instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පරිසර ගවේෂක ආයතනය නම් සංවිධානය පෙන්වා දෙන්නේ, දහසය දහසක් ඩොල්පින් සහ කුඩා තල්මසුන් දඩයමට ජපානයට දී ඇති වාර්ෂික කෝටාව එම ජීවීන්ගේ සංඛ්‍යා සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිතක්සේරුවක් පදනම් කර ගනිමින් නිර්මාණය කෙරෙන්නක් වන බවයි. ඩොල්පින් සහ කුඩා තල්මසුන් දඩයමට ජපානයට හිමි වෙන වාර්ෂික කෝටාව තීන්දු කරනු ලබන්නේ අවුරුදු විස්සක් තරම් පැරණි දත්ත තොරතුරු පදනම් කර ගෙන බවත් එම සංවිධානය පෙන්වා දෙයි. ජපන් මුහුදේ ඩොල්පින් සහ තල්මසුන්ගේ සංඛ්‍යාව මහා පරිමාණයෙන් අඩු වී ඇති බවත් පරිසර ගවේෂක ආයතනය පවසයි.
ජපන් මුහුදේ ඩොල්පින් දඩයම පරිසරයට අන්තරායකාරී තත්වයකට පත්ව ඇති අතර එය එම කලාපයේ ඇතැම් ජීවීන් වර්ග විනාශ වීමට හේතුවක් වී ඇතැයි පරිසර සංවිධානයක් පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුළු ආදායමෙන් දළ වශයෙන් 85% ක් බදු මාර්ගයෙන් ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර 11.2% ක් බදු නොවන ආදායම් ස්වරූපයෙන් ද ඉතිරිය ප්‍රදාන ස්වරූපයෙන් ද ලබා ගැනීමට මෙවර අයවැයෙන් අපේක්ෂා කර තිබේ. අදායම් බදු අයකිරීමෙන් සියයට 14.5 ක වර්ධනයක් අපේක්ෂාකරන අතර එමගින් රුපියල් බිලියන 371 ක් අපේක්ෂා කර ඇත. භාණ්ඩ හා සේවා මත බදු අදායම සියයට 30.4ක වර්ධනයක් තුළින් රුපියල් බිලියන 823ක් ද විදේශ වෙළෙඳාම මත බදු සියයට 29.5ක් වර්ධනයක් තුළින් රුපියල් බිලියන 530ක්ද අපේක්ෂා කරයි. කෙසේවෙතත්, ආයතනික බදු අනුපාතවල පහත වැටීම සහ පරිභෝජනය මන්දගාමී වීම සැලකිල්ලට ගෙන මෙම ආදායම් ඉලක්කය සපුරා ගැනීම අභියෝගාත්මක වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති. 2021 දී රජයේ වියදම 25.9% කින් එනම් රුපියල් බිලියන 3,594 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනුයේ 2020 දී පදනම පහත් තත්ත්වයක (low base) තිබීම හේතුවෙන් යැයි විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. වැටුප් හා වේතන, පොලී, සහනාධාර සහ මාරුවීම් සහ වෙනත් භාණ්ඩ හා සේවා ඇතුළත් පුනරාවර්තන වියදම් සමස්ත වියදමෙන් 70.5% ක ප්‍රමාණයක් බවට පෙන්නුම් කරයි. අයවැය හිඟය 23.6% කින් එනම් රුපියල් බිලියන1,565 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයට හේතුව ආදායමට සාපේක්ෂව වියදම් වැඩිවීම නිසා 2021 දී අයවැය හිඟය පුළුල් වීමය. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, 2020 සඳහා ඇස්තමේන්තු කර ඇති 7.9% ට සාපේක්ෂව 8.9% දක්වා පුළුල් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. අගමැතිවරයා අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ ගෝලීය කොරෝනා වසංගතයෙන් බැට කෑ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම සහිතව ආයෝජන අවස්ථා වැඩි කරමින් රටේ අදායම වැඩිකරන අයවැයක් ඉදිරිපත් කරන බවය. මෙවර අයවැය කෘෂි කර්මාන්තය සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ද දේශීය කර්මාන්ත සඳහා යම්කිසි ආරක්ෂාවක් ද සැලසීමට අපේක්ෂා කෙරුණු අයවැයක් ලෙස ඇතැම් ආර්ථික විශේෂඥයෝ හැඳින්වූහ. "මෙම අයවැයෙන් සහන ලබාදීලා තියෙන්නේ කෘෂි කර්මාන්තයට අදාළව තමයි, දේශීය කිරි කර්මාන්තයටත් වැඩි අවධානයක් දීල තියෙනවා. කෘෂි කර්මාන්තය ආශ්‍රිතව කරනු ලබන ආයෝජන සඳහා බදු සහන දීල තියෙනවා," යනුවෙන් ෆිර්ස්ට් කැපිටල් හි ආයෝජන පිළිබඳ පර්යේෂණ ප්‍රධානී ඩිමන්ත මැතිව් බීබීසී සිංහල සේවය සමග පැවසීය. ෆර්ස්ට් කැපිටල් හි ආයෝජන පිළිබඳ පර්යේෂණ ප්‍රධානී ඩිමන්ත මැතිව් "ප්‍රාග්ධන වියදම් වැඩියෙන්ම යොමුකරලා තියෙන්නේ මහාමාර්ග සඳහා ඒකත් ග්‍රාමීය මාර්ග වලට විශේෂ අවධානයක් යොමුවෙනවා. ඉදිකිරීම් අංශය, අධිවේගී මාර්ග, මහාමාර්ග සහ ග්‍රාමීය මාර්ග සඳහාත් මුදලක් වෙන්කරලා තියෙනවා." ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී ණය සහන පැකේජයක්, බදු සහන පැකේජයක් දී තිබියදීත් පොලි අනුපාත තනි ඉලක්කමට ගෙනෙමින්, 160,000 කට රජයේ රක්ෂා දී අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළදී මෙම අයවැය ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. "1977 න් පස්සේ පළමුවෙනි වතාවට ආනයන තහනම් කරලා මේ රටේ ලක්ෂ ගණන් මහපොළොවේ හැපෙන මිනිසුන්ගේ පැත්තේ හිටගත්ත එකම ආණ්ඩුව බවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පත් වුණා," යනුවෙන් ඔහු පැවසීය. "කෘෂිකාර්මික අංශය සම්පුර්ණයෙන් බද්දෙන් නිදහස් කර තියෙනවා, අපනයන බදු නිදහස් කරලා තියෙනවා." "රට ඇතුලේ සියළු දෙනාට වැඩකරන්න අලුතෙන් එකතුවෙන්න කියන අවස්ථාව යටතේ උපයපු ආකාරය හෙළිදරව් නොකළ මොනවා හරි මුදලක් කාගේ හරි ළඟ තියෙනවානම් ඒ සියලු මුදල් දිවුරුම් ප්‍රකාශයක් මහින් රටට ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරලා මේ තියෙන ඕනෑම සංවර්ධන යෝජනා ක්‍රමයක් රජයේ ඉඩම් දෙන්නම් අරගෙන වවන්න, කර්මාන්ත පටන් ගන්න ව්‍යාපාර පටන් ගන්න ආයෝජනය කරන්න සියයට එකක නාමික බද්දක් විතරයි අය කරන්නේ, ලක්ෂ සියයක් තියෙනවානම් ඉපයූ ආකාරය හෙළිදරව් කළ නොහැකි ලක්ෂයක් විතරයි රජයට ගන්නේ 99 ලක්ෂයක් අලුත් බදු ලිපිගොනුවක් යටතේ අලුතෙන් මිනිසුන්ට ඉපදෙන්න අවස්ථාව දීපු ලංකාවේ ප්‍රධානතම අයවැය ලේඛනය තමයි මේ අයවැය ලේඛනය," යනුවෙන් ඔහු පැවසීය. 2021 අයවැය නිල වශයෙන් මුදල් විශුද්ධිකරණය අනුමත කරන්නේ විදේශයන්හි සඟවා ඇති සැඟවුණු අරමුදල් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් විමසීමකින් තොරව දේශීයව ආයෝජනය කිරීමට මෙයින් ආරාධනා කෙරෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටී. වසර ගණනාවක් පුරා මුදල් අමාත්‍යංශය වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිටින මුරකරු වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) 'අළු ලැයිස්තුවට' ශ්‍රී ලංකාව ආපසු යා යුතුද? යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාව 2019 ඔක්තෝම්බර් මාසයේදී, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් පවත්වාගෙන යනු ලබන 'අළු ලේඛනය' ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කෙරිණි. විපක්ෂය චෝදනා කරන්නේ මෙම අයවැය තුළ, රට ඉදිරියට ගෙනයාමට හෝ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට කිසිදු විසදුමක් නොමැති බවකි. "අද තියෙන ප්‍රධානම අර්බුදය මොකක්ද? කෙටිකලීන ගැටලුව තමයි කොවිඩ් වසංගතය නිසා ඇතිවෙලා තියෙන ආර්ථික කඩා වැටීම. මම අලුතෙන් කියන්න ඕන නෑනේ ආයතන වහල, රැකියා අහිමි වෙලා පඩි කපල මිනිස්සු පාරට වැටිලා," යනුවෙන් හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා බදාදා (නොවැ. 18) පාර්ලිමේන්තුවට පැවසීය. "මිනිස්සු දුක්විඳිනවා මහා පාරේ, ගිහිල්ල බලන්න පුළුවන් මෙතන ඉන්න රජයේ කටිටියට ජනතාව දුක්විඳින්නේ නැද්ද කියල. මෙම අවස්ථාවේදී ජනතාව බලාපොරොත්තු වුයේ සහනයක්, ඔවුන්ට අත්වැලක්, එහෙත් මෙම අයවැයෙන් කිසිදු ආර්ථික උත්තේජක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව ඔහු කීය. "මිනිස්සුන්නට ජීවත්වෙන්න අත්වැලක් දෙන්න ඕන මේ අයවැයෙන් කිසිම විදිහට ඒක ලැබිල නෑ. මේ රටේ සියලුම දෙනා බලාගෙන හිටිය ඒත් ආර්ථික උත්තේජකයක් ලැබුණේ නැහැ. සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා, සංචාරක කර්මාන්තයෙන් ජීවත් වෙන කට්ටියට බිංදුවයි, tourist guides ලට කන්න නෑ. හික්කඩුවේ කිසිම tourist shop එකක් වැඩ කරන්නේ නෑ. මේ budget එකෙන් සෘජුවම කිසිම දෙයක් දීල නෑ. කරලා තියන එකම දේ අර ණය අයකරන එක පරක්කු කරන එක විතරයි. සත පහකවත් උත්තේජනයක් දීල නෑ." "හැබැයි පාරවල් carpet කරන්න විතරක් රුපියල් බිලියන 220ක්. මහා මාර්ග අමාත්‍යංශයට රුපියල් බිලියන 330ක්. අද ප්‍රමුඛතාව කතානායකතුමනි පාරවල්කාර්පට් කරන එකද එහෙමත් නැත්තම් කඩා වැටිච්ච මේ ක්ෂේත්‍ර ගොඩ ගන්න එකද කියල අපිට අහන්න සිද්ධවෙනවා." යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. මේ අතර විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීම පිළිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ විශාල කතාබහකට ලක් වූ අයවැය යෝජනාවකි. මේ පිළිබඳව ට්විටර් සමාජ ජලයේ සටහනක් තබමින් අයෙකු පැවසුවේ තමාගේ පියා විශ්‍රාම යාමට වසර පහක් පමණක් තිබූ නිසා පියා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවකි. ඔහු බලාපොරොත්තුවෙන් සිටි එකම දෙය නම් තමාගේ උපාධිය සඳහා ලබා ගත් ණය ගෙවීම හා අනෙකුත් දේවල් සපුරා ගැනීම ය. "රජය මුදල් කොල්ලකෑමෙන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගනී." යනුවෙන් එම පරිශීලකයා සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබිණි. මෙම යෝජනාව තුළින් රජය බලාපොරොත්තුවන්නේ වැඩකරන ජනතාවට තමන් විශ්‍රාම ගැනීමේදී වයස අවුරුදු 55න් ලබාගත හැකිව තිබූ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් එසේ ගැනීමට ඉඩ නොදී තවත් අවුරුදු 5 ත් 10 ක් අතර කාලයක් ප්‍රමාද කිරීමට බවත් එමගින් ජනතාව තවදුරටත් අසීරු අඩියකට තල්ලු කෙරෙන බවත් ඇතැමුන් පවසති. තවත් ට්විටර් ක්‍රියාකාරිකයකු පවසුවේ: "කරුණාකර අවුරුදු 55 කින් අපිට පොරොන්දු වූ දේ දෙන්න. ඔබට අවුරුදු පහක් වැඩ කර විශ්‍රාම වැටුපක් ලබා ගත හැකියි. ඊපීඑෆ් ලබා ගැනීම සඳහා අපි අවුරුදු 35 ක් වැඩ කරනවා. දැන්, ඔබ එය තවත් 5 කින් වැඩි කරනවා. මෙය අපරාධයක්." මේ අතර කොවිඩ් අර්බුදය හමුවේ එයින් බැටකා සිටින ජනතාවට සැලකිය යුතු සහනයක් ලබා දී නොමැති බවට ඇතැම්හු මැසිවිලි නගති. "කිසිම මිනිහෙක් budget එකක් තියෙනවා කියල දන්නේ නෑ. මම ව්‍යාපාරිකයෙක් හැටියට මිනිස්සුත් එක්ක කතා කරනවා ඒත් මිනිස්සුන්ට කිසිම හැගීමක් නෑ. බජට් එකෙන් කරපු දෙයක් නෑ. මේ බජට් එකෙන් මිනිස්සුන්ට දැනෙන වෙනසක් නෑ. මේකෙන් මේ කරලා තියෙන්නේ ඉලක්කම් වෙනසක් කරපු එක විතරයි." 56 හැවිරිදි, ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන කෝලිත දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය. "මේකෙන් සමාන්‍ය මිනිහට එදිනෙදා ජිවිතයේදී බඩුමිල වැඩිවෙයි. හැබැයි අඩුම ගණනේ අර ගැසට් ගහල අඩුකරපු එකවත් කරලා නෑ. ගැසට් ගැහුවට ඒවායේ මිල අඩු උනේ නෑනේ. අඩුම ගණනේ ඒ ගැසට් වලින් අඩුකරපු එකවත් මේ budget එකෙන් අඩුකරලා දුන්නනම් මේ වෙලාවේ මිනිස්සුන්ට ලොකු සහනයක්." ඔහු කීය. මේ අතර ගෘහනියක වන අමාලි සිල්වා බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ මෙවර අයවැය අන් වසර වල මෙන් විශාල කතාබහකට ලක් නොවන බවය. "වෙන පාරවල් වල අපිට අයවැයෙන් පස්සේ ලොකු ලොකු දේවල් අහන්න පුළුවන්. සිගරට් මිල වැඩිකිරීම, වාහන මිල අඩුකිරීම, අත්‍යාවශ භාණ්ඩ මිල අඩු වැඩි වීම් එත් මේ පාර බජට් එකක් තිබුණ ද කියලවත් අපිට තේරුණේ නෑ," ඇය පැවසුවා. මෙවර අයවැයෙන් විශාල සහන තමන් බලාපොරොත්තු නොවූ බව කළුතර පදිංචි සෙව්වන්දි කොතලාවල බීබීසී සිංහල සේවයට පැවසීය. "කොරෝනා කාලේ අපිත් ගෙවල්වල වැව්වා නේ අපි දැනගත්තා වවන්න බැරි දෙයක් නෑ කියල, වවන්න බෑ කියන එක බොරු මේ පාර අයවැයෙන් ගොඩාක් සහන දීල තියෙනවා ගොවීන්ට. කෘෂි කර්මය පිළිබඳව ටිකක් වැඩ්පුර දේවල් දීල තිබුණා ," "කොරෝනා ත් එක්ක රටේ තිබුණ ප්‍රශ්ණත් එක්ක සහන එහෙම මම බලාපොරොත්තු උනෙත් නෑ, රජයේ සේවකයින්ට පඩි කියක් හරි වැඩි වෙයි කියල බලාගෙන ඉන්නවා එත් මේ ගමන එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ ." සෙව්වන්දි කොතලාවල පැවසීය. "වෙළෙඳාම කෙරෙන්නේ එක් දිශාවකට නොවෙයි" මේ අතර ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ දූත හවුල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ආනයන තහනම ජාත්‍යන්තර වශයෙන් සෘණාත්මක ව බලපාන බවය. යුරෝපා සංගමය, දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වසනීය මිතුරෙකු බවත් ගෙවුණු වසර 25ක් කාලය පුරාවට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බවත්. ඊට අමතරව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී තිබෙන බවත් එම නිවේදනයෙන් සිහිපත් කර තිබේ. ප්‍රධාන වශයෙන් ජීඑස්පී ප්ලස් (GSP plus) පහසුකම හේතුකොටගෙන තීරු බදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවත් මෙවැනි ඒක පාර්ශ්වික වෙළෙඳ වාසි නිසා ශ්‍රී ලංකාවේ දෙවෙනි විශොලතම ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ බවට ද යුරෝපා සංගමය පත්ව සිටින බවත් නිවේදනයේ සඳහන් කර ඇත. එහෙත් ශ්‍රී ලංකාව ආනයනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කෙරෙහි සිය අවධානය යොමු කරන යුරෝපා සංගමය කියා සිටින්නේ, ""කෙසේ නමුත් වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන වෙත ද සෘණාත්මක බලපෑමක් සිදුව තිබේ," යනුවෙනි. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට එය බාධාවක් සේම දිගින් දිගට ම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූළ නොවන බව ද යුරෝපා සංගමය සඳහන් කරයි.
2021 සඳහා රජයේ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 2,029 ක් දක්වා වර්ධනය වනු ඇතැයි මෙවර අගමැති වරයා ඉදිරිපත් කළ අයවැයෙන් අපේක්ෂා කෙරේ. එය 2020 දී එකතු කර ගත හැකිවේයැයි අපේක්ෂා කරන සාපේක්ෂව අඩු ආදායම් පදනමක් වූ රුපියල් බිලියන 1,588 ට වඩා 27.8% කින් වර්ධනය වීමකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය සංචාරය අවසානයේ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළ කරුණු මෙසේ ය. හමුදාපතිගේ ඇමෙරිකානු සංචාරක තහනම මාධ්‍ය හමුවට එක්වූ ජනමාධ්‍යවේදීහු, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක තහනම පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගෙන් විමසූහ. "එය එක්සත් ජනපදයේ නීතිමය ක්‍රියාවලියක් වන අතර එය සැමවිටම සමාලෝචනය කෙරෙනවා. එය තාක්‍ෂණිකව, සත්‍ය වශයෙන්ම සහ නීත්‍යානුකූලව නිවැරදි බව තහවුරු කර ගැනීමට අපට අවශ්‍යයි," යන්න ඔහුගේ පිළිතුර විණි. මයික් පොම්පෙඕ පෙබරවාරි මාසයේදී තම ට්විටර් සටහනක් තබමින් පවසා තිබුනේ "යුද අපරාධ සිදු කරන සහ මානව හිමිකම් උල්ලංඝනය කරන අයට වගවීම සඳහා එක්සත් ජනපදය නොසැලී සිටියි." ශ්‍රී ලංකා යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා හට එක්සත් ජනපදයට ඇතුළුවීමට නොහැකිවන පරිදි සංචාරක තහනමක් පනවන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී නීති විරෝධී ඝාතනවලට ඔහු සම්බන්ධ වීම හේතුවෙන් බව එහි වැඩිදුරටත් දැක්විණි. මයික් පොම්පෙඕ පෙබරවාරි මාසයේ ටුවිටර් ගිණුමේ තැබූ සටහන කෙසේවෙතත්, "වගවීම, යුක්තිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව එහි පූර්ණ හා අර්ථවත් පියවර ගනු ඇතැයි අපි සැබවින්ම අපේක්ෂා කරමු." යනුවෙන් ඔහු ආරම්භක දේශනයේ දී සඳහන් කළ ඔහු, "අපි සියලු දෙනාම උරෙන් උර ගැටී එකට සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මවලින් සන්නද්ධ අපගේ හවුල්කාරිත්වයයෙන් ශක්තිමත්ව තව දුරටත් එකට කරමු." යැයි කියා සිටියේය. රාජ්‍ය ලේකම් පොම්පෙඕ "පිටසක්වලයින්ට එරෙහිව විලෝපිකයා" සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ චීන කොමියුනිස්ට් පක්ෂය "කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු" ලෙස හදුන්වා දුන්නේය. චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය. "ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව," බව ඔහු කියා සිටියේය. "ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ශක්තිමත්ව හා ස්වෛරීව පැවතීම එක්සත් ජනපදයට උපායමාර්ගිකව ප්‍රබල හවුල්කරුවෙකුලෙස සැලකිය හැකියි. එය නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා උදව් වෙනවා. එය චීනය අපේක්ෂා කරන දෙයට වඩා හාත්පසින්ම වෙනස්. චීන කොමියුනිස්ට් පක්ෂය විලෝපිකයෙක්, ඒ බව ගොඩබිම හා මුහුදේ ස්වෛරීභාවය සහ නීති උල්ලංඝනය කිරීම් වලින් අපි දකිමු," අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසීය. ඔහුගේ මෙම ප්‍රකාශයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වහා ප්‍රතිචාර දැක්වූයේ "කණගාටුයි ලේකම් පොම්පෙඕ මහත්මයා, අපි චීන-ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කාර්යබහුලයි. ඔබගේ පිටසක්වලයින්ට එරෙහි විලෝපිකයා සෙල්ලමට උනන්දුවක් නැහැ. එක්සත් ජනපදයට සෑම විටම මෙන් එකවර භූමිකාවන් දෙකක් රඟ දැක්විය හැකිය." යනුවෙන් ට්විටර් සටහනක් තබමිනි. ශ්‍රී ලංකා - ඇමෙරිකානු සබඳතාව මේ අතර රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ පැවසුවේ ඔහුගේ සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බවය. "වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළෙඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා අපගේ පොදු කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා අදදින රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවු," බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පැවසීය. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට දැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි පෙන්වා දුන් බවත්, බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි අවධාරණය කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. "චීනයට එරෙහි ප්‍රහාරයකට" සූදානමක්? මේ අතර, චීනයට එරෙහි යෝජිත යුද්ධයට රට සම්බන්ධ කර ගැනීම සඳහා වූ ඇමරිකා එක්සත් ජනපදයේ උගුලට හසු නොවන ලෙස ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව ඇතුළු තවත් ආසියානු රටවල් තුනක මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණේ චීනයට එරෙහි සැලසුම් සහගත ප්‍රහාරයට ආසියානු සහාය ලබා ගැනීම සඳහා බවට ලංකා සම සමාජ පක්ෂය චෝදනා කරයි. "කිසිදු තත්ත්වයක් යටතේ චීනයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද මිලිටරි ආක්‍රමණයට ශ්‍රී ලංකාව සහාය නොදිය යුතුය. මධ්‍යස්ථව සිටීම පවා නිහඩව අනුමැතියකි." යනුවෙන් ලංකා සම සමාජ පක්ෂය පැවසීය. කෙසේවතත්, රජය කියා සිටියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඔගේ ශ්‍රී ලංකා සංචාරය තුළ කිසිඳු ගිවිසුමකට අත්සන් තැබීමක් සිදු නොවන බවකි. ද්විපාර්ශවික එකඟතා කිහිපයක් ඇති කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. මේ තොරතුරු ද දැනගන්න:
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ සංචාරය තුළ දී එම්සීසී හා සෝපා ගිවිසුම් පිළිබඳව මෙන්ම ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට වෙරළාරක්ෂක නෞකාවක් පිරිනැමීම, පෞද්ගලික අංශයේ ආයෝජන කිහිපයක් හා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කෙරුණු බව නිලධාරීහු පැවසූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාද් අල් හරිරි (Saad al-Hariri) ගේ පියා වන හිටපු අගමැති රෆීක් අල් හරීරි (Rafik al-Hariri) 2005 දී ඝාතනය කෙරිණ. සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඉරානය දැඩි විවේචනයට ලක් කළ අගමැතිවරයා, රටවල් කිහිපයක "භීතිය සහ විනාශය" වපුරමින් සිටින බවට ඉරානයට චෝදනා කළේය. 2009 සිට 2011 දක්වා ලෙබනනයේ අගමැති පදවිය හෙබැවූ සාද් අල් හරිරි, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී යළිත් වරක් අගමැති පදවියට පත් කෙරිණ. ඒ අවස්ථාවේ ඔහු රටේ නායකත්වය භාරගත්තේ, දෙවසරක දේශපාලන කඹ ඇදීම්වලින් අනතුරුව ලෙබනනයට "නව යුගයක් උදාකරන" බවට ප්‍රතිඥා දෙමිනි. සවුදි අරාබියෙන් බලපෑම්? සවුදි අරාබියේ රියාද් අගනුවර සිට රූපවාහිනිය ඔස්සේ සිය රටවැසියන් ඇමතූ අගමැතිවරයා කියා සිටියේ සිය පියා ඝාතනය කිරීමට පෙරාතුව පැවති තත්වයට සමාන වාතාවරණයක් වර්තමානයේ ලෙබනනයේ පවතින බවය. "මගේ ජීවිතය ඉලක්ක කරමින් රහසිගතව දියත්වෙමින් පවතින කුමන්ත්‍රණයක් ගැන මට හැඟුණා," ඔහු පැවසීය. ලෙබනනය තුළ ද ප්‍රබල බලයක් උසුලන, ඉරානයේ සහාය ලබන ෂියා භක්තික හෙස්බොල්ලා ව්‍යාපාරය ද ඔහුගේ දැඩි විවේචනයට ලක්විය. ගතව ගිය දින කිහිපය ඇතුළත ඔහු කිහිප වතාවක්ම සවුදි අරාබියේ සංචාරය කළේය. සවුදි අරාබිය ඉරානය දැඩි විවේචනයට ලක් කරන රටකි. සාද් අල් හරිරිගේ හදිසි ඉල්ලා අස්වීම පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන බීබීසී යේ අරාබි කටයුතු පිළිබඳ සංස්කාරක සෙබස්තියන් උෂර් (Sebastian Usher) පවසන්නේ, ඔහුගේ හදිසි තීරණය පිළිබඳව බොහෝ දෙනා විශ්මය පත් වූ බවය. ඒ සමගම නිරන්තරයෙන් අර්බුද පවතින ලෙබනන දේශපාලනයේ යළිත් වරක් අවිනිශ්චිත වාතාවරණයක් මතු වී තිබෙන බව පෙන්වා දෙන බීබීසී සංස්කාරකවරයා, අගමැතිවරයාගේ පවුලේ ප්‍රධානම ආධාරකරු වන සෞදි අරාබිය එම තීරණය ගන්නා මෙන් බලපෑම් කරන්නට ඇතැයි දූෂමාන ආරංචි පැතිර යමින් තිබෙන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා හදිසියේම ප්‍රකාශයක් කළ ලෙබනනයේ අගමැති සාද් අල් හරිරි, සිය ජීවිතයට තර්ජන පවතින බැවින් පදවියෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ගෙන ඒම සඳහා එම පක්ෂය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය. අගමැතිවරයා මේ කරුණු සඳහන් කළේ අද (පෙබ 16) අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. අගමැතිවරයා ඉවත් විය යුතු යැයි කෙරෙන ප්‍රකාශ හමුවේ කුමක් කරන්නේදැයි බීබීසී සිංහල සේවය එහිදී කළ විමසීමට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ "ව්‍යවස්ථාවට" අනුව ක්‍රියාකරන බව ය. මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ දීර්ඝ කාලයක් නායකත්වය දැරීම සමග මතුවී ඇති තත්ත්වය පිළිබඳව ද එහිදී අගමැතිවරයාගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂ පක්ෂ නායකයා, 'අලුත් අනාගත නායක පරපුරක්' ගොඩනැගීම ද අරමුණින් පක්ෂය විශාල ප්‍රතිසංවිධානයක් කෙරෙන බව පෙන්වා දුණි. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව සිය අදහස් පළ කළ අගමැතිවරයා පරාජය සම්බන්ධයෙන් තමන් ද වගකීම දරන බව කී අතර රටේ පවතින ආර්ථික තත්ත්වය මීට හේතුවක් බව සඳහන් කළේය. ජලගැලීම්, නියඟය වැනි කරුණු මත කෘෂි ආර්ථිකය කඩා වැටීම හරහා බඩු මිල ඉහළ යාම සිදුවූ බව ඔහු පෙන්වා දුණි. මේ අතර සිය පක්ෂයේ කිසිවකු පක්ෂ නායකයා ලෙස 'තමන්ගේ අස්වීම' ඉල්ලා නැති බව ද මෙහිදී කියා සිටියේය. "මේ ආණ්ඩුවට තවත් යන්න බැහැ" කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දරන මතය කුමක්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළේ "මේ ආණ්ඩුවට තවත් යන්න බැහැ" යනුවෙනි. අපේක්ෂිත අරමුණු ඉටුනොවූ හෙයින් ආණ්ඩුව පරාජයට පත්වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රධාන පාර්ශ්වකරු වන එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්ව වෙන අයෙකු අතට අගමැති පදවිය පත්වුවහොත් මේ ආණ්ඩුවට එසේම යා හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරයාට දන්වා ඇති අතර එසේ නැතිනම් ඇත්තේ විකල්ප දෙකක් බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය. පළමුවැන්න නම්, ආණ්ඩුවේ සිටින වෙනත් පක්ෂවල කණ්ඩායම් ද එක්කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමය. එසේ නොවේනම්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව භාරදී තමන් විපක්ෂයට යාම දෙවෙනි විකල්පය බව ඔහු පෙන්වා දුණි. එසේනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් එවන් ආණ්ඩුවක ඇමති තනතුරු නොගනීවිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා, එවැනි "සමහරු ඉන්න පුළුවන්" යැයි කීය. පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, මතුවී ඇති තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව 'රාජ්‍ය පාලනය මෙහෙයවීමට එකඟවිය නොහැකිය' යන්න කියා සිටියේය. ඔහු එහිදී පෙන්වා දුන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟවූ වසර දෙකක කාලය ද ඉකුත්ව ගොස් ඇති බවකි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් 'කොන්දේසි විරහිතව' සහය දෙන බවය. එහෙත් එවැනි ආණ්ඩුවක ඇමතිකම් දැරීමක් හෝ එහි කොටස්කරුවකු නොවන බව එම පක්ෂය පෙන්වා දී තිබේ. 'breakfast නැතිනම් තේ බොමු' කෙසේවෙතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ඇති වූ දේශපාලන අර්බුදය මෙතෙක් නිශ්චිතව ම විසදී ඇති බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පසුගිය දින කිහිපයෙදී සාකච්ඡා වට කිහිපයක් ම පැවති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමති කණ්ඩායම් ද ඔවුන් දෙදෙනා වෙන වෙනම මුණගැසෙමින් සාකච්ඡාවල යෙදුනහ. අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා ද සිටින බව මෙතෙක් පළවූ වාර්තාවලින් කියැවේ. එවැනි තත්ත්වයක් පවතිද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (පෙබ 16) මාධ්‍ය ඇමතීමට නියමිතව තිබුණ ද පසුව එය අවලංගු කෙරිණි. එය වක්‍රාකාරව උපුටා දැක්වූ අග්‍රාමාත්‍යවරයා, අද පැවති සිය මාධ්‍ය හමුව අවසන් කළේ "අද breakfast නැතිවුනානේ, එහෙනම් තේ බොමු" යැයි මාධ්‍යවේදීන්ට ආරාධනා කරමිනි. 'දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි' මේ අතර ආණ්ඩුවේ කොටස්කාර පාර්ශ්වයක් වන ජාතික හෙළ උරුමය, නිවේදනයක් නිකුත් කරමින්, "මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නව බලවේගය, එක්සත් ජාතික පාක්‍ෂිකයන් හා බල අරගලයකට යොමු කරමින් බොරදියේ මාළු බෑමට රාජපක්‍ෂ කල්ලිය කුමන්ත්‍රණය කරමින් සිටින්නේ" යයි පැවසු අතර "එජාපය මෙන්ම ජනාධිපතිවරයාගේ කණ්ඩායමත් මෙවැනි මර උගුල්වල නොවැටීමට තරම් ඥානවන්ත" බවය. දැන් රටට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප‍්‍රතිචාරය නිහතමානීව බාර ගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අලුත් බලවේගය අතර ජාතික සන්ධානයක් බව ජාතික හෙළ උරුමය කියා සිටී. ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් වහා අවශ්‍ය කරන බව කියා සිටින ජාතික හෙළ උරුමය, එම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් ආණ්ඩුව තුළ නියෝජනය වෙන දෙපාර්ශවයේම නායකයන් දූරදර්ශී විය යුතු බවත්, "පාර්ලිමේන්තුව තුළ සහ නිල විපක්ෂය හැටියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට නිහතමානී විය යුතු" බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
2015 ජනවාරි මස ලැබූ ජනවරම රකිමින් පවතින හවුල් ආණ්ඩුව "තවදුරටත් ක්‍රියාත්මක" බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගාස්තුවෙන් සියයට විස්සක මුදලක් දඩ තරඟයට සහභාගී වීම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන්ට ගෙවීමට නියමිත ගාස්තුවෙන් සියයට විස්සක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. තිලකරත්න ඩිල්ෂාන් පන්දුවට පහර දීමට උත්සහ කරද්දී, පන්දුව ඔහුගේ අත් ආවරණයේ වැදී කඩුලු රකින ක්‍රීඩකයා ඉතාමත් පහසු උඩ පන්දුවක් ලෙසින් රැකගත් අතර, එම අවස්ථාවේදී පන්දුව තම වැලමිටේ වැදුණු බවට ඩිල්ෂාන් විසින් විනිසුරුවරයාට සංඥා කිරීමේ සිද්ධිය මුල් කර ගෙන ඔහුට මෙම දඬුවම ලබා දී ඇති බවයි සිලෝන් ටුඩේ පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක චම්පික ප්‍රනාන්දු කියා සිටියේ.
නවසීලන්තය සහ ශ්‍රි ලංකාව අතර සඳුදා පැවති ක්‍රිකට් තරඟයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති උල්ලංඝනය කල බවට චෝදනා කරමින් තිලකරත්න ඩිල්ෂාන්ට දඬුවම් පමුණුවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ පළාත් සභා 6ක් මේ වන විට පාලනය වන්නේ මන්ත්‍රීවරුන් නොමැතිවය. ඒවා පාලනය වන්නේ ආණ්ඩුකාරවරයා යටතේය. ඉතිරි පළාත් සභා තුනෙන් දෙකක නිල කාලය අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිතය. 1. සබරගමුව පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි. 2. උතුරු මැද පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි. 3. නැගෙනහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි. 4. මධ්‍යම පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි. 5. උතුරු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි. 6. වයඹ පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි. නිල කාලය අවසන් වීමට නියමිත පළාත් සභා 3: 1. බස්නාහිර පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 2ක් පමණි. 2. දකුණු පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 2ක් පමණි. 3. ඌව පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 8ක් පමණි. "ලිහන්න බැරි ගැටය කවුරුන් විසින් හෝ කපා දැමිය යුතුයි" නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඡන්දය නොපැවැත්වීම ගැන මේ දිනවල ප්‍රබල සංවාදයක ඇති වී තිබේ. පළාත් සභා ඡන්ද මේ වසර තුළ නොපැවැත්වුවහොත් තමා සභාපති තනතුරින් ඉවත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සිය නිදහස් දින කතාවෙන් මේ ගැන ප්‍රශ්න කළේ, පළාත් සභාවල ඵලදායිතාව ගැන ප්‍රශ්න කරමිනි. "අපි පළාත් සභා පිහිටුවා වසර 30කට වැඩියි. අද වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ සියයට 15ක් පමණයි. පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් සියයට 85ක්. මේව උඩු යටිකුරු කිරීමට අප වහා කටයුතු කළ යුතුයි. වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද එන්ජීඕ ඉදිරිපත් වන්නේ නැහැ." ජනාධිපතිවරයා කියා සිටියේය. නිල කාලය ඉක්මවූ පළාත් සභාවල ඡන්දය පවත්වන්න බැරි ඇයි ? මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ඇතිව පනතක් සම්මත කරගත්තේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේදීය. එම පනත සම්මත වීමෙන් අනතුරුව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනකුගෙන් සමන්විත කොමිසමක් පවා පත් කළ අතර එම කමිටුව 2018 පෙබරවාරි මාසයේ සිය වාර්තාව ලබාදී තිබුණි. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2/3 ක විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු වූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ 2018 අගෝස්තු මාසයේදීය. කෙසේ නමුත් එම වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. එය ඉදිරිපත් කළ, එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ සහය පවා ඊට නොලැබුණි. ඔහු එම තීරණයට එළැඹියේ සීමානිර්ණ වාර්තාවේ අඩුපාඩු ඇති බව පවසමිනි. එම වාර්තාවට සහය පළ කරමින් එකදු මන්ත්‍රීවරයකු හෝ ඡන්දය භාවිත නොකළ අතර ඊට විරුද්ධව මන්ත්‍රීවරු 139 දෙනෙක් ඡන්දය භාවිත කර තිබිණි. මෙම වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවූ හෙයින් එහි ඊළඟ නීත්‍යනුකූල පියවර වූයේ කථානායකවරයා විසින් එම වාර්තාවේ අඩුපාඩු සකස් කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමය. එම කමිටුව කතානායකවරයා විසින් 2018 අගෝස්තු මාසයේ දී පත් කරන ලදී. මාස 2ක් ඇතුළත එම වාර්තාව සමාලෝචනය කළ යුතු බවට ද නීති සකස් වී තිබිණි. කමිටුවේ කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2018 ඔක්තෝබර් 28 වන දාටය. නමුත් ඊට දින දෙකකට පෙර එනම් ඔක්තෝබර් 26වන දා සිදුවූ අගමැති මාරුවත් සමග එම කමිටු වාර්තාව ගැන කතාබහ අවසන් විය. "දැන් පාර්ලිමේන්තුවෙන් ලබා දුන් මාස දෙකක කාලය ඉවරයි, දැන් ඒ වාර්තාව ඉදිරිපත් කළත් එහි වලංගුභාවය ගැන ගැට‍ලු තියෙනවා. ඒ නිසා නැවත පාර්ලිමේන්තු නීති සංශෝධනයකින් තොරව ඉදිරියට යන්න බැහැ." මැතිවරණ කොමසාරිස් ජනරාල් එම් මොහමඩ් බීබීසි සිංහල සේවයට කියා සිටියේය. මැතිවරණ කොමිසමට අනුව දැනට සම්මත වී ඇති නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නම් ඡන්ද කොට්ඨාස අවශ්‍ය වේ. නමුත් එම ඡන්ද කොට්ඨාස තවමත් තීරණය වී නොමැත. ඒ අනුව, එම ක්‍රියාදාමය සම්පූර්ණ වන තුරු නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකිය. ඡන්දය පැවැත්වීමට කළ යුත්තේ කුමක් ද ? 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ලද අත්දැකීම් හේතුකොට ගෙන මිශ්‍ර ඡන්ද ක්‍රමයට ඡන්දය පැවැත්වීමට ප්‍රධාන පක්ෂවල අකමැත්තක් ඇති බව පෙනී යයි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පසුගියදා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය නව ක්‍රමය අනුව පැවැත්වීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි නියෝජනය නොවූ බවය. එහි විශාල වරදක් ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එහි දී බහුතරයේ නියෝජනය විද්‍යාමාන නොවී සුළුතරය විද්‍යාමාන වන බවත් ගාල්ල මහ නගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයට නගර සභාවේ බලය අහිමිවීම ඊට කදිම උදාහරණය බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. අමාත්‍යවරයා පවසන්නේ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ පනත ගෙන ආ නමුත් එහි විශාල අඩුපාඩු පවතින බවය. "2015 සිට 2018 දෙසැම්බර් 21 දක්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබු‍ණේ. එනිසා ඔවුන්ගේ මතය අනුව ක්‍රියා කරල තියෙන්නේ. විවිධ දේශපාලන පක්ෂ රැසකගේ අදහස් අරගෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් සකස් කර තියෙනවා. එහි විවිධ අඩුපාඩු රැසක් පවතිනවා. දැන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම එම ලිපි ගොනු අධ්‍යනය කරමින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ක්‍රියා කරනවා," පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබිණි. "විෂයභාර අමාත්‍යවරයා වුවද, මට මගේ තනිමතය අනුව ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පිළිගත් දේශපාලන පක්ෂවල එකඟතාවය මත මෙම ප්‍රශ්නය විසඳීමට කඩිනමින් ක්‍රියා කරනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ අදහස් දෙමළ ජාතික සන්ධානයේ අදහස් අතුළු සියලුම දේශපාලන පක්ෂවල අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වෙනවා. ඒ අනුව ඔවුන්ගේ එකඟතාව මත නව ක්‍රමවේදයකට ඡන්දය පවත්වන්නේද? නැතහොත් පැරණි ක්‍රමයට ඡන්දය පවත්වන්නේද? යන්න තීරණය කරනවා. ඉන් අනතුරුව රටේ සියලු පළාත් සභාවල ඡන්දය එකවර පැවැත්වීමට කටයුතු කරනවා," යැයි ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වීමෙන් පසු අප්‍රේල් මාසය තුළ පැරණි මනාප ක්‍රමයට එම ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව, කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ පැවසී යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂය ඉල්ලා සිටින්නේ කුමන ක්‍රමය යටතේ හෝ කඩිනමින් මැතිවරණය පවත්වන ලෙසය. "ඉතා පොඩි දෙයයි මේකට කරන්න තියෙන්නේ. වගන්ති තුනක පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ, පැරණි ක්‍රමයට ඡන්දය තියන්න. ඒකට 2/3ක ලබාගන්න අවශ්‍ය සහය දෙන්න අපි සුදානම්. ඒ දෙය නොකර ඡන්දය දිගින් දිගටම කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා. දැන් කියනවා අප්‍රේල් කියලා. අප්‍රේල්වල තව දිනයක් කියයි," විපක්ෂයේ මන්ත්‍රී උදය ගම්මන්පිල බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ මතය වී තිබෙන්නේ මැතිවරණය පවත්වන්නේ නව ක්‍රමයටද පැරණි ක්‍රමයටද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවය. "පරණ විදිහට මැතිවරණය පවත්වනවා නම් අලුත් පළාත් සභා පනත අත්හිටුවලා පැරණි පනතට අනුව පවත්වන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත යුතුයි. නමුත් අපි කියන්නේ මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ පළාත් සභා හෝ ජනාධිපතිවරණ මැතිවරණයක් නොවෙයි. පාර්ලිමේන්තුවේ විකෘතිය නැති කරන්න අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. තවදුරටත් මුදල් කාබාසිනියා කරන ජනාධිපති මැතිවරණයක් වෙනුවට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ යුතුයි," ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අනුව පෙනීයන්නේ ඔවුන් මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට එතරම් කැමැත්තක් නොදක්වන බවය. පළමුව ආණ්ඩුව වෙනස් කළ හැකි ඡන්දයක් සේ සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීම වඩාත් උචිත වන බව එම පක්ෂයේ මන්ත්‍රීවරු මාධ්‍ය හමුවල පසුගියදා දිගින් දිගටම ප්‍රකාශ කළහ. ජනාධිපතිවරණය කවදා ද ? මැතිවරණ කොමිසමට අනුව ජනාධිපතිවරයාට 2019 ජනවාරි 8 වැනිදා සිට ඕනෑ ම මොහොතක ජනාධිපතිවරණයක් කැඳවිය හැකිය. ජනාධිපතිවරයා තම ධුර කාලය සම්පූර්ණ කිරීමට තීරණය කළහොත් ජනාධිපතිවරණය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය. නිසැක වශයෙන් ම මේ වසර අග භාගයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන හෙයින් පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නම් එය වසරේ මැද භාගයේ පැවැත්විය යුතුය. මේ අතරතුර, පළාත් නවයේ ම ඡන්දය මේ වසරේ මැයි 31 ට පෙර එක ම දිනයක පැවැත්වීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනවාරි 29 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. පැරණි සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා එම පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ඊට කාන්තා නියෝජනය 25% කිරීමේ යෝජනාවක් ද ඇතුළත් කර තිබේ. ජනාධිපතිවරයාගේ එම කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීම මේ සතියේ සිදුවීමට නියමිතව තිබූ නමුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ලබන සතිය තෙක් ඒ සඳහා කාලය ලබා ගත් බව කැබිනට් මණ්ඩල රැස්වීමට එක්වූ අමාත්‍යවරයෙක් බීබීසි සිංහල සේවයට පැවසුවේය. මෙම කැබිනට් පත්‍රිකාව අනුව ඉදිරි කටයුතු සිදුවන ආකාරය ගැන ආණ්ඩුව තවමත් නිසි ලෙස කරුණු පැහැදිලි කර නොමැත. "මොන ක්‍රමයට කරන්නත් පාර්ලිමේන්තුවේ නීති සංශෝධනයක් අවශ්‍යයි. ඒ සංශෝධනය සිදුකර මාස 3ක් ඇතුළත ඡන්දය තබා අවසන් කරන්න අපට පුළුවන්." මැතිවරණ කොමසාරිස් ජනරාල් එම් එම් මොහමඩ් කියා සිටියේය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවසන් වරට පැවති මාධ්‍ය හමුවේදී පළාත් සභා අවුල ගැන අදහස් දක්වමින් පැවසුවේ, "ලිහන්න බැරි ගැටය කවුරුන් විසින් හෝ කපා දැමිය යුතු" බවය. ඡන්ද විමසීම නොපැවත්වීම ගැන දේශපාලන පක්ෂ හා පුරවැසියන්ට අධිකරණයේ සහය පැතිය හැකි බව ද ඔහු එහිදී කියා සිටියේ ඒ සඳහා කොමිසමට නීතිමය හැකියාවක් නොමැති බව පවසමිනි.
