messages
listlengths
2
2
[ { "content": "සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. \n\nඑක්තරා දක්ෂ වෙළෙන්දෙකුට භාණ්ඩ ප්‍රවාහනය කර දීමට බූරුවෙකු සිටියා. උදෑසන සිට සවස් වන තෙක්ම මේ බූරුවා ට වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සිදු වුණා. ඔහුට විවේකයක් ලැබුණේ රාත්‍රියට පමණයි.\n\nරාත්‍රී කාලයේ ආහාර සොයාගෙන ඈතට යාමට අකමැත්තක් දක්වූ මේ බූරුවා, ගමේ අහල පහල වතු වල මිනිසුන් වවන ලද එළවළු, පලතුරු ආදිය කෑමට පුරුදුව සිටියා. \n\nදිනක් මේ බූරුවා ට ආහාර සොයාගෙන ගමට පැමිණි හිවලෙකු මුණ ගැසුණා. මෙලෙස වතාවත් කිහිපයක්ම මුණු ගැසුණු පසු ඔවුන් දෙපළ ගජ මිතුරන් බවට පත් වුණා. දෙදෙනාම දැන් එකට එකතු වී, කෑම සොයා යාමට පුරුදු වුණා. \n\n\"බූරු හාමි..!! මට නම් හැමදාම එකම වගේ කෑම කාළා එපා වෙලා.\n\nඑහා පැත්තේ තියෙනවා වට්ටක්කා යායක්. එහෙ හොඳට ඉදුණු, පැණි බේරෙන, තැඹිලි ම තැඹිලි පාට, මෙලෙක් වට්ටක්කා තියෙනවා මන් දැක්කා. එහෙ මටත් කන්න පොඩි පොඩි සත්තු එමටයි. අපි අද කන්න එහාට යමු.\" හිවලා සතුටින් උඩ පනිමින් පැවසුවා. බූරුවා ත් එකහෙලාම ඊට එකඟ වුණා.\n\nඔන්න ඉතින් දෙන්නත් එක්කම ඒ ඉසව්වට ගිහින්, හොඳට බඩ කට පිරෙන්නම කෑවා. බොහොම මහන්සි වී සිටි බූරුවා ට මේ ආහාර වේල නිසා හිත සතුටින් ඔද්දල් වුණා.\n\n\"යාළුවේ.. !! අපි අද දවස සමරන්න ඕනා. අපි හයියෙන් සින්දු කියමු ගමටම ඇහෙන්න.\" මෝඩ බූරුවා හිවලාට යෝජනා කළා. \"මේ සින්දු කියන්න වෙලාවක් නෙමෙයි. සද්ද කලොත් අපි දෙන්නා හොරා කන බව අහු වෙනවා.\n\nඒ නිසා සද්ද කරන්නේ නැතුව ඉන්න.\" හිවල් හාමි සැර කළා. නමුත් බූරුවා ට තරහා ගියා. බූරුවා ට ඕන වුණේ, කොහොමහරි ම සින්දු කියන්න. ඉතින් බූරුවා හිවලා සමඟ තර්ක කර, හිවලා ව කෙසේ හෝ සින්දු කීමට කැමති කරවා ගත්තා. \n\nනමුත් බූරු හාමිගේ මේ මෝඩ වැඩේ, දෙදෙනාටම විනාශය ගෙනෙන බවත්, කොතරම් වෙර දැරුව ද, බූරු හාමි ව කැමති කර ගත නොහැකි බවත් තේරුම් ගත් හිවලා,\n\n\"බූරු හාමි සින්දු කියන්න. මන් වැට ලඟට ගිහින් බලන්නම් කව්රුහරි එනවා ද කියලා\" බූරුවා ට පැවසුවා. බූරුවා ද ඊට එකඟ වුණා. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්, හිවලා වැට ලඟට ගොස්, කැලයට පැන දිව්වා. නමුත් බූරුවා ශබ්ධ නඟා සින්දු කියන්න ගත්තා. ටික වෙලාවකින්, අයිතිකරුවන් හා අසල්වාසීන් අවධි වුණා. බූරුවාට ගල් මුල් ප්‍රහාර එල්ල කර, පන්නා දැමුවා.\n", "role": "user" }, { "content": "බූරුවාගේ මෝඩකම", "role": "assistant" } ]
[ { "content": "සාර්ක් සමුළුව ප්‍රථම වරට පවත්වා ඇත්තේ කොහේද?", "role": "user" }, { "content": "බංග්ලාදේශයේ", "role": "assistant" } ]
[ { "content": "පැඟිරි සඳහා අවශ්‍ය පාංශු සහ දේශගුණික අවශ්‍යතා මොනවද?", "role": "user" }, { "content": "පස:\nCymbopogon nadus පුළුල් පරාසයක වගා කළ හැකි අතර වැලි සහිත පසෙහි පවා වගා කළ හැකිය. නමුත් සාරවත් ආම්ලික ලෝම පස Cymbopogon winterianus සඳහා වඩාත් යෝග්‍ය වේ.\n\nදේශගුණය:\nපැඟිරි ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 600 ක් පමණ උන්නතාංශය දක්වා නිවර්තන සහ උප නිවර්තන කලාපීය ප්‍රදේශවල හොඳින් වැවේ. වැඩීමට ප්‍රමාණවත් හිරු එළියක් සහිත උණුසුම් හා තෙත් දේශගුණයක් අවශ්‍ය වේ. වියළි හා කටුක තත්වයන් හොඳින් ඔරොත්තු දෙන බැවින් පැඟිරි වලට සාමාන්‍යයෙන් වසරකට මිලිමීටර් 1500 ත් 1800 ත් අතර වර්ෂාපතනයක් ප්‍රමාණවත් වේ.", "role": "assistant" } ]
[ { "content": "සංවර්ධනාත්මක මනෝවිද්‍යාව යනු කුමක්ද?", "role": "user" }, { "content": "මිනිසාගේ ජීවිත කාලය තුළ ඇතිවන ක්‍රමානුකූල මනෝවිද්‍යාත්මක වෙනස්කම් පිළිබඳ කරන විද්‍යාත්මක අධ්‍යයනය ලෙස අපට සංවර්ධනාත්මක මනෝවිද්‍යාව හඳුන්වා දිය හැක. මුල් කාලයේ මෙම විෂය අලුත උපන් ළමුන්ට සහ ළමයින්ට වැඩි අවධානයක් යොමු කළද ක්‍රම ක්‍රමයෙන් එය තරුණ විය දක්වා ද මෑතක දී වැඩිහිටි වර්ධනය, වියපත්වීම සහ මුළු ජීවිත කාලයම දක්වා අධ්‍යයනයක් ලෙස පැතිරිණි. මෙමගින් චාලක හැකියාව, මනෝකායික ක්‍රියාවන්, ගැටළු විසඳීමේ හැකියාවන් , සංකල්පිත අවබෝධයන් , අන්‍යන්‍යතාවය ගොඩනැඟීම වැනි මාතෘකා යටතේ විශ්ලේෂණය කරයි.\n\nසංවර්ධනාත්මක මනෝවිද්‍යාඥයෝ ළමුන් ගුණාත්මක වැඩිහිටියන්ගෙන් වෙනස් වන්නේ ද නැතහොත් වැඩිහිටියන් ලබා ඇති අත්දැකීම් නොමැති වීම ද වැනි මූලික ගැටළු ගවේෂණය කරති. ඔවුන් වඩා කැමැත්තක් දක්වන වර්ධනයේ ස්වභාවය සම්බන්ධ ගැටළු වනුයේ,\n\nවර්ධනය ඇති වනුයේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනගා ගන්නා දැනුම නිසා ද නැතහොත් එක් සිතීමේ අවස්ථාවක සිට අනෙකකට මාරු වීම නිසා ද යන්න?\nළදරුවා උපතින්ම දැනුම සමග උපන්නේ ද? නැතහොත් අත්දැකීම් අනුව දැනුම උකහා ගත්තේ ද යන්න?\nපරිසරයේ අන්තර්ගත දෑ වර්ධනය සඳහා බලපාන්නේ කෙසේ ද?\nසංවර්ධනාත්මක මනෝවිද්‍යාව අධ්‍යාපනික මනෝවිද්‍යාව ළමා මනෝ ව්‍යාධිවේදය, අධිකරණ මනෝවිද්‍යාව වැනි විවිධ ප්‍රායෝගික විෂය ක්ෂේත්‍ර හා බැඳී පවතී. එමෙන්ම එය මනෝවිද්‍යාවේ මූලික පර්යේෂණ ක්ෂේත්‍රවන අධ්‍යාපනික මනෝ විද්‍යාව,ළමා මනෝ ව්‍යාධිවේදය, සමාජ මනෝවිද්‍යාව,ඥානාත්මක මනෝවිද්‍යාව, ඥාණ වර්ධනය, පාරිසරික මනෝවිද්‍යාව , තුලනාත්මක මනෝවිද්‍යා වැනි ක්ෂේත්‍රවලට ආධාරකයක් ද වෙයි.", "role": "assistant" } ]
[ { "content": "සිංහල ආප්තෝපදේශයක්, එහි උපදෙසද සමග දෙන්න.", "role": "user" }, { "content": "\"අඬන්න ඕනෑ කිරි එරෙන්න\" යනු සිංහල ආප්තෝපදේශයකි. එහි උපදෙස \"උත්සාහ කළ විට එහි ප්‍රතිඵල ලැබේ.\" වන්නේය.\n", "role": "assistant" } ]
[ { "content": "සුරසේන රට ගැන විස්තර කරන්න. \n ", "role": "user" }, { "content": "සුරසේන රට මාත්ස්‍ය රටට නිරිතින් යමුනා නදියට බටහිරින් වීය. බුද්‍ධ කාලයෙහි මෙය ආංඩු කෙළේ අවන්ති පුත්‍ර නම් රජෙකි.\n\nමධුරා\n\nමධුරා පුරය සුරසේන රට අග නුවර යි. යමුනා තීරයේ පිහිටියේ ය. රජු ගේ වාසභූමිය මෙහි විය. භාග්‍යවතුන් වහන්සේ කීප වරක් මෙහි වැඩි සේක. මෙයට දැන් මධුරා මත්‍රා යන නම් ව්‍යවහාර යි. දකුණු ඉන්දියාවේ ද තිනවෙල්ලි පළාතේ මධුරා නම් නුවරෙක් ඇත. ඉන්දියාවේ බොහෝ උතුරෙහිද මේ නමින්මැ තවත් නගරයෙක් වී ය. මේ ශුරසේන රටේ වූ මධුරා නගරය හින්දු සමයෙහි පෙනෙන ශ්‍රී කෘෂ්ණයාගේ ජාත භූමිය යි.\n\nවේරඤ්ජා\n\nමෙය මධුරාවට නො දුරු තන්හි බටහිරින් පිහිටියේ ය.", "role": "assistant" } ]
[ { "content": "පැරණි සාහිත්‍යකරුවන් විසින් , \" කිරි මුහුදේ දියණිය \" ( කිරි සිඳු දුව ) ලෙස හඳුන්වා ඇති දෙවඟන කවුද ?", "role": "user" }, { "content": "ලක්ෂ්මී දේවිය", "role": "assistant" } ]
[ { "content": "කේරල කොස් භෝජනයක් වන චක්කකුරු අස්ට්‍රම් පිළියෙළ කරන්නේ කොහොමද?", "role": "user" }, { "content": "චක්කකුරු අස්ට්‍රම් (Chakkakuru Astram) කොස් ඇට යොදා ගනිමින් සාදනු ලබන දකුණු කේරලයේ මධ්‍යම \"ට්‍රවන්චොරේ\" (travancore) ප්‍රදේශයට ආවේණික ආහාර වර්ගයකි.", "role": "assistant" } ]
[ { "content": "2020 වසරේදී එළි දැක්වූ A Promised Land කෘතිය රචනා කරන ලද්දේ", "role": "user" }, { "content": "බැරක් ඔබාමා", "role": "assistant" } ]
[ { "content": "විශද යන්නෙහි තේරුම කියන්න.", "role": "user" }, { "content": "දීප්තියෙන් ආලෝකමත් කරන යන අර්ථයයි.\nඋදාහරණයක්: බුදු දහමින් විශදවන ජීවන දර්ශනය", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රි ලංකාවේ පළමු පොලිස්පති කවුද?", "role": "user" }, { "content": "ශ්‍රී ලංකාවේ පළමු පොලිස්පති වන්නේ රොබට් කැම්බෙල් මහතාය.", "role": "assistant" } ]
[ { "content": "Amazon Cloud, Microsoft Azure සහ Google Cloud අතරින් හොඳම cloud platform එක කුමක්ද?", "role": "user" }, { "content": "හොඳම cloud platform එක තීරණය කිරීම ඔබේ වෘත්තීය ඉලක්ක සහ ඔබට වැඩ කිරීමට අවශ්‍ය ස්ථානය මත රඳා පවතී. සෑම platform එකකම එහි අනන්‍ය භාවිත අවස්ථා සහ වාසි ඇති නිසා මෙම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දිය නොහැක. උදාහරණයක් ලෙස, බොහෝ ආරම්භක සමාගම් Amazon Web Services (AWS) සහ Google Cloud Platform (GCP) සඳහා තෝරා ගන්නා අතර, විශාල සමාගම්, විශේෂයෙන්ම ඉන්දියාවේ, Microsoft Azure වෙත කැමැත්තක් දක්වයි. Netflix සහ Airbnb වැනි සමාගම් AWS භාවිතා කරන අතර Tata Motors සහ ප්‍රධාන බැංකු Azure වලට වැඩි කැමැත්තක් දක්වයි. තේරීම බොහෝ විට සමාගමේ technology stack එක සහ අවශ්‍යතා මත රදා පවතී.", "role": "assistant" } ]
[ { "content": "\"ගණින්නාන්සේ\" හඳුන්වා දෙන්න", "role": "user" }, { "content": "මේ සමූහය සිංහල භාෂාව ගැන සාකච්ඡා කිරීමට විනා ඉතිහාසය පැහැදිලි කිරීමට හෝ විවිධ මත වාද ප්‍රචාරණයට සහ \"ඇරියස් කවර් කිරීමට\" යොදා ගැනීම බලවත් වරදකි.\nවචනයක අර්ථය හා නිරුක්තිය හැර වෙනත් හෑලි අනවශ්‍ය වේ.", "role": "assistant" } ]
[ { "content": "උතුරු ඇමරිකාවේ ස්තුති දීමේ(Thanksgiving) ඉතිහාසය කුමක්ද?", "role": "user" }, { "content": "උතුරු ඇමරිකාවේ ස්තුති දීමට(Thanksgiving) ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණයේ සිට ඉංග්‍රීසි සම්ප්‍රදායන් දක්වා ඓතිහාසික මූලයන් ඇත. එය ආරම්භ වූයේ අස්වනු නෙළීමේ ආශිර්වාදයට සහ පෙර වසරට ස්තූති කිරීමේ දිනයක් වශයෙනි. බොහෝ ආගම්වල අස්වනු නෙලීමෙන් පසු සහ වසරේ විවිධ කාලවලදී විශේෂ ස්තුති දීමේ උත්සව සහ යාඥාවන් බහුලව දක්නට ලැබේ.", "role": "assistant" } ]
[ { "content": "ජෛව විවිධත්ව දර්ශකයක් ලෙස රතු දත්ත පොතේ වැදගත්කම කුමක්ද?", "role": "user" }, { "content": "වඳ වීයාමට ලක් වන හා ලක්වූ ජීවීන් ලැයිස්තු ගත කිරීමේ රතු දත්ත සමුදාය, ජෛව විවිධත්ව ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ අවදානය දිනාගන්නට සමත් වූ වැදගත් පියවරකි. මේ තුලින් ලෝකයේ පරිසර සංවිධාන හා පරිසරවේදීන් අතර මනා සබන්දියාවක් ඇති වූ අතර අදටත් රතු දත්ත පොතේ වාර්ෂික ප්‍රකාශන පිළිබඳව ලෝකයේම අවදානය යොමු වේ. වර්ගීකරණයන්ට අදාළ ජීවීන් සහිත පරිසර කොටස් වෙත විශේෂ අවදානය යොමු කරමින් ඔවුන් රැක ගැනීමට පියවර ගැනීම සඳහා රාජ්‍ය පාලකයන්ගේද උනන්දුවක් දක්නට ලැබේ. කෙසේ වුවත් ප්‍රමාණවත් දත්ත නිසි පරිදි ලබා ගැනීමේ අපහසුව, ක්‍රියාකාරී සාමාජික හිගයන්, ඇතැම් රට වල පවතින නීති ක්‍රියාදාමයන් ද රතු දත්ත පොතේ ඉදිරි ක්‍රියාවලින්ට බාධා ඇති කරණ බව සැලකිය යුතුවේ. එසේම සත්ත්ව හා ශාක විශේෂ ඇති විශාල ගණනක් ලෝකයේ වාසය කරති. ඇතම් ජීවීන් හඳුනා ගැනීමට ලක් කිරීමක් කර නොමෙති අවස්ථාද පවතී. එසේ තිබියෙදී ඔවුන් අද්‍යනය විශ්ලේෂණය හා ලැයිස්තුගත කිරීම එක්තරා අයුරක ප්‍රායෝගික බාධාඇති කරන්නක් බවටද පත්ව තිබේ. එහෙත් වර්තමානයේ ලොව පවතින පිළිගන්නා ලද එකම වර්ගීකරණය හා විශ්ලේෂණය වශයෙන් “රතු දත්ත පොත ” පිළිගැනීමකට ලක්ව තිබේ. රතු දත්ත පොතේ වර්ගීකරණයනට මැදි වන විට මීට දශක ගණනාවකට පෙර පෙවති සොබා දහම පිළිබදව ද මතකය දිවයයි. “අප පෘතුවියේ කොටසක් වන අතර පෘතුවිය අපේම කොටසකි. සුවදැති මල් වර්ග අපේ සහොදරියෝ වෙති. මුවා, අශ්වයා, රාජාලියා, යන මොවුහු අපේ සහෝදරයෝ වෙති. ගිරි මුදුන් මෙන්ම ත්ස්න්ස් බිම් තුලින් රූරා බසින ද්‍රව දහරාවන් ද අශ්වයාගේ හා මිනිසාගේ ගතේ උණුසුමද යන මේ සියල්ල අයත් වන්නේ එකම පවුලේ සාමාජිකයන්ටය.” - සියැටල්. එදා පැවති ආකල්ප අදටත් පැවතුනි නම්, රතු දත්ත පොතක් බිහි නොවනු ඇති. කෙසේ වුවද රතු දත්ත පොතෙන් යොමුවන අවධානය හමුවේ නැවතත් එවන් සොබා දහමක් බිහි කරන්නට යත්න දැරීමට ලෝකය එකතු වෙමින් සිටි. රතු දත්ත පොතේ අනාගතය, හෙට දවසේ සත්ව ශාක ලෝකයේ ඉරණම සනිටුහන් කරනු ඇති.", "role": "assistant" } ]
[ { "content": "පින්කිරියවත් යනු කුමක්ද ?", "role": "user" }, { "content": "පින් = පුණ්‍ය\nකිරිය= ක්‍රියා\nවත= ව්‍රතය හෙවත් හැසිරීම\nපුණ්‍ය හෙවත් යහපත් කටයුතුවල හැසිරීම.බෞද්ධ සම්ප්‍රදාය තුළ මෙවන් හැසිරීම් දහයක් දක්වා ඇත.", "role": "assistant" } ]
[ { "content": "සිංහල අක්ෂර මාලාවේ ස්වර අක්ෂර ගණන කොපමණද? ", "role": "user" }, { "content": "සිංහල අක්ෂර මාලාව ස්වර අක්ෂර 18කින් සමන්විත වේ.", "role": "assistant" } ]
[ { "content": "බුදු රදුන්, අවේලාවේ භික්ෂූන් වහන්සේලාට කුසගින්නක් දැනුනොත් එය සමනය කර ගැනීම සදහා අවවාද දුන් හෝ දේශනාවක් සිදු කර තිබේ ද??", "role": "user" }, { "content": "අනුජානාමි, භික්ඛවෙ, අට්ඨ පානානි – අම්බපානං ජම්බුපානං චොචපානං මොචපානං මධූකපානං මුද්දිකපානං සාලූකපානං ඵාරුසකපානං. අනුජානාමි, භික්ඛවෙ, සබ්බං ඵලරසං ඨපෙත්වා ධඤ්ඤඵලරසං. අනුජානාමි, භික්ඛවෙ, සබ්බං පත්තරසං ඨපෙත්වා ඩාකරසං. අනුජානාමි, භික්ඛවෙ, සබ්බං පුප්ඵරසං ඨපෙත්වා මධූකපුප්ඵරසං. අනුජානාමි, භික්ඛවෙ, උච්ඡුරස”න්ති.\nමේ විදිහට අෂ්ඨපාන අනුදැන වදාළේය.\nමෙවා පානක වර්ග, තිබහ නිසා ගන්න දේවල් . .\nමෙවා බෙහෙත් නෙවෙයි. .\nහවසට අකැප ගෙඩි වර්ග 10 ක් හැර ඕනෙම පලතුරු යුෂ ගන්න පුළුවන්. . පෙරලා , වතුර දාලා .\nඑලවලූ යූෂ බෑ .ඒවගේම එලවලූ කොළ යූශ බෑ .\n2. යානි ඛො පන තානි ගිලානානං භික්ඛූනං පටිසායනීයානි භෙසජ්ජානි, සෙය්‍යථිදං – සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං, තානි පටිග්ගහෙත්වා සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බානි. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තිය”න්ති.\nමේ ශික්ෂාපදයට අදාළව, හවසට වැළදීමට පුළුවන්, ආහාර කෘත්‍යය කරන ( 100% ක් නොවූවත් ) බෙහෙත් වර්ග, 5 ක් වදාලා .\nගිතෙල් , බටර් , තෙල් වර්ග , මීපැනී , උක් පැනී / කිතුල් පැනී", "role": "assistant" } ]
[ { "content": "නාසා ආයතනයේ ලාබාලතම තානාපතිවරයා වන ලාංකීය දරුවා", "role": "user" }, { "content": "මේඝ මහිම", "role": "assistant" } ]
[ { "content": "පිලිපීනයේ අගනුවර කුමක්ද?", "role": "user" }, { "content": "පිලිපීනයේ අගනුවර මැනිලා නුවරයයි.", "role": "assistant" } ]
[ { "content": "මහවිහාරය සහ ජේතවනාරාමය හැරුණුකොට අනුරාධපුර යුගයේ ප්‍රසිද්ධ වූ අනෙක් අධ්‍යාපන ආයතනය? ", "role": "user" }, { "content": "ජේතවනාරාමය", "role": "assistant" } ]
[ { "content": "ඉන්දියාවේ මිසයිල මිනිසා ලෙස හැදින්වෙන්නේ", "role": "user" }, { "content": "අබ්දුල් කලාම්", "role": "assistant" } ]
[ { "content": "ලඹෝදර විසන්ධි කරලා කියන්න පුලුවන් ද?", "role": "user" }, { "content": "ලඹ+උදර\nගණ දෙවියන්ට කියන නමක්.", "role": "assistant" } ]
