳහන්වේ. වෙනත් පුවත්:
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිහඬ කාලසීමාව වන පෙබරවාරි 8 (අද) දින සිට පෙබරවාරි 10 වෙනිදා ඡන්ද විමසීම අවසන්වන තෙක් සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනයට හෝ අගතියට පත්කිරීමේ කරුණු පළනොකරන ලෙස, මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් ඒ බව කියා සිටියේ ඌව පළාතේ සේවය කරන සංගමයේ සාමාජිකයන් සඳුදා (නොවැ.28) සිය පෞද්ගලික වෛද්‍ය සේවාවන් වර්ජනය කිරීම පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දක්වමිනි. අය වැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, දෙවැනි රැකියාව සඳහා පනවන බද්ද විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සේවයේ සුවිශේෂ දීමනා වෙනුවෙන් බද්දක් අය කිරීම ඇතුළු කරුණුවලට සිය සංගමය දැඩි විරෝධය පළ කරන බව වෛද්‍ය හේරත් සඳහන් කළේය. විශේෂයෙන්ම ඌව පළාතේ පෞද්ගලික සායන වර්ජනය කරනු ලැබුවේ, රජයේ රෝහල් පමණක් වර්ජනය කරන බවට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන විවේචනවලට ප්‍රතිචාරයක් වශයෙන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ හැරුණු කොට රට පුරා රෝහල් 18 ක් ඉදිරිපස විරෝධතා ව්‍යාපාර දියත් කළ බව සඳහන් කළ සංගමයේ සංස්කාරකවරයා, එම විරෝධතාවලින් ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් රට පුරාම වෛද්‍ය වර්ජනයක් දියත් කිරීම සංගමයේ මීළඟ පියවර බවත් සඳහන් කළේය.
ලබන වසරේ අය වැය යෝජනාවල අඩංගු රාජ්‍ය සේවයට සහ සෞඛ්‍ය සේවයට හානිකර යෝජනා ඉවත් නොකරන්නේ නම් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට පවා නොපැකිලෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.