නිල කාලය අවසන් වී ඇති පළාත් සභා 6:
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අවන්ත ආටිගලගේ කාටූනයක් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔබ හෝ ඔබේ ඥාතී, හිතමිතුරන් කළ යුත්තේ කුමක්ද? ඔබේ අයිතිය යම් මාධ්‍යවේදියෙකු විසින් තමන්ගේ රුව හෝ නිවසේ දර්ශන පටිගත කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති බව නීතිවේදීහු පෙන්වා දෙති. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින නීතිවේදීන් දෙදෙනෙකු කියා සිටියේ පුරවැසියන් වශයෙන් 'අප, අපගේ අයිතීන් පිළිබඳ දැනුවත් වී සිටිය යුතු' බවය. කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෙකු හෝ ඔවුන් ඇසුරු කළ අයෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම මගින් ඔවුන් වෙනස් ලෙස සැලකීම මෙන්ම වර්ගීකරණයකට ලක් කෙරෙන බව මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයෙකු වන ජැමෙයිකාවේ කිංස්ටන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යමෙකුට වෙනස් ලෙස සැලකීම සහ යමෙකු වර්ගීකරණයකට ලක් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවේ අයිතිය උල්ලංඝනය කිරීමක් සේ සැලකෙන බවය. "1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ (2) වගන්ති අනුව නීතිය ඉදිරියේ සැම දෙනාම සමානව ආරක්ෂා විය යුතුයි, කිසිම හේතුවක් නිසා ඔවුන් වර්ගීකරණය කරන්න බැහැ. අබාධිත වෙන්න පුළුවන්, ලෙඩ රෝග තිබෙන අය වෙන්න පුළුවන් එහෙත් ඔවුන් ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ඔවුන් වෙනස් පුරවැසියන් කොටසක් වශයෙන් සලකා ඒ අයගේ පිංතූර මාධ්‍යයේ පළ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් නීතිය කඩ කිරීමක්. එසේ ඔවුන්ගේ ඡායාරූප දැමීමෙන් ඔවුන් සමාජය තුළ කොන් වීමක් සිදු වෙන්නේ. කෙනෙකු කොන් කරනවා කියන්නේ ඒ අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ යටතේ අදාළ ආයතනවලට එරෙහිව ක්‍රියා කළ හැකියි." යම් අයෙකුගේ අනන්‍යතාව හෙළි වන සේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් පළ කිරීමට මාධ්‍යවේදියෙකුට අවකාශය ලැබෙන්නේ පොදු යහපත (Public interest) මත පදනම්වය. "ඔබ දකිනවා ප්‍රසිද්ධ පුද්ගලයන් අධිකරණයට ගෙන එන කොට, බන්ධනාගාර රථ වෙත ගෙනියනකොට වීඩියෝ කරනවා, ඡායාරූප ගන්නවා. නමුත් මේ කොරෝනා වසංගතයට අදාළව එවැනි අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි සිදු වන්නේ. මේ අය යන්නේ ලෙඩකට බෙහෙතක් ගන්න." යනුවෙන් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි. යමෙකුගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් සෘජුවම නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ආකාරයේ 'පුද්ගලිකත්වයේ පනතක්' (Privacy Act) ශ්‍රී ලංකාවේ නොමැති වීම විශාල අඩුවක් බවත් ඔහු පෙන්වා දෙයි. ජනමාධ්‍ය වෙනුවට "ජඩමාධ්‍ය" මේ අතර පොදු යහපත වෙනුවෙන් යයි කියමින් කොරෝනා වෛරස් රෝගියෙකුගේ පුද්ගලිකත්වය ආක්‍රමණය කළ හැකිදැයි යන්න මාධ්‍යවේදීන් තම තමන්ගෙන් විමසා බැලිය යුතුව ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාධරයෙකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි වන ලෙස ඔහුගේ හෝ ඇයගේ මුහුණ සහ ඔවුන් වෙසෙන නිවෙස් පෙන්වීමෙන් මහජනයාට වෙන සුබ සිද්ධිය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි. "මගේ මූණ පෙන්නන එකෙන් තිබෙන පොදු යහපත මොකක්ද කියලා මිනිස්සු ප්‍රශ්න කළ යුතුයි. මගේ පුද්ගලිකත්වයට හානි වීම මිස මගේ මුහුණ, මගේ ගෙදර වීඩියෝ කළා කියල වෙන පොදු යහපත මොකක්ද? මේ දේ මිනිස්සු ඇසිය යුතුයි. ඊට විරුද්ධ වීමට ඔබට අයිතියක් තිබෙනවා. මාධ්‍යවේදියෙක් කියලා තවත් අයෙකුගේ පුද්ගලික නිදහසට හානි වෙන අයුරින් වීඩියෝ කරන්න, ඡායාරූප ගන්න ඔවුන්ට බලයක් නැහැ." "තමන් අනවශ්‍ය දෙයකට නිරාවරණය වෙලා, යම් කෙනෙකුගේ ක්‍රියාවක් නිසා තමන්ට බරපතල හානියක් සිද්ධ වෙනවා නම්, පාරේ යනකොට මිනිස්සු ගල් ගහන මට්ටමට පත්වෙනවා නම් එවැනි ක්‍රියාවක් කරන පුද්ගලයාට විරුද්ධ වීම, තමන්ගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතියයි. පුරුද්දක් වශයෙන් අපි අපේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. සමාජයක් වශයෙන් අප ඒ දැනුවත් භාවය ලබා ගත යුතුයි." යනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් පැවසීය. "නීතිඥයෙකු වශයෙන් නැතිව සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස දකිනවා නම් ජඩ මාධ්‍ය කලාවේ ලක්ෂණයක් තමයි අපි මේ දකින්නේ. මේ වසංගත මොහොතකත්, මෙතරම් ව්‍යසනයක් මැදත් තමන්ගේ රේටින්ග්ස් ඉහළ දමා ගන්න මේවා මේ විදිහට පාවිච්චි කරන්නේ ඒ නිසයි. ඒ අර්ථයෙන් ගත්තත් තමන් ඒ අරමුණුවල ගොදුරක් බවට පත් වෙන්න දෙන්න එපා. ඒකට විරුද්ධ වෙන්න. නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පසෙකින් තැබුවත් මිනිස්සු තමන්ගේ අයිතීන් පිළිබඳ දැනුවත් වී සිටිය යුතුයි," ගත හැකි පියවර මොනවාද? සිය පුද්ගලිකත්වයට හානි වන සේ කටයුතු කරන මාධ්‍යවේදීන් ඉදිරියේ කොරෝනා වෛරස් අසාදිත පුද්ගලයෙකුට හෝ ඔවුන්ගේ භාරකරුවන්ට ගත හැකි මූලික පියවර කිහිපයක් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා යෝජනා කරයි: "ඒ නිසා තමන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙන්න. මොකද ඔබ පමණක් නෙමෙයි ඔබ සමග ඉන්න පවුලේ අනෙක් අයත් ඔබ විසින් ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් වී සිටිය යුතුයි." යනුවෙන් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළේය. සමාජ විරෝධය කෝවිඩ්-19 ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරනු ලබන පුද්ගලයන් පිළිබඳ දර්ශන රූගත කර විකාශනය කිරීම පසුගිය දිනවල සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. ඒ හේතුවෙන් කොරෝනා වෛරස් ආසාදිත හෝ ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සෞඛ්‍ය අංශ වෙත ඒ බව දැන්වීමට බියක් දක්වන බවට ද අදහසක් ඉදිරිපත් වේ. "කෝවිඩ්-19 ආසාදනය වූ පුද්ගලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන්ගේ පුද්ගලිකත්වයට ගරු කළ යුතු අතර අවසරයකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාව, ලිපිනයන්, පවුල් පසුබිම, පුද්ගලික සහ වෛද්‍ය වාර්තා හෙළි කිරීම හෝ ඒ පිළිබඳ ඉඟි පළ කිරීම මෙන්ම රෝගීන්ගේ ඡායාරූප සහ දර්ශන අවසරයකින් තොරව විකාශනය නොකළ යුතු බැවින් කොරෝනා වෛරස් වසංගත තත්ත්වයේදී වගකීම් සහගත මාධ්‍ය භාවිතයක යෙදීමට විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් එකඟ වී ඇති" බව එකී විවේචන මැද ජනමාධ්‍ය අමාත්‍යංශය අඟහරුවාදා (ඔක්තෝබර් 13) නිකුත් කළ නිවේදනයක දැක්වේ. කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරන ආකාරය සමාජ ජාල ඔස්සේ විවේචනයට කොරෝනා වෛරස් ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළි කිරීම ශ්‍රී ලංකා පොලිසිය ද අනුමත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ පවසයි. පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් රෝගීන් හෝ ආශ්‍රිතයන්ගේ රහස්‍යභාවය රකින්නේ නම් සෞඛ්‍ය අංශ ඔවුන්ගේ නිවෙස් වෙත යන අවස්ථාවල මාධ්‍යවේදීන් ද එහි ගොස් සිටින්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කළ විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබිණි. එහෙත් "සදාචාර සම්පන්න මාධ්‍ය භාවිතයක යෙදීම" මාධ්‍යවේදීන් සතු යුතුකමක් සහ වගකීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 'මාධ්‍ය පමණක් නොවෙයි හමුදාවත් එක් හේතුවක්' මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ කොරෝනා වෛරස් ආසාදිත හෝ ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සැඟව සිටීමට මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය මෙන්ම හමුදාවේ මැදිහත්වීම ද බලපා ඇති බවය. "හැංගෙන්න ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. එකක් ජනමාධ්‍යවල භාවිතය. අනෙක ත්‍රිවිධ හමුදාව සම්බන්ධ වීම. මොකද සිවිල් වැසියන් සමග වැඩ කිරීම සම්බන්ධයෙන් සතු අත්දැකීම් එක්ක ඇති වුණු ගැටලු. ඔය කාරණා දෙක නිසා තමයි මිනිස්සු කෝවිඩ් තියෙනවා කියල කියන්නත්, ඒ තොරතුරු අනාවරණය කරන්නත් මැලි වෙන්නේ. මේ කරුණු දෙකම අපි රජයේ අවධානයට ලක් කර තිබෙනවා." කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ සමාජ ජාල තුළ පළ වූ අදහසක් "ජනමාධ්‍යට නිසි මාර්ගෝපදේශ හඳුන්වා දී ආරම්භයේදීම එය නියාමනය කරන්න කවුරුත් කටයුතු කළේ නැහැනේ. ඒක හරියට වුණේ නැහැ. වැලිසර සිදුවීම වෙලාවේ නාවික හමුදාවේ කිසි කෙනෙකුට රටේ කොහෙවත් ඉන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. මිනිස්සු සැකෙන් බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ වැඩේම ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න ළමයින්ට දැන් වෙලා තිබෙනවා." යනුවෙන් ඔහු පැවසීය. "මිනිස්සුන්ට තොරතුරු දැන ගැනීමේ අයිතියක් තිබෙනවා සහ ඒ කාර්යය ජනමාධ්‍ය විසින් කළ යුතුයි. නමුත් සීමාවන්ට, නියාමනයන්ට යටත්ව ඒ දේ සිදු වුණා නම් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ." කෙසේ නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රෝගීන් හෝ නිරෝධායනයට ලක් කරනු ලබන පුද්ගලයන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා නොදෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කළේය. 'සමාජය දැනුවත් කරනවා වෙනුවට බය කරනවා' කොරෝනා වෛරස් වසංගතය පිළිබඳ වාර්තා කිරීමේදී මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය සහ මාර්ගෝපදේශ කඩ වීම තුළ මූලික කරුණු තුනක් දෙසට අවධානය යොමු කළ හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලි අබේවර්ධන පෙන්වා දෙයි: "එක පැත්තකින් කොරෝනා වෛරස් රෝගීන් හෝ නිරෝධායනයට යොමු වෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව මාධ්‍ය ඔස්සේ හෙළි වෙනවා." "අනෙක් පැත්තට ඒ දේ වාර්තා කරන ආකාරය අනුව සමාජය තුළ ඔවුන් අපරාධකරුවන් වශයෙන් හංවඩු ගැසීමකුත් සිදු වෙනවා. උදාහරණයක් විදිහට, 'මේ අය මෙච්චර ගානකට බෝ කළා' වැනි හෙඩ්ලයින් පුවතකට යොදා ගැනීම. හරියට ඔවුන් චේතනාන්විතව වෛරසය අනෙක් අයට බෝ කළා වගේ. සමහර පත්තරවල සඳහන් වෙනවා, 'කොවිඩ් කත' කියලා. ඒ තුළ යම් ආකාරයක කොන් කිරීමක්, නිශේධාත්මක නාමකරණයක් සිදු වෙනවා වගේම මාධ්‍ය ආචාරධර්ම කඩ කිරීමකුත් සිදු වෙනවා," "ඒ වගේම සමහර හෙඩ්ලයින් සඳහා යොදාගෙන තිබෙන පාට. ඒවා යොදා ඇති ආකාරය, වචන, සියල්ල බියක් ඇති කරන ආකාරයට තිබෙන්නේ. ජනමාධ්‍ය විසින් සමාජය දැනුවත් කරනවා වෙනුවට සමාජය බියට පත් කිරීමක්, ත්‍රස්ත කිරීමක් තමයිමේ මොහොතේ සිද්ධ වෙන්නේ." යනුවෙන් දීපාංජලි අබේවර්ධන පැවසීය. මාධ්‍ය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ කඩ කිරීම සම්බන්ධයෙන් පවතින සංවාදය ඉදිරියට යන අතරේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් එවැනි තත්ත්වයකට තල්ලු වී තිබීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම ද ඇය පෙන්වා දෙයි. "අපි සානුකම්පිතව බැලුවොත් ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන්ට තෘප්තිමත් වැටුපක් ලැබෙනවා කියල මම හිතන්නේ නැහැ. ඇතැම්විට ඔවුන් සීමිත සම්පත් යොදාගෙන වැඩකරන්නේ. සමහර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන දෙයක් තමයි තමන් දාපු හෙඩින් එක නෙමෙයි පළ කරද්දී වෙන හෙඩින් එකක් දාල කියන දේ. ඒ වගේම පුහුණුවීම් අවම වීම. එහෙම පුහුණුවීම් සංවිධානය කළත් ඒවාට සහභාගී වන ප්‍රමාණය අඩු මට්ටමක තිබීම. එඩිටර්ස්ලා (සංස්කාරකවරු) මේවාට එන්නෙම නැති තරම්. සමහර වෙලාවට ඇතැම් මාධ්‍යවේදීන්ට පුහුණුවක් තිබ්බත් ඉහළ තලයේ සංස්කාරකවරුන්ට එවැනි අවබෝධයක් නැති වෙන්න හෝ අවබෝධයක් තිබුණත් ඒ ගැන තැකීමක් නැති වෙන්න හෝ පුළුවන්." යනුවෙන් දීපාංජලි අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි. ස්වයං නියාමනය මේ අතර විද්‍යුත් මධ්‍ය තුළ වෘත්තීය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ කඩ වීම "රේටින්ග්ස් හඹා යාමේ සංස්කෘතියක" ප්‍රධාන ලක්ෂණයක් බව ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසයි. අසල්වැසි ඉන්දියාව සහ පාකිස්තානය තුළ දැක ගැනීමට ලැබුණු එම තත්ත්වය මේ වන විට ශ්‍රී ලංකාවේත් බහුලව දැකිය හැකි බව මාධ්‍යවේදිනියක් වශයෙන් ද කටයුතු කර ඇති ඇය පෙන්වා දෙයි. "ඒ වගේම නිවුස් රූම් එකෙන් (ප්‍රවෘත්ති අංශයෙන්) මාධ්‍යවේදීන්ට මොනවගේ නායකත්වයක් ද ලැබෙන්නේ කියන කාරණයත් ඉතා වැදගත්. රිපෝටර් කෙනෙක් යමක් වාර්තා කරන්න යවන්න කලින් එය ආවරණය කළ යුතු ආකාරය ගැන වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් සිදු වෙනවද? එය කෙතරම් වැදගත් දෙයක් ලෙස සලකනවාද? මේ දකින්න තිබෙන දේවල් අනුව එහෙම දෙයක් නම් පේන්න නැහැ." එමෙන්ම විද්‍යුත් මාධ්‍ය ආයතන වෘත්තීය ආචාරධර්ම උල්ලංඝණය කරන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් යම් කිසි නියාමනයක් සිදු කිරීමට ශ්‍රී ලංකාව තුළ නිසි යාන්ත්‍රණයක් නොමැති බව ද ඇය පෙන්වා දෙයි. අනෙක් පසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පුද්ගලිකත්වයට හානි වන සේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක පසුබිමක් ද පවතින බව නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්තිගේ අදහසයි. "සමහර බටහිර රටවල් සමග බලන විට ඒ අය පුද්ගලිකත්වය දෙස බලන විදිහත් අපි ඒ දේ දෙස බලන විදිහත් අතර වෙනසක් මම දකිනවා. ලංකාව තුළ සංස්කෘතික වශයෙන් ගත්තත් පුද්ගලිකත්වය සහ පුද්ගල නිදහස ගැන එතරම් සැලකිල්ලක් නැහැ. බොහෝ විට එකට එකතු වෙලා වාසය කරන ප්‍රජාවක් වශයෙන්, මහ ගෙදර සංකල්පය තුළ පුද්ගලිකත්වය සහ පුද්ගල නිදහස කියන කාරණා සම්බන්ධයෙන් සීමා දැකිය හැකියි." කෙසේ නමුත් වසංගතයක්, ස්වභාවික විපතක් හෝ ව්‍යසන අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනය නිසි මගපෙන්වීමක් නොකරන්නේ නම්, පුහුණුවක් ලබා නොදෙන්නේ නම් ඒවායේ සේවය කරන මාධ්‍යවේදීන් ස්වයං නියාමනයක් (Self regulation) ඇති කර ගත යුතු බව ඇය පවසයි. "මෙවැනි අවස්ථාවල මාධ්‍යවේදියා, තමන්ටම පරීක්ෂාවක් සිදු කර ගත යුතුයි (Self testing mechanism). මට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණොත් මම කොයි විදිහටද ඊට ප්‍රතිචාර දක්වන්නේ. අනෙක් අය මාව කොයි විදිහට දකියිද? මාත් එක්ක කොයි විදිහට ගනුදෙනු කරයිද? කියල සිතිය යුතුයි. නමුත් අපි මාධ්‍යවේදීන් වශයෙන් මොහොතක් නතර වී ඒ දේවත් තමන්ගෙන්ම අහල බලන්නේ නැහැ." කොරෝනා වෛරස් වසංගතය පමණක් නොව විපත් හෝ ව්‍යසන මෙන්ම අතිශය සංවේදී කාරණාවලදී ද ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙතින් ඉහත කී ආකාරයේ හැසිරීමක් දැකිය හැකි බව ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති වැඩිදුරටත් පැවසීය.
යම් හෙයකින් ඔබට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත්, එසේත් නැතිනම් ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කිරීම නිසා නිරෝධායනයට යොමු වීමට සිදු වුවහොත් මාධ්‍යවේදියෙකුට අවසර නොමැතිව ඔබේ රුව සහ ඔබේ නිවසේ දර්ශන පටිගත කළ හැකිද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව, එම සංවිධානවලට අයත් සියලු දේපළ සහ එහි ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත. 2019 අංක 1 දරණ හදිසි අවස්ථා (විධි විධාන) සහ බලතල නියෝග යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධාන ද තහනම් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නමුත් ජනාධිපතිවරයා ඊයේ (අප්‍රේල් 26) මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ, මෙම සංවිධානය තහනම් කිරීමට අවශ්‍ය නීතිරීති ශ්‍රී ලංකාවේ නොමැති බවය. ඒ සඳහා නීතියක් සැකසීම ආරම්භ වී ඇති බවත් ඔහු පැවසීය. මේ අතර, අම්පාර නින්දවූර් ප්‍රදේශයේ ද ආරක්ෂක අංශ අද දින (අප්‍රේල් 27) ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමක දී ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසූ පරිදි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ මරාගෙන මැරෙන කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිටින බව බවට ලද තොරතුරකට අනුවය. ඒ අනුව හමු වූ ද්‍රව්‍ය අතර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් වේ. අම්පාර නින්දවූර් ප්‍රදේශයේ වැටලීම් සොයාගත් ද්‍රව්‍ය අතර ලියාපදිංචි නොකළ වෑන් රථයක් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක් අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරදුහි සැකකරුවන් පිරිසක් රැඳී සිටි නිවසක ඊයේ (අප්‍රේල් 26) සිදු වූ පිපිරීම්වලින් දරුවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයන් පහළොස් දෙනෙකුගේ මියගොස් තිබෙන බව පොලීසිය පැවසීය. මියගිය පිරිස අතර සැකකරුවන්ගේ ඥාතීන් යැයි සැලකිය හැකි කාන්තාවන් තිදෙනෙකු ද සිටි බව පොලීසිය කියා සිටියේය. ඒ අතරම බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාවක් හා දරුවෙකු ද රෝහල් ගත කර ලැබිණ. ආරක්ෂක අංශ සහ සැකකරුවන් අතර වෙඩි හුවමාරු වූ බව වාර්තා වේ. පැය කීපයක් පැවති වෙඩි හුවමාරුවකින් පසු පිපිරුම් ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ. "මේ අතරින් හය දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරකයන් බව සැක කරනවා. දෙමටගොඩ සිද්ධියේ දී වුණා වගේ මේ අවස්ථාවෙත් ආරක්ෂක අංශ අදාළ නිවසට ඇතුළු වෙන්න උත්සහ කරන කොට පිපිරීම් සිදු වුණා," පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර බීබීසී වෙත පැවසීය. වෙඩි තබාගැනීම්වලින් පසු එම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවූ අතර, ආරක්ෂක අංශ තවදුරත් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටී. ආරක්ෂක අංශ සහ සැකකරුවන් අතර වෙඩි හුවමාරු වූ බව වාර්තා වේ "රාත්‍රී අට වෙද්දී මෙහි තත්වය සාමන්‍ය අතට පත්කරළා, යුද හමුදාව අතට ගත්තා. මෙහෙයුමේ දී අපේ කිසිම කිසිම කෙනෙක්ට තුවාලයක් හෝ මරණයට පත් වීමක් වුණේ නැහැ," ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර මාධ්‍ය වෙත පැවසීය. නින්දවුර් ප්‍රදේශයේ සිවිල් වැසින් සැපයූ තොරතුරු අනුව ඊයේ (26) අම්පාරේ දිස්ත්‍රික්කයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්, එම තොරතුරු නිසි වෙලාවට නොලැබුණේ නම් තවත් විනාශයක් වන්නට ඉඩ තිබූ බවත් මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර පැවසුවේය. මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ දිවයිනේ සෑම ප්‍රදේශයකම සිවිල් වැසියන් ලබා දෙන තොරතුරු ආරක්ෂක අංශ නිලධාරින්ට ඉතා වැදගත් බවකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර (වම් පස) ඊයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ බවට සැක කෙරෙන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීය. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇඟලන ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක්, කුඩා යකඩ බෝල ලක්ෂයක් සහ ජෙලග්නයිට් කූරු 150 ක් පමණ ද එහිදී හමු වූ ද්‍රව්‍යවලට අයත් බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය. ඉහත කී ඇඳුම් කට්ටල සහ තිරය, පාස්කු දින ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි සැක කෙරෙන පිරිස විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන පුද්ගලයන් ඇඳ සිටි ඇඳුමට හා එහි වූ පසුබිම් තිරයට සමාන බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය. රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඉහත කී ද්‍රව්‍ය හමු වී තිබේ. ඊයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ බවට සැක කෙරෙන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීය මේ අතර, ත්‍රීරෝද රථයක C4 වර්ගයේ පුපුරණ ද්‍රවය රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඊයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ගෙවී ගිය දිනය තුළ දී සැකකටයුතු පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ඇතැමෙකු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයට (NTJ) අයත් යැයි සැකකරන බව පොලීසිය පවසයි. කල්මුනේ, චළවකඩේ, සමන්තුරය පොලිස් වසම්වල බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ආරක්ෂක අංශ තවදුරත් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටී මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ඊයේ (26) කොළඹ නගරයේ ක්‍රියාත්මක කරන ලද සෝදිසි මෙහෙයුම් අතරතුරදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ තොරතුරුද දැනගන්න:
ජාතික තව්හිත් ජමා'අත් (NTJ) සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අතරින් නිවාස 1,540 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 7,814 ට අර්ධ හානි සිදුව තිබෙන බව වාර්තාවේ. නිවාස හානි වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ නිවාස 658 ක් සම්පුණයෙන්ම විනාශ වී තිබෙන අතර නිවාස 3,314 ට අර්ධ හානි සිදුව තිබේ. රත්නපුර හා කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් නිවාසවලට ද දැඩි හානි සිදුව ඇත. එම නිවාසවල තිබූ බඩු භාණ්ඩ ද විශාල වශයෙන් විනාශ වී ඇති අතර ඉන් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් සත්තමේන්තු කර නොමැත. ගංවතුර බැස ගිය ප්‍රදේශ රැසක ජනතාව මේවන විට තම නිවාස පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ. රජයෙන් පොරොන්දුවක් විනාශයට පත් නිවාස යළි ඉදි කර දෙන බවට රජය ප්‍රතිඥා දී තිබෙන අතර ආපදා සහනාධාර වශයෙන් ලැබෙන විදෙස් මූල්‍යාධාර, නිවාස අහිමිවූවන්ට නිවාස ඉදි කරදීම සඳහා යෙදවීමට අඟහරුවාදා (මැයි 31) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. නිවාස ප්‍රතිසංස්කරණය කිරීම ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ නිවාස සංවර්ධන අධිකාරිය මෙන්ම වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදුවන ආණ්ඩුව පවසයි. විශේෂයෙන් නව නිවාස ඉදි කිරීමේදී නාය යාමේ තර්ජනයට ලක්ව ඇති අවදානම් කලාපවලින් පිටත ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන එම නිවාස එහි ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. දැනට පාසල්, පන්සල් වැනි පොදු ගොඩනැගිලිවල තාවකාලිකව රැඳී සිටින නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකරන තෙක් තාවකාලික කූඩාරම් හෝ ලෑලි නිවාසවල පදිංචි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. පසුගිය වසරේ අරනායක ප්‍රදේශයේ සිදු වූ නාය යාම හේතුවෙන් නිවාස අහිමි වූ පිරිස් තවමත් කුඩාරම්වල ජිවත්වන අතර ඔවුන්ගේ නව නිවාස ඉදිකිරීම් අවසන් අදියරට ළඟා වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යවරයා බදාදා (මැයි 31) කියා සිටියේය.
අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ගංවතුර හා නාය යාම් හේතුවෙන් නිවාස 9,354 ක් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය පක්ෂය ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුන 'පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' රැස්වීම අමතමින් කියා සිටියහ. 2009 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කරගත් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවරක් විධායක ජනපති පදවිය හෙබවූ තැනැත්තෙකුට යළිත් වතාවක් තරඟ වැදීමට තිබූ බාධාව ඉවත් කෙරුණු අතර, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභාද අහෝසි කෙරිණ. මාදුළුවාවේ සෝභිත හිමියන්, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍යවරුන්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගි වී සිටියහ. රැස්වීමට සහභාගිව සිටි ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂඅතුරලිය රතන හිමියන් සභාව අමතන අවස්ථාවේ එහි සිටියේ නැත.
ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කළහොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දැනට රජය වී මිලදී ගැනීම ආරම්භ කර නොමැති නිසා පෞද්ගලික අංශය මගින් රුපියල් විස්සට වී මිලදී ගන්නා බවයි තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි ටි.තුවාදරන් පවසන්නේ . පසුගිය කන්නයේ වී රුපියල් හතළිස් පහක් පමණ වූ මිලකට ගත් නිසා පෞද්ගලික අංශය ද වැඩි මිලකට ගත් බව ඔහු පැවසීය. ‘හිඟන්නන් මෙන්’ රජය වී මිලදි ගැනිම ආරම්භ නොකළ නිසා ‘හිඟන්නන් මෙන්’ තමන්ට වී අලෙවි කිරීමට සිදුව ඇති බව තිරුක්කෝවිල් ‍ ගොවි සංවිධානයේ සභාපති ටි ඥාණසුරියම් කියා සිටියේය. කෘමිනාශක, පොහොර සහ ශ්‍රමය යොදා කුඹුරු කර රුපියල් විස්සට වී විකිණීම තුළ ගොවියාට කිසිම සහනයක් නොමැති බවයි ඔහු පවසන්නේ. මෙම මස 15 වෙනි දින අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනීම ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති පි.බි දිසානායක පවසයි. රජය තමන් රජයේ සේවකයින් නොවන අතර මුලු ජීවිතයම ගැට ගසා ගන්නේ වී වගාවෙන් බව තිරුක්කෝවිල් ගොවි සංවිධානයේ ලේකමි කේ ආනන්ද රාජා කියා සිටියේය. රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසයි. අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සදහා රජය කිසිම සුදානමක් නැති බවත් මේ වන විට අම්පාර දිස්ත්‍රික්කය තුල ගබඩා තිහක පසුගිය කන්නයේ වී ගොඩ ගසා ඇති බවත් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක චෝදනා කරයි. මේ පිළිබඳව විමසීමට වි අලෙවි මණ්ඩලය භාර අමාත්‍ය පි. හැරිසන් ඇමතීමට ගත් උත්සහ අසාර්ථක විය.
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරමිභ වී ඇතත් රජය වී මිල දී ගැනීම ආරම්භ කර නොමැති නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එමෙන්ම, සිද්ධියට සම්බන්ධ සහ තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය ක්‍රියා කරමින් සිටී. අද දින (මාර්තු 10) නාවික හමුදාව තංගල්ල සහ වැලිමඩ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලින් ද කඩු, විවිධ වර්ගයේ පිහි, දුරේක්ෂ, සීඩී තැටි ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ. මන්නාරම, තැන්නේකුඹුර, ගාල්ල, කුලියාපිටිය යන ප්‍රදේශවල ඊයේ (09) ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලින් ද කඩු, පිහි, පුපුරණ ද්‍රව්‍ය මෙන්ම හමුදා ඇඳුමට සමාන ඇදුම් තොගයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි. මැයි 8 දින මාලිගාවත්ත ඛෙත්තාරාම කී‍්‍රඩාංගනය අසළ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් අසල වූ ළිඳක් තුළ තිබී කඩු 58ක්, පිහි 52ක්, ගිනි අවියක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ කීපයක් පොලිසිය භාරයට ගෙන ඇත. එම ළිඳ සම්පූර්ණයෙන්ම ඉස පරීක්ෂා කිරීමේදී තවත් පිහි හයක් සහ වායු රයිෆල් උණ්ඩ තොගයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි තවත් ළිඳකින් පිහි 16ක් සහ කඩු දෙකක් සොයාගත් බව පොලිසිය පවසයි. මේ අතර, කොස්ගම ඇළ මාර්ගයක තිබී ටී 56 ගිනි අවි සදහා යොදන ජීව උණ්ඩ සහිත මැගසිනයක් ද ඊයේ දින (මැයි 09) සොයාගෙන තිබේ. මෙම සෝදිසි මෙහෙයුම්වලින් සොයා ගන්නා කඩු, පිහි ඇතුළු අවි ආයුධ ඇතුළත් රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මාධ්‍යවලටදන්වා තිබේ. යම් සිද්ධියක් හෝ සැකකටයුතු භාණ්ඩ ගැන තොරතුරු දැනගතහොත් 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව ඉල්ලා සිටියි මෙම වැටලීම් සඳහා මහජන සහය තවදුරටත් බලාපොරොත්තු වන අතර, හදිසි අවස්ථාවක දී හෝ සැක කටයුතු දෙයක් පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් දැනුම් දීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ජාතික ආරක්ෂාවට සහ මහජනතාවට තර්ජනයක් වන යම් සිද්ධියක් හෝ සැකකටයුතු භාණ්ඩ ගැන තොරතුරු දැනගතහොත් 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව ඉල්ලා සිටියි. ළමුන් පාසල් යැවිය හැකිද? පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්වය තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා(මාර්තු 06) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලදී. නමුත් දින කීපයක් ගත වුව ද දිවයින පුරා පාසල්වලට සිසුන්ගේ පැමිණීම සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්වයට පත්ව නොමැත. පවතින වාතාවරණය තුළ පාසල් ආරම්භ කළ ද දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයක ද සඳහන් වේ. පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාසල් පැමිණෙන සිසුන් මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ට දරුවන් පාසල් එවීම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ විශ්වාසය තහවුරු කිරීමට නොහැකි වී තිබීම බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. කෙසේනමුත්, අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් දී තිබෙන බව රජයේ නිල වෙබ්අඩවිය සඳහන් කරයි. මේ අතර, පාසල් කටයුතු අඩාල වන අන්දමින් යම් කණ්ඩායම් වැරදි තොරතුරු පතුරවන බවට පැමිණිලි රැසක් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර, ඇතැම් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් එල්ල කරන බවට ද තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ප්‍රහාරයෙන් පසු පළමු වරට මාර්තු 7 වෙනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙයන් පැවැත්වීය මේ තොරතුරුද කියවන්න: විවිධ දේශපාලන අරමුණු, අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. පාසල්වල සෝදිසි කිරීම් ළමුන් පාසලට නොපැමිණියත් ගුරුවරුන්ගේ සහ පාසලේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන් පාසල් ඉදිරිපිට දිවා රාත්‍රී මුර කරන ආකාරය විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබිණි. මේ අතර, එක් එක් පාසලට පැමිණි ළමුන්ගේ ගණන දිනපතා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකරන ලෙස දෙමාපියන් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉල්ලීම් කර තිබේ. "මගේ මාධ්‍ය මිතුරණි, සෑම දිනකම එක් එක් පාසලට පැමිණෙන ළමුන්ගේ සංඛ්‍යාව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න එපා. එයින් අපි නොදැනුවත්වම ලොකු විනාශයක් වෙන්න පුළුවන්," රෝසි ස්ට්‍රෝනැච් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි. මෙමගින් දෙමාපියන් තම දරුවන් පාසල් යැවීම සම්බන්ධයෙන් තවත් අධෛර්යයට පත් වන බව අනුපමා ලියනපතිරණ ද සිය අදහස් දක්වමින් කියා තිබේ. "මාධ්‍ය පොඩි දේවල් ලොකු කරළා පෙන්නනවා. මේ නිසා සමාජය තවත් අධෛර්යයට පත් වෙනවා. අපි අඳුරු යුගයක් පහු කරළා ආවේ. නමුත් ඒ කාලය ඇතුළතත් අපි පාසල් ගමන නැවැත්තුවේ නැහැ." කිතුනු පාසල් සහ දේවමෙහෙයන් බෝම්බ පිපිරීම්වලින් පසු නවතා දමා තිබූ කිතුනු දේව මෙහෙය කොළඹ දිස්ත්‍රික්කයේ දේවස්ථානවල ලබන ඉරිදා සිට නැවත ආරම්භ කරන බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ. දිවයිනේ සෙසු පළාත්වල පවතින ආරක්ෂක තත්වය සළකා බලා දේවමෙහෙයන් යළි ඇරඹීම ගැන තීරණයක් ගන්නා ලෙස රදගුරුතුමන්ලා වෙත දැනුම් දී ඇතැයි ද මැල්කම් කාදිනල් හිමියෝ සඳහන් කළහ. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවේදී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. දැනට වසා දමා ඇති කතෝලික පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය ලබන 14 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි පැවසු උන්වහන්සේ වැඩි දිරටත් කියා සිටියේ, රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් වෙසක් පොහොය පසු වන තුරු නැවත පාසල් වසා තබන බවය. තවත් තොරතුරු:
පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් පසු ආරක්ෂක අංශ දිවයින පුරා සෝදිසි මෙහෙයුම් දියත් කරන ලද අතර, මේ වනවිට වැටලීම් ගණනාවක් ක්‍රියාත්මක කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තායි විපක්‍ෂයේ ක්‍රියාකාරිකයන් 'මැතිවරණය වර්ජනය කරනු' බැංකොක් නගරයේ සිටින බීබීසී වාර්තා කරුවෙක් පවසන්නේ, කාර්ය බහුල නගර මංසන්ධියක් සහ සාප්පු සංකීර්ණයක් යුද පිටියක සිරිය ගත් බවයි. ගැටුම සිදු වෙද්දී මහජනයා සහ වාර්තාකරුවන් ඉවත දිව ගිය බවයි ඔහු පවසන්නේ. වෙඩි තැබීම් සහ පිපිරීම් නිසා කීප දෙනකු තුවාල ලද බවත් , වාර්තා මගින් පැවසෙයි. මෙම මහ මැතිවරණය වර්ජනය කරන තායිලන්ත විපක්‍ෂ ක්‍රියාකාරිකයන් යත්න දරමින් සිටින්නේ, ඡන්ද පත්‍රිකා බෙදා හරිනු ලැබීම අඩාළ කර දැමීමටයි. බලයේ සිටින තායිලන්ත ආණ්ඩුව දූෂිත වූවකැයි පවසන විපක්‍ෂය එය පලවා හැරිය යුතු බවයි, කියා සිටින්නේ. බැංකොක් අගනුවර බොහෝ කලාපයන්හි මෙන් ම ආණ්ඩු පක්ෂයට මහජන ප්‍රසාදය අඩු දකුණු තායිලන්තයේත්, උතුරු හා නැගෙනහිර පළාත්හි වඩාත් ග්‍රාමීය වූ බල ප්‍රදේශයන්හිත් ඉහත කී මැතිවරණ ගැටුම් පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.
තායිලන්ත මහ මැතිවරණය ආරම්භ වීමට දිනක් තිබිය දී ආණ්ඩුවේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් පටන් ගත් බව බැංකොක් අගනුවරින් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් වේ. වාර්තා කිහිපයක් බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 257 ක් රැස් කිරීමට සමත් විය. චමරි අතපත්තුට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාව සශිකලා සිරිවර්ධනයි. ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 24 කි. ඒ අනුව එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පත් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලකුණු 150 සීමාව පසු කළ පළමු අවස්ථාව ද මෙය වේ. වාර්තා කිහිපයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙන ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. වැඩිම ලකුණු ලබා ගත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා එම ස්ථානවලට පත්ව ඇත්තේ ඩෙන්මාර්කයට හා අයර්ලන්තයට එරෙහිවය. ඒ හේතුවෙන් චමරි අතපත්තුගේ ඉනිම ලෝකයේ හොඳම කාන්තා එක් දින ඉනිම ලෙස හැදින්විය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති. ඊට අමතරව ක්‍රීඩිකාවක්, සිය කණ්ඩායම රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයට හිමිකම් කීමේ ලෝක වාර්තාව ද චම්රි අතපත්තු හිමි විය. කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද ? ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් කාන්තා ලෝක කුසලාන තරගයක රැස් කළ පළමු ශතකය මෙය වන අතර ශතක තුනක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශතක රැස් කළ එකම ක්‍රීඩිකාව ද ඇයයි. තරගයෙන් අනතුරුව විස්තර විචාරකයන් සමග අදහස් පළ කරමින් චමරි අතපත්තු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පැවති පුහුණුවීම්වලදී පිරිමි 17 න් සහ 19 න් පහළ වේග පන්දු යවන්නන්ට මුහුණ දී තිබීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට තමන්ට හැකිවූ බවය. පසුගියදා නවසිලන්තය සමග පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර එම තරගයේ දී ද අර්ධ ශතකයක් රැස් කිරීමට චමරි අතපත්තු සමත් විය.
කාන්තා ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (ජුනි 29) පැවති තරගයේ අගනා පිති හරඹයක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත් වූවාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අපේක්ෂකයින් දෙදෙනා ඉදිරියේ දී කරණු ලබන ප්‍රකාශයන් දෙස දැඩි අවධානයෙන් බලා සිටින බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම 06 වෙනිදා දහවල් වවුනියාවේ ස්වර්කා හෝටලයේ දී පවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ ලේකම් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ඇතුළුව උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරණ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සියලු ම නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. තවදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ වැසියන් මුහුණ පා සිටින, යුද අනාථයින් යළි පදිංචි කොට අවසන් නොවීම, ඉඩම් ප්‍රශ්නය නොවිසදීම, ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී දෙමළ ජනයාට සිදු වූ අසාධාරණකම් පිළිබදව සාකච්ඡා නොකිරීම යන හේතූන් මත මේ අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයට ද කවර අපේක්ෂකයාට සහාය දෙන්නේ ද යන්න තීරණය කිරීමට නොහැකිව සිටින බවයි. කෙසේ වෙතත් අපේක්ෂකයින් දෙදෙනා ඉදිරියේ දී කරණු ලබන ප්‍රකාශයන් දෙස දැඩි අවධානයෙන් බලා සිට දෙමළ ජාතික සන්ධානය ද සමග එක්වී අවසන් තීරණයක් ගන්නා බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වලට සාධනීය විසදුමක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනාගෙන් ම මෙතෙක් ප්‍රකාශ නො වීම නිසා දෙමළ ජාතික සන්ධානයත්, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයත් සහාය පළ කරන්නේ කා හට දැයි යන්න ස්ථිරව ම තීරණය කොට නැතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් 6 වෙනි දා දහවල් වවුනියාවේ දී පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2008 වසරේ මාලඹේ ප්‍රදේශයේ පිහිටි කල්වාරි නමැති කිතුනු දේව මධ්‍යස්ථානයට පහරදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කොට තිබිණි. ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය ගත් තීන්දුව නීතියට පටහැණි බව නීතිපතිවරයා සිය පෙත්සමේ සඳහන් කරයි. ඒ අනුව මහාධිකරණයේ තීන්දුව බල රහිත කොට වරදකරුවන්ට දඬුවම් පනවන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි. ඉල්ලීම සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම ජනවාරි මස 20 වනදා විභාගයට ගැනීමට නියම කළේය.
කිතුනු දේව මධ්‍යස්ථානයකට පහරදීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් 13 දෙනකු යළි ඊට වරදකරුවන් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කිලිනොච්චියේ දී කොමිසම හමුවේ ඇය පවසා ඇත්තේ තම සැමියා වෙනුවෙන් යුක්තිය පතා අධිකරණය හමුවට යාමෙන් අනතුරුව තමනුත් තර්ජනයට ලක් වී සිටින බවයි. එසේ හෙයින් කොමිසමින් තමන් ආරක්ෂාව ඉල්ලා සිටි බව ද උතුරු පළාත් සභා මන්ත්‍රී වරිය බීබීසී යට කියා සිටියාය. එලිලන් 2006 ත්‍රිකුණාමල යේදී ආනන්දි සසිදරන්ගේ සැමියා වන්නේ වවුනියාව, ත්‍රිකුණාමල දෙ පලාතේ එල්ටීටීඊ දේශපාලන අංශ නායක සින්නදුරෙයි සසිදරන් හෙවත් එලිලන්. ඔහු භාර දීමේ සාක්ෂියට රජයේ හමුදාව විසින් කැඳවනු ලැබූ කතෝලික පූජක වරුන් දෙ පල ද ආ ගිය අතක් නැති බවයි මන්ත්‍රී වරිය කොමිසමට පවසා ඇත්තේ. 'පුනරුත්ථාපන සැලසුම්' මීට අමතරව, තමන් එල්ටීටීඊ සාමාජිකාවක් ලෙස අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමේ සැලසුම් පිළිබඳ ව දේශපාලකයන්, නිලධාරීන් හා ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් පළ කොට ඇති පුවත් පත් වල පිටපත් ද කොමිසමට භාර දුන් බව ආනන්දි සසිධරන් බීබීසී යට කියා සිටියාය. අතුරුදහන් වුවන් පිලිබඳ තොරතුරු සොයා බලන ජනාධිපති කොමිසම පවසන්නේ උතුරේ විමසීම් ආරම්භ කළ සෙනසුරාදා පටන් 200ක් පමණ ජනතාව තමන් හමුවට ආ බවයි. මේ වන විට සාමාන්‍ය වැසියන් අටදහසක ගේත්, සොල්දාදුවන් පන්දහසක ගේත් ඥාතීන් තම සරණ පතා සිටි බවයි කොමිසම පවසන්නේ.