[ { "content": "භරත නාට්‍ය කලාව සඳහා යොදාගනු ලබන සංගීත ශෛලිය කුමක්ද?", "role": "user" }, { "content": "දකුණු ඉන්දීය කර්ණාටක සංගීතය, භරත නාට්‍ය කලාව සඳහා යොදාගනු ලබන සංගීත ශෛලිය වේ.", "role": "assistant" } ]
[ { "content": "පහත ප්‍රකාශය සත්‍යද ?\nපාපන්දු ක්‍රීඩාවේදී Hat-Trick යන යෙදුම භාවිතා වේ.", "role": "user" }, { "content": "ඔව් ප්‍රකාශය ඇත්ත. \nHat-Trick \"හැට්-ට්‍රික්\" යන යෙදුම පාපන්දු ක්‍රීඩාවේ භාවිතා කරනුයේ එක් ක්‍රීඩාවකදී ක්‍රීඩකයෙකු ගෝල තුනක් ලබා ගැනීම විස්තර කිරීමටය. එක් තරගයක හෝ ක්‍රීඩාවක ක්‍රීඩකයෙකු විසින් ජයග්‍රහණ හෝ ජයග්‍රහණ තුනක් දැක්වීමට වෙනත් ක්‍රීඩා වලද මෙම යෙදුම භාවිතා වේ. නිදසුනක් වශයෙන්, ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙකු පිට පිට පන්දු යැවීමේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්නේ නම් ඔහු කඩුලු ත්‍රිත්වයක්(Hat-Trick) ලබා ගත් බව පැවසේ.", "role": "assistant" } ]
[ { "content": "ගෝල්ඩන් ගේට් පාලමට පෙර සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක හරහා ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය කුමක්ද?", "role": "user" }, { "content": "1937 ට පෙර සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක හරහා යාමට ඇති එකම (ප්‍රායෝගික) මාර්ගය වූයේ පාරු මගිනි. 1920 ගණන්වල අග භාගය වන විට විශාලතම පාරු මෙහෙයුම බවට පත් වූ ගෝල්ඩන් ගේට් පාරු සමාගම 1867 දී Sausalito Land & Ferry Company ලෙස ආරම්භ කරන ලදී. තොටුපළට ආසන්න වශයෙන් මිනිත්තු 20 ක් ගත වන අතර වාහනයකට ඩොලර් 1.00 ක් වැය වේ.", "role": "assistant" } ]
[ { "content": "සිසු නයු අබිසෙස් යන්නෙහි නයු යන්නෙහි නිවැරදි අර්ථය?\n", "role": "user" }, { "content": "සිසුන්ගේ නායකත්ව ය", "role": "assistant" } ]
[ { "content": "\"ස්වාර්ථ පරායන \" යන්නෙහි අරුත කුමක්ද ?", "role": "user" }, { "content": "ස්ව- තමන්ගේ\nඅර්ථය- යහපත\nපරායන - අරමුණු කොටගෙන ,ඒ වෙනුවෙන්ම\nතමන්ගේ යහපත වෙනුවෙන්", "role": "assistant" } ]
[ { "content": "ටෙස්ට් තරඟයකදී කඩුලු 10ම දෙවරක් දවාගත් ලොව එකම ක්‍රීඩකයා කවුද?", "role": "user" }, { "content": "ජිම් ලේකර්", "role": "assistant" } ]
[ { "content": "ඉදිරියෙන් ගමන් කරන්නා යන වචනයට කියන තනි පදය කුමක්ද ?", "role": "user" }, { "content": "පුරෝගාමියා - පූර්වයෙන් ගමන් කරන්නා\nපෙරටුගාමියා- පෙරටුව ගමන් කරන්නා\nපෙරගමන්කරු- පෙර ගමන් කරන්නා\nඒ වගේම අතීතයේ හමුදාවල ඉදිරියෙන් කොඩියක් රැගෙන ගමන් කළ පතාක යෝධයා යන්නෙන් දක්වා ඇත්තේද සියල්ලන්ට ඉදිරියෙන් ගමන් කරන සෙබළා විස්තර කිරීමට", "role": "assistant" } ]
[ { "content": "කෙනෙකුට බර අඩු කර ගත හැක්කේ කෙසේද?", "role": "user" }, { "content": "මේදය හා කාබෝහයිඩ්‍රේට් අඩු සමබර ආහාර වේලක් ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම හෝ දිවීම, වේගයෙන් ඇවිදීම, පිහිනීම සහ ව්‍යායාම් ශාලාවට යාම වැනි ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළත් පවුම් කිහිපයක් ඉවත් කිරීමට ක්‍රම කිහිපයක් තිබේ. යෝගා සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා හොඳ විකල්පයකි. ජීවන රටාව සහ ඔබේ බර පාලනය කර ගන්න. සමහර අය තම දෛනික කැලරි ප්‍රමාණය වාර්තා කිරීමට ජංගම යෙදුම් භාවිතා කරන අතර දෛනික නිර්දේශිත කැලරි ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් ආහාර ගැනීමට උත්සාහ කරති.", "role": "assistant" } ]
[ { "content": "පහත ප්‍රශ්නයට උත්තර දෙන්න. ඇඩ්වෙන්චර් ටයිම් එකේ අන්තිම කොටස විකාශය වෙන්නේ කවද්ද?", "role": "user" }, { "content": "මෙම කතාමාලාව එහි අට වසරක සහ වාර දහයේ ධාවන කාලය 2018 සැප්තැම්බර් 3 වන දින අවසන් කරන ලදී.", "role": "assistant" } ]
[ { "content": "පන්සිල් බුද්ධ දේශනාවක්ද?", "role": "user" }, { "content": "ඔව් පන්සිල් බුද්ධ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කලිනුත් පන්සිල් තිබුන කියල ඒක බුද්ධ දේශනාවක් නොවෙන්නෙ නෑ. කලින් කවුරුහරි දේශනා කළත් ඒක බුද්ධ දේශනාවක්ම තමයි. බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නෙ ධර්මයම තමයි. අධර්මය අනුමත කරන්නෙ නෑ.\n\nපන්සිල් පද පහ රකින්න ගිහිල්ලා අපාගත වෙච්ච අය ගැන බුද්ධ දේශනාවේ සඳහන් නෑ. ඒක හින්දා බය නැතුව පන්සිල් පද පහ රකින්න.", "role": "assistant" } ]
[ { "content": "පානදුර ගැන විස්තරයක් කරන්න. ", "role": "user" }, { "content": "පානදුර යනු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ කොළඹට දකුණින් කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි.\n\nකොළඹ නගරය ආරම්භ විමටත් පෙර ඉතිහාසයේ සදහන් වෙ.15-16 සියවස් වල සිට මෙම නගරය ගැන තොරතුරු ඓතිහාසික මුලාශ්‍ර වල සදහන් වෙ.එකල පානදුරයෙහි වරායක් තිබු බව පෙනෙ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ මූලිකත්වයෙන්, 19 වන සියවසේ නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට දායකවූ, පානදුරාවාදය ඓතිහාසික විවාදය පැවැත්වූ ස්ථානය වේ.\n\nරයිගම් කෝරළයට අයත් පානදුර තොටමුණ පත්තුව හා තල්පිටිබද්ද පත්තුව යන පත්තු දෙකම පවතින්නේ වත්මන් පානදුර ප්‍රාෙද්ශීය ලේකම් බල කොට්ටාසය තුළය. අතීතයේ රයිගම් රාජධාණියේ ප්‍රධානතම වරාය ලෙසින් පානදුර වරාය වැජබිණ. වරක් රයිගම අග නගරයට එල්ලවූ චීන ආක්‍රමණයක් එල්ලවූයේද පානදුරයේ සිටය. වරක් පානදුරයට පැමිණි යාපනයේ ආර්යචක්ක්‍රවර්තීගේ සේනාවන්. රයිගම පාලකයා වූ ප්‍රභූරාජ මහා අලකේෂ්වරයන් විසින් ගොරකානේදී පරාජයට පත්කළේය. රයිගම් කෝරළයේ එක් ඉමක් පානදුර කොරළ වැල්ලෙන් අවසන්වේ. කෝරළේ ඉමේ වැල්ල කොරළ වැල්ල වී ඇත. බස්නාහිර පළාතෙහි කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරලයෙහි තලිපිටිය දෙබැද්දේ පිහිටි පානදුර තොටමුණ “පානදුර විජය භූමිය” ලෙස වරෙක ඕල්කට්තුමා විසින් හදුන්වා දී ඇත. පාෂාණ දුර හෙවත් ගලදුර ලෙසද එමෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් “පන්තෙයි තුරෙයි” යන අර්ථයෙන්ද පානදුර තොටමුණ හැඳින්වේ.\n\n“THE BOOK OF CEYLON” ග්‍රන්ථය පානදුරය පිළිබඳ පහත සඳහන් මනස්කාන්ත විග්‍රහය ඉදිරිපත් කෙරේ.\n\n“පානදුරය යනු මොරටුවේ ගති ලක්ෂණ බොහොමයක් කැටිකරගත් නගර වැසියන් 2000ක් පමණ වාසය කරන නගරයකි. එහි ඇති පෘථුල ගං මෝයවල්, තැනින් තැන පිහිටා ඇති කුඩා දුපත් මගින් බැලු බැල්මට පෙනෙන්නාවු භූමි ප්‍රදේශයට සුවිශේෂිත වු චමත්කාරයක් එකතු කොට ඇත. එම දුපත් ජලචර පක්ෂීන් රාශියකට විවේකස්ථානය වී ඇති අතර ඉතා උත්කෘෂ්ඨවත් තුරුලතා ආදියෙන්ද වැසී වතී. ගමන් කරන මගීන් දුම්රිය නැවතුම්පොල අසලින් ඇති ගං මෝය හරහා වැටී ඇති පාලමේ සිට පිටතින් පෙනෙන සුන්දර දුපත දෙස බැලිය යුතුමය”.\n\nපානදුරයේ ප්‍රසිද්ධිය සමග සම්බන්ධ වු ඉතා රසවත් ඉතිහාසයක අවස්ථා 02 ක් පවතී. මෙම දෙකම සටන් හා බැඳී පවතී. පළමු සටන සිදුවුයේ 12 වන ශත වර්ෂයේදීය. පොළොන්නරු මහ පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රසිද්ධි සේනාධිපතිවරයෙකු වු අලකේශ්වරට ඉන්දියානු ආක්‍රමණයිකයින්ට පානදුරේදී මුණ ගැසී පරාජය කරන ලදී. දෙවන අවස්ථාව වනුයේ පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ආධිපත්‍ය සඳහා 17 වන ශත වර්ෂයේදී සිදුවු සටනයි. කළුතර සිට කොළඹට තුන්දහසක පිරිසක් ගමන් කරවමින්, ලන්දේසීන් පානදුර ගඟ තරණය කරන ලදී. පසු අවස්ථාවේදී වටකොට එයින් 500ක් පමණ දෙනා මරා දමන ලදී. ගැලවුණු පිරිස නැවතත් කොළඹට පැමිණිය නමුත් එවැනි දුක්ඛිත තත්වයකදී ආපසු පැමිණි අයගෙන් භාගයක් පමණ දෙනා ඔවුන්ගේ තුවාල හේතුවෙන් මරණයට පත්වුහ.\n\nපානදුරයට සම්බන්ධව ඉතාම වැදගත් හා සිත්ගන්නා වු සුළු ඵෙතිහාසික පුරාවෘත්තය වන්නේ 1873 අගෝස්තු 6 හා 28 දිනවල පවත්වන ලද පානදුරවාදයයි. පානදුර රන්කොත් විහාරය අසල ජෙරමියස් දියෙස් මැතිතුමාගේ දොඹගහවත්ත නැමැති පෞද්ගලික ඉඩමේදී මෙම වාදය පවත්වන ලදී. මේ වු කලී සියවස් තුනකට වැඩිකලක් රාජ්‍ය අනුග්‍රහය නොමැතිව මිෂනාරීන්ගේ හා ක්‍රිස්තු පාලනය යටතේ සැහැසිකම් හා තාඩන පීඩන වලට ලක්වු බෞද්ධයන් සිට ජන්ම භූමියේදී නිදහසේ තම ආගම ඇදහීමට ගෙන ගිය ප්‍රබල සටනේ එක් ජයග්‍රාහී අවස්ථාවකි.\n\nපානදුරයෙහි ඵෙ‍තිහාසික පුරාවෘතාන්තය සැබවින්ම සිත් ගන්නා සුළුය. කුඹුරක සීසාමින් සිටි ගොවීන් පිරිසකට රන් පුහුලක් හමුවු ස්ථානය හිරණය හෙවත් හිරණ වේ. ශ්‍රී ජයවර්ධනපුර රාජධානි සමයේ විශේෂයෙන්ම මාලිගාව ආලෝකමත් කිරීමට හා දළදා පුද පුජා පැවැත්වීමට තෙල් සැපයු ගම්වරය තෙල් පිටිය හෙවත් තල්පිටිය විය. එහි වර්තමානයේ පවා තෙල් පිදීමට භාවිතා කල සෙක්කු බහුලව දැකිය හැකිවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජසිංහ රජතුමාගේ මහා අධිකාරම් කෙනෙකු වු මොල්ලිගොඩ මහා අධිකාරම්ගේ ඥාති පිරිසක් පදිංචිවු පෙදෙස මොල්ලිගොඩ විය. “මෞලි” යනු ඔවුහු යන අදහසයි. ඔටුන්න රජතුමාගේ හිස මත තබන උතුම්ම ආභරණයකි. ඒ අනුව උතුම් පරපුරකින් මේ ගම ආරම්භ වී ඇත. වෙදදුව , වාද්දුව වු බව ජනතාවගේ විශ්වාසයයි. තන්තිරිමුල්ල ග්‍රාමයට එහි නම පටබැදුනේ රජ කාලයේ බදු මුදල් එකතු කිරීමට තන්තිරිගේ, කළුතන්තිරිගේ හා ගාර්දිය තන්තිරිගේ යන පවුල් මුල් කරගෙන බදු එකතු කරන්නන් පත්කල බැවිනි. පෘතිගීසි පාලන සමයේ කුරුප්පු නමැති සෙන්පතියෙකු විසින් පාලන කටයුතු කල ප්‍රදේශය කුරුප්පුමුල්ල විය. එමෙන්ම රයිගම් බණ්ඩාරයන් කරත්ත වලින් ගමන් කරමින් සිටියදී රාත්‍රිය උදාවීම නිසා කරත්ත නවතා තැබු ස්ථානය ගොනාබැදිදුව විය. එම රයිගම් බණ්ඩාරයන්ගේ රජවාසලට මාල සෑදු අය සිටි ගම්මානය මාලමුල්ල විය. මාලමුල්ල පිළිබඳ තවත් අර්ථකථනයක් වන්නේ මලලගේ, මලලනායක, මලලසේකර වැනි මාල වචනය ඉදිරියට ඇති වාසගම් සහිත පදිංචිකරුවන් පැමිණීම නිසා මලලමුල්ල මාලමුල්ල වු බවය.\n\nබස්නාහිරි පලාතේ පානදුර සහ කළුතර යන නගරවලට මැදිවී ඇති වාද්දුව නගරයේ ඉතිහාසය කෝට්ටේ යුගය දක්වා දිවයන අයුරු පෙනේ. ඒ සමයෙහි වාද්දුව ප්‍රදේශය පාලනය වුයේ කෝට්ටේ රාජකීයයන් අතිනි. අපේ සංදේශ සාහිත්‍ය ඒ බව සනාථ කරයි.\n\nනුතන පාලන නීති ඔස්සේ වාද්දුව ප්‍රදේශය විග්‍රහ වන්නේ පානදුර තොටමුණෙහි රයිගම් කෝරලයේ මුංවත්තේ බාගේ පත්තුවට අයත් ප්‍රදේශයක් හැටියටය. ප්‍රදේශයේ බෞද්ධ ශාසනික ඉතිහාසය 19 වන සියවසේ මුල්භාගයේ සිට සඳහන්වේ. එකල තිබුණු ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය වුයේ වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය හෙවත් දවටගහ විහාරයයි. එහි වැඩ විසු වාද්දුවේ ධම්මානන්ද මහාහිමිපාණන් වහන්සේට කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබුනේ ක්‍රි.ව. 1853 යැයි එම විහාර ඉතිහාසයේ සඳහන් වේ. උන්වහන්සේගේ ගුරු පරම්පරාව වැලිවිට පිණ්ඩපාතකි අසරණ සරණ සිරි සරනංකර සංඝරාජ මාහිමිපාණන්වහන්සේගේ කාලය දක්වා විහිදී යයි.\n\nවාද්දුව නමින් හැදින්වෙන විශාල් බිම්පෙදෙස දැන් ගම් නියම්ගම් රාශියකින් යුක්තවේ. තල්පිටිය, මඩවිල්ගොඩ, මහාවාද්දුව, කුඩාවාද්දුව, පොහොද්දරමුල්ල, පොතුපිටිය, මැලෑගම, මැස්ටිය, මාවල යන නම් ඒ අතර වේ. විශාල වෙල්ලයාය වලින් වටවු හෙයින් “දුව” ගනයට වැටෙන ගෝනදුව, කුමාරදුව, කවුඩුදුව, දෙල්දුව, නයිදුව සහ කොරොස්දුව වැනි තැනිතලා පෙදෙස්ද මොරොන්තුඩුව වැනි ව්‍යාප්ත බිම් පෙදෙස්ද වාද්දුවට අයත්වේ. මෑත ඉතිහාසයේ මෙම බිම් පෙදෙස ප්‍රසිද්ධව තිබුණේ සන්නිපාත, කැඩුම්බිදුම්, ග්‍රහණි, මාන්දම්, අංශභාග, වාතරෝග, වන, පිළිකා මෙන්ම දියවැඩියාව රෝග රාශියක් පිළිඳ විශේෂඥතාවයක් දැක්වු පරම්පරා රාශියක් නිසාය.\n\nහත්වෙනි මිහිදු රජුගේ පාලනයෙන් පසුව රට පාලනය පොලිස් අතට පත්වු අතර රජරටින් පැනගිය සිංහල පුතුන් බොහොමයක් රුහුණු සහ මායා රටේදී සිය රැකවරණය සලසා ගත්හ. මායා රටේ රැකවරණය සැලසු ප්‍රදේශ අතරින් මුල් තැනක් ලැබුවේ පානදුර ප්‍රදේශය වන අතර එම ප්‍රදේශය තුන්පැත්තක් මහ ජලාශයන්ගෙන් වටවී තිබීම එයට මුලික හේතුව විය. මෙම ආරක්ෂිත ප්‍රදේශය මුල්කොට පසුකාලීනව විශාල බලකොටුවක් ඉදිවිය. එම බලකොටුව ආශ්‍රිතව ඉදිවු ආරක්ෂිත තොටුපල දිග්ගල ප්‍රදේශයේ ඉදිවු බවටත් පසුකාලීනව දිග්ගල මිටියාවත ප්‍රදේශයේ රජමැදුරක් පැවති බවටත් ‍‍ෙළුතිහාසික සාක්ෂි ලැබී ඇත.\n\nපසුකාලීනව මිරියවත්ත නමින් හඳුන්වනු ලැබු මිරියවත්ත රජමාළිගාව මුල්කොට තම බලය තහවුරු කරගත් මහකිත් කුමරු එකල පැවති සොලී බලය පලවා දමා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සඳහා සිය ජීවිතය පරදුවට තබා සටනක් කරනු ලැබු මහ සෙනෙවියෙකි. “මහලැනකින්” නමින් මහවංශයේත් “මහලේ” නමින් රාජාවලියේත් සඳහන් වන මහකිත් සෙනෙවි සොලී බලය මර්දනය කර සිය රාජ්‍ය බලය තහවුරු කරගත් අතර උතුරු කළුතරදී ඔටුනු පලන් මෙතුමන් තුන් වසරක කාලයක් රාජ්‍ය පාලනයේ නිරත විය. තම පාලන සමයේදී සොලීන් සමඟ පැවති සටනකදී තම රට වැසියන් එකිනෙකාට විරුද්ධව සටන් වැදීම පිළිබඳව කලකිරීමට පත් මහකිත් සෙනෙවි සොලී වැසියන් සමුල ඝාතනය කිරීමෙන් පසු තම අසපතින්ම හිස සිඳගෙන මියගිය බවට ජනප්‍රවාදයේ සඳහන්වේ. මෙම විරෝධාර මහකිත් සෙනෙවියාගේ නිජභූමිය වන පානදුර ප්‍රදේශයේ ඉදිකළ ආදර්ශ ගම්මානය මහකිත්ගම විය.\n\nපානදුර නගරයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවට බොහෝ සාක්ෂි ඇත. ක්‍රි.ව. 1175 දී මහපරාක්‍රමබාහු රජ මෙම නගරය ඉදිකළ බවත් ක්‍රි.ව. 1225 දී දෙවන මහ පරාක්‍රමබාහු රජු දේව ප්‍රතිරාජ ඇමතියන් ලවා මෙම නගරය දියුණු කළ බවත් එම රජු ඉදිකල පොල් උයන “උයන්කැලේ ” ලෙස භාවිතා වන බවත් පිළිගැනේ. පානදුර නල්ලුරුවේ විසු මානික්කුනිලාතූර් නම් දෙවන නල්ලුර් තූනෛයාර් ඇමතියා විසින් නැවත මෙම නගරය දියුණු කළ බවත් කියැවේ. ඇහැලේපොල මහ අධිකාරම් 1814 දී මෙම උයන්කැලේ ගමෙහි පදිංචි වු බවත් පරංගියා කොළඹ සිට රයිගම යන ගමනේදී මෙහි නවාතැන් ගත් බවටද සාක්ෂි ඇත.\n\nඵෙතිහාසික සාධක මෙන්ම ඇතැම් පාරසරික කරුණුද මෙම නම් පටබැදුමට හේතු සාධක වු බව පෙනේ. ගොවිපල වලින් කිරි නිෂ්පාදනය කල ප්‍රදේශය පට්ටිය විය. පුංචිදෙණියට එම නාමය ලැබුනේ පුංචි දෙණියක් පැවතීම නිසාය. කුඹුරු යාය වලින් වටවී ඇති බෙක්කක් සේ පිහිටීම හේතුවෙන් බෙක්කේගම වු බව ජනප්‍රවාදයේ ඇත. අම්බලමක් පිහිටි දුපත අම්බලන්දුව විය. මුලික ගමට මඳක් ඉහලින් වෙල් යායකින් වටවු ජනශූන්‍ය වු ගස්කොලං හා තුරුලතා වලින් පෝසිත හේනක හැඩය ගත් කොටස් හේනවත්ත විය. දෙමළ ව්‍යවහාරයේ නල්ල ඌර් බද්ධ වීමෙන් නල්ලුරුව හෙවත් හොඳගම ගොඩ නැගුණි. නාරංගස් බහුලව තිබීම නාරංපිටියේ ප්‍රධාන ලක්ෂණය විය. විශාල ගල්තලාවක් තිබීම හේතුවෙන් ගල්පොත්ත යන නම පටබැදුනි. කැලෑවෙන වටවු හේන මැදහේන වු අතර සුදුවැලි වලින් සමන්විත වු භූමිය සුදුවැල්ල විය. බටගස් වලින් පිරුණු කැලෑ පෙදෙස බටේලන්ද ලෙස ජනවහරයට ආ අතර ක්‍රිස්තියානි පල්ලියක් තිබුණු මංකඩ පල්ලියමංකඩ විය. වැවකට මායිම්ව පිහිටි නිසා වැව් කඩ වෑකඩ ලෙස ප්‍රචලිත විය. ගොරකා ගස් බහුලව තිබු නිසා ගොරකාන ගමට එම නම ලැබුණි. පත්තිනි මෑණියන් වෙනුවෙන් සෑදු කෝවිල තිබු කඳුගැටය කෝවිලගොඩැල්ල විය. අතීතයේ කටුරොද වලින් පිරුණු කැලෑ පෙදෙස වල් +ආන හෙවත් වලාන ලෙස භාවිතා විය.\n\nපානදුර තොටමු‍ණෙහි “මුල්ල” යන්න බොහෝ ගම්වලට පටබැඳී ඇත. රෙදි සේදීම හා රඳා කුලයට අයත් පවුල් පදිංචි වීම හේනමුල්ල නිර්මාණය වීමට හේතුවිය. පල්ලිය මුල්ල පල්ලිමුල්ල විය. සරික්කාමුල්ල, හේනමුල්ල, පල්ලිමුල්ල, තන්තිරිමුල්ල, කුරුප්පුමුල්ල, මාලමුල්ල, වදුරාමුල්ල යන ගම්වලට ඉහලින් උස වැඩිම ගම් උඩහමුල්ල විය. මෙසේ පානදුර තොටමුණෙහි පිහිටි සෑම ගමකට පාහේ ‍ෙළුතිහාසික හෝ පාරම්පරික සාධක මුල් කොට බිහිවු බව පෙනේ. සියවස් සැපිරූ සද්ධර්මාලංකාර පිරිවෙණ පිහිටියේ පිංවත්ත ප්‍රදේශයේය. එදා එය කෙත්බිමකි. කෙත්බිම මැද කමත පිහිටියේය. මෙම කෙත්බිම අතීතයේ “මාලිමිටියාවත්ත” ලෙස හදුන්වන ලදී. කෙත්බිමෙහි පන්සලක් ඉදිකළ පසු එය පිංවත්ත විය. පුඤ්ඤවත්ථු ලෙස හඳුන්වන මෙහි තේරුම පුන්‍ය ක්ෂේත්‍රය යන්නය. මෙම පුන්‍ය ක්ෂේත්‍රය ආලෝකමත් කළ පිංවත්තේ සිරිසීලානන්ද නාහිමියන් , පොහොද්දරමුල්ලේ ඥානානන්දාභිධාන මහා නායක හිමියන් , කොස්ගොඩ ඥාණවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පිංවත්තේ විමලකීර්ති හිමියන් පානදුර තොටමුණට පමණක් නොව මුළු රටටම ආදර්ශයක් විය.\n\nපානදුර නගරය 100,000 පමණ වු ජනතාවකට වාස භූමිය වේ.\nපානදුර නගර‍යේ බහුතරයක් වු ජනතාවගේ ආගම වනුයේ බුදු දහමයි. නමුත් කතෝළික හා ඉස්ලාම් ආගමිකයන් සුළු පිරිසක්ද දැකිය හැකිය. පානදුරය දානපතියන්ගේ පුරවරය ලෙස හඳුන්වනු ලබයි. රටපුරා ප්‍රසිද්ධ කොස්මාමා යනුවෙන් විරුදාවලියෙන් පිදුම් ලැබූ පොන්නහැන්නදිගේ ආතර් වී දියෙස් දානපතියා උපන් ගම පානදුරයයි.\n", "role": "assistant" } ]
[ { "content": "අභ්‍යවකාශයට ගිය පළමු ඇමරිකානුවා කව්ද ?", "role": "user" }, { "content": "අභ්‍යවකාශයට ගිය පළමු ඇමරිකානුවා ඇලන් ෂෙපර්ඩ් ය. මර්කරි-රෙඩ්ස්ටෝන් 3 මෙහෙයුමේ කොටසක් ලෙස ඔහු 1961 මැයි 5 වන දින ෆ්‍රීඩම් 7 අභ්‍යවකාශ යානයෙන් මෙම ඓතිහාසික සන්ධිස්ථානය අත්කර ගත්තේය. ෂෙපර්ඩ්ගේ අභ්‍යවකාශ ගමන, කෙටි වුවද - විනාඩි 15ක් පමණ පැවතිය - අභ්‍යවකාශ තරඟයේ සහ එක්සත් ජනපද අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් විය. ඔහුගේ ගමන එක්සත් ජනපදය සඳහා මිනිසුන් සහිත අභ්‍යවකාශ ගවේෂණයේ ආරම්භය සනිටුහන් කළේය.", "role": "assistant" } ]
[ { "content": "වප් පෝය ගැන විස්තරයක් කරන්න. ", "role": "user" }, { "content": "අවුරුද්දේ මාස දොළොස හේමන්ත - ගිම්හාන - වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූණ් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලය යි. වස් කාලය එළඹෙත් ම උවසු උවැසියෝ විහාර ස්ථානයන් කරා පැමිණ භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට ආරාධනා කරති. එසේ ආරාධනා ලැබ වස් විසූ භික්ෂූන් වහන්සේට කඨින චීවර පූජා කරති. වස් සාර මාසයේ අන්තිම මාසය කඨින චීවර පූජා කරන මාසය යි. එය චීවර මාසය නමින් ව්‍යවහාර කරනු ලැබේ. චීවර මාසය තුළ වස් විසූ හැම ආරාමයක ම කඨින පින්කම් පවත්වනු ලැබේ. කඨිනත්ථාර කාලය වශයෙන් විනයෙහි පරිවාර පාළියෙහි එය මෙසේ සඳහන් වෙයි. “කඨිනස්ස අත්ථාරමාසො ජානිතබ්බොති, වස්සානස්ස පච්ඡිමො, මාසො ජානිතබ්බො” යනුවෙන් “වස්සාන ඍතුවේ අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දැන ගත යුතු යැ”යි වදාරා තිබේ. වප් මස අවපෑළවිවෙහි පටන් ඉල් මස පුර පසළොස්වක දක්වා ඇති එකුන් තිස් දිනය කඨිනාස්තරණ කාලය හැටියට ඒ දේශනා පාඨයෙන් මැනැවින් පැහැදිලි වෙයි. කඨිනාස්තරණ විනය කර්මයේ බල‍ය කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වන මැදින් මස පුර පසළොස්වක් පොහෝ දිනය දක්වා ඇති පස්මාසය තුළ පවත්නේ ය. කඨිනය අතුළ භික්ෂූන් වහන්සේලාට මේ කාලය තුළ පඤ්ච ආනිසංසයෙක් අයත් වේ. කඨිනය උදාර බල සම්පන්න ගරු කුශල කර්මයෙකි. ඒ බව\n\n“පඨිවිරිවන ජාතු කම්පතෙ\n\nන චලති මෙරු රිවාති වායුනා\n\nවජිරමිච න භිජ්ජ‍තෙ ඝනං\n\nතමිධමතො කඨිනන්ති වුච්චති”\n\nයන ගාථාවෙන් පැහැදිලි වෙයි. කඨින චීවර දානමය කුශලය මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නො වන, මහා මේරු පර්වතය මෙන් අධික සුළඟීන් නො සෙල්වෙන ඒකඝන වජ්ර පර්වතය මෙන් නො බි‍ඳෙන ස්ථාවර ගරු පුණ්‍ය ක්‍රියාවෙකි. කඨින යන වචනයෙන් අදහස් කරනුයේ නො බිඳිය හැකි සිදුරු කළ නො හැකි කුශල කර්මයෙකි. කඨින චීවරදානය සියලු බුදුවරයන් වහන්සේලා විසින් පසස්නා ලද්දා වූ ද එසේ ම උන් වහන්සේලා විසින් ද එයට සහභාගී ව ලෝකයාට මහඟු ආදර්ශයක් දුන්නා වූ ද ශ්‍රෙෂ්ඨ කුශල කර්මයෙකි. සියලු ආමිස දානයන් අතුරෙන් කඨින චීවර දානය ඉතා උතුම් පින් කමකි. අටමහා කුශලයට අයත් වන්නෙකි.[1] එය පෙරවස් පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක් වරක් දිය හැකි විශේෂ චීවර දානමය පුණ්‍ය ක්‍රියාවෙකි. විනය ප්‍රඥප්ති පිළිබඳ ව පස් මසක් තුළ භික්ෂූන් වහන්සේලාට විශේෂ පහසුකම් ලැබෙන හෙයින් කඨින චීවරය භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයක් වශයෙන් සලකනු ලැබේ. භික්ෂූන්ට අන් සිවුරු දහසක් ලැබුණත් කඨින චීවරයෙන් ලැබෙන පහසුකම් වලින් එකකුදු නො ලැබේ. කඨින චීවරදානය සිදු කරන දායක පක්ෂයට ද වෙනත් සිවුරු පූජා කරනවාට වඩා අනුසස් ලැබෙන ගරු කුශලයක් වශයෙන් සඳහන් කළ හැකි ය.\n\nසූවිසි මහා විපත්තියෙකින් තොර ව සතළොස් මහා සම්පත්තියෙකින් යුක්ත ව කඨිනය අතුරන භික්ෂූන්ට ශික්ෂාපද පසෙකින් නිදහස් ව අනුසස් පසක් ලැබෙන උදාර පුණ්‍ය ක්‍රියාවෙකි. කඨිනයක් පූජා කිරීමෙන් දායක දායිකාවනට ද අනුසස් රැසක් ලැබෙන, ලොවී ලොව්තුරා සැප සිදු කර දෙන අවුරුද්දකට එක විහාරස්ථානයක දී නියමිත කාලපරිච්ඡෙදයක් තුළ එක වරක් මිස දෙවරක් කළ නො හැකි හෙයින් දුර්ලභ කුශල කර්මයක් වශයෙන් ද සලකනු ලැබේ. තුන් සිවුරෙන් කවර චීවරයක් හෝ කඨිනය වශයෙන් පූජා කළ හැකි ය. තුන් සිවුරු අතුරෙන් එක් සිවුරකට අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හා සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඬු ආදිය ගෙන ගොස් ඉතා උදෑසන සංඝයාට පූජා කළ යුතු ය. උදෑසන ම එය පූජා කළ යුත්තේ එම වස්ත්‍රයෙන් එදා ම සිවුරක් සකස් කොට වැඩ නිමවා කඨිනාස්තරණය කළ යුතු නිසා ය. සියලු වැඩ අවසන් කළ පඬු පොවන ලද සිවුරක් කඨිනය වශයෙන් පූජා කරතොත් කවර වේලාවක පූජා කළත් වරදක් නැත. කඨිනය සමග පූජා කරන පරිවාර පරිෂ්කාරයන් නිසා එය තවත් මහත් බවට පත් කර ගත හැකි ය.\n\nනිදානය\n\nසාකේත නුවර වස් එළඹ මහා පවාර‍ණයෙන් පවාරණය කොට බුදුරදුන් දකිනු පිනිස සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පැමිණි තිස් නමක් පමණ වූ භික්ෂූන් වහන්සේලා අතර මගදී වැස්සට තෙමීමෙන් දියෙන් පිරුණු සිවුරු වලින් යුතු ව ක්ලාන්ත ගතියෙන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහු ය. උන් වහන්සේලාට සිදු වූ කරදරය අසා පසු ව තථාගතයන් වහන්සේ භික්ෂූන්හට තරමක පහසුවක් ඇති කර දෙනු වස් “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං” යනුවෙන්, “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි”යි භික්ෂූන් වහන්සේලාට පඤ්චානිසංස ලැබෙන්නා වූ කඨිනාස්තරණය විනය කර්මය අනුදැන වදාළ හ. එතැන් සිට භික්ෂූන් වහන්සේලාට කඨින සිවුරු පරිභෝග කිරීමට අවස්ථාව ලැබිණ.\n\nකඨිනයක් හැම භික්ෂුවකට ම ලබා ගත නො හැකි ය. ඒ සඳහා කරුණු කිහිපයකින් භික්ෂුව සම්පූර්ණ විය යුතු ය. වස්සාන ඍතුවේ මුල් මාසය වන ඇසළ පුනු පොහෝදා පොහොය කොට අවපෑළවිය දා පෙරවස් එළඹ වස් කඩා නො ගෙන තුන් මාසය මුළුල්ලෙහි එය මැනැවින් ආරක්ෂා කොට වප් පුර පසළොස්වක්දා මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවක් විය යුතු ය. එසේ ම පෙරවස් සමාදන් ව විසූ යම් කිසි කරදරයක් හෝ ලෙඩ රෝගාදියක් නිසා පෙරවස් පවාරණය කරන්නට නො හැකි වූ භික්ෂුවකට ද කඨිනයක් පිළිගත හැකි ය. පෙරවස් එළඹ එය අතර මග දී කැඩී ගිය භික්ෂුවටත් පසුවස් එළඹි භික්ෂුවටත්, සාමණේරයනටත් කඨිනය පරිභෝග කිරීමට බලයක් නැත. එසේ ම කඨිනය අතුරනු ලැබූ වෙහෙරින් පිටත අනෙක් වෙහෙරක වස් විසූ භික්ෂූනට ද අයත් නැත. ඒ අය ගණ පූරක භික්ෂූහු වෙති. පඤ්චානිසංස ලැබෙනුයේත් වස් කඩා නොගත් කඨිනය අතුරන විහාරයේ ම වස් විසූ සංඝයාට ම ය. අන් වෙහෙරක වස් විසූ සංඝයාට වෙනත් ආරාමයක පිරිනමන ලද කඨිනයක පංචානිසංස නො ලැබේ. කඨිනයක් පරිභෝග කරන ලද භික්ෂුව අංග අටකින් සම්පූර්ණ විය යුතු ය.\n\nපුබ්බකරණං ජානාති - පූර්වකරණය දැනීම ය (තුන් සිවුරු පිළිබඳ කටයුතු)\nපච්චුද්ධාරං ජානාති - පුරාණ තුන් සිවුරු පිළිබඳ පච්චුද්ධාරය දැනීම ය.\nඅධිට්ඨානං ජානාති - අධිෂ්ඨානය දැනීම ය.\nඅත්ථාරං ජානාති - අත්ථාරය දැනීම ය.\nමාතිකං ජානාති - අෂ්ට මාතිකාව දැනීම ය.\nපළිබොධං ජානාති - පළිබෝධය දැනීම ය.\nඋද්ධාරං ජානාති - උද්ධාරය දැනීම ය.\nආනිසංසං ජානාති - ආනිසංස දැනීම ය.\nයන අංග අටින් යුක්ත භික්ෂුව කඨිනාස්තරණයට සුදුසු බව විනයෙහි වදාරා තිබේ. එබැවින් කඨිනයක් ගැනීමට සුදුසු භික්ෂුවක වනු පිණිස මේ කියන ලද අංග අට භික්ෂූන් වහන්සේලා විසින් විශේෂයෙන් උගත යුතු ය. කඨිනයක් ඇතිරීමට පුළුවන්කම තිබෙන්නේ සංඝාටි (සඟල සිවුර) උත්තරාසංග (තනිපට සිවුර) අන්තරාවාසක (අඳනා සිවුර) යන තුන් සිවුරෙන් එකකින් මිස අනිකකින් නො වේ. එය ද විනයෙහි දැක‍්වෙන පරිදි සූවිසි විපත්තිවලින් දුරු විය යුතු ය. සතළොස් සම්පත්තිවලින් එකකට අයත් වූවක් විය යුතු ය.\n\nසූවිසි විපත්ති\n\nඑවං ඛො භික්ඛවෙ අත්ථතං හොති කඨිනං එවං අනත්ථතං කථඤ්ච භික්ඛවෙ, අනත්ථතං හොති කඨිනං, න උල්ලික්ඛිත්තෙන අත්ථතං හොති කඨිනං, න ධොවනමත්තෙන අත්ථතං හොති කඨිනං, න චීවර විචාරමත්තෙන අත්ථතං හොති කඨිනං න ඡෙදන මත්තෙන අත්ථතං හොති කඨිනං, න බන්ධන මත්තෙන අත්ථතං හොති කඨිනං, න ඔවට්ටි’ කරණමත්තෙන අත්ථතං හොති කඨිනං න කණ්ඩුස කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං න දළ්හි කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං.\n\nන අනුවාත කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං න පරිභණ්ඩ කරණමත්තෙන අත්ථතං හොති කඨිනං න ඔවට්ටෙය්‍ය කරණමත්තොන අත්ථතං හොති කඨිනං න කම්මලමද්දනමත්තෙන අත්ථතං හොති කඨිනං න මිත්තකතෙන අත්ථතං හොති කටිනං න පරිකථාකතෙන අත්ථතං හොති කඨිනං න කුක්කුකතෙන අත්ථතං හොති කඨිනං න සන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං න නිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං න අකප්පකතෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර උත්තරා සංඝාටියා අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර උත්තරා සංගෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර අන්තර වාසකෙනවා තද හෙව සඤ්ඡින්නේන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං සම්මාවෙච අත්ථතං හොති කඨිනං තඤ්චෙ නිස්සීමට්ඨො අනුමොදති. එවම්පි අනත්ථතං හොති කඨිනං. එවං ඛො භික්ඛවෙ අනත්ථතං හොති කඨිනං.\n\n(මහාවග්ගපාළි - කඨිනක්ඛන්ධක)\n\nමහණෙනි! කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේද?\n\nලකුණු කළ පමණින් කඨිනය නො අතුළේ වේ.\nවස්ත්‍රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ.\nකඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ.\nකඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ.\nහිස් නූල් ඇදීම පමණින් කඨිනය නො අතුළේ වේ.\nදික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ.\nඅතු මූට්ටු කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ.\nදෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ.\nපිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.\nඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.\nඅමුතු රෙදි පටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.\nඑක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ.\nමේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.\nඅනුසස් කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.\nතාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.\nතැන්පත් කොට තිබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.\nඑක් රැයක් ම ඉක්ම යෑමෙන් නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.\nකප් බිංදු නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.\nසඟල සිවුරු හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.\nඋත්තරාසංග චීවරය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.\nඅන්තරවාසකය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.\nඑදින ම කපන ලද මහ මඬුලු කුඩා මඬුලු සහිතව කළා වූ කඩ අතු පසෙකින් හෝ වැඩියක් කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වෙයි.\nපුද්ගලයෙකුගේ ඇතිරීමෙන් විනා සංඝයාගේ හෝ සමූහයාගේ ඇතිරීමෙන් කඨිනය නො අතුළේ වෙයි.\nකඨිනය මනා කොට අතුරන ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වෙයි.\n(ජයන්ති මුද්‍රණය)\n\nසතළොස් සම්පත්ති\n\nකථඤ්ච භික්ඛවෙ අත්ථතං හොති කඨිනං? අහතෙන අත්ථතං හොති කඨිනං, අහතකප්පෙන අත්ථතං හො කඨිනං, පිලොතිකාය අත්ථතං හොති කඨිනං, පංසුකූලෙන අත්ථතං හොති කඨිනං, පාපණිකෙන අත්ථතං හොති කඨිනං, අනිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං, අපරිකතාකතෙන අත්ථතං හොති කඨිනං, අකුක්කකතෙන අත්ථතං හොති කඨිනං, අසන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං,අනිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං, අප්පකෙන අත්ථතං හොති කඨිනං, සංඝාටියා අත්ථතං හොති කඨිනං, උත්තරා සංගෙන අත්ථතං හොති කඨිනං, අන්තරවාසකෙන අත්ථතං හොති කඨිනං, පඤ්චකෙන වා අතිරෙකපඤ්චකෙන වා තදහෙව සඤ්ජින්නෙන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං, පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං, සම්මාවෙච අත්ථතං හොති කඨිනං, තඤ්චෙ සීමට්ඨො අනුමොදති, එවම්පි අත්ථතං හොති කඨිනං, එවං ඛො භික්ඛවෙ, අත්ථතං හොති කඨිනං.\n\n(මහාවග්ගපාළි - කඨිනක්ඛන්ධක)\n\nමහණෙනි! කඨිනය කෙසේ අතුරන ලද්දේ වේ ද?