දහස් ගණනක් ජනතාව හමුවේ 2009 දී ශ්‍රී ලංකා රජයේ යුද හමුදාවට භාර දුන් හිටපු එල්ටීටීඊ නායකයකු වන තම සැමියා මෙන් ම සාක්ෂි කරුවන් දෙදෙනකු ද අතුරුදහන් වී ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිධරන් ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රකාශ කළාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"එයට හදවත ගැහෙන වේගයද මනින්න පුළුවන්" මිර්නා නිල්සන් 2016 දී ඝාතනය වන විට ඇය 'ඇපල්' අත් ඔරලෝසුවක් පැළඳගෙන සිටියාය. මිර්නාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ලේලිය වන කැරොලයින් නිල්සන්ට චෝදනා එල්ල විය. නමුත් ඇය පවසා සිටියේ නිවසට ඇතුළු වූ පුරුෂයන් කණ්ඩායමක් සිද්ධිය වන අවස්ථාවේ ඇයව බැඳ දමා තිබූ බවයි. නමුත්, කැරොලයින් පවසා සිටියාට වඩා පැය කීපයකට පෙර මිර්නා නිවසට ඇතුළු වී ඇති අතර, සැඟවී සිට පහර දී ඇයව ඝාතනය කර ඇති බවට 'ස්මාර්ට්' අත් ඔරලෝසුවේ සටහන් වූ දත්තවලින් හෙළි විය. 'සැඟවී සිට පහර දීම' පිරිසක් මෝටර් රථයකින් නැන්දම්මා ලුහුබඳිමින් නිවස දක්වා පැමිණි බව කැරොලයින් පොලිසියට ප්‍රකාශ කර සිටියාය. නැන්දම්මා සහ මෙම පිරිස අතර මිනිත්තු විස්සක පමණ කාලයක් බහින්බස් වීමක් සිදු වූ අතර, එම අවස්ථාවේ දී කැරොලයින් නිවසේ මුළුතැන් ගෙට වී දොර වසා ගෙන සිටි නිසා පහර එල්ල කරන ශබ්දය ඇසී නැති බව කැරොලයින් පැවසූවා යැයි ABC පුවත් වාර්තා කර තිබිණි. රාත්‍රී දහයට පමණ කැරොලයින් ඉතා කලබලයට සහ දුකට පත්ව නිවසින් පිටතට එනු දුටු අසල්වැසියෙකු ඒ පිළිබද පොලීසියට දන්වා ඇත. ප්‍රහාරකයන් තමන්ව බැඳ දමා තිබුණත්, ඔවුන් නිවසින් පිටත් වූ පසු බැමි ලිහා ගෙන පිටතට පැමිණි බව කැරොලයින් පවසා ඇත. නමුත් මිර්නාගේ 'ස්මාර්ට්' අත් ඔරලෝසුවේ සටහන් වී තිබුණ දත්ත අනුව කැරොලයින් අසත්‍ය ප්‍රකාශ ලබා දෙන බව ඔප්පු කළ හැකි යැයි පැමිණිල්ලේ නීතීඥ කාමෙන් මැටේඕ පැවසුවාය. 2016 සැප්තැම්බර් මස, ඕස්ට්‍රේලියාවේ වැලී වීව් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ රෙදි සෝදන කාමරයක තිබී පනස්හත් හැවිදිරි මිර්නාගේ සිරුර සොයා ගන්නා ලදී. මේ තොරතුරුද දැනගන්න: 'සාක්ෂි' "ඇපල් ස්මාර්ට් අත් ඔරලෝසුවෙන් ලබා ගත් සාක්ෂි මත පදනම්ව කැරොලයින් පොලීසියට දීලා තිබෙන ප්‍රකාශ අසත්‍යයි කියා ඔප්පු කරන්න පුළුවන්" යැයි කාමෙන් පැවසුවාය. "මේ වගේ ඔරලෝසුවකට පුළුවන්... එහි තිබෙන සංවේදක මඟින් පුද්ගලයෙකුගේ චලනය සහ එය පැළඳගෙන සිටින පුද්ගලයා චලනය වන වේගය ගැන දත්ත ගබඩා කර ගන්න... එයට හදවත ගැහෙන වේගයද මනින්න පුළුවන්," ඇය පැවසීය. "මියගිය කාන්තාවට පහර දී ඇත්තේ සවස 6.38 ට පමණ. සවස 6.45 වෙද්දී ඇය අනිවාර්යයෙන්ම මිය ගිහින් තිබෙනවා" යැයි කාමෙන් පැවසුවාය. "අධිකරණය මේ සාක්ෂිය පිළිගතහොත්, මියගිය කාන්තාව සහ පුරුෂයන් අතර නිවසේ රෙදි සෝදන කාමරයෙන් පිටත විනාඩි විස්සක කාලයක් බහින්බස් වීමක් සිදු වූ බවට චූදිතයා ඉදිරිපත් කරන තර්ක බිඳ වැටෙනවා." "කැරොලයින් නිවසින් එළියට පැමිණ ඇත්තේ රාත්‍රී 10 ට පමණ. නමුත් ඇපල් අත් ඔරලෝසුවේ සටහන් වී ඇති දත්ත සාක්ෂි ලෙස පිළිගතහොත්, ඇය එළියට පැමිණ ඇත්තේ ප්‍රහාරය එල්ල කර පැය තුනකට පසුව බව ඔප්පු වෙනවා," කාමෙන් තවදුරටත් පැවසුවාය. "පැමිණිල්ලේ නඩුව ශක්තිමත් බව පෙනෙනවා" යැයි සඳහන් කළ මහේස්ත්‍රාත් ඔලිවර් කොඑන් කැරොලයින්ට ඇප දීම ප්‍රතිෂේප කර ඇත. ලබන ජූනි මස නැවත මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය. තවත් තොරතුරු: ලෝකයේ උසම ඔරලෝසු කණුව ඉන්දියාවේ
'ඇපල්' සමාගම විසින් නිෂ්පාදනය කරන අත් ඔරලෝසුවක සටහන් වී තිබූ දත්ත, මිනීමැරුම් නඩුවක සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක්... නමුත්, ඉතිහාසයේ කිසිම දවසක ජාත්‍යන්තර පාසල්වල සිසුන් පෙනී සිටින විභාගවල ප්‍රතිඵල සමස්ත රටේ දරුවන් පෙනී සිටින ප්‍රතිඵල සමග කලවම් කරලා නැහැ," යනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ජනවාරි පළමුවෙනිදා පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ඉහත ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතාවගේ දැඩි විවේචනයට බඳුන් වී තිබේ. "මම අභියෝග කරනවා අධ්‍යාපන අමාත්‍යවරයාට හෝ කොමසාරිස් ජෙනරාල්වරයාට හෝ වෙනත් ඕනෑම නිලධාරියෙකුට පුළුවන්නම් පෙන්නන්න කියලා, මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන සිසුන් සමග මුදල් ගෙවා වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල්වල තත්වය සමාන කරපු අවස්ථාවක්." බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කළේ අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් ගැන ජාතික පුවත්පත්වල පළවූ ඡායාරූප පෙන්වමිනි. "මේ දරුවන්ට විභාගයට පෙනී සිටින්නත් බැහැ මම ඉන්න කාලේ රජයේ අයදුම්කරුවන් විදියට," ඔහු තවදුරටත් පැවසීය. එමෙන්ම, මෙවර උසස් පෙළ ප්‍රතිඵල එලෙස නිකුත් කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා වන කුමන්ත්‍රණයක් ලෙස තමන් දකින බව ද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය. මේ තොරතුරුද කියවන්න: "මේ දරුවන්ට විභාගයට පෙනී සිටින්නත් බැහැ මම ඉන්න කාලේ රජයේ අයදුම්කරුවන් විදියට" නැවතත් ජනවාරි දෙවෙනි දා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කෙතරම් විවේචන එල්ල වුවද තම පාර්ශවය රජයේ පාසල් සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බවය. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය "පිළිකුල් සහගත" බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබිණ. රට තුල සිටින සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය හැදෑරීමේ සම අයිතිය ගැන ද අමාත්‍යවරයා එම නිවේදනයෙන් අවධාරණය කර තිබිණි. එමෙන්ම, ජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන පාසලක අධ්‍යාපනය හැදෑරුව ද ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය මූලික සුදුසුකම් සපුරන ලද ඕනෑම පුරවැසියෙකුට ඕනෑම විභාගයට පෙනී සිටීමට කිසිදු බාධාවක් නොමැති බව ද එම නිවේදනයේ දැක්වේ. කවුද මේ බන්දුල ගුණවර්ධන? බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහත කී ආකාරයේ ප්‍රකාශයක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවට සමාජ ජාල ඔස්සේ ඇතැමෙක් තර්ක කරති. දේශපාලනයට පිවිසීමට පෙර උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා 2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කටයුතු කළේය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ උපත ලැබූ බන්දුල ගුණවර්ධන රෝමානු කතෝලික පාසලකින් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේය. කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඔහු වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීය. පසුගිය වසරේ දී ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමිණි අධ්‍යාපන අමාත්‍යධුරය දරන කාලයේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ පෞද්ගලික පාසල් සම්බන්ධීකරණය කිරීමේ අංශයක් පවත්වාගෙන යෑමට ඔහු කටයුතු කර තිබේ. එමෙන්ම, ඔහු අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන් ද පාසල් මට්ටමේ කඩඉම් විභාගවලට පෙනී සිට ඉහළ ස්ථාන හිමිකර ගැනීමට සමත් වී ඇති බව නිලධාරීන් තහවුරු කර ඇතැයි අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ. කෙසේ නමුත් බන්දුල ගුණවර්ධන විසින් දේශපාලන වේදිකාවේ පළ කරන ලද ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් මතභේද හටගත් පළමු අවස්ථාව ද මෙය නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ බන්දුල ගුණවර්ධන වරක් රුපියල් 2,500කින් මාසයක් ජීවත් විය ආකාරය ගැන මිල සූත්‍රයක් ඉදිරිපත් කළේය. නමුත්, ජනතාවගෙන් සහ විපක්ෂයෙන් ඒ අවස්ථාවේ ඔහුට දැඩි විවේචන එල්ල විය. තවත් තොරතුරු: bandhula එමෙන්ම පෝට් සිටි ව්‍යාපෘතියේදී මුහුද ගොඩකර නිමැවෙන භූමියෙන් කොටසක් අදාළ චීන සමාගමට සින්නක්කරව පැවරීම සම්බන්ධයෙන් 2017 වසරේ දී ඔහු කළ ප්‍රකාශයක් සාවද්‍ය බව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී තහවුරු විය. වරාය නගරය චීන සමාගමට සින්නක්කරව පැවරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව එකඟ නොවූ බව ඔහු 2017 වසරේ ජනවාරි මස 10 වෙනි දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එවැන්නක් සඳහන් ගිවිසුමක් වේනම් එහි පිටපතක් තමන්ට සපයන ලෙසත් එය තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ද වැදගත්වන බවත් මන්ත්‍රීවරයා එදින ප්‍රකාශ කළේය. ඉන් දින කීපයකට පසුව පැවති මාධ්‍ය හමුවේ දී බීබීසී වාර්තාකරු විසින් අදාළ ගිවිසුමේ පිටපතක් බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අතට පත් කළ අතර එහිදී ඔහු කියා සිටියේ වරාය නගරය චීන සමාගමට සින්නක්කරව පැවරීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තීබීයැයි තමන් දැනගත්තේ එදින බවය. ඔහුගේ ප්‍රකාශය හරිද? වැරදිද? ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශය නිවැරදි බව පවසමින් ඇතැමුන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය අදහස් පළ කර තිබේ. පොදුවේ ගත් කළ එම අදහස්වලින් මතු කරන කාරණය නම්, පෞද්ගලික පාසල්වල ළමුන් සහ රජයේ පාසල්වල ළමුන් විභාග ප්‍රතිඵලවලින් එක පෙළට තැබුවේ කෙසේ ද යන්නය. එමෙන්ම, පෞද්ගලික පාසලේ නම සඳහන් කරමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍යංශයට දැඩි විවේචන එල්ල කර තිබේ. පෞද්ගලික අයදුම්කරුවන් පිළිබඳ ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිර්දේශවල සඳහන් වන්නේ මෙසේය: "පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට ඉල්ලුම් කළ හැක්කේ පාසලෙන් අස්වීමේ සහතික ලබා ඇති අයදුම්කරුවන්ට පමණි. පාසලේ ඉගෙන ගනිමින් ම පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට අයදුම් කිරීමේ සපුරා තහනම් වේ. එසේ පෙනී සිටීමක් අනාවරණය වුවහොත් විභාග ප්‍රතිඵල අවලංගු කොට ඉදිරි විභාග සඳහා පෙනී සිටීම ද තහනම් කරනු ලැබේ." සෑම දරුවෙකුටම එක සමාන සැලකුම් නමුත්, මානව හිමිකම් අනුව රටක ඕනෑම පුරවැසියෙකුට අධ්‍යාපනය හැදෑරීමේ සම අයිතිය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක තුළ ද අන්තර්ගත වී තිබේ. ජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන පාසලක අධ්‍යාපනය හැදෑරුව ද ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය මූලික සුදුසුකම් සපුරන ලද ඕනෑම පුරවැසියෙකුට ඕනෑම විභාගයට පෙනී සිටීමට කිසිදු බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිකුල් සහගත බව සඳහන් කරමින් වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ එමෙන්ම, එකම විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පාසල, ජාතිය ආගම කුලය අනුව වෙන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රම වේදයක් නොමැති බව සහ විභාග පැවැත්වීමේ දී සහ ප්‍රතිඵල නිකුත් කිරීමේදී විභාග දෙපාර්තමේන්තුවට එවැනි අකටයුතුකම් සිදු කිරීමට නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය. මානව හිමිකම්වලට පටහැණි ද? හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමක දී අදහස් දැක්වූ නීතිවේදිනී නන්දිතා මාධවී ජයවීර කියා සිටියේ "ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය අනුව, අධ්‍යාපන ලැබීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස හඳුනාගෙන තිබෙනවා" යනුවෙනි. "ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය අනුව, අධ්‍යාපන ලැබීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස හඳුනාගෙන තිබෙනවා" "දරුවෙකුට පෞද්ගලිකව හෝ පාසල් හරහා විභාග වලට පෙනී සිටීමට අයිතිවාසිකම් තිබෙනවා. එය පවතින රජයේ වගකීමක්. ව්‍යවස්ථාවේම ස්ථාපිත කරන ලද අයිතිවාසිකම් ගැන මෙසේ කථා කිරීම විහිළුවක්," යැයි ඇය තවදුරටත් පැවසීය. ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනෙකු මෙම ප්‍රකාශයට විරුද්ධ මත පළ කර තිබිණි. මේ අතර, කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලෙන් 2008 වර්ෂයේ දී අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් ට්විටර් පරිශීලකයෙකු තම විභාග ප්‍රතිඵල වාර්තාව දක්වමින් පණිවිඩයක් නිකුත් කර තිබිණි. "මෙම දැරියගේ අයදුම්පත අධ්‍යාපන සභාව පිළිගෙන තියෙනවානම්, ඇය අන් දරුවන් සේම දේශීය විෂය නිර්දේශයට එකම වේලාවක දී මුහුණ දුන්නේනම්, ඇයගේ මේ ජයග්‍රහණය අවතක්සේරුවට ලක් කිරීම සහ වැරදි ලෙස අර්ථ නිරූපනය කිරීම හරිම කුහක කමක් සහ හාස්‍යජනකයි," නීතිවේදිනිය පැවසුවාය. "මේ වගේ ප්‍රකාශ කිරීමෙන් දැනට අධ්‍යාපන ලබන දරුවන් අතර අනවශ්‍ය ගැටලු හා ගැටුම් ඇති වෙනවා." තවදුරටත් අදහස් දැක්වූ නීතිවේදිනී නන්දිතා මාධවී ජයවීර, "පෞද්ගලික පංති පැවත්වූ හිටපු ගුරුවරයෙක් සහ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් ⁣කරන මෙවැනි කුහක ප්‍රකාශ ගැන ඇත්තේ හුදෙක් කලකිරීමක්" යනුවෙන් ද සඳහන් කළාය. මෙරට දරුවන්ට රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම පාසලක අධ්‍යාපන හැදෑරීමට අයිතිවාසිකමක් තිබෙන අතර, එය අභියෝගයට ලක් කිරීමට හෝ ඒ මග අහුරාලීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
"ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර පාසලක දැරිවියක් උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙනවා."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම උසාවි නියෝගය නිකුත් කෙරුණේ, තවත් බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වූ හතළිස් එක් දෙනකුගෙන් සැදුම් ලත් සරණාගතයන් කණ්ඩායමක් එරට නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට භාර දෙන ලද බව ඔස්ට්‍රේලියාව විසින් තහවුරු කරනු ලැබීමෙන් ස්වල්ප වේලාවකට පසුවයි. අඟහරුවාදා පස්වරු හතර දක්වා මෙම තාවකාලික අධිකරණ නියෝගය බල පැවැත්වෙන බවයි ඕස්ට්‍රේලියාව බලා පැමිණෙන සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් සංවිධානයේ ප්‍රකාශක ඉයන් රින්ටෝල් පවසන්නේ. බලාපොරොත්තුවක් “අපිට මේ වෙන කොට තාවකාලික තහනම් නියෝගයක් තියනවා. හෙට (අඟහරුවාදා) හවස ලබා දීමට බලාපොරොත්තු වෙන උසාවි ප්‍රතිඵල වලින් තීරණය කරයි මේ තාවකාලික නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද කියන දේ. අපේ නීතිඥයෝ බලාපොරොත්තු වෙනවා ඔවුන්ට නැවතත් ඕස්ට්‍රේලියාවට එන්න ඉඩ දෙයි කියල” යනුවෙන් ඉයන් රින්ටෝල් බීබීසීය වෙත අදහස් දක්වමින් පැවසීය. රැකවරණය පතා පැමිණි පිරිසගේ මූලික අයිතිවාසිකම් ඕස්ට්‍රේලියාව විසින් කඩ කරනු ලැබ තිබේද යන්න පිළිබඳ අධිකරණය මගින් විභාග කිරීමට නියමිත බවත් ඉයන් රින්ටෝල් පැවසුවේය. රඳවා ගෙන සිටින බව පැවසෙන පිරිස සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව තවමත් කිසිවක් ප්‍රකාශ කොට නැති නමුත් හෙට පැවැත්වෙන අධිකරණ විභාගයේදී රැකවරණය පතා පැමිණි පිරිස තමා විසින් රඳවාගෙන සිටිනවාද නැද්ද යන්න අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට සිදු වනු ඇති බවත් ඉයන් රින්ටෝල් බීබීසීයට කියා සිටියේය. සුනඛයෙක් මුහුද මැදදී නවතාලීමේ සිට ආපසු ලංකාවට යැවීම දක්වා ඔස්ට්‍රේලියානු බලධාරීන් මුනිවත රැකි නමුත් පළමු වරට ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් ජුනි මාසයේ අග භාගයේදී මොවුන් මුහුද මැදදී නවතා ලූ බව ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ පිළිගත්තේය. ආපසු හරවා යැවූ සරණාගතයන් 41 දෙනා සමඟ බෝට්ටුවේ සිටි සුනඛයෙකුද ශ්‍රී ලංකාවට පිටත් කර හළ බව අමාත්‍ය ස්කොට් මොරිසන් පැවසීය. ශ්‍රී ලංකාවට භාර දී ඇති සරණාගතයන් හතළිස් එක් දෙනාගෙන් තිස්හත් දෙනෙක් සිංහල ජාතිකයන් වන අතර සෙසු හතර දෙනා දෙමළ ජාතිකයන්. මේ වන විට පොලිස් භාරයේ සිටින මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිට වී ඇති පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද පොලිස් ප්‍රකාශක බීබීසීයට පැවසීය.
බෝට්ටු මගින් ලඟා වී සිටින ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් එක සිය පනස් තුන් දෙනෙක් ආපසු හරවා යවනු ලැබීම වළක්වමින් ඕස්ට්‍රේලියානු මහාධිකරණය තාවකාලික තහනම් ආඥාවක් නිකුත් කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රෝහල්ගතව සිටියදී මව රැක බලා ගත් ශුහ්රා ශුහ්රා කූෆි බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පත් වී සිටියාය. ඒ මොහොතේ ඇයගේ මව වෙඩි ප්‍රහාරයකට ලක්වී සිටියාය. ඒ කාබුල් නුවර බලා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ය. ශුහ්රා ගේ මව ඇෆ්ගනිස්ථානයේ පාර්ලිමේන්තුවට දෙවරක් තේරී පත් වූ මන්ත්‍රීවරියකි. "මම ඒ වෙලාවේ හොඳටම බය වුණා. මම හිතුව මට මගේ අම්ම අහිමි වුණා කියල. ඒත් මම ඒ වෙලාවේ මාව පාලනය කරගන්න උත්සාහ කළා. මගේ අම්මට මේ වෙලාවේ මගේ පිහිට අවශ්‍ය බව මට තේරුණා." ශුහ්රා පැවසුවාය. ප්‍රහාර දෙකක් ෆව්සියා කුෆී, ඇෆ්ගන් මූලධර්මවාදීන්ට එරෙහිව සෘජුව කතා කරන කාන්තාවකි. සාම සාකච්ඡා මේසයේ දී තාලිබාන්වරුන්ට ඇය අභියෝගයක් වූවාය. "අපි මේ මාර්ගය තෝරාගෙන හමාරයි. අපි දිගටම ඒ මාර්ගයේ යනවා." නමුත් ඒ වෙනුවෙන් සිය දේශපාලන දිවිය තුළ ඇය ගෙවූ වන්දි බොහෝ ය. 2010 දී ඇය සමඟ ගමන් ගත් රථ පෙළට ප්‍රහාරයක් එල්ල විය. මේ වසරේ අගෝස්තුවේ දී, මග රැක සිටි ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකට ද ඇය ගොදුරු වූවාය. ඇය අසල සිටි බාල ම දියණිය මේ ප්‍රහාර දෙකම සියැසින් දුටුවාය. ශුහ්රා දැන් විසි හැවිරිදි ය. මෙම ප්‍රහාර එල්ල වූ මොහොතේ තමන්ට දැනුණු හැඟීම ඇය බීබීසී සමග විස්තර කළාය. කෙතරම් භයානක අනතුරක් තමන් හා මව ඉදිරියේ තිබියදීත් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් සිය මව දිගටම ඒ සටන ගෙන යායුතු බව මේ දියණිය සිතන්නේ මන්ද? සතුරා අභිමුව ෆව්සියා සහ ශුහ්රා, පසුගිය අගෝස්තු 14 වැනිදා පර්වාන් සිට කාබුල් නුවර බලා පැමිණෙමින් සිටියහ. පර්වාන් යනු ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට උතුරින් පිහිටි පළාතකි. ෆව්සියා සිය දියණියන් දෙදෙනාම හදා වඩා ගත්තේ දේශපාලන ජීවිතය ද ඉදිරියට ගෙන යන අතරතුර ය අතරමග වූ හින්දු කෝවිලක සුන්දරත්වය මොවුන්ගේ අවධානයට ලක්විය. "අම්ම කිව්වා ඒ කෝවිල හරිම ලස්සනයි කියල. රතු සහ කොළ පැහැති විදුලි බුබුළුවලින් මේ කෝවිල සරසල තිබුණ." ශුහ්රා මතකය අවදි කළාය. යම් සැක සහිත දසුනක් එකිනෙහිම ඔවුන් ඇස ගැටුණි. "වාහන දෙකක් අපිව ලුහුබඳින බව අපි දැක්ක. අපි දන්නේ නැහැ මේ වාහන දෙක කොහේ ඉඳල මතු වුණාද කියල." තව මොහොතකින් තමන් වටකර ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි යන බියකරු හැඟීම ශුහ්රා සහ ෆව්සියාට ඇති විය. "ප්‍රහාරය එල්ල වෙන්න මොහොතකට පෙර කළු පාට කාර් එකක් අපව ඉස්සර කළා. අපේ රියදුරා නලාව ශබ්ද කළා. ඒ වෙලාවේ තමයි අපිට පිටුපසින් වෙඩි සද්දේ ඇහුනේ. එක ඇහුනේ අම්ම වාඩි වෙලා හිටිය පැත්තෙන්. අම්ම වාඩි වෙලා හිටියේ වාහනේ දකුණු පැත්තේ." වෙඩි ශබ්ද දෙකක් ඇසුණු බව ශුහ්රා ගේ මතකයේ ඇත. පළමු වෙඩිල්ල ඔවුන් සිටි වාහනයට වැදී නැත. ෆව්සියා සමඟ පසු පස ආසනයේ වාඩි ලා සිටියේ ශුහ්රා ය. තම මවගේ හිස ආවරණය කර ගැනීමට ශුහ්රා උත්සාහ කළාය. අසුන යටට පහත් වන්නැයි ඇය මවට පැවසුවාය. ඉදිරියෙන් සහ පසුපසින් වාහන දෙකකට මැදිවීම වළක්වා ගැනීම සඳහා ෆව්සියා ගේ රියදුරු තම වාහනයේ වේගය වැඩිකර ඉදිරියට ඇදුණේය. ප්‍රහාරකයා කවුරුන්ද යන වග හඳුනාගැනීමට කිසිවෙකුට ඉඩක් නොලැබිණ. "අපිට පලා යනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. නැත්නම් ඔවුන් තවත් වතාවක් අපට වෙඩි තියනවා." සැඟවී සිට පහරදීම තම මව ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල වනු ශුහ්රා දුටුවේ පළමු වතාවට නොවේ. හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ද රෝහලට පැමිණියේය ඒ 2010 වසරයි. ඒ වන විටත් ෆව්සියා කූෆි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. එවක ඇෆ්ගන් ජනාධිපතිවරයා වූ හමීඩ් කර්සායි ගේ සමීප ආධාරකාරියකි. ඇය රැගත් රථ පෙළ පිටිසර බද කලාපයක් වූ නන්ගර්හාර් ප්‍රදේශය හරහා ඇදෙමින් තිබුණි. හදිසියේම සැඟවී සිටි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල විය. "ඒ වන විට මගේ වයස අවුරුදු දහයයි. මම වාහනේ පසුපස ආසනේ වාඩි වෙලා හිටියේ. මගේ දෙපැත්තෙන් වාඩි වෙලා හිටියේ අම්මයි අක්කයි." ශුහ්රා විස්තර කරන්නීය. "මට තාම මතකයි ඒ වෙඩි හඬ. එක දිගටම වෙඩි තියන්න පටන් ගත්තා." එම ප්‍රහාරයෙන් ෆව්සියාට අනතුරක් සිදු නොවුණි. පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඇයගේ රථ පෙළ ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙන යන ලදී. අනතුරුව කාබුල් නුවර බලා ගුවනින් ගෙන යාමට කටයුතු යොදා තිබිණි. "ඒ වෙලාවේ හැම කෙනාම බිරාන්ත වෙලා හිටියේ. ඒත් අම්මටවත් වෙන කාටවත් කිසිම අනතුරක් නොවීම ගැන අපි සතුටු වුණා. ඒත් මේ වතාව ඊට වඩා වෙනස්." 2010 දී එල්ල කළ ප්‍රහාරයේ වගකීම තාලිබාන් ව්‍යාපාරය භාර ගෙන තිබුණි. "ඒ වෙලාවේ ඒක දරාගන්න අපිට පුළුවන් වුණා. මොකද, අපි දැනගෙන හිටිය කවුද ඒක කළේ කියල. ඒත් දෙවැනි වතාවේ, ප්‍රහාරය කාගේ වැඩක්ද කියල කවුරුවත් දන්නේ නැහැ. කිසිම කෙනෙක් වගකීම භාර ගෙන නැහැ. ඒ නිසා ලොකු බයක් දැනෙනවා. අපේ පවුලට ඒක දරා ගන්න අමාරුයි." ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය ෆව්සියා වගේම දියණියන් දෙදෙනා ද හැදී වැඩුණේ හතර අත ප්‍රචණ්ඩත්වය දකිමින් ය. ඇතැම් විට පවුලේ සාමාජිකයෙකු ද ඊට ගොදුරු වූවන් අතර සිටියේය. ෆව්සියාගේ සුව දුක් බැලීමට පැමිණි අමුත්තන් ශුහ්රාගේ මව් පාර්ශවයේ සීයා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු ද ඝාතනයට ලක් විය. එම ඝාතනය සිදු කරන ලද්දේ මුජහිදීන් ව්‍යාපාරය විසිනි. ශුහ්රාගේ පියා තාලිබාන් කැරලිකරුවන්ගේ සිරකරුවෙකු බවට පත්වීමෙන් පසුව ක්ෂය රෝගය වැළඳී මිය ගියේය. ඒ වන විට ශුහ්රා කුඩා දැරියක් වුවාය. ෆව්සියා සිය දියණියන් දෙදෙනාම හදා වඩා ගත්තේ දේශපාලන ජීවිතය ද ඉදිරියට ගෙන යන අතරතුර ය. "මම දිගටම ජීවත් වුණේ පවුලේ කෙනෙක් මට අහිමි වේවි කියල බයෙන්. මම කවදාවත් සාමාන්‍ය ජීවිතයක් අත්විඳලා නැහැ. නමුත් ඒ කිසි දෙයක් නිසා මා වෘත්තිකයෙකු වීමේ සිහිනය නතර වුණේ නැහැ." ශුහ්රා පැවසුවාය. 'මම හිතන්නේ මට තුවාල වෙලා' පර්වාන් සිට කාබුල් බලා එමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයේ දී, මෙතෙක් කාලයක් හිතේ දරාගෙන සිටි ඒ භීතියට ශුහ්රා ඇත්තටම මුහුණ දුන්නාය. පළමු ප්‍රහාරයට මුහුණ දුන්නේ දියණියන් දෙදෙනා ම ඉදිරිපිටදී ය "වෙඩි තියල තත්පර කීපයයි ගියේ. අම්ම මගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන ඉඳල කිව්වා, 'මං හිතන්නේ මට තුවාල වෙලා' කියල. මට කවදාවත් ඒ බැල්ම අමතක වෙන්නේ නැහැ." ශුහ්රා කීවාය. සිදු වී ඇත්තේ කුමක්දැයි ශුහ්රා තේරුම් ගත්තාය. නාඳුනන වෙඩික්කාරයාගේ තුවක්කුවෙන් ගිලිහුණු පතුරමක් වාහනයේ පිටුපස තහඩු සිදුර කරගෙන, ආසනය ද පසාරු කරගෙන විත් මවගේ උරපත්තට පහලින් දකුණතට වැදී ඇති බව ශුහ්රා දුටුවාය. "මට ඒ වෙලාවේ හිතුණා අම්ම මට සදහටම නැති වුණා කියල. මම එක දිගටම කියන්න පටන් ගත්ත 'අනේ අම්මේ ඇස් පියාගන්න එපා, මට කතා කරන්න' කියල. මම උත්සාහ කළා ඇයව අවදියෙන් තබාගන්න." වෙඩි ප්‍රහාරය තවමත් අවසන් වී නැතැයි යන භීතිය තවමත් ශුහ්රා තුළ පවතී. ඇය කලබල වී හඬන්නට වූවාය. "මම අම්මගේ ඔලුව පහත් කරගෙන මමත් පහළට නැමුණා. 'ඔලුව උස්සන්න එපා, උන් ආයෙත් වෙඩි තියයි' කියල මම අම්මට කිව්වා." "ලෙයින් තෙත් විය" ශුහ්රා තමන් සතුව ඒ මොහොතේ පවතින දෙයින් ප්‍රයෝජන ගත්තාය. ඇය සළු පටින් (scarf) සිය මවගේ අත වෙලන්නට පටන් ගත්තේ රුධිරය ගලා යාම නැවත්වීම සඳහා ය. මේ වන විට ඇයගේ මව සිටියේ එතරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොවේ. ඇය කොරෝනාවෛරසයට ගොදුරු වී සිට සුවය ලැබුවා පමණි. සිරුරේ යකඩ ඌනතාවක් ද පැවතිණි. "මේ වෙලාවේ අඳුරු වැටිලා තිබුණේ. අම්මගේ තුවාලය මට හරිහැටි පෙනුණේ නැහැ. ඒත් මම ස්කාෆ් එක ගැට ගැහුවා. මගේ අත් දෙකම ලේ වලින් තෙත් වෙලා." වෙඩි වැදුණු මොහොතේම ෆව්සියාට විශාල ශාරීරික වේදනාවක් දැනෙන බවක් පෙනෙන්නට නොතිබිණ. නමුත් ඇයට අත සෙලවිය නොහැකි විය. ගතවූයේ නිමේෂයකි. එකවරම මවගේ තුවාලයෙන් දරා ගත නොහැකි මට්ටමේ වේදනාවක් මතු විය. ජීවිතයේ අවාසනාවන්ත ම මොහොත ළඟා වෙමින් ඇත්දැයි ශුහ්රා බිය වූ හෙයින් ඇයගේ වැඩිමහල් සොහොයුරිය ඇමතිය යුතු බව ඇය සිතුවාය. "අම්ම ඇරෙන්න අපේ ජීවිතයට වෙන කිසිම කෙනෙක් නැහැ. අම්ම තමයි අපට තියෙන එකම පිහිට." ශුහ්රා පවසන්නීය. රියැදුරු වේගයෙන් රථය ඉදිරියට පදවයි. විනාඩි 40කින් ඔවුන් රෝහලකට ළඟා විය. ෆව්සියාගේ බාහුව තුළට කිඳා බැස ඇති පතුරම වෛද්‍යවරුනට සොයා ගැනීමට හැකි වූයේ CT ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදු කිරීමෙන් අනතුරුවය. සතියක් පුරා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ෆව්සියාට සිදු වුවාය. අනතුරුව නිවෙස බලා ගිය ද සම්පුර්ණ සුවය ලැබීමට තව කලක් ගත වනු ඇත. තාලිබාන්වරුන්ට එරෙහිව විවේචන ඇෆ්ගන් කාන්තා හඬ බොහෝ විට නොතකා හැරෙන සුළුය. එබැවින් ෆව්සියා කූෆි ගේ හඬ ඇෆ්ගන් කාන්තාවට ශක්තියක් විය. "මම අම්මගේ අඩිපාරේ යනවා. ඇය තමයි මගේ පරමාදර්ශී චරිතය." ශුහ්රා පසුගිය වසරේ පැවැත්වෙමින් තිබූ තාලිබාන් සාම සාකච්ඡා මේසයට ෆව්සියා ද හිඳ ගත්තාය. එම සාකච්ඡා මේසයට තාලිබාන් ව්‍යාපාරය වෙනුවෙන් කාන්තාවන් ද සහභාගී කරවන මෙන් ඇය බලවත් ඉල්ලීමක් කළාය. එතැන සිටි තාලිබාන් නියෝජිතයෝ මෙම යෝජනාව හාස්‍යයට ලක් කළහ. ඇෆ්ගන් සාම සාකච්ඡාවලදී ෆව්සියා ක්‍රියාකාරී චරිතයකි. සාම වෑයමට එරෙහි පිරිසක් තමන්ට වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට ෆව්සියා සැක කරන්නීය. එම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තාලිබාන් ව්‍යාපාරය පැවසීය. ප්‍රහාරය සිදු වූ ප්‍රදේශය තුළ තවත් සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ක්‍රියාකාරීව සිටිති. සිදු වූ ප්‍රහාරය හේතුවෙන් තමන් හා මව කම්පනයට පත් වී සිටින බවත් සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වී සිටින බවත් ශුහ්රා පැවසුවාය. "අම්ම කලකිරීමෙන් ඉන්නේ. එයා හිතන්නේ තමන්ගේ මිනිස්සුන්ට උදව් කරද්දී ඇයි මාව මරන්න හදන්නේ කියල." "අපි මේ මාර්ගය තෝරාගෙන හමාරයි" ශුහ්රාගේ වැඩිමල් සොහොයුරිය, ශර්සාඩ් එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන්නීය. අම්මා රැක බලා ගැනීම වැඩි වශයෙන් සිදු කෙරෙන්නේ ශුහ්රා අතිනි. නාඳුනන වෙඩික්කාරයාගේ තුවක්කුවෙන් ගිලිහුණු පතුරමක් වාහනයේ පිටුපස තහඩු සිදුර කරගෙන, ආසනය ද පසාරු කරගෙන විත්... "මම මගේ අම්මට හරිම සමීපයි. ඇය මගේ හොඳම මිතුරිය වගේ." ශුහ්රා පවසන්නීය. ඇෆ්ගනිස්ථානය සාමාන්‍යයෙන් කාන්තාවන්ට පීඩාකාරී භූමියක් ලෙස සැළකේ. දේශපාලනයේ යෙදෙන කාන්තාවන්ට බොහෝ බාධකවටල මුහුණ දීමට සිදුවන බව ශුහ්රා කීවාය. "දේශපාලනයට සම්බන්ධ වෙන්න මට හැමවිටම උවමනාවක් තිබුණා. මම අම්මගේ අඩිපාරේ යනවා. ඇය තමයි මගේ පරමාදර්ශී චරිතය." ශුහ්රා, කාබුල් නුවර පිහිටි විශ්වවිද්‍යාලයක දේශපාලන විද්‍යාව හදාරන්නීය. "මට ඕන මේ රට ප්‍රහාරකයන්ගෙන් තොර, ත්‍රස්තවාදයෙන් තොර, අයුක්තියෙන් තොර රටක් වෙනවා දකින්න." ඇෆ්ගන් දේශපාලනයේ ආධිපත්‍යය පුරුෂයන් සතුය. තමන්ට අනාගතයේ දී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳව ශුහ්රා හොඳින් දනී. තම මව පිළිබඳව සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පළවන නින්දාසහගත දෑ දුටු විට තවදුරටත් ඒ බව ශුහ්රාට තහවුරු විය. "මම ඉස්සර මේ වගේ ප්‍රතිචාර ගැන කරදර වුණා. නමුත් දැන් මට පේනවා මගේ අම්ම කරන දේට සහයෝගය පළ කරන විශාල පිරිසක් ඉන්න බව." 2018 දී පැවැති ඇෆ්ගන් මහ මැතිවරණයට තරග කිරීම ෆව්සියාට සහ අයගේ නැන්දනිය වන මාරියම් ට තහනම් කෙරිණ. ඔවුන්ට එල්ල වූ චෝදනාව වූයේ නීතිවිරෝධී සන්නද්ධ කණ්ඩායමක් සමඟ සබඳතා පවත්වන බවය. ෆාව්සියා කූෆි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය. දේශපාලනික සහ ශාරීරික ප්‍රහාරයන් කිසිදා නිමා නොවන බව ශුහ්රා සහ සිය සොයුරිය හොඳින් ම දනිති. නමුත් සිය මව සටන අතහැර දැමිය යුතු නැති බව දියණියන් දෙදෙනාගේම අදහසයි. "මගේ අම්ම සෑම ගැහැණු ළමයෙකුට ම ධනාත්මක බලපෑමක් ඇති කරල තියෙනවා. ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය ගැහැනියකට අසාමාන්‍ය වන බොහෝ දේවල් අම්ම කරලා තියෙනවා. පිරිමින් පමණක් ආධිපත්‍යය පතුරුවාගෙන සිටින බොහෝ ක්ෂේත්‍ර වලට ඇය ඇතුළු වීම නිසා ඇගේ අඩිපාරේ ගමන් කරන්නට තවත් බොහෝ කාන්තාවන් නිර්භයව දැන් ඉදිරිපත් වෙනවා." "අපට අවශ්‍යයි ඇය තවදුරටත් ඉදිරියට යනවා දකින්න. මොකද, ප්‍රහාරකයෝ දැනගන්න ඕන ඔවුන්ගේ ක්‍රියා වලින් ඇය නිහඬ කරවන්න බැහැ කියල." ශුහ්රා පවසන්නීය. "අපි මේ මාර්ගය තෝරාගෙන හමාරයි. අපි දිගටම ඒ මාර්ගයේ යනවා." (බීබීසී ලෝක සේවයේ ස්වාමිනාදන් නටරාජන් සකස් කළ වාර්තාවක් ඇසුරිණි) කියවන්න:
"අනේ ඔයා ඇස් පියාගන්න එපා. මට ඉන්නේ ඔයා විතරයි. මගේ ජීවිතය වෙනුවෙන් උදව් වෙන්න වෙන කවුරුවත් නැහැ. ඔයා නැතිව මම මොනවා කරන්නද?"
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාව ලුණු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටකි. 2019 වසරේ කළ ජාතික සමීක්ෂණයට අනුව ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.3කි. ඊට නිමිත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ X-PRESS PEARL නෞකාවේ තිබූ උපද්‍රවකාරී විෂ අපද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීම ය. මේ වන විට වෙළෙඳසල්වල ඇති ලුණු පාරිභෝගිකයන් විසින් තොග වශයෙන් රැගෙන යනු ලැබේ. එබැවින් වෙළෙඳපොළේ ලුණු හිඟයක් නිර්මාණය වී ඇති අතර ලුණු පැටවීම සඳහා ද හම්බන්තොට ලේවායට ලොරි විශාල සංඛ්‍යාවක් පැමිණි බව ලංකා ලුණු සංස්ථාවේ සභාපති, නීතිඥ නිශාන්ත සඳබරණ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''ඇත්තම කතාව කඩවල්වල ලුණු නෑනේ. වෙනදට එක පැකට් එකක් ගන්න ගෙදරට ලුණු පැකට් දහය දහය අරගෙන ගිහිල්ලනේ. මේ පටවන ලොරි ටික අද උදේ ඉඳලා රට වටේ යයි.'' යනුවෙන් ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා අඟහරුවාදා (ජුනි 01) පැවසුවේය. ශ්‍රී ලංකාව ලුණු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටකි. 2019 වසරේ කළ ජාතික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.3කි. ''ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වෙන්නේ එක් පුද්ගලයෙකුගේ දිනක ලුණු අවශ්‍යතාව ග්‍රෑම් පහක් කියලයි. නමුත් අපේ රටේ ලුණු භාවිතය අනුමත ප්‍රමාණයට වැඩ දෙගුණයකටත් වැඩියි.'' යනුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 125,000 - 150,000 ත් අතර අගයක් ගනී. ''ලුණු ඉවර වෙනවලු. මම කඩේ යනවා. ඔයාලටත් ඕනද ?'' කළුතර වෙසෙන ටී.කේ නදීකා ද අද ලුණු සොයා ගිය කාන්තාවකි. ලුණු හිඟයක් ඇති වෙන බවට අසල්වාසියෙකුගෙන් දැන ගැනීම නිසා උදෑසනින්ම ඇය ලුණු සොයාගෙන නිවසින් පිටත් වූවාය. ඒ යන අතර මග ඇය යාබද නිවැසියන් ද දැනුවත් කළා ය. ''ලුණු ඉවර වෙනවලු. ඔයාලට තියෙනවා ද? මම කඩේ යනවා. ඔයාලටත් ඕනද ?'' යනුවෙන් ඇය අසල්වාසීන්ගෙන් විමසා සිටියා ය. ජයන්ති විජේතුංගට ඇය දිනපතා භාණ්ඩ මිලදී ගැනීමට යන වෙළෙඳසලේ හිමිකරුගෙන් මෙලෙස දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ''ලුණු ඉවරවී ගෙන යනවා. අක්කාට ලුණු පැකට් කීයක් අරන් තියන්න ද ?'' යනුවෙන් එහිදී විමසා තිබුණි. ''මෙම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණය ම මුහුදට එක් වුවත් මුහුදේ ඇති ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ල ටොන් 25කින් මෙම ප්‍රදේශයෙහි මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ.'' ''නයිට්‍රික් අම්ල ටොන් 25කින් මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ'' X-PRESS PEARL නෞකාවෙන් නිකුත් වූ අපද්‍රව්‍යවලින් ලුණු නිෂ්පාදනයට බලපෑමක් සිදුවිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක බීබීසී සිංහල සේවයට විස්තර කළේය. ''මේක අද මුහුදු වතුර අරගෙන හෙට ලුණු හදන ක්‍රියාවලියක් නෙමේ. අපි ලුණු නිෂ්පාදනයේදී කරන්නේ වාෂ්පිකරණයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර කර ගන්න එක. එතැනදී යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙනවා. ඊට පස්සේ ලුණු ටික පොල් අතු වලින් වහලා කාලයක් තියෙනකොට ඒ අපද්‍රව්‍ය ඉවත් වෙනවා. නයිට්‍රික් අම්ලය තනුක වෙලා කොහෙත්ම යන්නේ නෑ හම්බන්තොටට සහ පුත්තලමට. ඒ වගේම නැවේ තිබුණයි කියන මාධ්‍යයෙන් දැකපු දේවල් වලින් නම් කිසිම ප්‍රශ්නයක් නෑ.'' ''මගේ අදහස නම් මෙය එතරම් විශාල නොවන කුඩා ප්‍රමාණයේ පරිසර විනාසයක්. බොහෝ දෙනා කියනවා නැවේ තිබුණු නයිට්‍රික් අම්ල ටොන් 25 නිසා මුහුදේ ආම්ලිකතාව ඉහළ ගොස් මුහුදු ජීවීන්ට, කොරල් පර වලට දැඩි හානියක් සිදුවන බව. ඒ වගේම අම්ල වැස්සක් ඇතිවන බව. නැවේ තිබුණු නයිට්‍රික් අම්ල ප්‍රමාණයෙන් ඔය දෙකම ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. මෙම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණය ම මුහුදට එක් වුවත් මුහුදේ ඇති ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ල ටොන් 25කින් මෙම ප්‍රදේශයෙහි මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ.'' යනුවෙන් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක වැඩිදුරත් පැවසුවේය. ''වැරදි වැටහීමක්, බොහෝ දෙනෙක් බියවෙලා'' හම්බන්තොට සහ පුත්තලම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ලුණු නිෂ්පාදනය දීර්ඝ කාලින ක්‍රියාවලියකි. ලංකා ලුණු සංස්ථාවේ සභාපති, නීතිඥ නිශාන්ත සඳබරණ පවසන්නේ මීට මාස දෙකකට පමණ පෙර ගබඩා කළ ජලයෙන් මේ දිනවල හම්බන්තොට ලුණු නිෂ්පාදනය කෙරෙන බවය. ''අපි හදන ලුණුවල ප්‍රමිතිය නිතරම චෙක් කරනවා. ඒවායේ වසවිස නෑ කියලා ජනතාවට සහතික වෙන්න පුළුවන්.'' ''වැරදි වැටහීමක් මත දැන් බොහෝ දෙනෙක් බියට පත්වෙලා ඉන්නේ. අපි හදන ලුණුවල ප්‍රමිතිය නිතරම චෙක් කරනවා. ඒවායේ වසවිස නෑ කියලා ජනතාවට සහතික වෙන්න පුළුවන්. තව මාස ගණනාවකට ලුණු හදන්න අපි මුහුදු වතුර ගබඩා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අලුතෙන් වතුර පිරවීමේ අවශ්‍යතාවයකුත් නෑ.'' යනුවෙන් ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේය. පුත්තලම ලුණු සංස්ථාව වෙනුවෙන් අදහස් දැක්වූ එහි මානව සම්පත් කළමනාකරු සුගත් ජයන්ත බීබීසී සිංහල සේවයට පැවසූ පරිදි ඔවුන් ගබඩා කර ඇති ජලය ලබා ගෙන ඇත්තේ 2020 අගෝස්තු සහ සැප්තැම්බර් කාලයේදී ය. ''අපේ ලේවායට වතුර ගන්නේ පුත්තලම කලපුවෙන්. ගන්න වතුරේ අයන වර්ග ගොඩක් තියෙනවා. මාස 06ක පමණ ක්‍රියාවලියකින් තමයි අන්තිමට අපි ලුණු කියලා හඳුන්වන සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) වෙන්කරලා ගන්නේ. ලේවායට වතුර ගන්න තැන ඉදලා හැම එකක්ම චෙක් කරනවා. ඒ නිසා ජනතාවට බිය වෙන්න අවශ්‍ය නෑ.'' යනුවෙන් ඔහු වැඩිදුරත් කියා සිටියේය. තවත් තොරතුරු; ශ්‍රී ලංකාව; සාගර දුෂණයට එරෙහිම සටන් කරන 'ශ්‍රී ලංකාවේ ලාබාලතම කිමිදුම්කාරිය'
කිසියම් ව්‍යසනයක් නිසා කිසිවක් නොලැබෙන තත්ත්වයක් උදා වුවහොත් ''ලුණුයි බතුයි තමයි කන්නයි වෙන්නේ'' යනුවෙන් ගැමියන් අතර කතාවක් තිබේ. එහෙත් දැන් ලුණු ද අහිමිවන තත්ත්වයක් ගැන බොහෝ දෙනා කතා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනවිරත්න පැවසුවේ ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ බලය ලබා ගැනීම බවයි. එක්සත් ජාතික පක්ෂයට කිසිදිනක එක් නොවන බවත් කිසිදිනක බලය ලබා ගැනීමට නොදෙන බව පැවසූ ජාතික හෙළ උරුමයේ චමිපික රණවක ඇමතිවරයාත්, කවරදාකවත් එක්සත් ජාතික පක්ෂයට එක නොවන බව පැවසූ අතුරලියේ රතන හිමියෝත් එක්සත් ජාතික පක්ෂයට එක්වී සිටින බවයි ඔහු පැවසුවේ. පක්ෂ ගණනාවක් එසේ එක්වී සිටියත් එම පක්ෂවල ප්‍රතිපත්ති පරස්පර විරෝධී නිසා එවැනි පක්ෂ එක්ව හදන රජයක් කිසිදිනක ස්ථාවර නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනවිරත්න ප්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට විශාල පිරිසක් එක්වී සිටින බව පැවසූ ඔහු සඳහන් කරන්නේ කිහිප දෙනකු පමණක් නොහැකියාව පල කරන්නේ කුහකකම සහ පෞද්ගලික හේතු මත බවයි .
එකට වැඩ කිරීමට හැකියාව තිබියදී එක්සත් ජාතික පක්ෂයට කිසි දිනක බලය ගැනීමට නොදෙන බව කියා සිටි පිරිස් දැන් එක්සත් ජාතික පක්ෂය හා එක්වී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශාන්ත පීතර කණ්ඩායම නමින් හැඳින්වෙන මෙම ක්‍රිකට් පිල ක්‍රීඩා කරන සීමිත ඕවර තරග කිහිපයක් මේ වන විටත් රෝමයේ සංවිධානය කර ඇති බවයි වතිකානය පවසන්නේ. ලබන වසරේදී එංගලන්ත කතෝලික සභාවේ පිල සමග ලෝඩ්ස් පිටියේ දී තරග වැදීමට ද මෙම වතිකානු පිල සුදානම් වෙමින් සිටී.