\n\nඅලුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nඅලුත් වස්ත්‍රයට සමාන වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nරෙදි කැබෙලිවලින් කළ සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nපංසුකූලික වශයෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nසල්පිල් දොරටුවෙහි හැර දැමූ අහුලා ගත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nහැඟවීමක් නැතිව ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nඅනුසස් නො කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nතාවකාලික නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nසන්නිධි (තැන්පත් කොට) නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nනිසඟි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nකප් බින්දු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nසඟල සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nඋතුරු සඟ සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nඅඳනා සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nඑදවස ම කපන ලද මැඩිලි සහිත කරන ලද අතු පසක් ඇති පසට වැඩි හෝ අතු ඇති සිවුරකින් කඨිනය අතුරන ලද්දේ වේ.\nපුද්ගලයකු ගේ ඇතිරීමෙන් කඨිනය අතුරන ලද්දේ වේ.\nමනා කොට නියමය අනුව ම කඨිනය අතුරන ලද්දේ වේ. එය සීමාවෙහි සිටියෙක් අනුමෝදන් වේ ද? මෙසේ කඨිනය අතුරන ලද්දේ වේ. මහණෙනි, කඨිනය මෙසේ අතුරන ලද්දේ වේ.\n(ජ.මු)\n\nකඨිනාස්තරණ මාතෘකා අට\n\nපක්කමනන්තිකා - කඨිනය අතුළ භික්ෂුව නිමකළ සිවුර ගෙන “පෙරළා නො එන්නෙමි”යි වස් විසූ ආවාසයෙන් බැහැර යෙ යි. ඒ භික්ෂුවට උපචාර සීමාව ඉක්මවනු සමග ම කඨිනුද්ධාරය වේ. පඤ්චානිසංසයට ද අහිමි වෙයි. එය පක්කමනන්තිකා නම් වේ.\nනිට්ඨානන්තිකා - සිවුර නිම කිරීම් අවසන් කොට ඇති කඨින බලය ඉදිරී යෑම යි. අතුළ කඨින ඇති මහණ තෙමේ වස්ත්‍රය ගෙන ‍බැහැර යෙ යි. එසේ සීමාවෙන් බැහැර ගිය භික්ෂුවට මෙහි දී සිවුර කරවන්නෙමි. නැවැත ඒ වස් විස අරමට නො යන්නෙමි සිතාගෙන සිවුර කරවයි. ඒ භික්ෂුවට නිට්ඨානන්තික කඨිනුද්ධාරය සිදුවෙයි.\nසන්නිට්ඨානන්තිකා - සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි.\nඅතුළ කඨිනය ඇති භික්ෂුව තෙමේ වස්ත්‍රය ගෙන බැහැර යෙයි බැහැර ගිය භික්ෂුව මම වස් විසූ නවැත නො එන්නෙමි. මේ සිවුරු නොකරන්නෙමි’යි සිතාගත හොත් එය සන්නිට්ඨාන්තික කඨිනුද්ධාරය වේ.\n\nනාසන්තිකා - නැසීම් අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුළ කඨින ඇති මහණ තෙමේ එයත් ගෙන බැහැර යෙ යි. එහි දී එ මහණහුට මම මෙහි දී ම සිවුර කරමි. පෙරළා වස් විසූ අරමට නො එන්නෙමි’යි සිතාගෙන සිවුර කරන කල්හි ඒ සිවුර නැසෙ යි. එයින් ඒ භික්ෂුවට නාසන්තික කඨිනුද්ධාරය වේ.\nසවනන්තිකා - ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුරන ලද කඨිනය ඇති මහණ සිවුර ගෙන පෙරළා එන්නෙමි’යි බැහැර යෙ යි. සිවුරේ කටයුතු අවසන් කරගෙන සිටින භික්ෂුවට විහාරස්ථ සංඝයා විසින් කඨිනය උද්ධරණය කරන ලදැයි යන ආරංචිය සැල වෙයි. එය සවනන්තිකා කඨිනුද්ධාරය වේ.\nආසාවච්ඡෙදිකා - ආසාව සිඳී යෑමෙන් සිදුවන කඨිනුද්ධාරය යි. සිවුරක් නො ලැබ සිවුරු ගැන බලාපොරොත්තුවෙන් බැහැර ගිය භික්ෂුවට එහි දී යම් කිසිවෙකු සිවුරක් දෙන බව කියා පසුව එය දෙන්නට නො හැකි බව කී කල්හි ඒ සිවුර ගැන පැවැති බලාපොරොත්තුව සිඳී යෙ යි. එය ආසාවච්ඡෙදිකා කඨිනුද්ධාරය නම් වේ.\nසීමාතික්කන්තිකා - චීවර කාලසීමාව අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුළ කඨින ඇති මහණ තෙමේ වස් විසූ වෙහෙරට නැවැත එන්නෙමි’යි යන අපේක්ෂා ඇති ව අන් වෙහෙරකට ගොස් එහි දී සිවුරේ වැඩ නිම කොට ආපසු වස් ‍විසූ වෙහෙරට එන අතර මග දී හෝ පිටත සීමාවක දී හෝ චීවර කාලය ඉක්මවීමෙන් සීමාතික්කන්ති කඨිනුද්ධාරය වේ.\nසහුබ්භාරා - අතුළ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙන පෙරළා එන්නෙමි’යි යන අපේක්ෂාවෙන් ‍බැහැර යෙ යි. අන් වෙහෙරක දී සිවුරේ වැඩ නිම කරයි. ඒ භික්ෂුවට විහාරයේ භික්ෂූන්ට කඨිනුද්ධාරය වනු සමගම සහුබ්භාර කඨිනුද්ධාරය සිදු වෙයි.\nමේ සඳහන් කරුණු අටින් එකක් හෝ ඇති වුවොත් අත්ථාරක-අනුමෝදක දෙපක්ෂයට ම අයත් වන පඤ්චානිසංසය නැති වී යන්නේ ය.\n\nභික්ෂුන්ට ලැබෙන අනුසස්\n\nකඨිනය අතුළ භික්ෂූන්ට ඒ ගරු විනය කර්මය නිසා බුද්ධාඥාව පරිදි ආනිසංස පහක් ලැබේ. එයට කඨිනානිසංසයැ යි කියනු ලැබේ. කඨිනය පූජා කරන දායකයනට ලැබෙන විපාකයනට ද කඨිනානිසංස යැ යි ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් කඨිනානිසංසය එය ලබන භික්ෂූන්ට මෙන් ම පිරිනමන දායකයනට ද එක සේ මහත් අනුසස් ලැබන පින් කමෙකි. කඨිනයකින් භික්ෂූන්ට ලැබෙ පඤ්චානිසංසය විනයෙහි මහාවග්ග පාළියේ කඨිනක්ඛන්ධකයේ මෙසේ සඳහන් වෙයි. 1. අනාමන්තචාරය 2. අසමාදානචාරය 3. ගණ භොජනය 4. යාවදත්ථ චීවරය 5. යොවතත්ථ චීවරුප්පාදය යන මේ කරුණු ස ය.\n\n1. අනාමත්තචාරය\n\nපාචිත්තිය පාළියෙහි අවෙලක වර්ගයේ සවන ශික්ෂා පදයෙන් කඨිනෝද්ධාරය නො වන තාක් නො විචාරා යාමෙන් සිදුවන පචිති ඇවතින් නිදහස ලැබීම යි. ආරාමයන් හි වෙසෙන භික්ෂුව පිටත ගෙවල්වලට යනවිට ආරාමයෙහි සිටින භික්ෂුවකට දන්වා යා යුතු ය. එසේ නෙ දන්වා යාමෙන් ඒ භික්ෂුවට පචිති ඇවතක් සිදු වේ. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට එය සිදු නො වේ. කඨිනය ඇතිර‍ීහෙන් පසු කඨිනෝද්ධාරය නො වනතාක් නො විචාර කුලවල හැසිරීමට නිදහස ඇත.\n\n2. අසමාදානචාරය\n\nතිචීවර විප්පවාස නිසඟි පචිතියෙන් සිදුවන ඇවැතින් කඨිනය අතුළ භික්ෂූන්ට සීමිත කාලය තුළ නිදහස ලැබීම අසමාදානචාරය යි. අධිෂ්ඨාන කරගෙන තුන් සිවුරු පාවිච්චි කරන භික්ෂුවට තුන් සිවුරෙන් වෙන් ව රාත්‍රි ඉක්වීමෙන් නිසඟි වේ. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ තමන් කැමැති සිවුරකින් වෙන් ව විසීමට නිදහස ලැබී ඇත.\n\n3. ගණ භෝජනය\n\nගණ භෝජනය වැළඳීමෙන් වන පචිති ඇවතින් කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ නිදහස ඇත. ගණ භෝජනය නම්, “අපට බත් දෙව” ආදී වශයෙන් භික්ෂූන් ගේ වාග් විඥප්තියෙන් හෝ “අප ගේ බත් ගනුව” ආදී වශයෙන් දායකයන් ගේ ආරාධනයෙන් හෝ මෙසේ දෙපක්ෂයේ ම අකැප ව්‍යවහා‍රයෙන් උපන් බත සතර නමක් හෝ එයින් වැඩි පිරිසක් හෝ එක් ව වැළඳීම යි. ගණ භෝජනය නිමන්ත්‍රණයෙන් හා වාග් විඥප්තියෙන් යන දෙ අයුරින් ම සිදු වෙයි. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට ඒ නියමිත කාලය තුළ ගණ භෝජනය පිළිගෙන වැළඳිය හැකි ය. ඇවැතින් නිදහස ලැබේ.\n\n4. යාවදත්ථ චීවරය\n\nනො ඉටා නො විකපා කැමැති තාක් සිවුරු පරිභෝග කිරීමට කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ හැකි ය. නිසඟි පචිතිවල එන ප්‍රථම සිකපදයෙන් නිදහස ලැබේ. යම් භික්ෂූවක් දස දිනකට වඩා කල් අතිරේක චීවර තබා ගනී නම් ඒ භික්ෂුවට නිසඟි පචිති ඇවැතක් සිදු වෙයි. ‍එහෙත් කඨිනය අතුළ භික්ෂුනට කඨිනෝද්ධාරය නො වන තාක් අධිෂ්ඨාන විකල්පනය නො කළ සිවුරු දැරිය හැකි ය.\n\n5. යොවතත්ථචීවරුප්පාදය\n\nකඨිනාස්තරණය තුළ ආරාමයෙහි සාංඝික වශයෙන් හෝ මතක වස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතු කොට පුදන ලද සිවුරු පිරිකරාදිය කඨිනානිසංස කාලය තුළ ඒ සියල්ල කඨිනය අතුළ භික්ෂූන් හට අයත් වේ. හේමන්ත ඍතුවේ කෙළවර වූ මැදින් පුර පසළොස්වක් ‍දිනය දක්වා ඇති පස් මස කඨිනානිසංස කාලය වශයෙන් සලකනු ලැබේ. අපලෝකනය නො කොට ගැනීමෙන් සිදුවන දුකුළා ඇවැතින් කඨිනය අතුළ භික්ෂූන්ට නිදහස තිබේ.\n\nවස්සාන ඍතුවේ අවසාන මානය කඨිනත්ථාර කාලය වශයෙන් සලකනු ල‍ැබේ. වප් මස අව පෑළවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති එකුන් තිස් දිනය කඨිනාස්තරණ කාලය යි. කඨිනය අතුළ භික්ෂූන්ට කඨිනාස්තරණ විනය කර්මයේ බලය එනම්, පඤ්චානිසංසය කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වූ මැදින් පුර පසළොස්වක් පොහෝ දිනය දක්වා පවත්නේ ය. කඨිනය අතුළ භික්ෂූන්ටත් එය අනුමෝදන් වූ භික්ෂූන්ටත් වප් මස අව පෑළවියෙහි පටන් මැදින් මස පුනු පොහෝ දිනය දක්වා ඇති පස් මාසය තුළ මෙකී පඤ්චානිසංසය ලැබේ.\n\nයුතුකම්\n\nමහා සංඝයා විසින් කඨින චීවරය එම විහාරයෙහි වස් විසූ මහා පවාරණයෙන් පවාරණය සිදු කළ සුදුසු භික්ෂුවකට සංඝ සම්මතයෙන් පවරනු ලැබේ. ඉන්පසු එය ලැබූ භික්ෂුව විසින් කළ යුතු යුතුකම් කිහිපයක් ඇත. එහි කප් බින්දු තබා දෙපොට සිවුරක් කඨිනය පිණිස ලැබී ඇත්නම් තමා ගේ පරණ දෙපොට සිවුර පච්චුද්ධරණය කළ යුතු ය. සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන තුන් සිවුරු ඉටා පරිබෝග කිරීම භික්ෂුව සතු යුතු කමෙකි. අධිෂ්ඨාන කොට පරිහරණය කරන තුන් සිවුරෙන් එකකිනුදු වෙන් ව එක් රැයකුදු විසුවොත් ඒ භික්ෂුවට නිසඟි පචිති ඇවැතක් සිදු‍ වේ. පච්චුද්ධරණය කිරීම යනුවෙන් අදහස් කරනුයේ අධිෂ්ඨාන කොට පරිහරණය කරන තුන් සිවුරේ අධිෂ්ඨානය අවලංගු කිරීම යි. කඨිනය පිණිස තහන්ට ලැබුණේ සංඝාටි චීවරයක් නම් පරණ සංඝාටි චීවරය පච්චුද්ධරණය කොට කඨින චීවරය “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යනුවෙන් තුන් වරක් කියා අදිටන් කර ගත යුතු ය. උත්තරාසංග චීවරයක් කඨිනය වශයෙන් ලැබුණේ නම් පරණ තනිපොට සිවුර පච්චුද්ධරණය කොට “ඉමං උත්තරාසංගං අධිට්ඨාමි” යනුවෙන් තුන් වරක් කියා මේ වාක්‍යය එය අදිටන් කර ගත් යුතු ය. අන්තරවාසක චීවරයක් කඨිනයට ලැබුණේ නම් පරන අඳනා සිවුර පච්චුද්ධරණය කොට “ඉමං අන්තරාවාසකං අධිට්ඨාමි” යනුවෙන් එය තුන් වරක් කියා අදිටන් කර ගත යුතු ය. ඉන් පසු කඨින චීවරය ඇතිරීම කළ යුතු ය. එම කඨින චීවරය අතට ගෙන එය සාංඝාටික චීවරයක් නම් “ඉමාය සංඝාටියා කඨිනං අත්ථරාමි” යන වාක්‍ය තුන් වරක් කියමින් අතින් පිරිමැදිය යුතු ය.උත්තරාසංග චීවරයක් නම් “ඉමිනා උත්තරසගෙන කඨිනං අත්ථරාමි” යන වාක්‍යය තෙවරක් කියමින් අතින් එය පිරිමැදිය යුතු ය. අන්තරවාසකයක් නම් “ඉමිනා අන්තරවාසකෙන කඨිනං අත්ථරාමි” යන වාක්‍යය තෙවරක් කියමින් අතින් පිරිමැදිය යුතුය.‍ මෙයට විනයෙහි සඳහන් කරනුයේ කඨිනත්ථරණය යනුවෙනි. මේ කඨිනාස්තරණය කිරීමෙන් පසු ඒ භික්ෂූන් වහන්සේට තථාගත නියමය පරදිි අනාමන්තචරාදී පඤ්චානිසංසය හිමිවන්නේ ය. ඉන්පසු ඒ අත්ථාරක භික්ෂුව විසින් කඨිනාස්තරණ කර්මය ඒ විහාරයේ වස් විසූ අනෙක් භික්ෂූන් හට අනුමෝදන් කරවිය යුතු ය. කඨිනත්ථාරක භික්ෂුව විසින් සිවුර ඒකාංස කොට පොරවා ඇඳිලි බැඳගෙන එම විහාරයේ වස් විසූ භික්ෂූ සංඝයා රැස් කරවා ගෙන උන් වහන්සේලා ඉදිරියෙහි තමාගේ වැඩි මහලු කම් අනුව මෙසේ ආමන්ත්‍රණය කළ යුතු ය. “අත්ථතං භන්තෙ (ආවුසො) සංඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො කඨිනං අනුමොදථ” යනුවෙන් ඇඳිලි බැඳගෙන එක් එක් නම බැගින් වෙන වෙන ම “අත්ථක භන්තෙ (ආවුසො) සංඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො කඨිනං අනුමෝදාමි” යන වාක්‍යය තෙවරක් කියමින් එය අනුමෝදන් විය යුතු ය. එසේ අනුමෝදක භික්ෂූන් හටත් අනාමන්තචාරාදී පඤ්චානිසංසය නො අඩුව නියමිත කාලපරිච්ඡෙදය තුළ ල‍ැබෙනු ඇත. මේවා කඨානත්ථාරක භික්ෂුව විසින් නො පරිහෙළා කළයුතු යුතුකම් වෙති. කඨිනාස්තරණ කර්මයෙන් ලැබෙන පඤ්චානිසංසය සංසිඳී එහි බලය නැති වී යන කඨිනාස්තරණය අවලංගු වී යන පක්කමනන්තිකා ආදී කරුණු අට මුලින් විස්තරකොට ඇත.\n\nදායකයනට ලැබෙන අනුසස්\n\nකඨිනය පූජා කරන දායකයනට ද ලෞකික ලෝකෝත්තර උභය සම්පත්තිය ම ලබා ගත හැකි ය. නාගිතාපදානය දෙස විමසන විට එහි අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත එක් අත් බවෙක කඨිනයක් පූජා කොට ඒ ශ්‍රෙෂ්ඨ කුසලය අශ්‍රවක්ෂයකරඥානයට (අර්හත්මාර්ග ඥාණයට) උපනිඃශ්‍රය වේවා යි ප්‍රාර්ථනා කෙළේ ය. එවක් පටන් ඒ පිනින් සිවු අපායේ නො ඉපිද සදෙව් ලොව සහ මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන් හි දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ අවසානයේ ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි ව සිවු පිළිසිඹියාපත් මහරහත් බවට නාගිත හිමියෝ පැමිණියහ. උවසු උවැසියන් කඨින පින්කම් වලට විශේෂ සැලකිල්ලක් හා ගෞරයක් දක්වන්නේ මෙබඳු ආනිසංසයන් ලැබෙන නිසා ය. කඨින චීවරය පර‍ිභෝග කරන භික්ෂුවට ලැබෙන ආනිසංස බස කඨිනයේ බලය නැති වූ අවස්ථාවේ නැති වී යාම භික්ෂූන් වහන්සේට පාඩුවක් වුවත් කඨිනය පූජා කළ දායක පක්ෂයට ලැබෙන ආනිසංසයනට එයින් කිසිඳු හානියක් සිදු නොවේ.\n\nපුරාණයේ මේ රටේ විසූ බෞද්ධ රජවරු මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතු ව කඨින චීවර දාන පූජාව පැවැත්වූහ. බුද්ධ වර්ෂයෙන් 1889 ලක්දිව පොළොන්නරුව රාජධානිය කොට ගෙන රාජ්‍යයට පත් මහා පරාක්‍රමබාහු රජතුමා උදාර ශාසනික සංග්‍රහයක් කළ ශ්‍රද්ධාකාමී රජ කෙනෙකි. එතුමා අවුරුදු 1254 කට අධික කාලයක් මුළුල්ලෙහි භින්න නිකායයන් වශයෙන් පැවැති මහා විහාර අභයගිරි ජේතවන නිකායත්‍රය සමගි කරවා සසුන් සෝදුවක් ද කරවා සංඝයා පාලනයට දිඹුලාගල ආරණ්‍යක මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ සංඝරාජ ධූරයට පත් කෙළේ ය. මෙතුමා අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා ස්ථාන අසූවක වස් විසූ මහාසංඝයා වහන්සේ අසූනමකට එක ම දිනයක සිවුරු සකස් කොට කඨින චීවර අසුවක් පූජා කර ඇත. බු.ව. 1958‍ කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුරය රාජධානිය කරගත් සවැනි පැරකුම්බා රජතුමා ද අවුරුදු පතා රුහුණු, මායා, පිහිටි යන ත්‍රි සිංහලයෙහි ඒ ඒ විහාරස්ථානයන්හි වස් විසූ භික්ෂූන් විෂයයෙහි කඨින චීවර පූජා කර ඇති බව ඉතිහාසයෙහි සඳහන් වේ. අවුරුදු පනස් දෙකක් රාජ්‍යය කෙළ මෙතුමා විසින් ගණනින් තුන් සිවුරු 26140 ක් ද සෙසු පිරිකර ඇති ව කඨින චීවර 3432ක් ද පූජා කර තිබේ. බු.ව. 2296 සෙන්කඩගල නුවර රාජධානිය කරගෙන රාජ්‍යය විචාළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බද්ධ සීමා කරවා උපෝසථාගාරයක් තනවා ඒ ඒ තන්හි ආවාස ද සකස් කොට අවුරුදු තුනක් ඇතළත සියලු විහාර කටයුතු නිමවා සංඝයාට පුදා එහි භික්ෂූ සංඝයා වස් වසවාගෙන සිවු පසයෙන් උපස්ථාන කොට වස් අවසානයෙහි කඨින චීවර සංඝයාට පූජා කොට ඇත්තේ ය. බු. ව. 2323 රජ පැමිණි රාජාධිරාජසිංහ රජතුමා “සියලු ආමිස දානයන්ට වඩා කඨින දානය අනුසස් ඇතැ”යි අසා එතුමා අවුරුදු පතා සංඝයා විෂයයෙහි කඨින චීවරදාන පූජාව පවත්වා ඇත. මෙබඳු උදාර ආනිසංස ඇති පුණ්‍ය කර්මයක් නාසි පැරැණි රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් පවා මහත් ගෞරව භක්තියෙන් යුක්ත ව කඨින චීවර පූජාවන් පවත්වා ඇති අයුරු මෙයින් පැහැදිලි ය.\n\nනාගිත චරිතාපදානය\n\nබුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරැ වැඩ වසන කල්හි නාගිත නම් කුමරුවෙක් වැඩි වියට පැමිණ තමා විසින් පෙර අත් බවෙක පුදන ලද කඨින දානමය කුශල කර්මයෙන් මෙහෙයවනු ලැබ ඥාති මිත්‍රයන් සමග බුදුරදුන් වෙත අවුත් බුදුන් වැඳ දහම් අසා තෙරුවන් සරණ ගොස් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ව‍ූයේ ය. නොබෝ කළකින් සිවු පිළිසිඹියා පත් මහරහත් බවට පත් විය. බුදුහු නාගිත රහත් හිමියන්ගේ විශේෂ කුශල කර්මය උන් වහන්සේ ලවා ම ප්‍රකාශ කරනු කැමැති ව වස් වසා අවසානයෙහි පවාරණය කොට අනඳ හිමියන් කැඳවා මෙසේ වදාළ හ. “ආනන්දය! අද අනවතප්ත විල් තෙරට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ පන්සියයක් රහතන් වහන්සේ රැස් කරව යි වදාළහ. අනඳ හිමියෝ බුදුරදුන් ගේ නියමය ඉටු කළහ. අනවතප්තවිල රහතන් වහන්සේලා ගේ කහවතින් බැබළුණි. අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිරිවරා වැඩහුන් මහා සංඝයා දෙස බලා මෙසේ වදාළ හ. “මහණෙනි, තොප අතුරෙන් පෙර ජාතියක බුදු පසේ බුදු මහරහතන් වහන්සේ උදෙසා විශේෂ කුශල කර්මයක් සිදු කළ භික්ෂුවක් සිටී නම් ඒ බව මෙහි දී ප්‍රකාශ කරව”යි වදාළ හ. එය ඇසූ ඒ පිරිසෙහි වැඩ සිටි නාගිත රහත් හිමියෝ බුදුරදුන් වෙත අවුත් වැඳ දොහොත් මුදුන් තබාගෙන තමන් විසින් සිදු කළ විශේෂ කුශලය බුදුන්ට මෙසේ විස්තර කළ හ.\n\n“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම මෙයට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරදුන් ගේ කාලයෙහි බන්ධුමතී නුවර ‍එක් කෙළෙඹි පුත්‍රයෙකු ව ඉපදීමි. දානපතියකු වූ මම දුගී මගී යාචකාදීන් විෂයයෙහි බොහෝ දානවස්තු පරිතයාග කෙළෙමි. අටවක් තුදුස්වක් පසළොස්වක් පොහෝ දිනවල පෙහෙවස් රැකීමි. එසේ ම පාටිහාරිය පක්ඛ උපෝසථය සමාදන් ව විසුවෙමි. (පටිහාරිය පක්ඛ උපෝසථය නම්, භික්ෂු සංඝයා වස් එළඹෙන තෙමස ඇතුළත අධිෂ්ඨාන කොට සමාදන් ව රක්නා අෂ්‍ටාංග ශීලය යි. එසේ තෙමස ම නො හැකි නම් පෙරවස් පවාරණය හා පසුවස් පවාරණය දක්වා ඇති මාසය තුළ අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි. එසේ නො හැකි නම් පෙරවස් පවාරණයේ සිට පසළොස් දිනක් අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි.)\n\nදිනක් බන්ධුමතී නුවර රජු ඇතුළු මහ පිරිස් හට දහම් දෙසන විපස්සී සම්බුදුරජාණන් ගෙන් බණ අසා පැහැදී බුදු පාමොක් මහ සඟනට මහ දන් දුනිමි. පසු ව සංඝයාට ආරාධනා කොට වස් වසවා ගෙන සිවු මස මුළුල්ලෙහි සිවු පසයෙන් උවටැන් කෙළෙමි. අවසනා වස් විසූ භික්ෂූන් හට බොහෝ පරිෂ්කාර ඇති ව කඨින චීවර දානය පිරිනමා එයින් ලැබෙන කුශලය අශ්‍රවක්ෂයකර ඥානය පිණිස උපනිඃශ්‍රය වේවා’යි පැතීමි. එතැන් සිට කඨින චීවර දානමය කුශලයෙන් සිවු අපායෙන් මිදී සදෙව් ලොව හා මිනිස් ලොව ඉපිද අනේක විධ දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳුන ලද අයුරු මෙසේ ප්‍රකාශ කළ හ.\n\nකඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුත්තමෙ\n\n‍ඉතො තිසෙ මහාකප්පෙ - නාභිජානාමි දුග්ගතිං\n\nඋතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයයෙහි කඨින චීවර දානයක් පූජා කොට මහා කල්ප තිසක් දුගතියක් නොම දනිමි. මේ කඨින දානයෙහි අනුසස යි.\n\nඅට්ඨාරසන්නං කප්පානං - දෙව ලොකෙ රමාමහං\n\nචතුත්තංසක්ඛන්තුං දෙවින්දො - දෙවරජ්ජමකාරයිං\n\nඅටලොස් කල්පයක් මුළුල්‍ලෙහි දෙව්ලොව සිත් ලවා වාසය කෙළෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජ ව ඉපිද දිව්‍ය රාජ්‍යය කෙළෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.\n\nආරපථෙ ආරපථෙ - චක්කවත්තිස්සීරිං ලභෙ\n\nඅසිතිංච චතුක්ඛන්තුං - චක්කවත්ති අභොසභං\n\nඑක ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් බැගින් සක්විති රජ වන්නෙට හේතු සම්පත් ඇත ද, සසර එපමණ බොහෝ කලක් නො සිටි හෙයින් සුවාසූ වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබීමි.\n\nයත්ථ යත්ථූපපජ්ජාමි - ලභිත්වා සබ්බසම්පදං\n\nපුරිසානං උත්තමො භොමි - කඨිනදානස්සිදං ඵලං\n\nඋපනූපන් හැම තන්හි සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වූයෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.\n\nද්වෙ භවෙ උපපජ්ජාමි - ද්වො පිච මානුසො\n\nඅඤ්ඤං ගතිංන ජානාමි - කඨිනදානස්සිදං ඵලං\n\nදිව්‍ය ගතිය මනුෂ්‍ය ගතිය යන මේ දෙගතිය හැර අනික් නරකාදී දුගතියක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.\n\nචෙ කුලෙ උපපජ්ජාමි - ඛත්තියෙ චාපි බ්‍රාහ්මණෙ\n\nහීනෙ කුලෙ න ජානාමි - කඨිනදානස්සිදං ඵලං\n\nක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ යන දෙකුලය හැර එයින් පහත් කුලයක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.\n\nචක්කවාළ මුපාදාය - මහිං සාගර කුණ්ඩලං\n\nඛොම දුස්සෙහි ඡාදෙය්‍යං - කඨිනදානස්සිදං ඵලං\n\nචතුස්සාගර පර්‍ය්‍යන්ත වූ චක්‍රවාට පර්වතර ඇතුළත මුළු පො‍ළොව සුදු පට පිළියෙන් වසන්නට පොහොසත් වීමි. මේ කඨින දානයෙහි අනුසස යි.\n\nඅහො බුද්ධො අහො ධම්මො - අහො සංඝස්ස සම්පදා\n\nපරිත්තදානං දත්වාන - ලද්ධං මෙ විපුලං සුඛං\n\nබුද්ධ ධම්ම සංඝ යන තුණුරුවන් ගේ අර්හත්වය, නෛර්‍ය්‍යානිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂය ආශ්චර්‍ය්‍යය. මවිසින් එක් කඨින චීවරයක් දුන් විපාකයෙන් මේ සා මහත් සම්පත් ලබන ලද්දේ ය.\n\nතෙනෙව කුසල කම්මෙන - පියොහං දෙව මානුසෙ\n\nතස්සෙව භද්ද කම්මස්ස - පත්තොස්මි අමතං පදං\n\nඑම කඨින චීවර දානමය කුශල චේතනාව හේතු කොටගෙන දෙව්ලොව උපන් කල්හි දෙවියන්ට ද මිනිස් ලොව උපන් කල්හි මිනිසුන්ට ද ප්‍රිය මනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුශල කර්මයෙන් නිවනට ද පැමිණියෙමි.\n\nඑවං නාගව්හයො ථෙරො - මජ්ඣෙ සංඝස්ස සොභනො\n\nපකාසෙයි සකං කම්මං - අනොතත්ත මහාසරෙ\n\nමෙසේ සඟ මැද හොබනා වූ ශාන්ත වූ ගුණ ඇති නාගිත ස්ථවිරයන් වහන්සේ අනොතත්ත මහවිල්හි දී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දාන සංඛ්‍යාත කුශල කර්මයා ගේ ඉෂ්ට විපාක විශේෂය ප්‍රකාශ කළ සේක.\n\n(කඨින වංසය ඇසුරිනි)\n\nදේවාවරෝහණය\n\nඇසළ පුර පසළොස්වක් පොහෝ දිනයක සැවැත් නුවර ගණ්ඩම්බ රුක් මුල දී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමා මහ ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් ගේ තද බල සිඳ බිඳ දමා මුළු ගැන් වූ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වැනි වස ගත කරණු පිනිස තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් දෙව් රදුන් ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන සියලු දෙවියනට විජම් බණ (අභිධර්මය) දෙසු සේක. බුදුහු වස් තුන් මස ම දෙවියනට අභිධර්මය දෙසූ හ. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් දුට හ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය. පුරා තුන් මසක් මුළුල්ලෙහි බුදුරදුන් දැක ගන්නට නො ලැබුණු සැවැත් නුවර වාසී මහා පිරිස උන්වහන්සේ පෙරළා මිනිස් ලොවට වැඩම වන තෙක් බලාපොරොත්තු වෙමින් සියලු තොරතුරු මුගලන් ආදී හිමිවරුන් ගෙන් අසමින්, චුල්ල අනාථපිණ්ඩික සිටුතුමා විසින් පිළියෙළ කොට තැබූ දන් වැට පිළිගනිමිනි එක් තැනකට රැස් වී කඳවුරු බැඳගෙන හුන් හ.\n\nවප් පුර පසළොස්වක් පොහෝ දිනය එළඹියේ ය. පුරා තුන් වසක් මුළුල්ලෙහි සක් දෙව් රදුන්ගේ පඬු ඇඹුල් සලස්නෙහි වස් වසා වැඩ විසූ බුදුරජාණන් වහන්සේ එහිදී වස් පවාරණය කොට මිනිස් ලොවට වඩින බව සක් දෙවිඳු හට වදාළ හ. මහා පවාරණය සිදු කොට වප් පුනු පොහෝ දා තව්තිසා දෙව්ලොවින් සංකස්ස නගරද්වාරයට බුදුරජාණන් වහන්සේ වඩින සේක, යන සම්බුද්ධාගමනයේ කර්ණරසායන මිහිරි පණිවුඩය සැවැත් නුවර පුරා ම තිස් යොදුනක් පමණ ප්‍රදේශයෙත් දස දහසක් සක්වලත් පැතිරී ගියේ ය.\n\nඑබස් ඇසූ මහ පිරිස සංකස්ස නගරද්වාරයට රැස්වන්නට වූහ. දිව්‍ය බ්‍රහ්ම සමූහයා‍ ගේ පඤ්චතූර්ය වාදනයෙන් හා මුළු ලොව ම බුදු මහිමයෙන් ඉපිලැ නැගෙන සාධු නාදයෙන් රැව් පිළිරැව් දෙද්දී තිලෝගුරු සම්බුදු රජානන් වහන්සේ සුර නර දෙපස මහා පෙරහැර මැද්දේ තව්තිසා දෙව්ලාවින් දඹදිව සකස්පුර දොරට මහ පෙළහර පාමින් වැඩි සේක. මේ අසිරිමත් බුදු මහිමය සිදු වූයේ වප් පුනු පොහෝ දිනයක ය. ශ්‍රී ශරීරයෙන් සමණක් ගන බුදුරැස් විහිදුවමින් දෙව්බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගරයට වැඩි මොහොතහි ඒ අසිරමත් පෙළහර දුටු බුදු සිරි බලා බුදුවන්නට නො පැතූ කෙනෙක් නැත්තා හ. ඒ විස්මය දුටුවා වූ සැරියුත් මහ රහතන් වහන්සේ සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රී පාදය වැඳගෙන හෙව මෙවැනි බුද්ධ ශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින් ෂඩ්වර්ණ රශ්මී මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බුද්ධාලම්බන ප්‍රීතියෙන් උතුරා ගිය හදවතකින් යුතු ව,\n\n“නමෙ දිට්ඨො ඉතො පුබ්බෙ - නස්සුතො උදකස්සචි\n\nඑවං වග්ගු වදො සත්ථා - තුසිතා ගණිමාගතා”\n\nයනාදීන් මුව නො සෑහෙන ස්තූතියෙන් ප්‍රශංසා කළ හ. ඉක්බිති සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ගේ පෙළහරෙහි කුළු ගන්වමින් සම්ප්‍රාප්ත වූ පර්ෂදයට ධර්ම දේශනා කොට වදාරණ සේක්.\n\n“යෙ ඣාන පසුතා ධීරා - නෙක්ඛම්මූපසමෙරතා\n\nදෙවාපි තෙසං පිහයන්ති - සම්බුද්ධානං සතී මතං”\n\nයන ගාථාව වදාළ හ. ඒ ගාථා කෙළවර තිස් කෙළක් ප්‍රාණීහු අමාමහ නිවන් දුට හ. එය අසා සැරියුත් මාහිමියන් ‍ගේ සද්ධි විහාරික පන්සියයක් පමණ භික්ෂූහු රහත් වූහ.\n\nගාථාවේ අදහස:\n\nයම් ප්‍රාඥ කෙනෙක් ආලම්බනෝප නිධ්‍යාන ලක්ෂණෝප නිධ්‍යාන වශයෙන් දෙවැදෑරුම් වූ ධ්‍යානයෙහි ආවජ්ජනාදී පඤ්ච වශිතාවන් ගේ වශයෙන් යෙදී වාසය කෙරෙත් ද? නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමය වූ නිර්වා‍ණයෙහි ඇලුණාහු වෙද් ද, ස්මෘති සම්පන්න වූ ඒ සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙති යනු යි.\n\nමෙහි දී සිදු වූ තවත් ආශ්චර්‍ය්‍යවත් සිද්ධියක් නම් බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද න්‍යාය ක්‍රමයක් අනුව තථාගතයන් විසින් නඟන ලද ප්‍රශ්න මාලාව විසඳා ලූ සැරියුත් මාහිමියෝ ඒ මහාජන සන්නිපාතය මධ්‍යයෙහි දී උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් අතුරෙන් ප්‍රඥාවෙන් අගතැන්පත් මහා ශ්‍රාවකයන් වහන්සේ හැටියට පැවැසූහ. මේ සිද්ධිය වූයේත් වප් පුනු පොහෝ දිනයක ය.\n\nමෙතේ බෝසත් තුමා පැවිදි වීම\n\nදේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් පැහැදුණු අප්‍රමාණ ජන සමූහයා බුදු බව පැතූහ. එයිනුදු බොහෝ දෙනෙක් සසුන් හි පැවිදි බව ලැබූහ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය යන මේ මහා සමාගමය මධ්‍යයෙහි සැරියුත් හිමියන් හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්න විසර්ජනයන්ට සවන් දී සිටි මෛත්‍රිය බෝධිසත්ත්වයන් වහන්සේ ඉමහත් ප්‍රාසාදයට පත් ව පැහැදී පැවිදි වූහ. මෙයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි ලොව්තුරා බුදු බවට පැමිණෙන මෛත්‍රෙිය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරදුන් ගේ ශාසනයෙහි පැවිදි බවට පත් ව වදාළේත් වප් පුනු පොහෝ දිනයක ය.\n\nදඹදිව යැවූ රාජකීය දූත පිරිස\n\nමහින්දාගමනයෙන් ලංකාවේ ඇතිවුණු ආගමික ප්‍රබෝධය උදක් පිරිමි පක්ෂයට පමණක් සීමා නො වී ය. කාන්තා පක්ෂය ද පිරිමින් ට නො දෙවෙනි වන සේ ක්‍රියා කොට ඇත. ආගමික කටයුතු විෂ‍යයෙහි කවදත් කාන්තා පක්ෂය දක්වනුයේ පිරිමින්ට වඩා උද්‍යෝගයක් බව කීව ද වරදක් නො වේ යැ යි සිතේ. මිහිඳු මාහිමියන් ගෙන් බණ අසා පළමු ව මග පල ලැබුවෝ අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පක්ෂය යි. ශාසන ගත ව පැවිදි කම් ලැබීමට කාන්තා පක්ෂයට අවශ්‍ය විය. අනුලා දේවිය ප්‍රධාන කුල කතුන් සසුන් ගත කිරීමට සංඝමිත්තා මහරහත් මෙහෙණිය ඇතුළු භික්ෂූණී සංඝයාත් ජය ශ්‍රී මහා බෝධිද්‍රැමයේ දක්ෂිණ ශාඛාවත් මෙහි වැඩමවා ගැනීම සඳහා අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන් ගේ නියමයෙන් දෙවන පෑතිස් රජතුමා ගේ සන්දේශයත් සතුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවනු පිණිස පිටත් කොට යවන ලද්දේත් වප් මහා ශුක්ල පක්ෂයෙහි දෙවැනි දිනයක ය. ලංකා වාසී කාන්තා පක්ෂයට මහත් ආශිර්වාදයක් වූ භික්ෂුණී ශාසනයත්, ලංකා වාසී බෞද්ධ මහ ජනතාව‍ ගේ ඓතිහාසික ශ්‍රෙෂ්ඨතම පූජනීය මහාර්ඝ වස්තුවක් වූ ජය ශ්‍රී බෝධිරාජයා ගේ දක්ෂිණ ශාඛාවත් වැඩම වීමට රාජකීය දූත පිරිස යැවූ මෙදවස හෙළ බොදු බැතිමතුන් ගේ හදවත් තුළ සැදැහැබැති වැඩීමට හේතුවන වැදගත් ශාසනික දිනයෙකි.\n\nවිනය සංගායනාව\n\nලංකා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා උදාර සේවයක් සිදු කළ දේවානම් පියතිස්ස රජ තෙමේ මිහිඳු මාහිමියන්ගෙන් ලංකාද්වීපයෙහි ශාසනය පිහිටියේ දැ”යි විචාළේ ය. “එසේය, මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තව ම මුල් බැස නැත” යනුවෙන් උන්වහන්සේ ගේ පිළිතුර විය. ශාසනය මුල් බැස ගන්නේ කෙසේ දැ”යි තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙල දිවයිනෙහි සිංහල මවුපියන් හට උපන් දරුවෙක් මෙහි දීම පැවිදි ව විනය ඉගෙන ගෙන මේ දිවයිනෙහි දීම විනය උගන්වයි ද එකල්හි බුද්ධ ශාසනය මුල් බැස ගත්තා වන්නේ යැ”යි මිහිඳු මා හිමියෝ පැහැදිලි කළ හ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහාරිට්ඨ හිමියනට මේ සුදුසුකම් සියල්ල ම පිහිටා තිබුණේ ය. එබැවින් විනය සංගායනාවක් පැවැත්වීමට නො පමාව ම විධි විධාන යොදන ලදී. අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ මහාරිට්ඨ සිංහල රහතන් වහන්සේ ඇතුළු මහ රහත් මාහිමිවරු අට සැට නමක් දහසක් බැගින් භික්ෂූ පිරිවර ඇති ව ථූපාරාමයෙහි රැස් වූහ. මහාරිට්ඨ මහරහතන් වහන්සේ මිහිඳු මාහිමියන් ගේ අනුදැනීමු ඇති ව ථුපාරාම විහාර මධ්‍යයේදී මහා සංඝයා විසින් පිරිවරන ලදුයේ වප් මස පසළොස්වක් ලත් පෙ‍රවස් පැවුරුණු දිනයෙහි විනය පිටකය සංගායනා කළ හ. ලංකා ශාසන ඉතිහාසයෙහි අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනා ව මහාරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද්දේත් වප් පුනු පොහෝ දිනයක ය.\n\nබෝධි අංකුරය\n\nබුදුරජාණන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි ලක්දිව මහා බෝධිය පිහිටුවනු පිනිස අශෝක අධිරාජයා බෝධිද්‍රැම රාජයාණන් වෙත ගිය කල්හි ජය ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව අයත්නයෙන් ම සිඳී රන් කටාභයෙහි පිහිටා සිටියේ වප් පුර පසළොස්වක් පොහෝ දිනයක ය. දඹදිව රාජ්‍යයෙන් තෙවරක් පිදුම් ලද බෝධි ශාකාව ඉල් මස පෙර පස පළමු පෑළවිය දිනයෙහි අශෝක රජතෙමේ ඔසවාගෙන ගෙල පමණ දියට බැස නැවෙහි පිහිටුවා පිරිවර සහිත වූ සඟමිත් තෙරණිය ද නැවට නංවා අරිට්ඨ ඇමතිහට “පුත, මම මහා බෝධිය තෙවරක් මුළු දඹදිව රාජ්‍යයෙන් පුදා ගෙල පමණ දියට බැස මාගේ යහළුවාට යැවීමි, එතෙමේ ද මෙපරිද්දෙන් ම මහා බෝධිය පුදාවා”යි දන්වා සිටියේ ය.\n\nමේ නයින් සලකන විට මහා පවාරණ දේවාවරෝහණය සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම මෙතේ බෝසතුන් සසුන්හි පැවිදි බව ලැබීම - අරිෂ්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිසේ ගමනාරම්භය ආදී අසිරිමත් ආගමික කරුණු රැසක් සිදුවුණු වප් පුනු පොහෝ දිනය බෞද්ධයන් ගේ ප්‍රධාන ආගමික දිනයෙකි.\n\n", "role": "assistant" } ]