වතිකානය ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භ කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුමරන් පද්මනාදන් කුමරන් පද්මනාදන් හෙවත් කේපී පිළිබඳව ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය දැනුම් දීම සඳහා අධිකරණය මිට පෙර දෙවතාවක්ම නීතිපතිවරයාට කල් ලබා දී තිබුණි. එහෙත් අදාළ පෙත්සම අද (19) කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදියා කියා සිටියේ මිට අදාලව කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. විරෝධය ඊට දැඩි විරෝධය පළ කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලලගොඩ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරයාට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියම කළේය. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි සොලිසිටර් ජනරාලවරයා කියා සිටියේ කුමරන් පද්මනාදන් පිළිබඳව සිදු කර ඇති පරීක්ෂණ පිළිබඳව තමන්ට දැනුම් දී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බලා දැනුම් දීම සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙසයි. 'බරපතළ සැකයක්' සොලිසිටර් ජනරාලවරයා ගේ මෙම ප්‍රකාශයත් සමගම පසුගිය කාලයේ කුමරන් පද්මනාදන් පිළිබඳව කිසිදු පරීක්ෂණයක් කර නොමැති බව අනාවරණය වන්නේ යැයි පෙත්සම ගොනු කළ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය. ‘මේ පිළිබඳව බරපතළ සැකයක් මතු වනවා. කේපී පිළිබඳව කර ඇති පරීක්ෂණ පිළිබඳව කරුණු දැක්වීම සඳහා මිට පෙර අවස්ථා දෙකක් ම ලබා දුන්නා. එසේ තිබියදී තවත් දිනයක් ලබා දෙන මෙන් ඉල්ලීම් තුලින් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවටයි සාධාරණ සැකයක් මතු වෙන්නේ.’ ඔහු චෝදනා කරයි. ඒ අනුව පෙත්සම ලබන 26 වන දා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මිට අදාලව කරුණු දක්වන මෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාලවරයට නියම කළේය. කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් බරපතළ අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බව ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පසුගිය රජය මගින් ප්‍රකාශ කර තිබුණි. ඒ හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝගයක් පනවන මෙන් ඉල්ලා විජිත හේරත් මන්ත්‍රීවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියා මාර්ගය දැනුම් දීම සඳහා දක්වන ප්‍රමාදය පිළිබඳව අභියාචනාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවට දැඩි දෝෂාරෝපණ එල්ල කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේගන් මාකල් (Meghan Markle) එම සාකච්ඡාවේ දී අදහස් දක්වමින්,රජ පවුලට සම්බන්ධවීමේ පීඩනය පිළිබඳව තමා ඩයනා කුමරියගේ මිතුරියන් සමඟ සාකච්ඡාකරන ලද බව අනාවරණය කළාය. ''මොකද, අභ්‍යන්තරයේ සැබැවින්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න වෙන කාටද තේරුම්ගන්න පුළුවන්?'' බ්‍රිතාන්‍ය රජ පවුලට ඇතුළුවීම මගින් ඩයනා සහ මේගන් යන ගැහැණුන් දෙදෙනාටම පවතින්නේ සමාන අත්දැකීම් බව පෙනීයයි . ඔප්රා වින්ෆ්‍රී සමඟ සාකච්ඡාවේ දී අදහස් දැක්වූ හැරී කුමරු, තමා සහ මේගන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස පැවරුන කාර්යභාරයෙන් ඉවත්වීමට පෙර ''ඉතිහාසය පුනරාවර්තනය වනු ඇතැයි තමා තුළ බියක් පැවති'' බව සඳහන් කළේය. එක්සත් රාජධානියේ ඇතැම් 'ටැබ්ලොයිඩ්' පුවත්පත් සිය බිරිඳ සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන වාර්තාකරණ පිළිවෙත ඩයනා කුමරිය සම්බන්ධයෙන් එම පුවත්පත් අනුගමනය කළ ක්‍රියාමාර්ගයට සමාන වූවක් බව හැරී කුමරු විසින් සඳහන් කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ. පුවත්පත් වාර්තාකරණයේ දෙපැත්තක් ඩයනා කුමරිය ලෝකයේ බෙහෙවින්ම ප්‍රකට කාන්තාවන් අතර එක් චරිතයක් ලෙස සලකනු ලැබුණි. ඇයගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සහිත පුවත්පත් වාර්තා පළවෙන්නට විය. ඩයනා කුමරියගේ ශුභසාධන සේවාවන් මෙන්ම ඇයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පුවත්පත්වල සිරස්තල බවට පත්විය. . ඩයනා කුමරිය ලද සමාජ තත්ත්වය රජ පවුලේ තොරතුරු භාර කතුවරියක වූ කේටි නිකෝල් (Katie Nicholl) විසින් BBC ගුවන්විදුලි වැඩ සටහනක දී මෙසේ විස්තර කරනු ලබුවාය. ''ඩයනා කුමරිය රජ පවුලේ අන් කවර චරිතයකටත් වඩා වෙනස් චරිතයක් බවට පත්වූවා. ජගත් පිළිගැනීමක් සහිත ඩයනා කුමරිය ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිනාගත්තා'' එහෙත් කුමරිය ලද සමාජ අවධානය හැමවිටකම ශුභවාදී නොවූ බවත් කේටි නිකෝල් පවසන්නීය. ''මාධ්‍ය මගින් ඩයනා කුමරිය විවේචනය කළා. ඇය ලෝකයේ ප්‍රකටම චරිතය බවට පත්වුණා. 'පැපරාසි' මාධ්‍යකරුවන් විලියම් සහ හැරී කුමරුන්ගේ ජීවිත දෙසට ඇහැගහගෙනයි හිටියේ'' පැපරාසීන් ඩයනා කුමරිය නිතරම ලුහුබඳිමින් සිටි බව රජ පවුලේ තොරතුරු භාර කතුවරිය වන වන කේටි නිකෝල් පවසයි. මාධ්‍යවේදී ජේම්ස් බෘක්ස් (James Brookes) එම අදහස සමඟ එකඟවෙයි. ''මාධ්‍ය තමා සමඟ සිටිනතෙක් ඩයනා කුමරිය ඔවුන් සමඟ හොඳ සම්බන්ධයක් පවත්වා ගත්තා. පත්තර හිටියේ ඇයගේ පැත්තේ. පසුව කුමරිය පැමිණිලි කෙරුව පත්තර ඇයගේ පෞද්ගලික ජීවිතයට එබිකම් පාන බවට. ඒක මිශ්‍ර සම්බන්ධතාවක්'' පසු අවුරුදුවල ඩයනා කුමරිය පුවත්පත් වෙත පෞද්ගලික සම්මුඛ සාකච්ඡා ලබා දුන් අතර ඇතැමුන් පවසන්නේ එමගින් ප්‍රසිද්ධියක් මෙන්ම අවධානය යොමුවීමට දිරිගැන්වීමක් කෙරුණු බවය. බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධවීමත් සමඟ මේගන් සිය පෞද්ගලික බ්ලොග් අඩවිය වසා දැම්මාය. ඊට පෙර ඇයගේ සාකච්ඡාවලින් වැඩිහරිය ශුභාසාධක සේවාවන් සඳහා වූ ඒවා විය. කේටි නිකෝල් කුමක් සඳහන් කළත් හැරී සහ මේගන් ඔවුනොවුන්ගෙන් පරස්පර බව ඇතැමෙක් විශ්වාස කරති. ''නිහඬ ජීවිතය ප්‍රශ්න කිරීමක්'' 2020 ජනවාරි මාසයේ ප්‍රකාශයක් කළ හැරී-මේගන් යුවළ ජනමාධ්‍යයේ අවධානයට ලක්වීමෙන් පසු තමන් ප්‍රධාන පෙළේ රාජකීය නිල රාජකාරිවලින් ඉවත් වන බව ප්‍රකාශයට පත්කළහ. අනතුරුව ඔවුහු කැනඩාවේ පදිංචියට ගියහ. ඔවුන් දෙදෙනාගේ ඊළඟ නවාතැන කැලිෆෝනියාව විය. මෑතදී ප්‍රකාශයක් කළ රාජකීය යුවළ ඔවුන් රජ පවුලේ සක්‍රීය සාමාජිකයන් මට්ටමින් යළි එක්සත් රාජධානියට නොපැමිණෙන බව කියා සිටියහ. එහෙත් කේටි නිකෝල් මෙසේ සඳහන් කරයි. ''හැරී සහ මේගන් එක්සත් රාජධානියේ ජීවත්වූ කාලයේ ඔවුන්ගේ ජීවිත ගැන දැනගත් දෙයට වඩා වැඩි තොරතුරු ඔවුන් ඇමෙරිකාවට ගියපසු අනාවරණය වුණා.'' රජ පවුලේ නිල රාජකාරිවලින් බැහැරවීමෙන් අනතුරුව හැරී සහ මේගන් යුවළ 'Spotify පොඩ්කාස්ටරයක්' ආරම්භකර ඇති අතර,'නෙට්ෆ්ලික්ස්' (Netflix) සමඟ ගිවිසුමක් අත්සන් කරමින්, ජේම්ස් කෝර්ඩන් ( James Corden) සහ ඔප්රා වින්ෆ්‍රි (Oprah Winfrey) සමඟ සම්මුඛ සාකච්ඡාවන්ට එක්වූහ. ''නිහඬ ජීවිතයක් අපේක්‍ෂාවෙන් රටින් පිටවී ගිය රාජකීය යුවළ තමන්ගේ පුතා ගැන තොරතුරු හෙළිදරව් කරමින් ජේම්ස් කෝර්ඩන් ( James Corden) සහ ඔප්රා වින්ෆ්‍රි (Oprah Winfrey) සමඟ සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගී වුනේ කුමක් නිසාද කියල මහජනයා ප්‍රශ්න කරනවා'' කේටි නිකෝල් වැඩිදුරටත් සඳහන් කරන්නීය. "බ්‍රිතාන්‍යයෙන් පිටත්ව යාමෙන් පසු ඔවුන් දෙදෙනා මේ රටේ දී සිදුකළ තරමටත් වඩා වැඩියෙන් මිනිසුන් සමඟ ගැවසෙන නිසා ඔවුන් මාධ්‍යයේ ඉලක්කයක් වීමෙන් බේරීමට පළාගිය ගිය බවට කරන ප්‍රකාශය ඇත්ත කතාවක් නොවන බවක් හැඟී යනවා'' හැරී කුමරු ඔප්රා වින්ෆ්‍රි සමඟ සඳහන් කරන්නේ 'Netflix' සහ 'Spotify' ගිවිසුම් කිසිදු ලෙසකින් පූර්ව සැලසුමක කොටසක් නොවන බවය. එහෙත් 2020 මුල්භාගයේ තමාට සපයන මූල්‍ය සැපයුම් රජ පවුල විසින් කප්පාදු කරන ලද බව හැරී පැවසීය. ඩයනා කුමරියගේ මරණය සහ පැපරාසීන් ලොව වැඩියෙන්ම ඡායාරූපගත කෙරුණු කාන්තාව ඩයනා කුමරියයි ''ඩයනා කුමරිය ගිය හැම තැනකදීම මාධ්‍යකාරයන් සහ ඡායාරූප ශිල්පීන් අති විශාල කණ්ඩායමක් ඇයගේ හැම ඉරියව්වක් ම සටහන් කර ගෙන වාර්තා කළා''ජේම්ස් බෘක්ස් (James Brookes) පවසයි. හැරී කුමරු මාධ්‍ය සම්බන්ධයෙන් පවසන දෑ ඩයනා කුමරියගේ මරණය තෙක්ම දිවයන බව ජේම්ස්ගේ විශ්වාසය වෙයි. ''හැරී සහ විලියම් මාධ්‍ය සම්බන්ධයෙන් දරන්නේ හොඳ අදහස් නොවෙයි. ඒකට හේතුව ඔවුන්ගේ මවගේ අකල් මරණය. තමන්ගේ මව පැපරාසීන් විසින් ලුහුබඳින හැටි කුමාරවරුන් දෙන්නා ඔවුන්ගේ ඇස්වලින්ම දැක්කා'' ජේම්ස් සඳහන් කරයි. ඩයනා කුමරිය පැරිස් නගරයේ සිදු වූ මාරක රිය අනතුරකින් මියගියාය. 1997 අගෝස්තු 31 වෙනිදා තමාට මව අහිමිකළ එම රිය අනතුර වනවිට හැරී කුමරු දොළොස්වෙනි වියේ පසුවිය, එම රථය පැදවූ හෙන්රි පෝල් බීමත්ව සිටියේය. යතුරුපැදිවල නැගි පැපරාසීන් ඩයනා කුමරිය ගමන්ගත් රිය පසුපස ලුහුබඳිමින් සිටියහ. පසුව පැවැත්වුණු පරීක්ෂණයක නිගමනය වූයේ රියැදුරාගේ සහ පැපරාසීන්ගේ ''පූර්ණ නොසැලකිල්ලේ'' ප්‍රතිවිපාකයක් වශයෙන් කුමරියට අහේතුකව මරු කැඳවන ලද බවය. 2017 වසරේ වාර්තා චිත්‍රපටයක් සඳහා අදහස් දැක්වූ හැරී කුමරා සිය මවගේ මරණය සහ පැපරාසීන්ගේ භූමිකාව සම්බන්ධයෙන් කරුණු සඳහන් කළේය. "මට හිතාගන්නවත් බැරි දෙය තමයි, උමං මාර්ගය ඔස්සේ ඇය පිටුපස ලුහුබඳිමින් සිටි මිනිසුන් මෝටර් රථයේ පිටුපස අසුනේ ඇය මියැදෙමින් සිටින ආකාරයත් කැමරාගත කරනු ලැබීම'' හැරී කුමරු එම අවස්ථාවේ සිය අදහස පළකළේය අනිසි වාර්තාකරණය 'ටැබ්ලොයිඩ්' පුවත්පත් මේගන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද පිළිවෙත ''හිංසාකාරී'' යයි හැරී කුමරු පවසයි. 2019 වසරේ දී හැරී කුමරු කුමක් සඳහන් කළත් ''ඩයනා කුමරියගේ මට්ටමින් පැපරාසීන් මේගන් ලුහුබැඳ නැත'' යන්න කේටිගේ විශ්වාසය වෙයි. කෙසේවුවද, මේගන් දෝෂදර්ශනයට ලක්කෙරෙන කතන්දර පළකරනු ලැබීම සම්බන්ධයෙන් හැරී කුමරා පීඩාවට පත්වූ බවද කේටි සිතන්නීය. ''සිය බිරිඳ මාතෘකා කරගනිමින් නිරන්තරයෙන්ම අශුභවාදී පුවත් පළකරන්නේ යයි ඔහු විශ්වාස කළ මාධ්‍යවේදීන්ට ඔහුගෙන් පහර එල්ල වුණා.'' "රටේ බදු ගෙවන්නන්ගේ මුදල් සිය නිවස අලුත්වැඩියා කිරීමට වියදම් කිරීමත් ඇතුළුව හැරීගේ සහ මේගන්ගේ වියදම් පිළිබඳ බොහෝ නිෂේධාත්මක ප්‍රවෘත්ති පළවෙමින් තිබුණි. පවුම් දශලක්ෂ 2.4 ක් වූ එම මුදල රාජකීය යුවළ විසින් පසුව ගෙවා දමනු ලැබ තිබුණි. සසෙක්ස් හි ආදිපාදවරියගේ ඇඳුම් සඳහා ද ස්ටර්ලිං පවුම් ලක්ෂ ගණනක් වැයකරනු ලැබ ඇත. හැරී-මේගන් විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් ද තවත් කතන්දර පැතිර තිබුණි. ඉන් එක කටකතාවකින් කියැවුනේ, මේගන් ශාන්ත ජෝර්ජ් දේවස්ථානය සඳහා වායු පවිත්‍රකාරක උපකරණ අවශ්‍යකරන බවක් කියා සිටි බවකි. කාන්තා හිස් පළඳනාව මුල්කරගත් ගැටුම් ගැනත් කටකතා ඇත. විවාහ මංගල්‍යයේ දී චාලට් කුමරිය සඳහා වූ ඇඳුම් ආයිත්තම් මුල්කර ගනිමින් මේගන් සහ කේට් කුමරිය අතර සිත්රිදීම් ඇතිවූ බවටත් කට කතා පවතී. සිය විවාහ මඟුලට පෙර ඇඳුම් ආයිත්තම්වල වෙනසක් සිදුකරන ලද බව ඇත්තක් යයි මේගන් ඔප්රා වින්ෆ්‍රි සමඟ සාකච්ඡාවේ දී සඳහන් කළාය. ''විවාහ උත්සවයට දින කීපයක් තිබියදී කේට් මල් කුමාරියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් සිතේ අවුලක් ඇතිකර ගත්තා. එය මාව අඬා වැටෙන තත්ත්වයකට පත්කිරීමක් වුණා'' මේගන් සඳහන් කළාය. එහෙත් පසුව කේට් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලූ බවත් වෙනසක් ඇතිකරමින් මල් සමඟ සටහනක් ද ගෙනා බවත් ඇය පවසන්නීය. ''කේට් යහපත් කාන්තාවක්'' මේගන් පවසයි. ''එසේම සාවද්‍ය කතා නිවැරැදි කිරීමට ඇයට අවශ්‍ය කරනු ඇතැයි ද මේගන් පවසන්නීය. ''ඇය මහජන අවධානයට ලක්වෙමින් සිටියා'' හැරී කුමරු මේගන්ට "දැඩි රැකවරණයක්" බව කේටි පවසයි ඩයනා කුමරිය මෙන් නොව මේගන් විවාහයට පෙර කලා ලෝකයේ තරුවක් වී සිටි හෙයින් ඇය සමාජ අවධානය බලාපොරොත්තු විය යුතුව ඇතැයි ඇතැමෙක් අදහස් කරති. එහෙත් කේටි නිකෝල් එම අදහසට එකඟ නැත. ''විවාහයට පෙර මේගන්ට සිනමා තාරකාවක ජීවන ශෛලියක් තිබුණත් එය රජ පවුලට සමකළ හැකි එකක් කියල මම හිතන්නේ නැහැ'' ''ඔව් ඇයට 'සෙලිබ්‍රිටි' ජීවිතයක් තිබුණා. නමුත් ඇය ඇන්ජලීනා ජොලී, නිකොල් කිඩ්මන් වගේ ''ඒ'' ශ්‍රේණියේ නිලියක් වුණේ නැහැ. මේගන් රජ පවුලට සම්බන්ධ වුණාට පස්සේ ඇය ලබපු ප්‍රසිද්ධිය ඉන්පෙර කවදාවත් ලබල නැහැ'' ඇය වැඩි දුරටත් මෙසේ සඳහන් කරන්නීය. ''මම හිතනවා - මේගන් රජ පවුලේ සෙසු සාමාජිකයන් තරමටම සියුම් නිරීක්ෂණයට ලක් වුණා කියල'' "මහජනයාගේ මතකය කෙටිකාලීන වූවක්. එහෙත් කේම්බ්‍රිජ් ආර්යාවටත් ටැබ්ලොයිඩ් මාධ්‍ය කෙරෙන් දුෂ්කර කාලයක් පැවතුණා". දුෂ්කරතාව ඔවුන් ඔවුන් දෙදෙනා කෙරෙහි පැහැදිලි මහජන අවධානයක් තිබීම යයි කේටි නිකෝල් පවසයි. එහෙත් යම් දෙයක් පිළිගනු ලැබීම අතින් රේඛාවක් ඇති බවත් ඇය පෙන්වා දෙයි. ''රජ පවුල ගැන වාර්තාකරනු ලැබීම මාධ්‍යයේ කාර්යයක්. නමුත් මාධ්‍යකරුවන් සාධාරණ වෙන්න ඕන. අපක්ෂපාතී වෙන්න ඕන'' තවත් තොරතුරු;
සසෙක්ස් ආදිපාදවරයා සහ ආර්යාව විසින් ඔප්රා වින්ෆ්‍රී (Oprah Winfrey) සමඟ පවත්වන ලද මහා සමාජ ආන්දෝලනයකට හේතුවී ඇති සම්මුඛ සාකච්ඡාව බොහෝ කරුණු නිසා වැදගත්කමක් ගනියි. එම සාකච්ඡාවේ දී ආදිපාදවරයා හෝ ආදිපාදවරිය යන දෙදෙනාගෙන් එක් අයෙක් හෝ අවස්ථා ගණනාවකදී ඩයනා කුමරියගේ නාමය සඳහන් කරනු අසන්නට ලැබෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති හෙක්ටයාර ලක්ෂ පහකට ආසන්න 'අවශේෂ වනාන්තර' දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරු යටතට පත් කිරීම පරිසරවේදීන් හඳුන්වන්නේ විදේශ සමාගම්වලට ඉඩම් ලබා දීමේ "සටකපට ප්‍රයත්නයක්" වශයෙනි. පරිසරවේදීන් සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීන් පවසන පරිදි ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වැඩි වශයෙන්ම ගැවසෙන්නේ 'අවශේෂ වනාන්තර' ආශ්‍රිතවය. "මේ හෙක්ටයාර ලක්ෂ පහ නැති වුණොත් අපේ රටේ අලි සම්පතට විශාල හානියක් සිදු වේවි. මොකද අපේ රටේ බහුතරයක් වල් අලි සැරිසරන්නේ මේ අවශේෂ වනාන්තරවල. ඊට අමතරව දවසින් දවස නරක අතට හැරෙන කොටි- මිනිස් ගැටුමත් මේ එක්ක තවත් උග්‍ර වෙනවා. දැනටමත් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින මේ සත්ව කොට්ඨාස දෙකට රජය එල්ල කර තිබෙන්නේ මරු පහරක්," යනුවෙන් සත්ව සුබ සාධන ක්‍රියාකාරිනියක් වන ඉරාකි කොඩිතුවක්කු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය. "ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් හම්බන්තොට අක්කර සිය ගණන් කපනවා. විල්පත්තුවේ තිබෙන්නෙත් අපේ ගස්, අපේ සත්තු. හම්බන්තොට තිබෙන්නෙත් අපේ ගස්, අපේ සත්තු. හැබැයි මේ කාරණා දෙකේදී, මිනිස්සු ඒ දිහා බලන්නේ වෙනස් විදිහකට." නොවැම්බර් 09 වෙනිදා සිදුවීමත් සමග 2020 වසරේ මේ දක්වා කොටි මරණ 11 ක් වාර්තා වී ඇති බවට 'Leopocon - Sri Lanka' ෆේස්බුක් පිටුවේ වූ සඳහනක්. "රටක් විදිහට එක් වෙමු" "මේ අවශේෂ වනාන්තර ටික ආරක්ෂා කර ගන්න අපි රටක් විදිහට එකතු වෙමු. ඒකට දේශපාලනය, අපේ වයස, පරම්පරාව ඒ කිසි දෙයක් අදාළ නැහැ. ඒ සියල්ල පැත්තකට දාලා අපි මේ වෙලාවේ එක රටක් විදිහට අපේ පරිසරය, අපේ සත්තු ටික රැක ගන්න එකතු වෙමු. මේ ආණ්ඩුව බලයට ගේන්න සහාය දුන්නු, ඡන්දය දුන්නු 69 ලක්ෂය ඒ සඳහා අඩුම තරමේ සමාජ ජාල හරහා හෝ මේ මොහොතේ යම් විරෝධයක් පෙන්නන්න ඕනි," යනුවෙන් ඉරාකි කොඩිතුවක්කු කියා සිටී. "ඔබතුමාලට අපි ඡන්දය දුන්නා. හැබැයි ඔබතුමාලා කරන හැම වැඩේම පිළිගන්න සූදානම් නැහැ කියන පණිවිඩය ලබා දෙන්න ඕනි. අපි ඡන්දය දීලා ඉවරයි. ඒ නිසා ඕගොල්ලන්ට ඕනි දෙයක් කරන්න පුළුවන් කියන නරක පූර්වාදර්ශය ඔවුන්ට දෙන්න එපා." පැවති "යහපාලන" ආණ්ඩු සමයේ ගත් ඇතැම් හානිකර තීන්දුවලට එරෙහිව ඔවුන්ට සහාය දුන් කණ්ඩායම් පෙළගැසුණු බවත් එවැනි විරෝධතා හමුවේ එවක ගත් බොහෝ තීන්දු හකුලා ගැනීමට සිදු වූ බවත් ඉරාකි කොඩිතුවක්කු සිහිපත් කළාය. 'ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම' 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ තැතක් පවතින බවට පසුගිය අගෝස්තු මස පැවති මහ මැතිවරණයට පෙර කරුණු වාර්තා වූ අතර පරිසරවේදීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය යටපත් විය. පළමු කොරෝනා රැල්ල අතරතුර ගත් එම උත්සාහය අසාර්ථක වුවත් දෙවෙනි කොරෝනා රැල්ල අතරේ "හොර රහසේම" අදාළ චක්‍රලේඛය අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවට පරිසරවේදීහු ආණ්ඩුවට චෝදනා කරති. "රජයට අයත් අවශේෂ කැලෑ පරිපාලනය පිළිබඳ 2020 ජුලි 01 වෙනි දින අමාත්‍ය මණ්ඩලය දී ඇති මග පෙන්වීම් අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා නීතියකින් රේගුලසියකින් හෝ වෙනත් මොනයම් වූ හෝ ව්‍යවස්ථාපිත කරුණකින් පරිසරය පිළිබඳ කරන රජයේ දෙපාර්තමේන්තුවකට, ආයතනයකට, අමාත්‍යංශයකට අයත් නොවන අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් පරිසරයට වනජීවී සම්පත්වලට හා කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතු සඳහා භාවිත කිරීමට දිස්ත්‍රීක් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකි වන පරිදී කටයුතු කිරීමට මෙයින් ඉඩකඩ ලැබෙනු ඇත," යනුවෙන් අදාළ චක්‍රලේඛ අහෝසි කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම් කේ හරිශ්චන්ද්‍ර නොවැම්බර් 04 වෙනිදා නිකුත් කළ ලිපියේ දැක්වේ. 'අවශේෂ වනාන්තර' යනු මොනවාද? ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේදී වන සංරක්ෂණ ආඥා පනත සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගනු ලැබේ. මීට අමතරව ජාතික උරුම වනභූමි පනත නමින් පනතක් ඇති අතර එමගින් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ 'සිංහරාජය' ලෝක උරුමය පමණි. මෙසේ ආරක්ෂිත භූමි වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති රජයේ ඉඩම් වලට අමතරව කිසිදු නීතිමය තත්ත්වයක් මගින් ප්‍රකාශයට පත්කර නොමැති රජයේ ඉඩම් 'Other State Forests' ලෙස පොදුවේ හැඳින්වේ. එය සිංහලට පරිවර්තනය කිරීමේදී 'වෙනත් රජයේ වනාන්තර' යන නිවැරදි යෙදුම වෙනුවට 'අවශේෂ වනාන්තර' හෝ 'අවශේෂ කැලෑ' යන්න භාවිත කෙරෙන බව නීතිඥ ජගත් ගුණවර්ධන මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "අවශේෂ කියන වචනය දැක්කහම ගොඩක් අයට හිතෙන්නේ ආරක්ෂා කරන්න තරම් වටිනාකමක් නැති, ප්‍රයෝජනයක් නැති පැත්තකට දාල තියෙන වනාන්තර කොටස් කියලා. එවැනි අදහසක් සමාජගත කරන්නත් යම් යම් පාර්ශව උත්සාහ කරනවා. නමුත් 1950 දශකයේ ඉඳලම රක්ෂිත විදියට යෝජිත වෙච්ච විශාල වනාන්තර සංඛ්‍යාවක් මේ අවශේෂ වනාන්තර තුළ තිබෙනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 'අවශේෂ වනාන්තර' සම්බන්ධයෙන් අවන්ත ආටිගල පළ කළ කාටූනයක් ගංගා ඇලදොළ ආදී පරිසර සංවේදී භූමි ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, වන අලි සංක්‍රමණ භූමි තීර, ඓතිහාසික, සංස්කෘතික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කම් සහිත භූමි ප්‍රදේශ ද 'අවශේෂ වනාන්තරවලට' අයත් වේ. ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතුවලට භාවිත කිරීමට ඉඩම් නිදහස් කිරීමේදී ඉහත කී භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් "සැලකිලිමත් විය යුතු බව" වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වේ. "සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පරිසර ප්‍රතිපත්තීන්ට අනුකූලව ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්ය සහ වන වැස්ම ඉහළ නැංවීමේ ඉලක්කයන් සපුරා ගැනීමට යෝජිත භූමි" සම්බන්ධයෙන් ද "සැලකිලිමත්" විය යුතු බව වැඩිදුරටත් එහි දැක්වේ. එහෙත් ආර්ථික කටයුතු වෙනුවෙන්, වනාන්තර නොවන ප්‍රදේශ තෝරා ගැනීමට අවශ්‍ය නම් අදාළ චක්‍රලේඛ මුලින්ම අහෝසි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පරිසරවේදීන්ගේ තර්කය වී තිබේ. එමෙන්ම තවදුරටත් කැලෑ ලෙස පවත්වාගෙන යෑමට නුසුදුසු ඉඩම් ගොවීන්ට පැවරීමේ ක්‍රමවේදයක් දැනටමත් තිබියදී, 5/2001 චක්‍රලේඛය හදිසියේ අවලංගු කිරීමට උත්සාහ කිරීම සැකයට තුඩුදෙන බව පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන පෙර අවස්ථාවක බීබීසී සිංහල සේවයට කියා සිටියේය. දිගම්පතාන ප්‍රදේශයේ කසල බුදින අලි රංචුවක් මේ අතර මතභේදයට තුඩු දී තිබෙන ඉහත කී වන භූමි 'අවශේෂ වනාන්තර ලෙස 'ලේබල් ගැසුවත්' ඒවා "අත්‍යවශ්‍ය වනාන්තර" බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂකයන් කළ අධ්‍යයන අනුව වැඩිම අවේනික ප්‍රතිශත වාර්තා වී ඇත්තේ කෑගල්ල, රත්නපුර, කළුතර වැනි දිස්ත්‍රික්කවල පිහිටි 'අවශේෂ වනාන්තරවලින්' යැයි ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "අනෙක් පැත්තෙන් ගත්තොත් අපිට වැඩිම විදේශ විනිමයක් ගෙන දෙන ආකර්ෂණය තමයි අලි ඇත්තු. ඔවුන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙන්නත් මේ 'අවශේෂ වනාන්තර' වැඩි වශයෙන් පිහිටි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්." ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 5,900 ක් පමණ යැයි ඇස්තමේන්තු කෙරේ. 2010-2019 කාලය තුළ අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂික සිදුව ඇති අලි මරණ සංඛ්‍යාව 263 ක් බව වාර්තා පෙන්වා දෙයි. පරිසරවේදී නයනක රන්වැල්ල පවසන පරිදි වැඩි වශයෙන්ම වන අලි ගැවසෙන 'අවශේෂ වනාන්තර' පිහිටි දිස්ත්‍රික්ක: ඉහත කී දිස්ත්‍රික්ක තුළ දැනටමත් අලි-මිනිස් ගැටුම උග්‍රව දක්නට ඇති බව ඔහු පෙන්වා දෙයි. " මේ තීන්දුව හරහා සමස්ත අලි ගහනයෙන් 60% ක පමණ වාස භූමි අහෝසි වෙලා යනවා. ඉතින් ඒ අලි සම්පත 60% කින් ආපස්සට ගෙන යනවද? නැතිනම් මේ වනාන්තර පද්ධතිය රැක ගන්නවද කියන කාරණය රටක් විදිහට අපි හමුවේ තිබෙනවා." වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්.කේ හරිශ්චන්ද්‍ර නොවැම්බර් 04 වෙනිදා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පළ වූ අදහස් ඊට අමතරව වියලි මෝසම් වනාන්තර, කඩොලාන වනාන්තර, වගුරු වනාන්තර, තෙත් මෝසම් වනාන්තර, කඳුකර වනාන්තර, කටු පඳුරු සහිත වනාන්තර, උප කඳුකර වනාන්තර, ගංගා ධාර වනාන්තර ඇතුළු ශ්‍රී ලංකාවේ දක්නට ඇති සියලුම වනාන්තර විශේෂ අහෝසි කරන ලද චක්‍රලේඛයෙන් ආරක්ෂා වී තිබු බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි. "විශේෂයෙන්ම ලංකාවට වැස්ස ලබා දෙන හෝර්ටන්තැන්න, නකල්ස් සහ ශ්‍රී පාද අඩවිය යා කරන භූමි තුළ ඇති වලාකුළු වනාන්තර අයිති වුණේ මේ කියන කලාපවලට. ඒවා නැති වුණොත් මේ රටේ වර්ෂා පතනය නැති වෙනවා. එතකොට මහවැලි, කැළණි. කළු, වලවේ යන ගංගා ඇතුළු ගංගා 103 ටම විශාල බලපෑමක් ඇති වෙනවා." "එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් මේ රටේ කෘෂිකර්මාන්තය නවතිනවා. ජල විදුලිය ආශ්‍රිත බලශක්ති උත්පාදනය නතර වෙනවා. නාය යාමේ අවදානම සහිත ස්ථාන ගණනාවක් රඳවාගෙන සිටින මේ වනාන්තර නැති වීමෙන් ඒ අවදානම ඉහළ යනවා. මේ සියල්ල එකට එකතු කර එක මිටකට බලන විට මේ වනාන්තර තමයි ලංකාවේ තිබෙන අත්‍යවශ්‍ය වනාන්තර. මේ වනාන්තර නැති වුණොත් මේ රටේ මේ ආණ්ඩුවට 2/3 ක් ඡන්දය දුන්නු මිනිස්සු වගේම පළමු වරට, මේ රටෙන් 2/3 ක් පාරිසරික සරණාගතයන් (Environmental refugees) බවට පත්වෙනවා." වනාන්තර නොවන ප්‍රදේශ හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඉහත කී චක්‍රලේඛය මුළුමනින්ම අහෝසි නොකර එය කිරීමේ හැකියාව පැවති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි. "මේ අපේ රට මරණය වෙත කැඳවන හෝරාවයි. ඒක කරන්න තමයි මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සූදානම් වෙන්නේ. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය තව දින කිහිපයකින් එළඹෙනවා. එතුමා මේක දිගටම ක්‍රියාත්මක කළොත් වර්තමාන සියවසේ දැවැන්තම පරිසර ඝාතකයා කියන විරුදාවලිය එතුමාට ලැබෙනවා. ඉතින් කරුණාකර ඉන් අත්මිදී රටක හෙට දවස විනාශ කරන කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක් නොවෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ ගැනත් කියවන්න:
'අවශේෂ වනාන්තරවල' ආරක්ෂාව වෙනුවෙන් පැවති 05/2001 සහ 02/2006 චක්‍රලේඛ අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට මරු පහරක් වනු ඇති බවට පරිසරවේදීහු සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීහු අනතුරු අඟවති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය ලබා දීම මගින් ශ්‍රී ලංකාව බෙදා වෙන් නොකෙරෙන බව මහ ඇමතිවරයා අවධාරණය කරයි උතුරු පළාතේ මහ ඇමතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන්, ස්වයං නීර්ණ අයිතිය ලබා ගැනීම පිණිස ප්‍රචණ්ඩත්වයට යොමු වීමට ලාංකීය සමාජය තුල තවදුරටත් කිසිදු ඉඩක් නොමැති බවද අවධාරණය කරයි. "සිංහල ජනතාව තමන්ගේ භාෂාව සහ සංස්කෘතිය අගය කරන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම දෙමළ ජනතාවද සිය භාෂාවට සහ සම්ප්‍රදායයන්ට ගරු කරන බව වටහා ගන්නා මෙන් මම සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිමි," යනුවෙන්ද නව මහ ඇමතිවරයා සිය නිවේදනයේ සඳහන් කරයි. සන්ධානයේ මතභේද අගමැති දිමු ජයරත්න සහ ඩග්ලස් දේවානන්ද, මෛත්‍රීපාල සිරිසේන, රවුෆ් හකීම්, සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන්, උතුරු පළාතේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජීඒ චන්ද්‍රසිරි සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් පිරිසක්ද සීවී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ලෙසින් දිවුරුම් දීමේ අවස්ථාවට එක් වී සිටියහ. මහ ඇමතිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් නායකයන් විරෝධය පළ කොට තිබෙන අතර, එයට විරෝධය දැක්වීමක් වශයෙන් නව මහ ඇමතිවරයා ඉදිරියේ තමන් දිවුරුම් නොදෙන බව සන්ධානයෙන් තේරී පත්වූ ආනන්දි සසීහරන් මන්ත්‍රීවරිය පවසා තිබෙන බව වාර්තාවල දැක්වේ. යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු ලෙසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් නම් කරනු ලැබ සිටින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට සීවී විග්නේශ්වරන් ගත් තීරණය සදාචාර සම්පන්න නැතැයි ශ්‍රී ලංකා දෙමළ නීතිවේදීන්ගේ සංගමය බීබීසී සංදේශයට පැවසීය. පළාත් සභාවේ අමාත්‍ය පදවි බෙදා ගැනීම සම්බන්ධයෙන්ද දෙජාස (ටීඑන්ඒ) නායකයන් අතර මතභේද හට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් විසි එක් වැනිදා පැවති පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගත්තේය.
දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය ලබා දීම මගින් ශ්‍රී ලංකාව බෙදා වෙන් නොකෙරෙන බව අවධාරණය කරන උතුරු පළාතේ නව මහ ඇමතිවරයා, ඒ මගින් සිදු වන්නේ රටේ ජන කොටස් අතර සමගිය වර්ධනය වීම බව අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘රේඩියෝ ෆ්‍රී යුරෝප් - රේඩියෝ ලිබර්ටි’ (Radio Free Europe - Radio Liberty) නම් එම ගුවන් විදුලි මධ්‍යස්ථානය පවසන්නේ, ‘රේඩියෝ අශාඩ්ලික්’(Radio Azadliq) නම් සිය අසර්බයිජාන් අංශයට කඩා වැදී කාර්ය මණ්ඩලයට ඉන් බැහැර වෙන මෙන් නියෝග කර ඇති බවයි. මේ මාසය මුලදී එම අසර්බයිජාන් ගුවන් විදුලියේ මාධ්‍යවේදිනී කදිජා ඉස්මයිලෝවා (Khadija Ismayilova) අත් අඩංගුවට ගත් බවක් ද වාර්තා විය. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ, මිනිසකු සිය දිවි හානිකර ගැනීම සඳහා පොලඹවන ලදැයි චෝදනා කරමින්. අසර්බයිජාන් ජනාධිපති ප්‍රකාශක රමිෂ් මජ්දියෙෆ් (Ramiz Majdiyev) ප්‍රකාශයක් කරමින්, විදේශීය ආරක්ෂක අංශයක් සඳහා ක්‍රියාත්මක වෙන බවට ‘රේඩියෝ අශාඩ්ලික්’ (Radio Azadliq) ගුවන් විදුලියට චෝදනා කළේය.
අසර්බයිජානයේ ‘බකු’ අගනුවර සිය කාර්යාල වලට කඩා වැදුන බව ඇමෙරිකානු මූල්‍ය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක වෙන ගුවන් විදුලි ආයතනයක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය 13 වැනි දින ආරක්ෂක ලේකම්වරයා මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් ඇමතීම 'නීති විරෝධීයි' පසුගිය 13 වැනි දින පදනම් ආයතනයේ පැවැත්වුණු පාලක සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයාගේ මංගල රැලිය අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රචාරක ව්‍යාපාරයට එක් වුනු බවයි, විපක්ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ. උදය ගම්මන්පිල හිටපු පළාත් සභා ඇමතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයට ආරක්ෂක ලේකම්වරයා සහභාගි වීම පිළිබඳව තමන් කළ පැමිණිල්ල ගැන අවධානය යොමු කරන බවට මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ යයි කරු ජයසූරිය මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට පැවසීය. "අපේ විරුද්ධත්වයක් නෑ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලන පක්ෂ රැස්වීමකට සහභාගි වෙනවට. නමුත් ශ්‍රී ලංකා ජනරජයේ ආරක්ෂක ලේකම්වරයා එම රැස්වීමට සහභාගි වුනොත් එතන විශාල ප්‍රශ්නයක් තියෙනව," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. රාජ්‍ය සේවයේ ප්‍රබලම නිලධාරියා ප්‍රසිද්ධියේ දේශපාලනයේ යෙදෙන්නේ නම්, අනෙකුත් රාජ්‍ය සේවකයන්ගෙන්ද අපක්ෂපාතී සේවයක් බලාපොරොත්තු විය නොහැකි බවයි, පැමිණිල්ල භාර දුන් එජාප නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ. රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ දේශපාලනයේ නිරත වීම වරදක් බව මැතිවරණ කොමසාරිස්වරයාද පිළිගත් බවත් ඔහු සඳහන් කළේය.
පාලක පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි වීම මගින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කොට ඇතැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කැනඩාවේ ජීවත් වන ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් (Donna Strickland) මෙම සම්මානය දිනාගත් තෙවෙනි කාන්තාව බවට ඉතිහාසගත වේ කැනඩාවේ ජීවත් වන ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් (Donna Strickland) මෙම සම්මානය දිනාගත් තෙවෙනි කාන්තාව බවට ඉතිහාසගත වන අතර, 1903 වර්ෂයේදී මාරි කියුරි සහ 1963 දී මරියා ගෝපර්ට්-මේයර් (Maria Goeppert-Mayer) මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ්ට මෙම වසරේ ලැබුණ ත්‍යාගය එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් සහ ප්‍රංශයේ Gerard Mourou අතර සමසේ බෙදිණි. භෞතික විද්‍යාවේ ඇති ලේසර් ක්‍රම පිළිබඳ සිදු කළ නව සොයාගැනීම් වෙනුවෙන් ඔවුන්ට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත. ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි 'දෘශ්‍ය අඩුවක් (optical tweezers)' ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමයක් වැඩිදියුණු කිරීමට ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් කටයුතු කර තිබේ. මෙකී ලේසර් ක්‍රමය මගින් මෙතෙක් සොයාගත් කෙටිම සහ වේගවත්ම ලේසර් කිරණ නිර්මාණය කිරීමට මඟ පාදනු ලැබේ. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් සහ Gerard Mourou විසින් Chirped Pulse Amplification (CPA) ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමවේදයක් වැඩිදියුණු කර කරනු ලැබීය. මෙය පිළිකා සඳහා මෙන්ම, වසරකට සිදු කෙරෙන මිලියන ගණනක් ලේසර් අක්ෂි ශල්‍යකර්ම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. ආතර් ඇෂ්කින් සහ Gerard Mourou මෙතෙක් කාලයක් කාන්තාවකට මෙම ත්‍යාගය හිමි නොවීම ගැන තමන් "පුදුමයට පත් වෙන" බව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් බීබීසී වෙත පැවසීය. "මට සෑම අවස්ථාවකදීම පුරුෂයින්ට හා සමාන සැලකුම් ලැබුණා. මා සමග පුරුෂයන් දෙදෙනෙක්ද මෙම ත්‍යාගය දිනාගෙන තිබෙනවා. ඒ දෙදෙනාටත් මේ ත්‍යාගය එක සමානව අයිති වෙනවා," යැයි ඇය තවදුරටත් පැවසුවාය. ජිනීවාහි විද්‍යාගාරයක පැවති සම්මන්ත්‍රණයකදී එක්තරා භෞතික විද්‍යාඥයෙකු සිදු කළ "ඉතා අප්‍රසන්න" දේශනයකින් දින කීපයකට පසු මෙම ත්‍යාග ප්‍රදානය සිදු විය. භෞතික විද්‍යාව "ගොඩනගා ඇත්තේ පුරුෂයින්" යනුවෙන් සඳහන් කළ ඔහු, පිරිමි විද්‍යාඥයන්ට වෙනස් කොට සැලකීමක් සිදුවන බව ද පැවසීය. එම දේශනයෙන් පසු ඔහු පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. එම භෞතික විද්‍යාඥයා "මෝඩ" අදහස් පළ කර ඇති අතර, තමන් ඒ කිසිවක් "පෞද්ගලිකව" අදාළ කර නොගත් බව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් පැවසීය. මේ තොරතුරුද කියවන්න: භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයට අවසන් වරට හිමිකම් කී කාන්තාවන් වන්නේ, ජර්මනියේ ඉපදුණු ඇමෙරිකානුභෞතික විද්‍යාඥවරියක වන මරියා ගෝපර්ට්-මේයර්ය. පරමාණුවල ඇති න්‍යෂ්ටික ශක්තිය පිළිබඳ සිදුකළ සොයාගැනීම් වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි විය. 1903 වර්ෂයේදී මාරි කියුරි නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය රේඩියම් සොයාගැනීම වෙනුවෙන් පෝලන්ත ජාතික භෞතික විද්‍යාඥරියක් වන මාරි කියුරි 1903 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. රේඩියම් සොයාගැනීමේ පරීක්ෂණවලට එක් වූ සිය සැමියා වන පියරි කියුරි සහ Antoine Henri Becquerel අතර එම ත්‍යාගය සමසේ බෙදිණි. මෙම ත්‍යාගය ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුක්තය. "මුලින්ම ඔබට සිතෙයි එය ඇත්තටම පිස්සුවක් කියලා. මගේ මනසට ආපු පළමුවෙනි සිතුවිල්ලත් එයයි. ඒ වගේ, මෙය සැබෑවක්ද කියලත් සිතෙනවා," යැයි කැනඩාවේ 'වෝටර්ලූ' විශ්වවිද්‍යාලයට අනුයුක්තව සේවයේ නියුතු ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් සිය ජයග්‍රණය ගැන එසේ පැවසීය. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් සහ Gerard Mourou විසින් Chirped Pulse Amplification (CPA) නම් ක්‍රමවේදයක් වැඩිදියුණු කර කරනු ලැබීය. මෙය පිළිකා සඳහා මෙන්ම, වසරකට සිදු කෙරෙන මිලියන ගණනක් ලේසර් අක්ෂි ශල්‍යකර්ම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත "මේ තෑග්ග Gerard සමග බෙදා ගැනීම ගැන කියනවානම්, ඔහු තමයි මගේ වැඩ නිරීක්ෂණය කළේ. ඒ වගේම ඔහු මගේ උපදේශකවරයා. CPA ලේසර් ක්‍රමවේදය ඔහු ඉතා ඉහළ තැනකට රැගෙන ගියා. ඔහුට මෙම ත්‍යාගය ලැබිය යුතුමයි. ඒ වගේම ආතර් ඇෂ්කින්ට ලැබුණ ජයග්‍රහණය ගැන මම ඉතාමත් සතුටු වෙනවා." "මම සිතන්නේ ඔහු මින් පෙරත් ඉතා විශාල සොයාගැනීම් ගණනාවක් සිදු කර තිබෙනවා. ඒ දේවල් භාවිත කරමින් අනිකුත් පුද්ගලයන් විශිෂ්ට දේවල් සිදු කරනවා. අවසානයේ දී ඔහුගේ සේවය ඇගයීම ගැන ඉතාමත් සතුටුයි," ඇය පැවසුවාය. තවත් තොරතුරු:
වසර 55කට පසු භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමි වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මරණයට පත්වූවන් අතර ළමුන් එකොලොස් දෙනකුද වූ බව පොලීසිය පවසයි මරණයට පත්වූවන් අතර ළමුන් එකොලොස් දෙනකුද වූ බව පොලීසිය පවසයි. ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයන් වේනම් ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරී ඇති බවත් නිවේදනය කෙරිණ. කඩා වැටෙන අවස්ථාව වන විට ඉදිකිරීම් අවසන් නොවූ මට්ටමක තිබු ගොඩනැගිල්ලේ එක කොටසක ජනතාව පදිංචිව සිටි බවයි, මුම්බායි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. මිය ගිය පුද්ගලයන් අතර ගොඩනැගිල්ලේ පදිංචිව සිට ජනයා මෙන්ම ඉදිකිරීම්වල නිරතව සිටි කම්කරුවන් ද වූ බව ද වාර්තාවල දැක්වේ. ආරක්‍ෂිත ප්‍රමිතීන් මනාව ක්‍රියාවට නැංවෙන්නේ නොමැති හෙයින් ඉන්දියාවේ මෙවැනි ගොඩනැගිලි කඩා වැටීම් අසාමාන්‍ය සිදුවීමක් නොවන බවයි, මුම්බායි නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.