[ { "content": "විසල් සී මැදුර කියන එනේ තේරුම් කියන්නකො", "role": "user" }, { "content": "පුරාණ මාළිගාවල සහ විශාල මන්දිරවල ඉහළම තට්ටුච තනි කුටියක් ලෙස සාදා තිබුණි. මෙහි හතර පැත්තේම කවුළු තිබුණේ හතර දිසාවම නිරීක්ෂණයටයි. මේ කවුළු සිව්මැදිරි කවුළු ලෙස හැඳින්වූ අතර එම කුටිය සිව් මැදුර විය. සී මැදුර කියන්නේද එයමයි.", "role": "assistant" } ]
[ { "content": "ජෛව විවිධත්වයේ වටිනාකම් හේතුවෙන් , \" සාගර වැසි වනාන්තර \" ලෙස හඳුන්වන්නේ මොනවාද ?", "role": "user" }, { "content": "කොරල්පර .", "role": "assistant" } ]
[ { "content": "කමත් බසෙන් කටුමාන යනු කුමක්ද?\n", "role": "user" }, { "content": "කාටුව එකතු කිරීමට යොදා ගන්නා උපකරන", "role": "assistant" } ]
[ { "content": "කටාර් පාර්ලිමේන්තුව හැඳින්වෙන නම කුමක්ද?", "role": "user" }, { "content": "කටාර් පාර්ලිමේන්තුව 'ෂූරා කවුන්සිලය' යනුවෙන් හඳුන්වයි.", "role": "assistant" } ]
[ { "content": "ඉන්දියාවට පැමිණීමට පෙර ආර්‍යයන්ගේ වාසභූමිය වූයේ කුමක්ද?", "role": "user" }, { "content": "ඉන්දියාවට පැමිණීමට පෙර ආර්‍යයන්ගේ වාසභූමිය වූයේ මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තණබිම්ය.", "role": "assistant" } ]
[ { "content": "\"පරිගණකයේ පියා\" ලෙස හඳුන්වන්නේ කවුද?", "role": "user" }, { "content": "\"පරිගණකයේ පියා\" ලෙස චාල්ස් බැබේජ් මහතා හඳුන්වයි.", "role": "assistant" } ]
[ { "content": "\"නිරතුරු\" විසන්ධිය දක්වා සන්ධිකාර්ය දක්වන්න.", "role": "user" }, { "content": "නි + අතුරු\nනි +ර්+ අතුරු\nනිරතුරු\n(ආගම සන්ධිය)\nඅතුරු යන පදය තද්භව රූපයකි. එයට \"නි\"යන සිංහල උපසර්ගය මිස \"නිර්\" යන සංස්කෘත උපසර්ගය එක් කළ නො හැක.\nහරියට ම නො දැන තම පාණ්ඩිත්‍යය පෙන්වීමට අදහස් දක්වන්න එපා. (දුහුනන් නොමග යන බැවින් )", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ වහලය ලෙස හඳුන්වන ස්ථානය නම් කරන්න.", "role": "user" }, { "content": "ටිබෙට් සානුව \"ලෝකයේ වහලය\" ලෙස හැඳින්වේ. එය පෘථිවියේ උසම සහ විශාලතම සානුව වන අතර, මීටර් 3,000 සිට 5,000 (අඩි 10,000 සිට 16,000 දක්වා) උසකින් යුක්ත වේ. එය මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක් පුරා විහිදෙන අතර ලොව උසම කඳු මුදුන් කිහිපයක්ද ඇතුළත් වේ. \nඑපමණක් නොව, විශාල ටිබෙට් සානුව පිහිටා තිබෙන ටිබෙටයද \"ලෝකයේ වහලය\" යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලැබේ.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකාවේ වර්තමාන අගවිනිසුරුවරයා වන්නේ", "role": "user" }, { "content": "ජයන්ත ජයසූරිය මහතා\n", "role": "assistant" } ]
[ { "content": "ලොව උසම කන්ද කුමක්ද?\n", "role": "user" }, { "content": "ලොව උසම කන්ද වන්නේ නේපාලය සහ චීනයේ ටිබෙට් ස්වයං පාලන කලාපය අතර මායිමේ හිමාල කඳුකරයේ පිහිටා ඇති එවරස්ට් කන්දයි. එහි නිල උස, 2020 දී චීනය සහ නේපාලය විසින් කරන ලද ඒකාබද්ධ සමීක්ෂණයකට අනුව, මුහුදු මට්ටමේ සිට මීටර් 8,848.86 (අඩි 29,031.7) කි.\n\nකෙසේ වෙතත්, එවරස්ට් කන්ද මුහුදු මට්ටමේ සිට උසම කන්ද වන අතර, පාදමේ සිට කඳු මුදුන දක්වා උසම කන්ද හවායි හි මවුනා කී බව සඳහන් කිරීම වටී. මුහුදු මට්ටමේ සිට එහි උස මීටර් 4,207.3 (අඩි 13,803) පමණක් වන අතර, සාගර පතුලේ එහි පාදමේ සිට මනින විට, එය මීටර් 10,000 කට වඩා උසයි.", "role": "assistant" } ]
[ { "content": "අමාවතුර අනුවාදමාර්ගය ගැන විස්තර කරන්න.", "role": "user" }, { "content": "ආචාර්ය ගුරුළුදැමියන් ධර්මවිනයෙහි දු සමයාන්තරයෙහි දු ශබ්ද ශාස්ත්‍රයෙහි දු කාව්‍යනාටකාදියෙහි දූ කෙළපත් මහ පඬිවරයකුසෙ ‘ධර්මප්‍රදීපිකා’යෙන් වුව ද දත හැකි යැ. ධර්මව්‍යාක්‍යානයෙහි ලා ඔවුන් දක්වන චාතුර්යය අත්‍යර්ථයෙන් මැ විස්මය එළවයි. අර්ථොද්ධාර යැ, නිරුක්ති යැ, පර්යායවවනයැ, ප්‍රත්‍යයොද්ධාරයැ, ප්‍රත්‍යයාර්ථ දිපන යැ, සාධක යැ, ආප්තවචන යැ යනාදි ව්‍යාඛ්‍යානාඞ්ග ඔවුන් ගේ ‘ධර්මප්‍රදීපිකා’ නම් ව්‍යාඛ්‍යානමාර්ගයෙහි බෙහෙවින් දක්නා ලැබේ. ඒ මතු ද නො වේ. එක් මැයෙකින් මැය වැළක් මවා-ගෙනැ ව්‍යාඛ්‍යානමාර්ගය පළල් කිරීමෙහි දු සමර්ථ වෙති. මෙ යැ, නිදර්ශනයෙක් නම්:\n\n“දහනපරිගතා වීය කුඤ්ජරො වනගහනා ගෙහා නික්ඛමිත්වා-යන මෙයින් මහාපුරුෂයා ශ්‍රද්ධාදිපඤ්චධර්මයෙහි සිට පඤ්චදුශ්ශීලයෙහි ආදීනව දැකැ පඤ්චසීල හා උපොසථසීල ගිහිගෙයි සිට පිරියහැකි වූ ද, සර්වාකාරපරිපූර්ණ කොට සමාධිපදස්ථාන වූ බ්‍රහ්මචර්යා පුරන්නට අශක්‍යයෙන් ‘මනාපකායිකා’ නම් දෙවතාවන් බඳු අභිරූප ස්ත්‍රීන් විසින් රම්‍ය වූ ගිහි ගෙ පියා ලැව්ගිනි ගත් වනගහනයෙකින් නික්මෙන ඇතක්හු සෙයින් නික්මුණු පරිදි කීහු”\n\n‘ධර්මප්‍රදීපිකා’යෙහි ලා එන තෙල වැකියෙහි දී “දහනපරිගතා” යනාදි පාඨය මැය කොට තබා-ගෙනැ එයින් මැ ශ්‍රද්ධාදි පංචධර්මයෝ යැ, පංචදුශ්ශීල යැ, ප්‍රාණවධයෙහි ආදීනව යැ, අදත්තාදානයෙහි ආදීනව යැ, කාමමිථ්‍යාචාරයෙහි ආදීනව යැ, මාෂාවාදයෙහි ආදීනව යැ, සුභාෂිතවචන යැ, මද්‍යපානයෙහි ආදීනව යැ, පංචශීල යැ, ශීලඵල යැ, පෞෂථශීල යැ, පෙහෙවස්හි ඵල යැ, දිව්‍යසුඛ යැ, මනාපකායිකදෙවතාවො යැ, මනාපකායික දෙවත්වය කරන අෂ්ටධර්ම යැ, ස්ත්‍රීන් අභිරූප වන්නට හෙතු යැ යි ෂොඩශමාතෘකාවක් මතු කොට ගෙනැ පෙළිනුදු අටුවායෙනුදු ආප්තවචනයෙනුදු ප්‍රමාණ ඇරැ පාමින් සුවිස්තර ධර්මව්‍යාක්‍යානයක් කරති. එහි අවසනැ “මෙතෙකින් ‘දහනපරිගතා විය කුඤ්ජරො වනගහනා ගෙහා නික්ඛමිත්වා’ යනුයෙහි සම්භව වන පරිකථා උද්දේශයෙන් දක්වන ලදි.” යනු කියමින් තමන් මෘතෘකා නැඟු සැටි දු කියති. අල්පවස්තුවක් ව්‍යාසවශයෙන් වින්‍යාස කිරීමෙහි ලා මොවුන් තුළ පැවැති පාරිණත්‍යය මෙයින් පෙනේ.\n\n“ශ්‍රමණඵල නම් කවරැ ය ක්: ජාති ජරාමරණදුඃඛයෙන් පරිමුක්ති යැ”\n\nමෙ ද ‘ධර්මප්‍රදීපිකා’ යෙහි එන වාක්‍යයෙකි. මෙහි “ගර්භාවක්‍රාන්තිමූලක දුඃඛ යැ, ගර්භපරිහරණ මූලක දුඃඛ යැ, ගර්භවිපත්ති මූලකදුඃඛ යැ, විජායනමූලකදුඃඛ යැ, ගර්භයෙන් බහිර්නිෂ්ක්‍රමණමූලකදුඃඛ යැ, ආත්මොපක්‍රමමූලකදුඃඛ යැ, පරොපක්‍රමමූලකදුඃඛ යැ යනාදි අනෙක දුඃඛයනට මුල් වන බැවින් ජාතිය දුකෙකි” යනාදී විසින් කියැ යුතු ඉතා පළල් ධර්මකථාවක් දෙ තුන් වචනයෙකින් කෙටි කොට කියා ඒ දුඃඛයෙන් පරිමුක්තිලක්ෂණ නිර්වාණපදප්‍රාප්තිය ද එක් මැ වචන යෙකින් සැකෙවින් කියත්. ‘ශ්‍රමණඵල’ය මාතෘකා කොට ‘රතනාවලි’ය සා මහත් පොතක් ලියූව ද, ගුරුළුගොමීන් ගේ තෙල කෙටි වැකියෙහි එ හැම ඇතුළත් වෙයි. සුවිස්තර ඇති දැයෙහි සාරය හකුළා කීමෙහි චාතුර්යය මෙයින් පෙනේ.\n\nහැකුළු දැය අරුත් විසින් පළල් කොට ලිවීමෙහි දූ පළල් දැය හකුලා ලිවීමෙහි දූ යම් කෙනෙක් සමර්ථ වෙත් නම් එබඳු සමර්ථයෝ දුර්ලභයහ. එ බඳු සමර්ථ ලේඛකයන් කෙරෙහි දූ ගුරුළුගොමීන් නෙත්තියෙහි මැ සිටුනාසෙ මෙහි අළ නිදර්ශන කිහිපයෙක් දත හැකි යැ. ගුරුළුගොමීන් ගේ අනන්‍යසාධාරණ පද ඝටනාව ඔවුන් ගේ විශේෂය කියන විහ්නයක් වුව ද, “පාළියෙහි පද සිටි සැටියෙන් ගත් ඡායාමාත්‍ර මිසැ උන් ගේ විශේෂදක්ෂතා නො වෙති”යි කියනුවෝ ඇත. “ථුතිමංගල ගීතෙහි” යන මෙහි පරිකථා ද “බොධිගුත්තාදිහි පාලිතො” යන මෙහි පරිකථා දැයි ඔවුන් කළ ඉබොහෝ පරිකථා බලත් මැ, ඒ අනන්‍යසාධාරණ පදඝටනාව ඇත. ඒ පරිකථා පාළිපාඨයෙක අනුවාද නො වේ. පාළිපාඨයෙක ඇසිරි ඇත ද, නැත ද, ඔවුන්ගේ පදඝටනාව නම් ඔවුන් මැ ගේ විශේෂය දක්නට නුවණැතියන් යන ඝණ්ටාපථයෙකි. ඔවුන් ‘ධර්මප්‍රදීපිකා’යෙහි දී සියබසින් ‘කලිඟු කථා’ව ලියමින් පළ කළ අනන්‍යසාධාරණ පදඝටනාව පිණිසැ කිසි දු පාළිපාඨයෙකැ ආශ්‍රයෙක් නැත.\n\nපන්සියපනස් ජාතක පොත ‘ජාතකට්ඨකථා’යෙහි අනුවාදයකි. සද්ධර්මරත්නාවලිය ‘ධම්මපදට්ඨකථා’යෙහි අනුවාදයෙකි. සද්ධර්මාලංකාරය ‘රසවාහිනි’යෙහි (-සහස්සවත්ථුයෙහි) අනුවාදයකි. සිංහලබොධිවංශය ‘පාළිබොධිවංස’යෙහි අනුවාදයකි. සිංහල ස්තූපවංශය ‘පාළිථූපවංස’යෙහි අනුවාදයෙකි. එළුඅත්තනගලුවංශය ‘හත්ථවනගල්ලවිහාරවංස’යෙහි අනුවාදයකි. සද්ධර්මරත්නාකරය ‘සාරසංගහ’ නම් ග්‍රන්ථයෙහි අනුවාදයකි. මෙසේ පෙළබසින් වැටෙමින් ආ බොහෝ දැය පුරාණාචාර්යවරයෝ සියබසින් අරවා තැබූහ. ගුරුළුගොමීහු මතු නො වෙති. පෙළ ඇසිරි කොට පොත් කළ බොහෝ ඇදුරුහු ඇත. එසේ වුව ද, එ හැම පොත් එක් පසෙක තබා ගුරුළුගොමින් කළ ‘අමාවතුර’ විරුදු පසැ තබා ශ්‍රැතිරම්‍ය වූත්, විමර්දක්ෂම වූත්, ක්‍රමබද්ධ වූත් වාක්‍යවශයෙන් අගය නඟත් මැ, එහැම පොත් එක වට මඩනට ‘අමාවතුර’ සමත් වෙයි.\n\nගුරුළුගොමින් ගේ අනුවාදයෙහිත් සෙසු ඇදුරන් ගේ අනුවාදයෙහිත් දක්නා ඉමහත් අතුර එයට හේතු වෙයි. සෙසු ඇදුරුහු පාළිපාඨය හෝ අටුවාපාඨය හෝ ඇසිරි කොට ගෙනැ තමන් සැපැයූ උපමායෙන් තමන් සැපැයූ පරිකථායෙන් සදමින් අනුවාද කෙරෙති. විදැහු මොණරපිල් කලබක් සෙයින් මූලපාඨය පළල් කොට දක්වති. එයින් මැ ඔවුන් ගේ චාතුර්යය හා බහුශ්‍රැතභාවය හා දක්වති. ගුරුළුගොමීහු අමාවතුරෙහි ලා එමඟ නො ගනිති. ඔහු මූලපාඨය අඩු වැඩි නො කොට සියබසින් අරවා තබත්. තමන් සැපැයූ උපමාවක් හෝ විස්තරයක් හෝ එහි ලා නො කියත්. අංගුලිමාල දමන, නාලාගිරි දමන, නන්දොපනන්දදමන, ආළවකදමන, සච්චකදමන, බකබ්‍රහ්මදමන යන මේ කථා ‘බුද්සරණෙ’හි ලියූ සැටි හා ‘අමාවතුර’හි ලියූ සැටි හා සසඳන්නේ යැ. ‘රතනාවලිකාර’යන් අටුවා අනුවාද කරන සිටි දූ ගුරුළුගොමින් අටුවා අනුවාද කරන සැටි දූ සසඳන්නේ යැ. ඒ සැසැදිල්ලෙන් සෙස්සන් ගේ අනුවාදමාර්ගයෙහි මහත් අතුර පැහැදිලි වෙයි. ගුරුළුගොමිහු ශ්‍රැතිරම්‍ය වූත්, විමර්දක්ෂම වූත්, වචන යොදමින් මූලපාඨයෙහි බැසැ සිටුනා අර්ථය හකුළා ගෙනැ එහි ඇති සැටි මැ මිසැ නො කියති. ඔවුන් ගේ අනුවාදයෙහි දී විස්තෂ්ට සඳහා වත් මූලපාඨය අඩු වැඩි නො කෙරෙති. එසේ ද වත්, ගුරුළුගොමි ඇදුරිඳු බුත්සරණකාරයන් සෙයින් රතනාවලිකාරයන් සෙයින් කථා වස්තුවක් රස ඔවා විදහන්නට අසමර්ථයහයි නොසිතියැ යුතු යැ. ‘ධර්මප්‍රදීපිකා’යෙහි ලා ‘කලිඟුකථා’ව රස ඔවා විදහා කීමෙන් වස්තුවිකාශනයෙහි පරමාචාතුර්යය දක්වා-ලූ හෙයිනි.\n\nගුරුළුගොමීහු කථාශරීරයෙහි පිරැවිය යුතු තැනක් දුට අන් අටුවායෙකින් කරුණු ලා එ තැන පුරවනු මිසැ හානි නො කරති. ‘අමාවතුරෙහි’ එන ‘ස්වසන්තානදමන’ය නම්, ‘ජාතකඅටුවා’යෙහි එන ‘අවිදුරනිදානකථා’ව ඇසිරි කොට ගෙන කළ අනුවාදයෙක් වේ. එහි “සිංහයො නාද කෙරෙති” යනුදු “තුඩු දසදහසක් සක්වළැ සතලිස් දහසක් වරම් රජහු සහපිරිවරින් අවුදු ගබ්දොර පහාදොර පටන් ගෙනැ සක්වලගල් දක්වා වටා අරක් ගත්හු” යනුදු “නැහැ හඬවනුවන්” යනුදු “දුගඳ වා විහිදුනවුන්” යනුදු ‘අවිදුරනිදානකථා’යෙහි නැත. එසේ වුව ද, ඒ ඒ කරුණු අන් තැනෙකින් ගෙනැ යොදති. ‘පරසන්තාන දමන’ය ද ‘ජාතකඅටුවා’යෙහි මැ අනුවාදයෙක් වේ. එහි “එ කල්හි සැරියුත් මුගලන් දෙ දෙන දෙසිය පනස් දෙනකු ගෙනැ බුදුන් කරා එළඹැ එහිභික්ඛුභාවයෙන් පැවිජි වැ සහ පිරිවරින් රාත් වැ අගසවුතන් පත් වූහු” යනු දු “එක්බිති කොසොල් රජහු දු සමන්කුමාරි පන්සියක් රථපිරිවරින් ගඳමල් ගෙනැ නික්මුණු” යනුදු අන් තැනෙකින් ගෙනැ යොදති. ‘ජාතක අටුවා’යෙහි ‘සන්තිකනිදානකථා’යෙහි මෙ කරුණු නො එයි. මතුයෙහි දු ඒ ඒ තැනැදී අවශ්‍ය දැය අන් තැනෙකින් ගෙනැ ඌනපුරණ කරනසෙ මූලපාඨ හා අනුවාද හා සසඳත් මැ දත හෙන්නේ යැ. ගුරුළුගොමින් ඒ ඒ පරිච්ඡේදයෙහි අනුවාද සඳහා යම් මැ අටුවාකථාවක් ඉදිරියෙහි තබාගත ද, කිසි තැනෙක දී ඒ අටුවාකථායෙහි සඳහන් නොවන කරුණත් තෙවළායෙහි ඒ ඒ තැනින් නඟා ගෙනැ එහි ගළපා ලන සැටි සමහරු නො දනිති. එ නො දැනැ අනුවාද, මාත්‍රයෙහි සමත්සෙ කියා ගුරුළුගොමින් පසසන්නාහු බොහෝහ.\n\nගුරුළුගොමිහු පෙළ අටුවා නො තබා දත් නුවණ හා විස්මයාවහ ප්‍රතිහාශක්ති හා තමන් කළ ගත්ති ලා දක්වති. ‘අමාවතුරෙ’හි ‘දුරදාන්තදමන’ නම් ප්‍රථම පරිච්ඡේදය වුව ද, ඔවුන් ගේ විස්මයාවහ ප්‍රතිභාගතිය කියා පානට නිසි නිබන්ධයෙකි. ඒ පරිච්ඡේදය මූලපාඨයෙකැ අනුවාදමාත්‍රයෙක් නො වේ. සියබසෙහි එන පැරැණි පද්මිණි පියන්පත ඒ ප්‍රථමපරිච්ඡේදය වේ. ඒ ඒ විෂය පිණිසැ ජාතකථා දෙසිය පහක් පමණ සිමිදැ - ගෙනැ දාවත්මුතුවැළින් ඒ පියන්පත විසිතුරු කළසේ පෙනේ. ‘ජාතකකථාසංග්‍රහයක්’ හෝ ඇසිරි කොට ගෙන අමාවතුරෙහි ප්‍රථමපරිච්ඡේද ලියන ලදැයි නොකියැ යුතුයැ. ‘ධර්මප්‍රදීපිකා’යෙහි දී “ජින්නං මෙ ගිනිබන්ධනං” යනුවට පරිකථා කරමිනුදු ගුරුළුගොමිහු ජාතකපොතෙහි ලා පැවැති කෞෂල්‍යය දක්වති. ජාතක අටුවායෙහි ගත් භාණ්ඩුකර්ණ-පාණ්ඩුකර්ණාදීන් ගේ පවත් ඈ නොඑක් දෑ ‘ධර්මප්‍රදීපිකා’යෙහි නොඑක් තැනැ නො පැකිළැ පැවැති නුවණ මැ ඔවුන් ගේ එළියසෙ පෙනේ. ගුරුළුගොමිහු තම නැණපමණින් දුටුවා මිසැ මෙරමා ගේ සංග්‍රහයන් තමන් සැපැයූ දැය සෙයින් පැහැරැ ගෙනැ සිය ගත්හි ලා ලොව වළහමින් වියත්කම් නොකියනු වෙති. ‘දුර්දාන්තදමන’ පරිච්ඡේදය මැ ගුරුළුගොමින් නවඟසසුන්හි එක අඟෙකැ පුහුණු ලත් සැටි කියතුදු එහි ලා විමති පහළ කරන අය ද මෙ කලැ ඇත. අනෙක් ශාසනාංගයෙහි ඔවුන් වියත්කම් දක්වන සැටි ‘ධර්මප්‍රදීපිකා’ යෙහි දී පෙනෙනුයෙන් අපට මෙහි විමතියෙන් නැත. ඔවුන් ගේ ආගමධරභාවය සඳහා ‘අමාවතුර’ උසස් නොවේ. ‘අමාවතුරෙ’හි එන බුද්ධචරිත හැම දා බෞද්ධයන් කෙරෙහි පළට වැ ඇත. බෞද්ධයන් දන්නා දැය වුව ද, එය කියන බසෙහි බැසැ සිටුනා රසය නිසා ‘අමාවතුර’ හෙළයනට රසව් පොතෙක් වි යැ. එයින් මෙහි වටනා කම නම් බස අතින් ඇති වටනාකම වේ. ගුරුළුගොමිනුදු සියබස පිණිසැ මැ මෙ ගත් කළසෙ සිතියැ හෙයි. සෙස්සන් වචන ශතයෙකින් කියන දැය තමන් දෙ තුන් වචනයෙකින් කියන හෙයිනුදු එ දෙ තුන් වචනය ද පවා විමර්දක්ෂම වත් මිසැ බොරු බස් නොවන හෙයිනුදු හෙළදිවැ පළ පැරැණි පදවැළ හා වියත් වැකි මිසැ කිලිටි පද හා නොවියත් වැකි නො ලියන හෙයිනුදු වියරණ වැට නො බිඳැ රැකැගන්නා සැටි දක්වන හෙයිනුදු වැකි බැඳුමෙහි දී පැරැණි හෙළ නියර මැසැ දෙමළ නියර අනු වැ නොයන හෙයිනුදු මූල පාඨයෙහි තුබූ සැටි මා සියබසින් අරවා තබනු මිසැ අඩු වැඩි නොකරන හෙයිනුදු ගුරුළු ගොමීන් ගේ ‘අනුවාද’ය ඉස් වටා බණන්නක්හු සෙයින් හැම තැනැ මතු වෙයි.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකාවේ පළමුවෙන් ලබාදුන් කොවිඩ් ආරක්ෂණ එන්නත", "role": "user" }, { "content": "Oxford / AstraZeneca", "role": "assistant" } ]
[ { "content": "ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම ලකුණු සාමාන්‍යය හිමි ක්‍රීඩකයා කවුද?", "role": "user" }, { "content": "ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පිතිකරණ සාමාන්‍යය ඇති ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ය. බ්‍රැඩ්මන්ගේ කැපී පෙනෙන ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 99.94 වන අතර එය දශක ගණනාවක් තිස්සේ පවතින වාර්තාවක් වන අතර ඕනෑම ප්‍රධාන ක්‍රීඩාවක ඕනෑම ක්‍රීඩකයෙකු විසින් ලබා ගත් විශිෂ්ටතම ජයග්‍රහණවලින් එකක් ලෙස පුළුල් ලෙස සැලකේ. මෙම අසාමාන්‍ය සාමාන්‍යය 1928 සිට 1948 දක්වා විහිදී ගිය ඔහුගේ ක්‍රිකට් දිවිය තුල පවත්වා ගෙන ගිය අතර එම කාලය තුළ ඔහු ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කර ශතක 29ක් රැස් කළේය", "role": "assistant" } ]
[ { "content": "පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද?\nතද ", "role": "user" }, { "content": "බුරුල්", "role": "assistant" } ]
[ { "content": "ලෝක ළමා දිනය කවදාද?", "role": "user" }, { "content": "ලෝක ළමා දිනය ප්‍රථම වරට 1954 දී විශ්ව ළමා දිනය ලෙස ආරම්භ කරන ලද අතර එය සෑම වසරකම නොවැම්බර් 20 දින සමරනු ලබන්නේ ජාත්‍යන්තර එකමුතුකම, ලොව පුරා ළමුන් අතර දැනුවත්භාවය සහ ළමා සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා ය.", "role": "assistant" } ]
[ { "content": "අස්වනු මංගල්‍යය කවදාද?", "role": "user" }, { "content": "ශ්‍රී ලංකාවේ නව වසර උදාවත් සමඟ ජ්‍යොතිෂ විද්‍යානුකූලව වී අස්වනු නෙලීමේ කාලයද එලඹේ. එම නිසා ශ්‍රී ලාංකික ගොවි ජනතාව සඳහා අලුත් අවුරුද්ද, සාම්ප්‍රදායික නව වසර මෙන්ම අස්වනු මංගල්‍යයද වේ.", "role": "assistant" } ]
[ { "content": "සද මත පළමුවරට පිහිට වූයේ කුමන රටේ ධජය ද?", "role": "user" }, { "content": "සද මත පළමුවරට පිහිට වූයේ ඇමරිකානු එක්සත් ජනපදයේ ජාතික ධජය යි.", "role": "assistant" } ]
[ { "content": "\"අයෙක් යම් විෂයයක දීර්ඝ කාලයක් නිරත වෙයි ද හේ එහි ප්‍රවීණයෙක් වෙයි.\"\nමේ වාක්‍යය නිවැරදි ද? වියතෙකුගෙන් නිවැරදි පිළිතුරක් අපේක්ෂා කරමි.", "role": "user" }, { "content": "මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලකයන්ට අනුව මෙය සමුද්දේශාර්ථ සර්වනාම ගණයට වැටේ. එම රීතිය උපුටා දක්වමි.\n\"යම්- හේ/ ඒ/ඕ - අනියමාර්ථ. යම් සර්ව නාමය සහ නිර්දේශාර්ථ හේ / ඒ/ඕ සර්ව නාමය එකතු වී ගැළපීමෙන් සමුද්දේශාර්ථය ප්‍රකාශ වේ. මෙම සර්ව නාම යුග්මය යෙදෙනුයේ වාක්‍ය සම්බන්ධයෙහිය.\nයමෙක් නටයි ද හේ අන්ධයෙකි.\nහේ යමක දිටී ද ඕ සැඩොල් දැරියකි.\nහේ යමක් කියා ද එය අපට නො වැටහේ\nආදිය උදාහරණයි.\"\n(සිංහල භාෂා ව්‍යාකරණය, 123 පිට.)\nමේ අනුව ඉහත වාක්‍යය \"අයෙක්...නිරත වෙයි ද, හේ එහි ප්‍රවීණයෙක් වෙයි.\" යනු නිවැරැදි ය.", "role": "assistant" } ]
[ { "content": "රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වූ පළමුවැනි දෙමළ ජාතිකයා කවුද?", "role": "user" }, { "content": "රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වූ පළමුවැනි දෙමළ ජාතිකයා රත්නජෝති සරවනමුත්තු මහතාය ( උතුරු කොළඹ - 1931 ).", "role": "assistant" } ]
[ { "content": "ග්‍රීක දෙවිවරුන්ගේ නිවහන ලෙස ප්‍රකට ග්‍රීසියේ කුමන කන්දද?", "role": "user" }, { "content": "මැසිඩෝනියාවේ ඔලිම්පස් කන්ද ග්‍රීක දෙවිවරුන්ගේ නිවහන ලෙස ප්‍රසිද්ධය. ඔලිම්පස් කන්දේ උසම කඳු මුදුන වන්නේ මිටිකාස් වන අතර එය මීටර් 2,917 ක උසකට ළඟා වේ.", "role": "assistant" } ]
[ { "content": "\"රජ මැදුරක ඉපදී හිටියා නම්\" ගීතය සම්පුර්ණ කරන්න. ", "role": "user" }, { "content": "රජ මැදුරක ඉපදී හිටියා නම්\nනුඹත් රජෙකි පුතුනේ\nහිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි\nඅද නුඹෙ සිරි යහනේ\nහීනෙන් හිනා නොවී\nමා හඬවාපන් මේ රෑ යාමේ\n\nපුංචි පැටික්කන් මග දිග හඬවන සිල්ලර රස කැවිලී\nදුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී\nඅහක බලා ගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ\nහීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ\n\nඉඳහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ\nදිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ\nඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ\nහීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ\n\nමාලනී බුලත්සිංහල\nලූෂන් බුලත්සිංහල\nඑච්. එම්. ජයවර්ධන ", "role": "assistant" } ]
[ { "content": "පහත යෙදුමේ තේරුම කුමක්ද?(කිතුල් කර්මාන්තය හා සම්බන්ධවේ)\nකිතුල් මල්", "role": "user" }, { "content": "කිතුල්ගසේ මල් එනුයේ මුදුනේ සිට පහතටයි. මුදුන්මල ළඟට එන්නේ ඉපියාවයි.මැදීමට පටන්ගන්නේ තුන්වන මල වන බතලේ සිටයි. මුදුන්මල සහ දෙවනි මල වන ඉපියාව කැපීමෙන් අත් හරින්නේ ඒවායේ ඇට මගින් කිතුල් පරම්පරාව බෝවීමටයි.", "role": "assistant" } ]
[ { "content": "දිළිඳුකම පිටුදැකීම කිසිදා නිම නොවන අරගලයක් ද", "role": "user" }, { "content": "ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම ඉතා ඉහළ මට්ටමකට ළඟා විය. ආර්ථික අර්බුදය විසින් සැලකිය යුතු ජනතාවක් අලුතින් දිළිඳුභාවයට ඇද දමන ලදී.\n\nමෙලෙස දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව සහ දරිද්‍රතාවයට පත්වීමේ අවදානමක් ඇති ජනතාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැල් සකස් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාල උපදෙස්වල සඳහන් ව ඇති අතර වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින \"අස්වැසුම\" සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි සතුට ප්‍රකාශ කර තිබේ.\n\nවර්තමානයේ බොහෝ රටවලට මෙම දරිද්‍රතා ප්‍රශ්නය බලපා ඇති අතර, එක දිගට සිදුවන යුද වාතාවරණයන් හමුවේ ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම ද ඊට ප්‍රබලවම බලපා තිබේ.\n\nගෝලීය දිළිඳු බව පිටුදැකීමේ දිනය යෙදී ඇති ඔක්තෝබර් 17 වන විටත්, බොහෝ රාජ්‍යයන් දිළිඳු බව තුරන් කිරීමේ අරගලයක නිරතව සිටියි.\n\nගෝලීය දිළිඳුබව පිටුදැකීමේ දිනයේ ඉතිහාසය\nදරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ ඉතිහාසය 1987 ඔක්තෝබර් 17 වන දින දක්වා ඈතට දිවයයි.\n\nමානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අත්සන් කරන ලද පැරිසියේ දී 1987 ඔක්තෝබර් 17 දා, අන්ත දරිද්‍රතාවට, ප්‍රචණ්ඩත්වයට සහ සාගින්නට ගොදුරුවූ ලක්ෂයකට අධික ජනතාවක් රැස් වී, දරිද්‍රතාව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කළ හ. ඔවුන් එදින ඒ බව සඳහන් සමරු ඵලකයක් ද විවෘත කර තිබෙන අතර එහි අනුරූ ලොව පුරා රටවල්වල තිබේ.\n\nපසුව, 1992 දෙසැම්බර් 22 දින සම්මත කරන ලද 47/196 යෝජනාව මඟින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඔක්තෝබර් 17 දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.\n\nඑම දිනයේ දී රටවල්වල දිළිඳුබව පිටුදැකීමට ගෙන යන වැඩසටහන් ප්‍රවර්ධනය සහ සහය දැක්වීම සිදුවේ.", "role": "assistant" } ]
[ { "content": "බුදුන් වහන්සේ වැඩිම වස් කාල ගණනක් වැඩසිටි විහාරය කුමක්ද ?", "role": "user" }, { "content": "ජේතවන ආරාමය - සැවැත් නුවර .", "role": "assistant" } ]
[ { "content": "එක්සත් ජනපදයේ කුඩාම ප්‍රාන්තය කුමක්ද?", "role": "user" }, { "content": "රෝඩ් අයිලන්ඩ් යනු වර්ග සැතපුම් 1,545 ක් සහිත කුඩාම ප්‍රාන්තයයි. සැසඳීමේදී, විශාලතම ප්රාන්තය වර්ග සැතපුම් 665,400 ක ඇලස්කාව වේ. ඔබට එක් ඇලස්කාවකට රෝඩ් දූපත් 430 ක් සවි කළ හැකිය.", "role": "assistant" } ]
[ { "content": "මුතු සොයාගත හැක්කේ කුමන සතුන්ගෙන්ද?", "role": "user" }, { "content": "බෙල්ලන් ගෙන් ", "role": "assistant" } ]
[ { "content": "ස්පාඤ්ඤයේ ජාතික ක්‍රීඩාව කුමක්ද?", "role": "user" }, { "content": "ගවපොර", "role": "assistant" } ]
[ { "content": "ඉන්දියාවේ සුප්‍රකට \" රන් දෙවොල \" පිහිටා ඇති ප්‍රාන්තය කුමක්ද ?", "role": "user" }, { "content": "ඉන්දියාවේ සුප්‍රකට \" රන් දෙවොල \" පිහිටා ඇත්තෙ පන්ජාබ් ප්‍රාන්තයේය.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවති වසර", "role": "user" }, { "content": "1947", "role": "assistant" } ]
[ { "content": "පරමාණු බෝම්බයේ පියා ලෙස සැලකෙන්නේ ?", "role": "user" }, { "content": "පරමාණු බෝම්බයේ පියා ලෙස සැලකෙන්නේ ජේ. රොබට් ඕපන්හයිමර් ය.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය ගයනා කරන්නේ කව්ද ?\n\nලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා\nහොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා\n\nබලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා\nපුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා\nවිදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා\nඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා\n\nමහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා\nසමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා\nතේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා\nමුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා\n\nහෙළ මුතු මිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා\nගස් වැල් වලැ මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා\nරුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා\nඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා\n\nඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා\nඅවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා\nගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා\nඅවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා\n", "role": "user" }, { "content": "සුනිල් ශාන්ත, අයිවෝ ඩෙනිස්", "role": "assistant" } ]
[ { "content": "ආවර්ථ කාලය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?", "role": "user" }, { "content": "එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය ආවර්ත කාලය නමින් හැඳින්වේ.", "role": "assistant" } ]
[ { "content": "සන්තති විච්ඡේදයෙන් යන්නට නිවැරදි ම විවරණයක් අවශ්‍යයයි.", "role": "user" }, { "content": "සම්තති (संतति).-f\n1) පුරා විහිදීම, දිගේ පැතිරීම.\n2) විස්තාරය, විස්තාරය, දිගුව;\n3) අඛණ්ඩ රේඛාව හෝ ප්රවාහය, මාලාව, පේළිය, පරාසය, අනුප්රාප්තිය, අඛණ්ඩතාව;\n5) සදාකාලිකත්වය, අඛණ්ඩ අඛණ්ඩ පැවැත්ම;\n6) ජාතියක්, පෙළපතක්, පවුලක්.\n7) පැටවුන්, පරම්පරාව;\n😎 ගොඩ, ස්කන්ධය;\n--- හෝ ---\nසම්තතී (शंताति). සන්තෝෂය ප්‍රදානය කිරීම, ප්‍රශංසනීය, නැකත්.\nසම්තති යනු සම් සහ තති (ताति) යන පද වලින් සමන්විත සංස්කෘත සංයෝගයකි.\nවිච්ඡේද (විච්චේද). කැපීම, කැපීම, බෙදීම, වෙන් කිරීම; කැඩීම, බාධා කිරීම්, නැවැත්වීම, අත්හිටුවීම; ඉවත් කිරීම, තහනම් කිරීම. 5) විසංවාදය.\n6) පොතක කොටසක් හෝ බෙදීම.\n7) පරතරය, අවකාශය.\n😎 පවුලේ අනුප්රාප්තිය බාධා කිරීම, ගැටලුව අසාර්ථක වීම.\n9) වෙනස, වෙනස, විවිධත්වය. ).-\nමේ අනුව සංතති විච්ඡේද යෙදුමට සුදුසු අර්ථයක් සොයාගත හැකිවෙනු ඇත.", "role": "assistant" } ]
[ { "content": "අංකිත පරිගණකයක් මඟින් සිදුකරන ප්‍රධාන කාර්යයන් මොනවද ?", "role": "user" }, { "content": "ආදාන ලෙස දත්ත ලබා ගැනීම.\nදත්ත සහ උපදෙස් ගබඩා කර අවහය වූ විට භාවිතා කිරිම.\nදත්ත සකස්කර ප්‍රයෝජනවත් තොරතුරු බවට පත් කිරිම.\nතොරතුරු ප්‍රතිදානය කිරීම.\nඉහත පියවර හතර පාලනය.", "role": "assistant" } ]
[ { "content": "1948 සාහිත්‍යය සඳහාවූ නොබෙල් ත්‍යාගය දිනාගත් , 20 වැනි සියවසේ අග්‍රගණ්‍යවූ ඇමෙරිකානු කවියා කවුද ?", "role": "user" }, { "content": "ටී . එස් . එලියට් ( T.S. Eliot )", "role": "assistant" } ]
[ { "content": "ඕසෝන් වායුවේ රසායනික සූත්‍රය කුමක්ද ?", "role": "user" }, { "content": "ඕසෝන් යනු අකාබනික අණුවකි. එ​හි රසායනික සූත්‍රය O3 වේ.", "role": "assistant" } ]
[ { "content": "නේපාලයේ අගනුවර කුමක්ද?", "role": "user" }, { "content": "නේපාලයේ අගනුවර කත්මන්ඩු ය. එය රටේ විශාලතම නගරය පමණක් නොව එහි සංස්කෘතික හා ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙසද කටයුතු කරයි. කත්මණ්ඩු එහි පොහොසත් ඉතිහාසය, විචිත්‍රවත් සංස්කෘතිය සහ යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන කිහිපයක් ඇතුළුව ඓතිහාසික ස්ථාන රැසකට ප්‍රසිද්ධය.", "role": "assistant" } ]
[ { "content": "කාර්මික විප්ලවය යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව කුමක්ද?", "role": "user" }, { "content": "වෙළෙඳාම.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය ගයනා කරන්නේ කව්ද ?\n\nඇහැළෙපොලගෙ පුංචි පුතා\nමද්දුම බණ්ඩාර යන නාමේ\nමද්දුම බණ්ඩාර යන නාමේ\n \nසිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා\nඑඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා\nබෝගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා\nආඩම්බර කඳුළු වලින් දුක සෝකය නිවෙනවා\nසිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා\n \nශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා\nඅම්ම සමග දරු තුන් දෙනෙකුට මරණය හිමි කළා\nසිනා වෙලා අම්ම ළඟට ආ මද්දුම වීරයා\nමැරෙනා සැටි මම පෙන්වන්නම් අයියණ්ඩියෙ කියා\nමම අයියණ්ඩියෙ කියා\nසිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා\n \nයකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා\nමරණෙට බයවී අයියා අම්ම ළඟට පැන ගියා\nඒ රජාගෙ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා\nමද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කළා\nකඩු පහරින් වෙන් කළා\nසිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා\n \nමද්දුම බණ්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා\nවංගෙඩියක දා කොටන්ඩ ඒ රජිඳා අණ කළා\nඑහෙම හිතක් එහෙම නැතත් ඉතිහාසෙම නෑ අනේ\nපියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුණේ\nපුංචි පුතෙක් බිලි වුණේ\n \nසිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා\nඑඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා\nලක් මෑණිට නැති වුණා\nසිංහලේට නැති වුණා\nලක් මෑණිට නැති වුණා", "role": "user" }, { "content": "ඇන්ටන් රුද්‍රිගු", "role": "assistant" } ]