ඉන්දියාවේ මුම්බායි නගරයේ අනවසරයෙන් ඉදිකරනු ලැබ තිබුන මහල් කීපයකින් යුත් මන්දිරයක් කඩා වැටීමෙන් හතළිහකට අධික මහජන ජීවිත විනාශයක් සිදු වුන බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද කොළඹදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහභාගිවූ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනුයි රතන හිමියන් මෙම අදහස් පළ කලේ. බොදු බල සේනා සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමට ගත් තීරණය පිළිබඳව බිබිසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතරු දෙමින් රතන හිමියන් පැවසුවේ කුමන සංවිධාන කාට සහය පළ කළත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජය තම ව්‍යාපාරය සමග පෙළ ගැසෙනු ඇති බවයි. " සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් බෞධයන්ගේ නැගිටීමක් ඉතිහාසයේම තිබුනා. ඒ නිසා ඉදිරියේදී දැකගන්න පුළුවන් බෞද්ධ සමාජය මේ කරණයේදී ඉදිරියට එන්නේ කියලා" යනුවෙන් උන්වහන්සේ පැවසුවේය. බොදු බල සේනාව වැනි සංවිධානවලට තමන් කැමති කෙනෙකුට සාහය දීමට අයිතියක් ඇති බව පැවසූ අතුරලියේ රතන හිමියන් ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂට සහායදීම එතරම් ගැටළුවක් නොවන බවයි පැවසුවේ. ජාතික හෙළ උරුමය ඉදිරි දින කිහිපයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග සම්මුතියක් ඇති කරගැනීමට නියමිත බවයි රතන හිමියන් කියා සිටියේ. " විශේෂයෙන්ම අපට අවශ්‍යවන්නේ අධිකරණ ස්වාධිනත්වය, පාර්ලිමේන්තුවේ ස්වාධිනත්වය වැනි කරුණු ගැන සම්මුතියක්, එක ගැන අපි ඉදිරියට කියන්නම්"
ශ්‍රී ලංකාවේ බෞද්ධ බලවේගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග එක් වීම ඉදිරි මැතිවරණ ක්‍රියාදාමය තුළ සියළු දෙනාට දැක ගත හැකි බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමෙරිකානු ඡන්දදායකයන් අතුරෙන් හතරෙන් තුනක් පමණම ක්‍රිස්තියානි භක්තිකයන්ය "උන් වහන්සේ අපට ආදරෙයි, උන් වහන්සේට අවශ්‍ය අපි සියලු දෙනා එකිනෙකා සමඟ සතුටෙන් ඉන්නවා දකින්න, බෙදිලා නෙවෙයි." 19 හැවිරිදි රෝස් ඕර්ටිස් ඇමෙරිකානු ජනපතිවරණයේ සිය අපේක්ෂා ගැන මෙම ලිපිය සැකසූ වාර්තාකාරිය සමඟ අදහස් දැක්වූයේ උතුරු කැරොලිනාවේ චාලට් නගරයේ පිහිටි සිය නිවසේ සිට 'සූම්' (zoom) ඔස්සේය. මෙවර ජනපතිවරණය ඇය පළමුවරට ඡන්දය භාවිත කරන අවස්ථාවය. ඇමෙරිකානු ඉතිහාසයේ වැදගත්ම මැතිවරණය ලෙසින් ඇතැමුන් හඳුන්වන ඡන්ද විමසීමට තවත් තිබෙන්නේ සති කිහිපයක් පමණි. සංගීත ශිල්පීන්ගේ පෝස්ටර් ගොඩක් මැද අසුන්ගෙන සිටින රෝස්, තමන් අදහන කිතුනු දහම සහ එය තමන්ගේ ඡන්දයට බලපාන්නේ කෙලෙසද යන්න ගැන සෙමෙන් එහෙත් ඉතා උද්‍යෝගයෙන් අදහස් දැක්වූවාය. රොස්, නොවැම්බරයේදී පළමු වරට සිය ඡන්දය භාවිත කරන්නීය දැඩි ආගමික සම්බන්ධතා තිබෙන අපේක්ෂකයන් දෙදෙනා අතරින් සිය ඡන්දය භාවිත කළ යුත්තේ කවර අපේක්ෂකයාට ද යන්න ගැන සති ගණනක් මුළුල්ලේ කල්පනා කළත් රෝස් ට තවමත් තීරණයකට එළඹිය නොහැකිය. ඇමෙරිකානු ඉතිහාසයේ පළමු වතාවට එරට විශාලතම වාර්ෂික ගබ්සා විරෝධී රැලියට සහභාගි වූ ජනාධිපතිවරයා වීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි ඇය තුළ ප්‍රසාදයක් පවතී. ඒ පසුගිය ජනවාරි මාසයේදී ය. "ක්‍රිස්තියානි භක්තිකයෙක් හැටියට, දෙවියන් වහන්සේ කිසිම ගබ්සාවක් දකින්න කැමති නැහැ," ඇය පවසයි. "ඒක මම ට්‍රම්ප් ගේ පාර්ශවය එක්ක එකඟවෙන දෙයක්." ජෝ බයිඩන් ගේ කතෝලික විශ්වාසය රෝස් ට ද සමීප වුව ද, තරුණ ක්‍රිස්තියානි ප්‍රජාව සමඟ සම්බන්ධවීම පිණිස ඔහු තවත් බොහෝ දේ කළ යුතු බව ඇය ගේ හැඟීමය. ඇතැම් රටවල ආගම සහ දේශපාලනය බද්ධ නොවුව ද, ඇමෙරිකාවේ පවතින්නේ ඊට වඩා වෙනස් වාතාවරණයකි. උතුරු කරෝලිනා වැනි ප්‍රාන්තවල ආගම යනු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සඳහා තීරණාත්මක ලෙසින් බලපාන සාධකයකි. ඇමෙරිකාවේ 'බයිබල් මාවතේ' කොටසක් වන එය ප්‍රධාන ගණයේ දෝලනය වන ප්‍රාන්තයකි. එනම්, එහි ප්‍රතිඵලය ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ජෝ බයිඩන්ට පක්ෂව විය හැකිය. යළි ජනපති පදවියට තේරී පත්වීම පිණිස, ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ප්‍රාන්ත ජයගත යුතුය. 2016 දී ඔහු උතුරු කැරොලිනාව ජයගත්තේ හිලරි ක්ලින්ටන් 4% කට වැඩි ප්‍රතිශතයකින් පරාජය කරමිනි. මෙවර තරගය ඊට වඩා කරට කර බව ජනමත සමීක්ෂණවල දැක්වේ. මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව වනවිට උතුරු කරෝලිනාව තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින්නේ 1% කටත් වඩා අඩු ප්‍රතිශතයකිනි. ජනපති අපේක්ෂකයන් දෙදෙනාම පැහැදිලිවම ආගම සිය ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් කරගෙන තිබේ. කිතු දහම ආරක්ෂා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි කිතු දහම ආරක්ෂා කිරීම පිණිස සුදුසුම අපේක්ෂකයා තමන් බව ඇමෙරිකාවට වටහා දීම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අපේක්ෂාවය. ඔහුගේ ප්‍රතිවාදී ජෝ බයිඩන් පවසන්නේ, මෙවර ජනපතිවරණය ජාතියේ ආත්මය ('හදවත') වෙනුවෙන් කෙරෙන සටනක් බවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්දදායකයන් අතුරින් හතරෙන් තුනකට වඩා ක්‍රිස්තියානි භක්තිකයන්ය. සුදු ජාතික ඉවැන්ජලික ඡන්දදායකයින් 2016 මැතිවරණයට එල්ල කළ බලපෑම බොහෝ සේ සාකච්ඡාවට බඳුන් වූවකි. ඔවුන් සෑම දස දෙනෙකුගෙන්ම අට දෙනෙකුට වැඩි පිරිසක් ඒ අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය භාවිත කළ බව ජනමත සමීක්ෂණවල දැක්වුණ අතර, ඔවුහු තවමත් ජනපතිවරයාගේ ඡන්ද පදනම නියෝජනය කරති. එහෙත් කළු ජාතික ක්‍රිස්තියානි කාන්තාවක ලෙසින්, විවිධ ජාතීන් කතෝලික සභාව නියෝජනය කරන බව තමන් දන්නේ යැයි වාර්තාකාරිනිය පවසයි. එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි භක්තිකයන් බහුතරය සුදු ජාතික ඉවැන්ජලික භක්තිකයන් නොවන අතර, වාමාංශික දේශපාලන ව්‍යාපාරවල හඬ ද ඉස්මතුවෙමින් පවතී. පසුගිය මාස කිහිපය මුළුල්ලේ තමන් දැඩි තරගකාරී ප්‍රාන්තයක් වන උතුරු කැරොලිනාවේ මිනිසුන් සමඟ අදහස් හුවමාරු කරගත් බව ද වාර්තාකාරිනිය කියා සිටී. රෝස් වැනි ස්පාඤ්ඤ භාෂාව කතා කරන (හිස්පැනික්) ඡන්දදායකයෝ මේ වසරේ මැතිවරණයේ විශාලතම වාර්ගික සුළුතර කණ්ඩායම වන අතර, ඔවුහු සමස්ත ඡන්දදායක සංඛ්‍යාවෙන් 13% කට මඳක් වැඩිය. එහෙත් අනෙක් සුළු ජාතීන් මෙන් නොව ඔවුන් සිය ඡන්දය භාවිත කිරීමේ සම්භාවිතාව අඩුය. "1996 සිට සෑම ජනපතිවරණයකදීම සිය ඡන්දය භාවිත කළ හිස්පැනික් ඡන්දදායකයන් පිරිස ඡන්දය නොදුන් පිරිසට වඩා අඩු," බව Pew පර්යේෂණ ආයතනය පවසයි. සාමාන්‍යයෙන් හිස්පැනික් ක්‍රිස්තියානි භක්තිකයන් සැලකෙන්නේ අවසාන මොහොතේ සිය ඡන්දය තීරණය කරන පිරිසක් ලෙසිනි. උතුරු කැරොලිනාවේ බොහෝදෙනාගේ ජීවිතයේ විශාල තැනක් පල්ලිය වෙනුවෙන් වෙන්ව තිබේ එක්සත් ජනපදයේ හිස්පැනික් ඡන්දදායකයන් අතරින් අඩක් පමණම කතෝලිකයන් වන අතර, ඔවුන්ගේ සමාජමය ආකල්ප ගතානුගතිකවාදීය. එහෙත් සංක්‍රමණිකයන් සම්බන්ධ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිය හේතුවෙන් ඔවුන්ට ඔහුට සහය දීම ද දුෂ්කර කරුණකි. රෝස් ගේ මව හොන්ඩියුරාස් හි කාන්තාවකි. ඇයට එක්සත් ජනපදයේ රැඳි සිටීමට අවසර ලැබුණු තාවකාලික වීසා වැඩසටහනේ අනාගතය දැන් අවිනිශ්චිත තත්ත්වයක පවතී. මේ අවිනිශ්චිතභාවය සිය පවුලට බලපා ඇති අන්දම ගැන අදහස් දක්වද්දී ඇය හඬන්නට විය. "මට අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන් වුණා නම් මම කැමති සංක්‍රමණිකයන්ට අවස්ථාව දෙන අපේක්ෂකයෙකුට. රටින් පිටුවහල් කරාවි කියල බයෙන් ඉන්නේ නැතුව ඔවුන්ට මේ රටේ නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව දෙන්න." සිය ප්‍රාන්තය මෙවර වෙනස් ආකාරයකින් ඡන්දය දෙනු ඇති බව වෙස්ලි මොරිස් දේවගැතිවරයා සිතයි ක්‍රිස්තියානි භක්තිය සම්බන්ධයෙන් උතුරු කැරොලිනාවට තිබෙන්නේ පොහොසත් ඉතිහාසයකි. දකුණේ චාලට් නගරය, ලෝක ප්‍රසිද්ධ ඉවැන්ජලිකයෙකු වන බිලි ග්‍රැහැම් උපන් ස්ථානයයි. ඔහුගේ පුත් ෆ්‍රැන්ක්ලින් ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහය දක්වයි. උතුරේ ග්‍රීන්ස්බරෝ, කළු ජාතික ඉවැන්ජලික දේවගැතිවරයෙකු වන ආචාර්ය විලියම් ජේ බාබර් ගේ නගරයයි. ඔහු සමාජ සහ ආර්ථික සාධාරණය වෙනුවෙන් රට පුරා දියත්ව තිබෙන Poor People's Campaign නම් ව්‍යාපාරයේ ප්‍රධානියාය. වෙස්ලි මොරිස් දේවගැතිවරයා එම ව්‍යාපාරයේ සාමාජිකයෙකි. මොරිස් දෙවගතිවරයාගේ විශ්වාසය අනුව වර්ගවාදයට එරෙහිව හඬ නැගීම ප්‍රධාන තැනක් ගනී අසාධාරණයට එරෙහිව නැගී සිටීම බයිබලයේ දැක්වෙන යුතුකමක් බව ඔහුගේ අදහසය. "මම, සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් එක්ක ගැටුම් සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තියෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයෙක්. දේශනා පවත්වන්න නැගී සිටින හැම මොහොතකම මම ඒක හිතනවා." පසුගිය ජනපතිවරණයේ දී කළු ජාතික ඡන්දදායකයන්ගේ සහභාගිත්වය බරපතල ලෙස අඩුවිය. 2012 දී එය 66.6% ක් වූ නමුත් 2016 දී එය 59.6% ක් බවට පත්විය. කළු ඇමෙරිකානුවන්ගේ ඡන්ද ප්‍රතිශතය එසේ 7% කින් අඩුවීම ඉතිහාසයේ වැඩිම බිඳ වැටීම විය. Pew පර්යේෂණ ආයතනය පවසන පරිදි වසර විස්සක් ඇතුළත වැඩිම කඩා වැටීම එය විය. ඇමෙරිකාවේ කළු ජාතික පල්ලිය ඓතිහාසිකව දැවැන්ත බලපෑමක් එල්ල කරන්නට සමත් වූවකි. බ්‍රික්හවුස් දේවගැතිවරයා, අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ ආහාර සපයයි "කළු ජාතිකයන්ගේ පල්ලිය බොහොම ඉහළ ස්ථානයක හිටියේ. මෑතදී බරක් ඔබාමා ජනපති පදවිය දැරුවා. ඊට කලින් ඡන්දය නොදුන් බොහෝ දෙනා බරක් ඔබාමාට ඡන්දය දුන්නා," 28 හැවිරිදි මයිකල් බ්‍රික්හවුස් දේවගැතිවරයා පවසයි. "බරක් ඔබාමා වෙනුවෙන් ජනතාව ගොනුකරන්න පුළුවන් වුණත් හිලරි ක්ලින්ටන් වෙනුවෙන් අපිට ඒක කරන්න ලැබුණේ නෑ." ඔහු කොරෝනාවෛරසය ගැන කතා කරයි. මේ වසංගතය මගින් ඇමෙරිකාවේ වාර්ගික අසමානතාව තවදුරටත් පෙන්වා දී තිබේ; වෛරසය සහ රැකියා අහිමිවීම සුදු ජාතිකයන්ට සාපේක්ෂව කළු සහ ලතින් ඇමෙරිකානු ජාතිකයන්ට අසමාන ලෙසින් බලපා තිබේ. බ්‍රික්හවුස් දේවගැතිවරයා ප්‍රාන්තයේ රැලේ අගනුවර පිහිටි සිය දේවස්ථානයේ නොමිලේ ආහාර බෙදාදෙන සේවාවක් ද පවත්වාගෙන යයි. වසංගතය හේතුවෙන් ඒ සඳහා දස ගුණයකින් ඉල්ලුම ඉහළ ගොස් තිබේ. "ජනාධිපති ට්‍රම්ප් ක්‍රිස්තියානි හර පද්ධතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියල මම විශ්වාස කරන්නේ නෑ," ඔහු පවසයි. "මම හිතන්නේ ආයෙත් බලයට පත්වෙන්න ජනාධිපති ට්‍රම්ප් ක්‍රිස්තියානි දහම ඉලක්ක කරමින් ඉන්නවා." 2016 දී ට්‍රම්ප් ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ ඉවැන්ජලික කිතුනු ලබ්ධිකයෙකි, රොන්ඩා ඇලන් පැහැදිලිවම ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති අගය කරන ක්‍රිස්තියානි භක්තිකයෝ ද සිටිති. රොන්ඩා ඇලන් ඒ අතරින් කෙනෙකි. වෙඩි තැබීම පුහුණුකරවන්නියක වන ඇය විශ්වාස කරන්නේ තුවක්කුවක් ළඟ තබා ගැනීම දෙවියන් වහන්සේගෙන් ලද අයිතියක් බවය. "මේක මගේ අදහස. ආධ්‍යාත්මික යුද්ධය. මේක යක්ෂයාට එරෙහි යහපත. ක්‍රිස්තියානිවරු කියන්නේ මහ පොළවේ දෙවියන් වහන්සේගේ හමුදාව." ඩොනල්ඩ් ට්‍රම්ප් "ක්‍රිස්තියානිවරුන්ගේ මිතුරෙකු" බව සනාථ කොට ඇතැයි පවසන රොන්ඩා තමන් එවැන්නක් ජෝ බයිඩන් ගෙන් දැක නැති බවද පවසන්නීය. විශේෂයෙන්ම ගබ්සාව වැනි කරුණු සම්බන්ධ වත්මන් නීති වෙනස් කිරීම පිණිස රටේ ඉහළම අධිකරණයේ බලය අත්පත් කරගැනීම අවශ්‍ය බව අයගේ අදහසය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුටුවකට නාමයෝජනාවක් වන ඒමි කොනී බැරට්, දැඩි කතෝලික බැතිමතකු වන අතර ගතානුගතික තැනැත්තියකි අන් බොහෝ රටවල නොමැති ආකාරයට එක්සත් ජනපදය තුළ ආගම දේශපාලනයට ප්‍රබල බලපෑමක් එල්ල කරයි. 2016 දී සිය මෙතෝදිස්ත ආගමට ඇති බැඳීම යටපත් කරගැනීම සහ ක්‍රිස්තියානි ප්‍රජාව වෙත ආමන්ත්‍රණය නොකිරීම හිලරි ක්ලින්ටන් ගේ පරාජයට හේතුව වූ බව වරින් වර තමන්ට දැනගන්නට ලැබුණු බව මෙම වාර්තාකාරිනිය පවසයි. එය බරක් ඔබාමා අනුගමනය කළ ක්‍රියාමාර්ගයට හාත්පසින්ම වෙනස් වූවක් විය. පොලිස් කෘරත්වයට එරෙහි සාමකාමී විරෝධතාවලට ඇමෙරිකාව පුරා පූජකයෝ එක්වූහ බීබීසී මාධ්‍යවේදිනියක ලෙස යමක් වාර්තා කරන විට තමන්ගේ හැඟීම් අනුව කටයුතු කළ නොහැකි වුවත් මෙය තමන්ට ඉතා සංවේදී වූ කතාවක් වූ බව මෙම වාර්තාකාරිනිය පවසන්නීය. බොහෝ ක්‍රිස්තියානි භක්තිකයෝ පවතින තත්ත්වයට අභියෝග කරති උතුරු කැරොලිනාවේ දී තමන් සමඟ අදහස් දැක්වූ සෑම දෙනාම සිය රටට ආදරය කරන අතර ඇමෙරිකාවේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන පසුවන්නේ කණස්සල්ලෙන් බව ඇය කියා සිටී. ඔවුන් සියලු දෙනාම පාහේ පොදුවේ කියා සිටි එක් දෙයක් විය; එනම් සිය අදහස් සියල්ල පදනම් වන්නේ බයිබලය මත බවය. ඇමෙරිකාවේ බොහෝ ක්‍රිස්තියානිවරු දේශපාලනය දකින්නේ ආගම තුළිනි. එබැවින් මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තීරණාත්මකම සාධකය යේසුස් වහන්සේ විය හැකිය. (ගෝලීය ආගම් පිළිබඳ වාර්තාකාරීනි ලෙබෝ දිසෙකෝ විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් ඇසුරිණි) මෙම තොරතුරු ද දැනගන්න:
"දෙවියන් වහන්සේ අපව මැවුවේ උන් වහන්සේගේම රූපකායෙන්, ඒ නිසා අපි සියලු දෙනාම එක් පුද්ගලයෙක්."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද ශක්තිය පෙන්වමින් භට පිරිස් නගර මධ්‍යයේ පිහිටි කිම් ඉල්-සුං චතුරශ්‍රය වෙතඇදී ගියහ. උතුරු කොරියාව එම ප්‍රකාශය කළේ එරට සමාරම්භක ජනාධිපති කිම් ඉල්-සුංගේ 105 වෙනි ජන්ම සැමරුම පැවැත්වෙද්දීය. අද (අප්‍රේල් 15) ප්යොංයැං අගනුවර පැවති උත්සවයේදී හමුදා සෙබළුන් මෙන්ම යුද උපකරණ ප්‍රදර්ශනය කෙරුණු පෙළපාලියක් ද පැවැත්විණි. උතුරු කොරියාව එම අනතුරු ඇඟවීම කළේ එරට නායක කිම් ජෝන් අන් තවත් න්‍යෂ්ටික අත්හදාබැලීමකට නියෝග කරනු ඇතැයි මතයක් පැතිර යමින් තිබෙන අවස්ථාවකදීය. තවත් න්‍යෂ්ටික අත්හදාබැලීමක්? උතුරු කොරියාව කිම් ඉල්-සුං ගේ 105 වෙනි ජන්ම දිනය සැමරීය "ඕනෑම න්‍යෂ්ටික ප්‍රහාරයකදී අපට අනන්‍ය වූ ක්‍රමයකින් න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අප සුදානම්" යැයි උතුරු කොරියානු හමුදා නිලධාරියකුවන චෝ ර්යෝන්ග්-හේ පැවසීය. උතුරු කොරියාවේ හමුදා සංදර්ශනය පවතින අතරවාරයේදී ඇමෙරිකාව සමග අර්බුදයකට යනු ඇත්දැයි යන්න පිළිබඳව කලාපය පුරා පැතිරගියේ උණුසුම් වාතාවරණයකි. පෙළපාලියේ යෙදුනු හමුදා වාදක කණ්ඩායම් හා භට පිරිස් නගර මධ්‍යයේ පිහිටි කිම් ඉල්-සුං චතුරශ්‍රය වෙතඇදී ගියහ. සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හරින ලෙස අමෙරිකාවෙන් කෙරෙන බලපෑම නොතකමින් සිටින උතුරු කොරියාවට සිය අනාගත ඉලක්ක වෙනුවෙන් යන ගමනේදී න්‍යෂ්ටික වැඩපිළිවෙල කෙතරම් වැදගත් ද යන්න මෙම උත්සව අවස්ථාවෙන් ද පෙන්නුම් කර ඇත. කොරියානු අර්ධද්වීපය වෙතට නාවික ප්‍රහාරක බලඇණියක් යෙදවීමට ඇමෙරිකානු හමුදාව පියවර ගැනීමත් සමග එම කලාපය තුළ උණුසුම් තත්වයක් මතුවෙමින් පවතී. චීනයේ ප්‍රතිචාරය යූඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක බලඇණියක් කොරියානු අර්ධද්වීපය වෙත යැවිණි. මේ වනවිට උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් පහක් මෙන්ම මිසයිල අත්හදාබැලීම් රැසක් ක්‍රියාත්මකකොට ඇත. විශේෂඥයින් හා රජයේ නිලධාරීන්ගේ මතය වී ඇත්තේ ඇමෙරිකාව කරා ළඟාවිය හැකි න්‍යෂ්ටික යුද ශීර්ෂ සහිත මිසයිල ගොඩනැගීම සඳහා උතුරු කොරියාව ක්‍රියා කරමින් සිටින බවය. මේ අතරේදී සිකුරාදා අනතුරු ඇඟවීමක් කළ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, "ඕනෑම වෙලාවක අර්බුදය පැනනගින්න පුළුවන්." යැයි පැවසුවේ යුද්ධයක් ඇතිවුවහොත් කිසිවකු හෝ ජයග්‍රාහකයකු නොවනු ඇති බව පෙන්වමිනි. මෙම අර්බුදය ආණ්ඩු බිඳ වැටීමකට හේතු වී දේශ සීමා අතර ගැටළු මතු කරනු ඇති බවට උතුරු කොරියාවේ එකම සහයකයාවන චීනය බිය පළකරයි. "චීනය සහාය නොදෙන්නේ නම්" උතුරු කොරියානු හමුදා යුද ටැංකි "සෑම පාර්ශ්වයකින්ම අප ඉල්ලා සිටින්නේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් එකිනෙකාව ප්‍රකෝප ගැන්වීමෙන් හෝ තර්ජනය කිරීමෙන් වැළකී මෙය ආපසු හැරවිය නොහැකි හෝ හසුරුවාගත නොහැකිවන තත්වයක් දක්වා ඇදී යාමට ඉඩ නොතබන ලෙසයි" යැයි චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. උතුරු කොරියාව සම්බන්ධ ගැටලුව විසඳීමට චීනය සහය නොදෙන්නේ නම් ඇමෙරිකාව තනිවම එය විසඳන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට දින කිහිපයකට පෙර පවසා තිබුණි. හමුදාමය ක්‍රියාමාර්ගවලට පිවිසීම සඳහා තමන්ගේ ඇති සුදානම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෑතදී පෙන්වා දෙනු ලැබුවේ සිරියාවට කෘස් මිසයිල ප්‍රහාරයක් දියත් කරමින් හා ඇෆ්ඝනිස්තානයේ ඉලක්කයක් වෙත විශාල බෝම්බයක් හෙළමිනි.
ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළ උතුරු කොරියාව කලාපය තුළ ප්‍රකෝපකාරී ක්‍රියාවල නොදෙන්නැයි දන්වමින් "න්‍යෂ්ටික ප්‍රහාරවලින් ප්‍රතිප්‍රහාර දීමට සුදානම්" බව කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පිළිකාව සම්බන්ධ අලුත් ම වාර්තාවේ මෙම අනතුර හැඳින්වුණේ ‘උදම් රළ පහරක්’ ලෙසින්. 2035 වන විට ලෝකයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දෙකෝටි විසිහතර ලක්ෂය දක්වා ඉහළ යනු ඇතැයි පෙර දකින එම සංවිධානය පවසන්නේ එය අඩකින් අඩු කිරීමේ හැකියාව පවතින බවයි. දුම් පානය, තර බව හා මත්පැන් බීම සම්බන්ධයෙන් පියවර ගෙන පිළිකාව වැලැක්වීමේ ‘සැබෑ අවශ්‍යතාවක්’ මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ. ජගත් පිළිකා පර්යේෂණ භාරය ප්‍රකාශ කරන්නේ පිළිකා රෝගය සහ ආහාර අතර සම්බන්ධය ගැන ඇති බොළඳ අවබෝධය ‘තැති ගන්වන’ සුළු බවයි. වසරක් පාසා එක් කෝටි හතලිස් ලක්ෂයකට පිළිකා රෝගය ඇතැ’යි හඳුනා ගනු ලබන අතර 2025 දී එය එක් කෝටි අනු ලක්ෂය දක්වාත්, 2030 දී දෙකෝටි විසි හතර ලක්ෂය දක්වාත් ඉහළ නගිනු ඇතැයි ගණන් බලා තිබේ. මෙයින් වඩාත් පීඩාවට පත් වනු ඇත්තේ සංවර්ධනය වන රටවල් ය.
ලෝකය පිළිකා රැල්ලකට මුහුණ පා සිටින බවට අනතුරු අඟවන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්ද්‍යාඥයෝ මධ්‍යසාර සහ සීනි සම්බන්ධයෙන් සීමා පැනවීම සලකා බැලිය යුතු බව පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නවී පිල්ලේ පැමිණ සිටියදී අතුරුදහන් වුවන්ගේ මෙන්ම යුද්ධයෙන් විපතට පත් වුවන්ගේ ද ඥාතීන් යාපනයේදී උද්ඝෝෂණ දෙකක් පැවැත්වුහ. අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ඇය හමුවීමට කළ උත්සාහය අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ඇය හමුවීමට කළ උත්සාහය පොලිසිය විසින් වලකන ලදී. යාපනයේදී දිසාපති සහ උතුරේ ආණ්ඩු කාරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මහ කොමසාරිස් වරිය හා සාකච්ඡා කළහ. එලිලන් ගේ බිරිඳ යාපනයේ බහුජන සංවිධාන වල නියෝජිතයන් ද නවී පිල්ලේ සමග සාකච්ඡා කළ අතර එල්ටීටීඊ යේ ත්‍රිකුණාමල දේශපාලන අංශයේ හිටපු නායක එලිලන් ගේ බිරිඳ ට ද මහ කොමසාරිස් වරිය හමුවීමේ අවස්ථාවක් ලැබී තිබේ. කිලිනොච්චියේ ද මුලතිව් හිද අඟහරුවාදා දිනයේ සංචාරය කරන නවී පිල්ලේ බදාදා ත්‍රිකුණාමලය බලා යාමට නියමිතයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය උතුරේ සංචාරයේ පළමු දිනයේදී රජයේ නිලධාරීන් මෙන්ම ජනතා නියෝජිතයන්ද මුණ ගැසුණාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ එහෙත් එම නීතිමය ප්‍රතිපාදනය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවයි එම සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ. ‘මේක අනිවාර්ය අවශ්‍යතාවක්. ජනාධිපතිවරණ පනත සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පනත යටතේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී තමන් සතු වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස්ට ඉදිරිපත් කල යුතුයි. එහෙත් එම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි අප සංවිධානය බලා සිටිනවා’ නීතිවේදි අජිත් පතිරණ කියා සිටියේය. අපේක්ෂකයින් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදෙන අවස්ථාවක කුමන ක්‍රියාමාර්ගයක් ගත හැකි දැයි සංදේශය ප්‍රශ්න කළේය. නඩු ‘මේක නීත්‍යනුකූල අවශ්‍යතාවක්. එය පැහැර හරින්න බැහැ. එසේ යම් අපේක්ෂකයෙකු පැහැර හරින අවස්ථාවක ඔහුගේ නාම යෝජනාව අවලංගු කරන මෙන් ඉල්ලා ඕනෑම පුරවැසියකුට නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා.’ නීතිවේදි අජිත් පතිරණ පැවසීය. මේ අතර ජනාධිපතිවරයාට අදාලව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති කඩ කිරීම් සිදු වන අවස්ථාවක ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස් හෝ පොලිස්පති නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඊට එරෙහිව නඩු පැවරීමට සිය සංගමය තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය. එවැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා සිය සංගමය මගින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවද ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ ලේකම් නීතිවේදි අජිත් පතිරණ පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් නාම යෝජනා භාර දෙන අවස්ථාවේ දී සිය වත්කම් සහ බැර කම් පිළිබඳ ප්‍රකාශ ඉදිරිපත් කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද හමුදා නිළ ඇඳුමෙන් සැරසී ගමන් කිරීම ගැන පාලක පක්ෂ අපේක්ෂකයකුට චෝදනා නාම යෝජනා භාර දීමෙන් අනතුරුව නීති විරෝධී ලෙසින් පෙළපාලියකින් ගමන් කරමින් පොලිස් නිලධාරියකුට පහර දීමේ චෝදනා මත හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අජිත් ප්‍රසන්න අත් අඩංගුවට ගත් බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට කියා සිටියේ. විශ්‍රාමික හමුදා නිලධාරියකු වන ඔහු යුද හමුදා නිළ ඇඳුමෙන් සැරසී ගමන් කිරීමත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය. "ඔහු අත් අඩංගුවට ගැනීමට ඊයේ රෑ පොලිස් කණ්ඩායම් තුනක් ගියා. නමුත් ඔහු පලා ගොස් තිබුනා. නමුත් අද දින කොළඹදී අත් අඩංගුවට ගත්තා," යනුවෙන්ද ඔහු පැවසීය. 'ව්‍යාජ නාම යෝජනා' එමෙන්ම මිද්දෙනියේදී දෙදෙනකුට පහර දීම සම්බන්ධ චෝදනා මත දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වන ඩීවී උපුල් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරුණු බවද පොලිස් ප්‍රකාශකවරයා පැවසීය. අපක්ෂපාතීව මෙහෙයුම් සිදු කරන බව පොලිස් ප්‍රකාශකවරයා පවසයි මේ වන විට හැත්තෑවකට වැඩි මැතිවරණ නීති කඩ කිරීම් සම්බන්ධයෙන් වාර්තා ලැබී ඇති බවයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසන්නේ. ඒ අතරින් ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියෙන්ම වාර්තා වී තිබෙන්නේ දකුණු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයේයි. ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නව සම සමාජ පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා අතර ව්‍යාජ නාම යෝජනා තිබෙන බවට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය. එම චෝදනාවට ප්‍රතිචාර දක්වන නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න බීබීසී සංදේශයට කියා සිටියේ, විශ්‍රාමිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම පිණිස විශ්‍රාමික ගුරු සංගමයේ නියෝජිතයන්ද සිය ලැයිස්තුවට ඇතුලත් කර ගත් බවයි. එහිදී කිසියම් කුමන්ත්‍රනකාරී ක්‍රියාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව තමන් විමසා බලන බවද ඔහු සඳහන් කළේය. දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණ ලබන මාර්තු 29 වැනි දින පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් චෝදනා ලබන ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී යි. මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියා සිටියේ රජයට එය කළ හැකි බවයි. ‘ආණ්ඩුවට පුළුවන් ඒක කරන්න. ඒක ආණ්ඩුවේ වැඩක්’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැවසීය. මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා බීබීසීය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතූ නමුත් ඔහු ප්‍රතිචාරයක් පළ කළේ නැත. දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ මූල්‍ය අක්‍රමිකතා සිදු වී ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. බැසිල් රාජපක්ෂ ඉකුත් ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ඔහුට පාර්ලිමේන්තුවෙන් මාස 3ක නිවාඩුවක් ද පසුගිය දා අනුමත කර තිබුණි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට වියට්නාමය බලා ගොස් ඇති බව පසුගිය දා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
මූල්‍ය වංචා චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එසේම අදාළ සංචාරය යෙදී තිබුණේ අසල්වැසි ඉන්දියාව කෝවිඩ් ව්‍යසනයකට මුහුණ දී සිටින අතරතුරදීය. ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා ඔහු පැමිණි බව පැවසුණ ද සංචාරයේ නිශ්චිත අරමුණ කුමක්දැයි විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ප්‍රශ්න කරති. චීනය ශ්‍රී ලංකාව වෙත තවත් RMB මිලියන 50ක හමුදා ආධාර ලබා දීමට එකඟ වූ බව චීන ආරක්ෂක අමාත්‍යවරයා අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතර පැවති හමුවේදී පැවසීය. "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිවරයා වන ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව දේශපාලන ස්ථාවරභාවය සහ සමාජීය සමගිය පවත්වාගෙන ඇති අතර ස්ථීරසාර ආර්ථික වර්ධනයක් බුක්ති විඳිමින් සිටිනවා," "එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත් හොඳ සහ ප්‍රීතිමත් ජීවිතයක් කරා එළඹෙමින් සිටිනවා," "උපායමාර්ගික අන්‍යොන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමටත් සහයෝගීතාව සහ ඒකාබද්ධ මිත්‍රත්වය තර කිරීමටත් රාජ්‍යයන් දෙක අතර වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම මාගේ සංචාරයේ අරමුණයි." යනුවෙන් චීන ආරක්ෂක ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ ගැනත් කියවන්න:
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත හරහා එම භූමීය චීන කොලනියක් බවට පත් වෙතැයි චෝදනා එල්ල වන පසුබිමකදීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලුම ආකාරවල ජනතාව විරෝධතාවන්ට සහභාගී වෙති ඔවුන්ගේ දැවැන්ත විරෝධතාවන්ට එරෙහිව හමුදා පාලනය දක්වන්නා වූ මර්දනකාරී ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් පවතින අතරේ එරට සාමාන්‍ය වැසියන්ට දුෂ්කර වූ තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත. පසුගිය වසරේ පැවති මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරන මියන්මාර හමුදාව, එරට පාලන බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි 01 වෙනිදාය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලද සිය ආණ්ඩුව, හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ගේ තේරීම වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි පෙබරවාරි 01 වෙනිදා සිට, විරෝධතා අතරතුර මරණයට පත් පිරිස අවම වශයෙන් 149 කි. එහෙත් එම සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි වෙතැයි විශ්වාස කෙරේ. පහත දැක්වෙන්නේ නොනැවතී, විරෝධතාවන්ට සහභාගී වන ජනයා තමාගේම වචනයෙන් විස්තර කළ අත්දැකීම්ය. සිය දියණියගේ හෙට දවස වෙනුවෙන් සටන් වදින මවක් නව්, ජාතීන්ගෙන් සැදුම්ලත් මහා වර්ජන කමිටුවේ නායිකාව ලෙස කටයුතු කරන්නීය. වඩාත් හොඳ අනාගතයක් උරුම කර දෙනුවස්, දොලොස් මස් වියැති සිය දියණියගේ නාමයෙන් වර්ජනයන්ට සහභාගී වන බව ඇය කියා සිටී. මම 'කරෙන්' (මියන්මාරයේ සුළුතර වාර්ගික කණ්ඩායමක්) සාමාජිකාවක්, ඉතින් විරෝධතා කියන දේ මට අලුත් දෙයක් නොවෙයි. රාජ්‍ය අනුශාසක අවුං සාන් සූ චී සහ ජනාධිපති වින් ම්යින්ට් නිදහස් කරන ලෙසත් 2020 ඡන්ද ප්‍රතිඵල, යළි සොයා බලා සහතික කරන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා. එහෙත් සුළුතර වාර්ගික ජන කණ්ඩායමක් වශයෙන් අපිට බලවත් ඉල්ලීම් තිබෙනවා. මියන්මාරයට අයත් සියලුම ජාතීන්ගේ එකතුවෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී ඒකාබද්ධ සංගමයක් ස්ථාපනය කිරීම අපේ ඉදිරි දැක්මයි. හමුදාව වසර ගණනක් රට පාලනය කලේ බෙදා, යටත් කර ගැනීමේ උපායමාර්ගය යොදාගෙනයි. එහෙත් දැන් සියලුම ජාතීන් එක්සත් වෙලා. මට අවුරුද්දක පොඩි දුවෙක් ඉන්නවා. මම කරන දේවල් නිසා ඇය විඳවනවා දකින්න මට ඕන නැහැ. මම උද්ඝෝෂණවලට සම්බන්ධ වුණේ මගේ දුව වෙනුවෙන්, මොකද මම වගේම ඇයත් ඒකාධිපති පාලනයක් යටතේ උස්මහත් වෙනවා දකින්න මම කැමති නැහැ. උද්ඝෝෂණවලට සම්බන්ධ වීමට පෙර මම මගේ සැමියා එක්ක ඒ ගැන සාකච්ඡා කළා. විරෝධතා අතරතුර මා අත්අඩංගුවට පත් වුණොත් නැතිනම් මළොත්, අපේ දරුවා රැක බලාගෙන ජීවිතේ ඉදිරියට ගෙනියන්න කියලා මම සැමියාගෙන් ඉල්ලා සිටියා. අපේ දරුවන්ට භාර නොකර, අපිම මේ විප්ලවය අවසානයක් කරා ගෙන යනවා. දොස්තරවරුන්ට පැන යාමට උපකාර කරන වෛද්‍ය නිලධාරියා නන්ඩා* ම්යෙයික් නගරයේ රෝහලක සේවය කරයි. මියන්මාර වෛද්‍ය සේවකයෝ, හමුදා පාලනයට එරෙහි විරෝධතාවන්හි පෙරමුණේ පසු වූහ. එහෙත් හමුදාව විසින් තමා රැගෙන යනු ඇතැයි බියෙන් ම්යෙයික් හි වෛද්‍ය සේවයකයන්ට සැඟ වී සිටීමට සිදු වූ බව නන්ඩා පවසයි. එදා මාර්තු 07 වෙනිදා රාත්‍රියේ, ඇඳිරි නීතිය දාන්න පැය කීපයකට කලින්. මම වීදුරු අඳුරු කරපු කාරයක් පදවමින් සිටියේ. මම, අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙක්, කායික වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳ සහ පවුලේ අනෙකුත් අය කාරයට ගොඩකර ගත්තා. අඳුරට මුවා වෙලා ඔවුන්ගේ බෑග් මළු කාර් එකට දාගෙන ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගියා. හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ, වෛද්‍ය නිලධාරීන්ගේ සහ හෙද හෙදියන්ගේ නාම ලේඛනයක් තමා වෙත ලබා දෙන ලෙස ආණ්ඩුවේ බලධාරීන්, ම්යෙයික් හි රෝහල් වෙත ඊට දිනකට පෙර දන්වා තිබුණා. අපිට බයක් දැනුණා. ඔවුන්ට මේ නම් අවශ්‍ය ඇයි? බලධාරීන් විසින් කැඳවනු ලැබුවහොත් ඔවුන්ට කුමක් වේවිද? තමන් අල්ලා ගනු ලැබුවහොත් කුමක් වේවිදැයි බියෙන් රජයේ රෝහල්වල සේවය කරන සියලුම වෛද්‍යවරුන් සැඟව සිටින්න තීරණය කලා. සමහර වෛද්‍යවරුන්ට පැන යාමට උදව් කිරීමේ කාරිය මට පැවරුණා. අපේ කාරය ඇතුළේ තිබුණේ විශ්වාස කරන්න බැරි, කලකිරෙන සුළු තත්ත්වයක්. "ඔවුන් කැමති දේ කරන අතරේ අපි වැනි මිනිස්සුන්ට (වෛද්‍යවරු සහ වෛද්‍ය කාර්ය මණ්ඩල), අපරාධකරුවන් වගේ සැඟව සිටීමට සිදුව ඇත්තේ ඇයි?" යනුවෙන් කායික රෝග වෛද්‍යවරිය ප්‍රශ්න කළා. මට අප්පිරියාවක් දැනුණා. වරදක් නොකළ, වෛද්‍යවරු හංගන්න මට සිදු වෙයි කියලා කිසිදාක සිතුවේ නැහැ. ඉදිරි දිනවල ම්යෙයික් හි ජනතාවට ඔවුන් ගැන බලන්න ඉන්නේ විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙකු පමණයි. හමුදාවේ පහරදීම්වලට ලක් වෙන විරෝධතාකරුවන් වගේම ළඟ පාත සිටි අයගේ කැඩුණු ඇඟිල්ලක්, අතක්, හිස්කබලක් හරිගස්සන්න ප්‍රමාණවත් ශල්‍ය වෛද්‍යවරු නොසිටීවි. ම්යෙයික් හි කාන්තාවන්ට දරු ප්‍රසූතියේදි උපකාර කරන්න ප්‍රසව සහ නාරිවේද වෛද්‍යවරු නොඉඳීවි. වෛද්‍ය සේවකයන්, මේ විරෝධතා ව්‍යාපාරයේ වැදගත් සහ අත්‍යවශ්‍ය කොටසක්ව සිටියා, එහෙත් ඔවුන් දැන් නැහැ. කැමරාව පිටුපස සිටි මිනිසා මවුන්ග්, යැන්ගුන් හි වෙසෙන චිත්‍රපට ශිල්පියෙකි. හමුදා පාලනයට එරෙහි විරෝධතා ආරම්භ වූ විට, එම ව්‍යාපාරයේ ගමන් මග දෛනිකව වාර්තා ගත කර තැබීමට ඔහු ඉටා ගත්තේය. පෙබරවාරි 28, අමතක නොවෙන දිනයක්. යැන්ගුන් හි බර්ගයා වීදියේ, බැරියර්වලට පිටුපස පෙරමුණේ මා සිටගෙන සිටියා. මම, ෆෝන් එකෙන් දර්ශන පටිගත කරමින් සිටියා. විරෝධතාකරුවන් සිය ගණනක් සටන් පාඨ කියමින් බෝතල් සහ කෑන් හප්පමින් හඬ නැගුවා. එක පාරටම සීයක පමණ පිරිසක් අප දෙසට ගමන් කළා. ඔවුන් පොලිසියෙන්ද නැතිනම් හමුදා භටයන්ද කියා මම දන්නේ නැහැ. අනතුරු ඇඟවීමක් නොකරම, ඔවුන් අපට වෙඩි තියන්න පටන් ගත්තා, ගෑස් බෝම්බ ගැහුවා. දර්ශන පටිගත කරන්න උත්සාහ කරන අතරේ, පැන යා හැකි, කලින්ම සොයා ගෙන තිබූ පාරක් වෙත මා දිව ගියා. අපි බොහෝ දෙනෙකුට පැන යන්න හැකි වුණා. දැන් මා විරෝධතා වෙත යන විට, හෙල්මටයක් සහ උණුසුමට ඔරොත්තු දෙන අත්වැසුම් රැගෙන යන්න වෙලා. ඉඩක් ලැබුන හැටියේ, කඳුළු ගෑස් අඩංගු බෝතල්, යළි දමා ගසන්න අපි උත්සාහ කරනවා. බොහෝ විට, ඒ බෝතල් නිෂ්ක්‍රිය කරන්න. අපි ඒවා තෙත රෙදිකඩකින් වහනවා, ඒ මතට වතුර දමනවා. ගෑස්වල බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වී සිටීමට නොහැකි, ලාබ මුව ආවරණ බොහෝ දෙනෙකු පළඳිනවා. අපේ මුහුණෙන්, කඳුළු ගෑස් හොඳින්ම සෝදා හරින්න පුළුවන් කොකා-කෝලාවලට බව අපි සොයා ගත්තා. චිත්‍රපට ශිල්පියෙක් සහ උද්ඝෝෂකයෙක් වශයෙන්, සෑම දිනකම විරෝධතාවන්ට සහභාගී වෙන්නත් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් මම හිතා ගත්තා. දැන් ඒ වීඩියෝ දෙස යළි බලන විට, මේ ප්‍රතිරෝධය, සාමකාමී විරෝධතාවක සිට අපේ ජීවිත අනතුරේ තබා කෙරෙන විරෝධතාවක් දක්වා වෙනස් වී ඇත්තේ කෙසේදැයි කියා මට යළි අත්විඳිය හැකියි. වෙන කිසිම චිත්‍රපටයකට වඩා මෙය බෙහෙවින් අසාමාන්‍ය එකක්. හමුදාවට කොටු වූ කාන්තාවක් පර්යේෂිකාවක් වන පියෝ*, යැන්ගුන් නගරයේ සැන්චාවුන්ග් හි විරෝධතාවකට සහභාගී වූ දෙසීය දෙනෙකු අතරින් එක් අයෙකි. පිටව යාමට නොහැකි වන පරිදී තම කණ්ඩායම හමුදාව විසින් කොටු කරනු ලැබ ඇති බව ඔවුන්ට වැටහිණි. අවම වශයෙන් හතලිස් දෙනෙකුවත් එහිදී අත්අඩංගුවට පත් විය. එදා මාර්තු 08 වෙනිදා හවස දෙකට පමණ ආරක්ෂක හමුදා ඇවිත් අප කොටු කළා. ගෙවල්වල මිනිස්සු ඔවුන්ගේ දොරපියන් ඇරලා, අප ඒ වෙත ඇතුළු කර ගන්න අතෙන් සංඥා කරන හැටි අපට පෙනෙන්න පටන් ගත්තා. අපි පිටතට එනතෙක් ආරක්ෂක අංශ එලියට වී සිටියා. අපි හිටපු ගෙදර හත් දෙනෙක් සිටියා, කාන්තාවන් හය දෙනෙකු සහ එක් පිරිමියෙක්. නිවෙස්වල අයිතිකරුවන් ඉතාම කරුණාවන්තයි, අපිට කෑමවලින් සත්කාර කළා. පැය කීපයකින් පිටතට යාම ගැටලුවක් නොවෙනු ඇති බව සිතුවත් හවස 06:30 ට පමණ අපි ටිකක් කලබල වුණා. ආරක්ෂක හමුදා එතනින් පිටව නොයන බව අපට වැටහුණා. පැන යාමේ සැලසුමකට යන්න අපි තීරණය කළා. ආරක්ෂා සහිතව සැඟව සිටිය හැකි පාරවල් සහ වෙනත් තැන් ගැන, අපිට සත්කාර කරපු නිවෙස්වල හිමිකරුවන් අපිව දැනුවත් කළා. අපේ සියලුම දේවල්, සත්කාර කළ පළමු නිවසේ දමා ගියා. ඒ ගම් පළාතේ කෙනෙකු ලෙස පෙනෙන සේ සරමක් ඇඳ, මම ගෙදරින් පිට වුණා. මගේ ෆෝන් එකේ තිබුණු ඇප්ස් ගණනාවකුත් ඉන් ඉවත් කළා, වැඩිපුර සල්ලි ටිකක් අතේ තියා ගත්තා. අපි මුළු රෑම ගත කළේ තවත් ආරක්‍ෂිත ස්ථානයක. උදේ වෙනකොට ආරක්ෂක හමුදා තවදුරටත් පිටත නොමැති බව අසන්න ලැබුණා. බීබීසී නිවුස් හි Yvette Tan සහ Eaint Khai Oo විසින් සම්පාදනය කරන ලද ලිපියක් ඇසුරෙනි. රූප නිර්මාණය බීබීසියේ Davies Surya විසිනි. *ආරක්ෂක හේතුන් මත නම් වෙනස් කර ඇත. මේ ගැනත් කියවන්න:
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව පෙළ ගැසී සිටින්නේ එරට සාමාන්‍ය වැසියන්ය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම වාර්තා වල සත්‍යයක් නැති බව ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල අද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. සීමාවන් එහෙත් ආරක්ෂක හේතු මත එම කාලය තුළ එක්තරා සීමාවන් තිබිය හැකි බවයි ඔහු කියා සිටියේ. විදේශ නායකයන්ගේ ගමන් සලකා සමහර පාරවල් කෙටි වේලාවක් තුළ දී වසා දැමීමට සිදුවිය හැකි බවත් ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පැවසුවේය. මාධ්‍ය වාර්තා ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක හරිගුප්තා රෝහණධීර එම කාලය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි සඳහා තහනමක් පනවන බව පැවසූ බවට ඇතැම් මාධ්‍ය විසින් ඊයේ වාර්තා කොට තිබිණ. ඔහු විසින් කරන ලද එම ප්‍රකාශය නිවැරදී කොට ඇති බව පැවසූ ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල කියා සිටියේ එවැනි තීන්දුවක් ගන්නේ නම් ඒ බව නිවේදනය කරන්නේ ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය මගින් බවයි. ඇම්නෙස්ටි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් එවැනි තීරණයකට ශ්‍රී ලංකා රජය එළඹ ඇත්නම් එය බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කොට තිබිණ.
ලබන නොවැම්බර් මාසයේ, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන කාලය තුළ දී මහජන විරෝධතා සහ උද්ඝෝෂණ තහනම් කිරීමට යන බවට පලව ඇති වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස ප්‍රථමවරට කොන්සර්වටිව් පක්ෂ සම්මේලනය අමතන අවස්ථාවේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ පැවතීම පිණිස සැකසූ නීතිමය ප්‍රතිපාදන ඉවත දැමීම සඳහා වන සැලසුම් තෙරේසා මේ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පක්ෂ සම්මේලනයට පෙර අදහස් දක්වමින් ඇය පැවසුවේ නව නීති මගින් බ්‍රිතාන්‍ය ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ආයතන වලට බලය සහ අධිකාරිත්වය හිමිවනු ඇති බවයි. යුරෝපා සංගමය සමග එක්ව සිටීම පිණිස පැවති නීති සම්පාදන ඉවත දැමීම මගින් බ්‍රිතාන්‍යය නැවතත් ස්වෛරී සහ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රථම අදියර නිරූපණය කෙරෙන බවයි අගමැතිවරිය කියා සිටියේ. කෙසේවුවද බ්‍රිතාන්‍යය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වන තෙක් නව නීති බලාත්මක නොවන බවයි පැවසෙන්නේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ මූලික කටයුතු 2017 වසරේ මාර්තු මස වන විට ආරම්භ වෙනු ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමග විවාහ ගිවිස ගැනීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. ඔවුන්ගේ විවාහය 2018 වසන්ත සමයේ සිදුවීමට නියමිතය. කව්ද මේ 'මේගන් මාකල්'? 1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත-අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් ට දාව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලද මේගන් මාකල්, අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක් වන කාන්තා චරිතයක් බවට පත් වී සිටියි. නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්‍රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී විශේෂාංග මාලාව හරහාය. එහි රේචල් සේන්ගේ චරිතයට පණ පොවන මේගන්, 2016 දී ලෝකයේ වැඩිම වාර ගණනක් ගූගල් සෙවීම් (Google search) කෙරුණු නිළියන් අතර ඉහළම ස්ථානයක සිටී. මේගන් මාකල් තම මව සමග හැරී කුමරු සේම මානව හිතවාදී කටයුතු වල නියැලෙන, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිණියක් වන ඇය පසුගිය වසරේ දී කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' (World Vision) රාජ්‍ය නොවන ආයතනයේ තානාපතිවරියක ලෙස ද කටුයුතු කර තිබේ. වර්ල්ඞ් විෂන් ආයතනය සමග එක්ව රුවන්ඩාවේ පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් පිහිටුවීමට දායක වූ ඇය, තවත් පුණ්‍යායතන කිහිපයකටම සිය දායකත්වය ලබා දෙමින් මානව හිතවාදී ව්‍යාපෘති වලට සම්බන්ධව කටයුතු කරමින් සිටී. කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' රාජ්‍ය නොවන සංවිධානයේ තානාපතිවරියක ලෙස ඇය කටයුතු කළාය කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන්නියක වන මේගන්, කාන්තාවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය පිළිබඳව අවස්ථා කිහිපයකදීම 'ටයිම්' සඟරාවට අදහස් ප්‍රකාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක ආයතන රැසකට සිය සක්‍රීය දායකත්වය ලබා දෙන මේගන්ගේ මානව හිතවාදී ක්‍රියාකාරකම් අගය කරමින් පසුගියදා කැනඩාවේ ඔටාවා නුවර පැවැත්වුණු 'වන් යංග් වර්ල්ඞ්' (One Young World) තරුණ සමුළුවේදී විශේෂ ගෞරව සම්මානයක් ද පිරිනැමුණි. රුවන්ඩාවේ පිරිසුදු පානීය ජල ව්‍යාපෘතිය අතරතුර රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු වුවත්, මානව හිතවාදී කටයුතු වෙනුවෙන් තම කාලය වැඩිපුර යෙදවීමට හැකි වෙනු ඇතැයි ඇය බීබීසීය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියාය. ඇමරිකානු පුරවැසියෙකු වන ඇයට බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සාමාන්‍ය පුද්ගලයකුට අදාළ වන සියලුම නීති වලට යටත්ව වසර ගණනාවක් බලා සිටීමට සිදු වනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් මෙන්ම මේගන් මාකල් ද රජ පවුලක සාමාජිකාවක නොවන අතර ඇයට රාජකීය ලේ උරුමයක් නැත. එබැවින් විවාහයෙන් පසුව ඇය හඳුන්වීමට නියමිතව තිබෙන්නේ කුමාරිකාවක ලෙස නොව ආදිපාදවරියක් (Duchess) ලෙසය. එනමුත් ලෝකයේ බොහෝ දෙනෙකු දැනටමත් ඇය හඳුන්වන්නේ රජ පවුලේ අලුත් කුමාරිකාව ලෙසිනි. රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු වේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු ඇමරිකානු කාන්තාවක විවාහ කර ගැනීම දෙවන වරටත් ඉතිහාසගත වන්නේ මේගන් - හැරී විවාහයත් සමගය. 1936 දී බ්‍රිතාන්‍ය කිරුළ දැරූ අටවන එඩ්වඩ් රජු වොලිස් සිම්ප්සන් නම් ඇමෙරිකානු ජාතික කාන්තාවක විවාහ කරගත්තේය. වොලිස් සිම්ප්සන් මෙන්ම මේගන් ද කලින් විවාහ වී සිට තිබේ. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු වූ ට්‍රෙවර් එන්ගල්සන් සහ මේගන් 2011 වසරේදී විවාහ වූවත් එම විවාහය පැවතියේ 2013 වසර තෙක් පමණි. වොලිස් සිම්ප්සන්ට වඩා "බ්‍රිතාන්‍යයේ රෝස කුසුම" ලෙස හැඳින්වෙන ඩයනා ස්පෙන්සර් කුමරියගේ ගතිගුණ සහ මේගන් අතර සම්නතා පවතින බව ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. 36 වෙනි වියේ දී රිය අනතුරකින් අකාලයේ මිය ගිය ඩයනා කුමරිය තම රාජකීය සංචාර යොදාගත්තේ ලෝකයේ ලෙඩ රෝග සහ ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳින ජනතාව හමුවීමටය. රාජකීයයන් සම්බන්ධයෙන් එතෙක් පැවති ආකල්ප වෙනස් කිරීමට සමත් වූ ඩයනා කුමරිය "ජනතාවගේ කුමරිය" ලෙස ප්‍රසිද්ධියට පත්වූවාය. ඩයනා කුමරිය සිම්බාබ්වේදී ළමුන්ට ආහාර බෙදා දෙමින් සිය සංචාරයක් අතරතුර HIV ඒඩ්ස් ආසාදිත රෝගීන්ට අතට අත දී ඔවුන් සමග කාලය ගත කිරීමෙන් ඒඩ්ස් රෝගීන් ගැන සමාජයේ ඇති වී තිබුණු වැරදි මත වලට අභියෝග කිරීමට ඇය සමත් වූවාය. සබැඳි යොමු: කාන්තාවන්ගේ ජීවන රටාව ගැන 'ටිග්' (The Tig) නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කළ මේගන් එහි ප්‍රධාන කතුවරිය ලෙස විවිධ මාතෘකා යටතේ ලිපි පළ කරමින් සමාජ ජාල වල අතිශය ජනප්‍රිය වී සිටියාය. 'ටිග්' බ්ලොග් අඩවියේ ලිපි අතරින්, රූපලාවන්‍යය, කෑම, විලාසිතා සහ සංචාරයන් පිළිබඳව පළ වූ ලිපි කාන්තාවන්ගේ නොමඳ ප්‍රසාදයට ලක් වී ඇත. කාන්තා අයිතීන් ගැන සහ ලෝකයේ බලවත් කාන්තාවන්ගේ තොරතුරු ද එම බ්ලොග් අඩවියේ අවධානයට බඳුන් විය. රාජකීය පවුලට සම්බන්ධ වීමේ පෙර සූදානමක් ලෙස, 2017 අප්‍රේල් මාසයේ එම බ්ලොග් අඩවිය වසා දමන ලදි. 'ටිග්' බ්ලොග් අඩවියේ කතුවරිය ලෙසින් ඇය සමාජ ජාල වල අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්විය "මට කවදාවත් දිවා භෝජන සංග්‍රහ වලට යන කාන්තාවක් වෙන්න ඕන වුනේ නැහැ. ඒ වෙනුවට වැඩ කරන ගැහැනියක් වීමටයි මට ඕන වුනේ," මේගන් 'ටිග්' බ්ලොග් අඩවියේ තැබූ මෙම සටහන බොහෝ කාන්තාවන සිය ආදර්ශපාඨය බවට පත් කරගෙන් තිබුණි. මිලියන 1.9 ක අනුගාමිකයන් පිරිසක් සහිත ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) ගිණුම සහ 350,000 කට අධික Followers සහිත ට්විටර් ගිණුම දෙස බැලූ විට පෙනී යන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වීමට පෙර සිටම ඇය ලෝකයේ ඉතා ජනප්‍රිය චරිතයක්ව සිටි බවය. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් මිලියන 1.9 ක් කුඩා කල සිට මානව හිතවාදී ගුණාංග පිළිබිඹු කළ මේගන්, යාන්තමින් වයස 11 එළැඹෙද්දී සබන් නිෂ්පාදන ආයතනයක් ප්‍රචාරය කළ වෙළඳ දැන්වීමක කොටසක් වෙනස් කිරීමට බල කරමින් කරමින් එකළ ඇමරිකාවේ පළමු කාන්තාව වූ හිලරි ක්ලින්ටන් වෙත ලිපියක් යොමු කළාය. කාන්තාවන්ට හිමි ස්ථානය මුළුතැන්ගෙය බවක් එම වෙළඳ දැන්වීම මගින් ගම්‍ය වන බව ඇය සිය ලිපියේ සඳහන් කර තිබුණි. ලිපිය යවා මසක් ගත වෙද්දී එයට ප්‍රතිචාර දක්වමින් සබන් නිෂ්පාදන ආයතනය තම වෙළඳ දැන්වීමේ 'කාන්තාවන්' යන්න ඉවත්කළ අතර පොදුවේ 'මිනිසුන්' ආමන්ත්‍රණය කරමින් දැන්වීම වෙනස් කරන ලදී. කාන්තාවන්ට සම තැන හිමි වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් 2015 දී ලෝක කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ රැස්වීම ඇමතූ ඇයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කීන් මූන් ඇතුළු ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලු දෙනා සිය ආසන වලින් නැගී සිට ඔල්වරසන් නැගූහ. කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මාකල් රාජකීය පවුලට සම්බන්ධ වීමේදී පිළිපැදිය යුතු නීති රීති වලට අනුව ඇය සියලු සංවිධාන සහ ආයතන වලින් ඉවත්විය යුතුය. නමුත් ඉදිරියේදී එක්සත් රාජධානිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල වෙසෙන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් ඇය සිය ව්‍යාපෘති දියත් කරනු ඇත. මිශ්‍ර ජාතික උරුමයක් සමග මෙලොව එළිය දුටු මේගන් වරක් සඳහන් කළේ, "මම මිශ්‍ර ජාතිකයෙක් වීමෙන් මගේ අනන්‍යතාවය හෙළි කිරීමේදී අඳුරු පැතිකඩක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන්, මගේ පාදය වැට දෙපසම තබා ගන්න සිදු වෙලා. නමුත් මම එය ඉතා අගය කිරීමට පුරුදු වී තිබෙනවා. මම කවුද, කොහෙන්ද පැවත එන්නේ කියල සහ බලවත්, පෞරුෂයක් හිමි මිශ්‍ර ජාතික කාන්තාවක් කියල මට විවෘතව කියන්න පුළුවන්." මිශ්‍ර ජාතික කාන්තාවක් වීම ගැන ආඩම්බර වෙන බව ඇය පවසයි මේ තොරතුරු ද දැනගන්න:
2018 දී එක්සත් රාජධානියට අලුත් කුමාරිකාවක්!
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පළාතේ දේශපාලන නායකයන්, සෞඛ්‍ය බලධාරීන් සහ පරිසර අධිකාරියේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට මුහුණ දුන්හ එස්ආර්ආර්අයි සමාගමේ කම්හල් දෙකෙන් පිට වන විෂ වායුව පාලනය කිරීම පිණිස සති තුනක් ඇතුලත දහන එන්ජින් සවි කරන බවට කම්හල් පාලකයෝ පොරොන්දු වූ අතර, ප්‍රදේශයේ පානීය ජලය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන බවයි, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රදේශවාසීන්ට කියා සිටියේ. කම්හල්වලින් පිටවන විෂ වායුව නිසා ප්‍රදේශයේ පාසල් දරුවන් ක්ලාන්තය, හිසරදය වැනි රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටින බවට දොරපේ සහ වැලිකොන්ද ප්‍රදේශවාසීන් එල්ල කරන චෝදනා සාකච්ඡා කිරීම පිණිස පසුගිය බදාදා දොරපේ මහා විද්‍යාලයේදී පැවැත්වුණු රැස්වීමකදීයි, එම එකඟතාවයට එළැඹි තිබෙන්නේ. ඉතා ඉක්මනින්ම ප්‍රදේශවාසීන්ගේ ගැටළු විසඳීමට පියවර ගන්නා බවයි, කම්හල් දෙකේ නිෂ්පාදන ඉංජිනේරු ප්‍රසාද් ගුණසිංහ රැස්වීම අමතමින් කියා සිටියේ. 'පිළිකාව අධික පළාතක්' ඉමදූව සහ අක්මීමන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය බලධාරීන් සහ ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගි වී සිටි අතර, ප්‍රාදේශීය දේශපාලන නායකයන්ද ප්‍රදේශවාසීන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක්විය. කම්හල්වලින් මුදා හැරෙන වායුව පාලනය කිරීමට පියවර ගන්නා බවට ඉංජිනේරුවරයා පොරොන්දු විය පාසල් දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු මෙන්ම ගතව ගිය වසර දෙක ඇතුලත වැලිකොන්දවාසීන් විසි හය දෙනකු පිළිකාවලට ගොදුරු වී ඇති බව පවසන රැස්වීමට සහභාගිව සිටි මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම, වැලිකොන්ද පිළිකා රෝග බහුල පලාතක් ලෙසින් සෞඛ්‍ය බලධාරීන් විසින් නම් කොට තිබෙන බව ද පවසයි. මේ තත්වය යටතේ ප්‍රදේශයේ බෝවන රෝග සහ වසංගත රෝග පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් සමීක්ෂණයක් පැවැත්වීමට ද රැස්වීමේදී එකඟත්වයකට පැමිණියහ. රැස්වීමේදී එකඟ වූ පරිදි ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවට එම ප්‍රශ්න කිරීම් හමුවේ නිෂ්පාදන ඉංජිනේරු ප්‍රසාද් ගුණසිංහ ප්‍රතිඥා දුන්නේය. එස්ආර්ආර්අයි සමාගමේ රබර් ප්‍රතිශක්තිකරණ කම්හල් හේතුවෙන් ප්‍රදේශයට විශාල සේවයක් සිදුවන බව පිළිගත් ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කුමාර, කෙසේ නමුත් කම්හල් නිසා ප්‍රදේශයේ දරුවන්ගේ සෞඛ්‍යයට හානියක් වන්නේ නම්,ඒ කිසිවකින් ප්‍රතිඵලයක් අත් නොවන බව සඳහන් කළේය. ගිම්හාන නිවාඩුව හමාරයේ ලබන මාසයේ යළිත් වරක් පාසල් විවෘත වන විට කම්හල්වලින් පිටවන විශ් වායුව පාලනය කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවුවහොත් කම්හල් දෙක වසා දමන බව සභාපතිවරයා අවධාරණය කළේය.
ඩීඑස්අයි සමාගම් සමූහයට අනුබද්ධ රබර් කම්හල් දෙකක් මගින් ඉමදූව, දොරපේ සහ වැලිකොන්ද ගම්වාසීන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව කම්හල් බලධාරීහු සමාව ඉල්ලා සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වවුනියා නගරයේ හර්තාලය හේතුවෙන් වෙළෙඳ සැල් වසා තිබූ අයුරු දහනව වෙනිදා අලුත්ගම දර්ගා නගරය, කොළඹ, ගාල්ල, වවුනියාව, පුත්තලම සහ වව්නියාව යන ප්‍රදේශ වල හර්තාල් ව්‍යාපාර දියත් කොට තිබීම හේතුවෙන් මුස්ලිම් වෙළෙඳ සැල් වසා දමා ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ කොළඹ ඇතුළුව බස්නාහිර පළාතේ ස්ථාන කීපයක දියත් කළ හර්තාලය සාර්ථක වූ බවයි. වවුනියවේ හර්තාලයට මුස්ලිම් වැසියන් මෙන් ම දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයින් කීප දෙනෙකුගේ ද සහාය ලැබුණු බව වවුනියාව ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මෞලවි මොහොමඩ් නාජිත් පැවසීය. බීබීසී වාර්තා කරු දිනසේන රතුගමගේ සංදේශයට කියා සිටියේ හර්තාල් ව්‍යාපාරය ඉතා සාමකාමී අන්දමට පැවැති හෙයින් එම ප්‍රදේශ වල වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බාධාවක් එල්ල වී නොතිබුණු බවත් නගර ආශ්‍රිතව විශේෂ පොලිස් බල ඇණි යොදවා ආරක්ෂාව දැඩි කොට තිබෙන අයුරු දක්නට ලැබුණ බවයි.
මුස්ලිම් වැසියන්ට සිදු වූ හිංසාකාරී තත්ත්වයට විරෝධය දැක්වීම පිණිස දිවයිනේ ප්‍රදේශ කීපයක හර්තාල් ව්‍යාපාර දියත් කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව සංචාරක කර්මාන්තයේ නිරත කල්පිටියේ ජනතාව සහ ක්‍රීඩා සංගම් පවසති. මීට වසර පහකට ඉහතදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ දිය මත පා වෙන සරුංගල් ක්‍රීඩාව සඳහා විදේශීය සංචාරකයන් කල්පිටිය වෙරළට ඇදී එන නමුත් එහි අවශ්‍ය තරම් යටිතල පහසුකම් නොමැති බවයි සංචාරක කර්මාන්තයේ නිරත ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ. කල්පිටිය වෙරළ තීරය තුළ දිය මත පා වෙන සරුංගල් ක්‍රීඩාව තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. සංචාරක මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව පසුගියදා කල්පිටිය වෙරළ තීරයේ දිය මත පා වෙන සරුංගල් තරඟයක් පැවැත්විණ. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද එක් වී සිටියහ. විදේශීය ක්‍රීඩකයන් පරාජය කොට තරඟ ඉසව් කීපයක ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.
කල්පිටිය වෙරළ තීරයේ දිය මත පා වෙන සරුංගල් (Kite Surfing) ක්‍රීඩාව දේශීය සහ විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරේ මැතිවරණ කටයුතු වලට සහභාගී වී සිටින පිරිස් අතරේ නිල ඇඳුමෙන් සැරසුණු යුද හමුදා භටයන්ට අමතරව, සිවිල් ඇඳුමෙන් යුතු යුද භටයන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක එම්. කේ සිවාජිලිංගම් ප්‍රකාශ කර සිටියේය. නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ සඳුදා රාත්‍රී පැවති රැස්වීමකින් පසු වේදිකා සහ ශබ්ද වාහිනී උපකරණ කඩා දැමීම පිළිබඳව ද ඔහු ආරක්ෂක හමුදාවනට චෝදනා කළේය. මෙම සිද්ධීන් වලට ආරක්ෂක අංශ සම්බන්ධයක් නොමැති බව පවසන හමුදා ප්‍රකාශක එවැනි සිද්ධීන් පිලිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියේය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙමින් සිටි තමා ඇතුළු ආධාර කරුවන් පිරිසක් යුද හමුදා භටයින් විසින් දෙ පැයක කාලයක් රඳවා ගැනුණු බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මීටර 8400 ක් උසට ළඟා වූ යොහාන් පීරිස් ජයන්ති උතුකුරුම්පාල සමග එවරස්ට් අභියෝගයට මුහුණ දුන් යොහාන් පීරිස්ට එවරස්ට් කඳු ශීර්ෂයට ළඟා වීමට මීටර 300 ක් තිබියදී ආපසු හැරී ඒමට සිදු විය. කණ්ඩායමේ සෙසු සාමාජිකාව වන ජයන්ති කුරු උතුම්පාල කඳු මුදුන වෙත ළඟා වූ නමුත් තමා සතුව තිබූ ඔක්සිජන් ටැංකියේ වායු පරිමාව ප්‍රමාණවත් නොවූ බැවින් තම ජීවිත අවදානම පිළිබඳ අවධානය යොමු කොට එසේ ආපසු හැරී ඒමට සිදු වූ බවයි යොහාන් පීරිස් කියා සිටියේ "ඒක පරාජයක් ලෙස පිළිගන්නේ නැහැ. මම හිතන්නේ මේකත් ජයග්‍රහණයක්. මීටර 8400 ක් උස මම ළඟා වූ තැන ශ්‍රී ලංකා කොඩිය එසෙව්වා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් අපි දෙදෙනාම ජය ලැබුවා." යොහාන් පීරිස් සමග සාකච්ඡාවට එක් වූ ජයන්ති කුරු උතුම්පාල ලොව උසම කන්ද වන එවරස්ට් කඳු ශීර්ෂය වෙත ළඟා වුනේ ඒ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාවද බවට පත්වෙමිනි. 'කණ්ඩායමේ ජයග්‍රහණයක්' එවරස්ට් කඳු මුදුණ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාව ජයන්ති කුරු උතුම්පාල "මට හුඟක් ආඩම්බරයි එවරස්ට් කන්ද තරණය කරන්න හැකි වීම ගැන. යොහාන් සහ මම කණ්ඩායමක් වශයෙන් මේ අභියෝගය ජය ගෙන තිබෙනවා," ඇය කියා සිටින්නීය. කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් තමා එවරස්ට් අභියෝගය ජය ගත් බවයි ජයන්ති කුරු උතුම්පාල පවසන්නේ. "මේක දවසින් දෙකකින් කරන දෙයක් නෙවෙයි. අපි මාස දෙකක්ම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා පුහුණු වුනා." එවරස්ට් කඳුකරයේ පවතින දැඩි ශීත කාලගුණය සහ දුෂ්කර තත්වයන්ට මුහුණ දීම සඳහා ශරීර ශක්තියට අමතරව මනසින් ද ශක්තිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. (ජයන්ති කුරු උතුම්පාල සහ යොහාන් පීරිස් සරෝජ් පතිරණ සමඟ පැවැත්වූ සාකච්ඡාවට සවන්දෙන්න) 'දුෂ්කර කටයුත්තක්' එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය කෙසේ වෙතත් එවරස්ට් කන්ද තරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂිත පියවර සම්බන්ධයෙන් මඟ පෙන්වන්නන් උපදෙස් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය. "උණු වතුර බීලා, දුම් අල්ලලා ඒ වගේ දේවලුත් කරන්න සිදු වුනා. කන්ඩ අමාරු වුනා, නමුත් කෑම අවශ්‍යයි. වතුර ලීටර හතරක් පමණ දිනකට පානය කළ යුතුයි," ජයන්ති කුරු උතුම්පාල වැඩිදුරටත් කියා සිටින්නීය. මේ අතර එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය.
එවරස්ට් කඳු මුදුන ස්පර්ශ කිරීමට අත ළඟ තිබියදී ආපසු හැරී ඒමට සිදු වූ නමුත් ඒ තාක් දුරට ළඟා වීම තමා ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලාංකික කඳු නගින්නෙකු වන යොහාන් පීරිස් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙදහස් පහ වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තිස්තුන් හැවිරිදි දෝනි ටෙස්ට් ක්‍රිකට් තරග අනූවකට සහභාගී වී ඇති අතර ඉන් තරග හැටකට නායකත්වය ලබා දී තිබේ. මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව නිවේදනය කළේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීමත් සමගයි. එක් දින සීමිත ඕවර සහ විස්සයි විස්ස තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීම පිණිස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බවයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි පවසන්නේ. ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ ටෙස්ට් ක්‍රිකට් නායකයන් අතරින් මහේන්ද්‍ර සිං දෝනි එක් අයෙක් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේය.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශක්තිමත් විපක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය නංවා ලිය යුතු බවයි එක්සත් භික්ෂු පෙරමුණ කියා සිටින්නේ. ඊයේ අඟහරුවාදා තමන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වී කරුණු අටකින් සමන්විත සැලැස්මක් ඔහුට භාර දුන් බවයි අනු නාහිමියන් පවසන්නේ. අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර ඇති අතර, ඔවුන්ද භික්‍ෂු පෙරමුණේ යෝජනාවලියට එකඟතාවය පළ කර ඇති බවත් ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ පවසති. භික්‍ෂු පෙරමුණේ යෝජනා ඉදිරි සති දෙක ඇතුළත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කොට එහි අනුමැතිය ලබා ගනිමින් ක්‍රියාත්මක වීමටයි, එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය එකඟ වී සිටින්නේ. භික්‍ෂු යෝජනා එක්සත් භික්‍ෂු පෙරමුණ යෝජනා කරන පරිදි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයා සහ විපක්ෂ නායකයා හැටියට දිගටම ක්‍රියා කළ යුතු අතර, පක්ෂය මෙහෙයවීමේ පූර්ණ බලතල පැවරෙන්නේ නව දෙනකුගෙන් සැදුම් ලත් නායකත්ව මණ්ඩලයටයි. පක්ෂය තුළ තීරණ ගැනීම්, සියලුම පත් කිරීම් සහ ප්‍රතිශෝධන ආදිය නව නායකත්ව මණ්ඩලයේ තීන්දු අනුව සිදු විය යුතු බවටයි,එක්සත් භික්‍ෂු පෙරමුණ යෝජනා කරන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු පක්‍ෂ අභ්‍යන්තරයේ සියලුම සංවිධාන ප්‍රතිසංස්කරණය කිරීමේ බලය නව නායකත්ව මණ්ඩලයට පැවරිය යුතු බවට ද භික්‍ෂු පෙරමුණ යෝජනා කරයි. එම නායකත්ව මණ්ඩලයේ සභාපති පදවිය කරු ජයසූරිය මන්ත්‍රීවරයා විසින් දැරිය යුතු අතර, සජිත් ප්‍රේමදාස මන්ත්‍රී වරයාත් ඇතුළත් නව දෙනකුගෙන් සමන්විත වෙන නව නයකත්ව මණ්ඩලය එක්සත් භික්‍ෂු පෙරමුණ විසින් යෝජනා කරනු ලබන බවත්, ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ සංදේශයට කියා සිටියහ.
එක්සත් ජාතික පක්‍ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කොට පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමේ ඉදිරි වැඩ පිළිවෙලකට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළ කළ බව එක්සත් භික්‍ෂු පෙරමුණේ කැඳවුම්කරු ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ සංදේශයට ප්‍රකාශ කළහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තරඟයක කොටසක් පාවාදීමේ වරද වෙනුවෙන් පැනවුණු වසර පහක තහනමකින් අනතුරුව පාකිස්තාන කණ්ඩායමේ මොහමඩ් අමීර් යළි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටියි එහෙත් තරඟයක කොටසක් පාවාදීමේ වරද වෙනුවෙන් පැනවුණු වසර පහක තහනමකින් අනතුරුව යළි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටින පාකිස්තාන කණ්ඩායමේ මොහමඩ් අමීර් සමඟ ක්‍රීඩා කිරීම පිළිබඳව තමන්ට 'කිසිදු ගැටලුවක් නැති' බවත් ඔහු පැවසීය. 2010 වසරේ ලෝඩ්ස් පිටියේ පැවැත්වුණු තරඟයක කොටසක් පාවාදීමේ චෝදනාවට වැරදිකරු වූ මොහමඩ් අමීර්ට මාස තුනක සිරදඬුවමක්ද පැනවිණ. "අමීර් ඒකට දඬුවම් විඳලා තියෙන්නේ," ඇලිස්ටර් කුක් පැවසීය. "තරඟයක් පාවාදීමට වැරදිකරු වුනොත් ඔහුට ජීවිතාන්තය දක්වා තහනමක් පනවන්න ඕන." ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම එංගලන්තය සමඟ තරඟ වැදීමට නියමිතව තිබේ. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකාවට එරෙහි තුන් වෙනි ටෙස්ට් තරඟය බ්‍රහස්පතින්දා ලෝඩ්ස් පිටියේදී ආරම්භවීමට නියමිතයි. පළමු ටෙස්ට් තරඟ දෙක පහසුවෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, එම තරඟ දෙකට සහභාගි වූ කණ්ඩායමේ කිසිදු වෙනසක් නොකරන බව ඇලිස්ටර් කුක් සනාථ කළේය.
තරඟ පාවාදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවිය යුතු බව එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහ ලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක ආර් සම්බන්ධ සමඟත් සාකච්ඡා කිරීමට නියමිතයි. 'සංහිඳියාව සහ සහජීවනයේ දී තරුණ පරපුරේ භූමිකාව' යන මැයෙන් හෙට (01) ගාල්ලේ පැවැත්වෙන සමුළුවකට සහභාගි වන මහ ලේකම් බැන් කි මූන්, බ්‍රහස්පතින්දා යාපනයේ නැවත පදිංචි කළ ගම්මාන නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි. ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පවත්වනු ලබන දේශනයක් ද ඔහුගේ තුන් දින න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි.
තෙදින නිල සංචාරයක් සඳහා අද(31) ශ්‍රී ලංකාවට සැපත් වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ශ්‍රී කොළඹ දී අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'දිනය දන්නවා, දැන් කියන්න බෑ' ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දන්නා නමුත් එය මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව අමාත්‍යවරයා මහනුවරදී රැස්වීමක් අමතමින් ප්‍රකාශ කොට තිබුණි. මැතිවරණයක් පැවැත්වෙන කාලයක ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බව ශ්‍රී ලංකා කතෝලික සභාව මීට පෙර සඳහන් කළ නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව දැනටමත් තහවුරු කොට තිබෙන බවද අමාත්‍ය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසිදු වෙනසක් සිදු කොට නැති බව වතිකානයේ ප්‍රකාශකයෙක්ද සංදේශයට පැවසීය. මේ අතර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ගේ උද්ඝෝෂණයකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් රොෂේන් චානක තරුණයා මියයාමේ වගකීම භාරගෙන පදවියෙන් ඉල්ලා අස් වූ මහින්ද බාලසූරිය හිටපු පොලිස්පතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත් කිරීම නීතිවේදී එකමුතුවේ සහ සිවිල් ක්‍රියාධරයන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ. එහෙත් තමන් එහි කිසිදු වරදක් නොදකින බවත් අමාත්‍ය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. "ඒ සම්බන්ධව මේ වෙනකොට නඩුවක් ගොනු වෙලා තියෙනව. ඒකෙ එතුමා වැරදිකාරයෙක් කරලවත්, අපරාධකාරයෙක් කරලවත් නෑනේ?" යනුවෙන්ද ඔහු පැවසීය.
මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශයට කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොරොන්දු කඩ කිරීම ජනාධිපතිවරයාගේ 'තනතුරට කැළලක්' උතුරු පළාතේ මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ, මේජර් ජනරාල් ජීඒ චන්ද්‍රසිරි යලිත් වරක් උතුරු පළාතේ ආණ්ඩුකාර පදවියට පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. හමුදා කටයුතු වලට සම්බන්ධ නොමැති සිවිල් පුද්ගලයකු ආණ්ඩුකාර තනතුරට පත් කරන මෙන් තමන් ඉල්ලා සිටි අවස්ථාවේ, වැනි පුද්ගලයකු පත්කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි මහ ඇමති විග්නේශ්වරන් බීබීසී දෙමළ සේවයේ පී මානික්කවාසගම් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ. 'පදවියට අවමානයක්' එහෙත් නැවතත් හිටපු ආණ්ඩුකාරවරයාම එම තනතුරට පත් කිරීම ගැටලුවක් වී ඇති බවත් මහ ඇමති විග්නේශ්වරන් පැවසීය. වත්මන් රජය සෑම දෙයකින්ම දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් බව ඔහු පැවසීය. "පසුගිය උතුරු පළාත් සභා මැතිවරණයේදීත් ආණ්ඩුකාරවරයා ආණ්ඩුව ජයග්‍රහණය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ බව කවුරුත් දන්නා කරුණක්. ඉතින් ඉදිරි ජනාධිපතිවාරණයකදී වාසිදායක පරිසරයක් සලසා ගැනීමේ අටියෙන් මේ පත්වීම සිදු කර ඇති බවයි මම විශ්වාස කරන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය. උතුරු පලාතට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බව පවසන මහ ඇමතිවරයා, පොරොන්දු කඩ කිරීම මගින් ජනාධිපතිවරයා සිය පදවියට අවමානයක් සිදු කොට ඇති බවද කියා සිටියේය.
එළැඹෙන ජනාධිපතිවරණයකදී තමන්ට වාසිදායක තත්වයක් උදාකර ගැනීමේ අදහසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබෙන හැඩක් පෙනී යන්නේ යයි මහ ඇමති සිවී විග්නේශ්වරන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යතුරුපැදි කරුවකු අනතුරට හෙළීම සම්බන්ධයෙන් මහා නගර ව්‍යාපෘතිය භාර ඇමති පාඨලී චම්පික රණවකට චෝදනා බීබීසී සංදේශය විසින් සිදු කරන ලද විමසීමක දී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ඉහත කී රිය ගැටුම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි තුනක් ඉදිරිපත් වී තිබෙන බවයි. ඉන් පැමිණිලි දෙකක් ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ, ඇමතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාවලට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවරනු ලැබ ඇති බවයි. අතුරු වාර්තාවක් එසේම මාර්තු දහ වෙනි දින විට ඒ සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවත් පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. මේ අතර ඇමතිවරයාට එරෙහි පැමිණිලි විකෘති කර ඇති බව පවසමින් නීතිවේදියකු විසින්ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු පැවසීය. අදාළ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබ ඇද්දැයි බීබීසිය විමසනු ලැබුනත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණි. පාඨලී චම්පික රණවක ඇමතිවරයාට එරෙහි පැමිණිලි මගින් ප්‍රකාශ වන්නේ ඔහු විසින් පදවන ජීප් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයකු දරුණු තුවාල ලද අතර ඇමතිවරයා එම ස්ථානයෙන් පළා ගිය බවයි. ජීප් රථය පැදවූ බවට තමාට එල්ල කෙරෙන චෝදනා පාඨලී චම්පික රණවක ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
යතුරුපැදි කරුවකු අනතුරට හෙළීම සම්බන්ධයෙන් 'මෙගා' මහා නගර ව්‍යාපෘතිය භාර ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංගීතඥයකු, ගායකයකු, පද රචකයකු සහ ගීත නිෂ්පාදකවරයකු වන ග්ලෙන් ෆ්‍රේ ලෝ වටා ජනප්‍රියත්වයට පත් වූයේ 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙසයි. හැටහත් වන වියේ පසු වූ ඔහු මිය ගියේ නිව්යෝක් නුවරදීයි. සිය සගයාගේ නික්ම යෑම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් හා ඔහුගේ පවුලේ ඥාතීන් කියා සිටියේ සිය ශෝකය වචනයට නැගිය නොහැකි බවයි. "ෆ්‍රේ, අප වෙත ලබා දුන් සියලු දේ වෙනුවෙන් අප අපේ ආදරයත් ගෞරවයත් පුද කරන්නෙමු," එම නිවේදනයේ සඳහන්. ග්ලෙන් ෆ්‍රේ, ඩොන් හෙන්ලි, බර්නි ලීඩන් සහ රෑන්ඩි මේයිස්නර් එක්ව 'ඊගල්ස්' සංගීත කණ්ඩායම බිහි කළේ 1971 වසරේදීයි. 70 දශකය ඊගල්ස් සාමාජිකයන් සමග දකුණේ සිට දෙවැන්නාට සිටින ෆ්‍රේ 70 දශකයේ ඉහළ ප්‍රතිචාර ලද ගීත කීපයක් රචනා කොට තිබේ 'ඊගල්ස්' සංගීත කණ්ඩායම, 70 දශකය තුළ සාර්ථකත්වයේ හිනි පෙත්තට ළඟා වූ සංගීත කණ්ඩායම් අතුරින් එකක්. ඔවුන් විසින් ගයන ලද හොටෙල් කැලිෆෝනියා, නිව් කිඩ් ඉන් ටවුන්, ලයින් අයිස්, ටෙක් ඉට් ඊසි වැනි ගීත, දර්ශක තුළ පළමු ස්ථානයට පත්විය. එම ගීත සඳහා ග්ලෙන් ෆ්‍රේ සිය දායකත්වය ලබා දුන්නේ ලීඩ් ගිටාරයෙන් සහ ගායනයෙන්. එදා මෙදාතුර සංගීත ලෝලීන් අතර ජනප්‍රියත්වයට පත් 'හොටෙල් කැලිෆෝනියා' ගීතයේ පද රචනය සඳහා ග්ලෙන් ෆ්‍රේ සම දායකත්වය ලබා දී ඇත. එසේම 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීත අතරට එක් වන 'හාට්ඒක් ටුනයිට්' සහ 'ලයින් අයිස්' වැනි ගීතවල තනු නිර්මාණය කොට ඇත්තේ ග්ලෙන් ෆ්‍රේ විසින්. පැරණි සගයන් ඔවුන් විසින් ගයනා කොට පටිගත කරන ලද ගීත ඇල්බම් මිලියන එකසිය පනහකට අධික සංඛ්‍යාවක් ලොව පුරා විකිණී තිබේ. 1980 වසරේදී 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වෙන් වී යාමත් සමග ග්ලෙන් ෆ්‍රේ සිය ඒක පුද්ගල සංගීත දිවිය ආරම්භ කළේය. 1984 වසරේ නිෂ්පාදනය වූ 'බෙවලි හිල්ස් කොප්' චිත්‍රපටය සඳහා රචිත 'හීට් ඊස් ඕන්' ගීතය ඔහුගේ ඒක පුද්ගල සංගීත දිවියේ කැපී පෙනුණ නිර්මාණයක්. 1994 වසරේදී පැරණි සගයන් යළි එක් වූ අතර ඔවුන්ගේ විදෙස් ප්‍රසංග ඉතා ජනප්‍රියත්වයට පත් විය. 'ඊගල්ස්' සාමාජිකයකු වශයෙන් ග්ලෙන් ෆ්‍රේ ග්‍රැමී සම්මාන හයක් දිනා ගෙන තිබේ.
සංගීත ලෝලීන් අතර ජනප්‍රිය 'හොටෙල් කැලිෆෝනියා' ගීතය සමගින් ලොව වටා රසික හදවත් පින වූ 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ග්ලෙන් ෆ්‍රේ සිය ජීවන වේදිකාවෙන් සමුගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔරු-පාරු සහ කුඩා බෝට්ටු භාවිතා කර ජලයෙන් යට වූ ප්‍රදේශ වෙත නොයන ලෙස නාවික හමුදාවෙන් අනතුරු ඇඟවීමක් ගංවතුර තත්වය යම් තරමකට අඩු වීමත් සමග මව, පියා සහ දාහතර හැවිරිදි පුතු මරණයට පත්ව ඇත්තේ ජලයෙන් යට වූ තම නිවෙස දෙසට ඔරුවකින් ගමන් කිරීමට උත්සාහ දරමින් සිටියදීය. ඔරු-පාරු සහ කුඩා බෝට්ටු භාවිතා කර ගංවතුරෙන් යට වූ ප්‍රදේශ වෙත නොයන ලෙස නාවික හමුදාව අද (ජුනි 01) උදෑසන ජනතාවට අනතුරු ඇඟවීමක් ද කර තිබිණි. මරණ ගණනාවක් ජලයෙන් යට වූ ප්‍රදේශ වෙත යාමට තැත් කිරීමේ දී ඔරු-පාරු සහ කුඩා බෝට්ටු පෙරලීමෙන් පුද්ගලයන් මිය ගිය අවස්ථා ගණනාවක් වාර්තා වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බදාදා (මැයි 31) ප්‍රකාශ කළේය. ගිං ආසන්නයේ පාරුවක් පෙරළී ගසක එල්ලී සිටි පියකු සහ පුතෙකු බේරා ගැනීමට වෙනත් කටයුත්තක් සඳහා ඒ ආසන්නයෙන් යාත්‍රා කරමින් සිටි නාවික හමුදාවේ කණ්ඩායමක් බදාදා සමත් විය. මාතර ප්‍රදේශයේදී ද එවැනිම පිරිසක් බේරා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සමග යාත්‍රා කරමින් සිටි නාවික හමුදා භට කණ්ඩායමක් කටයුතු කළහ.
මාතර පාලටුව ප්‍රදේශයේ ඔරුවක් පෙරළි එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ ඉරිදා ඇත්ත පුවත්පතේ පළවීමට නියමිතව තිබුණු ලිපි දෙකක් පිළිබඳව කොමියුනිස්ට් පක්ෂ නායකයෝ කෝපයට පත්ව සිටින බව වාර්තා වේ එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දිය යුතු යයි ලංකා සමසමාජ පක්ෂය විසින් තීන්දු කළ බවට පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ විසින් කරන ලද ප්‍රකාශයක් සහ එම ප්‍රකාශය දැඩිව විවේචනය කරමින් එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු විසින් ලියන ලද ලිපියක් එකම පිටුවේ පළ කිරීම පුවත්පතට සීල් තැබීමට හේතුව බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සංදේශයට පැවසූහ. ඇත්ත පුවත්පතේ ක්‍රියාකලාපය පිළිබඳව කෝපයට පත් පක්ෂ නායකත්වය විසිනුයි, මුද්‍රණාලයට සීල් තබා ඉරිදා පුවත්පත වෙළඳපොළට නිකුත්වීම වලක්වනු ලැබ තිබෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය නොදිය යුතු බවට මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් අවධාරණය කිරීම හමුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් මතු වී තිබෙන බවත් බීබීසී සංදේශයට වාර්තා වේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති නීතිඥ රාජා කොල්ලුරේ 'ඇත්ත' පුවත්පත බෙදා හරිනු ලැබීම නතර කර ඇති බව පිළිගත් නමුත් නිල ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරයා විමසන ලෙසයි. 'මුද්‍රණාලය කැඩිලා' බීබීසී සංදේශය,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඇමතිවරයාට ප්‍රශ්නය යොමුකළ විට ඔහු කියා සිටියේ 'ඇත්ත' මුද්‍රණාලය කැඩී ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රාජා උස්වැටකෙය්යාව බීබීසිය සමඟ අදහස් දක්වමින්, විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් 'ඇත්ත'පුවත්පත සහ පක්ෂය අතර මත ගැටුම මුද්‍රණය කරන ලද පුවත්පත් බෙදා හරිනු ලැබීම වලක්වා ලීමට හේතු වී ඇති බවයි සඳහන් කළේ. ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය පළ කළ යුතු බව අමාත්‍ය ඩිව් ගුණසේකර සහ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර ඇතුළු කණ්ඩායමක යෝජනාව වී තිබෙන බවයි,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් සංදේශයට ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද පක්ෂයේ නායකයන් අතර මතභේද හටගෙන තිබේ එළැඹෙන ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සන්ධානයේ සාමාජික පක්ෂ අතර මෙන්ම විරුද්ධ පක්ෂයේද මතභේද හට ගෙන තිබේ. ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවට අමාත්‍ය තිස්ස විතාරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසින් තීන්දුවක් ගත් බව පවසන ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් පිරිසක්, තමන් එම තීන්දුවට එරෙහිව ක්‍රියාකරන බව පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරන බව ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන්පවසද්දී, පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් සංදේශයට කියා සිටියේ ජනාධිපති පදවියට සුදුසුම තැනැත්තා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ යුතුද නොඑසේනම් වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දිය යුතුද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේද මතභේද හටගෙන තිබේ. කැඳවීමට යන ජනාධිපතිවරණය නීති විරෝධී බවයි, ජනතා විමුක්ති පෙරමුණේ තර්කය වී තිබෙන්නේ.
සිකුරාදා වෙළඳපොළට නිකුත්වීමට නියමිතව තිබුණු 'ඇත්ත' පුවත්පත බෙදා හැරීමට ඉඩ නොදී, පුවත්පත් කාර්යාලයට සීල් තැබීමට කොමියුනිස්ට් පක්ෂ බලධාරීන් කටයුතු කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රවෘත්ති සාකච්ඡාව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ අද (පෙබ. 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. අද ප්‍රවෘත්ති සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශකවරුන් වන ගයන්ත කරුණාතිලක හා රාජිත සේනාරත්න එක්වුණ ද, අනෙක් සම කැබිනට් ප්‍රකාශකයාවන දයාසිරි ජයසේකර සහභාගී නොවීය. එහිදී තත්ත්වය පැහැදිලි කළ අමාත්‍ය සේනාරත්න, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරන අතර කැබිනට් සංශෝධනයක් නුදුරේම සිදුවන බව ප්‍රකාශ කළේය. කෙසේවෙතත්, බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු පැවසුවේ තවමත් එකඟතාවකට පැමිණ නැති බවකි. ඒ අනුව තවමත් අවසන් තීරණයකට එළැඹ නැති බව ඔහු කියා සිටියේය. "මිත්‍ර කණ්ඩායමට කුමක් වේ ද?" කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පෙන්වා දුන්නේ, පී. දිගම්බරම්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුද්දීන් එක්සත් ජාතික පක්ෂය සමග සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව යා නොහැකි බවය. කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර සහභාගී නොවීය මේ අතර අද (පෙබ 15) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාව ගැන තොරතුරු පැවසූ කැබිනට් ප්‍රකාශක සේනාරත්න, සිය අමාත්‍ය පදවියෙන් ඉවත්ව යාමට, නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක එකඟවූ බව දැන්වීය. එම අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් චෝදනා පවතින බැවින්, ඉන් ඉවත්ව වෙනත් කළ හැකි විෂයකට එක්වීමට ද ඔහු කැමැත්ත පළකළ බව සඳහන් කළේය. අගමැති රනිල් වටා ඇති 'මිත්‍ර කණ්ඩායම' සම්බන්ධයෙන් නිතර කතා බව වන බැවින්, ඒ සම්බන්ධයෙන් කුමක් සිදුවේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න ඒ සියල්ල වෙනස්වී ඉදිරියට යන බව පැවසීය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර තිබුණේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගනිමින් එක්සත් ජාතික පක්ෂය සමග රාජ්‍ය පාලනයකට එම පක්ෂයට එකඟවිය නොහැකි බවකි. සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟ වූ දෙවසරක කාලය ඉකුත්ව ගොස් ඇති අතර, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා මන්ත්‍රීවරයෙකු අගමැති ධුරයේ තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පත්කර ගැනීමට අවස්ථාව දෙන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. මේ අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් බදාදා (පෙබ 14) බීබීසී සිංහල සේවයට කියා සිටියේ, එසේ පත්කරගන්නා ආණ්ඩුවක් පෙරලීමට ඉඩ නොදී ඊට විපක්ෂයේ සිට සහය දෙන බවය. ඊට අදාළ කරුණු එම පාර්ශ්වය වෙතම දන්වා ඇති බව ද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිප එකමුතු ආණ්ඩුව තවදුරටත් පාලනය ගෙන යාමට තීරණය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දස දහස් ගණනක් පිරිස් මෙම උද්ඝෝෂණයට එක්වී සිටියහ වයස විස්සක් වූ ජපන් ජාතික තරුණියක් දුෂණය කොට මරා දැමීමේ සිදුවීමකින් පසුවයි මෙවැනි උද්ඝෝෂණ ආරම්භ වූයේ. හිටපු ඇමරිකානු නාවුක සෙබලෙකු එම ජපන් තරුණිය ගේ ඝාතනයට චෝදනා ලබා ඇති බවයි වාර්තා වුයේ. රිනා ශිමොබුකොරෝ වෙනුවෙන් නිහඬතාවයක් ද පැවැත්විණි ඔකිනාවා හි ඇමරිකානු හමුදා කඳවුර පිළිබඳව පෙර පටන් පැවති විරෝධය යලි මතුවී ආවේ ඝාතන සිද්ධියට එරෙහිව ඇතිවූ උද්ඝෝෂණ සමගයි. කෙසේවුවද ඇමරිකාව සහ ජපානය යන රටවල් දෙකේම රජයන් විසින් මතුකොට දක්වා තිබුණේ චීනයේ බලපෑම මතුවෙමින් තිබෙන මොහොතක ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව අත්‍යාවශ්‍ය වන බවයි. ඔකිනාවා ඇමරිකානු හමුදා කඳවුරේ හමුදා සාමාජිකයන් 26,000 සිටින බවයි පැවසෙන්නේ. ඉරිදා පැවති උද්ඝෝෂණය ආරම්භ වූයේ ඝාතනයට ලක්වූ රිනා ශිමබුකුරෝ වෙනුවෙන් සුළු මොහොතක නිහඬ තාවයක් පවත්වමින්. ඇගේ පියා විසින් පැමිණ සිටි පිරිස වෙත පණිවුඩයක් ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබුණි.
ජපානයේ ඔකිනාවා දූපතේ වැසියන් දහස් ගණනක් එහි පිහිටුවා ඇති ඇමරිකානු හමුදා කඳවුර ට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වුහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නමුත් එරට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ජනාධිපති ධූර කාලය නිමා කරන හිටපු ජනපති හොසේ මුහිකා වෙතටයි. හිටපු ගරිල්ලා සටන් කරුවකු වන හොසේ මුහිකා ලොව පතල වූයේ පැරණි මෝටර් රථයක් පදවාගෙන ගමන් බිමන් යන, ගොවි පැලක ජීවත් වන, කකුල් තුනේ බලු සුරතලෙකු හිමි, සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන ජනාධිපතිවරයෙකු ලෙසිනි. ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙන හොසේ මුහිකා රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ පිහිටි කුඩා නිවසේ සිටිමින්. ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට උරුගුවේ ව්‍යවස්ථාවෙන් ඉඩක් අවසරයක් නැත. එහෙයින් ව්‍යවස්ථාවට ගරු කොට ජනාධිපති පදවිය භාර දීමට ඔහු තීරණය කළේය. මෙහි පළ වන්නේ හොසේ මුහිකා පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසුමකි. පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්. අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්. මම මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක් ගැන නොවෙයි. උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වන නිවස ගැන. ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා. රටේ ජනතාව ආදරේට මොහු අමතන්නේ පෙපේ කියල. හඬ පටයට සවන් දෙන්න. පරණ කාර් කට්ට ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට කැඩිලැක්, රෝල්ස් රොයිස්, ජගුවාර්, ලැම්බෝගිනි වැනි සුඛෝපභෝගී වාහන නවතා තිබියදී උරුගුවේ ජනාධිපතිවරයා තනිවම පදවා ගෙන යන්නේ පරණ වොල්ස්වගන් මෝටර් රථයක්. ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන හොසේ මුහිකාට ටිකක් පොහොසත් වන්නට අවස්ථාවක් උදා වෙලා. මේ පරණ කාර් කට්ටට අරාබියේ තෙල් මුදලාලි කෙනෙකුගෙන් හොඳ මිලක් ලැබිලා. ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න හදන්නේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි. ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළේ තමන්ට පොහොසත් වෙන්න හිතිලා නොවෙයි. ඒ මුදලත් ජනතාවට ම ලබා දීම හොසේගේ අරමුණ. තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක් ම ආපසු දෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර. තමන්ට ජීවත් වීමට අතට ගන්නේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත්. කකුල් තුනේ මැනුවෙල් තම බිරිඳට අයිති ගොවිපළේ ජීවත් වන මේ ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආරක්ෂාවට ඉන්නේ පොලිස් භටයන් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනාත් ඉන්නේ ගොවිපළට ඇතුළු වන පාර අද්දර. නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලන මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි. ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි. ගොවිපළේ වැඩට යොදා ගන්න ට්‍රැක්ටරය කැඩුනම ඒක හදා ගන්න බාස්ල ඕන නැහැ. ඒකත් මේ ජනාධිපතිවරයාටම කර ගන්න පුළුවන්. ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි. “මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” හොසේ මුහිකා, එහෙමත් නැත්නම් ‘පෙපේ’ කියන්නේ තමන් දුප්පත් නැති බව. වෙඩි උණ්ඩ හයක් හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි. හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි. තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපා ගෙන. නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක් ම පලා ගියා. 1985 දී රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා වීමත් සමඟ නිදහස ලැබූ හොසේ මුහිකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් වුනා. 2010 වන විට හොසේ මුහිකා උරුගුවේ ජනාධිපතිවරයා. අද වන තුරු රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ සිට. ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ. ව්‍යවස්ථාවට ගරු කොට බිරිඳ සමඟ සුපුරුදු ගොවිතැන කර ගෙන යාමට ඔහු තීරණය කළා.
උරුගුවේ රාජ්‍යයට අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා දිවුරුම් දී සිය තනතුරේ වැඩ ආරම්භ කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගුරුනාත් මෙයියප්පන්, චෙන්නායි සුපර් කිංග්ස් හි ප්‍රධාන පරිපාලකයායි ගුරුනාත් මෙයියප්පන් නීති විරෝධී බුකි කරුවන්ට තොරතුරු ලබා දී ඇති බව හෙළි වූයේ තරඟ පාවා දීමේ චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබූ ත්‍රීපුද්ගල කමිටුව සිදු කළ පරීක්ෂණයේ දී. පසුගිය ඔක්තෝම්බරයේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද ඉහත කී කමිටුව කියා සිටියේ මේ පිළිබඳව තවදුරටත් විභාග කිරීම අවශ්‍ය බවයි. තමා කිසිදු වරදක් කර නැති බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා ගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් කියා සිටියේය. ගුරුනාත් මෙයියප්පන්, අයිපීඑල් කණ්ඩායමක් වන චෙන්නායි සුපර් කිංග්ස් හි ප්‍රධාන පරිපාලකයා යි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී නීති විරෝධී බුකි කරුවන්ට තොරතුරු ලබා දුන් බවට ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් ගේ බෑනා වරදකරු වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වනජීවී නිලධාරීන්ගේ විරෝධතා මැද පොලිස් නිලධාරීන් මෙම අපරාධ කල්ලියට යෑමට ඉඩ දුන් බවට තොරතුරු ඇති බවත් රාජකාරි නිසි ලෙස ඉටු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කොට තිබේ. එහෙත් මේ වන තෙක් එවැනි පියවරක් ගෙන නැති බවත් අලි හොරකමේ ආ සන්නද්ධ කල්ලිය තවම නිදැල්ලේ සිටින බවත් වනජීවී නිලධාරීහු පවසති. පැහැර ගෙන යාමට තැත් කළ අවුරුදු හතරක් පමණ වයසැති ගැහැණු අලි පැටියා මේ වන විට උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටී. හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සහ වනජීවී නිලධාරීන් මේ අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් කතාබහ නොකිරීම පිළිබඳව ජනතාව සැක පල කරන බව අප වාර්තාකරු ප්‍රකාශ කරයි.
උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටියෙකු පැහැරගෙන යාමට පැමිණි සන්නද්ධ කල්ලිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙද්දී අලි පැටියා බේරා ගැනීමට එක්වූ වනජීවී නිලධාරීන්ට රුපියල් විසිපන් දහස බැගින් දිරි දීමනාවක් ගෙවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"කායික සහ මානසික විඩාවෙන්" ගැලවී සිටීම සඳහා ඔබට, ඔබගේ ජීවිතයේ සුළු වෙනස්කම් කළ හැක අතීතයේ කිසිදාක අපහසුවක් නොමැතිව කළ යම් කාර්යයක්, රාජකාරියක් දැන් දරා ගැනීමට අපහසු කටයුත්තක් සේ දැනෙයිද? ගෙදරදොරේ "වැඩ කන්දක්", "කොච්චර කළත් කෙළවරක් නැහැ" වැනි හැඟීම් හමුවේ එදිනෙදා වැඩවල නිමක් නොපෙනේ ද? එසේ නම් "කායික සහ මානසික විඩාවක්" (Emotional burnout) දෙසට ගමන් කරනවා විය හැක. නමුත් ඒ ගැන බිය විය යුතු නැත. යළි සුපුරුදු ජීවිතයට පිවිසීම සඳහා අවශ්‍ය වටිනා ඉඟි කිහිපයක් නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල් සතුය. "කායික සහ මානසික විඩාව" හඳුනා ගැනීමට අවශ්‍ය උපදෙස් ද ඊට ඇතුළත් වේ. එබැවින් යළි හිටි හැටියේ දරා ගත නොහැකි පීඩාවක් ඇති වීමට පෙර ඔබට ඒ පිළිබඳ කල්තියා දැන ගැනීමට හැකි වනු ඇත. "කායික සහ මානසික විඩාව" යනු කුමක්ද? නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල් "කායික සහ මානසික විඩාව" යන යෙදුම පළමු වරට භාවිත වී ඇත්තේ හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර් විසින් 1974 වසරේ පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකය. යමෙකුගේ වෘත්තීය ජීවිතය සමග "තමාගේ හැකියාවන් ඔප්පු කිරීමට බල කිරීමක්" ඇතුළුව අදියර ගණනාවක් හේතුවෙන් ඇති වන තත්ත්වය ඔහු විසින් "කායික සහ මානසික විඩාව" ලෙස හඳුන්වනු ලැබ ඇත. වෛද්‍ය රාධා මොද්ගිල් පවසන පරිදි වර්තමානයේ කායික සහ මානසික විඩාව ලෙස අප සිතන්නේ "අධික සහ දිගින් දිගටම පවතින ආතතියයි" (Stress). ඒ හමුවේ අපට "ජීවිත අභියෝගවලට මුහුණ දිය නොහැකි හැඟීමක්" දැනෙන බව ඇය පෙන්වා දෙයි. හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර්ගේ විග්‍රහයෙන් ඔබ්බට යන වෛද්‍ය මොද්ගිල්ගේ විශ්වාසය වී ඇත්තේ, වෘත්තීය ජීවිතය පමණක් නොව අපගේ ජීවිතවල තවත් බොහෝ පැති මෙවැනි ආතතීන් සඳහා හේතු වන බවය. එය දැනෙන ආකාරය "කායික සහ මානසික විඩාව" බැස ගිය දුරකතන බටරියකට සමානය - තව දුර යාමට කිසිඳු ශක්තියක් නොමැති ආකාරයේ හැඟීමකි වෛද්‍ය මොද්ගිල් විසින් "කායික සහ මානසික විඩාව", අපගේ ජංගම දුරකතනයක "බැටරිය බැස යාම" හා සසඳනු ලබයි. "තවදුරටත් ඉදිරියට යා නොහැකි ලෙස ටැංකියේ තෙල් නොමැතිව, ජීවිතයෙන් හෙම්බත් වී ඇති බවක් දැනෙන්න පුළුවන්," යනුවෙන් ඇය විස්තර කරයි. ඇතැම්විට, ඔබ සේවා ස්ථානය තුළ දැඩි ආතතියක් සහිත සහ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දිය හැකි ආකාරයේ පුද්ගලයෙකු වුවත් මේ මොහොතේ දුෂ්කර අඩියක සිටිනවා විය හැක. එය, ඔබ සතු "මානසික බකට්ටුවක" ඇති තෙල් සිඳී යමින් පවතින බවට සංඥාවක් විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පවසයි. "ඒ ගැන මෙහෙම හිතන්න. ඔබට ඔබේ රැකියාවට බකට්ටුවකුත්, ගෙදර වැඩවලට තව බකට්ටුවකුත් තිබෙනවා. මේ එක බකට්ටුවක තෙල් ඉවර වෙමින් ගියත්, අනෙක් බකට්ටුවට හොඳින් තෙල් තිබෙනවා නම් බොහෝ විට ඔබට ඒ තත්ත්වයට මුහුණ දෙන්න හැකි වේවි." "නමුත් මේ බකට්ටු දෙකම හිඳී යමින් ඇති නම්, ඔබට තවත් තෙල් ඉතිරි වී නැති නම්, අන්න එතනදී ගැටලු මතු වෙන්න පුළුවන්," ඊට හේතු වන්නේ කුමක්ද? එකම විටකදී සේවා ස්ථානයේ සහ නිවසේ තත්ත්වය අයහපත් නම් "කායික සහ මානසික විඩාවකට" හේතු විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පෙන්වා දෙයි "ඔබේ ෆෝන් එකේ බැටරිය වගේම, අපේ මේ මානසික බැටරිය ගැනත් සැලකිලිමත් විය යුතුයි" යනුවෙන් ඇය අවධාරණය කරයි. "මම මේක යළි 'චාර්ජ්' කරන්නේ කොහොමද: ඒ ප්‍රශ්නය ඔබ ඔබෙන්ම ඇසිය යුතුයි," "ජීවිතයේ සුවිසල් වෙනසක් හෝ සිදුවීමක්", "කායික සහ මානසික විඩාවකට" ආධාර විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පෙන්වා දෙයි. ආර්ථික අපහසුකම් සම්බන්ධයෙන් ඇති වන බිය සහ මානව සබඳතා සම්බන්ධයෙන් පවතින ගැටලු ඇය ඊට උදාහරණ වශයෙන් ඉදිරිපත් කරයි. පදිංචිය වෙනස් වීම, රැකියාව අහිමි වීම හෝ විභාග වැනි පීඩනයක් සහිත ආතතීන් ද ඊට ඇතුළත් ය. එසේ නම් "කායික සහ මානසික විඩාවන්ට" තිත තබා අපට දැරිය නොහැකි මට්ටමකට නොගොස්, ඉන් මිදී සිටින්නේ කෙසේද? "කායික සහ මානසික විඩාවෙන්" මිදී සිටීමට උපදෙස්... යහළු යෙහෙළියන් මුණ ගැසීම, ව්‍යායාමවල යෙදීම සහ සතුටක් ගෙන දෙන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් අපට සහනයක් ගෙන දිය හැක වෛද්‍ය මොද්ගිල් පවසන පරිදි: සිය ඉඟි සහ උපදෙස් "කායික සහ මානසික විඩාවන්ගෙන්" ගැලවී සිටීමට උපකාරී වනු ඇති බවට වෛද්‍ය රාධා මොද්ගිල් බලාපොරොත්තු පළ කරයි. ජංගම දුරකථන බැටරිවලට මෙන් අපගේ "මානසික බටරිවලට" ද දිනපතා ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නම් සමස්තයක් වශයෙන් අපගේ මානසික සෞඛ්‍ය සහ යහ පැවැත්මේ වර්ධනයක් දැකිය හැකි වනු ඇති බව ඇය විශ්වාස කරයි. මේ ගැනත් කියවන්න:
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන් ද? නැතිනම් කඩා වැටීමක ද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ජාතික සමගිය, සහෝදරත්වය, සහ සුහදශීලිත්වය ගොඩනැගීම් සඳහා කැපවෙන මෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජන කණ්ඩායම් වලින් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටින බවත් එම කලාකරුවන් සහ වියතුන් කණ්ඩායම සිය අත්සනින් යුතු ප්‍රකාශනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති. ඔවුන්ගේ ප්‍රකාශනයට අත්සන් තැබූ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ බීබීසී සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ,ජාතීන් අතර ඇති සමගියට අකුල් හෙලන මූලික වශයෙන් ගත් කළ ප්‍රබල ලෙස ජාතිවාදය පතුරුවන වැඩපිළිවලක් ටට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. එය සංවිධානාත්මකව සිදු කෙරෙන නිසා තමන් ඇතුළු කලාකරුවන් කණ්ඩායමකට ප්‍රශ්නයට මැදිහත් වෙමින් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වූ බවයි සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ප්‍රකාශ කළේ. අධිපතිවාදයේ සැලැස්මක් '83 කළු ජූලිය' වැනි අත්දැකීම්වලින් සිදුවූ බලවත් විනාශය අප ඇත දැක ඇති සඳහන් කළ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ එවන් විනාශයක් නැවත ඇතිවීමට ඉඩ නොදිය යුතු බවපතිරාජ අවධාරණයකළේය. “මෙවැනි විනාශයකට පාර කපන්නේ මිනිස්සු ටික දෙනෙක් ඇවිස්සීමෙන් කියල අපි හිතනවා. එය ජාතීන් දෙකක වැඩක් කියල අපි හිතනවා.ඒත් ඊට වඩා ගැඹුරට බැලුවොත් මේක පවතින නිල අධිපතිවාදය විසින්ම සකස් කොට හදා ගත්ත එකක් කියන එක අපි වටහා ගෙන තියෙනවා” ඔහු පෙන්වා දෙයි. බෞද්ධ, මුස්ලිම්, දෙමළ යන ජන කොටස් අතර කිසියම් වයිරයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ පවතින අධිපතිවාදය පවත්වාගෙන යාමට වෙන විකල්පයක් නැති නිසා යයි කලාකරුවන් විශ්වාශ කරන්නේ බවත් ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ තවදුරටත් ප්‍රකාශ කළේය. ආරියවංශ රණවීර, පරාක්‍රම නිරිඇල්ල, සෝමලතා සුබසිංහ, චද්‍රගුප්ත තේනුවර, ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු කලාකරුවෝ පනස් නව දෙනෙක් එම ප්‍රකාශනයට අත්සන් තබා ඇත.
අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශ අවට ඇති කරවන ලද අවාසනාවන්ත ජාතිවාදී උසිගැන්වීම්වලට නැවත ඉඩ නොතබන ලෙස වගකිවයුතු සියලුදෙනාගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටින බව කලාකරුවන් හා වියතුන් කණ්ඩායමක් ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මේ සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලය සල්ලි දෙනවා කියල ජනතාව හිතාගෙන ඉන්නේ' එහි වියදම හෙළි කරන මෙන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් එයට නිසි පිළිතුරක් ලබා නොදෙන බවද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය. "මොකද මේක මේ රටේ ජනතාවගේ සල්ලි, මේ සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලය සල්ලි දෙනවා කියල ජනතාව හිතාගෙන ඉන්නේ,"යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මහජන මුදලින් පවත්වන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව අද ලෝකයේ ප්‍රධාන රාජ්‍ය නායකයන් දෙදෙනකු වර්ජනය කිරීම ආණ්ඩුවේ දුර්වලතාවය නිසා සිදුවූවක් බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. 'මනමාලි නැති මගුල් ගෙයක්' "පොදු රාජ්‍ය මණ්ඩලයේ ජනගහණයෙන් භාගයක්ම ජීවත් වෙන්නේ ඉන්දියාවේ, ඉන්දියාව එන්නේ නැත්නම්, මේක ඇවිල්ල මනමාලි නැති මගුල් ගෙයක්ම තමයි." 'ඉන්දියාව එන්නේ නැත්නම්, මේක ඇවිල්ල මනමාලි නැති මගුල් ගෙයක්ම තමයි' ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් පවා රටේ පවතින වාතාවරණය පිළිබඳව ප්‍රශ්න කිරීමට සැරසෙන බව පවසන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, එයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ 'අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය' බවටද චෝදනා කරයි. "ලංකාවට තුලට රාජ්‍ය නායකයන් පවා ඇවිල්ල ඇඟිල්ල දිගු කරන තත්වයක් තමයි අපිට පෙන්න තියෙන්නේ," යනුවෙන්ද ඔහු කියා සිටියේය. 1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව බිඳ වැටීමට ප්‍රධාන හේතුව 1976 දී නොබැඳි සමුළුව පවත්වා එහි බර ජනතාව මත පැටවීම බව පවසන එජාප මන්තිවරයා වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේද ඒ ආකාරයටම බව සඳහන් කරයි. දකුණේ 'හමුදා ආක්‍රමණයක්' "කෝටි ගාණක මුදල දැනටමත් ජනතාව පිට පටවල; බස් ගාස්තු වැඩි වෙන්නෙත් මේ හින්දම තමයි. ඉන්ධන මිල තව වැඩි වෙනවා, ජිවන වියදම තව වැඩි වෙනවා, හේතුව පොදු රාජ්‍ය මණ්ඩලයේ වියදම." පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීම පිණිස වය වන මුදල පිළිබඳව බීබීසී සංදේශය රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, තවමත් එම වියදම පිලිබඳ විස්තර තමන්ට ලැබී නොමැති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි දකුණු පළාත් සභාවේ විපක්ෂනායක ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ආණ්ඩුවට තවත් බරපතල චෝදනාවක් එල්ල කළේය. ජනතාව බිය ගන්වා බලය රැකගැනීම පිණිස රට පුරාම හමුදා කඳවුරු ඉදි කරමින් තිබෙන බව ඔහු පවසයි. "මාතර දාල තියෙනවා; කිරින්දේ, බූස්සේ හමුදා කදවුරු දෙකක් තියෙනව. බූස්සේ රත්ගම දේව පතිරාජ ඉස්කෝලේ දානවා තවත් කඳවුරක්, ගාල්ලේ අක්මීමන හියාරේ දානවා හමුදා කඳවුරක්. අපිට නොදැන ගම ආක්‍රමණය කරනවා හමුදාමය පාලනයකට," යනුවෙන්ද ඔහු කියා සිටියේය.
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් දරන සම්පූර්ණ වියදම රටට හෙලි කරන මෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ, වාරිමාර්ග ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවය වෙත බ්‍රහස්පතින්දා (මාර්තු 25) කළ ප්‍රකාශයත් සමගය. "අපි යුනෙස්කෝ ආයතනය, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කර පැහැදිලි කලා, ඒක කරන එක සුදුසු නැහැ කියලා. ඇමතිතුමා ඒක පිළිගත්තා. ඒ අනුව සිංහරාජයේ කිසිම ජලාශයක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිංහරාජ ලෝක උරුමයට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. රජයත් එහෙමයි, ඇමැතිතුමාත් ඒ දේ පිළිගත්තා. අපිත් ඒ පිළිබඳ විමර්ශනයෙන් ඉන්නේ," යනුවෙන් ආචාර්ය මීගස්වත්ත එහිදී සඳහන් කළේය. ගිං ගඟ හරස් කර, ඉදිකිරීමට නියමිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය වෙනුවට, වෙනත් විකල්ප මාර්ගයක් සෙවීමට ඇමතිවරයා එහිදී වාරිමාර්ග ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු පැවසීය. චීන සමාගමක සැලසුම් මත ක්‍රියාත්මක වීමට නියමිත අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට අයත් හෙක්ටයාර 5 ක භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වෙතැයි ඇස්තමේන්තු කෙරේ. එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය ආසන්නයේ පිහිටි ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීමත් සමග එය උණුසුම් මාතෘකාවක් බවට පත් විය. ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් සහ වාරිමාර්ග ඇමතිවරයා අතර ඉහත කී සාකච්ඡාව සිදු වූයේ යෝජිත ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ මූලස්ථානය වෙත ඉල්ලීම් සහ පෙත්සම් ඉදිරිපත් වෙමින් පවතින අතරතුරදීය. පසුගිය වසරේ, මතභේදයට තුඩු දුන් සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාර්ගය සංවර්ධනය කිරීමේ දී ද යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් නිසි මැදිහත්වීමක් නොකළ බවට චෝදනා කරන පරිසරවේදීහු මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම නියෝජිතයන් සිදු කරන ප්‍රකාශයන්හි විශ්වසනීයත්වය ප්‍රශ්න කරති. "මහ ඈතකට යන්නේ නැතුව 2020 අවුරුද්දේ, ලංකාගම මාර්ගය හදන විටත් යුනෙස්කෝ ලංකාවේ කාර්යාලය එවැනි ප්‍රකාශ සිදු කළා," යනුවෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත පැවසීය. එබැවින්, මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට, වාරිමාර්ග අමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇත්නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී. "වන සත්ත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව රක්ෂිතයක, අභය භූමියක කිලෝමීටරයක් යන තුරු කිසිම ඉදිකිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ නීතිය පදනම් කරගෙන යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයට පුළුවන් ලෝක උරුම රක්ෂිතයේ මායිමට හෝ අභ්‍යන්තරයට යම් හානියක් වෙන්නේ නම්, එවැනි ව්‍යාපෘතියක් සිදු නොවන බව ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්න," "ඒ ලියුම අරගෙන, ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයේ එකඟතාව මෙය බව පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයට දැනුම් දී, සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කිරීමේ කාර්යයට එකතු වෙන්න, එවිට අපි සියලු දෙනාටම හැකි වෙනවා," යනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය. යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට ලක්ව ක්‍රියා කරන බවට පසුගිය කාලය පුරා, පරිසරවේදීන් සහ පරිසර සංවිධාන වෙතින් චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා නියෝජිතයින් නිසි මැදිහත්වීමක් සිදු නොකරන බැවින් තමන්ට පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව ද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. අදාළ ජලාශ ව්‍යාපෘති සඳහා අවසර ලබා දීමට ඇති හැකියාව පිළිබඳ විමසමින් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය (ලෝක උරුම කමිටුවට) වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බව ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසිය වෙත තහවුරු කළේය. 'කිව්වට බෑ, ලිඛිතව දෙන්න' - පරිසරවේදීන් යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන්ගෙන් ඉල්ලයි පසුබිම් කතාව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ "සුරකිමු ගංගා" වැඩසටහනට අදාළ සංචාරයක් අතරතුර ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ජලාශ දෙකක් ඉදි කිරීම සඳහා වූ සැලසුම පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගියදා වීරකැටියේ පැවති උත්සවයකදී අදහස් පළ කිරීමත් සමග, ඒ හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට සහ එහි පරිසර පද්ධතියට විය හැකි බලපෑම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය. තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ඇතුළු හම්බන්තොට ප්‍රදේශය වෙත ජලය ලබා දීම සඳහා එවක මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ගෙන ආ අදාළ වාරිමාර්ග ව්‍යාපෘතිය සඳහා සැලසුම් සකස් කිරීමේ කාර්යය චීන සමාගමකට භාර කෙරුණු බවත් ඇමතිවරයා සඳහන් කර තිබිණි. "නමුත් පහුගිය අවුරුදු පහේ මේ වැඩේ නැවතුණා. අපි ඒ සමාගමට යම් කිසි මුදලකුත් දී තිබුණා මේ වැඩ ටික කරන්න. නමුත් අපි එය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තිබෙනවා. අපි කුඩා වැව් දෙකක් උඩහා බඳින්න වෙනවා. ඒක බඳින්න තියෙන්නේ සිංහරාජ වනාන්තරය ඇතුළේ. එක වැවක් අක්කර පහක් විතර. මේ වගේ වැව් දෙකක් බඳින කොට කැලේ යට වෙනවා," "එතකොට සිංහරාජ කලාපය අධි ආරක්‍ෂිත කලාපයක්. ඇතුල් වෙන්න තියා ගහක් කොලක ඇටයක් ඇහිඳ ගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අපි ඒ අයත් එක්ක කතා කරනවා අපිට මේ වැව හදාගන්න ඉඩ දෙන්න... එතන අක්කර පහ වෙනුවට අපි තව අක්කර පනහක්, හැටක්, සීයක් වනාන්තරය වගා කරලා දෙන්නම් කියන පොරොන්දුව උඩ," යනුවෙන් චමල් රාජපක්ෂ ඇමතිවරයා ඉහත කී උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වන අයුරු මාධ්‍ය වාර්තාවල දැක්විණි. පසුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, යුනෙස්කෝ අවසරය ඇතිව නිසි අධ්‍යයනයකින් පසු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය. පසුගිය ආණ්ඩු සමය සිංහරාජ පිවිසුම් මග ඇති දැන්වීම් පුවරුවක් ගිං සහ නිල්වලා ගංගාවන්හි සමස්ත ජල ධාරිතාවෙන් 80% ක් පමණ කිසිඳු ප්‍රයෝජනයකට නොගෙන ඉන්දීය සාගරයට යොමු වන බැවින්, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක අයත් ගිණිකොන දිග ශුෂ්ක වියලි කලාපයේ ජීවත්වෙන ලක්ෂ ගණනක් වූ ග්‍රාමීය ජනතාව මුහුණ දෙමින් සිටින අතිශය උග්‍ර පානීය සහ වාරි ජල අවශ්‍යතාව මෙන්ම එම දිස්ත්‍රික්කයන්හි ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කර්මාන්ත සහ සේවා අංශවල ජල අවශ්‍යතා සපුරාලනු පිණිස දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයන පදනම්ව අදාළ ව්‍යාපෘති යෝජනාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සම්පාදනය සඳහා සිය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බව සිකුරාදා (මාර්තු 26) වාරිමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. 2009 වසරේ සැලසුම් කරන ලද යෝජිත ගිං නිල්වලා ව්‍යාපෘතිය මගින් ස්ථාපනය කිරීමට යෝජිත ජලාශ: වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායකගේ අත්සනින් නිකුත් කරන ලද ඉහත කී නිවේදනයේ දැක්වෙන පරිදි මතභේදයට තුඩු දී ඇති යෝජිත මාදුගැටේ ජලාශයේ භූ විද්‍යා සමීක්ෂණ අධ්‍යයනය සහ පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ පැවති මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩු සමයේදීය. වාරිමාර්ග අමාත්‍යංශයේ වාර්තා අනුව යෝජිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ආශ්‍රිතව වසර 2009 සිට මේ දක්වා සිදු කර ඇති සාකච්ඡා, පර්යේෂණ, අධ්‍යයන සහ ගවේෂණ පහත දැක්වෙන අයුරින් පෙළ ගැසී ඇත. මේ ගැනත් කියවන්න:
ලෝක උරුම සිංහරාජ රක්ෂිතය ආශ්‍රිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූයේ නම් ඒ බව සඳහන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන මෙන් පරිසරවේදීන් සහ පරිසර සංවිධාන යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයට එක් වෙන බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් පළ කරමිනුයි ඔහු එම අදහස් පළ කළේ. ‘මැතිවරණ කාලවල බොහෝ ප්‍රචාර පළ වෙනව. කටකතා පැතිර යනවා, පෙළක් වෙලාවට ඒවා යථාර්ථයක් බවට පත් වෙනවා, ඉතින් ඒ ඔක්කොම මේ ඉදිරි දින දෙක තුළ බලා ගන්න පුළුවන්’ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියි. මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා විපක්ෂයට නොයන බවට තමා තුළ විශ්වාසයක් ඇති බව පැවසූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බදාදා (19) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඔහු සක්‍රිය සහභාගි වූ බවයි ප්‍රකාශ කළේ. මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන ඉහත කී කට කතා හා වාර්තා නිවැරදි නොවන්නේ නම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන්නේ කුමක් නිසාදැයි සංදේශය ප්‍රශ්න කළ විට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේ, මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා ඔහු ආණ්ඩුවෙන් ඉවත් නොවන බව අවශ්‍ය තැන්වල දී ප්‍රකාශ කර ඇති බවයි. ‘එය ප්‍රසිද්ධියේ කියන්න එතුමා එතුමාගේ කාලය නාස්ති කරන්නේ නැහැ, සමාජයට ඒ ගැන කියන්න ගියාම එහෙම එකක් තියෙනවා කියල එතුමා භාර ගැනීමක් සිදු වෙනවා’ මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාගේ නිහඬතාවයට හේතු පැහැදිලි කරමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසයි. ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් විපක්ෂයට නො යන බවට සහතිකයක් දිය හැකි දැයි විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන් 162 ක් හා දේශපාලන පක්ෂ දාහතරක් නියෝජනය වෙන ආණ්ඩුවකට එවැනි සහතිකයක් දීමට නො හැකි බවයි.
ශ්‍රී ලංකාවේ තීරණාත්මක මැතිවරණවල දී දේශපාලන පිල් මාරු වීම් සහ ඒ සම්බන්ධයෙන් කටකතා පැතිර යාම සාමාන්‍ය දෙයක් බව ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අදාළ අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කළ යුතු බව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ පිළිබඳ වාර්තාවක් ලැබීමෙන් අනතුරුව අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කරනවාද නැද්ද යන්න තීන්දු කරන බවයි කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ. අදාළ අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කළ යුතු බව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. අනතුරට සම්බන්ධ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු රණවක මන්ත්‍රීවරයාගේ රියදුරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ මෙම සිද්ධිය හරහා කිසියම් පිරිසක් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන බවයි. "මෙම සිද්ධියේ සාක්කිකරුවන් මුලින්ම පොලිසියට ලබා දුන් කට උත්තරයේ චම්පික ඇමතිවරයා පිලිබදව කිසිවක් සඳහන් කර නැහැ. එහෙත් එම පුද්ගලයින්ට ඉහල පෙලේ ප්‍රභූ පුද්ගලයෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුවයි ඔවුන් රණවක ඇමතිවරයා මෙම සිද්ධියට පටලවා තිබෙන්නේ" නීතිවේදී ගුණරත්න කියා සිටියේය. කෙසේ වෙතත් පැමිණිල්ල නැවත ජුනි මස 15 වනදා කැඳවීමට නියම කළ අධිකරණ එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන් කළ බව පැවසෙන මෝටර් රථයක් රාජගිරියේදී අනතුරට පත් වීමේ සිද්ධියට අදාළ 'CCTV' දර්ශන පරික්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත බාර දෙන මෙන් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියම කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිදුව තිබෙන්නේ අපචාර ඉහල යාමක් නොව වාර්තාකරණයේ ඉහල යාමක් බව බලධාරීහු පවසති යුද්ධය හමාර වී ගතව ගිය කාලය තුල බාල වියේ දැරියන්ට එල්ලවන ලිංගික අතවර වැඩි වී ඇති බවයි, වවුනියාවේ පැවති වැඩමුළුවක් අමතමින් ඔවුන් පෙන්වා දුන්නේ. මේ වසරේ ඉකුත් මාස හතර ඇතුලත දැරියන් 68 දෙනකු අතවරයට ලක්වීම සලකා බලන විට බාල වියේ දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීම උත්සන්න වෙමින් තිබෙන හැඩක් පෙනී යන බව ඔවුහු පවසති. කෙසේ නමුත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ සැබවින්ම සිදුව තිබෙන්නේ අපචාර ඉහල යාමක් නොව යුද්ධය නිමාවීමත් සමඟම ළමා අපයෝජන සම්බන්ධ වාර්තාකරණයේ ඉහල යාමක් බවයි.
ගතව ගිය 2012 වසරේදී පමණක් උතුරේ බාල වයස්කාර දැරියන් 256 දෙනකු ලිංගික අතවරවලට ගොදුරු වී ඇති බව කාන්තා හිමිකම් සංවිධාන ක්‍රියාධරයෝ ප්‍රකාශ කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'එහෙම තීන්දුවක් ගන්න මහා සමුළුව පැවැත්වුනේ නෑ' ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හයිදර් ෆාර්මන් ඒ බව කියා සිටියේ, 2017 ක්‍රීඩා උළෙල පැවැත්වීම කටාරයේ ඩෝහා නගරයට පැවරීමට තීරණය කොට ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ නියෝජිත පිරිසක් ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් හමුවීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් එහිදී තමන්ට වාර්තාවක් ලබා දෙනු ඇති බවයි, හයිදර් ෆාර්මන් පවසන්නේ. ඉන් අනතුරුව කවුන්සිලයේ සමුළු රැස්වීමේදී එම වාර්තාව පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවත් ඔහු පැවසීය. මාස නමයක් ශූරතාවලිය පැවැත්වීම පිණිස හම්බන්තොට නගරයේ පවතින සූදානම ප්‍රමාණවත් නොවන බව මීට කලින් ශ්‍රී ලංකාවට දැනුම් දුන් ආසියානු බලධාරීන්, එය කඩිනම් කිරීම පිණිස ශ්‍රී ලංකාවට මාස නමයක කාලයක් ලබා දුන්නේය. ක්‍රීඩා උළෙල හම්බන්තොට නගරයෙන් ඉවත් කෙරෙන්නේ නම් එයට හේතුව යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නොව, ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ හැටලුවක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මීට ඉහතදී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. ආසියානු ඔලිම්පික් මණ්ඩලයේ තීන්දුව කවරක් වුවත් හම්බන්තොට ක්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීම දිගටම ක්‍රියාවට නගන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හම්බන්තොට නගරයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා ශූරතාවලිය වෙනත් රටකට පැවරීමට තීරණයක් ගෙන නැති බව ආසියානු ඔලිම්පික් මණ්ඩලය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තමන් සොයාගන්නා ලදැයි පවසන අලුත් මහාද්වීපය එම පර්යේෂකයන් විසින් නම්කරනු ලැබ තිබෙන්නේ 'සීලන්ඩියා'(Zealandia) යනුවෙනි. නවසීලන්තය සහ කැලිඩෝනියා දූපත් සමූහය හැරුණ විට මෙම අලුත් මහාද්වීපයට ඇතුළත් කෙරෙන භූමියෙන් වැඩිකොටස මුහුදු ජලයෙන් යට වී ඇත. පර්යේෂකයින් විසින් 'ජියෝලොගිකල් සොසයිටි ඔෆ් ඇමෙරිකා' ප්‍රකාශනයේ පළකර ඇති ලිපියකට අනුව, වර්ග කිලෝමීටර මිලියන පහක (වර්ග සැතපුම් මිලියන 1.9 ක්) වපසරියකින් යුතු 'සීලන්ඩියා' ඕස්ට්‍රේලියානු භූමියෙන් 2/3ක් පමණ වේ. කෙසේවුවද, මහාද්වීපයක් වීමට අවශ්‍ය සියලු භෞතික ලක්ෂණ එම භූමිය සතු බව අදාළ පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන්ගේ අදහසයි. එම භූමිය ඒ අවට ප්‍රදේශයට වඩා ඉහළ මට්ටමක පවතින අතර සුවිශේෂී භූ විද්‍යාත්මක ලක්ෂණ ඊට අයත්වන බව ද එම විද්‍යාඥයෝ පවසති. මහාද්වීප නිලමට්ටමින් පිළිගන්නා විද්‍යාත්මක ආයතනයක් නොමැත. එම තත්වය යටතේ ඉදිරි පර්යේෂණ සමගින්, 'සීලන්ඩියා'මහාද්වීපයක් ලෙස පිළිගැනීමට යම් කාලයක් ගතවනු ඇතැයි සැළකේ.
මෙතෙක් හඳුනා නොගත් මහාද්වීපයක් සොයාගත් බවට පර්යේෂකයන් කණ්ඩායමක් විශ්වාසය පළකරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මම රෝහණ විජේවීර සමග විවාහ වූයේ 1980 මාර්තු මස 26 වන දිනයි. එයින් වසර තුනකට පමණ පසු 1983 කළු ජූලියත් සමග මගේ සැමියා,රෝහණ විජේවීර නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් විය. එතැන් පටන් මුහුණ දීමට සිදු වූ ජීවිත තර්ජන හමුවේ ආරක්ෂාව පතා අප පවුලට රටේ විවිධ ස්ථාන වලට මාරු වෙමින් රහසිගත ජීවිතයක් ගත කිරීමටයි සිදු වුණේ. 1989 නොවැම්බර් 12 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් විසින් මාගේ සැමියා වූ රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා ලද අතර එවකට මා පස් දරු මවක් මෙන්ම තෙමසක ගැබිනියක් වීමි. නොවැම්බර් 13 දින මාගේ සැමියා හමුදා අත්අඩංගුවේ දී මරණයට පත් වූ බව මා දැන ගත්තේ විද්‍යුත් මාධ්‍ය මගිනි. හමුදා කඳවුරට රෝහණ විජේවීර මේ අතර මිය ගිය ජ.වි.පෙ. නායකයන්ගේ දරු පවුල් වලට රජයට භාර වන ලෙස කරන ලද ඉල්ලීම්වලට අනුව මා සහ මගේ දරුවන් එම නොවැම්බර් 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට භාර වීමි. මා කිසි දිනක දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස හෝ අනුගාමිකයකු ලෙස කටයුතු කර නැති අතර මාගේ සැමියා මරා දමන විට මගේ දරුවන් වයස අවුරුදු අට, හත, පහ, දෙක සහ එක් හැවිරිදි විය. දේශපාලනය යනු කුමක්ද? තම පියා කලේ කවර දේශපාලනයක් ද? යන්න පිළිබඳව ඔවුන්ට කිසිදු වැටහීමක් නොතිබුණි. මාගේ බාලම දරුවා පියා මිය ගිය පසු යුද්ධ හමුදා රෝහලේ දී උපත ලද අතර ඔහු උපතේ සිටම සිරගත ජීවිතයකට උරුමකම් කියයි. එතැන් සිට 1992 ජූනි මස වනතෙක් අවුරුදු තුනක පමණ කාලයක් මා සහ මාගේ දරුවන් ගනේමුල්ල යුද්ධ හමුදා ‘කමාන්ඩෝ’ බලකා කඳවුරේයි රඳවා තබන ලද්දේ. දරුවන්ගේ ඉරණම ඉන් අනතුරු කාලය කාලය තුළ පාසල් යා යුතු වයසේ පසු වූ මගේ දරුවන්ට කිසිදු අධ්‍යාපනයක් නොලැබුණි. කිසිදු වරදක් නොකළ මාගේ දරුවන් සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් වෙන් කර සිරගත ජීවිතයකුයි ගෙවන ලද්දේ. එම කාල වකවානුවේ අපට රැකවරණය ලබා දීමට රටවල් රැසක් ඉදිරිපත් වුනත් එවකට පැවති රජය විසින් ඒ සියලු අවස්ථා අවහිර කරමින් 1992 ජූනි මස අත්තනෝමතික ලෙස අප ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රැඳවුම් නිවාසයක රඳවන ලදී. එය කොළඹින් කි.මි. 270 ක් පමණ දුරින් පිහිටි එල්.ටී.ටී.ඊ ප්‍රහාර ඉලක්කයක් ද විය. මෙකී තත්වය සෘජුවම මාගේ දරුවන් ගේ සමාජානුයෝජනයට දරුණු පහරක් වූ අතර ඔවුන් සමාජයෙන් වෙන් කරනු ලැබයි රඳවා තබන ලද්දේ. මගේ වැඩිමහල් දරුවන් දෙදෙනාට ම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදුණි. සමාජයෙන් වෙන් කොට විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවකුත් මට සිටින අතර ඉහත කී තත්වය යටතේ ඇයගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නතර විය. එවැනි පරිසරයක් තුළ මා සහ මගේ දරුවන්ගේ සියලු අයිතීන් අහිමි කෙරුණ අතර අපට නිදහසේ ගමන් කිරීමට, සමාජය හා මුසු වීමට, ඥාති ඇසුර ලැබීමට තිබූ සියලු අවස්ථා නොලැබුණි. එම තත්වය යටතේ මගේ දරුවන් රැඳවුම් නිවාසයක් තුළට කොටු කරනු ලැබීමෙන් ඔවුන් දරුණු මානසික පීඩනයකට ගොදුරු වූ අතර වැඩෙන දරුවන්ට උරුම වුණේ අවම අධ්‍යාපන සහ ශුභසාධන පහසුකම් පමණි. ඔවුන් නිසි ලෙස බලා ගැනීමට කිසිවකු නොවූ අතර මට ද කිසිම ස්වාධීන ආදායම් මාර්ගයක් නොවූයෙන් මගේ දරුවන්ගේ මූලික අවශ්‍යතා කිසි ලෙසකත් ඉටු කළ නොහැකි තත්වයකයි මා පසු වුණේ. (චිත්‍රාංගනී විජේවීර කියන කතාවේ තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න.)
මේ වන විට මා සහ මගේ දරුවන් මුහුණ දී සිටින තත්වය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ වී ඇත. එවැනි පරිසරයක් යටතේ මම බීබීසී සිංහල වෙබ් අඩවියට මෙම ලිපිය යොමු කිරීම මගින් අදහස් කරන්නේ මගේ අතීත ජීවිතය සහ අද අප මුහුණ දී සිටින තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රුසියාවේ නායක ව්ලැදිමීර් පුතින්, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්, මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුචී ඇතුළු ලෝක නායකයෝ ඊට සහභාගී වෙති. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ ද එම සමුළුවට සහභාගී වීම සඳහා දැනටමත් බේජිං නගරයට ළඟා වී සිටී. රටවල් විසි අටක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් 'එකම තීරයක් - එකම මාවතක්' සමුළුවට සහභාගී වන බව බේජිං පාලනය පවසයි. ජර්මන් චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් ඒ සඳහා කළ ආරාධනය පිළිගෙන නොමැති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට සහභාගී නොවන බව වාර්තා වෙයි. G7 නායකයන් අතරින් සමුළුව සඳහා සහභාගී වන බව තහවුරු කර ඇත්තේ ඉතාලියේ අගමැති පාවුලෝ ජෙන්ටිලෝනි පමණි. 'එකම තීරයක් - එකම මාවතක්' සමුළුව සඳහා ඉන්දියාව සහභාගී නොවේ. නවීන සේද මාවත? 'එකම තීරයක් - එකම මාවතක්' යනු චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පණ ගැන්වීමේ උත්සාහයක් ලෙස හැඳින්විය හැක. එම සංකල්පය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ චීන ජනාධිපති ෂී ජින්පින් විසිනි. 2013 වසරේ ප්‍රකාශයට පත් වූ 'එකම තීරයක් - එකම මාවතක්' සංකල්පයට අනුව චීනය ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු රටවල් සමග සම්බන්ධ වනු ඇත. 'එකම තීරයක් - එකම මාවතක්' ව්‍යාපෘතිය යටතේ නව වරායන්, තෙල් සැපයුම් නල මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කෙරෙමින් පවතී. ඒ ඔස්සේ චීනයට ලොව සෙසු රටවල් සමග ගනුදෙනු කිරීමටත් ලොව සෙසු රටවලට චීනය සමග ගනුදෙනු කිරීමටත් හැකි වනු ඇත. ලෝක ආර්ථික සමුළුව පවසන පරිදි චීනය විදෙස් රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකි. භූදේශපාලනය බලපෑම 'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනට රටවල් හැටකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වෙයි. චීනයේ ආර්ථික වර්ධන වේගය අඩුවෙමින් පවතින අතර ඔවුන්ගේ වෙළඳපොළ රටින් ඔබ්බට පුළුල් කිරීම 'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනේ අරමුණ වී තිබේ. කෙසේ නමුත් එම වැඩසටහන චීනයේ භූදේශපාලන බලපෑම ව්‍යාප්ත කිරීමේ උත්සාහයක්දැයි ඇතැමෙකුට ප්‍රශ්න කළ හැක. ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතිය ඇතුළුව පාකිස්තානය, ඉන්දුනීසියාව සහ කාම්බෝජය වැනි කලාපීය රටවල් තුළ චීනය විසින් මහා පරිමාණ ව්‍යාපෘති දියත් කොට තිබේ. ශ්‍රී ලංකාවේ වරාය නගර ව්‍යාපෘතිය 'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනට සම්බන්ධ රටවල් සමග 2014 සිට 2016 වසර දක්වා චීනය සිදු කළ දළ වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.9 කට ළඟා වී ඇති බව චීනයේ වාණිජ කටයුතු භාර නියෝජ්‍ය ඇමති ජියාන් කෙමින් පවසයි. එම ව්‍යාපෘතියට සම්බන්ධ රටවල් තුළ ආයෝජනය කිරීම සඳහා සිය සමාගම් දිරිමත් කරන අතරම එම රටවල සේවා පහසුකම් ඉහළ නැංවීම සහතික කිරීමට චීනය නිරන්තරයෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
චීනයේ 'එකම තීරයක් - එකම මාවතක්' දෙදින සමුළුව බේජිං නුවරදී හෙට (මැයි 14) ආරම්භ වීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උන්වහන්සේ එම ප්‍රකාශය කළේ බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී. නිර්පාක්‍ෂික අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් තීන්දු කර නොමැති බව ප්‍රකාශ කළ සෝභිත හිමියෝ සාකච්ඡා මාර්ගයෙන් එය තීන්දු වනු ඇති බවත් සඳහන් කළහ. ‘පවතින විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කරන බවට වත්මන් ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දී තිබෙනවා. මහින්ද චින්තනය මගින් ද ඒ බව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එම තත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගත්තොත් එය ජනාධිපතිවරයාගේ කීර්තියට හේතු වෙනවා’ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය යන මතය දරන කණ්ඩායමක් රජය අභ්‍යන්තරයේ පවා සිටින බව සඳහන් කළ මාදුළුවාවේ සෝභිත හිමියෝ කතානායක චමල් රාජපක්ෂ ලංකා සම සමාජ පක්ෂ සම්මේලනයේ දී ඒ බව ප්‍රසිද්ධියේ ම කියා සිටි බවත් සිහිපත් කළහ. එජාපයේත් සහයෝගය විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය පවා එහි අඩුපාඩු තේරුම් ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මනාපය පළ කරනු ලැබ ඇති හෙයින් අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතිය ඇති හෙයින් ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධි විධාන යටතේ පහසුවෙන් එම පියවර ගත හැකි බවයි සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ. විපක්ෂයේ සිටියදී ජනාධිපති ක්‍රමයට එරෙහිව පා ගමන් පවා සංවිධානය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූ පසු ඒ වෙනුවට සිදු කළේ දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව යමින් දෙවතාවකට සීමා කොට තිබුණ ජනාධිපති ධූර කාලය අසීමිත තත්වයකට පත් කර ගැනීම බවත් මාදුළුවාවේ සෝභිත හිමියෝ බීබීසියට කියා සිටියහ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු ජාතික දේශපාලන පක්ෂ කීපයක් ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ පොදු ජනාධිපති ධූර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සැලසුම ගැන පසුගිය දා සාකච්ඡා කරන ලද බවයි සෝභිත හිමියන් වැඩි දුරටත් සඳහන් කළේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුනොත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමියෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගියදා අනුරාධපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය රජයේ දේපල, රජයේ නිලධාරීන් සහ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස පරිහරණය කිරීම ඇතුළු නිරීක්ෂණ ගණනාවක් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට පැමිණිලි කොට තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැළි ආවරණය කිරීම සඳහා ජාතික රූපවාහිනී සේවය සහ ස්වාධීන රූපවාහිනී සේවය යොදා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්. අනුරාධපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය සජීවී විකාශය සඳහා ස්වාධීන රූපවාහිනී සේවය පමණක් රුපියල් ලක්ෂ විසි එකක මුදලක් වැය කර ඇතැයි වාර්තා වූ බව පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන පැවසීය. මීට අමතරව එම රැළියට ජනතාව ගෙන ඒම සඳහා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ. හැටන්, මඩකලපුව, කිලිනොච්චිය, යාපනය, දඹුල්ල, උඩහමුල්ල, මොරටුව, කෑගල්ල, පොලොන්නරුව, මහියංගණය, මට්ටක්කුලිය, බදුල්ල, කැකිරාව, හොරොව්පතාන සහ වව්නියාව යන පෙදෙස් වල සිට එම බස් රථ පැමිණ ඇති බවයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතන වැඩසටහන පවසන්නේ. බස් රථ විශාල සංඛ්‍යාවක් ඒ සඳහා යොදා ගැනීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ලොරිවල නැගී විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සිදු වූ බවයි පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන සඳහන් කළේ. මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් අයථා ලෙස යොදා ගැනීම, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු ගොඩනැගිලි හා සම්පත් පරිහරණය, රාජ්‍ය ආයතනවල නීති විරෝධී ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්ද පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබේ.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බවට ‘පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන’ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් ඒ.සී.ඇලෙක්ස් රාජා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් පණස් දහස බැගින් ශරීර ඇප මත නිදහස් කෙරුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ යුද හමුදාවේ පිරිස මෙම දැව කැපීම සිදු කළේ කුමන අරමුණක් මතද යන්න පිළිබදව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි. සිලාවතුර පොලීසිය මගින් යුද හමුදා ට්‍රක් රථයක් ද අත් අඩංගුවට ගෙන තිබේ. ධීවර ගැටුම මේ අතර ඉන්දීය ධීවරයින් අට දෙනෙකු බලහත්කාරයෙන් රඳවා ගැනීම සහ ඔවුන්ට වධ හිංසා කොට පහර දීම යන චෝදනා යටතේ මුලතිවු ධීවරයින් පිරිසක් මුලතිවු පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය. මෙම ඉන්දීය ධීවරයින් අල්ලා ගෙන තිබුණේ මුලතිවු ධීවරයෙකුට අයත් බෝට්ටුවකට මුහුද මැදදී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් මතයි. එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට අනුබල දුන් තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.
විල්පත්තු රක්ෂිත වනයේ අනවසරයෙන් දැව කපා ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදාවේ පහළොස් දෙනෙකු මන්නාරම සිලාවතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එන්න අපිත් එක්ක එකතුවෙන්න. අපිට එකතුවෙලා ලොකු ජයග්‍රහණ ලබාගන්න පුළුවන් - පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකා නාලිනී රණසිංහ බීබීසී සිංහල සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජය ගනුවස් තමන් සමග එක් වන ලෙස ආබාධිත ක්‍රීඩිකාවන්ට ආරාධනයක් ද කරමිනි. විශේෂයෙන් පිහිනුම්, බර ඉසිලීම සහ දුනු විදීම යන ඉසව් සඳහා ආබාධිත ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීමේ අඩුවක් දක්නට ඇති බවත් ඇය සඳහන් කළාය. "තරග සඳහා සහභාගි වන ලෙස අප විසින් කරන ලද ඉල්ලීමට පුරුෂ පක්ෂයෙන් වැඩි ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. තරගවලට කාන්තාවන් වැඩි වශයෙන් සහභාගි කර ගැනීම සඳහා ඔවුන් දිරිගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා." ඇය පැවසුවාය. මේ අතර ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් සමාජය තුළ අවතක්සේරුවක් පවතින බවත් ඇය කියා සිටියාය. "පසුගිය පැරා ඔලිම්පික්‌ ශූරතා දෙකේදීම ආබාධිත ක්‍රීඩකයන් පදක්කම් දිනාගත්තා. නමුත් සමාජය තුළ ඔවුන්ට නිසි පිළිගැනීමක් තිබුණ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයන් පදක්කම් දිනුවාට පසුව ලැබෙන පිළිගැනීම ඔවුන්ට ලැබුණේ නැහැ. සමාජය තුළ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ අවතක්සේරුවක් තිබෙන්නේ. මේ ආකල්පය වෙනස් විය යුතුයි." ඇය පැවසුවාය. මේ අතර ආබාධිත පුද්ගලයන් ද සමාජ ගතවීමට දක්වන අකමැත්ත ඔවුන්ගේ අනාගත අභිවෘද්ධියට බාධාවක් වී ඇති බවත් ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකා නාලිනී රණසිංහ පෙන්වා දෙයි. 2018 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතාවලිය ඉලක්ක කර ගනිමින් ආබාධිත තරුණ තරුණියන්ට වඩාත් හොඳ පුහුණුවක් ලබා දීමට සිය ආයතනය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සමාජය දක්වන ආකල්ප වෙනස් විය යුතු අතරම ආබාධිත පුද්ගලයන් තුළත් දැනට වඩා සාධනීය වෙනසක් සිදු විය යුතු බව පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රංගන හේරත් එම ලෝක වාර්තාව සම කළේ සිම්බාබ්වේ පිලට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගනිමිනි. මීට ඉහතදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව කඩුලු පහ බැගින් දවාගැනීමට සමත් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් පමණයි. කණ්ඩායමේ ස්ථිර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ආබාධවලින් පෙලෙන හෙයින් සිම්බාබ්වේ සංචාරය සඳහා තෝරා නොගැනිණ. එබැවින් රංගන හේරත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර, සිය පළමු ටෙස්ට් තරගයේදීම ජයග්‍රහණය වාර්තා කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත්වීමටත් ඔහු සමත්විය. රංගන හේරත් දැනට එක් දින ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගෙන සිටියි.
ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සියලුම ප්‍රතිවාදී රටවලට එරෙහිව එක් ඉනිමකදී කඩුලු පහක් දවාගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් එම දක්ෂතාවය දැක් වූ ලොව තුන්වෙනි පන්දු යවන්නා බවට පත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'එයා කියනවා නම් අපි ළදරුවෝ කියල, කුසල් මෙන්ඩිස් බට කරන විදිය දැක්කම ඒගොල්ලට පේනවා අපි ළදරුවෝ කොච්චර දක්ෂද කියල' චරිත් සේනානායක ඒ බව කියා සිටියේ එංගලන්ත කණ්ඩායමේ හිටපු පිතිකරු ජෙෆ් බෝයිකොට් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්. "එයා කියනවා නම් අපි ළදරුවෝ කියල ඒගොල්ලට පේනවා අපි ළදරුවෝ කොච්චර දක්ෂද කියල," චරිත් සේනානායක බීබීසී සංදේශයට පැවසීය. "මේක තමයි අපේ අනාගතය. ඒ වගේම මම හිතනවා මේ තරඟාවලිය ඉවර වෙන කොට අපි හඳුනා ගනීවි කියල දක්ෂ තවත් ලාබාල ක්‍රීඩකයන්ව." පන්දු යවන්නන්ගේ වගකීම මේ දිනවල එංගලන්තයේ පවතින්නේ පන්දු යවන්න්නන්ට ඉතා හිතකර වාතාවරණයක් වුවත්, එයින් වාසිය නෙලා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වූ බවත් චරිත් සේනානායක පවසයි. "දුර්වලතා කිහිපයක් තිබුනා. එකක් එංගලන්තය ලකුණු 78 කට කඩුලු පහක් විතර ගිහිල්ල තිබිච්ච වෙලාවේ අපිට එංගලන්තය ලකුණු දෙසීයකට අඩුවෙන් දවා ගත්තා නම් ලොකු වෙනසක් වෙන්න තිබ්බ රිසල්ට් එකට," චරිත් සේනානායක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරඟාවලිය පිළිබඳව බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "මේ තණතිල්ලේ දුන්න ලකුණු ප්‍රමාණය වැඩියි. ඒ වගේම පිතිකරුවනුත් ටෙක්නික් එක හදාගන්න ඕනේ." ඉනිම දෙකේදීම ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට සිදු වූයේ විදුලි ආලෝකය යටතේ බවත් කණ්ඩායමේ කළමනාකරු පෙන්වා දෙයි. "නිදහසට කරුණු දෙනවා නෙවෙයි. මම හිතන්නේ මගේ ජීවිත කාලේ දැක්ක දුර්වලම කාලගුණ තත්වයක් තිබ්බේ." (සාකච්ඡාවට සවන්දෙන්න) ලොව දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් එවැනි වාතාවරණයකින් උපරිම ප්‍රයෝජන ගන්නා බවත් ඔහු පැවසීය. අනෙක් අතට නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය බව තීරණය කෙරුණු අවස්ථාවේ තුන් වෙනි විනිශ්චයකරුට යොමු කළේ නම් තරඟයේ අවසානය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු බවත් චරිත් සේනානායකගේ විශ්වාසයයි. දෙවැනි ටෙස්ට් තරඟය සඳහා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති අතර රංගන හේරත්ගේ ආබාධය පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් ඔහු පැවසීය. එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟය සිකුරාදා ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම 'කොලු ගැටයන් පිරිසක්' ලෙසින් ඇතැම් විචාරකයන් හඳුන්වන නමුත් කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙන ආකාරය විමසා බලන විට 'ඒ කොලු ගැටයන් කෙතරම් දක්ෂ දැයි' සිතෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විස්සයි විස්ස තරගයේදී හයේ පහර 39 ක් එල්ල කළ මොහිත්, අවසාන ඕවරයේදී පමණක් හයේ පහර පහක් එල්ලකිරීමට සමත්විය. නියමිත ඕවර විස්ස අවසානයේදී ඔහු නියෝජනය කළ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 416 ක් රැස්කරගෙන තිබුණි. ප්‍රධාන පෙලේ විස්සයි විස්ස තරගයකදී මෙතෙක් ක්‍රීඩකයකු විසින් රැස්කරගෙන තිබෙන ඉහලම ලකුණු සංඛ්‍යාව ලකුණු 175 කි. 2013 දී IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයේදී එම වාර්තාව තබනු ලැබුවේ ක්‍රිස් ගේල් විසිනි. "මම අයිපීඑල් වෙන්දේසියට මගේ නමත් දැම්ම හැබැයි මේ වාර්තාවෙන් පස්සෙවත් මා ගැන සලකා බලාවිද කියල මම දන්නේ නෑ," සිය පිතිහරඹයෙන් පසුව මොහිත් අහලවත් ABP Live නාලිකාවට පැවසීය. ඉන්දීය ජාතික කණ්ඩායමේ ගෞතම් ගම්බීර් සහ ඉශාන්ත් ශර්මා සමග මොහිත් 2015 දී පළමු පෙළ ක්‍රිකට් තරග පහකට සහභාගි වූ නමුත් එම තරගවල ඉනිම පහකදී ලකුණු 1,4, 0, 0 සහ 0 වශයෙන් රැස්කරමින් අසාර්ථකවීමෙන් පසුව ඔහු පළමුපෙළ තරගවලින් ඉවත්කෙරිණ. එංගලන්තයේ සැඩ්ල්වර්ත් ලීගයට ක්‍රීඩාකරමින් ශ්‍රී ලංකාවේ ධනුක පතිරණ 2007 සැප්තැම්බර් මාසයේදී පන්දු 72 කට ලකුණු 277 ක් රැස්කළ අතර, පාසල් ක්‍රීඩා තරගයකදී ලකුණු 1009 ක් රැස්කරමින් ඉන්දීය පාසල් ශිෂ්‍ය ප්‍රනාව් ධනවඩේ 2016 දී ලෝක වාර්තාවක් පිහිටුවිය.
ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවති දේශීය ක්‍රිකට් තරගයකදී පන්දු 72 කින් ලකුණු 300 ක් රැස්කිරීමට 21 හැවිරිදි ක්‍රීඩක මොහිත් අහලවත් (Mohit Ahlawat) සමත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බීබීසී වැඩසටහන්වල විශ්වසනීයත්වයට හානි වන අන්දමින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බව බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂකවරයා පවසයි මේ ආකාරයෙන් වැඩසටහන් අත්හිටුවීමට තීරණය කිරීම මගින් අසන්නන් වෙත ඇතිවන අපහසුතාවය පිළිබඳව තම කණගාටුව පළ කරන අතරේ, බීබීසී වැඩසටහන් ඉලක්ක කරමින් එම වැඩසටහන්වල විශ්වසනීයත්වයට හානි වන අන්දමින් කටයුතු කිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. පසුගිය 16 සහ 18 වැනිදා මේ අන්දමින් බාධා කිරීම් සිදුවූ අවස්ථාවේදී, ඒ මගින් තමන් එළඹ ඇති ගිවිසුම උල්ලංඝනය කොට තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙත දන්වා සිටියත්, මාර්තු 25 වැනිදා යලිත් වරක් සිදුවූ බාධා කිරීම් හමුවේ තමන් වෙත ඉතිරි වූ එකම විසඳුම වැඩසටහන් අත්හිටුවීම බවයි, පීටර් හොරොක්ස් තවදුරටත් ප්‍රකාශ කරන්නේ. බීබීසී වැඩසටහන් වල අන්තර්ගතය පිළිබඳව යම් ගැටළු පැන නැගුනේ නම් කලින් එකඟව ඇති ආකාරයෙන් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකරමින්, බීබීසී වැඩසටහන් වලට බාධා කිරීම සඳහා පියවර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බවද, ඒ තුලින් තම අසන්නන් නොමඟ යැවීමට ඉඩ දිය නොහැකි බවද බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂකවරයා පවසයි. මෙයට පෙර 2009 දී සිදුවූ මෙවැනි ආකාරයේ බාධා කිරීම් හමුවේ මේ ආකාරයේ පියවරක් ගැනීමට බීබීසී ආයතනය ක්‍රියා කළේය. බීබීසී වැඩසටහන් වලට තව දුරටත් කෙටි තරංග ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සවන් දීමට අසන්නන්ට හැකියාව තිබේ. සංදේශයට යලි සවන් දෙන්න අද අඟහරුවාදා සංදේශයට සවන් දීමට නොහැකි වූයේ නම් එයට සවන් දීම පිණිස ( ඉදිරි දින හත ඇතුලත) මේ අඩවියට පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/multimedia/2012/04/000001_tuesday_prog.shtml ෆේස්බුක් අඩවියෙන් www.facebook.com/BBCSinhala සංදේශයේ ෆේස්බුක් අඩවිය ඔස්සේත් දැන් ඔබට සංදේශයට සවන්දිය හැකියි. කෙටි තරංග ඔස්සේ බීබීසී සිංහල සේවය: කෙටි තරංග මීටර 49 හෙවත් කිලෝහර්ට්ස් 6135 (6135 kHz) කෙටි තරංග මීටර 31 හෙවත් කිලෝහර්ට්ස් 9615 (9615 kHz) කෙටි තරංග මීටර 41 හෙවත් කිලෝහර්ට්ස් 7699 (7699 kHz) බීබීසී දෙමළ සේවය: කෙටි තරංග මීටර 19 හෙවත් කිලෝහර්ට්ස් 15690 (15690 kHz) කෙටි තරංග මීටර 31 හෙවත් කිලෝහර්ට්ස් 9500 (9500 kHz) කෙටි තරංග මීටර 41 හෙවත් කිලෝහර්ට්ස් 7600 (7600 kHz)
බීබීසී දෙමළ සේවයේ ගුවන් විදුලි වැඩසටහන් වලට නොකඩවා සිදුකෙරුණු බාධා කිරීම් හමුවේ, බීබීසී ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවීමට බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂක පීටර් හොරොක්ස් තීරණය කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇෆ්ගනිස්තානය එක්වීමත් සමග තරගාවලියේ තරග සංඛ්‍යාව ඉහල ගොස් තිබේ දේශපාලනමය වශයෙන් බංගලාදේශයේ මේදිනවල ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් බංගලාදේශයේදී මෙම ක්‍රිකට් තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න තීරණයක් ගැනීම සදහා අද කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වුණු විශේෂ රැස්වීමට ඉන්දීය, පකිස්තානු, බංග්ලාදේශ හා ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රධානීහු එක්ව සිටියහ. සාකච්චාව අවසානයේ මෙම රැසවීමේ තීරණ පිලිබඳව BBC යට අදහස් දැක්වූ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රාෆුල් හක් පැවසුවේ තරගාවලිය කලින් සැලසුම් කල පරිදිම පෙබරවාරි 25 සිට මාර්තු 7 බංගලාදේශයේ පැවැත්වෙනු ඇති බවයි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර පිලිබඳ විස්තරාත්මකව සියලු රටවල් දැනුවත් කළ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය. මෙවර තරඟාවලියට ඇෆ්ගනිස්ථානයත් මෙවර ආසියානු කුසලානයට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමද එක්කරගනිමට මෙහිදී තීරණය කළ බව පවසන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රාෆුල් හක් මෙම තරගාවලිය ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට ලෝක 20-20 හා 2015 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට හොද පෙරහුරුවක් වනු ඇතැයි ද පැවසුවේය. ඇෆ්ගනිස්තානය එක්වීමත් සමග තරගාවලියේ තරග සංඛ්‍යාව 7 සිට 11 දක්වා ඉහල ගොස් තිබේ. ලෝක කුසලාන 20-20 තරඟාවලියද මාර්තු මස පැවැත්වීමට නියමිතව ඇත්තේ බන්ග්ලාදේශයේදීය . එහෙත් මෙම සාකච්චාවේදී එම තරඟාවලියපැවැත්වීම සම්බන්දයෙන් කිසිදු සාකච්ච්වක් සිදු නොවූ බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ. මෙම ආසියානු කුසලානය බංගලාදේශයේ නොපවත්වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තමන් සුදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණි. බංග්ලාදේශයට ශ්‍රී ලංකාවේ සහය වර්තමාන දේශපාලන අර්බුධ හමුවේ ආසියානු කුසලානය බංගලාදේශයේ පැවැත්වීම පිළිබඳව මෙම රැස්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ගෙන් BBC ය විමසූ විට ඔහු පැවසුවේ මෙම ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය ආසියාතික රට වලට පොදු වුවක් බැවින් මෙවැනි අවස්ථාවලදී ආසියානු රටවල් එක්ව කටයුතු කළයුතු බවයි. "ආසියාතික රටවල් එකට හිටියේ නැත්නම් ඉදිරියේදී ආසියාකරේ ක්‍රීඩාව නැතිවෙන්න පුළුවන්. අපි මේ තත්වයට මුහුණ දුන්න, පකිස්ථානය මේ තත්වයට මුහුණ දීල තියෙනව, දැන් බංග්ලාදේශය මුහුණ දෙනවා. ඉදිරියේදී අනිත් රටවල් වලටත් බලපාන්න පුළුවන්. ආසියානු රටක් හැටියට බංග්ලාදේශයට අපිට සහයෝගය දුන්න. හැබැයි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතුයි " යනුවෙන් ඔහු පැවසීය. ආසියානු කුසලනයට් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකකට 20-20 තරඟ 2 කට හා එක් දින තරඟ 3 කට බංගලාදේශයේ සංචාරය කිරීමට නියමිතය. එම තරඟාවලියට ද සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට බලාපොරොත්තු වන බව පැවසූ නිශාන්ත රණතුංග ඒ පිලිබඳ අවසන් තීරණය මෙම මස 10 වැනිදා වන විට ගන්නා බවද පැවසීය. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගාවලිය ජනවාරි 27 වනදා ආරම්භ වීමට නියමිතය. බංගලාදේශයේ මහා මැතිවරණය හෙට පැවැත්වෙන අතර එරට විපක්ෂය වර්ජනය කරන මෙම මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට 100කට අධික පිරිසක් මිය ගොස් තිබේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කලින් සැලසුම් කල පරිදිම බංගලාදේශයේදී පැවැත්වීමට අද කොළඹදී රැස්වුණු ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මම හිතනවා ඔය දැනට ලිපි නිකුත්වෙලා තියෙන මධ්‍යම කාරක සභිකයන් සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් මතයකට එන්න පුළුවන් වේවි කියල ඉස්සරහට" සාලින්ද දිසානායක, එස්එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටීබී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් පස්දෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්හිටවනු ලැබ ඇති බව ඔවුන්ට සෙනසුරාදා ලිපි මගින් දැනුම් දී තිබේ. එය මීට දින කිහිපයකට පෙර ගනු ලැබූ තීන්දුවක් බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා, එම ලිපි ලැබුණු මන්ත්‍රීවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සෙනසුරාදා උදය වරුවේ ජනාධිපතිවරයා හමුවී ඉතා සුහද සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් සඳහන් කළේය. තීන්දුවලට පටහැනි වීම "ඒ නිසා මම හිතනවා ඔය දැනට ලිපි නිකුත්වෙලා තියෙන මධ්‍යම කාරක සභිකයන් සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් මතයකට එන්න පුළුවන් වේවි කියල ඉස්සරහට," ඔහු පැවසීය. කෙසේ නමුත් ඒ සම්බන්ධ අවසාන තීන්දුව ගැනීමේ බලය පවතින්නේ පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයාට බවද හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේය. පසුගිය පස් වැනි දින මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබුණ තීන්දුවලට පටහැනිව කටයුතු කිරීම සිය සාමාජිකත්වය අත්හිටුවීමට හේතු වූ බව එම මධ්‍යම කාරක සභිකයන්ට ලැබුණු ලියුම්වල සඳහන් කර ඇති බවයි වාර්තාවෙන්නේ. කෙසේ නමුත් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට හේතුව කවරක්ද යන්න සම්බන්ධයෙන් තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවද ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය බොහෝ දුරට යළි සලකා බැලෙනු ඇති බව පක්ෂයේ ජාතික සංවිධායකවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම මගීන් දෙදෙනා ‘ෂෙන්යෑන්’ නගරයෙන් ‘ස්ප්‍රින්’ (Spring Airlines) ගුවන් සමාගමේ යානයකට ඇතුල්වීමට බලාපොරොත්තුව සිටියත් ගුවන් සමාගම ඔවුන් දෙදෙනා ගේ ගුවන් ගමන් බලපත් අවලංගු කරනු ලැබ තිබුණ බවයි, වාර්තා වන්නේ. එය තමන්ට එරෙහිව සිදු කරන ලද ‘වෙනස් කම් කිරීමක්’යයි චෝදනා කරන HIV ආසාදිතයන් දෙදෙනා ඩොලර් අට දහසක වන්දියක් ද සමාව අයැද සිටීමක් ද ගුවන් සමාගමෙන් ඉල්ලා සිටිති. ‘ෂෙන්යෑන්’ නගරයේ උසාවියක් ඔවුන්ගේ පැමිණිල්ල භාර ගෙන ඇති අතර චීන ඉතිහාසයේ එවැනි විභාගයක් ආරම්භ කෙරෙන පළමු අවස්ථාව මෙයයි. HIV ආසාදිතයන්ට සහ ඒඩ්ස් රෝගීන්ට එරෙහිව සිදු කෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් රට තුල පවතින දීර්ඝ ඉතිහාසයේ වෙනසක් ඇති කිරීමෙහි ලා තමන් පියවර ගත් බවයි, චීන නිලධාරීන් පවසන්නේ.
HIV ආසාදිතයන් වීම නිසා තමන්ට ගුවන් යානයකට ඇතුල් වීමට ඉඩ නොදුන් චීන ගුවන් සමාගමකට එරෙහිව ගුවන් මගීන් දෙදෙනෙක් එම සමාගමට එරෙහිව නඩු පවරා ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය ඉදිරියේ අදහස් දැක්වූ අතුරුදහන් වූවකුගේ මවක් කොළඹ සහ වෙනත් ප්‍රදේශවලදී අතුරුදහන් වූ සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා තැනින් තැනට ගමන් කොට තමන් විඩාවට පත් වී සිටින බවයි අතුරුදහන් වූවකුගේ ඥාතියකු වන අමල් රාණී අමල් රාජ් කියා සිටියේ. ඇය ඒ බව සඳහන් කළේ ජනතා අදහස් විමසනු වස් සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය සෙනසුරාදා මඩකලපුවේ රැස් වූ අවස්ථාවේදී. 'අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බලන කාර්යාල දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවිය යුතුයි. භාෂා තුනකින් කටයුතු කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පළාත්වල ජනතාව දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන අදහස්වලට ඉවසීමෙන් ඇහුම්කන් දෙන අය ඉන්න ඕන' ඇය පැවසුවාය. අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා භාර දුන් ලියකියවිලිවලට කුමක් සිදු විනිදැයි යන්න ඇය ප්‍රශ්න කරයි. 'මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදහන් වීම් තුන්දහසක් පමණ වාර්තා වනවා. වසර එකහමාරක් විතර අපි කරුණු ඉදිරිපත් කළා. එක් අයකුවත් ආපසු හමු වුනාද?, විශ්වාසයක් නැතුවයි අපි මෙතනට ආවේ.' 'අපි දීපු ලියකියවිලි කෝ?. අපිට නැති වුනේ මනුෂ්‍ය ජීවිත, සතුන් හෝ බඩුමුට්ටු නෙවෙයි. අතුරුදන් කිරීම් ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු අපි ගාව තිබෙනවා. මෙතෙක් කල් රජය මොනවද කළේ?' ඇය සඳහන් කළාය. සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය ඉදිරියේ අදහස් දැක්වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු අතුරුදහන් වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන්ට මෙන් සමාන ආකාරයට තමන් සම්බන්ධයෙනුත් කටයුතු කළ යුතු යැයි මඩකලපුවේ රැස් වූ සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකායට ජනතා අදහස් ඉදිරිපත් වී තිබේ. අතුරුදහන් වූවන් ලෙස සැලකෙන පුද්ගලයන්ට මරණ සහතික ලබා දීමක් ලොව කිසිඳු රටක සිදු වී නැති බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති. අතුරුදහන් වූවන් වෙනුවෙන් මරණ සහතික නොව වෙනත් විශේෂ සහතිකයක් නිකුත් කරන බව ප්‍රකාශ කොට මාස ගණනාවක් ගත වී ඇතත් ඒවා තවමත් ලැබී නොමැති බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටිති.
අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පළාතේ බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් දිස්ත්‍රික්ක මට්ටමේ කාර්යාල පිහිටුවිය යුතු බව මඩකලපුවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නවසීලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දවාගැනීමට සමත්වූයේ එක් විකට්ටුවක් පමණි සෙනසුරාදා බ්‍රිස්ටල් නුවර නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9 ක අන්ත පරාජයක් අත්විය. ඉරිදා බ්‍රිස්ටල් නගරයේ සිට බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර, එම පරාජයෙන් පසුබට නොවී ඉදිරි තරග ජයග්‍රහණය කිරීම සිය අපේක්ෂාව බව සඳහන් කළාය. "මම හිතන්නේ තවමත් අපිට අවස්ථාව තියෙනව මුල් කණ්ඩායම් හතරට එන්න. ඉතින් ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කරලා කෙසේ හෝ මුල් කණ්ඩායම් හතර අතරට ඒම තමයි අපේ බලාපොරොත්තුව," ඇය පවසන්නීය. නවසීලන්තයට එරෙහි තරගයේදී සිය ප්‍රතිවාදීන්ට ලකුණු 250 ක් හෝ 225 ක් වැනි ඉලක්කයක් ලබාදීම සිය කණ්ඩායමේ අපේක්ෂාව වුවත් මැද පෙළ පිතිකාරිනියන් අසාර්ථකවීම සහ ඉන් අනතුරුව පන්දු යැවීමේ අංශයෙන් ද කණ්ඩායම අසාර්ථකවීම සිය පරාජයට හේතු වූ බව නායිකාව පවසන්නීය. නවසීලන්තයට පරාජය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව "ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා හොඳ ආරම්භයක් ලබා දුන්න. ඒ වගේම චමරි පොල්ගම්පොල සහ චමරි අතපත්තු දෙවන පිතිකාරිනියන් දෙදෙනත් හොඳ සම්බන්ධතාවයක් පවතවාගෙන ගියා. නමුත් ඒ වගේ හොඳින් ක්‍රීඩාකරන අවස්තාවක කඩුල්ල ලබා නොදී ක්‍රීඩා කළ යුතුයි. මොකද පන්දුවාර 50ක තරගයක්." එමෙන්ම තමන්ට කාසියේ වාසිය අහිමිවීමත් පරාජයට තවත් හේතුවක් බව ඉනෝකා රණවීර බීබීසී සිංහල සේවයට කියා සිටියාය. මේ අතර සෙනසුරාදා පැවති අනෙක් සමාරම්භක තරගයේදී එංගලන්ත කණ්ඩායම විශ්මය පත්කරමින් දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගැනීමට ඉන්දීය කාන්තා පිල සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින අතර, ඉන් අනතුරුව ලබන ඉරිදා සත්කාරක එංගලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය. කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද ? නවසීලන්තයට එරෙහි තරගයේදී ලැබූ අත්දැකීම් ඇසුරින් කණ්ඩායමේ අඩු පාඩු සකස් කරගෙන මීළඟ තරගවලට මුහුණදෙන බවත් කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර බීබීසී සිංහල සේවයට කියා සිටියාය. 1973 දී මුලින්ම එංගලන්තයේ පැවති කාන්තා ලෝක කුසලාන හයක් ජයග්‍රහණය කරමින් ඕස්ට්‍රේලියාව වාර්තාවක් තබා සිටින අතර, එංගලන්තය කාන්තා ලෝක කුසලාන තුනක ජයග්‍රාහකයාය. නවසීලන්තය ද එක් කාන්තා ලෝක කුසලානයක් ජයග්‍රහණය කර තිබේ.
එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වුවත්, තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට තේරී පත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය දරුවා පාසලට රැගෙන එමෙන් වැළකී සිටින ලෙස පාසල් විදුහල්පතිවරයා ඇතුළු ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් තමාට දැන්වූ බව දරුවාගේ මව පවසයි. පාසලේ සෙසු දරුවන් අද සඳුදා පාසලට පැමිණ නොමැත. පාසල වෙත පැමිණි ජාතික මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් අනතුරුව හය හැවිරිදි පිරිමි දරුවාගේ නිවසට ගොස් තොරතුරු විමසා ඇත. පාසල් කාර්යමණ්ඩලය සේවයට වාර්තා කර තිබෙන අතර පාසල් පිවිසුම ඉදිරිපිට සෙසු දරුවන්ගේ දෙමව්පියන් රැඳී සිටින බවයි ප්‍රසාද් පූර්ණිමල් ජයමාන්න සංදේශයට කියා සිටියේ. යමි කිසි පිරිසක් විසින් ප්‍රදේශයේ මාර්ග සංඥා මත මිනිස් හිස් කබලක් සහිත අනතුරුදායකයි යන සංඥා පින්තාරු කොට ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එච්අයිවී ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ. තම දරුවා එච්අයිවී ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව මව දරුවාගේ කියා සිටියි. අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති එච්අයිවී ආසාදිත වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 3200ක්. එම වාර්තාවට අනුව එම වසරේ වාර්තා වී ඇති එච්අයිවී ආසාදිත ළමුන් සංඛ්‍යාව 100ක්.
එච්අයිවී අසාදිත වී ඇති බවට සැක කෙරුණ කුලියාපිටියේ දරුවා ඇතුළත් කෙරුණු පාසල දින දෙකකට වසා තැබෙන බව එහි විදුහල්පතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හදිසි සේවා යොමු කර ඇති අතර ජීවිත බේරාගැනීමට ප්‍රමුඛතාව දී ඇති ඇතැයි වාර්තා වේ. ගුවන් අනතුරු විමර්ශන අංශය (AAIB) පවසන පරිදි බකිංහම්ශයර් හි අයිල්ස්බරි ප්‍රදේශයට ආසන්නයේ එම අනතුර සිදුවී තිබේ. අයිල්ස්බුරිහි වොඩස්ඩන් මැදුරට නුදුරින් අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ තුවාලකරුවන් පිරිසක් සිටින බව ගිලන්රථ කාර්ය මණ්ඩල පැවසූහ. අනතුරට ලක්වූ යානා දෙක ම වයිකොම්බ් හි ගුවන් පථයේ සිට පැමිණි ඒවා බව ව්යිකොම්බ් එයාර් පාර්ක්හි ප්‍රකාශකයෙකු පැවසීය ගුවන් පුහුණු ස්ථානයක් වන බූකර් ගුවන් පථය ලෙසින්ද හැඳින්වෙන වයිකොම්බ් වයිකොම්බ් එයාර් පාර්ක් පිහිටා තිබෙන්නේ අනතුර සිදුවූ ස්ථානයේ සිට සැතපුම් 20ක් එපිටිනි.
එංගලන්තයේ බකිංහම්ශයර් ප්‍රදේශයට ඉහළ අහසේදී හෙලිකොප්ටරයක් හා ගුවන් යානයක් ගැටී ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙමළ ජාතික සන්ධානය පවසන ආකාරයට මහ ඇමතිවරයා යාපනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන්නේ හෘදයාබාධයක් හේතුවෙන්. මහ ඇමතිවරයා සිය හෘද චිකිත්සක ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති අතර, ඔහු තරමක් අයහපත් තත්වයක වූ හෙයිනුයි, රෝහලට ඇතුළත් කරනු ලැබ තිබෙන්නේ.
උතුරු පළාතේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් අද උදෑසන රෝහල්ගත කෙරුණ බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අසියා බිබී පෙත්සමට අත්සන් කරමින් මහමද් නබි නායක තුමාට අවමන් කරනු ලැබීම් සම්බන්ධයෙන් ආසියා බිබී (Asia Bibi) නම් චුදිත කාන්තාවට දඬුවම් නියමකරන ලද්දේ මෙයින් වසර පහකට පෙර. තමාට එරෙහි චෝදනා බැහැර ලන Asia Bibi පවසන්නේ ,පෞද්ගලික කෝන්තරයක් නිසා මුස්ලිම් කාන්තාවක් තමාට එරෙහිව ඉහත කී පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි. පන්ජාබ් ප්‍රාන්ත මහාධිකරණය Asia Bibi ට මරණ දඬුවම නියම කරනු ලැබීමෙන් අනතුරුවයි, ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය ඉදිරිපත් කෙරුනේ.
ඉස්ලාම් දහමට අවමන් කිරීමේ චෝදනා යටතේ දඬුවම් ලද කිතුනු කාන්තාවකට එරෙහි දඬුවම අත්හිටුවමින් ඇය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභියාචනය විභාගයට ගැනීමට පකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියානු ඡන්දදායකයෙක් යන්ත්‍රයක් මගින් ඡන්දය පාවිච්චි කරමින් මැතිවරණයක දී, සිය ඡන්ද කොට්ඨාශයේ සියළුම අපේක්ෂකයන්ට තමා අකමැති නම් ඒ බව ප්‍රකාශ කිරීමට ඉහත කී තීන්දුවත් සමඟ ඡන්දදායකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙහි දී සිදු කෙරෙන්නේ, මැතිවරණ අපේක්‍ෂකයන්ගේ නම් වලට පහළින් “ඉහත අපේක්ෂකයන් කිසිවකුට කැමති නැත”( "none of the above") යනුවෙන් සඳහන් විශේෂ බොත්තමක් ඡන්දය දීමේ යන්ත්‍රයට ඇතුළත් කිරීමයි. ඡන්දය දීමේ යන්ත්‍ර වල එවැනි වෙනසක් සිදු කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියානු මැතිවරණ කොමිසමට නිර්දේශ කරනු ලැබ ඇත. එවැනි වැඩ පිළිවෙලක් යටතේ, ඉදිරිපත්ව සිටින සියළුම අපේක්ෂකයන්ට මනාප නොවේ නම්, සියළුම අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඡන්දදායකයාට ලැබේ. එවැනි අයිතියක් පැවරීම මගින්, ඡන්දදායකයන් බලවත් කෙරෙන බවයි,ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ප්‍රකාශ කළේ. යම්කිසි ඡන්ද කොට්ඨාශයක 50% කට අධික ඡන්දදායකයන් විසින් සියළුම මැතිවරණ අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අවස්ථාවකදී,එම කොට්ඨාශය සඳහා යළි මැතිවරණයක් කැඳවිය යුතු බවයි, එම වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ. ඉන්දියාවේ, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණ පහකදී මෙම නව වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහා, ඡන්දය ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර වල වෙනසක් සිදු කිරීමේ සූදානමක් පවතින බවත් වාර්තාවෙයි. ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතයි.
මහ මැතිවරණයකට තරඟ වදින අපේක්‍ෂකයන් ප්‍රතික්ෂේප කිරීම සඳහා ඡන්දදායකයන්ට බලය පැවරෙන ඓතිහාසික තීන්දුවක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'එතකොට මේ කොටි තහනම ඉවත් කිරීමේ වාසිය ලැබෙන්නේ කේපී ට. එතකොට අද කේපී කියන්නේ රාජපක්ෂ රෙජීමයේ ඔඩොක්කුවේ ඉන්න සුරතලෙක්' එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභික සමරවීර මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, යුරෝපා සංගමය එල්ටීටීඊ ය තහනම් කළ ආකාරය දෝෂ සහගත බවට යුරෝපා අධිකරණය ලබා දී තිබෙන තීන්දුව පිළිබඳව කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්. විශේෂයෙන්ම වේලුපිල්ලේ ප්‍රභාකරන් ගෙන් අනතුරුව එල්ටීටීඊ යේ නායකත්වයට පත් වූ කුමාරන් පද්මනාදන් එල්ටීටීඊ යේ වත්කම්වලට හිමිකම් කිව හැකි ජීවතුන් අතර සිටින එකම ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ නායකයා බවයි සමරවීර මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. "එතකොට මේ කොටි තහනම ඉවත් කිරීමේ වාසිය ලැබෙන්නේ කේපී ට. එතකොට අද කේපී කියන්නේ රාජපක්ෂ රෙජීමයේ ඔඩොක්කුවේ ඉන්න සුරතලෙක්," යනුවෙන්ද ඔහු කියා සිටියේය. 'ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්?' 2005 තමා විදේශ ඇමතිවරයා වශයෙන් පත්වන විට එල්ටීටීඊ සංවිධානයේ ශක්තිමත්ම මූල්‍යමය සහ ව්‍යාපාරික ජාලය පවත්වාගෙන ගියේ යුරෝපීය රටවල් කිහිපයක් තුළ බව පෙන්වා දෙන මංගල සමරවීර මන්ත්‍රීවරයා එය ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිවරයා විසින් එල්ටීටීඊ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදයේ සහ මහා බ්‍රිතාන්‍යයේත් තහනමට ලක්කිරීමේ ප්‍රතිඵලයක් බවත් සඳහන් කරයි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 25න් රටවල් 18 ක්ම තහනමට එකඟ වුවත්, අනෙක් රටවල් 7 එකඟ කරගැනීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබාගැනීමට හැකි වූ බවත් ඔහු සිහිපත් කරයි. 2006 මැයි 29 වෙනි දින යුරෝපා සංගමය විසින් එල්ටීටීඊ ය තහනම් කිරීමත් සමඟම එල්ටීටීඊ සංවිධානය සතු සියලූම වත්කම්, ව්‍යාපාර සහ බැංකු ගිණුම් තහනම් කෙරුණු බවත් ඔහු පෙන්වා දෙයි. එසේ ලබාගත් තහනම තවදුරටත් පවත්වාගෙන යෑමට ආණ්ඩුවට නොහැකිවීම 'විශ්මයට කරුණක්' බව පවසන සමරවීර මන්ත්‍රීවරයා, තහනම ඉවත්කිරීමට එරෙහිව තානාපතිවරයා දිවුරුම් ප්‍රකාශයක්වත් ඉදිරිපත් නොකළේ 'සැලසුම්ගත කුමන්ත්‍රණයක්' නිසාදැයි ප්‍රශ්න කරයි. එබැවින් යුරෝපයේ එල්ටීටීඊ තහනම ඉවත්කිරීමට කටයුතු කළ බවට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.
තමා විදේශ අමාත්‍ය පදවිය දැරූ සමයේ දියත් කළ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් එල්ටීටීඊ ය තහනම් කෙරුණු බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, එම තහනම ඉවත් කිරීමේ වාසිය හිමිවන්නේත් ආණ්ඩුවේම හිතවතුන්ට බවට චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මොසැක් ෆොන්සේකා ආයතනය පවසන්නේ ගෝලීය වෙළඳ ප්‍රජාව තුළ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔවුන් කිසිදු ආකාරයක වැරැද්දක් සිදුකර නැති බවයි ජාත්‍යන්තර වත්කම් සීමාවන් වලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට පැනමාවේ නීති ආයතනයක් යොදා ගත් බවට වර්තමානයේ බලයේ සිටින හෝ පෙර බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් 72 දෙදෙනෙකු කටයුතු කර ඇති බවටයි මේ මගින් හෙළිවී ඇත්තේ. මේ ධනපතීන් අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුතින් ගේ සමීපතමයෙකු ද සිටින බවයි වාර්තාවන්නේ. ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු මෙම ලියකියවිලි මගින් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) ආයතනය ලොවපුරා ධනවත් පුද්ගලයන්ට සමාගම් ආරම්භ කර තම රටවල ආදායම් බදු ගෙවීම් වලින් මිදී සිටීමේ හැකියාව ලබා දී ඇති බව හෙළිවී තිබේ. එහෙත් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) ආයතනය පවසන්නේ ගෝලීය වෙළඳ ප්‍රජාව තුළ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔවුන් කිසිදු ආකාරයක වැරැද්දක් සිදුකර නැති බවයි.
ධනවත් පුද්ගලයන් විසින් තම වත්කම් සැඟවීම පිණිස බදු රැකවරණ ‘අභය භුමියක්’ යොදා ගත් ආකාරය හෙළි කෙරෙන රහස් ලිපිගොනු රැසක් හමුවී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය සති කීපයෙහි දිල්ලි අගනුවර වායුදූෂණය ඉතාම නරක අතට හැරී තිබුණි මෙම තත්ත්වය කොරෝනාවෛරසයට එරෙහිව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින ඉන්දියාවට අමිහිරි පුවතකි. ඊට හේතුව Covid-19 ආසදනයවීම් සහ මරණ ඉහළයාම සහ පරිසර දූෂණය අතර සම්බන්ධයක් පවතින බව ලොවපුරා සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළිදරව් වෙමින් පැවතීමය. PM 2.5 මිනුම් ක්‍රමයට අනුව වාතයේ ඝන මීටරයක් තුළ වායු දූෂක අංශු එක් මයික්‍රෝග්‍රෑමයක වැඩිවීම කෝවිඩ්-19 රෝගය හේතුවෙන් මියයන පිරිස 8% කින් වැඩිවිය හැකි බව හාවඩ් විශ්වවිද්‍යාලය පැවැත්වූ පර්යේෂණයකින් හෙළි වී තිබේ. (Fine particulate matter - PM2.5 - යනු මිනිස් සිරුරට හානිකර වායු අංශු මණින මිනුම් ක්‍රමයකි) ඒ අතරම පොසිල ඉන්ධන දහනය සමඟ රථවාහනවලින් පිටකෙරෙන දුමාරය පොළෝ මට්ටමේ ඕසෝන් ස්ථරයට එකතුවීම සහ නයිට්‍රජන් ඔක්සිඩස් (nitrogen oxides) ඇතුළු වායු දූෂණයවීම්වලට දිගුකලක් ගොදුරුවීම සහ Covid-19 වෛරසය ආසාදනයවීම් බරපතල අතට හැරීම අතර සම්බන්ධයක් ඇති බව කේම්බ්‍රිජ් සරසවි අධ්‍යයනයක් මගින් හෙළිවී ඇත. ''එවැනි වායු දූෂණයවීම් සිරුරෙහි දිගින් දිගටම බලපැවැත්වෙන පීඩාදායක දැවිල්ලට සහ හුස්ම ගැනීම කෙරෙහි බලපාන වෛරස් ආසාදනය වීමට ඇති අනතුර වැඩිකරන'' බව ඉහත කී අධ්‍යයන වාර්තාවේ සම කතුවරයකු වන මාර්කෝ ට්‍රවග්ලියෝ(Marco Travaglio) බීබීසී සමග පැවසීය. දිල්ලි අගනුවර ගත්විට පසුගිය සතිවල PM2.5 මට්ටම ඝන මීටරයකට මයික්‍රෝග්‍රෑම් 180-300ත් අතර තත්ත්වයක විය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මට්ටමට වඩා දොළොස් ගුණයකින් වැඩිවීමකි. එය වායුවේ ගුණයෙහි පීඩාකාරී පිරිහීමකි. කෙසේවුවද, කොරෝනාවෛරසයත් සමඟ නගරය දැඩිව 'ලොක්ඩවුන්' කරනු ලැබීම නිසා රථවාහන ගමනාගමනය සහ කර්මාන්තශාලා වසා දැමීමත් සමඟ මේ වසරේ සැලකිය යුතු කාලයක් පිරිසිදු වාතය ආශ්වාස කිරීමට දිල්ලි වැසියන්ට අවස්ථාවක් ද උදාවිය. Covid-19 ආසදනයවීම සහ සුවපත්වීමේ අනුපාතය කෙරෙහි පවතින වායු දූෂණය බලපාන්නේද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව තුළ අධ්‍යයනයක් තවමත් සිදුකෙරී නැත. එහෙත් වෛරසය මැඩලීමට ගෙනයන සටනේ දී එකම බාධකය දූෂිත වායු පරිසරය බවට වෛද්‍යවරුන් සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් විසින් අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබ ඇත. දිල්ලි අගනුවර වායු දූෂණය ඉදිරි මාසවල තවත් නරක අතට හැරෙන තත්වයක් පවතී කොරෝනාවෛරසය ආසාදනය වීමේ සංඛ්‍යාව අතින් ඉන්දියාව අද වනවිට ලෝකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර මරණ සංඛ්‍යාව අතින් තුන්වෙනි රට බවට පත්ව ඇත, සංඛ්‍යාත්මක මට්ටමින් පවසන්නේනම්, කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව හැත්තෑ පන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර,මරණ සංඛ්‍යාව එක්ලක්ෂ දාහතර දහස ඉක්මවා ඇත. පවතින නරක වායුදූෂණය යටතේ එකී සංඛ්‍යා තවත් වැඩිවිය හැකිබව විශේෂඥයෝ පෙන්වා දෙති. දිල්ලි අගනුවර දැනටමත් වසංගතයට බරපතල මට්ටමින් ගොදුරුව ඇති නගරයකි. ඇතැම්විට වසර ගණනාවක් මෙම අන්තරායකාරී වායු දූෂණයට ගොදුරුවෙමින් පීඩාකාරී තත්ත්වයක ජීවත්වීමට දිල්ලි වැසියන්ට සිදුවනු ඇත. ''මෙම ශීතකාලයෙහි දිල්ලියේ තත්ත්වය ඇත්තවශයෙන් ම බරපතල අතට හැරෙනු ඇත''හාවර්ඩ් සරසවිය විසින් සිදුකරන ලද අධ්‍යයනයට නායකත්වය දුන් එම සරසවියේ ජෛව සංඛ්‍යාන (biostatistics) අංශයේ මහාචාර්ය වෛද්‍ය ෆ්‍රැන්සිස්කා ඩොමිනොචි (Dr Francesca Dominici) බීබීසී සමග ප්‍රකාශ කළාය. ගොවීන් විසින් සිය ධාන්‍ය අස්වනු නෙළාගනු ලැබීමෙන් පසු යළි භූමිය සූදානම්කර ගැනීම පිණිස ඉපනැලි පුළුස්සා දැමීමෙන් ,රථවාහන සහ කර්මාන්ත මගින් නිකුත් කෙරෙන සහ උත්සව වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීම ආදී ක්‍රියාවන් නිසා වායුගෝලයට එක්වෙන දුමාරය හේතුවෙන් නොවැම්බර් පටන් පෙබරවාරි තෙක් පවතින ශීතකාලයන්හි විශේෂයෙන් වායුගෝලය දූෂිත තත්ත්වයකට පත්වෙයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට මාරක ගෑස් වර්ගත් ඊට එකතු වෙයි. ඒ අතරම තත්ත්වය නරක අතට හැරීමට තවත් හේතුවක් වන්නේ සුළං හමන වේගය පහළ මට්ටමක පැවතීමය. හාවර්ඩ් සරසවි අධ්‍යයනය මගින් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා තුන් දහසකට අධික ප්‍රාදේශික කලාපද (counties) අධීක්ෂණය කර ඇත. එහෙත් ඔවුන්ට ඉතාම අනතුරුදායක තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබ තිබෙන්නේ දිල්ලියෙහිය. දිල්ලිය ලෝකයේ බෙහෙවින් ම වායුදූෂණය සහිත නගර අතරට නිරන්තරයෙන් ම ලැයිස්තුගත කරනු ලැබ ඇත. Covid-19 බරපතල මට්ටමින් පැතිරගොස් ඇති කලාපයන්හි වායු දූෂණය පාලනය කරගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ උවමනාවක් ඇතැයි හාවර්ඩ් පර්යේෂකයෝ නිගමනය කරති. ''මෙම ශීත සෘතුවෙහි දිල්ලි නගරය ආරක්ෂිත තත්ත්වයක පවත්වා ගැනීම අවශ්‍ය'' බව කේම්බ්‍රිජ් අධ්‍යයනයට හවුල්වූ යිෂෝ යූ (Yizhou Yu)පවසයි. ''බරපතල මට්ටමේ රෝගාබාධවල හදිසි වැඩිවීමක් මගින් සෞඛ්‍ය සංරක්ෂණ වැඩ පිළිවෙල යටපත් වී යන්න ඉඩකඩ තියෙනව. එම තත්ත්වය මරණ අනුපාතයේ තවත් වැඩිවීමක් කෙරෙහිත් බලපාන්න පුළුවන්'' ඔහු පෙන්වා දෙයි. උත්සව සමය එළඹීමත් සමඟ ඉන්දියානු ජනතාව වෙළෙඳපොළවල රැස්කන ආකාරය. මෙම තත්ත්වය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවීමට හේතුවිය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති ඇමෙරිකා එක්සත් ජනපදයේ දුප්පත් ප්‍රජා සමූහයන්ට සෙසු කලාපයන්ට වඩා දරුණු පරිසර සහ සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවෙන හැඩක් දක්නට ඇතැයි ස්ටැන්ෆර්ඩ් සරසවියේ (Stanford University) වායු දූෂණ සහ සෞඛ්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා මේරි පෘනික් (Mary Prunick) පවසයි. එම තත්ත්වය ඉන්දියාව ගත්විට ද සත්‍යයකි. දිල්ලි අගනුවර පරිසර දූෂණයෙහි මට්ටම කෙරෙහි අවධානය යොමුකිරීමේ හදිසි අවශ්‍යතාවක් උද්ගතව පවතින බව මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් (Arvind Kejriwal) විසින් ද පිළිගනු ලැබ ඇත. එසේ නැත්නම්, දිල්ලියට එකම මොහොතක හදිසි සෞඛ්‍ය ප්‍රශ්න දෙකක් සමඟ පොරබදන්නට සිදුවිය හැකි බව ද මහ ඇමතිවරයා තේරුම්ගෙන සිටියි. ''මෙය බිය උපදවන තත්ත්වයක්'' තමිල්නාඩුවේ කීර්තිමත් සරසවියක් වන ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යායතනයේ (Christian Medical College) වෛද්‍ය DJ ක්‍රිස්ටෝෆර් පවසයි. PM2.5 අංශු පෙනහළුවලට ඇතුළුවිය හැකිය.එමගින් පෙනහැල්ලේ දැවිල්ලක් ඇතිකොට දෙවනුව ඒවාට හානිකිරීමට ඉඩකඩ ඇත. අනතුරුව එම අංශු රුධිර පද්ධතියට එක්ව බරපතල සෞඛ්‍ය ප්‍රශ්න ඇති කිරීමට ද හේතු වෙයි. දිල්ලි නගරයට ඉහලින් නිල අහස්තලය- මාර්තු සහ අප්‍රියෙල් කාලයේ දී අහස පැහැදිලි බවක් ගනී දරුණු මට්ටමින් සිදුවෙන පරිසර දූෂණය දියවැඩියාව, අධිරුධිර පීඩනය,හෘදරෝග සහ ඇදුම වැනි ආබාධවලින් පෙලෙන්නන්ට අහිතකර අතර එය රෝගවලට ඔරොත්තුදීමේ ශාරීරික ශක්තිය දුර්වලකරන බව අධ්‍යයන මගින් තහවුරු වී ඇත. ''පෙනහැල්ල කියන්නේ අපේ ශරීරයේ දොරටුව. ඊට සිදුවෙන හානියක් මගින් බරපතල ප්‍රතිවිපාක අත්කරන්න පුළුවන්.එවැනි තත්වයක් යටතේ මිනිසුන් කොරෝනා වසංගතයට ගොදුරුවීමේ වැඩි ඉඩක් තියෙනව'' වෛද්‍ය DJ ක්‍රිස්ටෝෆර් පවසයි. වායු දූෂණය ඇතුළු පරිසර දූෂණය කොරෝනාවෛරසය පැතිරයාමට ආධාරකය යන්න විශේෂඥයන්ගේ අදහස වෙයි. පරිසර දූෂණය මැඩලීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් හඬනගන ඉන්දීය තරුණියක් ශීත සෘතුවෙහි එක දවසකට කොරෝනා ආසාදිතයන් 15,000ක් පමණ වාර්තාවීමේ තත්ත්වයක් පවතින බවට ඉන්දීය ආණ්ඩුවේ වාර්තාවක් මගින් අනාවැකි පළ කරනු ලැබ ඇත. එසේම එම ආසාදිතයන්ගෙන් වැඩිදෙනාගේ තත්ත්වය බරපතල වියහැකි බවත් එමගින් පැවසෙයි. 'හදිසි ක්‍රියාමාර්ගයක් ගතයුතු තැනට දැන් තත්ත්වය පත්වෙලා. කොවිඩ් විනාශයෙන් බේරීමට දිල්ලියේ පරිසර දූෂණය අවම කළ යුතුව තිබෙනවා. මේ ශීත සෘතුවේ අපේ සෞඛ්‍ය වැඩ පිළිවෙල අඩාලවෙන තත්ත්වයකුයි පවතින්නේ'' වෛද්‍ය ක්‍රිස්ටෝෆර් පෙන්වා දෙයි. ''ඉන්දීය ආණ්ඩුව,විශේෂයෙන්ම දිල්ලි පාලනය පරිසර දූෂණය අවම කරගැනීමට කඩිනම් පියවර ගතයුතුව තියෙනව.එහෙම නොවුණොත්, අපි ගමන් ගනිමින් සිටින්නේ- ඉතාම අඳුරු ශීත සෘතුවකට'' තවත් තොරතුරු;
පසුගිය සති දෙකක කාලය ඇතුළත දිල්ලි අගනුවර සහ උතුරු ඉන්දීය වෙනත් නගරවල වායු දූෂණය වේගයෙන් නරක අතට හැරීමත් සමඟ ඉන්දියාවේ ඉතාම දරුණු පරිසර සෘතුව යළි උදාවී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලෝගන් පෝල් ඇමරිකානු ජාතික ලෝගන් හා ජේක් සහෝදරයන් ඔවුන්ගේ යූටියුබ් නාලිකා, බ්ලොග් සහ රැප් ගීත ඔස්සේ ලොවපුරා මිලියන ගණනකගේ සීහින තාරකා බවට පත් වී සිටිති. ඔවුන්ගෙන් බහුතරය තරුණ තරුණියන්ය. ජපානයේ ෆුජි කදුපාමුල 'අකිගිහරා' වනාන්තරයේ මළසිරුරක් සොයාගන්නා අකාරයේ වීඩියෝවක් ලෝගන් සහ ඔහුගේ මිතුරෝ පසුගියදා අන්තර්ජාලයට මුදා හැරියහ. ඔවුන්ගේ එම ක්‍රියාව සමාජ ජාල තුළ මහත් කැලඹීමක් ඇති කළ අතර, පසුව ඔහු වීඩියෝව ඉවත්කර ගත්තේය. ඔවුන්ගේ රසිකයන් අතරෙන් ඇතැමෙකු "අගෞරවයක්" සහ "අශික්ෂිත" ක්‍රියාවක් ලෙස එම වීඩියෝව හෙළා දැක තිබිණ. ඇතිවූ බලපෑම හමුවේ, මෙය තමන් "නොමග යැවීමක්" ලෙස සඳහන් කරමින් ලෝගන් පෝල් ට්විටර් ජාලය ඔස්සේ සමාව අයැද සිටියේය. මට බොහෝදේ වෙනස් විදියකට කරන්න තිබුනා "මම එම වීඩියෝව කිසි ලෙසකින්වත් නිකුත් නොකරන්න තිබුනා. අප හමුවේ තිබූදේ පටිගත කිරීම් නවතා දමන්න තිබුණා. මට බොහෝ දේ වෙනස් විදියකට කරන්න තිබුණා... ඒත් මට නොහැකිවුනා," ඔහු පැවසීය. වෙනත් පුවත්:
සියදිවි නසාගත්තේ යැයි අනුමාන කළ හැකි මළසිරුරක වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව මිලියන 15කට අධික නිත්‍ය රසික පදනමක් හිමි ලෝගන් පෝල් දැඩි විවේචනයට ලක් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පියවර ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම් පිළිබඳව පැවති පරීක්ෂණයකින් අනතුරුවයි. සභාපතිගේ බෑනා - ගුරුනාත් මෙයියප්පන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් ගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් සූදු කරුවන්ට අයථා ලෙස තොරතුරු සපයා ඇති බවට එල්ල වූ චෝදනා පරීක්ෂා කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කමිටුවක් පත් කර තිබුණි. මෙම පරීක්ෂණයේදී හෙළිවූ කැරුණු රැගත් වාර්තාවට අනුව සභාපතිවරයාට එරෙහිව බරපතල චෝදනා පවතින බවයි විනිශ්චයකාරවරුන් කියා සිටින්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් සහ ඔහුගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති. සභාපතිවරයා ගැන තීරණයක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බ්‍රහස්පතින්දා දක්වා (මාර්තු 27) කල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සිය තනතුරින් ඉවත් වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය බල කර සිටී.