[ { "content": "සේර පානය ගැන විස්තරයක් කරන්න.\n", "role": "user" }, { "content": "කිසිදු වියදමක් නැතුව ප්‍රතිශක්තිය ඉහල දමන පානයක් මේක..\nඅනෙකුත් ප්‍රයෝජන:-\n* දියවැඩියාවට සහ කොලෙස්ටරෝල් වලට ගුණ දේ,\n* ආමාශය ආශ්‍රිත ගැටලු සුවපත් කර මලබද්ධය අජීර්ණය වලකයි,\n*ඔසප් වේදනාවට සහනයක් ගෙන දේ,\n* පියයුරු පිලිකා ඇතිවීමට ඇති අවදානම අඩු කරයි,\n* සෙම් රෝග සඳහා ගුණ දේ,\n* රුධිර පීඩනය අඩු කරයි,\n* අක්මාව පිරිසිදු කරයි.\nමේ සේර සතුව රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ විශේෂ හැකියාවක් ඇති නිසා කෙට්ටු වෙන්න උවමනා අයට හොඳයි, නමුත් දියවැඩියාවට බෙහෙත් පාවිච්චි කරන අය වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරන්න, \nඋෂ්ණ ශරීරයක් ඇති අය ඉඳහිට පානයට ගන්න,\nගැබිනි මව්වරුන් ද පාවිච්චියෙන් වලකින්න..\nසේර මුලේ කොටසක් සමග කොළත් මේ පානය සඳහා යොදා ගන්න පුළුවන්..\nහොඳින් උතුරවා පෙරා හකුරු කෑල්ලක් සමග පානය කරන්න..\nසේර පඳුරක් ඕනෑම නිවසක වවා ගන්න පුළුවන්..\nමේ පානය සතියකට දිනක් භාවිතය ප්‍රමාණවත් වේ", "role": "assistant" } ]
[ { "content": "\"දෙබිඩියෙො\" වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළේ කවුද?", "role": "user" }, { "content": "\"දෙබිඩියෙො\" වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ප්‍රසන්න විතානගේ මහතාය. උදය ප්‍රසන්න විතානගේ (උපත 1962 මාර්තු 14) ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහු ශ්‍රී ලාංකේය සිනමාවේ තුන්වන පරම්පරාවේ පුරෝගාමියෙකු ලෙස සැලකේ. ඔහු Death on a Full Moon Day (1997), August Sun (2003), Flowers of the Sky (2008) & With You, Without You (2012) ඇතුළු වෘත්තාන්ත චිත්‍රපට අටක් අධ්‍යක්ෂණය කර ඇති අතර කීර්තිමත් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනා ඇත. ශ්‍රී ලංකාවේ වාණිජමය වශයෙන් සාර්ථක විය. ඔහුගේ මුල් නාට්‍ය කර්තව්‍යයේදී ඔහු ජාත්‍යන්තර ලේඛකයන්ගේ නාට්‍ය පරිවර්තනය කර නිෂ්පාදනය කළේය, ලෝක සාහිත්‍යයේ කෘති චිත්‍රපටයට අනුවර්තනය කළේය. ඔහු ශ්‍රී ලංකාවේ වාරණයට එරෙහිව සටන් කර ඇති අතර තරුණ චිත්‍රපට නිෂ්පාදකයින් සහ උද්යෝගිමත් අය සඳහා උපමහාද්වීපයේ බොහෝ මාස්ටර් පන්ති පවත්වා ඇති සිනමා අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කර ඇත.", "role": "assistant" } ]
[ { "content": "2017 අග්නිදිග සම්මන්ත්‍රණ පාපන්දු සමය ගැන මට කියන්න.", "role": "user" }, { "content": "2017 අග්නිදිග සම්මන්ත්‍රණ පාපන්දු සමය SEC පාපන්දු ක්‍රීඩාවේ 85 වැනි වාරය වූ අතර එය 2017 NCAA I කාණ්ඩයේ FBS පාපන්දු සමය තුළ සිදු විය. වාරය අගෝස්තු 31 ආරම්භ වූ අතර 2017 SEC ශූරතා තරඟයෙන් අවසන් වනු ඇත දෙසැම්බර් 2. SEC යනු අත්ලාන්තික් වෙරළ සම්මන්ත්‍රණය, බිග් 12 සම්මන්ත්‍රණය, බිග් ටෙන් සම්මන්ත්‍රණය සහ විද්‍යාලීය පාපන්දු ප්ලේඕෆ් ආකෘතිය යටතේ බල පහේ සම්මන්ත්‍රණයකි. Pac-12 සමුළුව. 2017 වාරය සඳහා, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට කණ්ඩායම් 14ක් නැගෙනහිර සහ බටහිර ලෙස නම් කර ඇති අතර, ඒවා හත බැගින් කොටස් දෙකකට බෙදා ඇත.", "role": "assistant" } ]
[ { "content": "ළපැත්ත යනුවෙන් යෙදෙන්නේ උරහිස් වලටද පපු පෙදෙසද පහදා දෙන්න", "role": "user" }, { "content": "ළපැත්ත යනු සිරුරේ පපු ප්‍රදේශයයි. ළය පැත්ත.", "role": "assistant" } ]
[ { "content": "හිස්හොරි ,හිස් සොරි මෙයට කියන නිවරදි වචනය කුමක්ද ?", "role": "user" }, { "content": "හිසේ/ඉසේ හැදෙන හොරි = හිස් හොරි > ඉස් හොරි > ඉස්සොරි (උච්චාරණ පහසුව සඳහා)", "role": "assistant" } ]
[ { "content": "2021 සාහිත්‍ය සදහා වූ නොබෙල් සම්මානය දිනාගත් අබ්දුල් රසාක් ගුර්නා කුමන ජාතිකයෙක්ද ?", "role": "user" }, { "content": "ටැන්සානියානු", "role": "assistant" } ]
[ { "content": "හෝර්ටන් තැන්නට එම නාමය ලැබී ඇත්තේ කෙසේ ද?", "role": "user" }, { "content": "1920 දශකයේ දී ඉංග්‍රීසි ජාතික කපිතාන් විලියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් මුලින්ම හෝර්ටන් තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝර්ටන් තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුව ය.", "role": "assistant" } ]
[ { "content": "පාද දෙකක් ඇති යන්නට තනි වචනයක් දෙන්න.\n", "role": "user" }, { "content": "දෙපා", "role": "assistant" } ]
[ { "content": "රතු දත්ත වර්ගීකරණයට අනුව වඳ වී යාමේ ඉහල අවදානමක් ඇති Endangered (EN) වර්ගීකරණය සඳහා නිර්ණායක කියන්න.", "role": "user" }, { "content": "වඳ වී යාමේ තර්ජනයට ලක්වී නොමැති නමුත් මුහුණ පෑමේ ඉහල අවදානමක් සහිත විශේෂ මෙයට අයත්ය. රතු දත්ත වර්ගීකරණයට අනුව වඳ වී යාමේ ඉහල අවදානමක් ඇති Endangered (EN) වර්ගීකරණය සඳහා නිර්ණායක පහත දැක්වේ.\nපරම්පරා 3ක හෝ වසර 10ක කාලයක් තුල ගහනයේ 50%ක අඩුවීමක් පැහැදිලිව දක්නට ලැබෙන\nවාර්තාගත වන භුමි ප්‍රදේශය 5000 KM හෝ 500 km දක්වා අඩු වීමක් දක්වන\nගහනයේ ප්‍රමාණය 2500 කට අඩු පරිනත සත්වයන් ගෙන් සමන්විත හෝ පරිනත සත්ව ගහනයේ 20%ක අඩුවක් වසර 5ක හෝ පරම්පරා දෙකක් අතර දී දක්වන\nපරිනත සත්වයන් ගණන 250ට අඩුවන\nප්‍රමාණාත්මක සංගණන මගින් අවම වශයෙන් 20%ක වඳ වී යාමේ ප්‍රවනතාවයක් වසර 20ක් තුල හෝ පාරම්පර 5ක් තුල දක්වන", "role": "assistant" } ]
[ { "content": "පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද?\nඅනාථ ", "role": "user" }, { "content": "සනාථ\n", "role": "assistant" } ]
[ { "content": "පැන්සල් සෑදුවේ ඇයි?\n", "role": "user" }, { "content": "ලිවීමට සහ ඇඳීමට පහසු සහ කාර්යක්ෂම මෙවලමක් සැපයීම සඳහා පැන්සල් සාදන ලදී. කඩදාසි වැනි පෘෂ්ඨවල සලකුණක් තැබිය හැකි ලේඛන උපකරණයක අවශ්‍යතාවය පැන්සලේ සොයාගැනීම දක්වා දිව යයි.", "role": "assistant" } ]
[ { "content": "මෙම ලිපිය කුමන වැදගත් සිදුවීමක් ගැනද?: දේව් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට පිවිසියේ 1978 ඔක්තෝබර් 16 වන දින පාකිස්තානයේ ෆයිසලාබාද්හිදී ය. ඔහුගේ තරග සංඛ්‍යාලේඛන කැපී පෙනුනත්, සංඛ්‍යා ඔහුගේ දායකත්වයේ කිසිදු මිනුමක් ප්‍රකාශ කළේ නැත. ඔහු පාකිස්තාන පිතිකරුවන්ට තම වේගය උපයෝගී කරගෙන එක් වරකට වඩා ඔවුන්ගේ හිස් වැසුම් වලට පහර දුන්නේය. දේව් සාදික් මොහොමඩ්ගේ කඩුල්ල මංගල කඩුල්ල ලෙස දවා ගත්තේය. ඔහු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක දක්ෂතා පෙන්වීය. ඔහු පන්දු 33 කදී සහ හයේ පහර 2 ක් සමග ඉන්දියාවේ වේගවත් ටෙස්ට් අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගමාලාවේදී ඔහු දිල්ලියේ ෆෙරෝස් ෂා කෝට්ලාහිදී පන්දු 124 කදී සිය මංගල ටෙස්ට් ශතකය (126) සහ ස්ථාවර පන්දු යැවීමේ දක්ෂතාවයක් (කඩුලු 17 ක් 33.00) පෙන්නුම් කලේය. දේව් එංගලන්තයට කැමති බවට උප මහාද්වීපයෙන් පිටත ඔහුගේ පළමු අවස්ථාවේම පෙන්නුම් කරයි. ඔහු සිය පළමු කඩුලු 5 ක් සහ එංගලන්තයේ සියලුම කඩුලු ලබා ගත්තේය. එය විශාල පිරිවැයකින් (ඕවර 48 ක් සහ ලකුණු 146 ක් ලබා ගත්තේය) එංගලන්තය දැවැන්ත 633 ක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජය ගත්තේය. දේව් කඩුලු 16 ක් දවාගනිමින් ලකුණු 45 ක් රැස් කළේය (සාමාන්‍යය: 7.5). ඔහු එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ මීට පෙර පාකිස්තාන සංචාරයේදීය. එහිදී ඔහුගේ පෞද්ගලික ක්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමක පැවති අතර 1979 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී දේව් සහ ඉන්දියාව යන දෙදෙනාම දුර්වලව පැවතුනි.", "role": "user" }, { "content": "1979 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී", "role": "assistant" } ]
[ { "content": "පාළි භාෂාවෙන් \" නාගවල්ලි \" ,ලෙස හඳුන්වන බුලත් , සංස්කෘත භාෂාවෙන් හඳුන්වන නම කුමක්ද ?", "role": "user" }, { "content": "තාම්බුල", "role": "assistant" } ]
[ { "content": "\"සිනා තොටක් විය\" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.\n", "role": "user" }, { "content": "සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්\nමහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්\nනො හඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්\nදුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මම්\n\nබෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී\nසිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී\nපුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී\nනො පිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී\n\nමගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී\nඔබට ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී\nමෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී\nඑවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී\n\nනිරෝෂා විරාජිනී\nබන්ධුල නානායක්කාරවසම්\nරෝහණ වීරසිංහ ", "role": "assistant" } ]
[ { "content": "විෂමජාතීය මිශ්‍රණ වලට උදාහරණ සපයන්න.", "role": "user" }, { "content": "මැටි දිය කළ ජලය, රෙදිවලට දමන නිල් කුඩු දිය කළ ජලය, සිමෙන්ති බදාම, සරුවත් බීම, පළතුරු සලාද විෂමජාතීය මිශ්‍රණ වලට උදාහරණ වේ.", "role": "assistant" } ]
[ { "content": "\" එල් - නිනෝ \" සහ \" ලා - නිනා \" නම්වූ දේශගුණික සංසිද්ධීන් ඇතිවන සාගරය කුමක්ද ?", "role": "user" }, { "content": "නිවැරදි පිලිතුර , පැසිෆික් සාගරය .", "role": "assistant" } ]
[ { "content": "මයිකල් ක්ලාක් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහණ මොනවාද?", "role": "user" }, { "content": "2015 ක්‍රිකට් ලෝක කුසලානය\n2007 ක්‍රිකට් ලෝක කුසලානය\n", "role": "assistant" } ]
[ { "content": "\"අනෝරා\" යන වචනය පැහැදිලි කරන්න.", "role": "user" }, { "content": "අනවරත එනම් නොකඩවා යන අදහස\nඋදාහරණයක් ලෙස නොකඩවා වහින වැස්ස අනෝරා වැස්ස ලෙස හැදින්වේ.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ගේ පහසුකම් සැපයීම සඳහා මහා විජයබාහු රජුගේ නියමයෙන් කැපකරන ලද ගම්මානය කුමක්ද?", "role": "user" }, { "content": "ගිලීමලේ ගම්මානය ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ගේ පහසුකම් සැපයීම සඳහා මහා විජයබාහු රජුගේ නියමයෙන් කැපකරන ලදී.", "role": "assistant" } ]
[ { "content": "\"මව් දෙවඟන පිදීම\", ප්‍රධාන ආගමික ඇදහිල්ල බවට පත් කරගත් ශිෂ්ටාචාරය කුමක්ද ?", "role": "user" }, { "content": "\" මව් දෙවඟන පිදීම \" , ප්‍රධාන ආගමික ඇදහිල්ල බවට පත් කරගත් ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වේ.", "role": "assistant" } ]
[ { "content": "චීනය කොමියුනිස්ට් පක්ෂය බිහිකරන ලද වසර", "role": "user" }, { "content": "චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) 1921 ජූලි 23 වන දින ආරම්භ කරන ලදී.", "role": "assistant" } ]
[ { "content": "ඊජිප්තු පිරමිඩවල පරිණාමය ගැන කෙටි ඡේදයක් ලියන්න.", "role": "user" }, { "content": "ඊජිප්තු පිරමිඩ යනු පොදු යුගයට වසර 2500 කට පෙර සංස්කරණය කරන ලද ආකර්ෂණීය පැරණි ගොඩනැගිලි වේ. ඊජිප්තු විද්‍යාඥයින්ට අනුව, මෙම මෙගලිතික ව්‍යුහයන් එම යුගයේ අනුප්‍රාප්තිකව කලාපය පාලනය කළ විශාලතම පාරාවෝවරුන්ගේ සොහොන් ලෙස සේවය කළේය. ගීසා හි මෙතෙක් පවතින විශාලතම ඒවා, එකල පැවති ප්‍රාථමික මෙවලම් සහ ද්‍රව්‍ය භාවිතා කරමින් විස්මිත නිරවද්‍යතාවයකින් ඉදිකර ඇත. උදාහරණයක් ලෙස, කුෆු පිරමීඩය, අඩි 481 කින් අවසන් වන අතර, එය වාස්තුවිද්‍යාත්මක විශිෂ්ඨ නිර්මාණයකි. මෙම පිරමීඩයේ ප්‍රමාණය, දිශානතිය සහ නිරවද්‍යතාවය වර්තමාන හොඳම ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ පැවැත්මට හේතු වේ. කෙසේ වෙතත්, පුරාණ ඊජිප්තුවරුන්ට මෙම ගමන සරල නොවීය. එවැනි මෙගලිතික ව්‍යුහයන් තැනීම වර්තමානයේ පවා ඉතා දුෂ්කර ය. ගීසා සානුවෙහි පිරමීඩවල නිරවද්‍යතාවය සාක්ෂාත් කර ගැනීමට පෙර, කාලයත් සමඟ ඒවායේ ඉදිකිරීම් දැනුමේ ප්‍රගතිශීලී දියුණුව පෙන්නුම් කරන සමහර නොගැලපීම් සහ සරල අත්හදා බැලීම් තවමත් ඊජිප්තුවේ පවතී. ඊජිප්තුවේ පළමු ඓතිහාසික වශයෙන් ලේඛනගත පිරමීඩය තුන්වන රාජවංශ යුගයේ ජෝසර් පාරාවෝට ආරෝපණය කර ඇත. එය වඩාත් මෑත කාලීන පිරමිඩ වලින් පසුව අපට හමුවන බාහිර මෝස්තරය සහ ඔප දැමීම කෙරෙහි විශාල අවධානයක් යොමු නොකර අතිවිශිෂ්ට කොටු සහිත පියවර සහිත ව්‍යුහයකි. එම රාජවංශයේ සමාන ව්‍යුහයන් ගොඩනැගීමට තවත් බොහෝ උත්සාහයන් ඇති බව ඊජිප්තු විද්‍යාඥයින් විසින් ඔප්පු කරන ලදී. කෙසේ වෙතත්, පළමු සම්පූර්ණ පිරමිඩ ව්‍යුහයන් දර්ශනය වූයේ 4 වන රාජවංශයේ දී පමණක් වන අතර එය මෙයිඩම්, ඩහ්ෂුර් සහ ගීසා යන මහා පිරමිඩ අනුක්‍රමිකව නැගීම ලබා දුන්නේය.", "role": "assistant" } ]
[ { "content": "ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය හැක්කේ සෝවාන් වූ පුද්ගලයකුට පමණද?පෘතග්ජනයාට (සෝවාන් නොවූ) නොහැකිද?", "role": "user" }, { "content": "මම දර්ම මාර්ගයේ ‍යන්න ඉස්සෙල්ලා සිතිවිලි නවත්ත ගත්තේ මේ විදියට. මේක ඔබත් යොදා ගන්න. සිතිවිලි හිතට එනකොටම ස්ටොප් කියලා නවත්තන්න. එච්චරයි. ආයි ආයි එනකොට ඒ විදියට දිගටම කරගෙන යන්න. සුමාන 2ක් යනකොට... හිත සිතිවිලි වලින් නිදහස් වෙනවා. හිත තියනවද කියලාවත්නොදැනී යනවා. අන්න ඒ සිතින් දර්මය (බණ) අහන්න. අවබෝදය ගත්තට පස්සෙ... නිමිත්තක් අරගෙන හිත වඩන්න. සතර කමටහන් ගන්නත් පුලුවන් . ඒ කමටහන් වෙනවෙනම වැඩුවම... නීවරණ යටපත් වෙලා... සිත ප්‍රීතිමත් වෙනවා.ගතට පස්සද්ධියත් දැනෙනවා. ඊට පස්සෙ... බොජ්ජංග දර්ම වැඩෙන විදිහට හිත වඩන්න... ඔහොම වඩන කොට යම් වෙලාවක... ආර්‍ය අෂ්ඨානික මාර්ග අංග 8 ම එක චිත්තයක ලැබෙනවා... නිවන අරමුණු කරගෙන. ඒ තමයි... මාර්ග චිත්තය. මේ කෙටියෙන් කිව්වෙ. බුදු සරනයි!", "role": "assistant" } ]
[ { "content": "පහත තේරවිල්ල විසඳන්න.\nමල් සුවඳයි ගෙඩි තිත්තයි\nනොතේරුවොත් ටොකු විස්සයි", "role": "user" }, { "content": "කරවිල", "role": "assistant" } ]
[ { "content": "එක් වසරක් තුළ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා කවුද?", "role": "user" }, { "content": "ශේන් වෝන්", "role": "assistant" } ]